පරණ කිලෝමීටර් නැති චාරිකා
බලංගොඩ සිට කුලියාපිටියට
කුලියාපිටියෙන් දඹුල්ලට
අද එතන සිට
.............................................................................................................................................................
පහුවදා උදේ ඇහැරුනේ යන්නේ කොහෙද කියලා කිසිම ප්ලෑන් එකක් නැතුව. මොන දේ කරන්න උනත් අතේ සල්ලි තියෙන්න ඕනේ. උදේ තේ එකයි දානේ වේලයි පන්සලෙන්ම අරගෙන දඹුල්ලේ බැංකුවට ගියේ අදවත් සල්ලි දාලද කියලා බලන්න.සත පහක් වැටිලා නෑ. උදේ පාන්දරම ඔෆිසියේ උන්ගේ දෙමාපියෝ සිහි කරලා ගත්තා කෝල් එකක්. එකෙක්වත් ෆෝන් උස්සන්නෙත් නෑ. කට්ටියම දන්නවා මොකටද මේ පාන්දරම අමතන්නේ කියලා. සල්ලිත් නැති නිසා කැලුම් අයියට කතා කළා.බැංකුවක් ගාවට ගිය ගමන් කියක් හරි දාල කෝල් කරන්නම් කියලා කැලුම් අයියා කිව්ව නිසා ආයේ වැඩ පටන් ගත්තා. එදා දවසේ කැකිරාව කලාවැව පාරෙන් දේවහුව හරහා ගලේවෙල ටවුන් එකට එනකොට දවස් දෙක තුනකට හරියන ෆෝම් ගානක සිල් ගහලා. වෙලාවත් තිබ්බ ඒකෙ මැල්සිරිපුර පැත්තට යන්න කල්පනා කරලා කුරුනෑගල පැත්තට හැරෙව්වා. වැඩි දුරක් යන්න හම්බ උනේ නෑ.
"කර කරාස්" සද්දෙත් එක්ක බයික් එක නතර උනා. බැහැලා බලනකොට බයිසිකලේ චෙන් එක කැඩිලා එල්ලෙනවා. අහල පහල මොකෙක්වත් නෑ. පාලුම පාලු ඒරියා එකක්. දැන් බයික් එක කැඩුන එක ඔෆිස් එකට නොකියා හිටියොත් බයික් එක හැදුවට ක්ලෙම් එක වත් ගන්න හම්බ වෙන්නේ නැති බව දන්නා නිසාම එතනම ඉදන් කෝල් කළා. වාහනෙකින් ඇදගෙන ගිහින් චෙන් එක හදව ගන්න පර්මිෂන් හම්බ උනා. ටික වෙලාවක් එතන බලා ඉදලා ආව ලෑන්ඩ්මාස්ටරේක බයික් ඒකත් පටවාගෙන බයික් එක ගරාජ් එකට දාලා ප්‍රදීප්ව බයික් එක ලග තියලා මං ගලේවෙල බැංකුවට ආවේ සල්ලි කියක් හරි අරගෙන යන්න. මොනවා කරන්නද තිබුනේ කැලුම් අයියා එවලා තිබ්බ රු 1000 ක් විතරයි. කෝල් කලාට ෆෝන් එක ඉස්සුවෙත් නැති නිසා එතනම ඉදගෙන නුවන් ලොක්කට මැසේජ් එකක් ගහලා තියලා සල්ලිත් අරන් ගරාජ් එකට ආවා.
