සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න ඕන නම් මුලින්ම තමන්ගේ පරිගණකයට සිංහල යුනිකෝඩ් ස්ථාපනය කර ගන්න ඕන. ඔයාලගේ පරිගණකයේ සිංහල නැත්තම මෙතනට ගිහින් යුනිකෝඩ් ස්ථාපනය කර ගන්න පුළුවන්. අපි ඊළගට බලමු සිංහල ටයිප් කරන්නේ කොහොමද කියන එක. සම්මත විජේසේකර යතුරු පුවරුව භාවිතයෙන් වගේම සිංග්ලිෂ් වලින් ටයිප් කරන අකුරු සිංහලට හරවන කන්වටර් මගිනුත් අපට සිංහල අකුරු ටයිප් කරගන්න පුළුවන්
මම නම් පාවිච්චි කරන්නේ ගුගල් දෙයියෝ අපට දුන්න ගුගල් ට්රාන්ස්ලේෂන් තමා. ඔය ලින්ක් ඒකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගෙන සිංග්ලිෂ් වලින් එස් එම් එස් කොටනවා වගේ සිංහල කොටන්න පුළුවන් ඒකෙන්.
SI සිලෙක්ට් කරලා කොටන්න සිංහල
ඊට පස්සේ සිංහල සහය ඇති නැති ඕනෑම පරිගණකයකින් බ්ලොග් එක කියවන්න පුළුවන් විජෙට්ටුව බ්ලොග් එකට සවි කරගන්න එක මෙතනින් ගිහින් කරගන්න පුළුවන්
බ්ලොග් එක ප්රමෝට් කරගන්න අපේ බ්ලොග් එක සින්ඩි වලට ඇතුලත් කර ගන්න ඕනේ ඒකට පල්ලෙහා තියෙන ලින්ක් වලින් ඒ ඒ සින්ඩි වලට ගිහිල්ලා බ්ලොග් එක සින්ඩි වලට ඇතුලත් කරන්න පුළුවන්
මිට අමතරව මුහුණු පොතේ පවත්වාගෙන යන සින්ඩි කිහිපයකුත් තියෙනවා
මේ විදියට බ්ලොග් එකක් සින්ඩි වලට ඇතුලත් කරනකොට RSS ලිපිනයක් ඉල්ලනවා. මේ කියන RSS ලිපිනය ගැන දැනගන්න මෙතනින් ගිහින් පුළුවන්
මුහුණු පොතේ සිංහල බ්ලොග්කරුවන් විසින් පවත්වා ගෙන යන ගෘප් කිහිපයක ලින්ක් පහලින්
බ්ලොග් කියවන ගමන් අහන්න බ්ලොග් කරුවන්ගේ රේඩියෝව බස් රේඩියෝ. කියවන්න ඔවුන්ගේ බ්ලොග් අඩවිය
ඊළගට කමෙන්ට් එකක් විදියට ලින්ක් එකක් දානකොට ඒක අදාළ වචනයට ලින්ක් එක ලැබෙන විදියට දාන ක්රමය. මේකට ටිකක් මහන්සි වෙලා පොඩි කෝඩ් කෑල්ලක් ලියන්න වෙනවා. මෙන්න ඒ කෝඩ් එකත්
<a href="අදාල ලින්ක් එක දෙන්න">ලින්ක් වෙන්න ඕනෙ වවනෙ</a>
උදාහරණයක් විදියට රෙප් මහත්තයා කියන වචනෙට මේ බ්ලොග් එකේ ලින්ක් එක දෙන්න ඕන නම් මෙහෙමයි කරන්න ඕනේ
<a
href="http://ape-ambalama.blogspot.com/">රෙප් මහත්තයා</a>
නිකම්ම ලින්ක් එකක් විදියට කමෙන්ට් එක දානවට වඩා ටිකක් මහන්සි වෙන්න උනත් වැඩේ කොලිටියක් තියෙනවා.
දැනට මට මතකෙට එන්නේ ඔච්චරයි. මෙතන නැති සින්ඩි ගෘප් එහෙම තවත් ඇති. මේ තියෙන්නේ මගේ ලග දැනට තියෙන ලින්ක් ටිකක් විතරයි. බ්ලොග් ලියන කියවන අයට තවත් වැදගත් කියන දේවල් මේකට එකතු වෙන්න ඕන නම් බ්ලොග් ලියන කියවන හුදී ජන හිත සුව පිණිස පහලින් කමෙන්ට් විදියට එකක් දාන්න කියල ඉල්ලන ගමන් රෙපා මාරු උනා. හැමෝටම ජය වේවා !!!!!
