Thursday, May 1, 2014

චාටර් 16+







සිරස රුපවාහිනිය මගින් විකාශය වන 16+ වැඩසටහන සඳහා විරෝධය පල කිරීමේ සයිබර් මෙහෙයුම පිළිබඳව සයිබර් අවකාශය තුල කතිකාවතක් ඇති වෙමින් පවතී. ජනතාවගේ නාලිකාව යනුවෙන් පම්පෝරි නාලිකාවක විකාශනය වන වැඩසටහනක් පිළිබඳව මේ තරං විරෝධයක් ගොඩ නැගුනේ ඇයි.


සිරස යනු රටේ මාධ්‍ය කලාවේ බොහෝ වැඩසටහන් සඳහා මග පෙන්වූ නාලිකාවකි. එමෙන්ම ලංකාව තුල ආන්දෝලනාත්මක මාධ්‍ය භාවිතාවක් ඇති කිරීම සඳහා කලින් කලට විවිධාකාර වැඩසටහන් තුලින් මොවුන් විවිධාකාර අත්හදා බැලීම් සිදු කරයි. සිරසයි පාර කියන්නේ යනුවෙන් ඔවුන්ම පැවසු පරිදි එෆ් එම් රැල්ලේ ආරම්භයේ සිට සුපර් ස්ටාර් වැනි රියල්ටි වැඩසටහන් ආදී තවත් බොහෝ දෑ සඳහා ශ්‍රී ලංකාව තුල අනෙකුත් නාලිකා සඳහා පුර්වාදර්ශය සැපයුවේ සිරස නාලිකාව මගිනි. විරෝධතාවයේ මුලික අරමුණ වුයේ 16 + වැඩසටහන තවත් එවන් වැඩසටහන් නිර්මාණය කිරීම පිළිබඳව අනෙකුත් නාලිකාවන්ට පුර්වාදර්ශයක් වීම වැලැක්වීම සහ එම ගුවන් කාලයට කාටුන් ලබා දෙන මෙන් ඉල්ලීම් කිරීමයි.

16+ සඳහා විරෝදය පල කරන්නවුන් කාටුන් ඉල්ලා සිටින්නේ කාටුන් බැලීමේ ආශාවෙන් නොවන බව එදෙස බලන ඕනෑ පොඩි එකෙකුට වැටහෙනු ඇත. ඔවුන් එයින් අදහස් කරන්නේ 16+ නතර කර ඒ වෙනුවට වෙන ඕන එකක් දාපල්ලා යන්නයි

16+ වැඩසටහන සඳහා විරෝධය පල කිරීමට මෙවර එක් වුයේ ශ්‍රී ලාංකික සයිබරය නියෝජනය කරන තරුණ පිරිසයි. විශේෂයෙන්ම අන්වර්ථ නාමයන්ගෙන් ෆේස් බුක් අඩවියේ සැරිසරන පිරිස ඇතුළුව ලෝකය පුරා විසිරි පැතිරී සිටින තුන් දහසකට අධික පිරිසක් මෙයට එක් වී තිබීම විරෝධතා ව්‍යාපාරයේ විශේෂත්වයයි

විරෝධතා කරුවන් තම විරෝධය ආරම්භ කලේ වැඩසටහන විකාශය වන අතරවාරයේ 16+ වැඩසටහනේ නිල ෆේස්බුක් පේජය වෙත තම විරෝධය ප්‍රකාශ කරමින් එම පේජයේ වෝල් පෝස්ට් දැමීමයි. වැඩසටහනට විරෝධය පල කරන වෝල් පෝස්ට් අධික ප්‍රමාණයක් සටහන් වීම නිසා පසු දින සිටම එම් පේජයේ වෝලය ලොක් කර දැමීමට ඔවුන් ක්‍රියාකර තිබිණි. මේ හේතුවෙන්ම දුරකථන මගින් සහ සිරස ආයතනයේ අනෙකුත් ෆේස්බුක් පිටුද ආක්‍රමණය කිරීමට විරෝධතා කරුවන් කටයුතු කළහ.


සයිබරයේ එකමුතුවෙන් අති සාර්ථක ලෙස පලමු දිනයේ විරෝධතාවය පෙන්නුම් කල ඉවෙන්ටුවට පසුව එකතු වූ පිරිසක් තමන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීම පිණිස විවිධ නොමනා ක්‍රියා සිදු කිරීමට උත්සාහ  ගැනීමට පසුව උත්සාහ කලද මේම ඉවෙන්ටුව ආරම්භ කලේ අනෙකුත් නාලිකාවල වැඩසටහන් වලට මග පෙන්වූ සිරස නාලිකාවේ අදාළ වැඩසටහන පිළිබඳව ජනතා අප්‍රසාදයක් ඇති බව සිරස පාලන අධිකාරියට දැන්වීම පිණිස මිස එහි නිවේදක යුගලය වන යුකි සහ කවි යන චරිත පිළිබඳව හටගත් කුහක මානසිකත්වයකින් නොවේ.

