ජිවත් වෙනකොට
ලෝකෙට පේන්න හිනා උණු
ඒත්
ශරීර කුඩුව ඇතුලේ හැංගිලා
තනියෙන්ම ඉකි ගගහ වැලපිච්ච
ආත්මය අදුනන්න බැරි උණු
නෑ සිය හිත මිතුරන්ගේ
ශෝක ගීතිකා මැද්දේ,
ආත්මය ඈත් වුනු
අපේ ශරීර කුඩු පෝමලින් දාල වේලලා
සුවද විලවුන් ඉහල පෙරහරින් ගෙනිහි්න්
වල දැම්මට
හැමදාමත් පිච්චි පිච්චි අඩපු උඹෙයි මගෙයි
ආත්ම ගැන මතක් කරන්නවත්
කාටවත්ම සිහියක් ඕනෑ කමක්
නැති වෙච්ච හැටි
_අරුණ_
හරිම අර්ථවත්
ReplyDeleteහරිම අර්ථවත්
ReplyDeleteප්‍රේමය පතා මියෙමි
ReplyDeleteජීවිතය පල නැති හෙයිනි...
යථාර්ථය..
ReplyDeleteඔන්න කියන නිසා ආවා
ReplyDeleteමල් ටිකකුත් ගෙනාවා