ප.ලි : අමතක වෙලා තිබ්බ දාන්නම ඕන එකක්. තමයි කමෙන්ට් වලට දාපු වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරන හැටි. බ්ලොග් කරුවෙකුට කමෙන්ටුවක් ගොඩාක් වටිනවා. ඒත් පෝස්ට් එක කියවලා කමෙන්ට් එකක් කොටලා පබ්ලිෂ් කරනකොට වර්ඩ් වෙරිෆිකේෂන් එකකුත් එනකොට කමෙන්ට් ඕන නෑ කියලා දමලා ගහලා යන්න තමයි හිතෙන්නේ. ඒ නිසා බ්ලොග් එකේ කමෙන්ට් දානකොට වර්ඩ් වෙරිෆිකේෂන් එකක් එනවා නම් මේ විදියට කරන්න.
මුලින්ම ඩෑෂ් බෝඩ් එකේ තියෙන සෙටින්ග්ස් වලට යන්න.
ඒකෙ තියෙනවා පොස්ට් ඇන්ඩ් කමෙට්ස් කියල තැනක්. එතනට ගිහින් ෂෝ වර්ඩ් වෙරිෆිකේෂන් කියන තැනට නෝ කියල දෙන්න ඊට පස්සේ සේව් සෙටින්ග්ස්.
මුලින්ම ඩෑෂ් බෝඩ් එකේ තියෙන සෙටින්ග්ස් වලට යන්න.
ඒකෙ තියෙනවා පොස්ට් ඇන්ඩ් කමෙට්ස් කියල තැනක්. එතනට ගිහින් ෂෝ වර්ඩ් වෙරිෆිකේෂන් කියන තැනට නෝ කියල දෙන්න ඊට පස්සේ සේව් සෙටින්ග්ස්.
වටිනා ලිපියක්..මමත් ඔය ප්රශ්නෙට මුණ දුන්නා රෙප් මහත්තයයි වර්ණා නංගියි උන්නු නිසා හොඳට ගියා....:)
ReplyDelete:D :P
Deleteඅලුතෙන් ආපු අපි වගේ අයට හුගක් වටිනා ලිපියක්....ඔන්න මාත් ට්රයි කොරලා බලන්න ඕන...:)
ReplyDeleteහුගක් ස්තුතියි රේප් මහත්තයෝ..
:O රේප් මහත්තයෝ....
Deleteට්රයි කරන්න ට්රයි කරන්න එතකොට හරි යයි :P
මම ලියන්න ගත්ත කාලේනම් ඔය තිබුනේ සිංහල බ්ලොග් කියවනයයි,කොත්තු විතරයි. බ්ලොග් එක හදා ගන්න එචර වෙලාවක් ගියෙත් නෑ ඔහේ ලිව්වා. ඇගටත් ගානක් නෑ, එත් දැන් අලුතින් බ්ලොග් ලියන්න එන අය මහන්සි වෙනවා වැඩි කියලා හිතෙනවා.
ReplyDeleteදැන් ගොඩක් අය බ්ලොග් ලියන්න එනවා වගේම ආපු ගමන් යනවා. ඒකත් අර දැන් යන සිංදු වගේ.
ඒක නම් ඇත්ත තමයි මචං. මමත් කලේ ඔහේ ලියපු එක තමා මෙච්චර කල්ම. අලුතෙන් එන ගොඩක් බ්ලොග් වල ලිපි දෙකයි තුනයි ඉවරයි. ආසාවට එනවා ආව ගමන් යනවා. :))
Deleteමුලින්ම තිබ්බේ සින්ඩි දෙකයි.. මම එද්දි.. පස්සේ ගොඩක් ඒවා ආවා.. ඒකෙන් අපේ අළුතින් එක අයට ලොකු පහසුවක්.. අනික බුකියේ තියෙන ගෲප් වලිනුත් ලොකු සේවයක් වෙන්නේ..