දැනටද සිරස ආයතනයේ ගෝල බාලයන් විසින් ඉවෙන්ටුවට සම්බන්ධ අයට විවිධාකාර තර්ජන සිදු කරමින් පවතී, රටේ ප්‍රධාන පුරවැසියා වූ ජනාධිපතිතුමාට ද අපහාස වන අන්දමේ පෝස්ට් බැනර් සයිබරයේ එහා මෙහා යද්දී කිසිවක් නොකරන සි අයි ඩි ය මෙවන් බොහෝ පිරිසක් විරෝධය පල කරනු ලබන රුපවාහිනි වැඩසටහනක් සම්බන්ධයෙන් මේ කියන ආකාරයෙන් කටයුතු කරනු ඇතිද? තමන් නරඹන වැඩසටහන කුමක්දැයි තීරණය කරන්නේ ප්‍රේක්ෂකයා විසිනි. තමන් අකමැති වැඩසටහනක් පිලිබඳ ජනතාව විරෝධය පල කරද්දී ජනතාවගේ නාලිකාව යයි ආමන්ත්‍රණය ලබන රුපවාහිනි චැනලයක සහය අධ්‍යක්ෂ වරයෙකු C.I.D නම විකුණමින් මේ ආකාරයට කටයුතු කිරීම යුක්ති සහගතදැයි අප නොදනිමු.


නමුත් සිරස යනු තමන්ට පහර ගැසීමත් තමන්ගේ ජනප්‍රියත්වය වෙනුවෙන් යොදන මාධ්‍ය කලාවක් සහිත ආයතනයකි. මෙබදු විරෝධතා ව්‍යාපාර මඩ ප්‍රචාර මගින් අපහසුතාවයට පත් වන්නේ වැඩසටහන ඉදිරිපත් කරන තරුණ ළමුන් දෙදෙනා පමණි, සියලු කුණු කන්දල් ඔවුන් දෙදෙනා පිටින් යවා සිරස පාලනාධිකාරිය නිහඬව බලා සිටිනු ඇත. කාලයත් සමග මේ විරෝධතාවයද ඔවුන් අපුරුවට මාකට් කරනු ඇත.

32 comments:

  1. විරොධතාව දුටුවෙමි.

    ReplyDelete
  2. හැම දෙම ඔවුන් වාසියකට ගන්නවා

    ReplyDelete
  3. එහෙම නඩු දදාන්න බෑ කියලා ඕනේ පොඩි එකෙක්ට තේරෙනවනේ

    ReplyDelete
  4. හරි නම් සිරස කරන්න ඕන බහුතරයට ගරු කිරීම විනා ඔවුන්ව හෙලා දැකල නින්දිත හැසිරීමක් පෙන්වීම නොවේ. එතන යම් අය විකාර කලා තමයි. ඒත් එහෙම කියල සමස්තයට නිග්‍රහ කරනව නම් ඒක වැරැදි

    ReplyDelete
  5. මේක තියෙන්නේ ටීනේජර්ස්ලට.. අනික් අයට නෙමෙයි.. ඒක තේරුම් නොගත් එක කනගාටුදායකයි..

    ReplyDelete
    Replies
    1. agree with u...

      Delete
    2. එතකොට මේ වැඩසටහනට විරෝධය පළකරන්නේ කවුරු කියලද හිතන් ඉන්නේ ඈ ?? o.O

      Delete
    3. එහෙමද ආස 16 + කියන්නේ අපේ සංස්කෘතිය විනාශ කරන තවත් එක් වැඩසටහනක් පමණි

      Delete
  6. මම නං පෞද්ගලික ව ඔය 16+ වැඩසටහනට කැමති නෑ. ඒත් කවීට සහ යුකීට මඩ ගහන එක වැරදි යි! සිරසේ සහකාර අධ්‍යක්ෂක කරන වැඩේ නං නින්දිත යි!

    ReplyDelete
  7. මේ වැඩසටහන මමනම් බලලා නෑ. නමුත් මටනම් හිතෙන හැටියට ඔය රූපවාහිනියෙන් ළමයි නරක් වෙනවා කියලා කියපු අයත් හිටපු නිසා මමනම් පුදුම වෙන්නේ නෑ මේ වගේ දෙයක් වෙච්චි එක ගැන.

