Wednesday, October 4, 2017

මොහොතක් හිතන්න



ගමයි පන්සලයි අතර තියෙන බැදීම අදක ඊයෙක ඇති වෙච්ච දෙයක් නෙවෙයි.
මිනිස්සු පන්සල එක්ක තියෙන බැදීම පවතින තාක්කල් තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න අමාරුයි කියල මේ ආණ්ඩුව හොදාකාරවම දන්නවා.
බෞද්ද භික්ෂුව කියන චරිතය ගැන මිනිස්සුන්ගේ හිත් වල කළු පැල්ලමක් ඇති කරන්න ආණ්ඩුවට ඕන කරන්නේ අන්න ඒ හේතුව හින්දා.
නිරාගමික කියන බෝඩ් ලෑල්ල ගහගත්ත බයිලා කාරයෝ සෙට් එකක් එක පැත්තකින් මිනිස්සුන්ගේ ඔලු හෝදන්න බයිලා කෙලිද්දී බෞද්ද භික්ෂුව බෞද්ද සමාජය අතර ගැටුම් ඇති කරන්න ආණ්ඩුවෙන් අවස්ථා හදල දෙනවා අපුරුවට.
ජාති වාදී ආගම්වාදී බෝඩ් ගහගත්ත එක එක සේනාවල් කරන්නෙත් ඒ දේම තමයි.

පහුගිය දවස් වල පිණ්ඩපාතේ වඩිනකොට හාමුදුරුවන්ගේ හොද කියපු අය අද හාමුදුරුවන්ට බනිද්දි පිණ්ඩපාතේ එදා හාමුදුරුවන්ට බැනපු අය අද හාමුදුරුවන්ගේ හොද කියනවා. කොහොමින් කොහොම හරි තාම තමන්ගේ පාට කන්නාඩි වලට පේන විදියට බැන්නට හොද කිව්වට අන්තිමට හැමෝම කරන්නේ බෞද්ද භික්ෂුව එක්ක සමාජය අතර තියෙන බැදීම පලුදු කරන්න දායක වෙන එක විතරයි.
හොදට කල්පනා කරන්න මොන ප්‍රශ්න තිබුනත් වෙන ආගම් වල පුජකවරුන්ට මෙහෙම දේවල් වෙනවද කියලා. ඇයි බෞද්දයන්ට විතරක්ම මෙහෙම.

මේ වෙලාව හදවතින් නෙවෙයි මොලෙන් වැඩ කරන්න ඕන වෙලාවක්. අන්න ඒක හිතේ තියාගෙන වැඩ කරමු.
හදවතට වහල් වෙලා ආණ්ඩුවේ ඕනෑකම ඒ විදියටම අපි ඉෂ්ට කරලා දෙනවද නැත්තම් ආණ්ඩුවේ ඩබල් ගේම් පරාද කරලා අපි මෙච්චර කාලයක් ගිය ගමන ඉස්සරහටම යනවද. තීරණය ඔයාලගේ

අරුණ හෙට්ටිආරච්චි

Wednesday, September 13, 2017

රට වනසන ගොබෙල්ස් කාලකන්නින්ගේ අලුත්ම නාටකය.


අද රටේ පාලකයන් තමන්ගේ මතය සමාජගත කිරීම සදහා ගරිල්ලා මාකටින් විශාල ලෙසම යොදා ගනී. ඒ සඳහා දීප ව්‍යාප්තව කැපවුණු කණ්ඩායමක් ඔවුන් සතුය.
හරි හෝ වැරදි හෝ වේවා තමන්ට සමාජගත කිරීමට අවශ්‍ය යම්කිසි මතයක් යම් කිසි කන්ඩායමක් විසින් කාලාන්තරයක් තිස්සේ අඛණ්ඩව එක් එක් ආකාරයෙන් සමාජයට ඉදිරිපත් කිරීම මොවුන් විසින් සිදු කරයි.

කටකතා , ෆේස්බුක් , බ්ලොග් , වෙබ් අඩවි වැනි සමාජ ජාලා වලට අමතරව තවත් බොහෝ මානසික අල්ලස් මොවුන් මේ සදහා යොදා ගනී.
තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව රට රවටන බොරුකාරයන්ගේ අතකොළුවක් වූ පිරිස බොහෝය. 

උදාහරණයක් ලෙස පසුගිය යුගයේ යුද්දය නිමා වීමෙන් අනතුරුව රටේ සිදුවූ යෝද සංවර්ධනය දරාගැනීමට නොහැකි වූ පිරිස් තම තමන්ගේ පටු දේශපාලන අභිමතාර්ථ මුදුන් පමුනුවා ගැනීම වෙනුවෙන් රට රැවටීමට භාවිතා කල කටකතා ප්‍රචාර පෙන්වා දිය හැක.

රටේ සිදුවූ මහා පරිමාණ සංවර්ධන ක්‍රියාවලියක් අතරතුර කම්කරුවකු සිමෙන්ති කොට්ටයක් හොරකම් කරන අයුරු ඔහුටම පෙන්වා 

"උඹල මේකෙන් මෙහෙම සිමෙන්ති උස්සන්නව නම් මහ උන් කොහොමට ගහනවා ඇද්ද"

යනුවෙන් සිමෙන්ති හොරාගෙන්ම අසමින් ආරම්භ කරන කටකතාව අවසන් වන්නේ රාජපක්ෂ සමස්ථ ව්‍යාපෘති වටිනාකමින් 90% කොමිස් ගත් බවට බොරු බේගලයක් මිනිසුන්ට ඇද බාමිනි. ලෝකයේ වැඩිම වේගයක් සහිත අඩුම මිල ප්‍රචාරන මාද්‍ය කට කතාවයි. මොවුන් තමන්ගේ බොරුව සමාජ ගත කිරීමට එය අපුරුවට භාවිතා කරයි

එදා කටකතා කරුවන් එලෙස කටකතා පතුරද්දී අනාගත ජනාධිපති සිහින දකිමින් සිටි රාජිත, චම්පික රණවක, මෛතිරිපාල සිරිසේන වැනි ආලපාලු ගේම් කාරයන් ආන්ඩුව ඇතුලත සිටම එම කටකතා සියල්ල ඇත්ත බව ජනතාවට පෙන්නුම් කිරීමට කටයුතු කරද්දී විපක්ෂයේ ජනතා පිළිගැනීමක් සහිතව සිටි ජවිපෙ අනුර කුමාර කණ්ඩායම හොර රහසේ එවකට තිබු ආණ්ඩුවට විරුද්ද කුමන්ත්‍රණ කරුවන් සමග එක් වී ඔවුන් සමාජ ගත කිරීමට උත්සාහ කල මතය ජයග්‍රහණය කිරීමට කටයුතු කරන ලදී.
එදා පොර්ට් සිටිය සෑදීමට යන කළුගල් ප්‍රමාණය රටේ මුළු කළුගල් ප්‍රමාණයටත් වඩා වැඩි යයි කියමින් වේදිකා මත කෑගැසූ මොවුන් අද නව රජය පොර්ට් සිටි ව්‍යාපෘතියම නම පමණක් වෙනස් කර කරගෙන යන විට සද්ද වසා සිටීමෙන් එය මොනවට පැහැදිලිවේ. 
මේ රජය පත් වී වසර තුනකට ආසන්න්න වන විටත් ඔවුන් එදා පැවසූ රාජපක්ෂගෙ මහා පරිමාණ හොරකම් වංචා සොයා ගත නොහැකිව ඇයි රාජපක්ෂ හොරකම් කරලම නැද්ද යනුවෙන් ඔවුන් අපෙන් අසන තත්වයට වැටී තිබීම ශෝක ජනකය.
එපමණක් නොව එදා රාජපක්ෂ හොරු යන මතය සමාජගත කිරීමට දුක් මහන්සි වුවන් අද ආසියාවේ ලොකුම මුල්‍ය වංචාවක් ශ්‍රී ලංකාවේ මුල්‍ය ක්ෂේස්ත්‍රයේ හදවත බදුවූ මහ බැංකුවේ සිදුවන විට නොදැක්කා සේ බලා සිටීමද ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ තරම මැනවින් කියා පායි. 

එම ගොබෙල්ස්කරනයේ තවත් අවස්තාවක් මේ වන විට අප ඇස් ඉදිරිපිටම සිදු වෙමින් පවතී. මේ වන විට යහපාලුවන් හට ඔව්න් බොරුවෙන් වංචාවෙන් ලබාගත් ජයග්‍රහණය සැමරීමට විශාලතම බාධාවක් වී ඇත්තේ බෞද්ධ භික්ශූන් වහන්සේලාය. 

එබැවින් යපාලනය වෙනුවෙන් පෙනී සිටින ජාතියක් ජම්මයක් නොමැති කාලකන්නින් පිරිසක් බෞද්ධ භික්ශුව පිලිබදව සමාජයට පිලිකුලක් වෛරයක් ඇති කිරීම සදහා නැවතත් තම සුපුරුදු ක්‍රියාවලිය ආරම්භ කර ඇත. යහපාලනය යන නමද ගණිකා වෘත්තියේ යොදවමින් රට වනසන කාලකන්නින් මේ සිනවල සමාජ මාද්‍ය ජාල තුල බහුලව දක්නට ලැබේ. හොරකමට දුෂණයට වංචාවට එරෙහිව හඩ නගන අති පිරිසුදු චරිත ලෙස තමන්ව හදුන්වා ගන්නා ඔවුන් සත්‍ය වශයෙන්ම සිදු කරන්නේ හොරකමට වංචාවට එරෙහි වීම නොව සමාජ සාධාරණය වෙනුවෙන් හඩ නගන යහපාලනය නාමයෙන් රට විකුණන් කන වත්මන් ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන බෞද්ධ භික්ෂුව ජනතාවගෙන් ඈත් කිරීමට ජන මනස තුල මතයක් ඇති කිරීමයි.