ReplyDeleteමම එනකොට නම් ඔය සින්ඩි කියලා ජාතියක් ගැන දන්නෙත් නෑ. පොස්ට් එකකට කමෙන්ට් එකක් දාල තිබ්බ චතුරංග පෙරේරා කියල තිබ්බ එහෙම දෙයක් ගැන. එතකොට තමයි එහෙම දෙයක් තියෙනවා කියලා ඒ ගැන හොයන්න පටන් ගත්තෙත්. ඇත්තටම සින්ඩි වලින් නම් අපි වගේ අයට ලොකු සේවයක් වෙනවා :))
Deleteබොහොම වටිනා ලිපියක්....මමත් නොදන්නා සින්ඩි කිහිපයක්ම දැනගත්ත.බොහොම ස්තුතියි!!!
ReplyDeleteකමෙන්ට් එකක් විදිහට ලින්ක් එකක් දාන විදිහ මම හොයා හොයා හිටියේ. ගොඩක් ස්තුතියි රේප් මහත්තයා
ReplyDelete:O රේප් මහත්තයා.... අහුවෙයන් උඹව :P
Deleteහොද ලිපියක් රෙප් මහත්තයා..:D අලුතෙන් එන අයට හොද මඟ පෙන්වීමක්...
ReplyDelete:D (Y)
Deleteඇත්තම්මයි...දැන ගන්නනම් තවත් දේ තියෙනවා...
ReplyDeleteස්තුතියි...!
අහන්න. දන්නා දෙයක් නම් කියල දෙන්නම්. දන්නේ නැත්තම් ඉතින් ඔය ඉන්නේ ඕනතරං කට්ටිය & බුකියේ තියෙන්නේ ඕන තරම් ගෘප් ඕව දැනගන්න :))
Deleteහම්මේ බං ඔය කිව්ව ටික හොයා ගන්න මාත් උඹ වගේම මාස ගානක් කට්ට කෑවා..ඒත් තාමත් මට ඔය ටික ඔහොම පිළිවෙලට කියා දෙන්න තේරෙන්නේ නැහැ...ඒ අතින් බැළුවම මේක හුගක් වටින වැඩක්...
ReplyDeleteමාර අයියා අදමද කොහෙද මෙහේ ආවේ. මොන පිලිවලක්ද බං. තිවිච්ච ලින්ක් ටික දාල දැම්ම එක විතරයි කලේ ජය වේවා !!!
Deleteවටින ලිපියක්... රෙපා මහත්තයා...
ReplyDelete:)
අලුත් අයට ඇත්තටම ගන්න දෙයක් තියෙනවා මේ ලිපියෙන්.
ReplyDelete:))
Deleteඅපි වගේ ආදුනිකයොන්ට වටිනා ලිපියක් රෙපෝ
ReplyDeleteටැංකූ!!
:))
Deleteබොහොම වටිනවා මහත්තයෝ මටත් නොදන්නා ගොඩක් දේ දැන ගත්ත ස්තුතියි ............
ReplyDelete:))
Deleteඑල වැඩක් රෙපා....
ReplyDelete:)) (Y)
Deleteපිං සිද්දවෙන වැඩක්! :)
ReplyDelete:))
Deleteවටින ලිපියක්.සියල්ල එක මිටට....:))
ReplyDeleteෂෝට් & ස්වීට්
Deleteගොඩක් වටිනවා රෙප් මහත්තයාගේ වැඩේ. මටත් ඔය ටික දැනගන්න ටිකක් දවස් ගියා. ඒ ඒ දේවල් වල වටිනාකම දැනගෙන තමයි මම වැඩේ පටන් ගත්තේ. ඉතින් ඒකෙන් මට ගොඩක් කල් ඉන්න උනා.
ReplyDelete:))
Deleteඑකෙන්ම මාර වැදගත් මටනම්.. මම තාම බොලොග් වල අත දරුවෙක්
ReplyDeleteමමත් පොඩි එකෙක් තමා බං. මං බ්ලොග් කියන නම දැනගෙනත් තාම අවුරුද්දක්වත් නෑ. :))
Deleteමරු වැඩක්... මෙච්චර සින්ඩි ගොඩක් තියෙනවද බන්... මමත් දැනන් හිටියෙ තුන හතරක් විතරයි.. :)
ReplyDeleteතියෙනවා නම් තමයි බං මීටත් වඩා. මම නම් ඔය හැම එකටම දාලත් නෑ..
Deleteහොද වැඩක්.. මෙක වටිනවා !