    ReplyDelete
  8. අදහසක් දෙන්න විදියක් නෑ...ඔය වැඩසටහන මම බලලා නෑ...නමුත් හැම මාධ්‍යයකම වැඩසටහන් පෙළගස්වන්නෙ ඒ ඒ වේලාවට සහෝදර මාධ්‍ය වල විකාශය වන වැඩසටහන් සමග කරට කර යන විදියට...මේ වැඩසටහන යන වෙලාවට සිරසෙ රේටින්ග් හොද නම් උඹලා ඔලුවෙන් හිටගෙන කිව්වත් ඔය වැඩසටහන අයින් කරන්නෙ නෑ ඒ අය..ෆේස් බුක් වීරයො වෙලා වැඩක් නෑ මචං..සැබෑ ලෝකයේ වීරයෝයි අපිට අවශ්‍ය.

    ReplyDelete
  9. වැඩසටහනක ප්‍රෙක්ෂකයෝ විදිහට ගුණාගුණ දක්වන්න සමාජ ජාල මාධ්‍ය භාවිතා ක‍රන එකේ කිසිම වැරද්දක්නම් නෑ.වැඩසටහන බලලා නැති නිසයි,අර මාතලන් කියුවා වාගේඅපිට හදපු වැඩටහනක් නොවේන හින්දයි ,වැඩසටහන ගැන යමක් කියන්න අමාරුයි.
    බූකීයේ වෙන දේවල් නම් පොඩ්ඩක් අජූතයි.දේපැත්තෙන්ම.සිරසට මාධ්‍ය ආයතනයක් විදිහට, විවේචන වලට මුහුණ දෙන විදිහ අජූතයි.
    දැන් දැන් විරුද්ධත්වය දක්වන අයත් ,වැඩසටහන බලපු පාටකට වැඩිය් රැල්ලට විරුද්ධ අය.

    ReplyDelete
  10. ඒ වෙලවෙට වෙන චැනල් එකක් බලපල්ලා.. (මනුස්සකම)

    ReplyDelete
  11. *Copied*

    තවද එක්තරා පසල් දනව්වෙක දරදඩු සිත් ඇති කුමාර වයසේ කොල්ලෙකු හා අයාපත් සිරිත් ඇති කෙල්ලක අරභයා ටින් ටින් විසින් මෙම කතාව දේශනා කළහ.

    යටගිය දවස බරණැස් නුවර ජයලලිතා නම් රැජනක දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරන සමයෙහි, අසල ලංකාදීපයෙහි ''අශ්ඨවාපී'' නම් පසල් දනව්වෙක සක්පිඹිනා කුලයෙක්හි පුත් කුමරෙක් උපන්නේ, උපන් මොහොතේ තාරුකා රූපීන්ගේ පිහිටීම බලා දෛවඥයන් විසින් එම පුත් කුමරාට ''යුකීඝොෂ'' නම් නම් තැබීය.

    මේ පින්වත් පුත් කුමරා නිසි විය එලැබි කල සිතන්නේ, “නිකම් එකගෘහිව සිට බත් ගිල දමනු මට තරම් නොවන්නේය. මාගේ පියාණන් මහා තෙද බලැති ජනයාට ප්‍රියයෙකු වන්නේ මමද ඔහු වැන්නෙක් වෙන්නෙම්” යයි සිතා සක් පිඹින්නට තැනක් සොයනුයේ “සිරස” නම්වු බොහෝ පරසිඳු රූප පෙට්ටි කොම්පැනියක් දැක එයට බැඳුනාහුය.

