Thursday, July 28, 2011

සිම්පල් plan එකක්

අද ලියන්න හිතුනේ ලංකාවේ ටෙලි comunication field එකේ සිම් ටාගට් එක ගහන්න (F .S .E .) එහෙම නැත්තම් ක්ෂේස්ත්‍ර අලවි විධායකවරු පාවිච්චි කරන සිම්පල් plan එකක් ගැන. මම මේ  අද ලියන්න හිතුනේ ලංකාවේ ටෙලි comunication field එකේ සිම් ටාගට් එක ගහන්න (F .S .E .) එහෙම නැත්තම් ක්ෂේස්ත්‍ර අලවි විධායකවරු පාවිච්චි කරන සිම්පල් plan එකක් ගැන. මම මේ  වැඩේ ගැන දන්නේ මේ field එකේ සති  2 ක් 3 ක් වැඩ කරපු හින්දා  ( මේක කිව්වා කියලා මට උසාවි පොලිසි ගානේ රස්තියාදු වෙන්නනම් බැ)  මේක අදාළ වෙන්නේ පහුගිය දවස්වල ලංකාවට නොමිලේ සිම් බෙදන්න පුරුදු කරපු company එකට. අනිත් ඒවා ගෙන මම දන්නේ නැ .  
 සිස්ටම් එක මේකයි 
මුලින් කියපු  F .S .E කෙනෙකුට මාසෙකට ලැබේන ටාගට් එක සිම් 1200 ක් විතර වෙනවා 
(ඇත්තටම හැමෝම හරියට වැඩේ කරලා ටාගට් ගැහුවා නම් අද ලංකාවම පාවිච්චි කරන්නේ ඒ company යේ සිම් විතරයි )
 ඒ ටාගට් එකෙන් 75% කලේ නැත්තම් හම්බවෙන්නේ basic එක විතරයි (sales field එකේ basic  එක විතරක් අරන් ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතන්නවත් පුලුවන්ද?)  ඊට අමතරව ෂොප් වලට card , reload විකුනන්නත් තියෙනවා  
 එක I .D . නො එකකට සිම් 2 ක් විතරයි Active කරන්න පුළුවන්. සිම් එකක මිල රු 25/=  75 ක reload නොමිලේ 
ෆොටෝ shop සොෆ්ට්ware ඒකට පින් සිද්ද වෙන්න  එකම I .D . එකේ ෆොටෝ එකය් විස්තරයි එහෙමම තියලා අංකය විතරක් වෙනස් කරගන්න පුළුවන් 
උදා original no 921050573 v 
මේකෙන් හදන්න පුළුවන් 915230705 v , 952100375 v , වගේ,
 සමහරවිට එහෙම අංක කවදාවත් පු.ලි.දෙපා .එකෙන් නිකුත් කරලත් නැ. නිකුත් කරන්නත් බැ. .
දැන ඊලග වැඩේ  තමයි active කරපු සිම් විකුණා ගන්න එක.

 එකත් simple plan එකක්

 එක එක තැන වල දාල තියෙන සිම් pramotion තමය මේකට පිහිට වෙන්නේ. I .D  එකක් නැති, තිබුනත් දෙන්න කැමැති    නැති, (එක එක ගේම් දෙන්න සිම් හොයන අය) වගේ එක එක ජාතියේ customers ලා මේ වගේ තැන වලට එනවා. එහෙම අයට රු 25/= සිම් එක දෙන්නේ 50 ට. (නිකම් 75/= කුත් දෙන හින්දා ගන්න කෙනාට 25/= ම ලාබයි)

(හදිසියෙවත් කගේ හරි අහින්සකයෙකුගේ I .D . නො එකකින් active කරපු සිම් එකකින් කව්රුහරි ගේමක් දීල තිබුනොත්  අර අහින්සකයටත් අබ සරණයි තමයි ) 
සමහර වෙලාවට මෙහෙම කරලත් ටාගට් එක ගහගන්න බැ ඒ වෙලාවට පිහිටට එන්නේ P .R . එකේ පිහිටෙන් හදා ගත්ත ෂොප් ටික. ඔය ගොඩාක් communication වලට ෆොටෝ copy ගහන්න එන I .D   card වල තවත් කොපියක් ෂොප් එකේ , ඉන්න කෙල්ල්ලන්ට පොඩි පැනි පාරක් දා ගත්තාම ගහ ගන්න  පුළුවන්. සමහර විට උන්ටත් කීයක් හරි අතමිට මොලවන්න වෙනවා. එත් පාඩු නැ . එහෙම active කරන සිම් එකක් අපි විකුනන්නේ 50/= ට නේ.   

මට ඒ  ජොබ් එක දාල එන්න උනෙත් මෙහෙම active කරපු සිම් විකුණන්නන කරපු pramotion එකකට අවේ නැ කියලා තමයි එහෙම හරි ඒ හොරුන්ගෙන් බේරුන එක ලොකු දෙයක්.  

 එහෙම active කරපු සිම් එකක් නිසා 4 වෙනි තට්ටුවටත් ගිය අහින්සකයෙක්වත් මට මුණ ගැහුනා ඉලක්කම් පස්සේ දුවලා සේවකයින්ගේ Perfomanse මනින ක්‍රමය පවතිනකම් මේවා නැති කරන්න බැ. එත් කව්රු හරි මැදිහත් වෙලා මේක නවත්තනවානම් ලොකු දෙයක්.  මම මේ කතාව   ලිව්වේ මගේ බ්ලොග් එක  බලන අයට ෂොප් එකකින් ෆොටෝ කොපියක් ගහගන්න කලින් හරි හිතන්න දෙයක් තියෙන්න ඕන නිසා     
මේ වගේ තවත් කතා තියෙනවා , ඊලග පොස්ට් එකේදී ආයෙත් හමු වෙමු. ඔයාලට හිතෙන දෙයක් ලියලම යන්නකෝ 

වරද කාගේද?

