උන් එක්ක තියෙන තරහට
ගනිං පලි ඇති වෙනකං
මගෙන් හරි කමක් නෑ
හිත හැදෙනකම්
ගහක් ගලක් වෙලා හරි
දරාගන්නම්
හිතක් පපුවක් නැතුව හරි
දුවපං හති වැටෙනකං
ඕන තැනක
ඒත් ඉන්නම් බලං
වැරදි මග දිව්වොතින්
පරිස්සම් කරගන්න
කොහේ කොතන හරි
නැවතුන වෙලාවක
වතුර බෝතලයක්වත් අරං
නිවන්නටවත් උඹේ පවස.
ඒත්
ගන්න එපා පලි උඹ
උඹෙන්ම
සදහටම නොමැරී මැරෙයි මාව
_____