Showing posts with label සමාජ. Show all posts
Showing posts with label සමාජ. Show all posts

Wednesday, December 12, 2012

සිංහල බ්ලොග් අවකාශය එදා සිට




සිංහල බ්ලොග් අඩවි පිළිබඳව ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය පාවිච්චි කරන බොහෝ පිරිසක් අසා ඇතුවාට සැකයක් නැහැ. මේ උත්සාහය සිංහල බ්ලොග් අඩවිවල ආරම්භයේ සිට වර්තමානය දක්වාත් , ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ මිතුරු මිතුරියන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳවත් සාරාංශ සටහනක් තැබීමටයි. සරලවම පැවසුවහොත් බ්ලොග් අඩවියක් යනු අන්තර්ජාලය තම අවකාශය කරගත් සටහන් මාලාවක්, එසේත් නැත්නම් සටහන් ගොනුවක් ලෙස හැදින් විය හැක. බ්ලොග් අඩ්වියක් සාමාන්‍ය වෙබ් අඩවියකින් වෙනස් වන්නේ බ්ලොග් අඩවිවල පාඨකයින්ට තම අදහස් එහි සටහන් කළ හැකි නිසාය. බ්ලොග් අඩවියක් යාවත්කාල කිරීම “බ්ලොග්කරණය” ලෙසත් එය පවත්වා ගෙන යන්නා “බ්ලෝග්කරුවකු” ලෙසත් හැඳින්වේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂනායතනය මගින් සිංහල යුනිකේත ක්‍රමය හදුන්වා දීමත් සමගම 2006 වර්ෂයේදී සිංහල යුනිකෝඩ් ගුගල් සංගමය ඇති කරන ලදී. . ඒ බිහි වීමත් සමගම මෙතුවක් කාලයක් ඉංග්‍රීසි භාෂාවට පමණක් සිමා වී තිබු තොරතුරු තාක්ෂනය සිංහල භාෂාවෙනුත් ඉදිරියට ගමන් කිරීම ආරම්භ විය. සිංහල යුනිකේත යොදාගෙන රාජ්‍ය මට්ටමින් වෙබ් අඩවි නිර්මාණය, නැණසල මධ්‍යස්ථාන මගින් සිංහල යුනිකේත භාවිතය ප්‍රචලිත කිරීම වැනි ක්‍රියාකාරකම් නිසා සිංහල යුනිකේත භාවිතය අන්තර්ජාල පරිශීලකයන් අතර වර්ධනය වීම වේගවත් විය. එහෙයින් ශ්‍රීලංකාව තුල මෙන්ම විදෙස් ගත සිංහලයන්ද තම මවු භාෂාව උපයෝගී කරගෙන අන්තර්ජාලය තුල තම ක්‍රියාකාරකම් සිදු කිරීම ආරම්භ කරන ලදී. මෙසේ සිංහල යුනිකේත භාවිතය ජනප්‍රිය වීමත් සමගම අන්තර්ජාලය තුල නොමිලේ ඉඩකඩ ලබාදෙන බ්ලොගර්, වර්ඩ් ප්‍රෙස් වැනි සේවාවන් උපයෝගී කරගෙන සිංහල යුනිකේත භාවිතා කිරීම මගින් ලියවෙන පුද්ගලික බ්ලොග් අඩවි ආරම්භ වීම සිදු විය. පළමුව තාක්ෂණික කරුණු ඇතුලත් ලිපි ඇතුලත් බ්ලොග් අඩවි පමණක් දක්නට ලැබුණි. නමුත් කාලයත් සමගම ලියවෙන බ්ලොග් ප්‍රමාණය වැඩි වීමත් සාහිත්‍ය, කළා විනෝදාත්මක, දේශපාලනික ආදී විවිධ අංශ පිළිබඳව ලියවෙන බ්ලොග් අඩවි බිහිවීමත් සිදු විය.

මෙසේ ලියවෙන බ්ලොග් ප්‍රමාණය සියයක් පමණ වන විට පළමුවන සින්ඩිකේටරය වන සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය ආරම්භ වීය. මුල් කාලින සිංහල බ්ලොග් කරුවන්ට ඇතිවූ ගැටළු බවට පත් වී තිබුනේ සිංහල යුනිකෝඩ් භාවිතය ව්‍යාප්ත කිරීම, සිංහල ජ්‍යාත්‍යන්තර කිරීම සදහා මයික්‍රොසොෆ්ට් සමාගමට බලපෑම් කිරීම, ආදියයි. මෙම ගැටළු විසඳා ගැනීම පිලිබඳ සාකච්චා කිරීම සඳහා බ්ලොග් කරුවන්ගේ ප්‍රථම සුහද හමුව සංවිධානය විය. එයට සහභාගී වූ සියලු දෙනාම සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ පාලන බලතල හිමිකරුවන් බවට පත් වුවද පසු කාලීනව සංගමයේ ඇතිවූ ගැටළු මත ඉන් ඉවත්වූ පිරිස් විසින් ලාංකීය සිතුවිලි, හත් මාළුව වැනි විකල්ප සින්ඩිකේටර බිහිකිරීම මගින් සිංහල බ්ලොග් අවකාශය තුල බෙදීම් ඇතිවීමක් සිදුවිය. 




කලකට පෙර ගුගල් ආයතනය විසින් ලබා දුන් ගුගල් බස් සේවාව හරහා සම්බන්ධ වූ පිරිසක් විසින් 2011 වසරේදී බස් රේඩියෝ නමින් අන්තර්ජාල රේඩියෝ නාලිකාවක් විකාශය ආරම්භ කරණ ලදී. මෙමගින් සිංහල බ්ලොග් ඉතිහාසයේ නව පරිච්චේදයක් ආරම්භ විය. මෙම නාලිකාවේ මුලිකම අරමුණ අන්තර්ජාලයේ සැරිසරන්නන් ගේ විනෝදාස්වාදය උදෙසා ගීත ලබා දීම වුවත් බ්ලොග් අවකාශයේ ජනප්‍රිය බ්ලොග් රචකයන් සහභාගී කරගෙන පැවැත්වූ බස් කතා බස්, බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙල වැනි වැඩසටහන් සිංහල බ්ලොග් කරුවන් අතර ඉමහත් ජනප්‍රියතාවයක් දිනාගන්නා ලදී. http://www.buzzradio.lk/ වෙබ් අඩවිය මගින් ඔබටත් බස් රේඩියෝව හා සම්බන්ධ විය හැකිය. 







ටිකක් හිනා වෙන්න ඇවිත් යන්න” බ්ලොග් අඩවිය පවත්වාගෙන යන අභීත එදිරිසිංහ සොයුරා ඇතුළු කිහිප දෙනෙකු සම්බන්ධවී පැවැත්වූ ප්‍රාදේශීය මිතුරු හවුල් කිහිපයකින් පසු ශක්තිමත් වූ බැඳීමක ප්‍රතිඵලයක් ලෙස 2011 වර්ෂයේදී ප්‍රථම සයිබරයේ සිහින සැණකෙළිය “සයිබර් සිහින” උළෙල ලොව පුරා පැතිර සිටින සිංහල බ්ලොග්කරුවන්ගේ සහභාගිත්වයෙන් හෙන්රි පෙද්‍රිස් උද්‍යානයේදී පවත්වන ලදී. සාමාන්‍ය අවුරුදු උත්සවයකට වඩා වැඩි යමක් එක් කල එදින මෙතුවක් කාලයක් සයිබර් අවකාශයෙන් මුහුණු පොතෙන් පමණක් දැන ඇදුනුම්කම් ඇති කරගත් ලංකාව වටා පමණක් නොව ලොව වටා විසිරුණු පිරිසකගේ සුහද හමුවක් බවට පත් විය. 


 දිලුම් හෙවත් ඉලන්දාරියා



එම සිහින උළෙලේ දී බ්ලොග් මිතුරන්ගේ ප්‍රථම සමාජ සත්කාරය වන සයිබරයේ මිතුරකු වූ “දිලුම්” හෙවත් “ඉලන්දාරියා” ට සවන් ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ විය. සයිබර් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් දිලුම් සොහොයුරාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් “දිලුම් වෙනුවෙන් අපි” අරමුදල ආරම්භ විය. නමුත් අවාසනාවන්ත ලෙස දිලුම් සොයුරා අපගෙන් සමු ගන්නා ලදී.  දිලුම් ගේ අභාවයෙන් පසු බ්ලොග් අවකාශයේ මිතුරු මිතුරියන් ගේ දායකත්වයෙන් දිලුම්ගේ තුන් මාසයේ දානය අරමුණු  කොට මහරගම පිළිකා රෝහලට බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.  ඒ පිළිබඳව තවත් විස්තර මෙතනින්.


මිට අමතරව දිලුම්ගේ ආබාධයට සමාන ආබාදයකින් පෙළුණු “ජෙරුෂා” දියණිය සුවපත් කර ගැනීම සදහා එම අරමුදලේ මුදල් යෙදවූ අතර ඒ සිඟිති දියණිය සුවපත් කර ගැනීමට බ්ලොග් කරුවන්ට හැකියාව ලැබිණි. මේ සද්කාර්යය සදහා ඩුබායි වල වෙසෙන දුකා, දුමී ඇතුළු පිරිස විසින් ලබා දුන් දායකත්වය අගය කල යුතුය.

 ජෙරුෂා දියණිය 2012 සයිබර් සැණකෙළියට සහභාගී වෙමින්

එසේ සුවපත් වූ සයිබරයේ සුරතලිය ජෙරුෂා දැරියගේ සහභාගිත්වයෙන් 2012 වසරේ දී සයිබරයේ දෙවන සිහින උළෙලද 2012 අප්‍රේල් මස 22 වන දින දෙස් විදෙස් සිංහල බ්ලොග්කරුවන්ගේ සහභාගිත්වයෙන් වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. 
බ්ලොග් කරුවන්ගේ කඹ ඇදිල්ල



2012 සයිබර් සැණකෙළිය අවසාන වීමෙන් පසු
අප අතරින් සදහටම සමුගත් බ්ලොග් අවකාශය තුල ඔබ්සවර් නමින් අප සැමගේ ආදරය දිනා ගත් “සනත් විජේවර්ධන” හෙවත් “ඔබා මාමා” සහ “දිලුම්” හෙවත් “ඉලන්දාරියා” ඇතුළු පිරිස සිහිපත් කර ඔව්න්ට පිං පිණිස 2012 බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහන මගින් "දැනුමැති සමාජයක් උදෙසා පොතක් පරිත්‍යාග කරමු..!" යන තේමාවෙන් අම්පාර උහන ගලහිටියාගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ පුස්තකාලය සදහා පොත් ලබා දීම පසුගියදා එම විද්‍යාලයේදී සිදු විය.



 එම සත්කාර්යය සඳහා සතර දෙස විසිරි පැතිරී සිටින සිංහල බ්ලොග් කලාවට ආදරය කරන, බ්ලොග් අවකාශය සමග රැදී සිටින බොහෝ දෙනෙකුගේ ආධාර උපකාර හිමි විය. වර්ෂයකට වරක් පවත්වන සයිබර් සිහින උළෙලට අමතරව ප්‍රාදේශීය සුහද හමු තුලින් අන්තර්ජාලයෙන් ඔබ්බට ගිය වින්දනීය සහෝදරත්වයකින් බැදුණු ශ්‍රී ලාංකිය බ්ලොග් අවකාශයේ මිතුරන් ගෙන් තවත් වින්දනීය සහ සමාජයීය වැඩ කටයුතු රාශියක් ඉදිරියේදීද සිදු වීමට නියමිතය. වැඩිදුර විස්තර සයිබර් සැණකෙළිය නිල බ්ලොග් අඩවිය මගින් ඔබටත් දැනගැනීමට පුළුවන්.

