එහා කඩේ අයියා :
අපේ මහින්ද මහත්තයාගේ මොලේ තමයි මල්ලි
මොලේ. බලන්නකෝ මේ වැඩෙන් අපේ රටට ලැබෙන කිර්තිය. මේ
පැත්තට වරායක් ගුවන් තොටුපලක් හම්බ උනා. ඒ මදිවට තව
කොච්චර සංවර්ධනයක් වෙලා තියෙනවද? පිටරට කොම්පැනිකාරයෝ
ඇවිත් මෙහේ කර්මාන්ත ශාලා එහෙම පටන් ගත්තම අපේ කොල්ලන්ට
කෙල්ලන්ට කි දෙනෙකුට රස්සා හම්බ වෙනවද මල්ලි
බෝඩිමේ අක්කා:
ඔය එනවා කියන උන් එනකම් තමයි ඉන්නේ මමත් දෙකක් කතා කරන්න. බලන්න රට ළුණු කිලෝ එක 220 යි. අල 220 ගම්මිරිස් 600. ඒ මදිවට වෙරළේ හැමදාම බෑන් චුන් ගහලා ආතල් දෙනවා. මොන සල්ලියක්ද මේ යක්කු මේ නාස්ති කරන්නේ .........
අහල පහල කොල්ලෝ:
පිට රට රාජ්‍ය නායකයන්ටයි කොල්ලන්ටයි බල්ලන්ටයි මෙහේ ඇවිල්ලා #@$ක් ගහලා ආතල් එකක් අරගෙන යන්න දෙනවා නම් අපට මෙහෙම ආතල් එකක් දුන්නම මොකෝ. මේකට මේ වියදම් කරන සල්ලියේ හැටියට අපට මෙහෙමවත් ආතල් එකක් දුන්නේ නැත්තම් මුංට හෙන ගහනවනේ බං
හෙන ගහපං මහ රජාට
වැඩ කරන උන් :
වැඩ කරන උන් :
අතට කියක් හරි හොයාගන්න පුළුවන් මෙහෙමවත් වැඩක් සෙට් උනොත් විතරයි. අනික අපේ පලාතට මේකෙන් හම්බවෙච්ච දේවල්. අනේ අපේ මහින්ද මහත්තයව සියලු දෙවියෝ බුදුන් රැක දෙන්න ඕනේ.