එබැවින් අප මේ මොහොතේ ජාතියක් ලෙස අවදිවිය යුතුය. සැබෑ සතුරා හදුනා ගෙන යහපාලන හොර වංචාකරුවන්ට එරෙහිව නැගී සිටින බෞද්ධ භික්ශුව සමාජයෙන් ඈත් කිරීමට දත කන කාලකන්නින්ගේ නිරුවත රටට හෙලි කිරීමට කැප විය යුතුය.

අරුණ හෙට්ටිආරච්චි HJM




Tuesday, September 5, 2017

2025 පොහොසත් රටක් 8 අවුරුදු සැලැස්ම

ඊට කලින් අපි 



කුමාරෝද පිටු දෙකට ඉරාලා
සුභාෂිතය බඩු ඔතන්න යවලා 
උම්මග්ගය පොත බරට විකුනලා
නව යුගයක් අපි හදමු සෙට් වෙලා 

මාපිය දුදරු විරසක විලා 
නෑදෑයෝ මුදලට විකිණිලා
මිතුරන් සොයුරන් අමතක කරලා
මොනරුන් පසු පස යමු පියඹාලා

ආවත් බාධක එයට නොසැලෙමු
මතට තිත කියා බදු සහන දෙමු 
සිගරට් වෙනුවට ජොයින්ට් ගෙන එමු
 
සල්ලි වලට රට උනත් විකුනමු 

සංස්කෘතිය ඉතිහාසය කන්නද
ලෝක උරුම ටික තියාන මොකටද 
සාක්කුවට ලොකු ගානක් අරගෙන 
ඔක්කොම විකුණන් කමු අපි සතුටින 


----අරුණ හෙට්ටිආරච්චි----

Monday, September 4, 2017

අහිමි සිත



පෙර පිනකට ලැබුණු
ලස්සන රුපෙකට වහං වෙච්ච 
මියැදෙන්න අර අදින හිතක් ලග 
නැවතුනා මං එක දවසක්.


රුපෙට වහ වැටුනු මිනිස්සු 
අයිතිකරගන්න පොරකද්දී ඒ රුප ලස්සන
උත්සාහ කලේ මං 
මියැදෙන්න යන හිතට පණ දෙන්න

පොරකාපු මිනිස්සු අයිතිකරගත්තාට 
අද ඇති හෙට නැති රුපය
දන්නේ නෑ ඒ කවුරුවත් 
මියැදෙන්න ගිය හිත ගැන

අවසන ....

හිතක් නැති ගත අයිති කරගෙන 
විදවයි ඔවුන් හැමදාම විදින්න ඇති ජීවිතය 
මියැදෙන්න ගිය හිතට දිවි දෙන්න ගිය 
මටත් අහිමි විය මගේ හිත සදහට ....

-------අරුණ හෙට්ටිආරච්චි---------

Thursday, November 3, 2016

ව්‍යවස්ථාවක් අවශ්‍යමද ?



රටට අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව පසු ගිය දිනක ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ප්‍රකාශ කොට තිබිණි. එ සදහා ඔවුන් පවසන්නේ ජනමතයක් එ සදහා ලැබුණු බවයි.

මෙහිදි පළමුව කිව යුත්තේ මේ ආණ්ඩු බලය ගෙන එමට මේ රජය ජනතාවට කියන ලද බොරු ප්‍රමාණයයි. ආණ්ඩු බලය ලබාගැනිමට මේ සා බොරු කියන ලද ආණ්ඩුවක් ඉතිහාසයේ කොතනකවත් අපිට හමු වී නැත. එ සා බොරු කියා ගත් ආණ්ඩුව දැනට අවුරුදු දෙකකට ආසන්න කාලයක් මේ රටට කල දෙයක් නොමැත.

කතා කරන්නේ නම් සංහිඳියාව ගැනය, රට තුල නැත්තේද එයය. උතුරේ වෙනම නීතියක්ය. දකුණේ වෙනම නීතියක්ය. නැගෙනහිර වෙනම නීතියක්ය. මේවා දෙස ජනතාව බලා සිටින්නේ තුෂ්නිම්භුත වී ගෙනය.

අඩුම වශයෙන් මේ රටේ විධායකයට මේ රටේ පාලනය කර ගන්නට හැකියාවක් නොමැත. රට ඉබාගාතේ යද්දී රටේ ජනාධිපතිවරයා කරන කතා ජනතාවට සිංහල පංතියක දේශනයක් වගේය.

රටේ නීතිය කනපිට පෙරලමින් ආණ්ඩුව හිතු මනාපයෙන් පවත්වාගෙන යන මේ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවංක ආකාරයෙන් ඉදිරිපත් කිරිමට සමත් වේ යැයි සිතිය නොහැකිය.

ජනාධිපතිවරනයක් තියා අගමැති වෙනස් වු ලෝකයේ එකම රට ලංකාව විය හැක. එයින් නොනැවති ආසන්න සංශෝධනය ගෙන ආවේ 19 වගන්තියයි. එහි ප්‍රධාන අරමුණ උයේ රාජපක්ෂවරැ මර්ධනය කිරිම පමණක් ම බව දන්නේ මේ රටේ අතලොස්සක් පමණි.

එයින් නොනැවතුණු ඔවුන් මහමැතිවරණයකට ගොස් බහුතරයක් ලබා ගැනිමට පවා නොහැකි විය. එ අඩුම වශයෙන් දින සියයේ වැඩසටහන සාර්ථක නොවුන පසුබිමක් තුළය. ජනාධිපතිවරයා එදා යම් යම් ප්‍රකාශ නොකෙරුවා නම් අද ඇත්තටම මේ ආණ්ඩුව නොමැත. ඉන් පසුව මහින්දගේ නම විකුණා චන්දය ලබා ගත් පිරිසක් මේ ආණ්ඩුවට එක් වුහ. එයින් ඇතිකරගත් මවාගත් බහුතර ආණ්ඩුවක් දැන් පවතින්නේය.

මහින්දගේ නම විකුණා චන්දය ලබා ගත් මන්ත්‍රීවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එමට සහයෝගය දෙන්නේ නම් එහි ඇති නෛතික හැකියාව සොයා බැලිය යුතුය.

අවසාන වශයෙන් මේ ගැන ජනතාව අතිශයින්ම අවධානයෙන් සිටිය යුතුය. හොදම උදාහරණය අතුරුදන් වීමේ පනත අගමැතිවරයා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් ආකාරයයි.
එවැනි අකාරයකින් මේ ව්‍යවස්ථාව සම්මත කරගන්නට මේ ආණ්ඩුව ක්‍රියා කලහොත් ලංකා ඉතිහාසය අනිත් පැත්තට හරවන දවස මෙන්ම එය මැකිය නොහැකි කලුපැල්ලමක් වන බව නම් අනිවාර්යය.

ජනතාවනි අවදියෙන් සිටින්න. මේ ඔබේ මගේ රටය. මේ රට ඔබේ මගේ දරුවන්ට නිරවුල්ව අප ඉතිරිකර තැබිය යුතුය. ඔබ අද අවධානයෙන් සිටියෙත් හෙට මේ රාටේ ස්වයිරිත්වය රැකෙනු ඇත.

නැතිනම් මේ රටට හෙට දිනයේ ලිබියාව සිරියාව වගේ වනු ඇත "


Like කරන්න share කරන්න
https://www.facebook.com/wadinathanata/

Sunday, October 30, 2016

මංකොල්ලකෑම් සහ අවභාවිතාව.



ජනවාරි 8 විප්ලවයක් යැයි කියා ගනිමින් එදා පැවති රජය වෙනස් කරමින් යහපාලනය රජය බලයට පත් වුයේ හොරු අල්ලනට සපත කරමින්ය.
පත් වී වැඩි කල් යන්නට පෙර හොරු ඇල්ලම සදහා FCID නමින් ආයතනයක් ද පිහිටුවීය.


මේ අතර ශ්‍රි ලංකාවේ වැදගත්ම මුල්‍ය ආයතනය වන මහා බංකුවට අර්ජුන් මහෙන්දාාන් නැමති සිංගප්පුරු ජාතිකයා පත්වන්නේද ඊට ටික කලකට පසු මහා බැංකුවේ මහා බැඳුම්කර වංචාවක් සිදුවන්නේ යහපාලන සියලු මූලධර්මනට පිටුපාමිනි.


රටේ විපක්ෂය නිහඩ මොහොතක රටේ මිනිසුන්ට රටට ආදරය කරන එකාබද්ධ විපක්ෂය මෙම සිද්ධිය සමාජගත කිරිමේ ප්‍රතිඵලයක් ලෙස දැඩි විරෝධතා හමුවේ මහා බැංකුවේ අධිපතිවරයාගේ සේවා කාලය තව දුරටත් දීර්ඝ නොකරන ලදි.


දිගින් දිගටම කරන ලද වවේචන හමුවෙි උවද මහ බැංකු අධිපතිවරයා තව දුරටත් රටේ වැදගත් තනතුරු දරමින් රට තුල සේවය කරන්නේ රටේ අගමැතිවරයා ගේ ආරක්ෂාව යටතේ බව ඔනම අයෙකුට තේරෙන කරැණකි.