ReplyDelete(Y)
Deleteඅලුත් උදවියට හොදයි. මම කියන්නම් ආපු අලුත මට වෙච්ච දෙයක්. මම බ්ලොගේ පටන් අරගෙන ඉස්සෙල්ලම ලාංකීයටයි සිංහල බ්ලොග් කියවනයටයි ඉල්ලුම් කලා. ලාංකීය නං පටස් ගාල වැඩේ කරල දුන්න. සිංහල බ්ලොග් කියවනයට දාන්න RSS ගැන දන්නෙ නෑ. ඒකෙ තිබුන ලින්ක් එක වැඩ කලෙත් නෑ. බ්ලොගේ පටන් අරගෙන මාස 6කටත් වඩා කාලයක් ගියා සිංහල බ්ලොග් කියවනයට දාගන්න.
ReplyDeleteHTML ගැන මෙලෝ හසරක් දන්නෙ නැති මම මේ අඩවි වලින් තමයි ඔක්කොම ඉගෙනගත්තෙ.
http://www.echoecho.com
http://www.easywebtutorials.com
http://www.quackit.com
මමත් තවම HTML ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ රාජ් අයියා. සිංහල බ්ලොග් කියවනේට දෙතුන් පාරක්ම මේකත් දාන්න හැදුවත් අදටත් මේක සිංහල බ්ලොග් කියවනේ නෑ. කිසිම රිප්ලයි එකකුත් නෑ. තැන්කු මේ ලින්ක් ටිකට ජය වේවා !!!
Deleteඑල මචන්
ReplyDelete:))
Deleteඑළ ඈ.......
ReplyDeleteනවක බ්ලොග් කරුවන්ට ගොඩක් හොද ලිපියක්.ජය වේවා....!
ReplyDeleteජය වේවා :))
Deleteරෙපාට ජයෙන් ජය.. මාත් මුල ඉදන් පටන් ගන්න හිතුවා..
ReplyDeleteස්තුති නවකයන් වෙනුවෙන්..
සැමාටත් ජයෙන් ජය. මොනවද මුල ඉදලා පටන් ගන්න හිතුවේ? ... :P
Deleteඋබ කියන විදිහට, අලුත් බ්ලොග් එකක් :ඩී
Deleteඇත්තටම මේව මුකුත් නොදැන බං අපි පටන් ගත්තේ. උබ සිරාවට අලුත් එවුන්ට උදව්වක් කලේ.
මම තාම බ්ලොග් එක පටන් ගත්තෙ නැති නිසා මේ පෝස්ටුව ඉතාම වැදගත්
ReplyDeleteබොහොම ස්තූතියි රෙපා මල්ලිට..
සුමිත් අයියා හැමදාම බ්ලොග් කියව කියව ඉදලම හරියන්නේ නෑ නේ. ඉක්මනට පටන් ගනිමු බ්ලොග් එකක්. අපි ඉන්නවනේ කියවන්න. ජය වේවා !!
Deleteඅලුත් අයට වගේම පරණ අයටත දන ගන්න පුළුවන් තොරතුරු තියෙනවා.
ReplyDeleteඅනිවා මචං. මේ ලින්ක් දාන වැඩේ මමත් ටෙස්ට් කරලා බැලුවේ මේ පොස්ට් එක දාන්න ටිකකට කලින් :))
Deleteමාත් මේ ගොඩක් එව්වල සාමාජිකයෙක්... චුට්ටක් විතර පරණ අපටත් වැදගත්....
ReplyDeleteමේකේ තියෙන ඒවායින් බාගයක් මං හොයා ගත්තේ උඹෙන් තමා:))
Deleteආව් අප්ප.....^_^
ReplyDelete:)) :P
Deleteනවකයින් වෙනුවෙන් ස්තුති කරන්න ඕන..
ReplyDeleteගූග්ල් ට්රාන්ස්ලිටරේෂන් පාවිච්චි කරනවට වඩා ලේසියි ටයිප් කරන්න පුරුදු වුනාම..
මම නම් දැන් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. ආයේ අමුතුවෙන් පුරුදු වෙන්න කම්මැලියි අප්පා :))
Deleteවටිනවා ඈ... :-)
ReplyDeleteඑන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජාටත් ජයවේවා. රාජ සම්පත් දෙගුණ තෙගුණ වේවා !!!