ආශ්‍රිත බ්ලොග් අඩවි
නෙරංජි සුලක්ඛනා - ඉර ඇහැරෙන ඉසව්ව
විශේෂ ස්තුතිය: දිලුම් ගේ දානමය පුන්‍යකර්මය පිළිබඳව දැනුවත් කිරීම් සිදු කල තනොජා රාජපක්ෂ සොහොයුරියට



 

Wednesday, June 20, 2012

තවත් එක ආදර කතාවක් නොවේ 3 (අවසානයක්ද නොවේ).....

1 කොටස


2 කොටස 


 කියෙව්වේ නැත්තම් කියවලාම එන්න





"නිසංසලා"

ජිවිතේ කවමදාකවත් දකින්න බලාපොරොත්තු නොවුන දසුනක් නිසා මොනවා වෙනවද මොනවා කරන්නද කියලා තේරුනේ නැහැ. බලාපොරොත්තු නැති තැනක වෙලාවක සමන්තව මේ විදියට මුණ ගැහේවි කියලා නිසන්සලත් කවමදාකවත් හිතුවේ නෑ.

"ඉතින් කොහොමද සමන්ත කාලෙකට පස්සේ දැක්කේ මේ කොහේ යන ගමන්ද?"

නිසංසලා කතාකලේ කාලෙකට පස්සේ මුණ ගැහුණු හොදම යාලුවෙකුට වගේ. සමන්තටත් යාලුවෙක් වගේ කතා කරනවා ඇර වෙනසක් පෙන්නන්න හිතුනේ නැහැ.

"මේ මගේ මහත්තයා ප්‍රදීප්"

නිසංසලා ප්‍රදීප්ට සමන්තව අදුන්වලා දුන්නේ ඉස්කෝලේ ඒක පන්තියේ හිටපු යහළුවෙක් හැටියට. වෑන් රථයේ සිටි අයත් බැහැලා ඇවිත් කදු වැටියකින් වට වෙලා තිබ්බ නිස්කලංක සුන්දර ස්ථානයක පිහිටලා තිවිච්ච කඩේ අවට සිරිය නරබමිනුයි හිටියේ.

නඩේ හිටපු පිරිසගෙන් නිසංසලා ගේත් සමන්තගේත් අතීත කථාව දැනගෙන හිටියේ අකිල විතරක්ම වෙච්ච නිසාවෙන් කාලෙකට පස්සේ මුණ ගැහුන පරණ යාලුවෙක් විදියට වෑන් එකේ හිටපු අයටත් නිසන්සලාව අදුන්වලා දෙන එක ප්‍රශ්නයක් උනේ නැහැ.

නිසංසලාගේ ස්වාමියා ප්‍රදීප් තමන් මෙතුවක් කාලයක් හිතාගෙන හිටියට වඩා ගොඩාක් මනුස්සකම් වලින් පිරිච්ච යහපත් මනුස්සයෙක් කියලා සමන්තට දැනුනා. ප්‍රදීප් වාහනේ ලගට ගිහින් හැමෝටම කතා කලේ එදා ඉදන්ම දන්න අදුනන කෙනෙක් විදියට. සති අන්තයේ දවසක් නිසා නල්ලතන්නියේ උයන්න නවතින්න තැනක හොයාගන්න අමාරු වෙන නිසා මෙහෙන්ම උයා පිහාගෙන නාලා කාලා ගියොත් හොදයි කියන ඒක තමා නිසන්සලාගේත් ප්‍රදිප්ගේත් අදහස උනේ.

ආගිය තොරතුරු කතා කරලා පහල තිබ්බ ඇල පාරට ගිහින් නාලා එතැනින්ම උයාගෙනත් කාලා එතනින් පිටවෙනකොට නිසන්සලාගේත් සමන්තගේත් අකිලගේත් දරු පැටවූ ටිකත් මේ වෙනකොට හොද මිතුරන් පිරිසක් බවට පත් වෙලා තිබ්බා.

නල්ලතන්නියට එනකොට හොදටම හවස් වෙලා. ප්‍රදීප් කිව්වා වගේම නල්ලතන්නියේ තිබුනේ කිට්ටුකරන්න බැරි තරම් වාහන තදබදයක්. මගදීම කාල නාගෙනම ආව නිසා වාහනෙන් බැහැලා එහෙම්මම කන්ද නගින්න පටන් ගත්තත් සිරිපා කරුණා කරලා ආයෙත් පහලට බහින කොට පහුවදා දවාලත් පහු වෙලා තිබුනා.

කොහොම හරි සදුදා උදේ පාන්දර වෙනකොට සාර්ථක වන්දනා ගමනක් අවසන් කරලා සමන්තලා ගමට ආවා. ගමන් වෙහෙසයි කන්ද නැගලා තියෙන මහන්සියි නිසාම දරු පැටවූ දෙන්නයි සචිනියි මේ සතියේ ගමේම නවත්තලා සමන්ත කොළඹ ආවේ වැඩ කටයුතු රාශියක්ම ගොඩ ගැහිලා තිබ්බ නිසා.

කසාද බැන්දට පස්සේ බොහෝ දුරට අඩු කරලා තිබ්බ අරක්කු සිගරට් දෙක මේ සතියේ සමන්තගේ තනිය මකන්න ආවේ සමන්තටත් නොදැනිමයි. රෑ පුරාවටම අරක්කු එක්ක හිටපු සමන්තට උදේ පාන්දර නැගිටින්න හදද්දී ඔලුවට දැනුනේ මහා බර ගතියක්. එහෙමම ඇදට වැටිලා නිදාගෙන හිටපු සමන්තට ඇහැරුනේ දුරකථනය නාද වෙන හඩට. සමන්ත එහෙමම ගිහින් දුරකථනය එසෙව්වා.

"ගුඩ් මෝර්නින් මගේ සුදු මැණිකේ"

එහා පැත්තේ කට හඩට සමන්තගේ වෙරිමත නැති උනා වගේ දැනුනා.

"සුදු මැණිකේ, කවුද ඔය කතා කරන්නේ? එහෙම කෙනෙක් මෙහෙ නෑ"

එහා පැත්තේ දුරකථනය කට් වෙනවා සමන්තට ඇහුනා.

කෝල් එක ආව නම්බරේට කිහිප වතාවක්ම ගන්න උත්සාහ කලත් ඒ වෙනකොටත් දුරකථනය විසන්දි කරලයි තිබුනේ.

මේ වෙලාවේ සුදු මැණිකේට ආව කෝල් එක මොකක්ද කවුද සුදු මැණිකේ කියන්නේ , මං කතා කරනකොට ෆෝන් එක කට් කරලා ඕෆ් කරපු එකා කවුද? දහසකුත් එකක් ප්‍රශ්න සමන්තගේ මනසේ හොල්මන් කරන්න පටන් ගත්තා. හැම ප්‍රශ්නෙකටම එකම විසදුම විදියට සමන්තට තිබ්බේ අරක්කු සිගරට් කියන දිවය අවුසද දෙක විතරමයි.

පහු වෙනිදා පාන්දරම තිබ්බ බස් එකේ නැගලා සමන්ත ගමට ආවේ දරන්න බැරි වේදනාවක් හිතේ හිර කරගෙන. කොයි තරම් කේන්තියෙන් ගෙදරට ආවත් අහින්සක දරු දෙන්නගේ මුණ දකින කොට හිතේ තිබ්බ කේන්තිය කොහේ ගියාද කියලා සමන්තට දැනුනේ නැහැ. කාමරේට ඇතුල් වෙලා ඇදුම් මාරු කරගෙන එලියට බහින කොටම සචිනි සමන්තට තේ කොප්පෙකුත් අරගෙන ආවා. අහල පහලක කවුරුවත් පේන්න හිටියේ නැහැ.

"මම ගෙදර නැති වෙලාවට උඹ කා එක්කද නාඩගම් නටන්නේ."

"මොකක්ද මේ අද වෙලා තියෙන්නේ ඔයාට පිස්සුද?"

සචිනි තේ එක අතට දීලා කුස්සිය පැත්තට හැරුනේ සමන්තට මුහුණ නොදීමයි.

"ඇත්ත කියපන්. මම හොදටම දන්නවා උඹ මොකෙක්ම හරි එක්ක මගුල් නටනවා කියලා. සචිනිගේ කෙස් වැටියෙන් අල්ලගත්ත සමන්ත මහා හයියෙන් කෑ ගැහුවා.

"මේ මිනිහට අද මොන යකෙක් වැහිලද මංදා. අතාරිනවා මාව"

සමන්තව තල්ලු කරලා දාල බේරිලා එහාට ආව සචිනි කාමරේට වැදිලා දොර වහ ගත්තා. සිද්ද වෙන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව අම්ම තාත්තා දරු දෙන්නා බලාගෙන ඉන්න අතරේ සමන්ත එලියට බැහැලා ආවේ ඉබාගාතේ යන්නවත් හිතාගෙන.

මුහුදු වෙරළේ ගලක් උඩට වෙලා බියර් කෑන් එකක් තොල ගාමින් සමන්ත මුහුද දිහා ඔහේ බලාගෙන හිටියා. අමාරුවෙන් ගොඩනගාගත්ත ලෝකය ආයේ සැරයක් කකුල් දෙක ලගම කඩාගෙන වැටෙන දවස වැඩි ඈතක නෙවෙයි කියලා මේ වෙනකොට සමන්තට හොදටම තේරිලා තිබුනේ. ඒ එක්කම මැවිලා පෙනුනේ තමන් එනතුරු බලාගෙන ඉන්න පුංචි උන් දෙන්නගේ ඇස් දෙක. මොන දේ සිද්ද උනත් දරු දෙන්න වෙනුවෙන් ජිවත් වෙන්න ඕන කියලා සමන්ත හිතාගත්තා. වෙරළෙන් පිටවෙලා පයින්ම ගෙදරට යනකොට ගොඩාක් රෑ වෙලා. තාත්තා කතාවක් නැතුවම ඇවිල්ලා දොර ඇරියා. කාමරේ සචිනිවත් දරු දෙන්නවත් ඒ අයගේ ඇදුම් මොනවත් තිබුනේ නෑ.

"තාත්තේ කෝ සචිනි, දරු දෙන්නා "

තාත්තා කතා කලේ නෑ. උත්තර දුන්නේ අම්මා.

" පුතා ගිහිල්ල වැඩි වෙලාවක් යන්න කලින් තමා එයා බඩු ටිකත් අරගෙන යන්න ගියේ. මම බැරිම තැන කිව්වා යන තැනක දරු දෙන්නව තියලා යන්න කියලත් කෝ ඉතින් කියපු දෙයක් අහපු එකක්යැ"

සමන්තට දැනුනේ පුදුමාකාර අසරණ කමක්.

"යන්නේ කොහෙද කියලවත් කිව්වේ නැද්ද අම්මේ"

"ගෙදර යන්න ඇති වෙන කොහේ යන්නද? දැන් රෑ වෙලා ටිකක් නිදා ගන්න වෙන මොනවා කරන්නද? හෙට උදේම ගිහිල්ල බලන්න බැරියැ."

සමන්ත දෑතින්ම ඔලුව බදාගෙන එතනම ඉද ගත්තා. මොනවා වෙනවද මොනවා කරන්නද කියන එක ගැන කිසිම හැගීමක් සමන්තට තිබ්බේ නෑ.

"මගේ දරු පැටවූ දෙන්නයි ගෑනියි කොහේ ගියාද කියලා දන්නේ නැතුව මම කොහොමද නිදාගන්නේ අම්මේ."

