Showing posts with label රෙපාගේ සාටරේ. Show all posts
Showing posts with label රෙපාගේ සාටරේ. Show all posts

Friday, August 31, 2012

කුලියාපිටියෙන් දඹුල්ලට

 බලංගොඩ සිට කුලියාපිටියට ආව හැටි



පහුවෙනිදා උදේ ඇහැරෙනකොට උදේ අටට විතර ඇති. හදිසියේ දුවගෙන ආවට අපි දෙන්නම කරන්න ඕන මොකක්ද කියලා වත් තාම හරියට දන්නේ නෑ. නුවන් ලොක්කට කෝල් කරලා කරන්න ඕන දේ අහගෙන නවයට විතර එලියට බැස්සා. සතියේ දවස් වලත් ලංකාවේ රුම්ස්‌ වලට තියෙන ඉල්ලුම කොයි තරම්ද කියනවා නම් ඒ වෙනකොටත් ත්‍රිවිල් මෝටර් සයිකල් දෙක තුනක්ම මිදුලේ නවත්තලා තිබුනා. ඒ අතරේ රෙස්ට් ඒකෙ අන්කල් අපේ බෑග් ටික තියලා යන්න කියලා කාමරයක් පෙන්නුවා. ඒකෙ බෑග් තියලා අපි එලියට එනකොට හෙල්මට් එකකින් මුහුණ වහගෙන පොත් මිටියක් තුරුල් කරගත්ත ක්ලාස් යන්න ආව පොඩි කෙල්ලෙක් කොල්ලෙකුත් එක්ක අපි නැවතිලා හිටපු කාමරෙටම ඇතුල් වෙලා දොර වහ ගත්තා. 


ඒ සති දෙකම ගෙවිලා ගියේ පන්නල, ගිරිඋල්ල, දඹදෙණිය. නාරම්මල, හෙට්ටිපොල, පඬුවස් නුවර, හලාවත ,වෙන්නප්පුව, කුලියාපිටිය වටේම තියෙන ගම් නගර  හැම එකකම සංචාරය කරමින්. විශේෂයෙන් බලන්න යන්න කියලාවත් දෙයක් ඔය පළාත් වල තිබ්බද කියන්නවත් දන්නේ නැත්තේ වැඩේට කැප වෙලාම බැහැලා හිටපු හින්දා. පොඩ්ඩක් හරි බලන්න කියලා ගියේ පඬුවස් නුවර පාරේ යන ගමන් අතුරු පාරකට දාලා බලපු නටබුන් ටික විතරයි. අන්තිම දවසේ පුත්තලම පැත්තේ හිටපු කැලුම් අයියලත් අපි නැවතිලා හිටපු රෙස්ට් හවුස් එකටම ආවා. 

ඊලග  ඒරියා එකට යන්න බලාගෙන ඉන්න අතරේ කම්පනියේ නුවන් ලොක්කාගෙන් කෝල් එකක්. 

"ඔයාල එක්කෙනෙක් ගෙන්වත් දවසට ෆෝම් 20 ක ඇවරේජ් එකක් නෑ. ඒ නිසා අපි දෙන්න පොරොන්දු වෙච්ච බේස් එලවන්ස් එක බලාපොරොත්තු වෙන්න එපා. "

කාල  වරෙන් කිව්වලු රෙප් කෙනෙක්ගේ බේසික් සැලරි එක විතරක් අරගෙන පොල් ගාන්නද? නුවන් ගේ කෝල් එකෙන් අප්සට් වෙච්ච මම එහා රුම් ඒකෙ නැවතිලා හිටපු කැලුම් අයියාව හොයා ගෙන ගියා.

"නුවන් නේද කතා කලේ" කැලුම් අයියා ඇහුවේ හිනා වේවි

අපි  රිසර්ච් එකට බැහැලා වැඩ කලාට මෙතන සිද්ද වෙන්නේ මොකක්ද කියලා තේරුම ගියේ කැලුම් අයියත් එක්ක ටිකක් කතා කලාට පස්සේ.

 " මල්ලි මම මේකට ඇවිත් දැන් මාස තුනක් වෙනවා, ඔය කියපු බේස් එලවන්ස් එකක්වත් මටත් තාම හම්බ වෙලා නෑ"

"ඉතින්  මෙතනට වෙලා ඉන්නේ බම්බු ගහන්නද?"

"ඇයි බං වෙන මොන කම්පනියේද මෙහෙම වියදම් කරලා අපිට ලංකාව වටේ ඇවිදලා ෆන් එකක් ගන්න චාන්ස් එකක් දෙන්නේ. "

"එතකොට  රිසර්ච් එක" 

කැලුමා හිනා උනා

 "ඔය කියන විදියට රිසර්ච් එක කරන්න ගියොත් දවසට ෆෝරම් 40 ක් ෆිල් කරන්න හම්බ වෙන්නේ නෑ කවදාවත්. උන් වියදම් කරන ඒවාට හරියන්න ඔය කඩ ටිකකට ගිහින් සිල් එක ගහගෙන වරෙන්. උන් ඉල්ලන්නේ නම්බර්ස් මිසක් කොලිටි රිසර්ච් රිපෝට් එකක් නෙවෙයිනේ. ඉතින් උන් ඉල්ලන නම්බර්ස් උන්ට දීලා අපේ ෆන් එක අපි ගමු බං"

"මේ හම්බ වෙන සොච්චමෙන් මොනවද කැලුම් අයියේ කරන්න පුළුවන්"

එහෙම  ඇහුවේ මා එක්ක හිටපු ප්‍රසන්නයා,

ඇයි බං ඒකට තමයි පෙට්‍රල් බිල්, බයික් රෙපයාර් බිල් වගේ ඒවා තියෙන්නේ. මෙහෙම රෙස්ට් හවුස් වල නවතින්නේ නැතුව බිලක්‌ ගන්න ට්‍රයි එකක් දීපං. උන්ට වැඩක් නෑ නෙ අපි කොහේ හිටියත්, උන්ට ඕන නම්බර්ස් විතරයි..

"ඊළගට අපිට යන්න තියෙන්නේ කුරුණෑගල, කෑගල්ල, මාතලේ, ඒරියා තුනට. උඹලා කොහේද යන්නේ."

මට එක පාරටම මතකෙට ආවේ දඹුල්ල පන්සල කිට්ටුව හේනක් වගා කරන අපේ මාම කෙනෙක්ව. 

"අපි යනවා මාතලේ." මම කිව්වා 

 එහෙනං උඹ හෙට ඉදන් මේ ප්‍රදීප්‍ එක්ක වැඩ කරපන්. මම ප්‍රසන්න එක්ක යන්නම්.

කැලුම් අයියලාගේ ඒරියා එකෙන් තව කොටසක් ඉතුරු වෙලා තිබුන නිසා එයාලා පාන්දරම පිටවෙලා ගියේ ඒක ඉවර කරලා හවසට කෑගල්ලේ යනවා කියලා. මමයි ප්‍රදීපුයි දඹුල්ලේ යන්න පිටත් උනා.