ප්‍රාදේශීය සභාවට කොඩි කණු ලබා දීම වැනි සිද්දීන්වලට බැසිල් රාජපක්ෂ ඇමතිවරයා හීරේ යද්දි මහ බැංකුව මංකොල්ල කෑ අධිපතිවරයා අධිකරණය, FCID, තියා පොලිසිය ට වත් නොයන්නේ මේ රටේ නීතිය ඔහුට වලංගු නොමැති නිසාද එසේත් නැත්තම් රටේ ඉහලම පුටුවෙි සිටින අගමැතිවරයාගේ ගජයෙක් නිසාද දන්නේ නැත.


රටේ අහිංසක ජනතාවගේ මුදල් මංකොල්ල කමින් තමන්ගේ බෑනාගේ මුල්‍ය අයතනය රටේ විශාලතම ව්‍යාපාර පරදා ලාබ ලබද්දී රටේ මුදල් ඇමතිවරයා කියන්නේ 'රාජපක්ෂ ණය' ගෙවනවා යනුවෙනි. වැඩබිමක්ව තිබු රට මුඩු බිමක් කරමින් රාජපක්ෂ පවුලේ නම් කියවමින් සිටිනවා හැරෙන්නට මේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් මේ යහපාලන ආණ්ඩුව කල දෙයක් නැත.


කෝප් කමිටුව හරහා මේ වංචාව කරලිය දෙවනත් කරද්දී සාධාරණ සාමාජ වෙනුවෙන් පෙනි සිටී NGO නඩද රටේ විධායකය ද මෙලො දෙයක් නොව ලෙස සිටින්නේ නියම හොරැන් ආරක්ෂා කරන්නේ අපි යැයි පනිවිඩය රටට ලබා දෙමින්ය.


පසුගිය කාලයේ රටේ හොරු ඇල්ලිමට අමිල මෙහෙවරක් කල රන්ජන් රාමනායක ප්‍රමුඛ රහස් පරික්ෂක ජාලයට කෝප් වාර්ථාවෙන් මෙම සිදුවිම එලියට එනතුරු සොයාගත නොහැකි විය.


රටේ ජනතාවගේ මුදල් කොල්ල කමින් තමන්ගේ පුද්ගලික බුදලය තර කරගනිමින් අහිංසක මිනිසුන්ට තව තවත් බර පටවමින් බදු සංශෝධන නොවැම්බර් පළමු වෙනිදා සිට ක්‍රියාත්මක වෙන විට යහපාලනයට චන්දය දුන් සමහරු තුෂ්නිම්භුත වි සිටිති.


මේ මහා බැංකුවේ ඉතිහාගත බැදුම්කර මගඩියට සෘජුවම වගකිව යුත්තේ රටේ මුල්‍ය පාලනය කරන අගමැතිවරයා සහ මුදල් ඇමතිවරයාය. ඔවුන් මෙම සිදුවිම ගැන රටට කිසිවක් නොකියන්නේ නම් ඔවුන් කරන්නේ රටේ ජනමතයට පයින්ගැසිමක් විනා වෙන කිසිවක් නොවෙි.
යහපාලනය කරන්නට රට බාරගත් මේ කම්බ හොරැන් කරනා වංචාව රටේ ජනතාව අවබෝධ කර ගැනිම මේ අවස්ථාවෙි ජාතියක් ලෙස වැදගත් කරුණකි.


මේ සා රටේ මුදල් කොල්ල කමින් රට අගාධයකට ගෙනියන මේ යහපාලනය ආණ්ඩුවට ජනතාව ලෙස අපට කියන්නට ඇතතේ ඉල්ලා අස්වි ගෙදර යන්නට කියා පමණි.

Like කරන්න share කරන්න
https://www.facebook.com/wadinathanata/
හදවතේ ජනාධිපති කන්ඩායමේ වැඩක් ..!

Friday, September 2, 2016

සමාවෙන්න


සමාවෙන්න මේ පව්කාරයට 

සිය දහස් වාරයක් 

කප්පරකට ආදරේ 

දුන්නත් උඹ මට

නැහැ දෙන්න ඉතුරු වෙලා 

මගේ ලග 

ආදරේ අබ මල් රේණුවක් තරම්වත් 

උඹට

කාලෙකට කලින් 

තොරොම්බල් කඩේකට උකස් තිබ්බ 

මගේ ආදරේ 

සින්න වෙලා 

 සදහටම 

    මටත් නොදැනීම.....

Sunday, January 10, 2016

මම නොවෙයි මම




ගිවිසුමින් සින්නක්කරව 

එකිනෙකා සතු වූ 

කාන්තා පුරුෂ දෙසිරුරක් 

සරසා නේක සළුවෙන් 

ගලවා සුවඳ විලවුන්

කරවා පෝරු මස්තක 

ගැලපේවි කදිම ජෝඩුව

රැකේ සැමදා අපේ නම්බුව 

උදම් වූ නෑ සියන්ගේ

ආසිරි ගීත සුභ පැතුම් මැද 

සිත ගිණි තබා අළු කර

දෑවැදි තෑගී පොදි බැද 

කුළ ගෙයට යයි නැකතට....
______

Friday, December 18, 2015

අවසානය



ජිවත් වෙනකොට 
ලෝකෙට පේන්න හිනා උණු
ඒත්
ශරීර කුඩුව ඇතුලේ හැංගිලා 
තනියෙන්ම ඉකි ගගහ වැලපිච්ච
ආත්මය අදුනන්න බැරි උණු
නෑ සිය හිත මිතුරන්ගේ 
ශෝක ගීතිකා මැද්දේ,

ආත්මය ඈත් වුනු 
අපේ ශරීර කුඩු පෝමලින් දාල වේලලා 
සුවද විලවුන් ඉහල පෙරහරින් ගෙනිහි්න් 
වල දැම්මට 
හැමදාමත් පිච්චි පිච්චි අඩපු උඹෙයි මගෙයි
ආත්ම ගැන මතක් කරන්නවත් 
කාටවත්ම සිහියක් ඕනෑ කමක් 
නැති වෙච්ච හැටි

_අරුණ_

Sunday, February 22, 2015

සිහින


උඹ දැක්කා තනියෙන් උඹේ හින


මම දැක්කා තනියෙන් මගේ හීන 

අම්ම අප්පා රටේ සමාජයේ උන් 

වෙන වෙනම මැව්වා අපි ගැන හීන 

අපි අපේ බැදීම් වෙනුවෙන් 

කැප කෙරුවා අපේ හීන 

දුක් මහන්සි වෙලා ඉටු කරලා දුන්නා 

අනුන්ගේ හීන 

අන්තිමට හති වැටිලා නැවතිලා බලනකොට 

අපිට අපිත් නෑ සමාජෙත් නෑ
________

Tuesday, February 3, 2015

Accounts ආදරේ





ශේෂ පිරික්ෂුම 
තුලනය නොවූ විට 
සෙවුයෙමි දාගෙන 
මග හැරුන එන්ට්‍රිය 
මාගේ සැලරිය
හොරෙන්ම අරගෙන 
දාල තිබුනා උඹ 
පර්චස් ඕඩර්ස් අගේට



econ ආදරේ



කෙනෙකු ආදරය පුදයි
තවකෙකු ආදරය යදියි
යදින්නන් හට පුදන්නන්
හමුවූ විට
එතන සෙනෙහස
උපදියි
ඉල්ලුම සැපයුම 
සමතුලිතයි

Thursday, January 29, 2015

බැදීමක අරුමය



නහර ලේ ඇට 
මිදුළු විනිවිද 
දෙසිත් එක් කල 
ආදරේ .......


මුනේ ලස්සන 
තිබුන තරමට 
හදින් නොබැඳුන 
ආදරේ ......

දිවි තුරා මං 
ලඟම ඉන්නම් 
කියා හැර ගිය 
ආදරේ ......

කාසි කොළ මිටි 
යාන වාහන වලට
විකිණුනි 
ආදරේ ........

සිහින ලෝකය 
බිදී පොඩිවී 
පයට පෑගිණි 
ආදරේ ......

Thursday, January 8, 2015

ජනපතිවරණ ෆේස්බුක් මෙහෙයුම

මේ ටිකේ ෆේස්බුක් චැට් එකට ආව මැසේජ් වලින් බොහොමයක්ම ආවේ මොකද බං උඹට එක පාරටම උනේ. ඇයි බං ඔච්චර ආණ්ඩුවට කඩේ යන්නේ වගේ කතාන්තර. කවුරු කොහොම මොනවා කිව්වත් මේ මොහොත වනතුරුම දේශපාලනයෙන් ලබාගත් කෙහෙම්මලක් නැතත් අනාගතයේ එයින් යම් දෙයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවක් හිත යට නැතුවා නොවන බවද අවංකවම කිව යුතුය. බොහෝ දෙනා නොදන්නවා වුවාට දැනට වසර ගානක් තිස්සේ විපක්ෂ දේශපාලන පක්ෂ වලින් සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් පඩි ලබමින් ෆේස්බුක් දේශපාලනයේ නිරත වන බොහෝ පිරිසක් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සහ බ්ලොග් අඩවි තුල සිටියි. නමුත් ඔවුන් රඟපාන්නේ ශුද්දවන්තයාගේ චරිතයයි. අත ලෙවකන්න මි කඩන්නේ නැති සියලු දෙයින් සර්ව සම්පුර්ණ මිනිසුන් නොමැති ලෝකයක් තුල අපගේ මෙම කඩේ යාම බොහෝ දෙනෙකුට නුරුස්සන සුළු විය. මන්ද එමගින් ඔවුන්ගේ අනාගත රැකියාවටද තර්ජනයක් ඇති විය හැකි බව ඔවුන්ට කලින්ම දැනුන නිසාය.

