Showing posts with label කවි ද මන්දා. Show all posts
Showing posts with label කවි ද මන්දා. Show all posts

Wednesday, July 4, 2012

ආදරේ අහස තරං.......




හැගෙන්නේ එක දෙයයි
දැනෙන්නේ එක දෙයයි
මගේ මුළු ජීවිතේම
ඔය ඇස් දෙක ඇතුලේ........


දැනුනොතින් ඔය හිතට
පුංචිම පුංචි දුකක් හරි
වැටුනොත් ඔය ඇස් දෙකින්
එක පුංචි කඳුළු බිංදුවක්
පිච්චිලා යයි මුළු ජීවිතේම මගේ..........


හැගෙනවා දැනෙනවා
ලස්සනයි කියලා මුළු ජීවිතේම
කාලෙකට පස්සේ
ඇත්තමයි මම ආදරෙයි 
අහස තරං...........






Wednesday, May 2, 2012

අට විසි පුජාව







විකිනෙනවා ඕසේට
සිවුරු පිරිකර අදනකඩ තව
එපා කරන්න පුජා 
පොඩි පොඩි කෑලි
දෙසිය පනහේ

ලැජ්ජයි නේද
කියනකොට ඇහෙන්න
ගමටම
යකඩ කටකින් 
නම

මෙන්න සිවුරක් 
ගන්න පන්සියයයි දෙදහස්
මෙතන විතරයි
ඒ ගානටත්
පිටින් ගත්තොත් 
තවත් වියදම්

කොහොමටද නම්බුව
කියනකොට නම
යකඩ කටකින්
ඇහෙන්නට මුළු 
ගම්මානේටම
සුපින්වත් දානපති
මැති තුමනි මැතිනියනි

පටන් ගන්නවා ෂෝ එක
පුජාවේ අට විසි
නවයයි තිහට අද රෑ
පෙන්නනවා දිගටෝම
පුරාවට සතියක්ම

එයිට කලින් නම්
පෙන්නන්න බෑ කොහොමටත්
මිස් වෙනවා අපටත්
අමා, රන් සමනලයෝ
බලලාම එන්නකෝ 
සිහින පියාපතත් 
මාලි ගෙන් බාගයක්

යන්න කැමතිද ඔහෙලා
දිවිය ලෝකෙට ඉක්මනින්
හදල දෙන්නම්කො අපි
ටිකට් එක ඉක්මනට
එන්න පින්වත
පින්වතිය තව
විකුණගන කන්නට 
.
.
.
තුනුරුවන්

වරෙල්ලා වරෙල්ලා
ඇනෝලා සෙට් වෙලා
පලු යන්න බනින්නට
සෙට් වෙලම වරෙල්ලා
අපි බය වෙයි 
පුහ්
...

Friday, April 27, 2012

ආශ්චර්යට ෂෝට් කට්


පාන්

කාපන්

තවත් 

වැඩිපුර

යන්න

අපටත්

ආශ්චර්යයට.

Saturday, January 14, 2012

සල්ලි කාරයා

කලින් පොස්ට් එක ඩිග්රි කාරයා කියවලම එන්න 




අම්ම අප්පා කිව්ව නිසා
සිස්සත්වෙට වාඩි වෙලා
කර මුලින්ම ඇන ගත්තලු
පුංචි කාලේ මං.........

ඉස්කෝලෙන් කට්ටි පැනල
අම්බානක ගුටිත් කාල
කොල්ලෝ එක්ක ගැන්සි බැහැපු
සිරා බුවෙක් මං........

ඉගන ගන්න බැහැ උඹ හට
හැම එකාම මට කියද්දී
ඒ මොකවත් ගණන් නොගත්
මදාවියෙක් මං.........

ඕ ලේවලුත් ෆේල් වෙලා
කන් පිරෙන්න බැනුම් අසා
ෆීල්ඩ් එකේ ජොබ් කට්ටක්
හොයා ගත්ත මං.............

ඒකෙන් පුහුණුවක් අරන්
මගේ වැඩක් පටන් අරන්
ලොකු පොරකට කඩේ ගිහින්
ලොකු  පුටුවක මං.........

ඉගන ගත්ත අපේ එවුන්
සහතික මිටි තුරුළු කරන්
ජොබක් හොයන් ඇවිදිල්ලා
මගේ ලගට දැන්.......

හනේ හෆොයි බං
ඉගන ගත්ත උන්.....
මේ බලපිය බං
කට්ටි පැනපු මං........

ඇඩෙනවා නේ ....................


මහා සයිබර් ශ්‍රමදානයට යනව නම් මෙතනිනුත් යන්න පුළුවන් 

Friday, January 13, 2012

ඩිග්රි කාරයා

මේක මම ආශ්‍රය කරන එකෙක්ගේ ජිවිත කතාව මේ තොප්පිය හරියන තවත් අය ඉන්නවා නම් දාගන්නවල හොදයි.............






එල කියුෂන් මොන්ටිසෝරි
එක දෙක තුන පාස් කරන්,
සිස්සත්වෙත් පාස් කොරලා 
කොළඹ ආව මං......

O / L  A /L මදිවට
aat චාටර් වෙලා
ඔය ඔක්කොම දුක් විදලා
පාස් කොලා මං..........

උපාදි ගැන සිහි කරමින්
ජෙප්පෝ එක්ක පිකට් ගිහින්
පොලිසියෙන් ගුටිත් කාල
ගෙදර ආව මං.........


හැම සේසත උකස් කරලා
මගේ අනාගතේ හිතල 
නොකා නොබී  දුක් විදිනවා
අම්ම අප්පා නම්..........