නාරම්මල හරහා කුරුණෑගලට ආවාම තමයි මතක් උනේ අදටත් ෆෝම් හතළිහක් කොහෙන් හරි ෆිල් කරගන්න ඕන කියලා. කුරුණෑගල ඉදන් දිගටම පාර අයිනේ තිබුන ෂොප් වලින් සීල් ගහගෙන ඉබ්බාගමුව ටවුම පහු කරනකොට ෆෝම් හතළිහක් පුරවලා. ගලේවෙලට එනකොට බයික් එකේ පැට්‍රල් ඉවරයි. ගිය සති දෙකේ බිල් වල ක්ලෙම් එක වැටිලද කියලා බලන්න බැංකුවට ගියාම තමයි දෙයියෝ සිහි උනේ. සති දෙකේ සල්ලි තවම එකවුන්ට් එකට වැටිලා නෑ.

කම්පනියේ ඉන්න හැම එකාටම පින් දීගෙන එතනම ඉදලා ගත්තා ෆයිනෑන්ස් එකේ ප්‍රසන්නයාට කෝල් එකක්.

" උඹේ සල්ලි හෝල්ඩ් කරලා"

"මොකක්"

" එරන්දට කෝල් එකක් දීලා බලන්න"

ප්‍රසන්න ෆෝන් එක තිබ්බා. එහෙමම එරන්දට කෝල් කළා

" එරන්ද මහත්තයෝ මොකක්ද මගේ එක්ස්පෙන්සස් හෝල්ඩ් කරන්න මම කරපු වරද?"

"ගිය සදුදා කොහොමද කිලෝ මීටර් හාරසිය ගානක් ගියේ. කිලෝමීටර් හාරසිය ගානක් එක දවසට බයික් එකේ. වෙන්න බෑ"

"එහෙනං එරන්ද මහත්තයෝ ඔබ තුමාම බයික් එකක් අරන් මතුගම ඉදන් බලංගොඩට ගිහින් ආයේ ඔෆිස් ඇවිත් කුලියාපිටියට ඇවිල්ලා බලන්නකෝ කිලෝ මීටර් කියක් තියෙනවද කියලා"

කියපු  මම එහෙමම ෆෝන් එක තිබ්බා. වෙච්ච කේස් එක දන්න නිසා ඔය අතරේ ප්‍රදීප් කිර්ති ලොක්කටත් කතා කරලා. ටිකකින් කිර්ති ලොක්කාගෙන් මට කෝල් එකක්

"එහෙම එක්ස්පෙන්සස් හෝල්ඩ් කරන්න මම දෙන්නේ නෑ. බය වෙන්න එපා. අද හවසට නැත්තම් හෙට උදේට සල්ලි ටික වැටෙයි"

"පැට්‍රල් ගහන්නවත් සල්ලි නෑ. ඒකයි සර් කතා කලේ "

"අදට මොකක් හරි කරගන්න. හෙට උදේට සල්ලි වැටෙයි බය වෙන්න එපා"

ප්‍රදීප් අතේ තිබ්බ සල්ලි වලින් පැට්‍රල් ගහගෙන මාමට කෝල් කළා. 

"දඹුල්ලට ඇවිල්ලා නුවර පාරේ පන්සල පහු කරලා ටික දුරක් ඇවිත් කෝල් එකක් දෙන්න"

කොහොම  හරි අපි දෙන්න මාමගේ හේන හොයාගෙන ගියා. එයා හිටියේ ලොකු ළුණු ගොඩක් තෝරණ ගමන්. 

කාලෙකට  ඉස්සර කැලේ ඇවිදිනකොට බැදපු තුවක්කුවක වෙඩිල්ලකට අහු වෙලා කකුලක් අයින් කරලා තිබුනත් බොරු කකුලක් දාගෙන එයා කරන වැඩ කකුල් දෙකම හොදට තියෙන කෙනෙක්වත් කරන්නේ නෑ. හේන් වගාවේ ඉදන් පොල්ගස් නැගීම දක්වා හැම වැඩක්ම තනි කකුලෙන් ඉන්න එයා කරනවා.

"ඕන දවසක් නවතින්න අපේ පන්සල තියෙනවා. මෙහෙන් නාගෙන පන්සලට යමු. මම කොහොමත් රෑට උයන්න පන්සලට යන්න ඕනේ"

කකුල  කපන්න ඉස්සර ඉදන්ම දඹුල්ල මහ පන්සලේම හිටපු මාමට ඒ අනතුර වෙච්ච වෙලාවේ හැම උදව්වක්ම කරලා තිබුනේ ලොකු හාමුදුරුවෝ. දැන් නම් ඉන්නේ මහ පන්සලට අයිති වෙන පන්සලක කියලයි දැනගන්න ලැබුනේ.

මාම  එක්ක එයා ඉන්න ගෙදරට ආව අපිට ඇදුම් මාරු කරගන්න කියලා වගා ළිදක ඉදලා මෝටර් එකකින් ඇදලා පැල වලට වතුර දාන ලොකු වතුර බටයක් කෙහෙල් ගහක පිත්තක් අස්සේ ගැහුවා. 

"ඔන්‍න‍ ඕන තරම් නාගන්න"  කියලා මෝටරේ ස්ටාර්ට් කළා

කාෂ්ටක දේශගුණයක අව්වට පිච්චි පිච්චි දුවිල්ල නාගෙන මෙච්චර දුර ආව අපට ඒ ලොකු වතුර බටෙන් ඇගට වැටෙන වතුර ගෙනාවේ අමුතුම සිසිලසක්.

එතනින්  නාගෙන මාම එක්ක පන්සලට ගියා. රෝද තුනක් තියෙන අතින් කරකවන වාහනයක් තමයි එයාගේ ගමන් බිමන් යන වාහනේ. ඒ පන්සලේ ලොකු හාමුදුරුවොත් වැඩි වයසක හාමුරුරු කෙනෙක් නෙවෙයි. වැඩිම උනොත් අවුරුදු 30 ක් ඇති. ධර්ම ශාලාව ඇතුලේ තියෙන කාමරයක් අපි දෙන්නට හම්බ උනා. රෑට කෑවට පස්සේ ආයේ හේනට යනවා කියලා මාම යන්න ගියා. අපි එදා රෑ නිදා ගත්තේ හෙට ඉදන් නම් හොද පිස්සුවක් කෙලිනවා කියන ලොකු බලාපොරොත්තුවකින්.....

.............................................................................................................


බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාරය 2012
මේ විජට් එක ඔබගේ බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කිරීමෙන් සහයෝගය ලබා දෙන්න.
ස්තුතියි..!
 

<embed src="http://bdnmv.com/blogger.swf" quality="high" allowscriptaccess="always" type="application/x-shockwave-flash" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" align="middle" height="300" width="230"></embed>




   

Monday, August 27, 2012

කිලෝමිටර් නැති චාරිකා 01




කලින් ලියපු එව්වා 

මෙන්න යකෝ පාන්දරම අල්ලපු ගෙදර මිදුලේ වෙසක් කුඩුවක්


කියෙව්වේ නැතිනම් කියෝලම එන්න 











කොම්පැනියට යනකොට හොදටම පරක්කුයි. බොසා බලාගෙන ඉන්නවා පරක්කුවට. 