එවැනි තත්වයක් තුල යහපාලනයක් ගැන කතා කල පුද්ගලයන් ෆේස්බුක් ගුගල් ඇතුළු සියලු සමාජ ජාල වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ ඒකාධිපති පාලනයට නතු කරගෙන තිබියදී මහින්ද රාජපක්ෂ පිළිබඳව වචනයක් හෝ පැවසිම ගෙවල් වල සිටින දෙමව්පියන් පවා කුනුහරපයෙන් බැනුම් අසන පසුබිමක මේ දින කිහිපයේ මහින්ද රාජපක්ෂ පිළිබඳව සමාජ ජාල තුල තිබු වැරදි මත යම් තරමකට හෝ නිවැරදි කිරීමට මේ දින තුන හතර ඇතුලත අප හට හැකියාව ලැබීම සතුටට කාරණයකි.

වසර කිහිපයකට පෙර ෆේස්බුක් වෙත අප්ලෝඩ් වූ මහින්ද රාජපක්ෂ නමැති ප්‍රෞඩ නායකයකයාගේ පින්තුරය කාලයත් සමග ෆොටෝ කමෙන්ට්ස් තුල ජෝකර් කෙනෙකු බවට පත් වීම නිකම්ම සිදු වුවක් නොවේ. එයද මහින්ද රාජපක්ෂ නමට තිබු යෝධ ප්‍රතිරූපය බිද හෙලීමේ ව්‍යාපාරයේ එක අංගයක් පමණි,
කෙසේ හෝ වසර ගණනාවක් තිස්සේ සැලසුම් සහගතව යුධ ජයග්‍රහණය හෑල්ලු කිරීම සඳහා සෑම දෙකටම අපි යුද්දේ දිනන්නේ යනුවෙන් පැවසීම. මහින්ද හොරා මහින්ද හොරා යන යන එකම කරුණ නිරන්තරයෙන් පැවසීම වැනි ගොබෙල්ස් න්‍යයායේ ක්‍රියාකාරකම් මාර්ගයෙන් මහින්ද රාජපක්ෂ යන යෝධ ප්‍රතිරූපය බුකියේ පමණක් නොව කටකතා මගින් සාමාන්‍ය සමාජයේද බිද හෙලීමට වසර ගණනාවක් තිස්සේ විපක්ෂයෙන් පඩි ලබන මඩ හමුදාවට හැකියාව ලැබී තිබිණි.

මේම ක්‍රියාකාරකම් ජාලය තව දුරටත් පැහැදිලි කරනවා නම් වර්තමාන ආණ්ඩුව හිටපු එල් ටි ටි ඊ යුධ නායකයන් වන කරුණා පිල්ලෙයාන් කේපි ආරක්ෂා කරන බව විපක්ෂය මගින් සිදු කරන ප්‍රධානම තර්කයක් වේ, නමුත් යම් හෙයකින් ඔවුන් ඝාතනය කිරීමට ආණ්ඩුව ක්‍රියා කලේ නම් මානව හිමිකම් මගින් හෝ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් නැවත්වීමට යටත් වීමට පැමිණි එල් ටි ටි ඊ නායකයන්ට වෙඩි තබා මැරීමට ආරක්ෂක ලේඛම් උපදෙස් දුන් බව පැවසු විපක්ෂය ක්‍රියා නොකරාවි යයි ඔවුන් දෙන සහතිකය කුමක්ද? චන්ද කියක් කැඩුනත් එසේ එල් ටි ටි නායකයන් ඇමතිකමක් ලබා දී හෝ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමෙන් මානව හිමිකම් කඩ කිරීම යන ජාත්‍යන්තර චෝදනාව බොරුවක් බව ඔප්පු කිරීමට මහින්ද රාජපක්ෂ රජයට හැකියාව ලැබුණු බව බොහෝ දෙනා නොදන්නා කාරණයයි.

කවුරු රජ උනත් කවදාවත් ඉෂ්ට නොවෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හොරකම වංචාව පවුල් පාලනය වගේ කතාන්තර ගොඩාක් නිදහසේ සමාජ ජාල ඇතුලේ ගලාගෙන ගියා, ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස නෑ කියලා මහා ලොකුවට කෑගහන උන් එහෙම කෑගැහුවෙත් රටේ විධායක ජනාධිපති තුමා වෙච්ච මහින්ද රාජපක්ෂ හොරෙක් ජෝකර් කෙනෙක් කරලා ලෝකෙට පෙන්නුවෙත් ඔය නෑ කියලා කෑගහපු මාධ්‍ය නිදහස සහ ප්‍රජාත්‍රාන්ත්‍රවාදය ඇතුලේමයි නේද කියල පොඩ්ඩක් හිතන්නවත් කිසිම කෙනෙක් හිටියේ නැති බව මැතිවරණයෙන් පසුව හෝ මොහොතක් සිතා බලන මෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

මේ වේගයෙන් ව්‍යාප්ත වෙච්ච කට කතා වලට උත්තර දෙන්න කිසිම උවමනාවක් ආණ්ඩුවට තිබුනේ නැහැ, බුකියේ ජනාධිපති වෙච්ච එකා ජීවිතේට රටේ ජනාධිපති වෙන්නේ නෑ කියන කාරණය තුල මත් වෙලා හිටපු ඔවුන්ට ඒ පිළිබඳව හැගීමක් හරි ඇති වුනේ අවසාන මොහොතේ. රජයේ සේවකයෝ තැපැල් චන්ද පාවිච්චි කළාටත් පස්සේ. ඒ කියන්නේ ආණ්ඩුවේ කන්තෝරුවේ වැඩ කරන වෙලාවේ රජයේ සල්ලි වලින්ම එෆ් බි රිංගන රජයේ සේවකයෝ ෆේස්බුක් එකේ තියෙන මඩ කතාන්තර ඇත්ත කියලා පිලි අරගෙන ඒ අනුව ක්‍රියා කරනවා කියලා තේරුනාටත් පස්සේ.

කොහොමින් කොහොම හරි අවසාන මොහොතේ ආණ්ඩුව පැත්තෙනුත් සංවිධානාත්මක රැල්ලක් ආවා. මෙතුවක් කාලයක් මහින්ද රාජපක්ෂට චන්දය දෙන්න ඕන කියල කියන හැගීම හදවතේ තිබුනත් ප්‍රසිද්දියේ පහර වදින බව දන්නා නිසා ඒ කතාව ප්‍රසිද්දියේ කියන්න බය වෙලා හිටපු ගොඩක් අය නිල් පාට බුලත් කොලේ ප්‍රොෆයිල් පින්තුරයට දාගත්තා. ඒ මෙහෙයුම කොයිතරම් සාර්ථක උනාද කියනවා නම් ඉතිහාසයේ පලවෙනි වතාවට රටේ විතරක් ෆේස්බුක් එකෙත් ජනාධිපති වෙන්නත් මහින්ද රාජපක්ෂ මහත්තයාට හැකියාව ලැබුණා. එමගින් අපට වැටහුනේ මොන කතාන්තර කවුරු කොහොම කිව්වත් මිනිස්සුන්ගේ හදවතේ මහින්ද රාජපක්ෂ කියන චරිතය අමරණීයයි කියන කාරණාව විතරයි. කොහෙවත් ඉන්න රුකඩ ගෙනල්ල රජ කරන්න හැදුවත් එක කවදාවත් වෙනස් වෙන්නේ නෑ.


අද ජනපතිවරණයෙන් හෙට දිනයේ කවුරු ජනපතිවරණය ජයග්‍රහණය කලත් ෆේක් එකවුන්ට් භාවිතයකින් තොරව රියල් ෆේස්බුක් ගිණුම් මගින් සිදු කල ෆේස්බුක් මෙහෙයුම හේතුවෙන් එක් අයෙකුට හෝ අලුතින් සිතන්න හැකියාවක් ලැබුණා නම් එයම අප ලද ජයග්‍රහණයක් බව අවසාන වශයෙන් සිහිපත් කරන්න කැමතියි.

ස්තුතියි
ඔබට සුභ අනාගතයක්

Wednesday, January 7, 2015

මොහොතක් සිතන්න



ආණ්ඩුවේ දුෂණ වංචා ගැන කියවන හැමෝටම දැන් අමතක වෙලා තියෙන කාරණය උඹලා ඔය ෂොපින් යන සොරිසෙනත් මෙච්චර කාලයක් මේ ආණ්ඩුවේම ඇමතියෙක් වෙලා හිටියා කියන එක්. අන්තිම මොහොත වෙනකම් ආණ්ඩුවේ ඇමතිකමක් කරගෙන හිටපු එකා ආණ්ඩුවෙන් පැන්න ගමන් සියලු පව් සේදු පාරිශුද්ද චරිතයක් වෙලා ආණ්ඩුවේ දැනට ඉන්න අය විතරක් හැම දේටම වග කියන්න ඕන කියලා කියන්නේ කොහොමද?