රෑ එලි වෙනකම්ම තනියෙන් කියව කියව හිටපු සමන්ත ගෙදරින් එලියට බැස්සේ කොයි ලෝකෙන් හරි දරු දෙන්නව හොයා ගන්නවා කියන බලාපොරොත්තුවෙන්. ගෙදරට එනකොට සචිනිත් දරු දෙන්නත් ගෙදර ඉන්නවා දැකපු සමන්තගේ හිතට දැනුනේ ලොකු සැනසිල්ලක්.

"ආවද තමුසේ. ආයේ පරණ ගෑනිව හම්බ උනානේ. ඒකි එක්ක මගුල් නටන්න යන්න ඕන වෙච්ච නිසා වෙන්න ඇති එක පාරට මගේ වැරදි පේන්න පටන් ගත්තේ."

ගෙට ගොඩ වෙනකොටම සචිනි කියපු කතාවෙන් සමන්තගේ හිතේ තිබ්බ කේන්තිය ආයෙමත් පන ගහලා ආවා.

"මොකද්ද #@#@#@# ඒ කියපු කතාව මම කවදද යකෝ අයාලේ ගියේ"

"අනේ මොකට කියනවද උපාසක මහත්තයාගේ කෙරුවාව. එදා සිරිපාදේ යනවා කියලා ගියේ තමුසෙගෙ පරණ ගෑනි හොයාගෙන නෙවෙයි කියලද දැන් තමුසේ මට කියන්න හදන්නේ"

"පට්ට @!@! ආයේ කියපන් බලන්න ඒ කතාව. තෝව මරලා වලලනව දැනගනින් %$%quot;

සචිනිගේ කම්මුල හරහා පාරවල් දෙක තුනක්ම ගහගෙන ගහගෙන ගිය සමන්ත කාමරෙන් එලියට ආවා. සිද්ද වෙන්නේ මොකක්ද කියලා තේරුමක් නැති පොඩි උන් දෙන්නා දොර රෙද්දේ එල්ලිලා අඩනවා.

"අඩන්න එපා මගේ වස්තුවේ."

සමන්ත දරු දෙන්නව සිප වැළදගෙන සාක්කුවේ තිබ්බ චොකලට් පෙති දෙකක් දෙන්නගේ අතට දීලා ගෙයින් එලියට බැස්සා. කේන්තිය ටිකක් අඩු වෙලා යනකම්ම පාරවල් දිගේ එහාට මෙහාට ඇවිද ඇවිද හිටපු සමන්ත එක පාරටම දැක්කේ ඈතින් ටවුන් එක පැත්තට ඇවිදගෙන යන සචිනිව.

"මේ ගෑනි දරු දෙන්නවත් තනියෙම දාල ඒ ගමන මොන මගුලක යනවද?"
තමන්ටම කියා ගත්ත සමන්ත සචිනිට නොදැනෙන්න පස්සෙන් යන්න පටන් ගත්තා. ඒ සමගම ආව ත්‍රිරෝද රථයකට නැගුනු සචිනි පිටත් වෙලා යන හැටි බලා හිටපු සමන්ත තවත් ත්‍රි රෝද රථයක නැගලා පිටිපස්සෙන් යන්න පටන් ගත්තා. රථය නැවතුනේ අඹ ගහ යට රෙස්ට් හවුස් එකේ. රථයෙන් බැහැපු අනෙකා දැක්ක සමන්තට සිද්ද වෙන්න යන කිසිම දෙයක් හිතාගන්නවත් බැරි උනා.

"අකිල"

තමන් එක්ක එදා ඉදලම එකට කාල බිලා ආශ්‍රය කරගෙන හිටපු තමන්ගේ හොදම යාළුවගේ අතේ එල්ලිලා තමන්ගේ ආදරණිය භාර්යාව රෙස්ට් හවුස් එක ඇතුලට යන හැටි බලාගෙන හිටපු සමන්තට සිද්ද වෙන හැම දෙයක්ම දැනුනේ හීනයක් වගේ. ඇත්තටම මේක වෙන්න පුළුවන් දෙයක්ද? නෑ ඒ හිටියේ වෙන කවුරු හරි සචිනි ළමයි දෙන්නත් එක්ක ගෙදර ඇති. මේක මේ හිතේ තිබ්බ සැකේ හින්දා පෙනුන විකාරයක් වත්ද? සමන්ත හිටියේ කිසිම දෙයක් හිතා ගන්න බැරුව. කොයි එකටත් ගෙදර ගිහිල්ලම උනේ මොකක්ද කියලා බලන්න සමන්ත තීරණය කළා.
ගෙදර මිදුලේ දරු දෙන්නා සෙල්ලම් කර කර හිටියේ අල්ලපු ගෙදර ලතා ඇන්ටි එක්ක.

" කෝ පුතේ අම්ම" පුතා වෙනුවට උත්තර දුන්නේ ලතා ඇන්ටි

"සචිනි ළමයි දෙන්නව පොඩ්ඩක් බලාගන්න මට කියලා එලියට ගියා"

"යන තැනක් ගැන කිව්වේ නැද්ද ඇන්ටි?"

"නෑ මොකුත් කිව්වේ නෑ ඉක්මනට එන්නම් කියල ගියේ"

ගෙට ඇතුල් උන සමන්ත එලියට ආවේ බෑගයකුත් අරගෙන.

"මම ගිහිල්ල අම්මව එක්කගෙන එන්නම්. දරු දෙන්නව පොඩ්ඩක් බලන්න ඇන්ටි" කියපු සමන්ත ආව ත්‍රිරෝද රථයටම ගොඩ උනා.

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

රෙස්ටුරන්ට් එක ඉස්සරහ පාලු පාර අයිනේ සමන්ත හොරගල් අහුලමින් බලාගෙන හිටියේ ඇතුලට ගිය දෙන්න කොයියම්ම වෙලාවක හරි එලියට ඒවි කියන සිතුවිල්ලෙන්. හොදම යාලුවත් බිරිදත් එක්කහු වෙලා තමන්ට කරපු මේ මහා වංචාවට කිසිම සමාවක් නොදෙන්න සමන්ත මේ වෙනකොට තීරණයක්‌ අරගෙනයි තිබ්බේ. ඒ දෙන්න ගැනම හිත ඇතුලේ තිබ්බේ තද බල කේන්තියක්. පාලු පරිසරයක පිහිටලා තිබ්බ මේ ස්ථානය ඕනම දේකට සුදුසු ප්‍රදේශයක් බව සමන්ත දැනගෙන හිටියා.
තහනම් ප්‍රේමයේ සුවය විදලා රෙස්ට් හවුසියෙන් එලියට බහින අකිලටත් සචිනිටත් මාරයා ගේට්ටුව ලග බලාගෙන ඉන්නවා කියන එක ගැන කිසිම හැගීමක් තිබ්බේ නෑ. රෙස්ට් හවුසියේ ඉදන් අකිලත් සචිනිත් අත්වැල් පටලාගෙන එන දිහා තාප්පෙට මුවා වෙලා සමන්ත හොදින්ම බලාගෙනයි හිටියේ. මෙච්චර වෙලා බෑගයේ හංගාගෙන හිටපු කිනිස්ස ඇදලා අරගත්ත සමන්ත දෙන්න ඉස්සරහින් මතු උනේ දෙන්නටම මොකුත්ම හිතාගන්න වෙලාවක් තියන්නේ නැතුව.

"අම්මට $##$# $%$^$^"

සමන්තගෙන් එල්ල උන මාරාන්තික කිනිසි පහර කිහිපයකින් සචිනි කපාපු කෙහෙල් කදක් වගේ බිම පතිත වෙද්දී සිහිය එලව ගත්ත අකිල කකුල් දෙකේ විරිය අරන් දුවන්න පටන් ගත්තා.

"හිටපිය #$#@$%%^"

සමන්තට අකිලව අල්ලන්න උත්සාහ කලත් සාර්ථක උනේ නෑ. තවමත් පන අදින සචිනිගේ ලේ පිරුණු සිරුර දිහා මොහොතක් බලාගෙන හිටපු සමන්ත ලෙයින් පෙගිලා තිබුණු කිනිස්සත් බෑගයේ රුවාගෙනම එතනින් පිට උනා...............

ප.ලි.

තවත් එක ආදර කතාවක් නොවුණු ආදර කතාවක අවසානය. නමුත් මෙය එක්තරා කතාවක අවසානයක්ම නොවේ. තවත් කතා දහස් ගණනක ඇරඹුමක්ම පමණි.......

ප.ප.ලි.

(නිසන්සලාට සමන්තව ආයේ සෙට් කිරීමට උත්සාහ කරනවා යයි විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට අදහස් කරගෙන සිටි ගැහැණු ළමයි ටිකේ සහ කතාව ගලායාමේ ඉදිරිය පිළිබද එක් එක් උපකල්පන ඉදිරිපත් කල අයගේ බලාපොරොත්තු කඩවීම පිළිබද මගේ බලවත් මෙව්වා එක මෙයින් ප්‍රකාශ කර සිටිමි. :P කිලෝමීටර් නැති පිස්සෙකු වීම නිසාවෙන්ම නැවත හෙට හෝ අනිද්දා වන තුරු අන්තර්ජංජාලයේ සැරි සැරීමට කාලවේලාව අහිමි වී ඇති බැවින් කතාව පිලිබදව හිතට නැගුනු අදහස් සියල්ලම කොමෙන්ටුවක් ලෙස දමා යන මෙන් සැමගෙන් ඉල්ලා සිටිමි. සම්පුර්ණ කතාවම ඉක්මනින් ඉල්ලා කල උද්ගෝෂණයන් නිසාවෙන් කතාව තුල වූ බොහොමයක් දර්ශන ඉවත් කොට ඇති බව කරුණාවෙන් සලකන්න. නැවත ජන්ජාල ගතවූ දිනක සියලුම පුරශ්ණ සදහා පිළිතුරු ලැබෙනවා ඇත. ජය වේවා!!!!!)

Monday, June 18, 2012

තවත් එක ආදර කතාවක් නොවේ.....

(බ්ලොග් අවකාශේ හැමෝම ලියන ආදර කතා එක්ක අහපු දැකපු පොඩි පොඩි සත්‍ය සිද්දීන් කිහිපයක එකතුවක් විදියට ලියන්න පටන් ගත්ත පුංචි කතාවක්. හැමදේම සිද්ද වෙන්නේ ආදරේ නිසා උනාට මේ කතාව තවත් එක ආදර කතාවක් නම් නොවේවි. කොච්චර එපා කිව්වත් 18 + කිව්වත් පොඩි බබාලා එහෙං මෙහෙන් ඔලුව දාලා බලන නිසාම මේ කතාවේ ඒ වගේ දර්ශන බොහෝ දුරට සිමා කිරීමට උත්සාහ ගෙන ඇති බව කරුණාවෙන් සලකන්න. ඔන්න මම කලින් කිව්වේ නෑ කියලා නම් කියන්න එපා.)


වෙලාව රෑ අටට අටහමාරට විතර ඇති. පාලුවට යන නගරයේ වගේම පොලිස් ස්ථානය ඇතුලෙත් රාජකාරි කරන නිලධාරින් කිහිප දෙනා ඇරුනාම වැඩිය කවුරුවත් පේන්න හිටියේ නැහැ. හෙමින් හෙමින් පොලිස් ස්ථානයට ආව සමන්ත ස්ථානාධිපති තුමාගේ කාමරයේ භාග දොරපලු දෙක තල්ලු කරගෙන කාමරේට ඇතුල් උනා. මේසය ලග වාඩි වෙලා රාජකාරියේ නිරතවෙලා හිටපු නිලධාරියා ඔලුව උස්සලා බැලුවා.