" මොන මගුලක් කලාද බං මෙච්චර වෙලා "

" හදිසි ඕඩර් වගයක් තිබුනා සර්, ඒක දෙන්න යන්න උනා. ඒකයි ටිකක් පරක්කු උනේ"

"හරි හරි බං ඉක්මනට ගිහින් කිර්ති සර්ව හම්බ වෙයං"

මමත් ඉක්මනට ගිහින් (අප)කිර්ති බොසාගේ කාමරේට ඇතුල් උනා 

"ගුඩ් මෝනින් සර්"

"ගුඩ් මෝනින් , දන්නවාද අද එන්න කිව්වේ මොකටද කියලා"

"නෑ සර් "

"අපි ලංකාව වටේම පොඩි රිසර්ච් එකක් කරනවා අපේ නිෂ්පාදන ගැන. හෙට ඉදන් ඒ සමීක්ෂණයට යන්න වෙනවා. සේල් එක ගැන මනෝජ් බලාගනියි. අපි කම්පනියෙන් බයික් එකක් එක්ක අන්ලිමිටඩ් පෙට්‍රල් හොටෙල් බිල් එක්ක එක්ස්පෙන්සස් ක්ලේම් කරනවා. අනිත් විස්තර නුවන් මහත්තයා ගෙන් අහගන්න. දැන් V.M.D එකට ගිහින් බයික් එකක් අරන් ඇවිත් නුවන් මහත්තයා හම්බ වෙන්න"

බොසා කියාගෙන කියාගෙන ගියා. එකම ඒරියා එකකට කොටු වෙලා ජිවිතේ ගෙවනවාට වඩා කොම්පනිය ගානේ කාල බිලා රට වටේ ඇවිදලා එන්න චාන්ස් එකක් හම්බ වෙච්ච එකට පට්ට හැපියෙන් V.M.D එකට ගිහින් බොසා දුන්න ලියුම දුන්නා. හම්බ උන බයික් එකේ රට වටේ යනවනං ඊට කලින් අන්තිම කැමති පත්තරේ ලියලා  ඉන්න ඕනේ.

" මොකක්ද බං ලොක්කා මහ ලොකුවට කිව්වේ අලුත් බයික් එකක් දෙනවා වගේනේ. මේකේ යන්න පුලුවන්ද? ටිකක් හොද එකක් දියන්කෝ"

" අලුත් ඒවා ඕන නම් උඹලගේ බෝසාගෙන්ම ඉල්ලා ගනින්. උඹ තව පැයකින් වරෙන් මේක යන්න පුළුවන් ගානට හදලා තියන්නම්"

බයික් එක හදන්න දාලා නුවන් ලොක්කව හම්බවෙන්න ගියේ හෙට ඉදන් කොයි ලෝකේ යන්න වෙයිද කියලා දැනගන්න ඕන නිසා.

" බයික් එක ගත්තද"

"බයික් එක නම් හම්බ උනා නුවන් මහත්තයෝ. කොච්චර දුර යන්න පුළුවන් වෙයිද කියලා තමයි සැක."

"ගණන් ගන්න එපා ඕක හදලා දෙයි. ලබන සතියේ ආවාම මාරු කරලා දෙන්නම් දැනට වෙන බයික් නෑ "

" දැන් හෙට මම කොහෙද යන්න තියෙන්නේ, මොකක්ද අප්පා මේ කේස් එක "

"අපේ තව සෙට් එකක් දැනට බලංගොඩ ඉන්නවා. උඹ හෙට උදේ 8 වෙනකොට එහෙට පලයන්. එයාල  කරන වැඩේ කියලා දෙයි. තියෙන ෂොප් වලට ගිහින් මේ ෆෝර්ම් එක ෆිල් කරගෙන එන ඒකයි තියෙන්නේ. දවසකට එක්කෙනෙක් ෂොප් 20 ක් විසිට් කරන්න ඕනේ. බයික් එකේ තව එක්කෙනෙක් යනවා දෙන්න ෂොප් 40 යි. "

"දැන් මම තනියමද යන්නේ."

අනිත් කෙනා එහෙට එයි. දැන් බයික් ඒක අරන් ගිහින් හෙට උදේ යන්න ලැස්ති වෙන්න.

නුවන් ලොක්කා කිව්වේ ඒරියා මැප්‍ ඒකයි ෆෝම් තොගේකුයි මෙසේ උඩට ඇදලා දාන ගමන් 

මේකේ බලංගොඩ කදු අදින්න නම් අද ඉදලම යන්න වෙයි. කියාගෙනම මම V.M.D එකෙන් බයික් එකත් අරන් එහෙමම ගෙදර ආවා. දැන් ඉතින් හෙට අට වෙනකොට හිටපන්කෝ බලංගොඩ..

ගෙදරින් පිටත් උනේ පහුවදා උදේ පාන්දර හතරට විතර. බදුරලිය කලවාන, නිවිතිගල ටවුන් එකෙන් වටාපත පරණ රේල් පාරට දාලා කහවත්ත ස්ටෑන්ඩ් එක හරහා ඕපනායක හරහා බලංගොඩට එනකොට උදේ හතයි පනහයි. එහේ ඉන්න උන්ගේ නම්බර් එකට කෝල් කරලා බැලුවා.

"බස් ස්ටෑන්ඩ් එක ලග හිටපන්කෝ අපි එන්නම් "

කැලුම් අයියා වැඩි කතා නැතුව ෆෝන් එක තිබ්බා. දෙයියනේ කියලා පැය බාගයක් විතර ස්ටෑන්ඩ් එක ලගට වෙලා ඉන්නකොට මෙන්න එනවා බයික් සෙට් එකක්ම. 

"ගුඩ් මෝනින් මල්ලි, මේ කම්පනියේ ඉන්න @@# පුතාලට පිස්සුද බං"

"ඒ මොකද අයියා"

"අපි මේ ඒරියා එක ඉවර කරලා යන්න බලාගෙන ඉන්නවා. මුන් තව තව උන් එවනවා. හිටපන් මං නුවන් ලොක්කට කෝල් එකක් දෙනකං"

කැලුම් අයියා කම්පනියට කෝල් කරලා මොන මොනවද කියවනවා අපි පැත්තකට වෙලා බලාගෙන හිටියා.. 

" කට්ටියටම ආයෙත් ඔෆිස් එන්න කියන්නේ. පිස්සු මුන්ටද නැත්තම් මේකේ වැඩ කරන අපටද?"

ඔෆිස් එකට දීපු කෝල් එක ඉවර කරලා කැලුමා අපේ පැත්තට ආවේ කොම්පැනියේ ඉන්න උන්ගේ අම්ම අප්පට පින් දෙන ගමන්.

"මොකද බං කේස් එක?"

"ඒ ගමන කියනවා මෙහේ වැඩ ඉවරනම් කට්ටියට ඔෆිස් එකට එන්න කියලා. ඇයි බං මුන් හොදටම දන්නවනේ මෙහේ වැඩ ඉවරයි කියලා. බලපන් මෙයා අද පාන්දර ඉදන් ඇවිල්ලා දැන් ආයෙත් කොළඹ එන්න කියනවා."

