ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂනායතනය මගින් සිංහල යුනිකේත ක්‍රමය හදුන්වා දීමත් සමගම 2006 වර්ෂයේදී සිංහල යුනිකෝඩ් ගුගල් සංගමය ඇති කරන ලදී. . ඒ බිහි වීමත් සමගම මෙතුවක් කාලයක් ඉංග්‍රීසි භාෂාවට පමණක් සිමා වී තිබු තොරතුරු තාක්ෂනය සිංහල භාෂාවෙනුත් ඉදිරියට ගමන් කිරීම ආරම්භ විය. සිංහල යුනිකේත යොදාගෙන රාජ්‍ය මට්ටමින් වෙබ් අඩවි නිර්මාණය, නැණසල මධ්‍යස්ථාන මගින් සිංහල යුනිකේත භාවිතය ප්‍රචලිත කිරීම වැනි ක්‍රියාකාරකම් නිසා සිංහල යුනිකේත භාවිතය අන්තර්ජාල පරිශීලකයන් අතර වර්ධනය වීම වේගවත් විය. එහෙයින් ශ්‍රීලංකාව තුල මෙන්ම විදෙස් ගත සිංහලයන්ද තම මවු භාෂාව උපයෝගී කරගෙන අන්තර්ජාලය තුල තම ක්‍රියාකාරකම් සිදු කිරීම ආරම්භ කරන ලදී. මෙසේ සිංහල යුනිකේත භාවිතය ජනප්‍රිය වීමත් සමගම අන්තර්ජාලය තුල නොමිලේ ඉඩකඩ ලබාදෙන බ්ලොගර්, වර්ඩ් ප්‍රෙස් වැනි සේවාවන් උපයෝගී කරගෙන සිංහල යුනිකේත භාවිතා කිරීම මගින් ලියවෙන පුද්ගලික බ්ලොග් අඩවි ආරම්භ වීම සිදු විය. පළමුව තාක්ෂණික කරුණු ඇතුලත් ලිපි ඇතුලත් බ්ලොග් අඩවි පමණක් දක්නට ලැබුණි. නමුත් කාලයත් සමගම ලියවෙන බ්ලොග් ප්‍රමාණය වැඩි වීමත් සාහිත්‍ය, කළා විනෝදාත්මක, දේශපාලනික ආදී විවිධ අංශ පිළිබඳව ලියවෙන බ්ලොග් අඩවි බිහිවීමත් සිදු විය.
මෙසේ ලියවෙන බ්ලොග් ප්‍රමාණය සියයක් පමණ වන විට පළමුවන සින්ඩිකේටරය වන සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය ආරම්භ වීය. මුල් කාලින සිංහල බ්ලොග් කරුවන්ට ඇතිවූ ගැටළු බවට පත් වී තිබුනේ සිංහල යුනිකෝඩ් භාවිතය ව්‍යාප්ත කිරීම, සිංහල ජ්‍යාත්‍යන්තර කිරීම සදහා මයික්‍රොසොෆ්ට් සමාගමට බලපෑම් කිරීම, ආදියයි. මෙම ගැටළු විසඳා ගැනීම පිලිබඳ සාකච්චා කිරීම සඳහා බ්ලොග් කරුවන්ගේ ප්‍රථම සුහද හමුව සංවිධානය විය. එයට සහභාගී වූ සියලු දෙනාම සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ පාලන බලතල හිමිකරුවන් බවට පත් වුවද පසු කාලීනව සංගමයේ ඇතිවූ ගැටළු මත ඉන් ඉවත්වූ පිරිස් විසින් ලාංකීය සිතුවිලි, හත් මාළුව වැනි විකල්ප සින්ඩිකේටර බිහිකිරීම මගින් සිංහල බ්ලොග් අවකාශය තුල බෙදීම් ඇතිවීමක් සිදුවිය.
