Tuesday, September 5, 2017

2025 පොහොසත් රටක් 8 අවුරුදු සැලැස්ම

ඊට කලින් අපි 



කුමාරෝද පිටු දෙකට ඉරාලා
සුභාෂිතය බඩු ඔතන්න යවලා 
උම්මග්ගය පොත බරට විකුනලා
නව යුගයක් අපි හදමු සෙට් වෙලා 

මාපිය දුදරු විරසක විලා 
නෑදෑයෝ මුදලට විකිණිලා
මිතුරන් සොයුරන් අමතක කරලා
මොනරුන් පසු පස යමු පියඹාලා

ආවත් බාධක එයට නොසැලෙමු
මතට තිත කියා බදු සහන දෙමු 
සිගරට් වෙනුවට ජොයින්ට් ගෙන එමු
 
සල්ලි වලට රට උනත් විකුනමු 

සංස්කෘතිය ඉතිහාසය කන්නද
ලෝක උරුම ටික තියාන මොකටද 
සාක්කුවට ලොකු ගානක් අරගෙන 
ඔක්කොම විකුණන් කමු අපි සතුටින 


----අරුණ හෙට්ටිආරච්චි----

2 comments:

  1. රෙප⁣ා ලියන්නෙ සෑහෙන කාලෙකින්නේ
    ලියපු එකක් මං කියෙව්වේත් සෑහෙන කාලෙකින්

    ReplyDelete
  2. ආවත් බාධක එයට නොසැලෙමු
    මතට තිත කියා බදු සහන දෙමු// එච්චරයි

    ReplyDelete