කතාවෙන් කතාවෙන් කට්ටියම ආයෙමත් බයික් වල නැගලා කොළඹ එන්න පිටත් උනා.  

 රත්මලානේ ඔෆිස් එකට එනකොට දවල් එකට විතර ඇති.

එනකොටම මගදීම නුවන් බොසා ඒරියා මැප් 3 ක් අරගෙන එනවා. මේක ඉක්මනට ඉවර කරන්න ඕනේ. ඔය හය දෙනා එක ඒරියා එකක ඉන්නේ නැතුව ඒරියා 3 කට යන්න. මිගමුව, කුලියාපිටිය, පුත්තලම මේවයින් ඔයාල කැමති තැනකට යන්න පුළුවන්. දැන්ම පිටත් උනොත් රෑ වෙනකොට යන්න පුළුවන්. ගිහින් කෝල් කරන්න.

උදේ පාන්දර ඉදන් කිලෝමීටර් දෙසිය ගානක් බයිසිකල් පැදලා හුස්මක් ගන්නත් කලින් ආයේ පලයන්කෝ. මා එක්ක යන්න හිටියේ ප්‍රසන්නයා. කුලියාපිටියේ එයාගේ යාලුවෙක් ඉන්න නිසා එයාට කෝල් එකක් දුන්නේ දැන් ගිහින් කොයි වෙලාවේ යන්න වෙයිද දන්නේ නැති නිසා රෑට නවතින්න තැනක් හොයාගන්න. දෙක වෙනකොට අපි කට්ටියම ආයෙත් ඔෆිස් එකෙන් පිට උනේ කුලියාපිටියේ යන්න. ජා ඇලට වෙනකම් කට්ටියම ආවේ එකට. 

අපි දෙන්නා එතනින් කැලුම් අයියලාගෙන් සමුගෙන කුරුණෑගල පාරට දාගත්තා. බස් එකේ ගිහින් තිබුනට දෙන්නගෙන් එක්කෙනෙක්වත් කුලියාපිටි යන්න පාරක් හරියට දන්නෙත් නෑ. හතර වටේටම කෝල් කර කර පාරවල් අහගෙන දෙයියන්ගේ පිහිටෙන් කුලියාපිටිය ටවුමට එනකොට රෑ නවයහමාරත් පහු වෙලා. ප්‍රසන්නගේ යාළුවා බුක් කරලා තිබුණු රුම් එක හොයා ගෙන යනකොට අපි දෙන්නටම සංසාරේ එපා වෙලා තිබුනේ එදා දවසට ලොකු ඇදුම් බෑග් දෙකකුත් උස්සගෙන කිලෝමීටර් පන්සියකට කිට්ටු වෙන්න බයික්  පැදලා තිබ්බ හින්දා. රුම් එකට රිංගපු ගමන් වොෂ් එකක් දාගෙන නොකා නොබීම ඇදට වැටුනා 
කිලෝමීටර් නැති පළමු දවසේ නිමාව....


Friday, March 16, 2012

රෙපාගේ අතුරුදන් වීමට හේතුව දේශපාලන ගේමක්ද? බහු ජාතික Com පැණි කුමන්ත්‍රණයක්ද?

පලවෙනි කොටසට මෙතනින්  ගිහින් කියවන්න පුළුවන්


උදේ පාන්දර දැකපු සුභ දර්ශනෙන් පිබිදුන ප්‍රබෝදමත් සිතින්  මනොජුයි මමයි ඒජන්සියට ආවා. ගොඩ වෙනකොටම කෝල් එකක්.


"ගුඩ් මෝනින් සුදු මැණිකේ"


"ගුඩ් මෝනින් අදවත් එනවද මේ පැත්තට?"


"මම ආවත් නැතත් බඩු එවනවා මොනවද ඔයාට ඕනේ රත්තරං"


"අසුවෙන් තනි පහයි කොටු දෙකයි, තව හාරසිය කොටු පෙට්ටියයි"


"කැඩුන පෙට්ටියක්ද හොද එකක්ද"


"පල යන්න වලත්තයා" ඒකී ෆෝන් එක තිබ්බා.


"බලපං බං මුන්ගේ වල් හිත අර ලොරියේ තිබ්බ කැඩිච්ච හාරසියේ කොටු පොත් පෙට්ටිය එවන්නද ඇහුවම වලත්තයා කියල බනිනවා. උඹ ඒ පැත්තේ යනවනම් මේ බඩු ටිකත් අරන් පලයන්. මට අද එහෙ යන්න බෑ. දන්නවනේ උදේ පාන්දර ඕකිගේ කට අවුස්ස ගත්තොත් සිද්දවෙන දේ."


මං මනෝජ්ට එහෙම කිව්වේ ඕඩරේ බඩු ටික බිල් කරලා බිල උගේ අතට දෙන ගමන්
උගේ උත්තරේ ලැබෙන්න කලින්ම තවත් කෝල් එකක් බෝසාගෙන්


"තවම ඒජන්සියේද ඉන්නේ."


"ඔව් සර්"


 "එහෙනම් අද ෆීල්ඩ් එකට යන්නේ නැතුව කම්පනියට එන්න".


වැඩි විස්තර අහන්න කලින් බොසා ෆෝන් එක තිබ්බා.




කොහේ යන්නත් කලින් ඩොකියුමන්ට් ටිකේ වැඩ ඉවර කරලා දාන්න ඕන හින්දා මම එතන තිබ්බ පුටුවට බර උනා

කොම්පැනියට ගොඩ වෙනකොටම ඉස්සරහට මුණ ගැහුනේ අපේ රත්නතිලක බොසාව. 

“මොනවද බං උඹ මේ කර ගන්න වැඩ” 

“ඇයි මොකද සර් වෙලා තින්නේ” 

මම ඇහුවේ මොකුත්ම හිතා ගන්න බැරුව.

“අද එන්න කිව්වේ මොකටද කියලා දන්නවද?”

“නෑ”

“අද උඹට විරුද්දව විනය පරීක්ෂණයක් තියනවලු”

“මොකක් ඒ මං මොන වරදක් කරාටද සර් “

 මේ මොන ගිනි ගෙඩියක්ද මගේ ඔලුවට කඩා පාත් වෙන්න යන්නේ. මේ දවස වල මගේ කේන්දරෙත් මොක්ද ග්‍රහයෙක් නීච වෙලා කියලා දවසක් අපේ අම්ම කියනවා මං අහගන.

"තාම අපි දන්නෙත් නෑ බං මේ සිං එක මොකක්ද කියලා. උඹ වරදක් කරලා නැත්තම් බය වෙන්න එපා. මොකද වෙන්නේ කියලා අපි බලමුකෝ."

එහෙම කියපු රත්නතිලක බොසත් හෙමිහිට මාරු වෙලා ගියා. ටික වෙලාවකින් මට කොන්ෆරන්ස් රූම් එකට එන්න කියලා පණිවිඩයක් ආවා. ඒක පිරෙන්නම සෙනග. කොම්පැනියේ මැනේජර් විජිතමුණි ලොක්කයි එකවුන්ටන් (අප) කිර්ති ලොක්කයි ඉස්සරහ මේසයක් උඩ තිබ්බ ලැපක් දිහා කන්න වගේ බලාගන හිටියා. 

