කියන්නට දහක් දේ හිත ඇතත් පුරවලා
කියන්නට බැරුව අද මගේ හිත ගොළු වෙලා
ලගින් හිටියත් උඹට මුළු හදින් ලං වෙලා
අපේ හිත් දෙක තවම ගොඩක් දුර තනි වෙලා
මහ හුගක් හීන වැල් නුඹේ නමට ගොත ගොතා
හිටියාට බලාගෙන අද අපේ නැහැ කතා
යාල්පානම් යන්න තන්ගච්චි එක්කලා
යාල් දේවියේ නැගී ඉන්නවා මග බලා
යාල් පානම් වැල්ලේ අත් පටල දිව යන්න
බලාගෙන ඉන්නේ මම ඒ දවස එනකම්ම
සැදෑවක තුරුළු වී උනුහුමට ඉන්නකොට
දැනෙයි මගේ ආදරය නංගියාට හරි තදට
රා කට්ට අතට ගෙන පොවා පලවෙනි උගුර
යාපනේ වඩේ ගෙන බැදපු මිරිසුත් සමග
කඩාගෙන එක වඩය බෙදාගෙන කන කලට
දැනෙයි රාවල මිහිර මි විතක් පරයාන
කාටවත් දුන්නේ නැති ආදරේ පුරෝගෙන
යාපනේ තල් අරඹ මැද සොදුරු සැදෑවක
රා කට්ට ආදරෙන් බෙදාගෙන බොන කලට
අපි අපේ ලෝකයක තනිවේවි සුන්දරව
මේ යන්ද සෙට් එකම දවසක රා කට්ටක් ගහලා එන්න?
ReplyDeleteතල් රා බීල වැඩි වුණාමබඩ යනව... අනික අපේ හුග දෙනෙක්ට තල් රා දිරවන්නෙ නෑ
Deleteඅපූරුයි... ඕන මමත් එකක් ලියලා දැම්මා..
ReplyDeleteපට්ට කවි පෙල ඈ....
ReplyDeleteඒත්ඇයි ඕකට ඉන්දියන් කොඩිය දැම්මෙ කියල දන්නෑ නේහ්..
මට හෙන පුස්නයක්
ඉන්දියන් ආධාරවලින් නේද ඉතිරි ටික හැදුවේ....අර ඉස්කෝල ළමයි අතේත් ඉන්දියන් කොඩි තිබුනා.
Deleteඋඹව යවන්න බෑ...
ReplyDeleteමතට තිත තියනකොට රා වලට මොකද වෙන්නෙ බං..?
ReplyDeleteඑල නෙහ්..
ReplyDeleteIndiyan kodiyen kiyanne,Anagathaye wenadee.
ReplyDelete