රාවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් කොන්ග්‍රස් එක මේ වෙලාවේ සිරිසේන මහත්තයාට එකතු උනේ මේ රටට යහපාලනයක් ඇති කිරීමේ පරම පිවිතුරු උදාර චේතනාවෙන්. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තිබ්බ දුෂණය භිෂණය වංචාව නාස්තිය වගේ දේවල් නිසා ඇත්තටම එයාල හොදටෝම කලකිරිලයි හිටියේ. ඒත් එයාල ආණ්ඩුවට නිවැරදි මාර්ගයට එන්න මෙච්චර කාලයක් කල් දුන්නා. ඒත් මේ දුෂිත ආණ්ඩුව නිවැරදි මාවතට ආවේ නෑ සහෝදරවරුනි.
එයාලට වැදගත් බලය නෙවෙයි, ජනතාවට සේවයක් කිරීම තමයි එයාලගේ එකම පැතුම. ඉතින් අල්ලභ් දෙවියන්ගේ නාමයෙන් සියලු ශ්‍රී ලාංකීය ජනතාවට යහපාලනයක් ගෙන ඒමේ අවංක පිවිතුරු චේතනාවෙන් ගත්ත තීරණයක් මේක.
එයාල නැගෙනහිරට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලුවා කියලා නහින්න හදන ආණ්ඩුවට කඩේ යන සියලු දෙනාටම මම කියන්න කැමතියි මුස්ලිම්වරු කියන්නේ ලෝකේ ඉන්න ඉතාමත්ම දැහැමි සාමකාමී ජාතියක්, තම ජාතිය ලෝකේ පුරා ව්‍යාප්ත කරන්න ඔවුන් හීනෙකින්වත් හිතන්නේ නෑ. බලය ධනය දුෂණය භිෂණය කියන වචන එයාලගේ ශබ්ද කෝෂයේ කොහෙවත්ම නෑ.
ඉතින් මම මේ අවස්ථාවේ ඔබ තමුන්නාන්සේලාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අපේ රාවුෆ් හකීම් මහත්තයා හීනෙන්වත් ඉල්ලන්න බලාපොරොත්තු නොවිච්ච දේවල් ඇදගෙන ඒ මැතිතුමාට මඩ ගහන එක නවත්වන්න කියලා. සිංහල දෙමල මුස්ලිම් බර්ගර් හැමෝම සමගියෙන් සාමයෙන් වෙසෙන යහපාලනයක් ඇති කරන එක තමයි මුස්ලිම් කොන්ග්‍රස් කියන එකේ සහ රාවුෆ් හකීම් මැතිතුමාගේ තියෙන එකම හීනය බලාපොරොත්තුව අධිෂ්ටාණය. මේක කියවූ ඔබ සැමට
ඉස්කෝතුයි