Tuesday, October 14, 2014

යාල් පානම් යමුද






කියන්නට දහක් දේ හිත ඇතත් පුරවලා
කියන්නට බැරුව අද මගේ හිත ගොළු වෙලා
ලගින් හිටියත් උඹට මුළු හදින් ලං වෙලා 
අපේ හිත් දෙක තවම ගොඩක් දුර තනි වෙලා

මහ හුගක් හීන වැල් නුඹේ නමට ගොත ගොතා
හිටියාට බලාගෙන අද අපේ නැහැ කතා
යාල්පානම් යන්න තන්ගච්චි එක්කලා 
යාල් දේවියේ නැගී ඉන්නවා මග බලා

යාල් පානම් වැල්ලේ අත් පටල දිව යන්න
බලාගෙන ඉන්නේ මම ඒ දවස එනකම්ම 
සැදෑවක තුරුළු වී උනුහුමට ඉන්නකොට 
දැනෙයි මගේ ආදරය නංගියාට හරි තදට 

රා කට්ට අතට ගෙන පොවා පලවෙනි උගුර 
යාපනේ වඩේ ගෙන බැදපු මිරිසුත් සමග 
කඩාගෙන එක වඩය බෙදාගෙන කන කලට 
දැනෙයි රාවල මිහිර මි විතක් පරයාන

කාටවත් දුන්නේ නැති ආදරේ පුරෝගෙන 
යාපනේ තල් අරඹ මැද සොදුරු සැදෑවක 
රා කට්ට ආදරෙන් බෙදාගෙන බොන කලට 
අපි අපේ ලෝකයක තනිවේවි සුන්දරව