ගිවිසුමින් සින්නක්කරව
එකිනෙකා සතු වූ
කාන්තා පුරුෂ දෙසිරුරක්
සරසා නේක සළුවෙන්
ගලවා සුවඳ විලවුන්
කරවා පෝරු මස්තක
ගැලපේවි කදිම ජෝඩුව
රැකේ සැමදා අපේ නම්බුව
උදම් වූ නෑ සියන්ගේ
ආසිරි ගීත සුභ පැතුම් මැද
සිත ගිණි තබා අළු කර
දෑවැදි තෑගී පොදි බැද
කුළ ගෙයට යයි නැකතට....
______
“ගිවිසුමින් සින්නක්කරව
ReplyDeleteඑකිනෙකා සතු වූ
කාන්තා පුරුෂ දෙසිරුරක්“ සුන්දර නිර්මාණාත්මක අදහසක් , රසවින්දා ඔබේ කව් පද , ස්තුතියි ඔබට
ගොඩක් යෝජිත විවාහ ඔහොම තමයි ඉතින්.
ReplyDelete//සිත ගිණි තබා අළු කර - කුළ ගෙයට යයි නැකතට....//
ReplyDeleteලංකාවේ සමාජයේ වෙනස් විය යුතුම දෙයක්
ලස්සනයි...........................
ReplyDeleteසිද්ධිය නෙමෙයි පද...........
Deleteමගුලෙන් පසුව,
ReplyDeleteනෑදෑයින් පිනවන්නට
වූ ණය පියවන්නට
උකස් කරයි දෑවැද්ද බැංකුවට
නියමයි.
කිව්වේ බ්‍රැන්ඩි නිව් කියා
ReplyDeleteනෑ සියන් කැට තියා
කියන්නේ නෑ මෙයා
සෙකන්ඩ් හෑන්ඩ් යයි කියා
කුල ගේක යයි නැකතට
ReplyDelete