Saturday, February 9, 2013

රෙපා සිංහල බ්ලොග් අවකාශයෙන් සමු ගනී. අවසාන ලිපිය

සෑම ආරම්භයකම අවසානයක් ඇත. දැන් සියල්ලම සිදු වී අවසානය. සිදුවූ දේ අනුව තව දුරටත් ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයට මුහුණ දීමට තරම් හැකියාවක් නොමැත. සියල්ල හෙළිදරව් කිරීමට කාලය එළඹ ඇත. සිදුවූ සියල්ලම පවසා බ්ලොග් ලෝකයෙන් සමු ගනිමි.

රෙප් මහත්තයා යනු ලැජ්ජා බයට හැදුනු අහිංසක නිරහංකාර අවංක එල කොල්ලෙක් බව ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාසයම අවිවාදයෙන් පිළිගන්නා බව මට සහතිකය. එහෙත් වෙනත් පුද්ගලයකු ගේ නොමනා ක්‍රියාකාරකම් හේතුවෙන් එම නිර්මල නොකැළැල් චරිතයට හානි සිදුවීම දරා ගත නොහැක්කේමය. පඳුර වටේ තල තලා හිටියා දැන් හොදටම ඇතිය සියල්ල හෙළි කල යුතුය. මිය ගිය පසුව වුවද රෙපා යන නාමය සිරි ලාංකීය බ්ලොග් ඉතිහාසය තුල යුනිකෝඩ් වලින් සටහන් වී තිබිය යුතුමය.

පසු ගිය දිනවල  ගං  5  පැත්තේ මල් වත්තක ගේට්ටු ගෙදරක් තිබුනා කියා ඔබ සැම දන්නවා ඇතිය.එයට රෙප් මහත්තයා සහභාගී වුවා යයි ඔබ සැම සිතා හිටියත් සත්‍ය එය නොවේ. එදින පැමිණියේ රෙපාගේම නිවුන් සහෝදරයාය. ඔහු නමින් අරුණ හෙට්ටිආරච්චි ය. උගේ නම අරුණ උවත් රෙපා ඔහු අමතන්නේ අරු + නයා කියාය. අරින තරමක් අරින්නේ නයි ය. රෙපාගේ නම විකුණාගෙන එදින ගෙට්ටුවට සහභාගී වී ඔහු නිකම් සිටියේද නැත. එදින සිදුවූ  යයි කතා ගොඩාක්  කරමින් පැවසිය. සිංහල බ්ලොග් කරුවන් ගැන හොදින්ම දන්නා මා ඔහු එසේ අරින්නා වූ නාග රාජයන් පිලිබදව කෙසේ විස්වාස කරම්ද. ඒ කතාව ඇසු මට  සියල්ල එපා විය. තව දුරටත් බ්ලොග් අවකාශයට කෙසේ මුහුණ දෙන්නද. ඔබම තීරණය කරන්න අදින් පසුව මාමා සමු ගනිමි.  මේ එදා අරුනයා පැවසු කතාවයි. (ඔහුගේ නයි ඇරිල්ලෙන් කාගේ හෝ සිත රිදුනේ නම් සමාව භාජනයකට දමන්න.) 

ඔන්න් ඉතින් මම එදා  පාතක් නැතුව කොටුවේ ඉස්ටේසම ඉස්සරහ කැරකි කැරකි ඉන්න කොට කස්ටියක් සෙට් වෙලා ඉන්නවා දැක්කා. උබේ එකවුන්ට් එකට හොරෙන් ලොග් වෙලා මල් කඩනකොට දැකපු මුණු ටිකකුත් තිබ්බ නිසා ඉතින් මමත් එතනට ලෑන්ඩ් කළා 

මොකක්, මගේ එකවුන්ට් එකට හොරෙන් රිංගලා 

ඔව් ඔව් බං 

හයියෝ විනාසයි වෙලාවට ඒක මකලා දැම්මේ නැත්තම් උඹ තව මොන මගුලක් කරයිද මන්දා ඒකේ 

හරි හරි බං කෑ නොගහ හිටපන්කෝ විස්තරේ කියන්න 

ඉතින් මම දැනගත්තා මුන් ටික කොහේ හරි පිස්සුවක් කෙලින්න තමයි යන්නේ කියලා. උඹේ නම විකුනලා මමත් සෙට් උනා ඉතින් එතනට. 

