උඹ දැක්කා තනියෙන් උඹේ හින
මම දැක්කා තනියෙන් මගේ හීන
අම්ම අප්පා රටේ සමාජයේ උන්
වෙන වෙනම මැව්වා අපි ගැන හීන
අපි අපේ බැදීම් වෙනුවෙන්
කැප කෙරුවා අපේ හීන
දුක් මහන්සි වෙලා ඉටු කරලා දුන්නා
අනුන්ගේ හීන
අන්තිමට හති වැටිලා නැවතිලා බලනකොට
අපිට අපිත් නෑ සමාජෙත් නෑ
________