මැරි නොමැරී දුක් විදිමින්
අවුරුදු ගානක් දගලලා
අන්තිමේදී කොහොමින් හරි 
ඩිග්රි ගත්ත මං.........


නෝ ජොබ් කොම්පැනියේ ඉදල
රස්සා දියව් පිකට් කොරලා 
ආණ්ඩුවේ රස්සාවක්
හොයා ගත්තා බං........


මගේ හොද වයසත් ගිහිල්ල
අම්ම අප්පා ලෙඩ්ඩු විලා
ජොබ් එක කර ගන තනියෙන්
ඔහේ ඉන්නවා මං........... 

අනේ හෆොයි බං
නාකි වෙලාලු මං............ 

Wednesday, January 4, 2012

වෙට්ට පාසියක් ( නොවේ )




පොරෝගන සුදු රෙද්ද 
ලෝකෙටම බන කියන 
අමධ්‍යප සංගමේ
සභාපතිතුමාටත් 
දවසකට ඔනමලු
බෝතලේකට වඩා  
කන්ද උඩ පන්සලේ 
පොඩි හාමුදුරුවොත් 
ඇවිත් කියනවාලු බන රෑට 
කාමයේ වරදවා හැසිරීම වැරදියිලු
සුරාවත් නරකයිලු
දෙනවාද කන්න උන් 
මටත් මගේ කොල්ලටත්
ඔය බයිලා කිව්වාට
නොඉස්සුවොතින් රෙද්ද 
හොර රහසේ උන්ගාව

Thursday, September 8, 2011

රාමායනය (නිව් වර්ෂන් රී මික්ස් )


මාතෘකාව දැක්ක ගමන්කට්ටියම එකතු වෙලා මට බනින්න පටන් ගන්න එහෙම එපා. මම මේක ලිව්වේ ඉතිහාසය වෙනස් කරන්නවත් කාටවත් අපහාසයක් කරන්න වත් හිතාගන එහෙම නෙවෙයි. මේ මට හිතුනු දේ.රාම කුමාරයාට දෙවියකුට වගේ සලකන අය වගේම ප්‍රබාකරන්ටත් දෙවියකුට වගේ සලකන අය ඕන තරම් මේ රටේ ඉන්නවා. දැන් සිද්ද වෙන වැඩ වල හැටියට  මෙහෙම දෙයක් සිද්ද වෙන්න බැරිද? බනින්න කලින්  කියවලාම බලන්න.
 
රාම රාවන කතා පුවතේ කුමක් සිදු වුනි දැයි සොයා
ගමන් කල විට හමු වුනා මට රාවනා මහා රජතුමා
යහන ගල මත එලුව පලසක දැහැන් ගතවී පසුවනා
රාවනා රජු සන් කළා මට අසුන් ගන්නට යයි කියා..............

පැමිණියේ නුබ මා බලන්නට කිම්ද හේතුව යයි අසා
විවර කරමින් දෙනෙත් ඇසුවා ඒ මහා නරපති තුමා
වාල්කිමිගේ රාමායනයේ කියන දේ ඇත්තද කියා
මා අසු විට හිනැහුනා ඔහු ඉහල අහසට නෙතු යොමා.............

කොල්ල කන්නට මගේ විජිතය පැමිණි රාමා නම් හොරා
පැවසුවා ලෝකෙට කියන්නට මගේ දුර්ගුණ ගොතගොතා 
බාර ගත්තලු කොන්ත්‍රාත්තුව වාල්කිමි නම් මනු සතා
ලිව්වලු බොරු ගොත ගොතා ඔහු රාමගේ ගුණ වය වයා............

බොරු ගොතා ලෝකෙටම පෙන්වූ වාල්කිමි කොයිබද කියා
මා ඇසුවා රජතුමාගෙන් ඔහුව හමු වන්නට සිතා
හමු වෙලා නුබ ඔහුව අහපන් සිදු වුනේ කීම දැයි කියා
අන්න ඉන්නවා චැනල් හතරේ ලොකුම පුටුවේ ඒ යකා ...................

 ඕ ලෙවල් වලටවත් සාහිත්‍ය කරපු නැති  මම පොඩ්ඩක් වචන ටිකක් ගැට ගහන්න පුරුදු උනේ මේ බ්ලොග් කෙරුවාව නිසා. කෙලින්ම බනින්න බැරි නම් අනෝ කෙනෙක් විදියට වත් ඇවිත් කුණු හරපෙන් බැනල ගියත් මට කමක් නේ. ( මොකද ඕව මම නොදන්නා දේවල්යැ  ) දැන් එහෙනම් කට්ටියම මට බනින්න පටන් ගන්නකො. 
 

Tuesday, September 6, 2011

හිමි නොවුණු සිහිනයට


ලියපු හැම කවියක්ම,          
ලියවුනේ නුබ නිසා,
දුටුවා හැම සිහිනයේම,
සැරිසැරුවේ නුබ නිසා,
දුරස් වී ගියත් නුබ,
අමතකව නැති නිසා, 
හිදිමි මම හැමදාම ,
බලාගන එන තුරා ,
ලිය වුනත් නුබ ගැනම,
කවි සින්දු ගලපලා,
හැදීනුවද මගේ හිත, 
නුබ ඒවා කියවලා,
හැමදාම ආදරෙන්, 
මගේ සිත පුරවලා,
නුබ ඉන්න හැමදාම, 
මගේ ලග නැවතිලා ......................

Wednesday, August 31, 2011

මෝඩ බුරුවා


ඉස්සුවේ මට ආපු email එකකින්