කලකට පෙර ගුගල් ආයතනය විසින් ලබා දුන් ගුගල් බස් සේවාව හරහා සම්බන්ධ වූ පිරිසක් විසින් 2011 වසරේදී බස් රේඩියෝ නමින් අන්තර්ජාල රේඩියෝ නාලිකාවක් විකාශය ආරම්භ කරණ ලදී. මෙමගින් සිංහල බ්ලොග් ඉතිහාසයේ නව පරිච්චේදයක් ආරම්භ විය. මෙම නාලිකාවේ මුලිකම අරමුණ අන්තර්ජාලයේ සැරිසරන්නන් ගේ විනෝදාස්වාදය උදෙසා ගීත ලබා දීම වුවත් බ්ලොග් අවකාශයේ ජනප්‍රිය බ්ලොග් රචකයන් සහභාගී කරගෙන පැවැත්වූ බස් කතා බස්, බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙල වැනි වැඩසටහන් සිංහල බ්ලොග් කරුවන් අතර ඉමහත් ජනප්‍රියතාවයක් දිනාගන්නා ලදී. http://www.buzzradio.lk/ වෙබ් අඩවිය මගින් ඔබටත් බස් රේඩියෝව හා සම්බන්ධ විය හැකිය.
“ටිකක් හිනා වෙන්න ඇවිත් යන්න” බ්ලොග් අඩවිය පවත්වාගෙන යන අභීත එදිරිසිංහ සොයුරා ඇතුළු කිහිප දෙනෙකු සම්බන්ධවී පැවැත්වූ ප්‍රාදේශීය මිතුරු හවුල් කිහිපයකින් පසු ශක්තිමත් වූ බැඳීමක ප්‍රතිඵලයක් ලෙස 2011 වර්ෂයේදී ප්‍රථම සයිබරයේ සිහින සැණකෙළිය “සයිබර් සිහින” උළෙල ලොව පුරා පැතිර සිටින සිංහල බ්ලොග්කරුවන්ගේ සහභාගිත්වයෙන් හෙන්රි පෙද්‍රිස් උද්‍යානයේදී පවත්වන ලදී. සාමාන්‍ය අවුරුදු උත්සවයකට වඩා වැඩි යමක් එක් කල එදින මෙතුවක් කාලයක් සයිබර් අවකාශයෙන් මුහුණු පොතෙන් පමණක් දැන ඇදුනුම්කම් ඇති කරගත් ලංකාව වටා පමණක් නොව ලොව වටා විසිරුණු පිරිසකගේ සුහද හමුවක් බවට පත් විය.
දිලුම් හෙවත් ඉලන්දාරියා
එම සිහින උළෙලේ දී බ්ලොග් මිතුරන්ගේ ප්‍රථම සමාජ සත්කාරය වන සයිබරයේ මිතුරකු වූ “දිලුම්” හෙවත් “ඉලන්දාරියා” ට සවන් ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ විය. සයිබර් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් දිලුම් සොහොයුරාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් “දිලුම් වෙනුවෙන් අපි” අරමුදල ආරම්භ විය. නමුත් අවාසනාවන්ත ලෙස දිලුම් සොයුරා අපගෙන් සමු ගන්නා ලදී. දිලුම් ගේ අභාවයෙන් පසු බ්ලොග් අවකාශයේ මිතුරු මිතුරියන් ගේ දායකත්වයෙන් දිලුම්ගේ තුන් මාසයේ දානය අරමුණු කොට මහරගම පිළිකා රෝහලට බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී. ඒ පිළිබඳව තවත් විස්තර මෙතනින්.
මිට අමතරව දිලුම්ගේ ආබාධයට සමාන ආබාදයකින් පෙළුණු “ජෙරුෂා” දියණිය සුවපත් කර ගැනීම සදහා එම අරමුදලේ මුදල් යෙදවූ අතර ඒ සිඟිති දියණිය සුවපත් කර ගැනීමට බ්ලොග් කරුවන්ට හැකියාව ලැබිණි. මේ සද්කාර්යය සදහා ඩුබායි වල වෙසෙන දුකා, දුමී ඇතුළු පිරිස විසින් ලබා දුන් දායකත්වය අගය කල යුතුය.
ජෙරුෂා දියණිය 2012 සයිබර් සැණකෙළියට සහභාගී වෙමින්
එසේ සුවපත් වූ සයිබරයේ සුරතලිය ජෙරුෂා දැරියගේ සහභාගිත්වයෙන් 2012 වසරේ දී සයිබරයේ දෙවන සිහින උළෙලද 2012 අප්‍රේල් මස 22 වන දින දෙස් විදෙස් සිංහල බ්ලොග්කරුවන්ගේ සහභාගිත්වයෙන් වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.