ගරාජ් ඒකෙන් බයික් ඒකෙ හදනවා නම් හදන්න ඒකෙ තියෙන දේවල් ගැන ලොකු දේශනයක්. ඕන එකක් වෙද්දෙන්කියලා චෙන් එක විතරක් දාගෙන පන්සලට ආවා. ටික වෙලාවකින් නුවන්ගෙන් කෝල් එකක් සල්ලි දැම්මා කියලා.බයික් ඒකෙ තත්වය ගැන ඒ වෙලාවේ නුවන්ට කියලා දැම්මේ අබලන් බයික් එකක් තියාගෙන රට වටේ ඇවිදින්න ගිහින් කන්න වෙන පරිප්පුව දන්නා නිසා. නුවන්ගේ උත්තරේ එක ගලෙන් කුරුල්ලෝ දෙතුන් දෙනෙක් මරාගන්න වැඩක්. ඒ තමයි ප්‍රදීප්ට බස් එකේ හරි ගිහින් වැඩ කරන්න කියලා මට ඊලග දවසේ කොළඹ එන්න කියන එක. එනකොට කුරුනෑගල ඉන්න අසංකගෙයි කෑගල්ලේ ඉන්න කැලුම්ගෙයි ෆෝම් සෙට් එකත් අරගෙනම එන්නලු. කුරුනෑගල ටික නම් එන පාරේ නිසා ගන්න පුළුවන්. ඒත් දැන් පලකො අබලන් බයික් ඒකෙන් කෑගල්ලේත්.
පහුවදා පාන්දරම මං කොළඹ එන්න පිටත් උනා. ඉස්සරහටත් දවස් දෙක තුනක වැඩ කරගෙන තිබ්බ නිසා ප්‍රදීප් ගොරව ගොරවා නිදි. කොච්චර උදෙන් ආවත් කුරුනෑගලින් අසංකයා ඉන්න තැන හොයාගෙන කැලුම් අයියාවත් පොල්ගහවෙලට ගෙන්නලා ෆෝම් ටික අරගෙන ඔෆිස් එකට එනකොට දෙකට විතර ඇති.
ෆෝම් ටික නුවන්ට භාර දීලා බයික් එක මාරු කරගෙන ඊලග දවස් වලට අපිටයි අසංකලාටයි පුරවන්න ෆෝම් සෙට් මිටියකුත් අරගෙන අනිත් උන් වැඩ ඇරෙන වෙලාවට අයෙමත් දඹුල්ල බලා එන්න පිටත් උනා. කුරුනෑගල අසංකලාගේ නවාතැනටත් ගිහින් දඹුල්ලට එනකොට රෑ නවයත් පහු වෙලා. හාමුදුරුවන්ගෙන් දඹුල්ල මාතලේ පැත්තේ ඇවිදින්න යන්න තියෙන තැන් ගැන එහෙම අහගෙන එදා රෑ නිදාගත්තේ ඊලග දවසේවත් හොද පිස්සුවක් කෙලිනවා කියන බලාපොරොත්තුවෙන්.
පහු වෙනිදාඋදේ දානේ පන්සලෙන් වලදලා පාන්දරම දඹුල්ලේ මහා පන්සල වැඳපුදා ගෙනම වැඩ පටන් ගත්තා. ප්‍රදීප් ජීවිතේටම දඹුල්ල පන්සල වදින්න ඇවිල්ලා තිබ්බේ එදා. මොක උනත් ඌට දඹුල්ල වන්දපු පිනම ඇති. එදා දවසටත් එක්කම මුලින්ම දවසේ වැඩ කරලා තිබ්බ නිසා දවසෙම පිස්සු කෙලින එකයි අපේ එකම බලාපොරොත්තුව උනේ. ඒ නිසාම වැඩි කලබලයක් නැතුව ගියේ කණ්ඩලම වැව බලන්න. දඹුල්ල පැත්තට හොදටම වහින කාලයක් නිසා වැවේ වතුර පිරිලා . වැව් තාවුල්ල දිගේම ඉස්සරහට ගියේ මේ පැත්තෙන් සිගිරිය පැත්තට යන්න පුළුවන් කියලා පන්සලේ හාමුදුරුවෝ කලින්ම කියපු නිසා. මෙලෝ මනුස්සයෙක් නැති පාලු පාරක් දිගේ අපි ඉස්සරහටම ගියා. සිගිරියක් තියා මොනවත්ම නෑ පලාතක. අන්තිමට ඇව්ල්ලා වැටුනේ කඩ මන්ඩියකට. එතන මිනිස්සුන්ගෙන් ඇහුවාම සීගිරියට යන පාර පහු කරගෙන අපි ගොඩාක් දුර ඇවිල්ලා කියලයි දැනගන්න ලැබුනේ.
