දෙනෝ දහසක් වසන
සෙයිලමේ හැම නිතර
අතරමං වෙලා මම
කිසිත් නොපෙනෙන තැනක
දෙනෝ දහසක් දෙනා
ඉන්නවලු වටේටම
නොයෙක් දේ කියනවලු
කරනවලු මං ගැනම
කිසිවක්ම දැනෙන් නැති
හැගෙන් නැති හදවතට
කුමන ඵල ලෝකයා
මොන දෙයක් කෙරුවාට
මියැදෙන්න වැටුනාට
අමතකව නැත තවම
අතීතයේ මියැදිච්ච
නුඹට බැදී ආදරය
කුසට අහරක් කුමට
ගතට දිරියක් කුමට
හිස් වෙච්ච හදවතට
පවන් සිසිලක් කුමට
අදුරු පාතාලයක
තනිකමම රජ කරන
හිර වෙලා මගේ හිත
යලි නොනැගිටින්නටම
නැත කිසිදු අදිටනක්
එන්න යලි ලෝකයට
මියැදිච්ච හිත එක්ක
වැලලේවී පස් යටට
________
// කුසට අහරක් කුමට
ReplyDeleteගතට දිරියක් කුමට
හිස් වෙච්ච හදවතට
පවන් සිසිලක් කුමට//
හැබෑ නේන්නං.....
ජ ය වේ වා !!!!
මියැදුන හිතටකට ඔය කිසිම දේක වටිනකමක් නෑ තමයි..
ReplyDeleteලස්සනයි රෙපෝ...
ReplyDeleteජයවේවා
පට්ට වචන ගැලපිල්ලක්
ReplyDelete