මේ කියන විදියට සාරුව සුනිල් ගෑනු දුෂණය කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ අහවල් එකෙන්. පාර හදනකොට වැඩ කරපු එකා සිමෙන්ති කොට්ටයක් විකුණුවා නම් එකේ ගාන ගිහින් තියෙන්නෙත් මහින්ද රාජපක්ෂගේ බෑන්ක් එකවුන්ට් එකට. පාර කොන්ත්‍රාත් ගත්ත එකා ඒක ගන්න කාට හරි කොමිස් එකක් ගෙව්වත් එකත් අන්න තියෙනවා මහින්ද රාජපක්ෂගේ එකවුන්ට් එකේ. ඉස්පිරිතාල වලට බේත් ගන්නකොට හම්බ වෙච්ච කොමිස් එකත් මහින්ද ලග
.
පක්ෂ විදියට ගත්තත් දැනටත් ඔය ආණ්ඩුවේ ගොඩක් ඉන්නේ යු ඇන් පි එකෙන් පැනපු අය. ඒ නිසා ඔය යහපාලකයෝ බනිනකොට ආණ්ඩුවට බනින්නේ නැතුව මහින්ද රාජපක්ෂ මෙන්නමේ පාරෙන් මෙච්චර හොරකම් කළා මෙන්න මේ ව්‍යාපෘතියෙන් මෙච්චර ගැහුවා කියලා බනින්න. මේක ආණ්ඩුව පෙරලන මැතිවරණයක් නෙවෙයි. මෙතන තරගය තියෙන්නේ ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපති කවුද කියල තෝරාගන්න. මොකද ආණ්ඩුවට බනින්න බනින්න අනිවා මේ ඊයේ පෙරේදා වෙනකම් ආණ්ඩුවේ ඇමතිකම් කරපු සොරිසෙන දත් දොස්තර ඇතුළු ගෙම්බෝ ටිකටත් ආණ්ඩුව කරපු ඒ වැරදි වලට වග කියන්නම වෙනවා..

මේ මොහොතේදී අපි හැමෝම හිතන්න ඕනේ තිස් වසරක යුද්දය නිමා කරලා රට සංවර්ධනයේ මාවත වෙත ගෙනියන්න උර දීපු නායකයා තොරගන්නවද එහෙමත් නැත්තම් කොහෙවත් ඉන්න සෙට් එකකගේ රූකඩයක් බවට පත් වෙච්ච මෙච්චර කල් දේශපාලනයේ ඉදලත් රටට දැනෙන්න වැඩක් නොකරපු තමන්ගේ පුද්ගලික කෝන්තර පිරිමහ ගන්න ආණ්ඩුවෙන් ඉවත් වුනු බලල් අතකට රට භාර දෙනවද කියන කාරණය විතරයි

ඒ නිසා අප්‍රේල් වල තියේන මහා මැතිවරණයේ දී ආණ්ඩුවේ වැරදි ඕන තරම් කියලා විවේචනය කරලා සර්ව සම්පුර්ණ කිසිවෙකු නැති ලෝකයේ වැරදි නොකරන හොද මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගන්න කටයුතු කරමු. හැමෝටම සුභ උදෑසනක් සුභ අනාගතයක් ..................

Sunday, December 28, 2014

ආණ්ඩුවට කඩේ යන උන් වෙත



රාවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් කොන්ග්‍රස් එක මේ වෙලාවේ සිරිසේන මහත්තයාට එකතු උනේ මේ රටට යහපාලනයක් ඇති කිරීමේ පරම පිවිතුරු උදාර චේතනාවෙන්. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තිබ්බ දුෂණය භිෂණය වංචාව නාස්තිය වගේ දේවල් නිසා ඇත්තටම එයාල හොදටෝම කලකිරිලයි හිටියේ. ඒත් එයාල ආණ්ඩුවට නිවැරදි මාර්ගයට එන්න මෙච්චර කාලයක් කල් දුන්නා. ඒත් මේ දුෂිත ආණ්ඩුව නිවැරදි මාවතට ආවේ නෑ සහෝදරවරුනි.

එයාලට වැදගත් බලය නෙවෙයි, ජනතාවට සේවයක් කිරීම තමයි එයාලගේ එකම පැතුම. ඉතින් අල්ලභ් දෙවියන්ගේ නාමයෙන් සියලු ශ්‍රී ලාංකීය ජනතාවට යහපාලනයක් ගෙන ඒමේ අවංක පිවිතුරු චේතනාවෙන් ගත්ත තීරණයක් මේක. 

එයාල නැගෙනහිරට වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලුවා කියලා නහින්න හදන ආණ්ඩුවට කඩේ යන සියලු දෙනාටම මම කියන්න කැමතියි මුස්ලිම්වරු කියන්නේ ලෝකේ ඉන්න ඉතාමත්ම දැහැමි සාමකාමී ජාතියක්, තම ජාතිය ලෝකේ පුරා ව්‍යාප්ත කරන්න ඔවුන් හීනෙකින්වත් හිතන්නේ නෑ. බලය ධනය දුෂණය භිෂණය කියන වචන එයාලගේ ශබ්ද කෝෂයේ කොහෙවත්ම නෑ.

ඉතින් මම මේ අවස්ථාවේ ඔබ තමුන්නාන්සේලාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අපේ රාවුෆ් හකීම් මහත්තයා හීනෙන්වත් ඉල්ලන්න බලාපොරොත්තු නොවිච්ච දේවල් ඇදගෙන ඒ මැතිතුමාට මඩ ගහන එක නවත්වන්න කියලා. සිංහල දෙමල මුස්ලිම් බර්ගර් හැමෝම සමගියෙන් සාමයෙන් වෙසෙන යහපාලනයක් ඇති කරන එක තමයි මුස්ලිම් කොන්ග්‍රස් කියන එකේ සහ රාවුෆ් හකීම් මැතිතුමාගේ තියෙන එකම හීනය බලාපොරොත්තුව අධිෂ්ටාණය. මේක කියවූ ඔබ සැමට
ඉස්කෝතුයි

Thursday, December 25, 2014

මහින්ද සමග මෛත්‍රී එදා අද සහ හෙට



යුද්දේ දින්නට මහින්දට 2009 ඉදන් 2014 වෙනකම් රට කන්න දුන්නා ඇති කියලා කට්ටිය එකසිය ගානට කියවනවා. ඒත් එහෙම කියන එකෙක්ටවත් මතක නෑ 2009 දීත් මහින්දට ඔතනට එන්න දෙන්නේ නැතුව එලවගන්න දගලපු දැගලිල්ල. මේ ටික ලියලම දාන්න හිතුනේ මේ කියවිල්ල දැකලම එපා වෙලා. 

යුද්දේ ඉවර කරපු ගමන් රටේ ජනාදිපතිවරයාට එරෙහිව හමුදාපතිවරයාව බලයට ගේන්න එදා දැගලුවෙත් අද දගලන සෙට් එකම තමයි. අද ඒවා ඔක්කොම අමතක වෙලා අහසින් පාත් උනා වගේ කලගුණ සලකන්න මහින්දට රට භාර දුන්න වගේ කතා කිව්වට 2009 දීත් පැත්තක හිටපු මනුස්සයෙක්ව බල ලෝභයෙන් අන්ධ කරවලා ඒ මනුස්සයාගේ අනාගතේ විනාස කරලා දැම්මේ රට කොටින්ගෙන් බේරගත්ත එකට කල ගුණ සලකන්න වෙන්න ඇති. යුද්දේ දින්නට ඔය කියවන තරමට කල ගුණ සලකන්න එදත් සැදී පැහැදී හිටිය කියන මිනිස්සු එදා මොන මගුලකටද රටේ සේනාධිනායකයයි හමුදා නායකයයි කෙටෙව්වේ. එහෙමත් කරලා බැරි වෙච්ච තැන අදත් හොරකම භිෂණය දුෂණය ඒකාධිපති පාලනය වගේ ලොකු ලොකු කතාන්තර සෙට් එකක්ම කියාගෙන මහින්ද එලවන්න හින දකිනවා.

මහින්දගේ හොරකම දුෂණය භිෂණය ගැන කතා කරන්නේ අවුරුදු එකොළහක් යුද්දේ වවාගෙන කන ගමන් රටත් කාපු ගෑනියෙක්. ආයුධ ගේනකොට එහෙන් හම්බ වෙන කොමිස් කුට්ටිය කාටවත් පේන්නේ නෑ, රටේ පොදු පහසුකම් සංවර්ධනය වෙනකොට තමයි ඉස්සර පෙනුනේ නැති දේවල් උනත් හැම එකාටම පේන්න පටන් ගන්නේ.
එදා ගහපු කොමිස් කරපු හොරකම් කොච්චරද කියල මිනිස්සුන්ට පෙනුනේ නැත්තේ අන්න උතුරේ මිනි මරනවෝ කියලා යුද්දයක් කියල එකක් රටේම උන්ට පේන්න තිබුන නිසා. එදා කොච්චර කොමිස් ගැහුවත් හොරකම් කලත් කාටවත්ම පෙනුනේ නැත්තේ ඒකයි. අද ඉන්න නායකයන්ට එහෙම පෙන්නන්න මොකුත් නෑ. ජනතාවට පෙන්නන්න ප්‍රශ්නයක් නැති නිසා හොරකම වංචාව තමයි එක පාරටම පේන්න පටන් ගත්ත ලොකුම ප්‍රශ්නේ.