    මෙම කුමරා වනාහි ප්‍රේක්ෂකයන් විෂයෙහි ප්‍රිය නොවුවාහුය. ප්‍රේක්ෂකයන් මහත් සේ අගය කළාවූ සූරපප්පා විකාශනය නතර කළාහු දවස දහස බැගින් වස්තු උපයන කවී නම් වෙසඟනක් හා එක්ව පැයක් තිස්සේ රූප පෙට්ටියේ නිශ්ප්‍රයෝජනයේ හෙළ බසත් නොවන පර බසත් නොවන බසෙකින් මහ හඬින් විලාප තියති. නොකාරණයේ සිනා නගති. හඬති. එවේලේ රූප පෙට්ටිය බලනා එකද සත්ව කෙනෙකුදු සොම්නසට නොපැමිණ මහත් දුකට පැමිණියාහුය. උනුදු මොහුගේ විලාපය තවදුරටත් නොඉවසන්නේ එකිනෙකා හා කතිකා කොට දිනෙක ෆේස් බුකියේදී “එම්බල, අනුවණ වූ දුෂ්ඨ කොල්ල, සූරපප්පා නම් සුපිරි වැඩසටහන බැලුවා වූ අපට තොපගේ සිස්ටීන් පස් කනේ යවුල් අනින්නාක් මෙන් දැනේ” යයි කිවුය. එතෙකුදු නොනැවතී “තොප පුරුෂයෙක් නොවන්නේ, තෝ ස්ත්‍රී අංගෝපාංගයන්ගෙන් යුත් භාග පුරුෂයෙකැ” මහත් වු ආක්‍රෝෂයෙන් පරිභව කරන්නේ “තෝ හස්තවිකාර මුඛවිකාරයෙන් උසුළු විසුළු පෑම නතර කරන තෙක් අපිදු තොගේ ෆෑන් පේජයේ වර්චස් කරන බව දැන ගනුව” යැයි තර්ජන කළාහුය.

    යුකීඝොෂ කුමරුවාද ප්‍රේක්ෂක ප්‍රතිචාර දැක මහත් වූ කලකිරීමට පැමිණියේ තම වෝලය වසා විල්පත්තු වනයට ගොස් බඩ කපාගෙන දැස් උඩහිඳුවා මළේය. එකල්හි රූප පෙට්ටිය බලනා සියළුම සත්වයෝ මහත් උද්දාමයට පත් වූවාහු රතිඥ්ඥා දල්වා සතුට පළකොට බොහෝ කලක් සතුටිං සූර පප්පා බලමින් දිවි ගෙවුවාහුය.

    -----------------යුකීඝොෂ කතාවස්තුව මෙතෙකින් හමාර වන්නේය.-----------------

    ReplyDelete
  12. සිරස කාලයක් කාන්තාවන්ගේ නිදහස හා ප්‍රගතිය වෙනුවෙන් කරපු ස්ත්‍රීවාදී වැඩසටහන් අගය කළත් මේ වැඩේනම් මමත් පිළිගන්නේ නෑ. මේ 16+ තහනම් කරන්නම ඕනේ.

    ReplyDelete
  13. එකක්වත් දැක්කෙ නෑ. (දකින්න එපැයි බලල)

    ReplyDelete
  14. අර යකා කියපු ටිකත් අන්තිම වැරදියි.. උඹල මොන එහෙකට මේවට හොට දානවද? හැබෑට තොපි සිිරස විතරමද කොහේද බලන්නේ. ඔය වෙලාවට අනිත් හැම චැනල් එකෙත් යන්නේ අජුත කවුන්ට්ඩවුන් අරක මේක තමා. මට නං ඒ ඔක්කෝමටම වැඩිය 16+ හොදයි.. ඇත්තටම ඉතිං මාත් 16+ නේ.. 16- අයට මේ වැඩසටහන හරියන්නෑ. ඒක ඇත්ත.. (ඕකට කියන්නේ ඉරිසියාව කියලයි බොල) උන් දෙන්න නියමෙට කරනවා

    ReplyDelete
  15. සික්ස්ටි ප්ලස් වගේ ප්‍රෝග්‍රැම් එකක් ජොලි සීයාටයි,ලලක්කාටයි වගේ දෙන්නෙකුට කරන්න නොදී මේ පැංචන්ට දුන්නාම බුද්ධිමත් ප්‍රේක්ෂක ජනතාව කුපිතවෙලා. සිරස වටලනු.....නැත්නම් ගිනි තියනු!! ඔන්න ප්‍රශ්ණ.

    ReplyDelete
  16. අනේ මංද. මමනං තාම ඕක එකපාරක් වත් බලල නෑ. ඔය ටයිම් එකට ටීවි එකක් සෙට් වෙන්නෙ පෝය දවස්වලට විතරයි. :D

    ReplyDelete
  17. 16+ කියන කුනුහබ්බේ උන් නතර කන්නේ නැ උබල මෙතන කොච්චර කැගැහුවත් උබල කරන්න පුළුවන් එකම දේ එක නොබලා ඉන්න එක එතකොටයි උන්ගේ රේටින් අඩු වෙලා ඕක නවත්තන්නේ. උන්ට වැඩක් නැ අපි කැමැත්තෙන් බැලුවත් අකමැත්තෙන් බැලුවත් උන්ට ඕනි මොකෙක් හරි ඒවා බලන්න විතරයි