බ්ලොග් කරුවන්ගේ කඹ ඇදිල්ල
2012 සයිබර් සැණකෙළිය අවසාන වීමෙන් පසු
අප අතරින් සදහටම සමුගත් බ්ලොග් අවකාශය තුල ඔබ්සවර් නමින් අප සැමගේ ආදරය දිනා ගත් “සනත් විජේවර්ධන” හෙවත් “ඔබා මාමා” සහ “දිලුම්” හෙවත් “ඉලන්දාරියා” ඇතුළු පිරිස සිහිපත් කර ඔව්න්ට පිං පිණිස 2012 බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහන මගින් "දැනුමැති සමාජයක් උදෙසා පොතක් පරිත්‍යාග කරමු..!" යන තේමාවෙන් අම්පාර උහන ගලහිටියාගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ පුස්තකාලය සදහා පොත් ලබා දීම පසුගියදා එම විද්‍යාලයේදී සිදු විය.එම සත්කාර්යය සඳහා සතර දෙස විසිරි පැතිරී සිටින සිංහල බ්ලොග් කලාවට ආදරය කරන, බ්ලොග් අවකාශය සමග රැදී සිටින බොහෝ දෙනෙකුගේ ආධාර උපකාර හිමි විය. වර්ෂයකට වරක් පවත්වන සයිබර් සිහින උළෙලට අමතරව ප්‍රාදේශීය සුහද හමු තුලින් අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වයකින් බැදුණු ශ්‍රී ලාංකිය බ්ලොග් අවකාශයේ මිතුරන් ගෙන් තවත් වින්දනීය සහ සමාජයීය වැඩ කටයුතු රාශියක් ඉදිරියේදීද සිදු වීමට නියමිතය. වැඩිදුර විස්තර සයිබර් සැණකෙළිය නිල බ්ලොග් අඩවිය මගින් ඔබටත් දැනගැනීමට පුළුවන්.
ආශ්රිත බ්ලොග් අඩවි
නෙරංජි සුලක්ඛනා - ඉර ඇහැරෙන ඉසව්ව
පැතුම් හේරත් - අන්තර්ජාලයේ මගේ බිත්තිය
අභීත - ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න
විශේෂ ස්තුතිය: දිලුම් ගේ දානමය පුන්‍යකර්මය පිළිබඳව දැනුවත් කිරීම් සිදු කල තනොජා රාජපක්ෂ සොහොයුරියට
නියමයි ... ඈ අලුත් ලුක් එකත් ඵට්ටයි
ReplyDeleteහේ හේ උඹට මේක වෙනස් කරන්න තදින්ම ඕනෑකම තිබුනනේ එදා ඉදන්ම. ඔන්න ඉතින් අපි වෙනස් උනා :)
Deleteමේකේ මමත් ඉන්නවා !!:P නියමයි !!
ReplyDeleteහෑ මෙන්න බස් අයිසත් මේ පැත්තේ ඇවිත්. වෙල් කම් වෙල් කම් :)
Deleteඅන්න වටින විස්තර... තැන්කූ රෙප් මහත්තයාට.. අදම අභීතාගේ බ්ලොගේ බ්ලොක් කරගන්න ඕන...ආයෙත් තැන්කූ කිව්වා.
ReplyDelete:O ඒ මොකෝ දේශකයෝ ඒ. අභියා මොන වරදක් කලාටද ඌව බ්ලොක් කරන්නේ
Deleteමමත් බ්ලොග්කරුවකු වීම ගැන ආඩම්බර වෙනවා...
ReplyDeleteජය!!
මේක ගැන තොරතුරු හොයන කොට මටත් ආඩම්බර හිතුනා. :) ඔබටත් ජයෙන් ජය !
Deleteමේක කියෙව්වම මටත් බ්ලොග් එකක් ලියන්න හිතුනා !