“වාඩිවෙන්න”

 විජිතමුණි බොසා පුටුවක් පෙන්නලා කිව්වා. මං වාඩි උනා.  (අප) කිර්ති ලොක්කා කට ඇරියා.

"මම හිතන්නේ තමුන් තවම දන්නේ නැතුව ඇති අද තමුන්ට මෙතෙන්ට එන්න කිව්වේ මොකටද කියලා. තමුන්ට විරුද්දව බරපතල චෝදනා ගණනාවක් තියෙනවා. ඒත් තමුන් වරදක් කරලා නැත්තම් බයවෙන්න එපා. දැන් අපි තමුන්ට විරුද්දව තියන චෝදනා එකින් එක ඉදිරිපත් කරනවා. ඒ සම්බන්දව නිදහසට කාරනා තියනවා නම් තමුන්ටත් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්."

“මම නම් දැනුවත්ව කිසිම වරදක් කරලා නෑ සර්”

(අප) කිර්ති ලොක්කා මං දිහා බලලා කින්ඩියට හිනා උනා. 

"මේ ඇවිල්ල ඉන්න හැම එක්කෙනාම අද ඇවිත් ඉන්නේ තමුන්ට විරුද්දව සාක්ෂි දෙන්න කියන එකත් මතක තියාගන උත්තර දෙනවා."

හැහ් මෙච්චර සෙනගක් මට විරුද්දව. මං මොන වරදක් කලාටද?  මේක නම් අර නීච වෙලා තියෙනවා කියන ග්‍රහයගේ ගේම් එකක්ම තමයි. ලගදීම කේන්දරේ මාරයා අයියට හරි ජෝතිෂ්‍ය අයියට හරි මේල් කරන්න වෙනවා මේ කරුමෙන් බේරෙන්නේ කොහොමද කියලා අහගන්න.

“වැඩිය කාලේ නාස්ති කරන්න ඕන නෑ එහෙනම් මෙන්න පලවෙනි චෝදනාව.”

“අන්තර්ජාලයේ පවත්වාගන යන බ්ලොග් අඩවි තුලින් ආයතනයේ කිර්ති නාමයට සහ පුද්ගලයන්ට අපහාස වන පරිදි පොස්ට් පල කිරීම.”

මොකක්ද යකෝ මේ චෝදනාව. බ්ලොග් ලියන එකත් වැරද්දක්ද? මොන උප්පරවැට්ටියක් දාල හරි මේකෙන් බේරෙන්න මං හිතුවා.

“අන්තර්ජාලයේත් බ්ලොග් කියලා ජාතියක් තියෙනවද සර්. මම නම් මෙච්චර කාලෙකට දැනගන හිටියේ අර සිමෙන්ති වලින් හදන බ්ලොග් ගල් ගැන විතරයි. කව්ද සර් ඔය ආයතනයට අපහාස කරලා තියෙන්නේ ”

“ඒ ගමන තමුන් මෙතන බබා පාට් දාන්නත් පටන් ගත්තද? මතක තියා ගන්නවා. මෙතන තමුන් කියන හැම වචනයක්ම බොරු කියලා ඔප්පු කරන්න තමයි මේ හැම එක්කෙනාම මෙතනට ඇවිත් ඉන්නේ කියලා. දන්නවද බොරු කිව්වොත් ලැබෙන දඩුවම මොකක්ද කියලා”

“ඔව් සර් සේල්ස් රෙප් කෙනෙක් බොරු කිව්වම කමිෂන් එක වැඩි වෙනවා. හොදටම බොරු කියන්න පුළුවන් කෙනාට සුපවයිසර්, ඒරියා මැනේජර් වගේ ප්‍රමොෂනුත් හම්බවෙනවා,”

“තමුසේ මේක විහිළුවක් කියලා හිතුවද” (අප) කිර්ති ලොක්කා මට එරෙව්වා

“මට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් රෙප් මහත්තයා කියන නමින් බ්ලොග් පොස්ට් දාන්නේ මේ ඉන්න අරුණ හෙට්ටිආරච්චි කියන කෙනාමයි කියලා.” 

අහිංසක පාට වලස් මුණක් තියන පොරක් නැගිටලා ඇවිත් ලැපා ඉස්සරහ වාඩිවෙලා එෆ් බි එකට ලොග් උනා.  කෙලින්ම ගියේ මගේ ඔරිජිනල් ප්‍රොෆයිල් එකේ Website  කියන තැන දාල තිබ්බ www.pinaage-kuppiya.blogspot.com ලින්ක් එකට.  මිනිහා කතා කරන්න පටන් ගත්තා. මට කට උත්තර නැති උනා.

“මේ තියෙන්නේ තමුන්ගේ ඔරිජිනල් ප්‍රොෆයිල් ඒක කියලා පිලිගන්නවා නේද?”

“ඔව්”

“ඉතින් තමුන් බ්ලොග් කියලා ජාතියක් ගැන දන්නෙම නැත්තම් මොකක්ද මේ බ්ලොග් එකක ලින්ක් එකක් දාගන කරන්නේ. අනික මේ ප්‍රොෆයිල් පික්චර් එකේ තියෙන්නෙත් ලංකාවේ බ්ලොග් ලියන උන් පිස්සු කෙලින්න ගාලු ගිය වෙලාවේ අරගත්ත ෆොටෝ එකෙක්. මෙයා ඉස්සර ලිව්වේ අම්බලමක නමින් මෙන්න මේ පොස්ට් එකේ අන්තිමටම තියෙනවා අම්බලම රෙප් මහත්තයා වෙච්ච හැටි. මතක නැත්තම් ඇවිත් බලා ගන්න.”


මෙයා නම මගේ අතිතේ ගැනත් හොදටම විශ්ලේෂණය කරලා ආව පොරක් වගේ. දැන් නම් බොරු කියලා බේරෙන්න හම්බ වෙන්නේ නැති බව ෂුවර් 



“දැන් තමුන්ට තවත් ඔප්පු කරලා පෙන්නෙන්න ඕනද රෙප් මහත්තයා කියන නමින් පොස්ට් ලියන්නේ තමුන් කියලා”.

විජිතමුණි බොසා ඇහුවා.

“මම පිලිගන්නවා සර්, මේ බ්ලොග් ලිව්වේ මම කියලා ඒත් ඒක එච්චර වැරද්දක් කියලා මම හිතුවේ නෑ.”

“රෙපා කියන්නේ කව්ද කියලා එළිදරව් කරලා අපේ ආයතනය වෙනුවෙන් කල සේවයට සාතන් කොලුවට 
මෙන්න  අපේ කොම්පැනියෙන් පොඩි තෑග්ගක්. අපිට උදව් කරන අයට අපි හොදට සලකනවා.” අපේ ප්‍රතිපත්තිය තමයි සතුරන් වලලන් මිතුරන් ගොඩ ගන් කියන එක” 
(අප) කිර්ති ලොක්කා ලියුම් කවරෙක දාපු චෙක් කොලයක් සාතන් කොලුවාගේ අතේ තිබ්බා.