ඉතින් ඉතින් 

මුං යන්නේ ගං 5 පැත්තේ මල් වත්තකට කියලා තමයි කතා බහෙන්  තේරුනේ. මල් බලන්න බැරි නම් කඩන්න හරි කමක් නෑ කියලා එතන ඉන්නකොට ලොම් හැලිච්ච පුසෙකුයි පිස්සු දොස්තර කෙනෙකුයිත් ආවා කියනවා ඇහුනා . වාහන ගොඩක් තියාගෙන පයින් ඇවිදින බැංකුවක වැඩකරනවා කියන එකෙක් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව මටත් නොමිලේම ටිකට් එකකුත් දුන්න නිසා මමත් ගිහින් නැග්ගා උන් එක්කම කෝච්චියට 

අම්මට සිරි ඉතින් ඊට පස්සේ 

ඊට පස්සේ තමයි ආතල් එක. කෝච්චියේ ගෑනු ළමයෙකුට යන්න බැහැ. රත්න පුරේ ජංගි මලයා ගේ මුනෙන් පැණි බේරෙනවා. එෆ් බි ඉන්නවද අහනවා. බ්ලොග් ලියනවද අහනවා. ලැප් එක දිග අරගෙන කෝච්චියේ ගිය ගෑනු ළමයි දෙතුන් දෙනෙකුට බ්ලොග් දෙක තුනකුත් හැදුවද කොහෙද ගමපහ යන අතරමග.

මදැයි ගුටි කෑවේ නැතුව ගියා 

මගුලක් කතා කරනවා ඒ අස්සේ අර  කාටුන් එකේ ඉන්න බලු කුක්කයි පැරිසියේ කෙල්ලෙක් ගැන බයිලා ගගහ විලක්කු පත්තු කරගෙන දගලන එකයි පොඩි උන්ගේ නලාවක් අරගෙන එකෙන් අක්ෂර අල්ලනවා. වෙලාවට අර විකාරද බිමා කොල්ලා ක්ලාස් ගිහින් හිටියේ. අහල පහලක හිටිය නම් මුන් දෙන්නව මරාගෙන කනවා කෝච්චිය ඇතුල්ම.

ඔහොම ගිහිල්ලා ගිහිල්ලා යාන්තම් මිනිස්සුන්ගෙන් ගුටි නොකා ගම්පහ මල් වත්තට ගියා කියමු. ඊට පස්සේ තමා වැඩේ. ජේ වී පි කාරයා බව ලෝකෙට පෙන්නන්න රතු පාට ෂර්ට් එකෙක් ගහගත්ත එකෙකුට මයික් පොල්ලක් අහු වෙලා අර රිලවට මොකක්ද අහු උනා වගේ  අතාරින්නෙම නැතුව කියවනවා කියවනවා. 
ඔය අස්සේ මිනිහා එතන හිටපු එක එකාව අදුන්වා දෙන්න ගත්තා 

"මේ ඉන්නේ සිංහයා සහ සිංහ දෙනුව, මෙන්න පිළිගන්න ඔබේ හිතාදර පුසා "

ඇයී යකෝ අහල පහල  හිටපු උන් හිතුවද දන්නේ නැහැ මේ සිංහයෝ යි පුසොයි ගැන කියනකොට සත්තු වත්තකට ඇවිත් කියලා 

කියවලා අදුන්වලා දීලා ඉවර වෙලා පොර අපිත් එක්ක ගියා රබර් ගහක් පෙන්නන්න. මිනිහා ටෝක් එක දුන්නේ නිකන් මිනිහා ඉන්දලා පොර දාල හදපු ගහක් වගේ. ෂුවර් එකටම දවස් දෙක තුනක් තිස්සේ කතාව පාඩම් කරලා තියෙනවා 

පවු බං අර සිරා කොල්ලා. ඔහොම කියන්න එපා 

අනේ පලයන් බන් යන්න ඊට පස්සේ එක්ක ගියා ලොකුම රබර් කදක් කියලා එකක් පෙන්නන්න. කද දැක්කා විතරයි අර ගාල්ලේ ලි මෝල් කාරයා තඩි බනියා ගහ වටේටම ගිහින් පොටෝ ගහනවා. ෂුවර් එකටම හෙට අනිද්දට බුවා පටෝනවා ඔය ගහ උගේ ලි මෝලට 

එහෙමවත් කරලා උගේ හයිබ්‍රිඩ් එකට තෙල් ගහගන්නේ නැතැයි අහිංසක කොල්ලා ඉතින් ඊට පස්සේ 

ගහයි කදයි බලලා පිට්ටනියට ආව කියමුකෝ 

.................. අදාළ පුද්ගලයා බ්ලොගයද වසා දමා බ්ලොග් අවකාසයෙන්ම අතුරුදන් වූ නිසා මෙම කොටස ඉවත් කර දමන ලදී...........................

