කාලෙකට කලින් කිලෝ මීටර් නැති පිස්සෙක් කියලා රට වටේ චාරිකා ගියපු හැටි ගැන පෝස්ට් දෙක තුනක් දැම්මත් ඒක නවත්තන්න සිද්ද උනේ ඒ හැම ගමනක්ම එක්තරා ආයතනයක් සමග වැඩ කරන අතර තුර ගියපු ගමන් නිසා දැනට ඒ ආයතනයේ සේවය කරන කෙනෙකුට සිදු වෙච්ච අපහසුතාවයක් වලක්වන්න උන නිසා. දැන් මේ යන චාරිකා හැම එකක්ම යන්නේ සති අන්ත නිවාඩු දිනවල නිසා මේ චාරිකාවල විස්තර බයක් නැතුවම බ්ලොග් අඩවියේ පල කරන්න පුළුවන්.
මේ චාරිකාවල චායාරුප බොහෝ විට එදා දවස ඇතුලතම මුහුණු පොතට එකතු වෙන නිසා චාරිකාවේ විස්තර එක්කම බ්ලොග් එකටත් එකතු කරන්න හිතුවා.
මෙයින් කඩා හැලෙන දිය දහර කිරිඳි ඔයට එකතු වන අතර. අතීතයේදි මෙය දිය ගැලුම ඇල්ල, දිය හැලුම ඇල්ල යන නම් වලින්ද හඳුන්වා ඇත. දියළුම අල්ල කොස්ලන්ද සහ වැල්ලවාය නගරයන්ට ආසන්නයේ A4 කොළඹ -රත්නපුර-බෙරගල- මඩකලපුව මාර්ගයේ 205- 206 කි.මිටරය අතර පිහිටා ඇත.
දියලුම ඇල්ලේ නිර්මාණය පිලිබද ජනප්රවාදයක් පවතී. එයට අනුව එක්තරා රජ කුමාරයෙක් පහත් යැයි සම්මත වු කුලයකට අයත් කුමාරිකාවක් විවාහ කර ගැනීමට තීරණය කලේය. එයට විරැද්ධ වූ වැසියෝ කුමාරයාත් කුමාරිකාවත් එම ප්රදේශයෙන් පලවා හැරිය අතර ඔවුන් උඩරටට පලා යන අතරතුරේ වැල්පටක ආධාරයෙන් මෙම ගලෙන්ඉහලට නැගිමට උත්සාහ කර තිබේ. එහිදී වැල්පට ගල් අතර සිරවී කුමාරිය මිය ගොස් ඇත. කුමරියගේ මරණයෙන් දැඩි ලෙස ශෝකයට පත්වූ රජ කුමාරයාගේ දෙනෙත්වලින් ගලා ගිය කදුළු එකතුකර දෙවියන් විසින් මෙම දිය ඇල්ල නිර්මාණය කෙරැණු බව කියවේ.
විවේකි සෙනසුරාදා දවසේ උදේ 8.30 ට විතර හම්බන්තොට බස් නැවතුමෙන් නුවර එලිය බස් එකට නැග්ගේ වැල්ලවාය ප්රදේශය ආශ්රිතව පිහිටි ප්රසිද්දම දිය ඇලි දෙක නරඹන්න යන්න හිතාගෙන. කාලෙකට කලින් හෙන කට්ටක් කාල හොයාගෙන ගියපු කුරුඳු ඔය දිය ඇල්ල වගේ පරිප්පුවක් කන්නේ නැතුව පාර අයිනේ ඉදන් බලලා එන්න පුලුවන් නිසා ගමන ගියේ තනියමම තමයි.
රාවණා ඇල්ල කියන්නේ අපේ රටේ තියන අපූරුම දිය ඇලි වලින් එකක්. ඇල්ල මීටර 25ක් පමණ උසයි. ඇල්ල-වැල්ලවාය මහා මාර්ගයේ. මාර්ගය ආසන්නයෙමයි දිය ඇල්ල පිහිටලා තියෙන්නේ. ඇල්ල නගරයේ ඉඳලා කිලෝ මීටර 5ක් පමණ දුරින්.