වරද කාගේද? 
මේ කතාව දැනට අවුරුදු 2,3 කට කලින්  මම ලංකාවේ එක්තරා දුෂ්කර පලාතක වැඩ කරනකොට අහන්න ලැබුණු කතාවක්. මේක කියන්නේ කාටවත් මඩ  ගහන්න වත් ලංකාවේ සංස්කෘතියට අපහාස කරන්නවත් නෙවෙයි. මට මේ වගේ අහන්න ලැබිලා තියෙන කතා ඔක්කොම හරියටම කියන්න ගියොත් මගේ බ්ලොග් එකත් තහනම් වෙයිද  දන්නේ නැ. කොහොම හරි කතාව මේකයි .
මේ පව්ලේ හිටියේ අම්මයි මද්දුම දුවයි  පොඩි පුතයි විතරයි. ඒ දුව අවුරුදු 12 ක ආබාදිත ගැනු ළමයෙක්. මම  ඒ අම්මට තිලකා කියලා කියන්නම් . තාත්ත ටික දවසකට කලින් නැතිවෙලා තියෙන්නේ ඉඩම් ආරව්ලකට ගිහින් පිහි පාරක් වැදිලා. ඊට පස්සේ එදා වේල හොයා ගන්නත් මේ අය ගොඩාක් දුක් වින්දා.  තිලකා  පොඩි පුතාව පන්සලේ මහන කරලා තියෙන්නෙත්  ආර්ථික අපහසුකම් නිසාමයි.  සුමනේව  කසාද බැදලා තමන් වෑටිලා ඉන්න ප්‍රපාතෙන් ගොඩ එන්න තිලකා  තීරණය කරන්න ඇත්තෙත් කකුල් දෙක පන නැතුව එක තන  ඉන්න  පොඩි දුවගේ අනාගතය ගැන හිතලා වෙන්න ඇති.   එත් ඒ බලාපොරොත්තු ඔක්කොම හුළගට ගහගෙන ගියේ සුමනේ  නිසා ඒ ආබාදිත දරුවට බබෙක් ලැබෙන්න ඉන්නවා කියන එක තිලකා දැනගන්නකම් විතරයි. තමන් අමාරුවෙන් ගොඩනගා ගන්න ගිය ලෝකේ පය පාමුලම සුනු විසුනු වෙලා යනකොට ඇති උන අවෙගයටම අතට අහු උන මන්නෙන්  තිලකා සුමනෙට කොටා ගෙන කොටා ගෙන ගියා.  
සුමනේගේ මරණෙට තිලකාව බන්දනාගර ගත කළා. අහිංසක දරු පැටව් දෙන්නගේ අනාගතේට  මොනවා  උනාද කියන්න දන්නේ නැ.     
මේ වගේ සිද්දි වලට  පිළියම් විදියට අපේ රටේ කරලා තියෙන්නේ මොනවද? වරද කාගේ උනත් අසරණ වෙන දරුවන්ගේ අනාගතේට මොකද වෙන්නේ? හිතෙන දෙයක් ලියලා යන්න 

Wednesday, July 27, 2011

මේක කට්ටියට තක්කාලියි බෝල්ට් ඇනයි වගේ කතාවක් වෙයිද දන්නෙත් නැ. එත් මේක ලියලා දාන්න ඕනේ කියලා හිතුනා කතාව  උනේ යාළුවො සෙට් එකක් හවස් වරුවකදී සෙට් උන වෙලාවක 
එකෙක් ඉන්නවා මිනිහා කතාව බෝතල් වලින් වැඩ මුඩි වලින් තවම කසාද  බැදල නැති උනාට ළමයි 4, 5 කගෙ  තාත්තා වගේ තමයි. උබලා දන්නවද මේ ලෝකේ ඉස්සෙල්ලම පහල උනේ කිකිලිද බිත්තරේද කියලා . මු ඇහුවේ බයිට් එකට ගෙනාපු ඔම්ලට්          එකෙන් කැල්ලක් අරන් කටේ ඔබා ගන්න ගමන්. බිත්තරේ , කිකිළි   කට්ටිය එක එක උත්තර දෙනවා. 
හරි උබම කියපන් උත්තරේ කට්ටියම ප්‍රශ්නේ අහපු එකා දිහාවටම ආයෙත් හැරුනා. මොන උත්තරද ? මු දාපු එක වීදුරුවෙන්ම ඔලුව සාක්කුවේ දාගෙන දොයි,,,
ඔයාල කව්රුහරි දන්නවනම් උත්තරෙත් දීල තවත් මොනවා හරි ඔයාලට හිතෙන දේකුත් ලියලම යන්න.

බ්ලොග් කියන්නේ මොකක්ද කියලා මළපොතේ අකුරක් නොදැන හිටපු මට මුලින්ම හමු උනේ දේවගේ අඩවිය. එකේ තිබුණු කරුණු මට බ්ලොග් ගැන හොයන්න ආසාවක් ඇති කළා. ඒ ආසාව හින්දම තමයි. මේ වගේ හැම කෙනාටම යන්න එන්න පුළුවන් විදියේ අම්බලමක් හදන්න හිතුවේ. තවමත්  මම  බ්ලොග් ලියන්න ආදුනිකයි. අම්බලමේ තියෙන ඔයාලට පෙනෙන අඩුපාඩු ඔක්කොමයි අම්බලම ගෙන ඔයාලට හිතෙන දේවල් ගැනයි ලියලා යන්න අමතක කරන්න එපා