Deleteචූටි පුතා හි හී
ReplyDeleteඅඩේ එල එල වැඩද බලන්න දැම්මේ ඔන්න ආර්ථික වාසි තකා නෙවෙයි :පී
Deleteමාර සින්ඩි තොගයක් නේ තියෙන්නේ . අලුතෙන් බ්ලොග් ලියන්න එන අයට වගේම මේ ලිපිය මටත් ප්රයෝජනයක් වුණා
ReplyDeleteමග පෙන්වන එක හරිම වටින දෙයක් :)
ReplyDeletegood post
ReplyDeleteගොඩාක් ඉත්තුති යාලුවේ...
ReplyDeleteඅළුතෙන් එන අයට මේ පොස්ට් ඒකෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..බොහොම ස්තුතියි මෙහෙම පොස්ට් එකක් දැම්මට
ReplyDeleteඅලුතින් බ්ලොග් එකක් ලියන්න ගත්තු නේජාටත් මේ ලිපිය ගොඩාක් වැදගත්..තාමත් නේජාගේ බ්ලොග් එකේ පොඩි පොඩි අවුල් වගයක් තියෙනව හදාගන්න..බෝම ස්තූති දැනුවත් කිරීමට....
ReplyDeleteමෙවැනි වටිනා තොරතුරා හුදි ජනයාගේ පහන් සංවේගය උදෙසා මෙහි අකුරැ කල සත්ගුණවත් රෙපාට මාගේ ආචාරය!
ReplyDeleteගොඩක් වටිනවා. ගොඩක් ස්තුතියි
ReplyDeleteඑල ආ..හොඳ ලිපියක්..! මචන් නිම්නය සින්ඩිය වැඩ නෑ නේද..\\සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය// මේකට නම් දාගන්න බෑ බන්. අඩුම තරමින් රිප්ලයි වත් නෑ ආපහු මතක් කලාට.
ReplyDeleteනියමයි රෙපා
ReplyDeleteඅනේ මේවා කලින් කිව්වනම් :)
බොහෝමත්ම ස්තුතියි රෙප් අයියේ...
ReplyDeleteමමත් තාම මේ වැඩෙට අලුත් කැරකෙන ලෝකය
එල සුපිරි. කියවන්න කලින්ම ඔන්න කමෙන්ට් කළා.. කියවලා අදහස දෙන්නම්.. තැන්ක්ස්..
ReplyDeleteමචං රෙපා උබේ blog post නම් අපි වගේ අලුත් අයට ගොඩක් වටිනවා....
ReplyDeleteමමත් මචං බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත.මේ ලදී තමයි පටන් ගත්තේ.හැබැයි වැඩි දේවල් දන්නේ නැ blog ගැන.එකේ පොඩි සින් එකක් තියෙනවා.කට්ටියට comment දාන්න විදිහක් නැ මචං.settings වල post & comments වල comment location කියන එක විතරයි මචං තියෙන්නේ.එක හදාගන්නේ කොහොමද කියලා දන්නවනම් කියහන් මචං.මගේ බ්ලොග් එක - http://rmaduwantha.blogspot.com/
උබ ඕක හදන්න දන්නවනම් මට mail 1ක් දානවද.... - maduwantharavindu@gmail.com
සුබ අනාගතයක් රෙපා.......
මට සින්ඩි ගැන වැඩිය තේරෙන්නෙ නෑනෙ බන්
ReplyDeleteනියමයි..! වැඩගත්....
ReplyDeleteඅඩේ එල තැන්කු...
ReplyDeleteමම මෙලෝ හසරක් නොදැන හිටියේ, ඔව්
ටෙම්ප්ලේට් හදන හැතිත් දානොව්කො තව පේජ් එකෙ සෙටින් හදන හැති එහෙම තට්ට අයියෙ :P මේ දවස් තිකෙ නම් මේක හැමදාම කියවනව :D
ReplyDeleteෆට්ට සුපිරි
ReplyDeleteගොඩක් වැදගත් උනා අයියේ බොහොම ඉස්තුති :)
ReplyDeleteගොඩාක් වටින ලිපියක්.. අලුතෙන් එන කෙනෙක්ට ගොඩාක් දේවල් ලැබෙන ගොඩක්ම ප්රයෝජනවත් ලිපියක්
ReplyDelete