ඒත් දැන් මේ කතා කරන්න යන්නේ නම් එහෙම දෙයක් ගැන නෙවෙයි. මුහුණු පොතේ අන්වර්ථ නාම වලින් ගිණුම් පවත්වා ගෙන යන මිතුරන් පිරිසක් එකතු වෙලා කරන්න යන වැඩක් ගැන. ඒ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ෆේස් බුක් හා ජංගම දුරකථන වලින්ම පමණක් සංවිධානය කෙරුණු මහා අයිස් ක්‍රීම් දන්සල ..
මේ සදහා හැකියාවක් තියෙනවා නම් ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්.
මුදල් වලින් ආධාරයක් කරනවා නම්,
ගිණුම් අංකය:- 10-2642-180-980
බැංකුව:- සම්පත් බැංකුව
ශාඛාව:- පානදුර
කියන එකට හරි 0777615332 නම්බරේට ez කෑෂ් කරන්න හරි
පුළුවන්.
වැඩි විස්තර සඳහා 078-3862214 ගිණි කුකුළා සම්බන්ද
කරගන්න
ඔබ ජිවත් වෙන්නේ කුරුනෑගල අවට ප්‍රදේශයක නම් එදාට
අනිවාර්යෙන්ම සාරගම වැව ලගට ඇවිත් අයිස් කෑමෙන් හරි අපේ
කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට සහයෝගයක් දෙන්න පුළුවන්.
ඔබ කුරුනෑගල ප්‍රදේශයේ කෙනෙක් නෙවෙයි නම් මෙන්න එතනට
එන මැප් එක
කුරුනෑගල පුත්තලම් පාරේ සාරගම වැව ලග.
ඔයාලා එන්නේ බස් එකේ නම් කුරුනෑගල ටවුන් එකේ ඉදන්
වාරියපොල, හංහමුණ, කටුපොත, කනෝටුව, කීණගස්පිටිය,
තිත්තවැල්ල හරහා ගෝනගම.......... ඔය ඕනෙ බස් එකක එන්න
පුලුවන්.
එහෙම නම් මෙතුවක් කාලයක් මුහුණු පොතෙන් අන්වර්ථ නාම වලින්
හදුනාගෙන හිටපු ලෙන්ගතු යාළුවො ටිකක් හැබැහින් දැකගන්න. කතා
කරන්න සතුටු වෙන්න. වෙසක් මාසේ 25 වෙනිදා (පුන් පෝයදාට
පසු දින) උදෑසන 10 සිට කුරුණෑගල එන්න.
මුහුණු පොතේ ෆේක් මිතුරන් මිතුරුකම පිළිබඳව නිර්මාණය වූනු වීඩියෝවක් පහල ලින්කුවෙන් ගිහින් බලන්න පුළුවන්.
යාළුවො අපි යාළුවො
අවවාදයයි.
මැයි 25 උදෑසන 5.45 ට සහ 9 ට කොළඹ කොටුවෙන් කුරුනෑගල දෙසට පිටත් වන දුම්රිය මැදිරි වල ප්‍රවේශමෙන් ගමන් කරන්න. අන්වර්ථ නාමයන්ගෙන් පෙනී සිටින මිනිසුන් විසින් ඔබව රැවටීමට ඉඩ ඇත
අවවාදයයි.
මැයි 25 උදෑසන 5.45 ට සහ 9 ට කොළඹ කොටුවෙන් කුරුනෑගල දෙසට පිටත් වන දුම්රිය මැදිරි වල ප්‍රවේශමෙන් ගමන් කරන්න. අන්වර්ථ නාමයන්ගෙන් පෙනී සිටින මිනිසුන් විසින් ඔබව රැවටීමට ඉඩ ඇත