"ඇයි තමුන් මොකද?"


"මම මගේ ගෑනිව මැරුවා සර්" 


සමන්ත කතා කරන්න පටන් ගත්තේ මෙච්චර වෙලා බෑග් එකේ හංගගෙන හිටපු ලේ තැවරුණ කිනිස්ස එලියට අදින ගමන් .


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


ඇගිලි දෙක අතරේ දැල්වෙන සිගරට්ටුව දෙතොලේ හිර කර ගන්න අතරේ සමන්තගේ මතකය දුවලා ගියේ නිසන්සලාව මුණ ගැහිච්ච අන්තිම දවසට. එදා ගල්කිස්සේ මුහුදු වෙරළේදී මුණ ගැහෙනකොට අද නිසංසලාගේ මුහුණ දකින අන්තිම දවස වෙයි කියලා සමන්ත හීනෙකින් වත් හිතුවේ නෑ. අම්මල තාත්තලා ගේ ඉල්ලීමට රත්නපුර පැත්තේ මැණික් මුදලාලි කෙනෙක්ගේ පුතෙක් කසාද බදින්න ඕන කියලා එදා නිසංසලාගේ මුවින් පිටවුන වචන ටික හැමදාමත් සමන්තගේ මතක අතරේ හොල්මන් කළා.


"ඔයාට කියලා හරි හමන් රස්සාවක් නෑ. අම්මලා කියන දේකට කැමති වෙනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ. මට සමා වෙන්න සමන්ත."


ඒ මොහොත මතක වෙනකොට හැම වෙලාවේම වගේ හිත ඇතුලෙන් පුංචියට ඇවිලෙන්න පටන් ගන්න ගිනි දැල්ලක් මුළු ඇගම පුච්චගෙන යනවා වගේ දැනෙන්න පටන් ගත්තා.
මේ වෙනකොටත් භාගයක් විතර හිස් වෙලා තිබ්බ අරක්කු බෝතලේට කට තියාගෙනම උගුරු දෙක තුනක් බිලා දැම්මේ ශරිරේම පුච්චගෙන යන මහා ගිනිදැල්ල නිවා දාන්න හිතාගෙන.


අතේ තිබ්බ බෝතලේ පැත්තකින් තියලා කල්පනා කරන්න ගත්තේ නිසංසලා යන්න ගිය දවසේ ඉදන් ගෑනු කි දෙනෙක් තමන්ව සනසන්න ඇත්ද කියලා. හැම දෙයක්ම සල්ලි වලට විකිනෙන ලෝකේ සල්ලි වලින් මනින්න බෑ කියන ආදරේ ගැනත් ජිවිතේ ගැනත් මේ මොහොතේදී හිතේ තිබුනේ කලකිරීම මුසු වෙච්ච මහාම මහා හිස් බවක්....


"කොයි හු@## එකයි බැලුවම ##@@...."


තමන්ටම හිනාවෙන ගමන් මෙසේ උඩ තිබ්බ වීදුරුවේ ඉතුරු වෙලා තිබ්බ අන්තිම උගුරත් කටට හලාගෙන මෙච්චර වෙලා අතේ තිබ්බ සිගරට්ටුවත් අළු බදුනටම ඔබලා දාපු සමන්ත ඇදේ හාන්සි වෙලා ඇස් දෙක පියාගත්තේ හැම දෙයක්ම අමතක කරන්න හිතාගෙන.  


"ටක්, ටක්, ටක්"


ඇස් ඇරලා බැලුවේ  කවුරුන්ම හරි දොරට තට්ටු කරන හඩට 


"කමින් "


විවර උන දොරෙන් කාමරය ඇතුලට ආවේ ඉග සුග කැපිලා පේන්න ඇගටම හිර උන ඇදුමක් ඇදගත්ත නාඹර යුවතියක්. 


"ඕඕ මයි ස්වීට් ඒන්ජල්"


සමන්ත ඇදෙන් නැගිටලා ඇවිත් කරවටේ අතක් දාලා ඇය තමන්ට තුරුළු කර ගෙනම  බමන මතින් රාගී නෙතින් මොහොතක් ඇය දෙස ආසාවෙන් බලාගෙන ඉදලා කාමරේ දොර වහලා අගුලු දැම්මා......


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


නොලැබුන ආදරයක් වෙනුවෙන් සුරාවටයි ගෑනුන්ටයි මැදිවෙලා නන්නත්තාර වෙලා යන ජීවිතය පිලිබදව කිසිම හැගීමක් සමන්තට තිබුනේ නෑ. හම්බකරන හැම සතයක්ම පුච්චලා අළු කරලා විනාස කරලා දාලා විනාස වෙලා යන ජිවිතේ දිහා බලාගෙන උමතුවෙන් හිනා උනා. සමන්ත එක්ක ඉස්කෝලේ ඉදන්ම එකටම හිටපු හොදම යාලුවා උනේ අකිල. තමන්ගේ මිත්‍රයා ගේ විනාශය දිහා බලං ඉන්න බැරි කමටම අකිල  සමන්තව හොයාගෙන ආවා...


"මොකක්ද බං උඹ මේ කරගන්න හදන්නේ. කාගෙන්ද උඹ මේ පලි ගන්න හදන්නේ. එක ගෑනියෙක් ගියා කියලා මේ ලෝකේ ගෑනු නැතුවද බං. පිස්සු නටන්නේ නැතුව ගෙදර වරෙන් අම්මලා උඹ එනකම් බලාගෙන ඉන්නවා"


අකිල කියාගෙන කියාගෙන යනකොට සමන්ත හිනා උනා විතරයි


"උඹේ අම්ම තාත්තා උඹ ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙනද ඉන්නේ. තේරුම ගනින් බං. උඹට එක කෙල්ලෙක් නැති උනාට ජිවිතේ නැති උනේ නෑ නේ. මේ කොහෙවත් යන ගෑනියෙක් නිසා විනාස වෙන්න එපා බං"


අකිල දන්න හැම විදියටම කරුණු පැහැදිලි කරන්න උත්සාහ කළා. ඒත් සමන්තට වෙනස් වෙන්න කිසිම උවමනාවක් තිබුනේ නෑ. ඒත් අකිල කියපු හැම දෙයක්ම සාවදානව අහගෙන හිටියා.


"එදා නිසන්සලාට මාව එපා උනේ සල්ලි නැති නිසා. අද ඔය ගෑනු කිදෙනක් සල්ලි නිසා මාව හොයා ගෙන එනවද? මේ ලෝකේ සල්ලි වලට ගන්න බැරි දෙයක් නෑ බං. හැම මගුලම සල්ලි වලට යටයි. ඒ නිසා උඹ ගිහින් අම්මලාට කියපන් මම ලගදීම ගෙදර එනවා කියලා.   උඹ මා ගැන කරදර උනාට බොහොම ස්තුතියි මචං. ඒත් උඹ වත් මා ගැන කරදර වෙනවට මම කැමති නෑ. "


කියපු සමන්ත පිටවෙලා යන හැටි අකිල ඔහේ බලාගෙන හිටියේ තව මොනවා කිව්වත් තේරුම් ගන්න උවමනාවක් නැති තමන්ගේ මිත්‍රයා දිහා අනුකම්පාවෙන්. 


අම්ම තාත්ත දෙන්න තමන් ගැන කොයි තරම් බලාපොරොත්තු තියාගෙන ඉන්නවද කියලා සමන්ත හොදාකාරවම දන්නවා. ලෝකේ හැම දෙයක්ම නැති වෙලා යනකොට හැමෝටම හොරෙන් ගෙදරින් එලියට බැහැලා ආවෙත් තමන් ඇබ්බැහි වෙලා ඉන්න ජිවිතේ හැටියට තව දුරටත් ඒ අහිංසක අම්ම තාත්තගේ මුණ බලන්න තරම් ආත්ම ශක්තියක් හිතේ තිබුනේ නැති හින්දා. 


බොහොම අමාරුවෙන් හිතින් අමතක කරන්න හදන අම්ම තාත්තගේ බලාපොරොත්තු ගැන මතකයන් ආයෙත් මතක් කරපු එක ගැන අකිල ගැන ඇති උනේ කේන්තියක්. 138 බස් එකක නැගලා ඔලුව පුපුරන්න වගේ දැනෙන වේදනාවත් එක්ක අරමුණක් නැතුව ඉබාගාතේ ගිහින් අන්තිමට නතර උනේ කිරුලපන නුගේගොඩ අතරේ තිබ්බ සමන්තගේ සුපුරුදු නවාතැන්පලක...............


"ගුඩ් ඊව්නින්ග් සර් කාලෙකට පස්සේ " 


රිසෙප්ෂන් කවුන්ටරේ හිටපු ලස්සන ගෑනු ළමයා සමන්තව ආදරයෙන් පිළිගත්තා. 


"ඒක තමා. ලගදි එන්නත් බැරි උනා. අලුත් කවුරුවත් නැද්ද?"


"අලුත් ළමයෙක් නම් ඉන්නවා. දැන් නම් බිසී. අලුතෙන් ආවාම හැමෝම එයාවමනේ ඉල්ලන්නේ. මට ෆයිව් මිනිට්ස් දෙන්න එතකන් සර් රුම් එකට ගිහින්  චේන්ජ් එකක් දාගන්න මම එයාව එවන්නම්."


"අන්න එහෙමනේ ඉන්න ඕනේ රත්තරන් එහෙනම් මම යනවා රුම් එකට එයාව ඉක්මනට එවන්න. " 


සමන්ත එහෙම කියාගෙනම එතනින් පිට උනේ පිළිගැනීමේ කවුන්ටරේ හිටපු තරුණියගේ කොන්ඩෙන් ඇදලා එයාගේ කොන්ඩෙත් කඩලා දාලා.
කාමරයට ඇතුළු උන ගමන් සාක්කුවේ තිබුණු සිගරට්ටුවකුත් දල්වාගෙනම යහන මත ඉදගත්තා......





(එක දිගට ටයිප් කරන්න ගියාම එපා වෙනවා. කතාවත් මුලින් හිතුවට වඩා දිග වැඩි වේගෙන එනවා වගේ. තවත් කොටසක් හරි දෙකක් හරි ලියන්න වෙයි. එහෙනම් ඊලග කොටසින් ඉතුරු ටික. මේ කොටස කියවලා හිතෙන දේකුත් කියලම  යන්නකෝ. )





Wednesday, June 6, 2012

අවසානයක් නැති අපේ කතාව





මිට වසර කිහිපයකට පෙර ඉන්දීය මධ්‍යම රජය තම ඇගලුම් කර්මාන්තයේ වර්ධනය සදහා මහා පරිමාන ව්‍යාපෘතියක් ආරම්භ කළේය. එහි එක පියවරක් වුයේ දීර්ඝ ටෙලි නාට්‍ය මාලාවක් ආරම්භ කිරීමයි. ඉන්දීය නිෂ්පාදන ජනප්‍රිය කරලීම සදහාම ඒවායේ රගපෑ නළු නිලියන් සෑම දර්ශනයක් සදහාම අලුත්ම ඉන්දියන් විලාසිතා වලින් සැරසි රංගනයන් ඉදිරිපත් කළහ. ඇදුම් පැළදුම් වලට අමතරව එම නාට්‍යයන් වල භාවිතා කල සියලුම දේ ඉන්දියානු නිෂ්පාදන පමණක්ම විය.


