අඩන හිනැහෙන උඹේ අභියස
කිසිත් නොදැනෙන සෙල් රුවක් ලෙස
ඉන්න සැරසුන පෙම්වතා මම
නොදැනුනා නොව උඹේ හැගුමන්
නොසිතුවා නොව උඹ ගැනම මං
රෑ දිවා මුළු හද පුරා
යන්න බැහැ මට උඹත් අරගෙන
අදුර පිරි දුර අනාගතයට
උඹේ දිවිමග සරසවන්නට
ඒවී කුමරෙකු එලිය අරගෙන
සුරත බැඳ උඹේ පෝරුවක හිඳ
මනාලිය වී ඔහුගේ තුරුලට
ගියත් දවසක මගෙන් ඈතට
දුරින් ඉද මං සිනාසෙන්නම්
උඹේ සතුටත් එක්කලා.........
දුර ඉදන් හිනා වෙලා සුබ පතන්න පුළුවන්නම් අන්න ඒක තමයි කරන්න පුළුවන් හොදම දේ අයියේ...
ReplyDeleteපට්ටයි අරුණ
ReplyDeleteජයවේවා
පිහියෙන් අනින්න යන්නෙ නැතුව ඔය විදියට ඉවර කරගන්න පුලුවන්නං ලොකු දෙයක්.
ReplyDeleteසිතින් විතරක් පෙම් කරන්නම්
ReplyDeleteදුරින් හිද ඔබ දෙස බලන්නම්.. :D
රෙපා............. පට්ට කයිය අෑ................. නියමයි
ReplyDeleteඔව් ඒකත් හොඳා... සැබෑ ආදරය යනු අත්හැරීමයි කියලත් කියනවානේ...
ReplyDeleteමෙහෙම හිතන්න පුළුවන්නම් කොච්චර හොඳඳ ඉතින්..
ReplyDeleteස්තුතියි හැමෝටම
ReplyDeleteනියමයි මචං
ReplyDeleteapi nathi tika kaleta meyath hugak wenas wela.................
ReplyDeletekawith liyanna purudu wela niyamayine.......