ReplyDeleteහේ හේ වෙනි අයියලා ඉතින් ඩයරි එක මේකේ ලියනවා මිසක් බ්ලොග් කියලා එකක් ලියන්නේ නැහැ නේ නේද ? :)
Deleteඅලුත් අපිට වැදගත් විස්තරයක්. ස්තූතියි රෙපා අයියේ
ReplyDeleteපුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)
කමෙන්ට් කලත් නැතත් ෆලෝ කරන බ්ලොග් වලට මම හැමදාම යනවා එනවා තමයි බන්. :)
Deleteගාල්ලේ ගෙට්ටුව අමතක වුණාද??? :O
ReplyDeleteප්‍රාදේශීය සුහද හමු කියලා කිව්වේ ඒවාට නේ :)
ReplyDeleteප්රදිපයගෙන් තමයි මමත් ඔය විස්තර ටික නම් දැනගත්තේ , මොකෝ මමත් ඔය සිද්දි වැඩිය දන්නේ නැහැනේ :D
ReplyDeleteමේක ලියන්නත් ලින්ක් ටික හොයලා දුන්නේ එයා තමා. :)
Deleteමම ටිකක් ලිව්වාට කමක් නෑනෙ.
ReplyDelete1. බ්ලොග් සහ වෙබ් වල වෙනසක් කියලා ඔබ මක්වපු එක වැරදියි. බ්ලොග් යන වචනය හැදෙන්නෙ. WE(B + LOG) තේරුණාද? වෙබ් අඩවියකත් පාඨක අදහස් දක්වන්න පුලුවන්. බ්ලොග් සහ වෙබ් වෙනස් වෙන්නෙ පුංචි දේවල් නිසා. කෙනෙක්ට වෙබ් අඩවියක් පටන් ගන්න සල්ලි ඕනෙ. නමුත් බ්ලොග් අඩවියක් පටන් ගන්න සතයක් වත් ඕනෙ නෑ. බ්ලොග් සහ වෙබ් අඩවි අතර, තියෙන විරසකය, අපේ තාක්ෂණික බුද්ධිමතුන් විසින් දැන් සෑහෙන්න අවම කරලා ඉවරයි. වෙබ් වලට WWW තිබ්බාට, බ්ලොග් වලට ඒක නෑ.. සල්ලි නොගෙවන නිසා. සල්ලි ගෙව්වොත් නම් පුලුවන්. විකල්ප සින්ඩි බිහිවෙන්න පටන් ගත්තෙ දෙවනි බ්ලොග් මැරතන් එක දවස් වල.
2. මුලින්ම තිබ්බ සුහද හමුවට ගිය 50 ම ඇඩ්මින්ලා කළ නිසා සිදුවුණු බෙදීමක් නැහැ. කෝකියෝ ඔක්කොම එකතු වුණොත් සුප් එක නරක් වෙයි කියන බයට නැවත ඇඩ්මින්වරු 6 ට වැඩේ බැස්සා.. එහෙම කාලයක් යනකොට තමා ලාංකීය සින්ඩිය ඇති වුණේ. හැබැයි සිංහල බ්ලොග් කරුවන්ගෙ යුනියන් එකට ඉස්සල්ලා, කොත්තු සින්ඩිය ආවා. නමුත් ඒක සිංහල හා ඉංග්‍රීසි කළවම් එකක්. සිංහල බ්ලොගර් එක තමා 80%ක් සිංහල ප්‍රතිශතය ඉල්ලු පළමු සිංඩිය. දසුන් සමීර, කාලිංග, ඉන්ද්‍රනාම , සුදාරක මේ වෙලාවෙ මතක් කළ යුතුයි.
3. මුලින්ම යොහාන් කණිෂ්ක හෙවත් අපේ පොඩි කණියා ඔය රේඩියෝ කතන්දරේ ඇද්දා.. ඔය කාලෙ තමයි නොනිල වශයෙන්, ඔය රේඩියෝ ඉන්ටර්නෙට් එකට සිංහලෙන් ආවෙ. buzz කට්ටියත් ඕකට කැමති වුණා. අන්තිමට ටෙස්ට් විදිහට මාස ගණනක් දුවලා තමයි ඩොමේන් එක ගත්තෙ. ලිෂාන් පුවක්ඕවිට, ලසිත බෙනරගම, වගේ අයත් මේ වෙලාවෙ සිහිපත් කරන්න ඕනෙ. මට තාම මතකයි ජූලි 4 වෙනිදා... ආනන්දෙ පාසල් ගීය ගිය හැටි ඉස්සල්ලාම..සුදාරකයි මායි තමා ඉස්සල්ලාම event එකේ කෑ ගැහැව්වෙ
4.දිලුම් වෙනුවෙන් අපි සමාජ සත්කාරයක් නොවෙයි. රෙප් ඒක මාර බැඳීමක්. ඒක තමයි ඔය සින්ඩි නීසා බෙදිලා ගිය අයව ආයෙ එකතු කළේ. දෙවනි සැණකෙළිය ඇති වුණෙත් දිලුම් නිසා. ජෙරුෂා සනීප වුණෙත් දිලුමි නිසා.. දිලුම් තමා විසිරිච්ච බ්ලොග් කාරයෝ එක නූලට ඇමිණුවෙ. අදත් අපි මේ යන්නෙ, දිලුම් ඇමිණු ආදරණීය පාර දිගේ.. ඒක සමාජ සත්කාරයක් නෙවෙයි. ඒක මිතුරු කම..