කොහොමින් හරි ඒ මිනිස්සු පෙන්නපු පාර දිගේ අපේ සිගිරි ගවේෂණයට අපි පිටත් උනා. වෙලාව දවල් දෙකට විතර ඇති. කන්න බොන්න කියලා කඩයක්වත් නෑ පේන තෙක් මානෙක. නොකා නොබී සිගිරි නගිනවාට වඩා පිදුරංගල පන්සල වදින්න යන එක හොදයි කියලා අපි කල්පනා කලා.
ගුරු පාරක් දිගේ දිගටම ඇවිල්ලා සිගිරිය පහු කරගෙන පිදුරංගල පන්සලට ආවා. කිහිප වතාවක් සිගිරිය නැගලා තිබුනත් මමත් පිදුරංගල ආව පලවෙනි වතාව. පන්සල පල්ලමේ බයික් එක නවත්තලා පන්සලට ගොඩ උනත් කවුරුවත්ම පන්සලේ ඉන්න පාටක් පෙනුනේ නෑ. ලෙන් විහාරයට කියලා ගහලා තිබ්බ බෝඩ් එකේ පෙන්නපු පාර දිගේ අපි කන්ද තරණය කරන්න පටන් ගත්තා.
ඒ කන්දේ ටිකක් දුර නගින කොට හමු වෙන ලෙන් විහාරය නිසි නඩත්තුවක් නැතිකමින්ම විනාස වෙලා ගිහින් කියලයි අපිට නම් හිතුනේ. කොයි තරං සංචාරකයින් සිගිරිය නරඹන්න ආවත් සිගිරිය පේන මානයේම තිබෙන කාශ්‍යප රජතුමාම නිර්මාණය කල ඉපැරණි ඉතිහාසයක් ඇති මේ පුණ්‍ය භූමිය කාගේවත් සැලකිල්ලක් නැතුව පාලුවට ගිහින් තියෙන හැටි දකින කොට අපිට නම් ඇති උනේ ලොකු කනගාටුවක්. අපි ලෙන් විහාර සංකීර්ණය පහු කරලා කැලය පීරාගෙන තවත් ටිකක් ඉහලට නැග්ගා.
ගල දිගේ ඉහලට නගින කොට ඈතින් තියෙන සිගිරිය අපිට පෙනුනේ මේ විදියට. ගල උඩට වෙලා අවට සුන්දරත්වය නරඹමින් හිටපු අපි පහලට බැස්සා. වෙලාව හවස හය විතර වෙලා. දවල් ආහාරය පන්සලේ තිබ්බ ටැප් එකකින් බීපු වතුර ටිකකින් යාන්තමට ශේප් කරගත්ත අපි ආයෙමත් දඹුල්ලට ආවේ ඊලග දවසේ වැඩත් කරගෙන මාතලේ පැත්තට යනවා කියන බලාපොරොත්තුවෙන්...
පහුවදා පාන්දරම මාතලේ පැත්තට යන්න කල්පනා කලේ ඒ යන එන පාරේ අපිට ඕන කරන ජාතියේ කඩ ගොඩාක් තියෙනවා කියලා දන්න නිසා. කඩවල් වලින් ෆෝම් පුරවාගෙන ටික දුරක් යනකොට නාලන්දා ප්‍රදේශයේදී නාලන්දා ගෙඩි ගෙයට කි.මි 1 යි කියල බෝඩ් ලැල්ලක් දකින්න හම්බ උනා. වැඩ කරනවාද ගෙඩිගේ බලන්න යනවාද කියන දෙකින් අපි තෝරා ගන්නේ දෙවැනි විකල්පය කියලා ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ කිලෝ මිටරයත් ගිහිල්ලම බලන්න අපි කල්පනා කළා.