යකෝ එතකොට මට මේ ගේම දුන්නේ අර සාතන්ගේ අඩවිය ලියන එකාද? අම්මපා අහිංසක කොලුවා වගේ ඉදගන මු දීපු ගේම” මට දැන් මුව කන්න කේන්තියි, ඒත් මේ වෙලාවේ මොනවා කරන්නද මම.
චෙක් කොලේ අතට ගත්තු සාතන් කොලුවා මා ලගට ආවා.

“මාකට් එක බැහැලා තියෙන මේ වෙලාවේ ෂෙයාර්ස් ටිකක් අරන් දාන්න හිතුනා බං. අතේ සල්ලිත් නැති වෙලාවනේ. ගණන් ගන්න එපා. සාතන් කොලුවා චෙක් කොලේ ඉඹ ඉඹ පිට වෙලා ගියා. දැන් ඉතින් නාහෙට උඩින් වතුර ගිහින් තියෙන එකේ තව මොනවා උනත් මට මොකද කියලා මම හිත හදා ගත්තා. 
ඒ පොස්ට් එක සම්පුර්ණයෙන් කියවපු (අප) කිර්ති ලොක්කා දත්මිටි කාගන මගේ මුණ දිහා බලාගන ඉන්නවා.  

“බලනවා විජිතමුණි මේ යකා ලියල තියෙන ඒවා “රට හරකෙකුට අන් තට්ටුවක් උවමනා කර තිබේ” කියලා.  තමුසේ කා ගැනද මේ ලියලා තියෙන්නේ. මේක සම්පුර්ණ අපහාසයක්"
ලොක්කට හොදටම තද වෙලා.

 “අනේ සර් මම කාටවත් අපහාස කරන්න හිතලා මේක ලිව්වේ නෑ.  නිකන් ආතල් එකට ලියපු එකක්.”

“අනේ බොරු කියන්නේ නැතුව ඉන්නවා අයිසේ. තමුසේ හොදටම දන්නවා මේ කොම්පැනියේ ඔහොම එකෙකුට ඉන්නේ මම විතරයි කියලා “ 
(අප) කිර්ති බොසාට එහෙම කිව්වා නෙවෙයි කිය උනා.

"කට කට අහක යන තොප්පි දාගන්නේ නැතුව කට පියාගන ඉන්නවා. ඔය තියන විදියට ලේඛම් කෙනෙක් හෙව්වේ මමනේ."
විජිතමුණි බොසා හිමිහිට කියනවා ඇහුනා.  

“චෝදනා අංක දෙක, පවත්වාගන යන බ්ලොග් අඩවිය තුල වෙනත් ආයතන වල නිෂ්පාදන පිළිබද දැන්වීම් පල කිරීම. මෙන්න තියෙනවා පොස්ට් ඒක." 

මරු-සින් මාර්කටිං - වෙළද දැන්වීමක් ( නෙවෙයිද මන්දා )




"මේ ගැන තමුන් මොකද කියන්නේ”

“මේ ඔක්කොම මම නිකම් කම්මැලිකමට ලියපු ඒවා විතරයි සර් “

“අනික තමුන් මේ කොටස් කියලත් ජාතියක් ගන්න විකුණන හැටි ගැන ලියලා තියෙනවා. මේ තියෙන්නේ කොටස් වෙළද පොලේ ගනුදෙනු කරන එක ගැන .


එකක් මතක තියා ගන්නවා කම්මලිකමටවත් කොටස් වෙලදපොලේ වීතරක් නෙවෙයි අපේ කොම්පැනියේ ඒවා ඇර වෙන නිෂ්පාදන පිලිබදව කතා කිරීම ප්‍රචාරය කිරීම අලවි කිරීම තමුන්ට තහනම්. බොරු නම් බලනවා පත්වීමේ ලිපියේ තුන් වන ඡේදය.”

“මේ කොම්පැනියේ විතරක් නෙවෙයි මෙයා දාල තියෙන පොස්ට් හින්දා තව පොඩ්ඩෙන් මේ රටේ සමස්ත  බැංකු පද්දතියම විනාශ වෙනවා. වෙලාවට රටේ ජනතාව මේ මිනිහා ලියන පොස්ට් කියවන්නේ නැත්තේ. ඒවා කියවලා ඒ තියන විදියට කළා නම් අපේ ජොබ් වලට මොකද වෙන්නේ.” 

මෙන්න එහෙනම් අපේ පලවෙනි පාඩම




මෙච්චර වෙලා කට පියාගන හිටපු කුරුණෑගල පැත්තේ බැංකුවක වැඩ කරන කොල්ලෙක් පොස්ට් එකක් පෙන්නලා කෑගහන්න පටන් ගත්තා. ඒ මදිවට එකේ මෙයා මේ පොස්ට් එක කියවලා මං වගේ බැංකුවේ මහත්තුරු තරහ වෙයිද දන්නෙත් නෑ කියලා ලියලා තියලා. හදිසියේ හරි මේක කියවලා බැංකුව වැහුණ නම් අසරණ අපේ දරු පවුල් බලා කියා ගන්නේ කවුද?”
බැංකුවේ කොලුවා අඩන ඇඩිල්ලට මට පව් කියලා හිතුනා. මොනවා උනත් අහිංසක කොලුවා.

"අම්මපා මේ යකා මේ හැසිරෙන විදිය අපේ කොම්පැනියට විතරක් නෙවෙයි රටේ මුල්‍ය පද්දතියටත් බොහොම හානිකරයි. වහාම මෙයාට දඩුවම් දෙන්න ඕනේ.“

(අප) කිර්ති ලොක්ක බොහොම ගරු ගාම්භීර විදියට කිව්වා.

"මේ චෝදනා ඔක්කොටම තමුන් වැරදිකරු බවට අපි තීරණය කරලා ඉවරයි. එකට මේ මාසේ සම්පුර්ණ පඩියම පැනල්ටි. ඊට අමතරව මේ කම්පනියේ වැඩ කරන තාක් කල් තමුන්ට බ්ලොග් ලිවිම කියවීම තහනම්. තේරුනාද?"

"ඒක නම් මට කොහොමටවත් කරන්න බෑ සර් මේ කෙහෙල්මල් රස්සාවට වඩා බ්ලොග් ලියනවා කියවනවා. කියන එක මට වටිනවා. බ්ලොග් ලිවිල්ල නවත්තුවත් බ්ලොග් කියවිල්ල නම් නතර කරන්න මට බෑ. මගේ නමින් කමෙන්ට් කරන්න බැරි නම් ඇනෝවෙක් විදියට ගිහින් මම අර ශානි කෙල්ලගේ බ්ලොග් එකේ හරි පිස්සු කෙලිනවා. මෙන්න මගේ ඉල්ලා අස් වීමේ ලිපිය."

 මේ යන විදියට රස්සාවේ ආයුෂ  තව ටික කාලයක් බව දැනුන නිසාම මම ලොකු ටොක් එකක් දුන්නා.