ඕනෑම මිනිහෙක් දේශපාලනේට එන්නේ නිකම් අත පිහදාගෙන යන්න නෙවෙයි. බලයට එන්න කලින් මොන ධර්මය දේශනා කලත් බලය අතට ගත්තට පස්සේ මුලින් කියපු කතාන්තර එකක්වත් මතක නෑ, ඒක මනුස්සයෙක් උනාම ගොඩ දෙනෙකුට පොදුයි.

ඊට පස්සේ ඒකාධිපති පාලනේ ගැන කියවන්නේ පක්ෂයේ ඉන්න  ඔක්කොම ප්‍රභල නායකයෝ ටික ආණ්ඩුවට එකතු වෙනකම් උඩ බලාගෙන ඉදලා ජිවිත කාලෙටම පක්ෂ නායකත්වය තමන්ට රැක ගන්න පුළුවන් විදියට පක්ෂයේ ව්‍යවස්ථාවේ ඉදන් වෙනස් කරගත්තු එකෙක්. භිෂණය ගැන කියවන්නේ කුරුඳු පොලු හමුදාවේ ලොක්කා.
ඒ මදිවට මේ හැම එකෙන්ම රට ගලවගන්න කියල ඉදිරිපත් වෙලා ඉන්නේ  තමන් ඉදිරිපත් කරන්න හදපු සෞඛ්‍ය පනතේ වත් එක කොපියක් පරිස්සම් කරගන්න බැරි වෙච්ච මෙච්චර කාලයක් ඇමති ධුර දරාගෙන ඉදලා කරා කියන එක වැඩක් පෙන්නන්න බැරි වෙච්ච පතෝල නායකයෙක්.

එහෙම කියනකොටත් බුකියේ කට්ටිය නම් කියන්නේ ඝෝටාභය වැඩක් කරන්න දුන්නේ නෑ. මහින්ද පවුල් පාලනයෙන් වියරු වැටිලා වගේ හිනා යන කතා සෙට් එකක් විතරයි. මොකද සිරිසේන කියන්නෙත් වැඩ බැරි මනුස්සයා උනත් කතාන්තර කියන්න පුළුවන් එකෙක්. නැත්තම් මෙලෝ වැඩක් නැතුවට අවුරුදු හතලිස් ගානක් දේශපාලනේ කරයියැ. තමන්ට වැඩක් කරගන්න ආණ්ඩුවෙන් ඉඩක් හම්බ උනේ නැත්තම් මෙච්චර කල් ඔය කියන ආණ්ඩුවේම ඇමතියෙක් වෙලා බකන් නිලාගෙන හිටියේ අහවල් බම්බුවකටද? ඒ දවස් වලම ආණ්ඩුවෙන් එලියට බැහැලා විපක්ෂයේ වාඩි වෙන්න තිබුන නේ.

අනික මහින්දගේ කෘර පාලනය යටතේ ඇමති කෙනෙකුට එහෙමවත් වැඩක් කරගන්න දුන්නෙම නෑ කියමු. චන්ද්‍රිකාගේ කාලෙත් සිරිසේන කියන්නේ 2001 ඔක්තෝබර් ඉදන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේඛම් ඒ වගේම 2004 පාර්ලිමේන්තු සභා නායක වගේම  2004 දී නව එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය තුළ ගංගා නිම්න සංවර්ධන හා රජරට සංවර්ධන ඇමති. ඒත් කරපු වැඩක් නම් නෑ. එහෙම හිටපු ඒ මනුස්සයට 2007 ජනවාරි මස කැබිනට් සංශෝධනය මගින් කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා සංවර්ධන ඇමති විදියට පත් කරලා නග්ගලා ගත්තෙත් මහින්ද රාජපක්ෂම තමයි. 2010 මේ සිරිසේන අප්‍රේල් මාසයේ ඉදන් රටේ සෞඛ්‍ය ඇමති විදියට හිටියත් ජනතාවට දැනෙන්න වැඩක් කරපු කෙනෙක් නෙවෙයි.

1995 මහින්ද වෘත්තීය පුහුණු අධිකාරිය හැදුවේ ජනාධිපති වෙලා නෙවෙයි. ඒ මනුස්සයා රටේ  මිනිස්සුත් එක්ක හිටිය මිනිස්සුන්ගේ ප්‍රශ්න අදුන ගත්ත කෙනෙක් වෙච්ච නිසා. එදා ඒ කරපු නිර්මාණයෙන් කාර්මික අධ්‍යාපනය ගමට ගිහින් ගමේ හිටපු තරුණ තරුණියන් රැසකට තමන්ගේම රැකියා ආරම්භ කරන්න අවස්තාව සැලසුණා කියන එක අද කාටවත් මතක නෑ. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු ප්‍රඥප්තියක් කෙටුම්පත්  කරලා ඉදිරිපත් කළත් චන්ද්‍රිකා රජය යටතේ එය ක්‍රියාත්මක උනේ නෑ.

ඒ විතරක් නෙවෙයි කම්කරු ඇමති විදියට මහින්ද රටට අලුත් දේවල් දෙනකොට ඒ කාලෙම තමන්ට තර්ජනයක් වෙයි කියල දැනුන නිසාම චන්ද්‍රිකා කලේ මහින්දව ධිවර ඇමති බවට පත් කිරීම. වැඩක් කරපු මනුස්සයෙකුට මාළු අල්ලන්න භාර දුන්න වගෙයි කියල ඒ කාලේ මිනිස්සු කිව්වේ ඒ නිසා. ඒත් මාළු අල්ලන්න හම්බ වෙච්ච ඇමතිකමේ ඉදගෙනත් සාගර කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයක් එක්කම වෙරළ ආරක්ෂණ අංශයක් ඇති කරන්නත් මහින්ද රාජපක්ෂ කටයුතු කලේ ජනාධිපති විදියට නෙවෙයි.

හොරකම දුෂණය ගැන මොන තරං කතා කිව්වත් ඔය එකක්වත් ඔප්පු කරන්න සාක්ෂි තියෙන චෝදනා නෙවෙයි. හොරා හොරා කියල කෑගැහුවට මහින්ද මෙන්න මෙතන මේ විදියට ගසාකාල තියෙනවා කියල සාක්ශි එක්ක කතා කරන්නවත් නෑ. ගිරව් වගේ මොකෙක් හරි එකෙක් කිව්ව එකක් ඔහේ කියවනවා විතරයි. දැන් රටේ කියන කතා වල හැටියට නම් පේන්නේ පාරේ වැඩ කරන මනුස්සයෙක් සිමෙන්ති කොට්ටයක් හොරෙන් අරගෙන ගෙදර ගියත් ඒකත් කරලා තියෙන්නේ මහින්ද. ජීවිතේට මොකුත්ම හොරකම් කරලා නැති මිනිස්සු වගේ මහින්දගේ දුෂිත පාලනයට එරෙහිව බනින්න ඉදිරිපත් වෙලා ඉන්නේ පාරෙන් සිමෙන්ති කොට්ටේ උස්සගෙන ගෙදර ගියපු එකා. රට තනිකරම සංවර්ධනය කරලා තියෙන්නේ චීනෙන්. ආණ්ඩුව මොකුත්ම කරලා නෑ. චීනෙන් ඇවිත් ඔක්කොම කරලා යනකම් ආණ්ඩුව ඔහේ නිදාගෙන ඉදලා.

දැන් මෙච්චර කල් රට කන්න ආසාවෙන් ඉදලත් ඒකට චෑන්ස් එකක් හම්බ උනේ නැති සෙට් එකටත් රට කන්න චෑන්ස් එකක් හදලා දීපන් කියල නොවැ ඔය කියන්නේ. කියන්න තියෙන්නේ තව එකම එක දෙයයි. මහින්ද හොරෙක් නම් මහින්දගේ හොර රංචුවේ මෙච්චර කාලයක් එකට හිටපු හොරුන්ටත් ඒ හොරකම් වලින් අත පිහදාගෙන මම විතරක් හොද මනුස්සයා කියල කියන්න බැහැ. මොකද හොරකම වරදක් නම් ඊට අනුබල දීමත් වැරද්දක්. එකම අරමුණ මහින්ද එළවීම උනත් ලොකු හොරා පන්නලා පොඩි හොරා පත් කරගත්තා කියල වෙනසක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. ඊයේ සිරිකොත ඉස්සරහ වෙච්ච දේවල් වලින් ඇති කරන්න හදන යහපාලනය කොහොම එකක්ද කියල රටේ ජනතාවට ඡන්දයට කලින්ම ඔප්පු වෙලා ඉවරයි. මෙච්චර කාලයක් ඇස් කන් පියාගෙන ඉදලා එක පාරටම දුෂණයෙන් භිෂණයෙන් තොර යහපාලනයක් ගැන ගිරව් වගේ කියවන්න පටන්ගත්ත සෙට් එකේ පැටිකිරිය ගැනත් හොයලා රටේ අනාගතය කාට භාර දෙනවද කියල තීරණය කරන එක රටේ ජනතාවටම භාරයි

සුභ අනාගතයක් මෛත්‍රී පාලනයක් 

Saturday, December 20, 2014

මගේ ආදර යක්ෂණිට

වෙස්සන්තර වෙන්න
නම් බැහැ 
කවමදාකවත් 
උඹව දන් දීලා 
කාටවත් 
ඒත්....., 

සිරිසඟ බෝ නම් 
වෙන්න වෙයි වගේ 
දවසක 
නිවන් යන්න නෙවෙයි 
උඹට තියෙන 
ආදරේ හින්දම 

මේ 
උඹේ ආදරණිය 
මල යකා
____

Wednesday, December 17, 2014

එතුමා සමග වරුවක්

නිවේදක :
ආයුබෝවන් ප්‍රිය රසික රසිකාවියනි, අදත් ඔබ මේ එක්වී සිටින්නේ එතුමා සමග වරුවක් කාලින දේශපාලන වැඩසටහන සමගින්. ඔබ මේ වන විටත් ශ්‍රී ලංකාවේ කතිර වරණය පිලිබඳ ඉතා හොදින් දැනුවත්, ඒ නිසාම අපි තීරණය කළා  මෙවර කතිරවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රභලතම අපේක්ෂක තුමෙක් මේ සාකච්චාව සඳහා සහභාගී කරවා ගන්න.