මුලින්ම ඒවා නැරඹු ඉන්දියානු ගම්බද ජනතාව ඒවායේ පෙන්වූ නව විලාසිතා සොයා කඩවල් පිරූහ. දේශීය ඇගලුම් සදහා හොද වෙළදපලක් බිහි විය. රජයේ වැඩපිළිවල සාර්ථක විය. වැඩි කල් යන්නට පෙරාතුවම මෙම නාට්‍ය සෙට් එකම නැරබීමට අපටද අවස්තාව ලැබිණි. අපේ රුපවාහිනි නාලිකාවක් ඉන්දියාවේ එම වෙළද දැන්වීම් මුදල් ගෙවා මිලදී ගෙන සිංහලට හඩ කවා පුරා පැය දෙකක් තිස්සේ අපට පෙන්වනු ලැබිය. ඉන්දියානු ටෙලි නාට්‍ය උන්මාදය බෝ වූ අපේ ඇත්තෝ පැය දෙකක් පුරා රුපවාහිනිය ඉදිරි පිට වාඩිවී මහ ගෙදර මහා අවුල් නරඹා අපේ ගෙදරද මහා අවුල් ඇති කර ගත්තෝය. 


ඉතා ආදර්ශමත් කතා තේමාවන් තිබු එම නාට්‍ය වලින් අපට ලැබුන දේවල්ද බොහෝය. කිසිම ප්‍රශ්නයක් නොමැතිව සාමයෙන් ගෙදර සිටි නැන්දලා ලේලිලා විරසක විය. සහෝදරයන් අතර දේපල බෙදා නොගෙන බදාගෙන කෑම සදහා වූ අරගල දරුණු විය. සැමියාගේ හොදම යාලුවා සමග අනියම් සබදතාවයක් පවත්වාගෙන යාමේ සහ සැමියා ගොනාට ඇන්දීමේ පහසු මාවත් අපේ කාන්තාවන්ටත් දක්නට ලැබිණි.
එදා ඉන්දියාවේ ආදර්ශය ගෙන යුග ජීවිතය අති සාරථක අයුරින් පවත්වාගෙන යන බොහොමයක් දෙනා අදටත් සතුටින් ජිවත් වෙති.
මිට අමතරව ඉන්දියානු ඇගලුම් අපේ වෙලදපොලද දැඩි ලෙස ආක්‍රමණය කලෝය. අපේ කාන්තාවෝද ඉන්දියානු නවීන විලාසිතාවල සාරි සල්වාර් සොයා වෙළදපොළවල් පිරූහ. 


තවත් කාලයක් ගත විය. අපේ අය ඉන්දියන් මෙගා අත හැර අපේ මෙගා වලට පුරුදු විය. අපේ නළු නිළියන්ට දේශීය නිෂ්පාදනයෙන් වැඩක් නැත. ඔවුන්ට රගපෑම සදහා ඩුබායි බැංකොක් වලින් ගෙන ආ අලුත් විලාසිතා වල ඇදුම් ආයිත්තම් ලැබිණ. අපේ අය ඒ විලාසිතා වලට පිස්සු වැටින. ඒ පිස්සුව කොතෙක්ද කියතොත් සාමාන්‍ය ජනයා නොව නාට්‍ය වල රගපෑ නිලියෝත් රෙදි සාප්පු වලින් ඇදුම් හොරකම් කරන තත්වයටම පිස්සුව දරුණු විය. අපේ කතාද අති සාර්ථකය. පලවෙනි කොටස් නරඹා මාස ගානකින් පසු සිය වෙනි කොටස නැරඹු විට කතාව කුමක්ද යන්න හොද හැටි වටහා ගැනීමට හැක. 


දැන් ටෙලි නාට්‍ය කතා ඇතිය. අපේ කට්ටිය පඩි වැඩි කරනු කියා ලිප්ටන් වට රවුම අසලට වී කෑ මොර දෙයි. ඒත් අපේ නිෂ්පාදන ක්‍රියාවලිය එක තැනමය. තේ පොල් රබර් ටික වත් අපට නැති උනා නම් අපට අබ සරණය. දැන් පැපොල් ගෙඩියේ සිට ඇපල් ගෙඩිය දක්වා හැම මගුලක්ම ගෙන්නන්නේ පිට රටිනි. නිෂ්පාදනය එක තැනම තිබියදී පඩි වැඩි කල යුත්තේ මුදල් අච්චු ගැසිමෙන්ය. ඉන් පසුව උද්දමනය වැඩිවී සිම්බාබ්වේ මෙන් පාන් ගෙඩියක් ගෙන ඒමට සල්ලි විල්බැරෝවක් අවශ්‍ය වේය. අපේ රටේ නිෂ්පාදන වලටද ඇත්තේ කුඩම්මාගේ සැලකිලිය. කවරකු හෝ දේශීයව කසිප්පු පෙරුවොත් ඌ පොලිස් කුඩුවේය. පිට රට අරක්කු විකුණන එකා මහා නායක හිමියන්ට බෙන්ස් කාර් පුජා කොට ලබන ආත්මෙත් සුර ලොව යන්නට පෙරුම් පුරනවාය. 


එහෙත් කසිප්පු වලට ඇති ඉල්ලුම නැති කල නොහැක. රජයක් විසින් කල යුත්තේ කසිප්පු වෙනුවට රට අරක්කු විකිණීම නොවේ. දේශීය මත්පැන් සදහාද ප්‍රමිතියක් හදුන්වා දීමය. මෙය ලීවා කියා උපාසක මහත්වරුන් මට බනින්නට උවමනාවක් නැත. මට පැවසීමට උවමනා උනේ ජාතික ප්‍රතිපත්තියක් තුලින් දේශීය නිෂ්පාදන වැඩි නොකර පඩි වැඩි කිරීමට කෑ ගැසීම තුලින් මේ රට නැගිටුවීමට ඉන්නා ආණ්ඩුවට තබා ජනතාවගේ කුසගින්න ගැන කෑ ගසන බලයට කවරකු ආවත් හැකියාවක් නොමැති බවය. ආණ්ඩුවෙන් මෑතකදී ආරම්භ කල දිවි නැගුම වැඩ පිලිවල හොදය. නමුත් එයටද හරි හමන් සැලසුමක් නැත. ගොවීන්ගේ වගාවන්ගේ අස්වැන්න සරු සාරය. නමුත් ඒවා අලවිය සදහා නිසි සැලසුමක් නැත. ගොවීන්ගේ එළවලු කුණු ගොඩවල් වලය. දියර කිරි කුණු කානු දිගේ ගලා යනවාය.  


බලයට ඒමට පෙර සියල්ලෝම පවසන්නේ තමන් දුෂණය නැති කර ජනතාවට සහන සලසන බවයි. වේදිකාවේදී කොතරම් කෑගැසුවත් ප්‍රායෝගික තත්වයේදී එය කල හැකිද නැද්ද යන්න කෑගසන සියල්ලෝ නොදන්නවා නොවේ. බලය ලැබුන පසු ඔවුන්ටද සිදු වන්නේ පැරණි නරාවලටම බැසිමටය. ගොඩ ඒමට මාර්ගයක් නැත. සියලුම කෑ ගැසීම් බලය ලබා ගන්නා තුරු පමණි. මන්ද සියල්ලන්ටම ජනතාවගේ කුස ගින්න දැනෙනුයේ විපක්ෂයේ ඉන්නා තාක් කල් පමනක්ම නිසාවෙනි.........

Tuesday, May 22, 2012

බ්ලොග් ලෝකෙට ලගදි පැමිණි සහ පැමිණීමට බලාපොරොත්තු වන හුදී ජන හිත සුව පිණිසමය ....

මේ දවස් වල බ්ලොග් අවකාසේට අලුතෙන් එන පිරිස වෙනදට වඩා වැඩියි කියලා මට හිතෙනවා. අලුත් බ්ලොග් ගොඩාක් ෆලෝ කළා මේ දවස් ටිකේ. මේ විදියට අලුතෙන් බ්ලොග් අවකාශෙට එකතු වෙච්ච ගොඩක් දෙනෙක් මුහුණු පොතේ එහෙම චැට් වලට සෙට් වෙන කොට එක එක ප්‍රශ්න අහනවා මේ බ්ලොග් අවකාසේ ගැන. සින්ඩි ගැන එහෙම. බ්ලොග් කියන එක ගැන මෙලෝ දෙයක් නොදැන මමත් බ්ලොග් අවකාශෙට ආව හින්දා අපිට ගොඩක් වැදගත් වෙන සින්ඩි වල, සිංහල ටයිප් කරන සිංහල ගන්න හැටි ගැන තියෙන ලින්ක් ටිකක් මම වර්ඩ් ඩොකියිමන්ට් එකක වෙනමම තියාගෙනයි හිටියේ. මේකේ ඉන්න වැඩ කාරයන්ට නම් මේවා විහිලු වගේ වෙන්න පුළුවන්. ඒත් මේ ටික හොයා ගන්නත් මට මාස දහයක් විතර බ්ලොග් අවකාසේ සැරිසරන්න උනා. මම වගේ පැත්තකම ඉදලා එක පාරට බ්ලොග් අවකාසේට ආව බ්ලොග් ගැන මෙලෝ දෙයක් නොදන්න අයට වැදගත් වෙයි කියලා හිතුන නිසාම මං එකතු කරගෙන තියාගන හිටපු ලින්ක් ටික ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. අලුතින් බ්ලොග් අවකාශෙට එකතු වෙන අයට වගේම දැනටත් බ්ලොග් අවකාශයේ ඉන්න අයටත් මේ ටික වැදගත් වෙයි කියලා හිතුන හින්දා. 


සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න ඕන නම් මුලින්ම තමන්ගේ පරිගණකයට සිංහල යුනිකෝඩ් ස්ථාපනය කර ගන්න ඕන. ඔයාලගේ පරිගණකයේ සිංහල නැත්තම මෙතනට ගිහින් යුනිකෝඩ් ස්ථාපනය කර ගන්න පුළුවන්. අපි ඊළගට බලමු සිංහල ටයිප් කරන්නේ කොහොමද කියන එක. සම්මත විජේසේකර යතුරු පුවරුව භාවිතයෙන් වගේම සිංග්ලිෂ් වලින් ටයිප් කරන අකුරු සිංහලට හරවන කන්වටර් මගිනුත් අපට සිංහල අකුරු ටයිප් කරගන්න පුළුවන්


මම නම් පාවිච්චි කරන්නේ ගුගල් දෙයියෝ අපට දුන්න ගුගල් ට්‍රාන්ස්ලේෂන් තමා. ඔය ලින්ක් ඒකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගෙන සිංග්ලිෂ් වලින් එස් එම් එස් කොටනවා වගේ සිංහල කොටන්න පුළුවන් ඒකෙන්.  