පින්තූර දෙකකම මම ඉන්නවා.. සතුටුයි ඈ.. ලිපිය හොඳියි..
අපේ රෙප් මහත්තයා ලිව්වෙත් ඔය බ්ලොග් කීපයක තිබුනු කරුණු එකතු කරලා. තව අඩුපාඩු තියේ නම් හදලා දෙන්න නංගි. වැදගත් වැඩකටයි ඔය ලියන්නේ. ජය...!
Deleteප්‍රදීප් කියනවා වගේ වෙන වැඩකට ලියන්න පටන් ගත්තු ලිපියක් බ්ලොග් එකටත් දැම්මේ කමෙන්ට් වලින් එන මේකේ තියෙන අඩුපාඩු මොනවද කියලා බලාගන්නත් එක්ක. ඔයා මේ දුන්න තොරතුරු ටික ඒ වැඩේට බොහොමත්ම වටිනවා වගේම මේක කියවලා බ්ලොග් ඉතිහාසය දැනගන්න අයටත් බොහොම වටිනවා. මේ කමෙන්ට් එකට වගේම මේ ලිපිය ලියන්න කරුණු හොයාගත්ත ඔබේ බ්ලොග් ලිපියටත් ගොඩාක් ස්තුතියි :)
Deleteලොකු රිප්ලයි එකක්. :)
Deleteඉතින් ඔයත් ආව, මමත් ආව, මගෙ යාළුව උදිතත් ආව පළමු හමුවට. අපිට ඇඩ්මින් කම් හම්බුනේ නෑනෙ. හැබැයි කියන්න ඕනෙ, ඒ ගෙට් එක නම් පිස්සුවක් උනා. :D
මේකට එන්න හිතාගෙන ඉන්නව. බලමු. :) දෙවැන්නටත්, අවුරුදු උත්සවේටත් එන්න බැරි උනානෙ. :(
තැන්කු
Deleteමේ බැඳෙන බැමි ගැන පුදුම සන්තෝසයක් තියෙන්නේ මට නම්
ReplyDeleteඒ බැදීම් ඉදිරියටත් වඩාත් ශක්තිමත් වෙලා අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය මීටත් වඩා වින්දනීය සහෝදරත්වයකින් බැදුණු බ්ලොග්කරුවන් පිරිසක් අනාගතයේත් බිහි වේවා කියලා මමත් පතනවා මචන් :)
Deleteනියමයි!!! අලුත් වැඩ ගැන අපිත් අවදියෙන් අලී?? :D
ReplyDeleteඅලුත් වැඩක් ලගදීම තියෙයි වගේ නේද :)
Deleteඅපි පටන් ගත්ත විදිය අපිටත් අමතක වේගෙන යද්දි මේ වගේ දෙයක් ලියපු එක වටිනවා. පුළුවන් කමක් තියේනම් සිංහල විකියේ මේක දැම්මත් පාඩුවක් නැතිවෙයි. කවද හරි සිංහල බ්ලොග් වල පටන් ගැන්ම මොනවගේද කියලා කාට හරි බලන කෙනෙකුට ප්‍රයෝජනවත් වේවිනේ...
ReplyDeleteහ්ම්ම් එකත් හොද අදහසක් තමයි.නමුත් මේක ලිව්වේ නම් වෙනත් බලාපොරොත්තුවක් ඇතුව. බොහොම ස්තුතියි අදහසට :)
Deleteඅත් අල්ලගෙන යමු ඉදිරියට එහෙනම්...