හින්දු කෝවිලක ආකෘතියෙන් සම්පුර්ණ ගලින්ම ඉදි කරලා තියෙන මේ නාලන්දා ගෙඩිගේ පිහිටලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ හරි මැද කියලා පිළිගැනීමක් තියෙනවා. මෑත කාලීනව මේ නිර්මාණය පහල ඇති ජලාශයට යට වීම නිසා කොටසින් කොටස ගලවලා නැවතත් ස්ථාපනය කරලා තියෙනවා කියලයි අපිට දැන ගන්න ලැබුනේ. පල්ලෙහා තියෙන කැටයමත් ශ්‍රී ලංකාවේ දකින්නට ලැබෙන එකම ස්ථානය මේ ගෙඩිගේ කියලයි කියන්නේ. ඒකෙන් පෙන්නන්නේ පුරුෂ රුවක් කාන්තා රුවක් සහ සිංහ රුවක් කියලයි අපට දැනගන්න ලැබුනේ
ගෙඩිගේ බලලා ඉවර කරලා මාතලේට යනකොට අපි තවත් දවස් ගානකට හරියන්න වැඩත් කරලා කියලා ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙ. මාතලේ ඉදන් ආපහු දඹුල්ලට එන්න හදනකොට මහා වැස්සක් පටන් ගත්තා. බලාගෙන හිටියට වැස්ස නවතින පාටකුත් නෑ. ෆෝම් ටික නොතෙමෙන විදියට කවරෙකින් ආවරණය කරගෙන තෙමිගෙනම ආපහු එන්න පටන් ගත්තා. මහා වැස්ස එක්ක කළුවරේ හරියට පාරක් පේන්නෙත් නැතුව හිමින් සැරේ පැය දෙකක් විතර ගත කරලා දබුල්ලට එනකොටත් වහිනවා හොදටම. එහෙමම ඇදුම් මාරු කරගෙන නාලා ඉක්මනටම කාල බිලා නිදා ගත්තේ දවස් දෙක තුනකටම ඇති වෙන්න වැඩ කරලා තිබුන නිසා හෙට දවසම වැස්සත් අපිට කමක් නෑ කියලා හිතාගෙන.................
............................................................................................................................................................
තව දෙයක් තියෙනවා
ලගදීම අලුත් වැඩක් බලාපොරොත්තුවෙන් ඉන්න........
niyamayi
ReplyDelete:))
Deleteහරිම ආසවෙන් කියෙව්වෙ... ජය
ReplyDeleteඔබටත් ජයෙන් ජය !!
Deleteජය වේවා !
ReplyDeleteජයෙන් ජයම වේවා !
Deleteනියමයි!
ReplyDeleteඔබට ජය!
ජය වේවා :))
Deleteමේ ලිපිය කියෙවුවා අනිත් ලිපි දෙකත් කියවන්න ඕනි නියමයි
ReplyDeleteඑලස් :) ජය වේවා !!
Delete:D ෂෝයි..මං දෙසැරෙකට කියෙව්වෙ..අනිත් දෙකත් කියවන්න ඕන..ඊට පස්සෙ ආයේමත් මේක කියවනනවා..
ReplyDeleteජය වේවා ඔයාටත් :))
Deleteහොඳ චාරිකා සටහනක් එක්ක හොඳ අත්දැකීමක් නේද?
ReplyDeleteචාරිකාව කෙසේ වෙතත් අත්දැකීම් නම් නියමයි. ඔබටත් ජය !!
Deleteනියමයි දඹුල්ලට මම ත් ගියා.මාර ලස්සන තැන..හරිම නිස්කලන්ක යි.
ReplyDeleteඔබට ජය!!
පන්සල නිස්කලංක උනාට ටවුන් එකේ නම් කිසිම නිස්කලංක බවක් නෑ. නොනිදන නගරෙනේ :) ඔබටත් ජයෙන් ජය !
Deleteඕ... ලස්සනයි ඈ..
ReplyDeleteඑලස් ඈ :)) ජය !
Deleteමං පිදුරංගල නම් ගිහිං නෑ ...... ඒත් එතන ඉදන් සීගිරිය පේන දැක්කහම සෑහෙන්න පුරුදුයි කියල හිතුනනේ !!!!!
ReplyDeleteඔය දර්ශනේ ඔය විදියට පේන හොදම තැන පිදුරංගල කන්ද වෙන්න ඇති. සිගිරි පර්වතෙට සමාන උසකින් ඉන්නවා වගේ පෙන්නේ :)
Deleteඅපිත් චාරිකාවෙ ගියා වගේ දැනෙනවා ...
