සයිබර් පොත් මැදුර
මොකක්ද ඇත්තටම මේ සයිබර් පොත් මැදුර කියලා කියන්නේ.
බ්ලොග් ලෝකෙට, සයිබර් අවකාශයට පොත් කියන එක නැතුවම බැරි දෙයක්. පහුගිය දවස් වල පැවැත්වුණු ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භුමිය තුළත් සයිබර් අවකාශයේ මිතුරු මිතුරියන් ගොඩ දෙනෙක්ම දකින්න ලැබුනේ සයිබර් අවකාශයේ මිතුරු මිතුරියන් පොත පතට දක්වන ලැදියාව නිසාමයි. ඒත් කාර්ය බහුල ජිවිතයක් ගත කරන සයිබර් මිතුරු මිතුරියන්ට පොත් අලවිසැල් වලට ගිහින් තමන්ගේ හිතේ හැටියට පොතක් පතක් තෝරා ගන්නවා කියන එකත් අපහසු කටයුත්තක්.
අපි මේ කියන සයිබර් පොත් මැදුර ආරම්භ වෙන්න හදන්නේ අන්න ඒ කාර්ය බහුල සයිබර් මිතුරු මිතුරියන්ට යම් කිසි සහයක් ලබා දෙන බලාපොරොත්තුවෙන්. ඒ කියන්නේ බ්ලොග් අවකාශයේ පොත් වලට ආදරය කරන අයට අවශ්‍ය කරන පොත් පත් තමන්ගේ නිවසටම ලබාදෙන වැඩ පිළිවලක්. දැනටත් ශ්‍රී ලංකාවේ මහා පරිමාන ග්‍රන්ථ ප්‍රකාශන ආයතන කිහිපයක් තමන්ගේ වෙබ් අඩවි මගින් මේ සේවාව ලබා දුන්නත් ඔවුන්ගෙන් පොත් මිලදී ගැනීමේදී පොතේ සදහන් මිලට අමතරව සේවා ගාස්තු සමග තැපැල් ගාස්තුවක්ද අය කරනු ලබනවා. නමුත් අප මෙහිදී උත්සාහ කරන්නේ එම සේවා ගාස්තු ආදියෙන් තොරව අඩු මිලට ඔබගේ ඔබගේ නිවසටම ලියාපදිංචි තැපෑලෙන් ඔබ ඇනවුම් කරනු ලබන පොත් ලබා දීමයි.
මිට අමතරව තොග මිලදී ගැනීම් වලදී පොත් සදහා විශේෂ වට්ටම් ලබා දීමටත් අප සුදානම්.
මේ සදහා දැනට විදර්ශන, පදනම, මාස්ටර් ගයිඩ්, ගොඩගේ, වැනි ප්‍රකාශන ආයතන කිහිපයක්ම අප සමග එක්වී සිටිනවා. අදාළ ප්‍රකාශන ආයතනයන්හි ප්‍රකාශනය වන පොත් වල මිල දර්ශනයන් , ඒ ඒ පොත් පිළිබද විස්තර සහ මේ ව්‍යාපෘතිය පිළිබද වැඩි විස්තර ඉදිරියේදී සයිබර් පොත් මැදුර බ්ලොග් අඩවියේ පල වෙනවා ඇති.
එහෙනං ලගදීම සයිබර් පොත් මැදුරේදී මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් දැනට සමු ගන්නවා. ඔබ සැමට ජයෙන් ජය !!!