ReplyDeleteයමු යමු ඉදිරියටම :)
Deleteබ්ලොග් ලෝකේ ගැන නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා..... නියමයි..... :)
ReplyDeleteඔබටත් ජය :)
Deleteඉතා වටිනා ඉතිහාසයක් දැන ගත්තා මේ පෝස්ටුවෙන්.
ReplyDeleteඔබටත් ජය :)
Deleteමගෙ නම ලියලා නෑනේ. කැතයි ඈ.... තිත් දෙකයි පී. මචං, නෙරංජි ගොඩක් පරණ බ්ලොග්කාරියක්. ඇය කියන අඩුපාඩුත් හදලා මේක සම්පූර්ණ කරමු. සුබපැතුම්. ජය...!
ReplyDeleteඔව් නේන්නම් සභාපති තුමාව අමතකම වෙලා. පොටෝ නම් අරගත්තු සයිට් ගැන හොයන්න ගියේම නැහැ මචන් ගුගල් ඉමේජ් එකේ සර්ච් කලාම පෙන්නපු ටිකක් බාල අරන් දැම්මා. ඔන්න ප්‍රදීප්ගේ පිටුවත් ඇතුල් කළා :)
Deleteජයෙන් ජය !!
අෆ්ෆා රෙපා අයියා වැඩ පටන් අරන් :) ජය ජය !!!
ReplyDeleteහේ හේ ඒ වගේ තමා. මේ ප්‍රොෆයිල් එකෙන් එන දෙන්නටම ජයෙන් ජය !! :)
Deleteඉදිරියටම යව්...දරුවෙනි, ඉදිරිටම යව්....!!!
ReplyDeleteබ්ලොග්කරුවනි එකමුතුවෙන් ඉදිරියටම යව් !!
Deleteසිරාවටම අතීතාවර්ජනයි නියමයි...අළුත් වැඩකුත් කරමු..
ReplyDeleteඅලුත් වැඩක් පටන් ගන්න තමයි මේ උත්සාහය :)
Deleteඑල වැඩක් බන්
ReplyDeleteජයම පතනවා
එල එල! හැමදාම අපි එකට!
ReplyDeleteනමුත් අවාසනාවන්ත ලෙස සිදු වූ දිලුම් සොයුරාගේ මරණයෙන් පසු “දිලුම් වෙනුවෙන් අපි” අරමුදලේ මුදල් වැය කොට මහරගම පිළිකා රෝහලට බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.
ReplyDeleteමෙතන පොඩි වැරදීමක් වෙලා තියෙනවා. පොඩ්ඩ්ක් හොයල බලන්න.
බොහොම ස්තුතියි වැරැද්ද පෙන්නලා දුන්නට.:) නිවැරදි කළා.
Deleteගිය පාර නම් එන්න බැරි උනා මීළඟ එකටවත් බලමු....
ReplyDeleteඅලුත් බ්ලොග් කාරියක් උන මම බ්ලොග් ලෝකය ගැන හුඟක් දේවල් දැනගත්තා...ස්තුතියි....
ReplyDeleteහොද පෝස්ටුවක් රෙපා !
ReplyDeleteඑකෙන්ම එල
ReplyDeleteනියම විස්තරයක්.
ReplyDeleteබක් මහ උළෙලෙදි වගේ එදාටත් සෙට් වෙමු. :)
ReplyDeleteසියළු වටිනා දේ එක්තැන් කොට ලියන ලද වටිනා බ්ලොග් ලිපියක්. :)
ReplyDeleteනොදන්න දේවල් ගොඩක් රෙපා නිසත්, නෙරංජි නිසත් දැන ගත්තා. බොහොම ස්තුතියි!
ReplyDeleteවටිනවා අයියේ හොඳ ලිපියක්.. ගොඩක් දේවල් දැනගත්තා...
ReplyDeleteහුගා.....ක් කාලෙකට පස්සෙ මන් අවේ.... ගොඩාක් දේවල් වෙනස් වෙලා, අලුත් වෙලා...මටත් ආසයි "ගේට්ටුවට එන්න්" එත් ඒත් අක්‍රීය සාමටියකයෙක් විදියට මන් ඉදල එක මපාර මන් එන එක හරිද මන්දා :(
ReplyDeleteධර්මදානය සඳහා මේ තොරතුරැ හිතවතුන් අතර බෙදා ගන්න ෴
ReplyDeleteයමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස .......
http://dahamvila.blogspot.com/