මේ දිනවල නම කියූ සැනින් එතුමා පිළිබඳව හැමෝම දන්නා නිසා එතුමා කවුද කියා හදුනා ගැනීමේ අවස්ථාවත් අපි ප්‍රේක්ෂක ඔබ වෙතම ලබා දෙනවා. ඔබටත් 0326 736737 දුරකථන අංකය මගින් අප සමග සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් මුලින්ම මම අපේ ආරාධිත කතිරවරණ අපේක්ෂකතුමාව ආයුබෝවන් කියල පිළිගන්නම්  
ආයුබෝවන් අපේක්ෂකතුමනි 

අපේක්ෂක :
ආයුබෝවන් ආයුබෝවන් 


නිවේදක :
මුලින්ම ඔබතුමා ගැන ඔබතුමාම පොඩි හැදින්වීමක් කලොත් හොදයි කියල මම හිතන්නේ, අපි පටන් ගනිමු ඔබතුමා දේශපාලනය ආරම්භ කරපු තැනින්ම 

අපේක්ෂක:

පළමුවෙන්ම මම ඔබට ස්තුති කරන්න ඕනේ මට මේ අවස්තාව ලබා දුන්න එක ගැන, මොකද ඇත්තම කියනවා නම් රටේ මාධ්‍ය සියල්ලටම මේ වන විට මේ දුෂිත කුරිරු ආණ්ඩුව විසින් වාරණ නියෝග දාල තියෙන්නේ විපක්ෂයේ නියෝජිතයන්ව මේ වගේ වැඩසටහන් වලට සහභාගී කරවා ගැනීම සම්බන්දයෙන්. මේ වගේ දැඩි ලෙස මාධ්‍ය නිදහස කප්පාදු කරපු තත්වයක් යටතේ උනත් මට මෙතනට ආරාධනා කරපු එක ගැන මම ආයෙමත් ස්තුතිවන්ත වෙනවා. 

නිවේදක:

අපි දන්නා විදියට දේශපාලනයට එන්න කලින් ඔබතුමා රජයේ නිලධාරියෙක් 

අපේක්ෂක:
ඔව් ඇත්තෙන්ම මම මගේ ප්‍රදේශයේ ජනතාවට දැනට අවුරුදු හතලිස් ගානකට කලින් රාජ්‍ය සේවකයෙක් වශයෙන් කරන ලද සේවයේ ප්‍රතිපලයක් විදියට තමයි ජනතාව මාව පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගත්තේ. එදා ඉදන් මම ඒ දුක් විදින ජනතාවගේ ප්‍රශ්න ගැටළු නිරාකරණය කරන්න පුදුම විදියට කැප උනේ. මට දේශපාලනික වශයෙන් මෙච්චර දුර ගමනක් එන්න හැකියාව ලැබුනේ අන්න ඒ කැපවීමෙන් කරපු ජනතා සේවය නිසා කියල මට ආඩම්බරයෙන් කියන්න පුළුවන් 


නිවේදක:
දැන් අපි ඔබතුමාගේ වර්තමාන දේශපාලන කටයුතු දිහා බැලුවොත්, ඔබතුමාගේ පාර්ශවයෙන් ඔබතුමාගේ ප්‍රතිවිරුද්ද  පාර්ශවය වෙත දැඩි ලෙස චෝදනා කරනවා සහෝදර සමාගමක් වශයෙන් රට පාලනය කරනවා කියල, ඒත් රජයේ පාර්ශවය කියන විදියට ඔබතුමාගේ සමාගම ඊට වඩා වැඩියි. තව ඔවුන්ගේ ව්‍යාපාර පිළිබඳවත් රජය චෝදනා එල්ල කරනවා. මේ සම්බන්දයෙන් ඔබ තුමා දරන ස්ථාවරය මොකක්ද කියල ජනතාව දැනගන්න කැමතියි 


අපේක්ෂක:

මුලින්ම මට ඔය වගේ චෝදනා එල්ල කරන කණ්ඩායම් වලට මම කියන්න කැමතියි මගේ සහෝදර පරම්පරාව ඔය දැනට ආණ්ඩුවේ ඉන්න අය වගේ නෙවෙයි කියල. මොකද ඒ වගකීම මම ගන්නවා, මගේ අතේ ලේ ගෑවිලා නෑ. 

නිවේදක:

සමාවෙන්න අපේක්ෂකතුමා ඔබතුමා සහෝදරයන්ගේ වගකීම ගැනීමක් ගැන නෙවෙයි මම ඇහුවේ,  

අපේක්ෂක:

ඉන්නවකෝ පනින්නේ නැතුව මගේ සහෝදරයන්ට එයාලගෙම ව්‍යාපාර කටයුතු තියෙනවා, එක මුළු රටම දන්නවා. එයාල එදා ඉදන්ම සල්ලි තිබ්බ අය. මගේ සහෝදර සහෝදරියෝ ඔය අනිත් අය වගේ පිට රට ගිහින් ෂෙඩ් වල තෙල් ගහලා කියක් හරි හොයාගෙන සහෝදරයා රජ වෙච්ච ගමන් ලංකාවට ඇවිල්ල රටේ පාලනයට සම්බන්ධ වෙච්ච අය නෙවෙයි කියල මම වගකීමෙන් කියනවා 

නිවේදක:

ඔව් අපේක්ෂකතුමා මේ අවස්ථාවේ අපේ නරඹන්නෙක් දුරකථනය හරහා සජීවීව සම්බන්ධ වනවා අපිත් සමග. ඔව් කවුද  මේ කතා කරන්නේ 

අසන්නා:

හෙලෝ මහත්තයෝ

නිවේදක:

ඔව් මට ඔබතුමාගේ නම කියනවද මුලින් කියන්න 

අසන්නා:
මහත්තයෝ මම ගම්පහ සුනිල් කතා කරන්නේ මට කතා කරන්න ඕනේ අපේ අපේක්ෂක තුමාට, 


නිවේදක:
ඔව් සුනිල් ඔබට ප්‍රශ්නය ඉදිරිපත් කරන්න පුළුවන් 


අපේක්ෂක:
ඔබතුමාට ඕන දෙයක් මගෙන් අහන්න. මොකද මම මේ වෙලාවේ මෙතනට ඇවිල්ල ඉන්නේ ජනතාව වෙනුවෙන් ජනතා ප්‍රශ්න වලට උත්තර දෙන්න 


අසන්නා:
මහත්තයෝ අපි දැක්කා ඔබ තුමා ප්‍රකාශ  කරලා තියෙනවා ඔබතුමා වත්කම් ප්‍රකාශයක් ඉදිරිපත් කළා කියලා 

අපේක්ෂක:
ආන්න දැක්කද මම මගේ වත්කම් ප්‍රකාශයකුත් ඉදිරිපත් කරලා මේ කතිරවරණයට ඉදිරිපත් උනේ. මගේ අත්වල කුණු නෑ, පගාව වංචාව දුෂණය තියෙන තැනක මට ඉන්න බෑ කියල හදවතටම දැනුන නිසා මම එලියට බැහැලා ආවේ 

අසන්නා:

මට අපේක්ෂක මහත්තයාගෙන් දැනගන්න පුලුවන්ද එතකොට ඒ වත්කම් ප්‍රකාශය ඇතුලේ අර ගං පහ ඇඹර... 

කික්... කික්... කික්...

නිවේදක:
හෙලෝ හෙලෝ සුනිල් මහත්මයා 
ඔව් බොහොම කනගාටුයි  දුරකථනය විසන්ධි උනා 

අපේක්ෂක:
ඒ මහත්තයා ගම්පහ ප්‍රදේශයේ තියෙන මගේ සතුව තියෙන දෙයක් ගැන නේද අහන්න ගියේ, ඇත්තටම මම ගොඩාක් කනගාටු වෙනවා ඒ මහත්තයා ගැන. මොකද මුළු රටේම ජනතාව දන්නවා මම සියනෑ කෝරලයේ දේශපාලන නායකයෙක් නෙවෙයි කියලා. ඉතින් මට කොහෙන්ද ගම්පහ පැත්තේ වත්කම්. මේවා මගේ දේශපාලන චරිතය ඝාතනය කරන්න මට මඩ ගහන්න මේ වංචාකාරී දුෂිත ආණ්ඩුව කරන වැඩ. ඒත් මේ රටේ බුද්දිමත් ජනතාව මේ වගේ බොරු මඩ ප්‍රහාර වලට සැලෙන්නේ නෑ කියල මට විශ්වාසයි 

නිවේදක:
ඔව් අපේක්ෂකතුමා ජනතාව කතිරවරණයේදී හොද තීරණයක් ලබාදෙයි කියන එක තමයි අපෙත් බලාපොරොත්තුව, දැන් මගේ ඊලග ප්‍රශ්නය තමයි  අපි හැමෝම දන්නවා දැනට රටේ සීග්‍ර සංවර්ධන ක්‍රියාවලියක් කරගෙන යනවා කියන එක. උදාහරණ විදියට ගත්තොත් උතුරු අධිවේගී මාර්ග කොළඹ වරාය හම්බන්තොට වරාය ආදී ව්‍යාපෘති වගේ දේවල්, 
ඉතින් රටේ ජනතාව දැනගන්න කැමති ඇති ඔබතුමා බලයට පත් උනාට පස්සෙත් මේ සංවර්ධන කටයුතු ඒ විදියටම කරගෙන යනවද කියන එක.