    ReplyDelete
  18. ලංකාවේ මොන රූපවාහිනියේවත් ප්‍රේක්ෂකයාට ඕන දේවල් දෙන්නේ නෑ.දෙන්නේ ප්‍රේක්ෂකයාට ඕන කියලා එකේ ලොක්කො හිතන දේවල්.කවුරුහරි ඒ වැඩසටහනට කැමති නැත්නම් නොබලා හිටියම හරිනේ.මොකද බලෙන් පෙන්නන්නේ නෑනේ.අර අධ්‍යක්ෂකද කවුද කියන කොල්ලා කරන්නේ රස්සාවනේ බං.උඹලත් හිතපල්ලා උඹලා අමාරුවෙන් රූපවාහිනී වැඩසටහනක් කරනවා.උඹට ඕන එක නෙවෙයි ලොක්කාට ඕන එක කරන්නත් ඕන.උඹේ රස්සාව බේර ගන්නත් ඕන.ඒ අස්සේ එක එකා උඹෙන් ගේම ඉල්ලනවා.උඹලා මොනා කරයිද?දැන් ලංකාවේ මීට වඩා කසඩ වැඩසටහන් යන කොට බලන් හිටපු උන් මේකට ෆෝම් වෙන්නේ මෙතන වෙන සෙල්ලමක් යන හින්දා.

    ReplyDelete
  19. සිර‍ස ගෙනියන දේශපාලනය සහ අලෙවිකරණය හැදෑරිය යුතුයි, උන් හෙළා දකින ගමන්. එතකොට අපේ සටන තවත් සාර්ථක වෙනවා.

    ReplyDelete
    Replies
    1. හැබෑට...එදා වේල හොයාගන්න බැරුව දහඅතේ කැරකෙන මිනිස්සු ඉන්න රටක උන්ට වෙන වැඩ නෑනෙ ඕවා හදාරලා සටනට යන්න...පුකේ අමාරුවද ඕයි ගොං කමෙන්ට් ගහන්නෙ...තියෙන දෙයක් කාලා වෙන දේ බලාගෙන ඉදපල්ලා...බොක ෆිට් වෙච්ච වෙලාවක රීලා පොල්මුඩු කෑල්ලකින් පුක පිහදාගන්න...

      Delete
  20. මේ දෙන්නා ලොකු රහසක් හංගගෙන ඉන්න බව පෙනෙන්නේ නැද්ද? ගෑණු ළමයෙක් වගේ ඇඳගෙන ඉන්නේ කොල්ලෙක්. කොල්ලා වගේ ඉන්නේ ගෑණු ළමයෙක්. මේ දෙන්නගේ මූණු දෙක දිහා හොඳින් බලන්න.

    ReplyDelete
    Replies
    1. අනේ විචාරක ඇස් පේන්නෙ නැත්තං කන්නාඩියක් දාලා බලන්න...ලංකාවෙ රූපවාහිනී ප්‍රේක්ෂකයො ගෑණු පිරිමි අදුරගන්න බැරි උන් කියලද කියන්නෙ...මේවට හිනා යන්නෙ පුකෙන් අයිසෙ....

      Delete
  21. අනේ රෙපෝ...පුද දීපන් ඩෝ...රෙන්න පුකේ ගූ නැතුව ඉන්න උඹලා සිරස හදන්න යනවා...උඹලට ඇත්තටම ගෙවල් වල වැඩ, පවුල් බර වගේ දේවල් නැද්ද...අඩුවට ඉන්ටර්නෙට් දීමේ ප්‍රතිඵලයක් විදියට තමයි උඹලා වගේ පොන්න පයියලා ටිකක් මෙහෙම ගොං ආතල් ගන්නෙ...නොදකින් මූසලයො ටික...මෝල වැඩි නම් සල්ලි දෙන්නම් දෙයියන්ගෙ නාමෙට බඩුවක් ගහපල්ලා....

    ReplyDelete
    Replies
    1. නෑ මම අභීත...උඹට සල්ලි දෙන්නෙ නෑමයි...පුලුවන් දෙයක් කරපන්..මූසලයා....

      Delete
    2. අභිතය ඕක ඇනෝ ඇවිත් කියන්නෙ නෑ. ඌට මොනවා උනත් "මම ඉන්දිකයගෙන් සල්ලි ගත්ත, දෙන්නෙ මට ඕන වෙලාට තමා" කියල නමින්ම කියන්න කොන්දක් ( ලැජ්ජ නැති කමක් ) තීනව. ඒ අතින් බලනකොට උඹ මහ වඳ පොන්නයෙක්නෙ.

      Delete