ඊට පස්සෙ මුන් ටික පටන් ගත්තා ක්‍රිකට් ගහන්න. අම්ම මුත්තා කාලේවත් දැකල නැහැ එහෙම එකක්. පිස්සු හැදෙනවා. වල් රජා පාක් එකේ ඉන්න කපල් වලින් උගේ අන්තප්පුරේට කෙල්ලෝ හොයනවා. ස්කුබියා එහෙට දුවනවා මෙහෙට දුවනවා. රත්ගමයා සෙලිනව පරිස්සම් කරනවා දිනේල්කයා විලක්කු පත්තු කරනවා බැට් එක පැත්තක බෝලේ තව පැත්තක සෙල්ලම් කරන උන් උන්ගේ ලෝක වල 

මැච් එක බාගයක් ඉවර කරලා කන්න හම්බ උනා. ඒක නෙවෙයි නෙවෙයි අප්පා ඉවසන්නම  බැරි උනේ ගෙදර ඉන්නකොටත් අර බස් එකේ හොටු චොයිස් අහනකොට ඇහෙන අයිසා ගේ ටකරන්  සද්දේ. ඒකි එතනත් හොටු චොයිස් කරන්න හදනවා.

පවු බං අහිංසක කෙල්ලට ඔහොම කියන්න එපා.

ඔව් ඔව් කෙල්ලෙකුට මොනවා හරි කියනකොට උඹටත් අනුකම්පාව පහල වෙනවා. හිටපන් මගෙන් මොකුත් අහන්නේ නැතුව.

ඊට පස්සේ ගෑනු ළමයින්ට තොප්පි මාරු කරන්න ගත්තා. එකෙන් නම් දිනුවේ අර හැමදාමත් අහක යන තොප්පි ඇදලා අරන් දාගන්න හදන චතුවා තමා. තොප්පි කොතනද චතුවා එතන

ඉතින් ඉතින් 

කොල්ලෝ ටික මැච් එකේ ඉතුරු කොටස පටන් ගත්තා. කාපු බීපු තැන් වල වැඩි වෙලා ඉන්න හොද නැති නිසා මට ගෙදර එන්න හිතුනා. එන්න පිටත් වෙන හදනකොට පැත්තක ජංගම ඉස්කාගාරම දෙක තුනක් රජා, පවනි නංගියා. සුලගිල්ලා සෙට් එකම ලග නවනවා, මලියා සිතියමක් දිග අරගෙන ගෙදරට යන පාර හොයනවා. උගේ හිතේ ඒක ගුගල් මැප් එක කියලා. සුම් කරන්න ගිහින් තව ටිකෙන් දෙකට ඉරනවා සිතියම
 
පට්ට ආතල් නේ ඕයි දැන් නම් මටත් අපරාදේ කියලා හිතෙනවා 
ඒ උනාට උඹ කියන ඒවා තඹේකට සුවර් නැහැ නේ. හරි හරි උඹ පිලි ගැනේ නැත්තම් නිකන් හිටපන්. අන්න අප්‍රේල් 21 තියෙනවා උඹලගේ සයිබර් සැණකෙළිය. එදාට මිට වඩා ආතල් ගන්න පුළුවන් උඹ පලයං එදාට ඕන නම් 

අරු නයා කියූ කතාව අවසානය. මු කිව්වේ අමු කෙබර බව මම හොදාකාරවම දනිමි. මෙවන් බොරු කාරයෙකුගේ සොහොයුරෙකු වශයෙන්  තව දුරටත් බ්ලොග් ලෝකයට මුහුණ දීමේ හැකියාවක් මට නැත. මම ඔබෙන් සමු ගනිමි. ඔබ සැමට ජය

ප.ලි 
උඹලා ආතල් එකේ බලාගෙන ඉන්න ඇති නේද රෙපා මේකෙන් තොලොංචි වෙලා යනකං. රෙපාට ඇති නිවුන් සහෝදරයෙක් නැත. එයද රෙපා විසින් ඇරී නාග රාජයෙක් බව සලකන්න. හිත රිදුනු එකෙක් ඉන්නවා නම් සමාව භාජනෙකට දාගන්න. දිග වැඩි උනා වාගේ නිසාත් අනුන්ගේ කොම් එකකින් ලොග් වී හදිසියේ කෙටු නිසාත් පොඩි පොඩි අවුල් ඇත. කෙටුවේ හුදෙක්ම මඩක් ගැසීමේ පරම පිවිතුරු චේතනාවෙන්ම පමණි 
 කමෙන්ටු වලට රිප්ලයි නැවත කොම්පියුටර්  කටුවක් ලැබුණු දිනක බව කරුණාවෙන් සලකන