"තමුන්ට ඕන ඕන විදියට එහෙම රස්සාවලින් අයින් වෙන්න බෑ. අස්වීමේ ලියුම බාර දීලා මාසයක් වැඩ කරන්න ඕනේ. ඒ හින්දා තව මාසයක් වැඩ කරලා ඕන නම් ගෙදර යනවා."

මට කට උත්තර නැති උනා.

මාසයක් යනකං වත් මේ යකාගේ බ්ලොග් ලිවිල්ල නවත්තන්න පුළුවන් වෙච්ච එක නම් ලොකු දෙයක්. ඔය බ්ලොග් එකකට මාසයක් කිසිම පොස්ට් එකක් දැම්මේ නැත්තම් ඒ බ්ලොග් ඔක්කොම සින්ඩි වලින් අයින් කරනවා. එතකොට මේ බ්ලොග් එක කියවන්න බලු බල්ලෙක් වත් එන එකක් නෑ. ලොක්ක අපිට නියමෙට සලකයි නේද බං. දාපන්කෝ පහක්" (අප)කිර්ති බොසා පහක් දාන්න හදනකොට විජිතමුණි බොසා දහයක්ම දැම්ම.

"ඔය රෙපාම තමයි පහු ගිය දවස වල මහ කරදර කාර ඇනෝවෙක් විදියට ඇවිත් මගේ බ්ලොග් එකේ පිස්සු කෙලියේ. හොද වැඩේ ඔය රෙපාට අහුවෙයන්කෝ හලාවත පැත්තේ එහෙම ඇවිත්. හොද වැඩක් කරනවා."  අවුරුදු විසි ගානක් වෙලත් තවමත් බබා වෙන්න හදන කෙල්ලෙක් ජපන් බෝනික්කියෙකුත් තුරුළු කරන ඇවිත් මහා හයියෙන් කෑ ගහන්න ගත්තා." තාමත් එයා පුංචි බබෙක් වගේ හින්ද එයාගේ කෑගැහිල්ල කවුරුවත්ම ගණන් ගත්තේ නැ. තනියම කෑ ගහලම එපා වෙලා ටික වෙලාවකින් අතේ තිබ්බ ජපන් බෝනික්කිවත් කිහිල්ලේ ගහගන ඒ කෙල්ල පාරේ ගිය පුත්තලම් බස් එකක එල්ලුණා.

(අප) කිර්ති ලොක්කයි විජිතමුණි ලොක්කයි යන්න ලැස්ති උනා.

“හොද වැඩේ ඔය රෙපාට. මෙන්න මමත් ලියලා තියෙනවා ඉස්සර කාලේ රෙපෙකුට වෙච්ච දෙයක්” 

The Grand Hotel - Kurunegala



අවුරුදු හැත්තෑවක් අසුවක් විතර උනාට ඔබා  තාමත් බබා වගේ ශෝටක් ගහ ගත්ත අන්කල් කෙනෙක් හැරමිටියක වාරුවෙන් පොස්ට් එකක් දික් කරගන ආවා. ඒ පොස්ට් එක කියවලා විජිතමුණි ලොක්කටයි (අප)කිර්ති ලොක්කටයි දෙන්නට හොදටම හිනා.

“මම නම් අහල තියෙන්නේ ඒ කාලේ මේක සිද්ද වෙලා තියෙන්නේ රෙපෙකුට නෙවෙයි. ඔය අලව්ව කුරුණෑගල පැත්තේ සි ටි බි ඩිපෝවක බස් වලට හුලන් ගහ ගහ හිටපු පොරකට කියලා. ඔය සිං එක ඩිපෝ එකේ ඉන්න කට්ටිය දැන ගත්ත හින්දා නොන්ඩියටම මිනිහා ගම රටත් ඇත ඇරලා දාල ගියා කියලා  තමයි ඒ කාලේ අපට නම් ආරංචි උනේ. ඔන්න දැන් මිනිහා ඔය ඔස්ට්‍රේලියාවේද කොහෙද ඉදගන එහේ කොච්චි වලට හුලන් ගහනවලු”

එහෙම කියපු බොසාල දෙන්න කොන්ෆරන්ස් රූම් ඒකෙන් පිටවෙලා ගියා. මමත් කොම්පැනියෙන් පිට වෙලා පාරට බැස්සා. තාමත් හිතා ගන්න බෑ මොකක්ද මේ උනේ කියලා. සුදුපාට වෑන් එකක් එක පාරටම ඇවිත් මා ඉස්සරහ බ්‍රේක් කළා. අහිංසක පෙනුම තියෙන දඩාර් සයිස් අයියලා සෙට් එකක් බොහොම සාන්ත දාන්ත විදියට වාහනෙන් එලියට බැස්සා.

“අඩෝ රෙපා උඹව තනියෙන් අහු වෙනකම් තමයි අපිත් බලාගන හිටියේ. දැන් උඹේ රස්සාවටත් බඩු හරිනේ. කැළණි ගගෙන් මෙහා පැත්තේ කොම්පැනියක ඉදගන අපේ ලොක්කට අනම් මනං ටෝක් දාලා බේරිලා යන්නද හැදුවේ."

අයියලා සෙට් එකම වට කරගන මට නෙලන්න පටන් ගත්තා

“බුදු අම්මෝ”........

"මොකද බං මේ කෑ ගහන්නේ හීනෙන් බය උනාද? අද උඹට ෆීල්ඩ් එකට යන්න අදහසක් නැද්ද? රෑ තිස්සේ නිදි මරලා මල් කඩ කඩ ඉදලා දැන් මෙතන ඇවිත් දොයි. බඩු ටික ලෝඩ් කරලා ඉවරයි දැන්වත් ඉතින් පලයන් පව් නොදී ."

 ඒජන්සියේ ධම්මික අයියා එහෙම කියාගන ඒ පැත්තට ආවා.....

Friday, February 3, 2012

රෙපාගේ සාටරේ 01 - මෙන්න යකෝ පාන්දරම අල්ලපු ගෙදර මිදුලේ වෙසක් කුඩුවක්




වෙලාව පාන්දර දෙකහමාරයි. වදිනවා ෆෝන් එක කන ලගම. මොන හු@#@$ පුතාද යකෝ මේ මහා රෑ කතා කරන්නේ. ඔන්න ඔය කෙහෙල්මල ඔෆ් කරලා දාල බුදිය ගනින් බෝඩිමේ අල්ලපු ඇදේ නිදාගන හිටපු මනෝජයා උගේ මදුර සුමදුර කට හඩින් බෙරිහන් දෙනවා.


මමත් ෆෝන් එක අතට අරගන බැලුවා මේ රෑට නින්ද යන්නේ නැති එකා කව්ද කියලා. මෙන්න ස්ක්‍රීන් එකේ තියෙනවා දිලිසි දිලිසි බොසා කියලා. 


මොන කෙහෙල් මලකටද මේ යකාට මේ රෑ මාව මතක් වෙලා තියෙන්නේ. අනිත් එක මේ මහා රෑ කවුද ඕඩරයක් වත් දෙන්න ඉන්නේ අපට.