අපේක්ෂක:
මම මුලින් ඔබතුමාගෙන් අහන්න කැමතියි ඔබ තුමා මේ සංවර්ධනය කියන එකෙන් අදහස් කලේ දුෂණය වංචාව කියන එකද කියලා.  ඔබතුමා දන්නවද ඔය හයිවේ එකේ එක අඩියකට ගිය මුදලින් රත්තරන් වලින් කාපට් කරන්න තිබ්බ කියන එක. කාගේද මේ සල්ලි රටේ මහ ජනතාවගේ 

නිවේදක:
ඔව් අපේක්ෂකතුමා ඒත් රජයෙන් ප්‍රකාශ කරන විදියට ඔය අධිවේගී මාර්ගය සඳහා වියදම් කළා කියන මුදල් වලින් වැඩි කොටස ඉඩම් අත්පත් කරගැනීම සඳහා ජනතාවට ගෙවපු මුදල්. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය පිහිටලා තියෙන ප්‍රදේශයේ ඉඩම් වල වාණිජ වටිනාකමත් එක්ක සලකනකොට ඒ වියදම් කළා කියන අධික වියදමින් වැඩි කොටසක් ලැබිලා තියෙන්නේ ඒ ප්‍රදේශයේ ඉඩම් හිමි වෙලා තිබුන රටේ මහ ජනතාවටම නේද?  

අපේක්ෂක:
බම්බුව තමයි. එහෙම රටේ ජනතාවට දීපු සල්ලියක් ඔතන නැහැ. ඔය වියදම් කරපු සල්ලි වලින් හයිවේ දහයක්...... 


(දඩ බඩ ඩෝන් ඈතින් වෙඩි තබන බෝම්බ ගසන හඩක් ඇසේ. ආරක්ෂක භටයන් පිරිසක් පැමිණ අපේක්ෂකතුමා වට කරගනියි ) 

අපේක්ෂක:
මොකක්ද ඒ සද්දේ 

ආරක්ෂක භටයන්:
සර් එළියේ කට්ටියක් ෆයර් කරනවා.

අපේක්ෂක:
බලන්න මේ දුෂිත ආණ්ඩුවේ මැරකම. මගේ මේ වැඩසටහන කඩාකප්පල් කරන්න ආණ්ඩුව තමන්ගේ බලය යොදාගෙන. මේ වගේ මැරවරයන් ඉන්න මේ අධම ආණ්ඩුව ඉක්මනටම එලවන්න ජනතාව කටයුතු කරන්න ඕනේ. 


(ආරක්ෂක රැකවල් මැදින් අපේක්ෂකතුමා පිටව යන අතර පහර දීමට සහභාගී වූ අයගෙන් කෙනෙකු දෑත් වලට මාංචු යොදා පොලිස් භට කණ්ඩායමක් විසින් රැගෙන පැමිණේ) 

සැකකරු:
අනේ සර් මං අහිංසක දරු පවුල් කාරයා මාව අත අරින්න සර් 

පොලිස් නිලධාරියෙක්:
අත අරින්න වරෙන් %$%$ 

සැකකරු:
අනේ සර් අපේ මැඩම් ගේ කීම අහක දාන්න බැරි කමට මේ කට්ටියත් එක්ක ආව මිසක් මම මොකුත්ම කලේ නෑ සර්. 

පොලිස් නිලධාරියෙක්:
මැඩම් කිව්වේ මොන මැඩම් ද? ඇත්ත කියනවා නැත්තම් දන්නවනේ 

සැකකරු:
අනේ බුදු සර් ඇත්තම කියන්නම් මට යන්න දෙන්න 

පොලිස් නිලධාරියෙක්:
හ්ම්ම් කියනවා ඉක්මනට 

සැකකරු:
මහ ලොකුවට කෑගැහුවට අපේ සර්ට චන්ද හම්බ වෙන එකක් නෑ කියල අපේ මැඩම්ට හෙන සැකයි සර්.

පොලිස් නිලධාරියෙක්:
සර් කිව්වේ දැන් මෙතන ඉදලා ගිය අපේක්ෂකතුමාද? 

සැකකරු:
ඔව් සර් 
ඉතින් මැඩම් කිව්ව අපේ සර්ගේ මොකක් හරි මිඩියා කන්ෆරන්ස් එකක් ලගදි සර්ට මරණ තර්ජන තියෙනවා වගේ රටට ලෝකෙට පේන්න මොකක් හරි කරන්න කියල, එතකොට ඒක ආණ්ඩුවෙන් කළා වගේ පෙනෙයි කියලත් කිව්ව. 

පොලිස් නිලධාරියෙක්:
උඹේ අ$# ට
දැන් තමුසෙලා ඇවිත් මෙතන ගිනිකෙළි පත්තු කලේ ආණ්ඩුවෙන් සර්ට මරණ තර්ජන තියෙනවා කියල රටට ලෝකෙට පෙන්නන්න නාට්ටියක්රඟපාන්නද? වෙඩි වැදිලා අපේ දෙන්නෙක් හොස්පිටල්. තමුසෙලාගේ නාට්ටි වලින් ඒ මිනිස්සුන්ට මොකක් හරි උනොත් කවුද වගකියන්නේ ඉතුරු කට්ටිය ගැනත් අපි බලාගන්නම්. 

එනවා යන්න පොලිසියට 

 (පොලිස් නිලධාරින් සැකකරු වාහනයට නංවාගෙන රැගෙන යයි. නිවේදක සහ මාධ්‍ය ආයතනයේ සෙසු පිරිස සිදු වූ දේවල් ගැන සිතාගත නොහැකිව බලා සිටියි )


ඔබ සැමට සුභ අනාගතයක්....

(දේශපාලනයේදී සිදු විය හැකි දේවල් වලින් කල ප්‍රභසනයක් පමණි. කමෙන්ටු තුලින් ආතල් ගත්තාට කම් නැත. කමෙන්ට් මොඩරේට් ඇනෝ වාරණ නැත. අහක යන තෝප්පි දමාගෙන බොරුවට කෑගැසීමෙන් වලකින්න. කේන්ති ගතහොත් ලේ පිච්චෙන්නේ මගේ නොව ඔබගේමය :D )  

Friday, December 5, 2014

ගලක් නොවන සිතක්


අඩන හිනැහෙන උඹේ අභියස 
කිසිත් නොදැනෙන සෙල් රුවක් ලෙස
ඉන්න සැරසුන පෙම්වතා මම

නොදැනුනා නොව උඹේ හැගුමන් 
නොසිතුවා නොව උඹ ගැනම මං 
රෑ දිවා මුළු හද පුරා


යන්න බැහැ මට උඹත් අරගෙන
අදුර පිරි දුර අනාගතයට 
උඹේ දිවිමග සරසවන්නට 
ඒවී කුමරෙකු එලිය අරගෙන

සුරත බැඳ උඹේ පෝරුවක හිඳ
මනාලිය වී ඔහුගේ තුරුලට
ගියත් දවසක මගෙන් ඈතට 
දුරින් ඉද මං සිනාසෙන්නම්
උඹේ සතුටත් එක්කලා.........

Tuesday, October 14, 2014

යාල් පානම් යමුද






කියන්නට දහක් දේ හිත ඇතත් පුරවලා
කියන්නට බැරුව අද මගේ හිත ගොළු වෙලා
ලගින් හිටියත් උඹට මුළු හදින් ලං වෙලා 
අපේ හිත් දෙක තවම ගොඩක් දුර තනි වෙලා

මහ හුගක් හීන වැල් නුඹේ නමට ගොත ගොතා
හිටියාට බලාගෙන අද අපේ නැහැ කතා
යාල්පානම් යන්න තන්ගච්චි එක්කලා 
යාල් දේවියේ නැගී ඉන්නවා මග බලා

යාල් පානම් වැල්ලේ අත් පටල දිව යන්න
බලාගෙන ඉන්නේ මම ඒ දවස එනකම්ම 
සැදෑවක තුරුළු වී උනුහුමට ඉන්නකොට 
දැනෙයි මගේ ආදරය නංගියාට හරි තදට 

රා කට්ට අතට ගෙන පොවා පලවෙනි උගුර 
යාපනේ වඩේ ගෙන බැදපු මිරිසුත් සමග 
කඩාගෙන එක වඩය බෙදාගෙන කන කලට 
දැනෙයි රාවල මිහිර මි විතක් පරයාන

කාටවත් දුන්නේ නැති ආදරේ පුරෝගෙන 
යාපනේ තල් අරඹ මැද සොදුරු සැදෑවක 
රා කට්ට ආදරෙන් බෙදාගෙන බොන කලට 
අපි අපේ ලෝකයක තනිවේවි සුන්දරව