උන් එක්ක තියෙන තරහට
ගනිං පලි ඇති වෙනකං
මගෙන් හරි කමක් නෑ
හිත හැදෙනකම්
ගහක් ගලක් වෙලා හරි
දරාගන්නම්
හිතක් පපුවක් නැතුව හරි
දුවපං හති වැටෙනකං
ඕන තැනක
ඒත් ඉන්නම් බලං
වැරදි මග දිව්වොතින්
පරිස්සම් කරගන්න
කොහේ කොතන හරි
නැවතුන වෙලාවක
වතුර බෝතලයක්වත් අරං
නිවන්නටවත් උඹේ පවස.
ඒත්
ගන්න එපා පලි උඹ
උඹෙන්ම
සදහටම නොමැරී මැරෙයි මාව
_____
ඕන දෙයක් ඉවසන්න පුළුවන් ඒක ඇරෙන්න... ඇත්ත තමයි..
ReplyDeleteදැන් කවි විතරමද ලියවෙන්නේ??
නරක කාලෙට ඔව්ව ඔහොම තමයි බං, කවිද මංදා මෙව්වා :D
Deleteපට්ට ඈ...
ReplyDeleteටික කාලයක් යද්දි හැම හැගීමක්ම ඇල් වෙනව එතකොට ඕහොමකියන්නැති වෙයි..
හෙක් හෙක්
හෙහ් හෙහ් එතකොටවත් හොඳ කාලයක් උදා වෙයි නේද?
Deleteලෙමන් පෆෟ එකක් දෙන්නේ නැත්ද???
ReplyDeleteමංචිද මැලිබන් ද ;)
Deleteලෙමන් පෆ් නම් ඉතින් මැලිබන් තමයි
Delete