මහා පාන්දර නින්ද කැඩුවට බොසාගේ අම්ම අප්පා ඇතුළු නෑ පරම්පරාවටම පින් දීගෙනම. ඉස්සුවා ෆෝන් එක. 


"ගුඩ් මෝර්නින් සර්"


"ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින්. මම එදා  මට ෆැක්ස් කරන්න  කියල කියපු ඩොකියුමන්ට් ටික එව්වද?"


මු මේ මහා රෑ කතා කරේ ඕක අහන්නද ? පිස්සුද මන්දා 


"ඔව් සර් මම එදාම ඒක දාල ඇති. ඇයි තාම ගත්තේ නැද්ද?"


"නෑ බං මට ඒක ගන්න බැරි උනා, හෙට උදේම ඔෆිස් යන්නත් ඕන, උඹ ඒ ඩිටේල් ටික මට කියපන් මෙහෙම්මම මම ලියා ගන්නම්,"


 "පිටු පහක් හයක් විතර තිබුනා මයේ හිතේ"


"කමක් නෑ බං උඹ කියපන් "


දැන් නම් බොසාගේ මව්පිය පරම්පරාව විතරක් නෙවෙයි කම්පනියේ ඉන්න උන් හැම එකාගෙම නෑදෑ පරම්පරාවටම පින් අනුමෝදන් කරන්න තමයි හිතෙන්නේ. පිටු පහක් හයක් ලියපු රිපෝර්ට් ඒක කියවපන්කෝ දැන් ෆෝන් එකෙන්. ඉල්ලලා කරදර කරලා බේරෙන්න බැරිම තැන දවසක් දෙකක් නිදිමරාගන හදලා මම මුට මේක ෆැක්ස් කලේ ගිය සුමානේ, උගේ වැඩේ හරියට කරන්නේ නැතුව දැන් අපිට වද දෙනවා. මොනවා කරන්නද ඉතිං බොසානේ. බැන්නොත් ඉතිං ජොබ ගැනත් තින ආසාව අත අරින්න එපෑ.....


තුනට විතර පටන් ගත්ත කෝල් එක ඉවර උනා දෙයියන්ගේ පිහිටෙන් හයහමාර විතර වෙන කොට .


"බොහොම ස්තුතියි උඹට නිදි මරාගන විස්තර ටික දුන්නට. නිදි මැරුවට කරන්න දෙයක් නෑ  අද සේල් එක නම් ලක්ෂ එකහමාරක් වත් ඕන කොල්ලෝ " කියල බොසා ෆෝන් එක තිබ්බා.   


උගේ අම්මට..... තව ලක්ෂ එකහමාරක් සේල් එකත් ඕනලු. බොසාට හිතින් බැන බැන ෆෝන් එක තියලා ආයෙත් ඇදට වැටුනේ තව පැය බාගයක් විතරවත් නිදා ගන්න හිතාගන .
මොන නිදා ගැනිල්ලක්ද


"උඹලගේ බොසාට පිස්සුද බං. කියපන්කො ඌට උඹට නැතත් බෝඩිමේ ඉන්න අනිත් උන්ට නිදා ගන්න දෙන්න ඕන කියලා "


ඒ ගමන මනෝජයා පටන් ගත්තා කියවන්න. දැන් ඉතිං බොසා එක්ක තියන කේන්තිය මුගේ පිටින් තමයි අරින්න වෙන්නේ. ඉවසපන් පපුව ඉවසපන්....


නිදා ගනිල්ලට සොරි ඩොට් කොම් කියලා නැගිටලා ගිහින් මුණකට හෝදගන ඇදගන ලෑස්ති උනා වැඩට යන්න. බැස්සා මනෝජයත් එක්ක බෝඩිමෙන් එලියට.


"බල්ලෝ පැන්න කිරි අප්පට මෝල් උනා වගේ " කිව්වලු. මොකක්ද බොල මේ සුභ දර්ශනේ ....


හද පිනා යනවා, සිරියාව උතුරනවා, නිදිමත කොහේ ගියාද දන්නේ නෑ.
පැණි බේරෙනවා මනෝජයගේ කට දෙපැත්තෙන්....


පාට පාට වෙසක් කුඩුවක් වගේ එකක් මිදුලට වෙලා මොනවද කරනවා අල්ලපු ගෙදර. සිරියාවේ බැ. "අල්ලපු ගෙදර මිදුල මැදට හදක් පායලා"  
මට කව්දෝ ජන අප්‍රිය  ගායකයෙකුගේ සින්දු කෑල්ලක් මතක උනා .


"කව්ද බං මේ වෙසක් කූඩුව"


මම ඇහුවේ කට කනේ තියාගන, ඇස් දෙක උඩ තියාගන වෙසක් කුඩුවේ සිරි නරබන මනෝජයගෙන්.


"ඇයි යකෝ උඹ මෙයාව අදුනන්නේ නැද්ද ඔය කුසුම නැන්දගේ බාල දුව පවනි නේ බං. මට ඊයේ හවස සමන්මලී නංගි මුණ ගැහුන වෙලාවේ කිව්වා අද පවනි නංගිත් ගෙදර එනවා කියලා. කටුනායක පැත්තේ ගාමන්ට් එකක්ලු නේ බං වැඩ කරන්නේ."


මනනෝජයා කෙල්ලගේ ඉස්ටෝරිය වමාරන්න පටන් ගත්තේ ඇස් දෙක කෙල්ලගේ සරිරෙන් අහකට ගන්නෙම නැතුව. මුගේ මීටරේට කෙල්ලෙක් සෙට් උනොත් ඉතිං ආයේ ඒකෙන් ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. අල්ලපු ගෙදර සමන්මලී කෙල්ලගේ ඇගේ තියෙන මයිල් ගස් ගානත් හරියටම කියන්න මනෝජයා දන්නවා කියලයි ඌ කියන්නේ.


"පව් බං අහිංසක කෙල්ල. මේකි වැඩ කරන ගාමන්ට් එකේ හරියට පඩි ගෙවන්නේත් නෑ වගේ නේද බං "


මනෝජයා එක පාරටම එහෙම ඇහුවේ මගේ දිහා බලලා 


"උඹ කොහොමද බං එහෙම කියන්නේ" 


මම ඇහුවේ මොකක්ද මුට මේ ඒක පාරටම කෙල්ල ගැන ඇති වෙච්ච අනුකම්පාව කියල දැන ගන්න 


"ඇයි යකෝ උඹට පෙන්නේ නැද්ද ඒකි ඇදගන ඉන්න එකේ කොට. හරියට පඩියක් කියල එකක් ගෙවන කොම්පැනියක වැඩ කළා නම් මේකිට අදින්න රෙදි කෑල්ලක් ගන්නවත් කියක් හරි ඉතුරු වෙනවනේ , අපි මෙතන බලං ඉන්න කොට පොඩි හරි හුලං පාරක් ඇවිත් මේකිගේ ඇගේ වැදුනොත් මොකද වෙන්නේ, අද අපේ මුළු දවසම ඉවරයිනේ. වරෙන් යන්න "


එහෙම කියපු මනෝජයා මාවත් ඇදගෙනම පාරට බැස්සා..............