SI සිලෙක්ට් කරලා කොටන්න සිංහල 

ඊට පස්සේ සිංහල සහය ඇති නැති ඕනෑම පරිගණකයකින් බ්ලොග් එක කියවන්න පුළුවන් විජෙට්ටුව බ්ලොග් එකට සවි කරගන්න එක මෙතනින් ගිහින් කරගන්න පුළුවන් 



බ්ලොග් එක ප්‍රමෝට් කරගන්න අපේ බ්ලොග් එක සින්ඩි වලට ඇතුලත් කර ගන්න ඕනේ ඒකට පල්ලෙහා තියෙන ලින්ක් වලින් ඒ ඒ සින්ඩි වලට ගිහිල්ලා බ්ලොග් එක සින්ඩි වලට ඇතුලත් කරන්න පුළුවන් 

මාතලන් සින්ඩියට                                                                        


අඹ ගහ යටට                                                                                 


සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය                                                   


ලාංකීය සිතුවිලි                                                                               


මිට අමතරව මුහුණු පොතේ පවත්වාගෙන යන සින්ඩි කිහිපයකුත් තියෙනවා 




මේ විදියට බ්ලොග් එකක් සින්ඩි වලට ඇතුලත් කරනකොට RSS ලිපිනයක් ඉල්ලනවා. මේ කියන RSS ලිපිනය ගැන දැනගන්න මෙතනින් ගිහින් පුළුවන් 

මුහුණු පොතේ සිංහල බ්ලොග්කරුවන් විසින් පවත්වා ගෙන යන ගෘප් කිහිපයක ලින්ක් පහලින් 











බ්ලොග් කියවන ගමන් අහන්න බ්ලොග් කරුවන්ගේ රේඩියෝව බස් රේඩියෝ. කියවන්න ඔවුන්ගේ බ්ලොග් අඩවිය



ඊළගට කමෙන්ට් එකක් විදියට ලින්ක් එකක් දානකොට ඒක අදාළ වචනයට ලින්ක් එක ලැබෙන විදියට දාන ක්‍රමය. මේකට ටිකක් මහන්සි වෙලා පොඩි කෝඩ් කෑල්ලක් ලියන්න වෙනවා. මෙන්න ඒ කෝඩ් එකත් 


<a href="අදාල ලින්ක් එක දෙන්න">ලින්ක් වෙන්න ඕනෙ වවනෙ</a> 

උදාහරණයක් විදියට රෙප් මහත්තයා කියන වචනෙට මේ බ්ලොග් එකේ ලින්ක් එක දෙන්න ඕන නම් මෙහෙමයි කරන්න ඕනේ 

 <a href="http://ape-ambalama.blogspot.com/">රෙප් මහත්තයා</a>


නිකම්ම ලින්ක් එකක් විදියට කමෙන්ට් එක දානවට වඩා ටිකක් මහන්සි වෙන්න උනත් වැඩේ කොලිටියක් තියෙනවා.

දැනට මට මතකෙට එන්නේ ඔච්චරයි. මෙතන නැති සින්ඩි ගෘප් එහෙම තවත් ඇති. මේ තියෙන්නේ මගේ ලග දැනට තියෙන ලින්ක් ටිකක් විතරයි. බ්ලොග් ලියන කියවන අයට තවත් වැදගත් කියන දේවල් මේකට එකතු වෙන්න ඕන නම් බ්ලොග් ලියන කියවන හුදී ජන හිත සුව පිණිස පහලින් කමෙන්ට් විදියට එකක් දාන්න කියල ඉල්ලන ගමන් රෙපා මාරු උනා.  හැමෝටම ජය වේවා !!!!!


ප.ලි : අමතක වෙලා තිබ්බ දාන්නම ඕන එකක්. තමයි කමෙන්ට් වලට දාපු වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරන හැටි. බ්ලොග් කරුවෙකුට කමෙන්ටුවක් ගොඩාක් වටිනවා. ඒත් පෝස්ට් එක කියවලා කමෙන්ට් එකක් කොටලා පබ්ලිෂ් කරනකොට වර්ඩ් වෙරිෆිකේෂන් එකකුත් එනකොට කමෙන්ට් ඕන නෑ කියලා දමලා ගහලා යන්න තමයි හිතෙන්නේ. ඒ නිසා බ්ලොග් එකේ කමෙන්ට් දානකොට වර්ඩ් වෙරිෆිකේෂන් එකක් එනවා නම් මේ විදියට කරන්න.


මුලින්ම ඩෑෂ් බෝඩ් එකේ තියෙන සෙටින්ග්ස් වලට යන්න.


ඒකෙ තියෙනවා පොස්ට් ඇන්ඩ් කමෙට්ස් කියල තැනක්. එතනට ගිහින් ෂෝ වර්ඩ් වෙරිෆිකේෂන් කියන තැනට නෝ කියල දෙන්න ඊට පස්සේ සේව් සෙටින්ග්ස්.

මෙන්න මේ පින්තුරේ විදියට .







Tuesday, May 8, 2012

තවත් කෙනෙකුහේ හිතක් කියවමුද 3 කොටස



කලින් ඒවා කියෙව්වේ නැත්තම් කියවලම එන්න 


01 කොටසට


02 කොටසට


කලින් කොටසේදී මම කිව්වා කෙනෙකුගේ හිතක් අවබෝධ කර ගන්න ඕන කරන තවත් රීතින් කිහිපයක් ගැනත් කියනවා කියලා. මේ තියෙන්නේ ඒ කියන රීතීන් ටිකක් සරලව.


01 රීතිය
සාමාන්‍යයෙන් ඔහුගේ හෝ ඇයගෙන් පෙන්නුම් කරන සලකුණු එකක් හෝ කිහිපයක් එකතු කරලා ඒ පිලිබදව අදහසක් ලබා ගන්න වෙනවා. මෙතැනදී වැදගත් වන්නේ යම්කිසි ප්‍රධාන ලක්ෂණයකට අනිත් කරුණු එකතු කරගන්නේ කොහොමද කියන කාරණය. උදාහරණයක් විදියට කෙනෙකුගේ මුවින් නිතරම පිටවෙන වචන වලට ඔහුට නොදැනුවත්වම පිටවෙන වචන එකතු කිරීමෙන් ඔහුගේ හිතේ බලපවත්වන අදහස් පිළිබද දල අදහසක් ගන්න පුළුවන්


02 රීතිය
කෙනෙකුගේ මුවින් නිතරම යම් වචනයක් හෝ කිහිපයක් පිටවේ නම් ඒ ඔහුගේ හිතේ දැඩිව බලපැවැත්වෙන අදහසක් ලෙස සිතන්න. මොකද කියනවා නම් කෙනෙකුගේ හිතේ ඇති අභ්‍යන්තර අදහසක් නොවන දෙයක් නිරන්තරයෙන් මුවින් පිටවෙන්නේ කලාතුරකින්. 


03 රීතිය
කෙනෙකුගේ හැසිරීම කැමැත්තේ හෝ විරෝධයේ බාහිර සඥාවන් බව සිතන්න. කෙනෙක් වඩාත් ලං වීමට උත්සාහ කරනවා නම් එය උණුසුම් හිතවත් බවක් මෙන්ම ආදරයේ සලකුණක්. යමෙක් ඔබෙන් ඈත් වෙනවා නම් ඒ නුරුස්සනා බවෙහි හෝ විරෝදයේ සලකුණක්. 
නමුත් කෙනෙක් තමන්ගේ හිතේ බලපවත්වන රහස් අදහස් සගවන්න උත්සාහ කරන්නට උත්සාහ ගන්නවා නම් සිතින් ඔහුට ලං වීමේ දැඩි උවමනාවක් පැවතුනත් අදාළ පුද්ගලයා කෙරෙහි තම සිත තුල කිසිදු අදහසක් නොමැති බව පෙන්වීමට උත්සාහ කරන අවස්තාවන් දැක ගන්න පුළුවන්. 
කෙනෙකු අසාමාන්‍ය ලෙස ඔබ ගෙන් සැගවී සිටීමට උත්සාහ දැරීම. අහම්බෙන් හෝ මුණ ගැසුණු විට මුහුණ සගවාගන යාමට උත්සාහ කිරීම දෑස් මග හැරීමට තැත් කිරීම මේ කියන රෝග තත්වයේ ලක්ෂණ තමා. නමුත් ඔහුගේ හෝ ඇයගේ සිතේ දැඩිව බලපවත්වන්නේ මෙහි ප්‍රතිවිරුද්ද අදහස නිසාම ඔය ලක්ෂණ සියල්ල තාවකාලිකයි කියලා තමයි කියන්න වෙන්නේ


04 රීතිය
නිශ්ශබ්දතාවය කියන්නේ රහස් වල විශේෂ ලක්ෂණයක් බව සිතන්න. නිශ්ශ්බදතාවය කෙනෙකුගේ සිතේ බලපවත්වන ගුප්ත අදහස් හෙළි කරනවා. කතාවක් අතර තුර කෙනෙක් ඒක වරම නිහඩ උනොත් ඔහු තම සිත තුල පවතින අදහසක් වෙනස් කිරීමට උත්සාහ කරනවා කියලා තමයි හිතන්න වෙන්නේ. එය බොහෝ විට තමන් දැඩිව ආදරය කරන කෙනෙකු සම්බන්ද දෙයක් වෙන්න පුළුවන්. ඒ සම්බන්දව යමක් ප්‍රකාශ කිරීමෙන් කරදරයකට පත වෙන්න වෙයි කියන බිය කියන සිතුවිල්ල තමයි මෙයට බොහෝ දුරට හේතුව.


ඒ වගේම සිරිතක් විදියට නිතරම කසු කුසු කතාවෙහි නියත අය නුරුස්නාවන් සහ සදොස් අදහස් හිතේ හංගාගන තියා ගන ඉන්න අය කියලයි කියන්නේ.


05 රීතිය
කෙනෙකුගේ අදහස් දැන ගන්න හොදම දෙය තමයි ඔහුගේ ඉරියව්. බියට පත් දුකට පත් අය නිතරම හැකිලුනු ඉරියව් සහිතව සිටින අතර ප්‍රීතිමත් පුද්ගලයන් ක්‍රීඩාශීලි විනෝදාත්මක ඉරියව් වලින් යුක්තව ඉන්නවා දකින්න පුළුවන්


06 රීතිය
අවධාරනාත්මක සලකුණු නිතරම එහි විරුද්ද පැත්ත ලෙස සලකන්න
ප්‍රේම සම්බන්දයක් සම්බන්දයෙන් නිරන්තරයෙන් කයිවාරු ගසන්නෙක් නියත වශයෙන්ම කැඩුන ප්‍රේම සම්බන්දතා ඇති අයෙක් ලෙසයි හිතන්න වෙන්නේ. ක්‍රියාශීලි ගැහැනියක් කියන්නේ බොහෝ දුරට හුදකලාවූ හෝ අන්‍යයන්ගේ ප්‍රේමයට බදුන් නොවූ තැනැත්තියක්. හාස්‍යය සදහා ඕනෑම ලජ්ජා නැති වැඩක් කිරීමට ඉදිරිපත් වන අය බලවත් දුකක් වේදනාවකින් තදින්ම හිතේ යටපත් කර ගත්ත අය කියල තමයි හිතන්න වෙන්නේ.


මේ කියල තියෙන රීතින් මාර්ගයෙන් ඔබට නොවරදින සුළු සිත් කියවන්නෙකු වීමට හැකි වේ යයි කියල හිතන්න එපා. එහෙත් බොහෝ දෙනෙකු තුල බලපවත්වන හැගීම සෑහෙන දුරකට අවබෝද කර ගන්න මේ රීති සහය වෙන්න පුළුවන්. එහෙම නම් කට්ටිය දැන් මේක හොදට කියවලා මේ කරුණු කාරනා වලින් වෙන අයගේ හිත් කියවලා ගුණ අගුණ කියන්නකෝ .....................


(කුණ්ඩලිනි ගැන ලියාගන යන ලිපි මාලාව ටිකක් පරක්කු වෙන එක ගැන ගණන් ගන්න එපා. මේ විභාගේ අස්සේ අලුත් ලිපි ලියවෙනවා අඩුයි ලියලා draft වල සේව් කරලා තියෙන ටික දාන එක තමා මේ දවස් වල කරන්නේ . අලුතින් ලියන එව්වා ඉතින් විභාගෙන් පස්සේ තමා සොරි වේවා...........)

Thursday, May 3, 2012

තවත් කෙනෙකුගේ හිතක් කියවමුද?