රාවණා ඇල්ල එක දිගටම කඩා හැලෙන ඇල්ලක් නෙවෙයි. කොටස් කිහිපයකට කැඩිලා තමයි ඇල්ල පහලට ගලා වැටෙන්නේ. මේ නිසා එහි සුන්දරත්වය තවත් වැඩි වෙලා තියනවා.
ඇල්ල ඉදිරිපිට පිහිටලා තියෙන පාලම මත ඉඳලා ඇල්ලේ සුන්දරත්වය අපුරුවට නරඹන්න පුලුවන්.

ඇල්ල ප්රදේශයේ නරඹන්න තවත් බොහෝ තැන් තිබුනත් වැඩි සුදානමකින් තොරව නිසා එතැනින්ම එන බසයක නැගලා ආයෙත් වැල්ලවායට ආවා.
එදා දවසේ මගේ ඊලග ගමනාන්තය උනේ වැල්ලවාය ප්රදේශය ආසන්නයේම පිහිටලා තියෙන දියළුම දිය ඇල්ල.
ලංකාවේ තුන්වෙනියට උසම දිය ඇල්ල දියලුම ඇල්ල ලෙස හදුනාගෙන තියෙනවා. උසින් මීටර් 170 ක් / අඩි 560ක් උස මේ දිය ඇල්ල පූනාගල ඔයෙන් තමයි පොෂණය වෙන්නේ.
මෙයින් කඩා හැලෙන දිය දහර කිරිඳි ඔයට එකතු වන අතර. අතීතයේදි මෙය දිය ගැලුම ඇල්ල, දිය හැලුම ඇල්ල යන නම් වලින්ද හඳුන්වා ඇත. දියළුම අල්ල කොස්ලන්ද සහ වැල්ලවාය නගරයන්ට ආසන්නයේ A4 කොළඹ -රත්නපුර-බෙරගල- මඩකලපුව මාර්ගයේ 205- 206 කි.මිටරය අතර පිහිටා ඇත.
දියලුම ඇල්ලේ නිර්මාණය පිලිබද ජනප්රවාදයක් පවතී. එයට අනුව එක්තරා රජ කුමාරයෙක් පහත් යැයි සම්මත වු කුලයකට අයත් කුමාරිකාවක් විවාහ කර ගැනීමට තීරණය කලේය. එයට විරැද්ධ වූ වැසියෝ කුමාරයාත් කුමාරිකාවත් එම ප්රදේශයෙන් පලවා හැරිය අතර ඔවුන් උඩරටට පලා යන අතරතුරේ වැල්පටක ආධාරයෙන් මෙම ගලෙන්ඉහලට නැගිමට උත්සාහ කර තිබේ. එහිදී වැල්පට ගල් අතර සිරවී කුමාරිය මිය ගොස් ඇත. කුමරියගේ මරණයෙන් දැඩි ලෙස ශෝකයට පත්වූ රජ කුමාරයාගේ දෙනෙත්වලින් ගලා ගිය කදුළු එකතුකර දෙවියන් විසින් මෙම දිය ඇල්ල නිර්මාණය කෙරැණු බව කියවේ.
මෙහි දිය දහර කුඩා ඔය ඔස්සේ කිරිදි ගගට ගලා යයි.පසු තිස්සමහාරාමය ආසන්නයේදි මුහුදට එක්වෙයි.
ශ්රී ලංකාවේ සංචාරය කිරීමට වැදගත් ස්ථාන පිළිබද දැනගන්න ඔබ දන්නා දේවල් ආගිය තැන් ගැන අනිත් අයටත් කියන්න සිරි ලක සැරි සර ෆේස්බුක් සමුහය සමග එකතු වෙන්න