ඔන්න අදත් එහෙම නම් රෙපාගෙන් කට්ටියටම වැදගත් වෙන කාරණයක් සම්බන්දයෙන් තවත් ලිපියක්. අද කියන්න යන්නේ පරචිත්ත විජායනය එහෙමත් නැත්තම් වෙනත් කෙනෙකුගේ හිතේ තියෙන දෙයක් දැනගන්නා ක්‍රමය ගැන. මේ කුණ්ඩලිනි හොයාගෙන ගිය ගමනේ දී හම්බ උන අතුරු ඵලයක්. අතුරු ඵලය උනත් තනියෙන් කන්නේ නැතුව බෙදාගෙන කන ඒක හොද හින්ද ඔන්‍න‍ මේ ටිකත් බ්ලොග් එකේම දැම්ම. මේ දේවල් ගැන අපි එච්චර උනන්දුවක් දැක්වුවේ නැති උනාට මේක ඔය සාස්තර කියන පේන බලන ගොඩාක් අය අනුගමනය කරන සිස්ටම් එකක්. මේ කියන කාරනා වලින් 100 % ක්ම අනුන්ගේ හිතේ තියෙන දෙයක් ගැන දැන ගන්න බැරි උනත් බොහෝ දුරට කෙනෙකුගේ හිතේ වැඩ කරන්නේ මොනවගේ දේවල්ද කියන කාරණය ගැන කියන්න පුළුවන්. ඔන්න එහෙනම් ඉතිං අද ඉදන් කට්ටිය හොරෙන් හොරෙන් ඔය එක එක දේවල් ගැන හිතුවත් හමාරයි කියලම හිතාගෙන ඉතුරු ටික කියවන්නකෝ......


මෙතන තියෙන්නේ මම හොයාගත්ත දේවල් එහෙම නෙවෙයි. මිනිස් සිතේ හැසිරීම පිලිබදව අධ්‍යයනය කරපු  මනෝ විද්‍යාඥයන් නවීන විද්‍යාව අනුව හොයා ගෙන ඉදිරිපත් කරපු කරුණු කාරනා ටිකක්. ඔන්න  කට්ටියම මේක කියවලා කැමති කෙනෙකුගේ හිතක් කියවලා චෙක් කොරලා බලන්නකෝ මේ සිස්ටම් එක හරිද කියලා.....


ඕනෙම කෙනෙකුගේ හිතේ පහල වෙන සිතුවිලි ඔහුගේ හෝ අයගේ බාහිර ගති ලක්ෂණ වලින් ඉදිරිපත් වෙනවා බොහෝ දුරට. මනසට කෝපානුකුල හැගීමක් ඇති උන විගස නොදනිම අත මිට මෙලවීම, දැඩි සන්තෝසයක් දැනුන විගස තනියම හිනාවීම වගේ දේවල් බොහෝ දුරට අපේ පාලනයෙන් තොරවම සිද්ද වෙන දේවල් විදියට පෙන්නන්න පුළුවන්. කෙනෙක් මේ හැගීම් සගවන්න උත්සාහ කලත් මේ සම්බන්දව අධ්‍යයනය කරපු කෙනෙකුට බොහෝ වෙලාවට මුහුණේ මාංශ පේශිවල වෙනස් වීම මගින් සිදුවන ඉරියව් වෙනස් වීම මගින් හිතේ ඇති වෙන හැගීම සම්බන්දව අදහසක් ගන්න පුළුවන් කම තියෙනවා.


ආදර සම්බන්ධතාවයන්ට සුදානමින් සිටින කාන්තාවක් මේ සම්බන්දයෙන් ලක්ෂණ දුසිම් ගානක් ඉදිරිපත් කරනවා කියල තමයි මානසික විද්‍යාඥයන් කියන්නේ. තමන්ගේ සිත් ගත් පුරුෂයා දෙස දීර්ඝ වෙලාවක් එක දිගට බලා සිටීම, ජනාකීර්ණ ස්ථානයක තම සිත් ගත් පුද්ගලයා සිටි නම් අහඹු සිදුවීමක් ලෙස පෙනෙන පරිදි සිරුරේ හැපීම, හිද ගෙන සිටින විට ලිහිල් ලෙස දෙපා විහිදා සිටීම, කෙනෙකුගේ අතක තම අතේ ගෑවුන විට වහා අත ඉවතට ඇද ගැනීම, පිරිසක් සමග කතා කරන විට ඔවුන්ගේ බැල්මට හසු නොවන පරිදි ඉවත බලා කතා කිරීම, සිය ඇදුම වලින් තම සිරුර මනාව ආවරණය වී පවතින්නේදැයි නිරන්තරවම පරික්ෂා කිරීම මේවාට උදාහරණ විදියට පෙන්නලා දෙන්න පුළුවන්. 


මේ වගේ හැසිරෙන කාන්තාවන් සමග කෙලින්ම ආදර සම්බන්ධතා පවත්වාගන යන්න ආරාධනා කරන්න ගිහින් මොනවා හරි අකරතැබ්බයක් උනොත් මේ රෙපාව නම් ඔව්වට අල්ල ගන්න එපා. මොකද එක බාහිර සලකුණක් කියන්නේ මේ පිළිබද නොවරදින සලකුණක් විදියට හිතන එක සුදුසු වෙන්නේ නැති හින්දා..


තවත් කෙනෙකුගේ හිතක් දැනගන්න ඕන කරන කාරනා වලට ප්‍රධාන වශයෙන් තවත් සලකුණු කිහිපයක්ම පෙන්වලා දෙන්න පුළුවන්. මිට අමතරව සිතේ ක්‍රියාකාරිත්වය පිළිබද රීතින් ගැනත් දැන ගන්න වෙනවා.


සිතේ ඇතිවෙන හැගීම් දැන ගන්න ඕන කරන ප්‍රධානතම සලකුණු විදියට 


01. ඇස් මගින් ලබා දෙන සලකුණු.
02. වෙව්ලීම
03.දැඩි නොසන්සුන් බව
04.ගොත ගැසීම
05.අමතක වීම
06.හදිසි කෝපය
07.වචන නැවත නැවත කීම
08.ඉබේ කටින් පිටවෙන වචන


වගේ දේවල් පෙන්නන්න පුළුවන්.


මිට අමතරව මේ කියපු සලකුණු වලින් කියන දේවල් අවබෝධ කර ගන්න තවත් රීතින් කිහිපයකුත් භාවිතා කරන්න වෙනවා. මේ ලක්ෂණ අදාළ රීතින් සමග ගැලපීම තුලින් යම් කෙනෙක්ගේ සිතේ ඇතිවෙන හැගීම් පිලිබදව සෑම දෙයක්ම නිසි ආකාරයෙන් වටහා ගන්න නොහැකි උනත් ඒ පිලිබදව දල අවබෝදයක් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. මෙව්වා ඒක දිගටම ටයිප් කරගන යන්නත් කම්මැලියි අප්පා. මේ කියපු චරිත ලක්ෂණ සහ රීතින් පිලිබදව තව දුරටත් දැන ගන්න ඔයාලට උවමනාවක් තියේ නම් කමෙන්ට් කරන එක තමා කරන්න ඕනේ. ඔන්න එහෙනම් අදට අපි ගියා......

Sunday, April 29, 2012

කුණ්ඩලිණි සොයා ගියෙමි 4 කොටස


කලින් ලිපි කියෙව්වේ නැත්තම් කියවලාම එන්න 

01 කොටසට
02 කොටසට
03 කොටසට
අද එතන සිට


මේ ලිපි පෙළ කියවගන යන ගොඩාක් දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි කොහොමද අපි මේ කුණ්ඩලිණි කියන මහා ශක්තිය අවදි කර ගන්නේ කියන එක. මම මේ ලිපි පෙළ පටන් ගන්න කොටම කිව්වා කුණ්ඩලිණි ශක්තිය තියෙන්නේ පේ ශරීරය ඇතුලේ දරන ගහගන නිදාගන ඉන්න සර්පයෙක් වගේ කියලා. ඉතින් නිදාගන ඉන්න සර්පයෙක් අවදි කර ගන්න ඕන නම් අපි කරන්න ඕනේ ඒ සර්පයාට පහර දෙන එක. මේ කියන කුණ්ඩලිණි සර්පයා අවදි කර ගන්න ඕන නම් අපිට ඔහුට පහර දෙන්න වෙනවා අපේ මුළු ශක්තියම යොදලා හැම පැත්තෙන්ම. මම කලින් ලිපියෙත් කියල තිබ්බ අපේ හැම දෙයක්ම කිසිම දෙයක් ඉතිරි කර ගන්නේ නැතුව මේකට ඔට්ටුවට දාන්න වෙනවා කියන එක. මේකට අපේ තියෙන සියලුම ශක්තිය යොදන්න ඕන මොකටද කියන එක මේ ලිපියේදී ඔයාලට පැහැදිලි වේවි කියලා මම හිතනවා.


කොහොමද ඉතින් අපි මේ කියන සර්පයාට පහර දෙන්නේ. ඒ කාරනාව සිද්ද වෙන්නේ භාවනාවේදී. භාවනාව සදහා අපි තුල තියෙන ඔක්කොම ශක්තිය යොදවන්න වෙනවා කිසිම දෙයක් අතේ ඉතිරි කර ගන්නේම නැතුව.


ඊළගට ඔබ අහන ප්‍රශ්නයක් තමයි මේ ශක්තිය අවධි කර ගන්න ඕන නම් කොච්චර කාලයක් භාවනාවේ යෙදෙන්න ඕනද කියන කාරණය. කුණ්ඩලිණි උගන්නන්න ක්ලාස් වල වගේ මාස හයෙන් හතෙන් මේක අවදි කර ගන්න පුලුවන්ද කියන ප්‍රශ්නය


කවුරු හරි කෙනෙක් කියනවා නම් ඔහුට භාවනාවට ඇතුල් වෙන්න දවසක්, මාසයක්, අවුරුද්දක් ගතවුනා කියල ඔහු වැරදියි. මොකද යම් කිසි කෙනෙක් භාවනාවට ඇතුළු උනොත් කාලය කියන දෙය ඔහුට අදාළ නෑ. භාවනාව කාලය අභිබවා යනවා. භාවනාව තියෙන්නේ කාලයට ඔබ්බෙන්.


හිතන්න මද්‍ය ලක්ෂයක් සහිත වෘත්තයක් ගැන. ඔබ පරිධියේ ගමන් කරන තාක් කල් කිසිදා මද්‍ය ලක්ෂයට ගමන් කරන්න ලැබෙන්නේ නෑ. ඔබ අවුරුදු ගානක් කොයි තරම් වේගයකින් පරිධිය දිගේ ගමන් කලත් මාධ්‍ය ලක්ෂයට පැමිණෙන්න ලැබෙන්නේ නෑ. පිම්මක් පනින්නේ නැතිව. භාවනාවත් ඒ වගේ තමයි.  ඔබට අවුරුදු ගණනාවක් උවත් භාවනාව වටේ යන්න පුළුවන්. නමුත් එයට ඇතුළු වෙන්න නම් ඔබට බොහෝ දේ කැප කරමින් ලොකු පිම්මක් ගන්න සිද්ද වෙනවා.


මේ කියන්න යන කාරණය තේරුම් ගන්න අපහසු ඇති. මෙතැනදී අපි තේරුම ගන්න ඕන කාරණය තමයි කාලය කියන දේ අපේ දුක කියන කාරණයත් එක්ක ඉතාම සමීප සම්බන්දයක් තියෙනවා කියන එක. ඇත්තම කිව්වොත් දුක කාලය කියන්නේ සමාන වචන දෙකක්. ප්‍රමෝදයට සතුටට කාලය අදාළ වෙන්නේ නෑ. කාලය කියලා කියන්නේ දුක මනින මිනුම් ඒකකයක්. ඔයාලට මේක හොදටම තේරුම ගන්න උදාහරණයක් මගින්ම කියන්නම්.


ඔබේ පවුලේ ඔබේ සමීප හිතවතෙක් මරණ මංචකයේ පසු වෙනවා නම්, ඔහුගේ අවසානය ලගා වෙන තුරු බලා ඉන්නවා නම්, එය රාත්‍රියක් නම් ඒ රාත්‍රිය කොයි තරම් නම් දිගුද? බිත්තියේ එල්ලලා තියෙන ඔරලෝසුවට, කැලැන්ඩරයට ඒකෙ වෙනසක් නැති උනාට මේ මොහොතේ පන අදිමින් ඉන්න තමන්ගේ සමීපතමයා ලගට වෙලා නිදි මරණ තැනැත්තාට ඒ රාත්‍රිය කොයි තරම් දිගයිද?


ඒ වගේම තමයි ඔයාගේ ආදරවන්තයා එහෙමත් නැත්තම් ආදර වන්තිය හමුවන අවස්ථාවේදී ඔහු හෝ ඇය පැමිණි වහාම වෙන් වෙලා යන්න හදනවා වගෙයි ඔබට දැනෙන්නේ. හමු වෙද්දීම වෙන් වීමේ කාලයත් ඇවිල්ලා...


දුකේදී කාලය දික් උන විදියටම සතුටේදී ප්‍රමොදයේදී කාලය කෙටි වෙලා. ඒ උනාට කැලැන්ඩරය, ඔරලෝසුව ඒ විදියටම තියේවි. මොකද ඔබේ දුක සතුට කියන කාරණය ඒ හිත් පිත් නැති දේවල් වලට අදාළ නොවෙන හින්දා. අන්න ඒ නිසයි කිව්වේ ප්‍රමෝදය තියෙන්නේ කාලයෙන් එහා කියලා. ප්‍රමෝදය කාලය හරහා හොයාගන්න ලැබෙන්නේ නෑ.


මේ කියන කාරණය අපට අවබෝධ කරගන්න අපහසු වෙන්නේ අපි ජිවත් වෙන්නේ කාලය ඇතුලේ. අපේ ලෝකේ අපේ ජිවිත වල කාලය කියන දේට ලොකු වැදගත් කමක් තියෙනවා. අන්න ඒ කාරණය හින්ද තමයි කෙනෙකුට භාවනාවට ඇතුලත් වෙන්න යන කාලය පිළිබද ප්‍රශ්නයක් මතුවෙන්නේ. ඇත්තටම භාවනාවට ඇතුල් වෙන්න කාලයක් ගත වෙන්නේ නෑ. එය මොහොතක් විතරයි


ඊළගට අපි බලමු මේ කාරණය ගැන කතාකලාට මොකද අපට මේ කියන ප්‍රමෝදය එහෙමත් නැති නම් දෙවියන් හොයාගන යන්න බැරි ඇයි කියන දේ ගැන.


මේකට ප්‍රධානම හේතුව තමයි අපි තුල තියෙන බිය. අපි බයයි මේ ලෝකෙට, සමාජෙට, මොකද අපි අපේ හිත ඇතුලේ හදාගෙන ඉන්නවා අපි ගැනම යම් කිසි ප්‍රතිරූපයක්. මම මෙහෙම කලොත් අරය මම ගැන මොනවා හිතයිද? සමාජය මට මොන මොන දේවල් කියයිද කියලා කියන දේට අපි බයයි. අපි අපි ගැන අපේ හිතේ හදාගන ඉන්න ප්‍රතිරූපය කැඩිලා බිදිලා යනවට. අපේ හිතට කේන්තියක් ආවොත් අපි ඒක පිට කරන්නේ නෑ. බොරු හිනාවකින් මුණ සරසගන අපි ඉන්නවා හිතට ආව ඒ කේන්තිය බලෙන් යටපත් කරගන. 


ශිෂ්ටයි කියන සමාජය අපිව අපෙන් ඈත් කරලා. මෙන්න මේ බය කියන කාරණය නිසාම අපට කවදාවත්ම අපි වෙන්න ලැබෙන්නේ නෑ. අපි අපි තුල ඉන්න අපිව හදුනා ගන්නකම් කවදාවත් අපි තුල ඉන්න දෙවියන්ව දකින්න අපට ලැබෙන්නේ නෑ. භාවනාව තුලදී දෙවියන් හොයාගන යන ගමනේදී අපට සිද්ද වෙනවා අපි වෙන්න. අපිට දැනෙන හැගීම් දැනීම ඔක්කොම ශරීරය ඇතුලේ හිර කරගෙන ඉන්නේ නැතිව ඔහේ ගලාගෙන යන්න අරින්න. 


දෙවියන් දකින්න යන ගමනේදී අපට මේ හැමදෙයක්ම කැප කරන්න සිද්ද වෙනවා. අපිලග මොනවත්ම ඉතිරි කරගන්නේ නැතුව හැමදේම කැප කරලා අපි අපේ සම්පුර්ණ ශක්තියම සහමුලින්ම අනතුරට භාජනය කරපු ගමන්ම  ස්පර්ශ කරනවා ජිවන ශක්තිය සැගවිලා තියෙන මධ්‍යස්ථානය. එවිට එය සම්පුර්ණයෙන්ම අවදි වෙලා ශක්තිය ශරීරය තුලින් ඉහලට ගමන් කිරීම ආරම්භ වෙනවා. 


සරලවම කියනවා නම් අපේ මුළු මහත් ශක්තියම භාවනාව තුලට යෙදවීමෙන් පමණයි අපට ජලාශයේ වැතිරිලා තියෙන අතිරේක ශක්තියක සහාය උවමනා වෙන්නේ. එවිටයි එය අවධි වී අපේ උපකාරයට එන්නේ. එතකන් මේ මහා ශක්තිය කුන්ඩාවේ ගැඹුරු නින්දේ පසු වේවි. අත ඉතිරි කර ගත් ශක්තියක් ඔබ සතුව පැවතුනොත් ඒ ශක්තිය මත රැදී සිටින්න සිදු වේවි. මොකද ජීව ශක්තියේ අවශ්‍යතාවය මතුවෙන්නේ  කිසිම ශක්තියක් අප තුල ඉතිරි වී නැති නම් පමණක්ම නිසාවෙන්......






Monday, April 23, 2012

සිහිනයක් නොවූ සයිබර් සිහින උළෙල 2012


 (පොටෝ එක වෙනි අයියගේ )

හැම ඉරිදා දවසක වගේම රෙප් මහත්තයත් පාන්දරම ගෙයින් එලියට බැස්සේ ක්ලාස් යන්න කියලා පොත් දෙක තුනකුත් අතට අරගන :පි වැඩි දුරක් එන්න උනේ නෑ. මෙන්න පාන්දර හයට විතර එනවා කෝල් එකක් නාකියාගෙන්. 

"මචං උඹ කොහෙද ඉන්නේ. මම නම් ඉන්නේ පිට කොටුවේ"

"මචං මම තවම කළුතර තව පැයකින් ඔතන"


ඉරිදා දවස හින්ද වැඩි ට්‍රැෆික් එකකුත් නැති හින්දම කොල්ල හයයි හතලිස් පහ වෙනකොට වැල්ලවත්තේ. පයින්ම ඇද්ද කුරේ ග්‍රවුන්ඩ් එකට,


මෙන්න ඉන්නවා ඒ වෙනකොටත් නාකියා යැංකි කොලුවා පිටසක්වලයා එක්ක සෙට් එකක්ම. පාන්දරම නම් ලකුණු කරන්න ඇවිල්ලා...


ටික වෙලාවක් යනකොට දේවා, වෙනි අයියා, අභීත අයියා  එහෙමත් ආවා. ඒත් සංවිධායක මණ්ඩලේ රාජ්ලා කට්ටිය නෑ.


තිබ්බ අසනීප තත්වය නිසා ඕනයා රෝහල් ගත කරලා කියන ආරංචිය ආවේ ඔය අතරේ. එතන හිටපු යැංකි කොලුවවත් ඇදගන අභීත අයියා ඒ වෙලාවේම ගියා ඕනයා බලන්න.


සංවිදායක මණ්ඩලේ කස්ටිය සයිබර් සැණකෙළියේ නිල ප්‍රවාහන සහකරු වෙච්ච සද කිදුරාගේ කාර් එකේ නැගලා දෙයියන්ගේ පිහිටෙන් නවයට විතර ආවා පිට්ටනියට. ඒක කාර් එකක්ද ලොරියක්ද කියල සැකයකුත් ආව ඒ වෙලාවේ නම්. 

    
(අපරාදේ මේක පිට්ටනිය මැදට උස්සන් එන්න වෙච්ච මහන්සිය. පොටෝ එක දේවගේ )


මිට කලින් දවසක කොට්ට පොර ගහන්න හදල තිබ්බ අට්ටාලෙකුත් කට්ටිය සෙට් වෙලා ගෙනාවා පිට්ටනිය මැදට. කොට්ට පොර තරගේත් නොමිලේම තියන්න හිතාගන. ටික වෙලාවක් යනකොට ඒකෙ අයිතිකාරයෝ ටික ඇවිත් අට්ටාලේ එහෙම්මම කැබ් එකක පටවගන ගිය හින්දම කොට්ට පොර තරගේත් ඇන හිටියා. 


කට්ටිය රෙජිස්ටර් කරලා ජාතික කොඩිය උස්සලා. ජාතික ගිය ගයලා රණවිරුවෝ සිහි කරලා පටන් ගත්තා තරග ටික. සජීවී විකාශය බස් රේඩියෝවෙන්


අවුරුදු උත්සවේ තරග වලට අමතරව ගෑනු ළමයි බෙදා ගැනීමේ තරග, මතට තිත තැබීම වගේ තරගත් ගොඩාක් තිබුනා කියලත් ආරංචියි.


මෙච්චර කාලයක් සයිබර් අවකාශේ ආරුඩ නම් වලින් විතරක් දැනගන හිටපු, හැංගිලා හිටපු අයගේ මුණු ටික බලා ගන්න හම්බ උනා වගේම අදුනන්නේ නැතිව හිටපු යාලුවොත් ගොඩාක් අදුන ගන්න ලැබුනා. ඒ ගැන නම් තියෙන්නේ පුදුම සතුටක්.


සයිබරේ කට්ටිය එකතුවෙලා මේ වගේ සුපිරි ෆන් එකක් ගන්න ඕන කියන අදහස ඉදිරිපත් කරපු අභීත අයියටත්, දෙවැනි වරටත් මේක සාර්ථකව සංවිධානය කරන්න දැනට මාස ගානක් තිස්සේ දිවා රෑ වෙහෙසුන සංවිධායක මණ්ඩලේ රාජ් ඇතුළු පිරිසට, අනුග්‍රාහක භවතුන්ට වගේම සිහින උළෙල යථාර්ථයක්  කර ගන්න සුළුවෙන් හරි සහයෝගයක් දුන්න හැම දෙනාටමත් බොහොමත්ම ස්තුතියි......


දැනට රෝගාතුරව සිටින ඕනයාටත් චිරාන් මල්ලිටත් ඉක්මන් සුවය ලැබෙන්න ප්‍රාර්ථනා කරන ගමන්ම ආයෙත් දවසක මේ වගේ සුපිරි ෆන් එකක් ගන්න කට්ටියම සෙට් වෙමු කියාගන අපි නැවතුනා එහෙනම්....




(ජාත්‍යන්තර කුමන්ත්‍රණ හමුවේ පරාජය වූ අපේ කණ්ඩායමේ කඹ ඇදිල්ල)
පහන්ගේ පොටෝ එක

කොහේ ගහනවද මන්දා :P

මේකේ මොකට දානවද තව පින්තුර. දැන් බුකියේ ඇති නොවැ පිරෙන්නම.