ReplyDeleteමේක චාරිකාවක් නෙවෙයිනෙ. රස්සාව කරන අතරතුරේ ගිය හොර ගමනක්නේ :))
Deleteහා යන්තන් ඇති ... පොස්ට් එකක් දාන්නවත් බ්ලොග් එක මතක් උනා.. එල එල .. සිරාවටම .. චාරිකාවේ ගියා වගේ ..
ReplyDeleteඔන්න උඹේ මඩ ප්‍රහාර වලට බයේම පෝස්ට් එකක් දැම්මා. දැන්වත් මඩින් නැතුව ගොඩින් වරෙන් ඈ :)
Deleteඒ ඔහොමම යු ටර්න් එකක් ගහල අම්පාරට වරෙන්...නැත්නම් එකෙන්ම මම අපේ කිරි අත්තගේ දඬු මොනරේ එවන්ඩද ඈ...
ReplyDeleteකතාව එල ඈ... මේ මුදල් ප්‍රතිපාදන කොමිසන් සබාව එක්ක මම දැනටමත් ඩිස්කස් කරා උඹට ගමනට අවශ්‍ය මෙව්වා ලබා දෙන්ඩ...උන් නැපී හතරක් පහක් දෙන්නම් කිව...මොකද එතකොට අනවශ්‍ය විදිහට උඹට කටු අකුල් අස්සේ රින්ගන්ඩ ඕනේ නෑනේ...
මම ඉතින් උඹේ බොක්කනේ ඈ...උඹ ගැන අම්ම අප්පටත් වඩා මමනේ බන් වොරි වෙන්නේ ඈ...
සප් එක කොළ බොක්කෙන්ම දෙනවා ඈ...
අම්පාරට අපේ වෙන දෙන්නෙක් එව්වා. උඹ ඩිස්කස් කරලා ගත්තු එව්වා උන් දෙන්න අතට දීපං එහෙනං ඈ.
Deleteනියම චාරිකාවක් නොවැ!
ReplyDeleteචාරිකාවක්...
Deleteහොර ගමනක්..
නිකන්යැ කිලෝමීටර් නැති කියන්නේ...
ReplyDeleteහික් හික් හික්
Deleteමොකෝ කියන්න ගිය එක මග නවවත්තලා. මං ඉතින් කිලෝ මීටර් නැති පිස්සානෙ :))
නියමයි නේ මෙතැන මලේ උඹ වගේම මමත් ඇවිදිනවා දැන්. ගොඩවෙන්නකෝ ඒ පැත්තටත් එන්න සමකය වටේ රවුමක් යන්න
ReplyDeleteහේ හේ ඔන්න කිලෝ මීටර් නැති රෙපාත් ඇවිත් සමකය වටේ යන්න සෙට් උනා. ජය වේවා ඈ !!
DeleteHithen apith giyaa aayi mae then walata..
ReplyDeleteඉතින් පහු ගිය දොහේ වෙනි අයියත් ඔය පැත්තේ ගියා නේද :))
Deleteරෙපා අතින් කාලා හරක් බලනවා වැගේ වැඩක් නොවැ කරලා තියෙන්නෙ... මොනා උනත් චාරිකාව නම් සුන්දරයි වගේ... සීගිරිය හැර අනෙක් තැන් වලට මම තවම ගිහිල්ලා නෑ... ඡායාරූප දැක්කම මටත් යන්නම හිතුනා බොලං...
ReplyDeleteකිලෝ මීටර් නැති නිසාම අතින් කාලා හරක් බලන්න හරි ගියා බං. පලයන් පලයන් ඇවිද්ද පැය දහස් වටි කියනවනේ :))
Deleteඒ මම තාම පිදුරංගල තියා සීගිරියටවත් ගීං නෑ රෙපා අයියේ...
ReplyDeleteවෙලාවක යන්න ඕනා..
අයියෝ අයියෝ උඹත් අර වංශ අයියා වගේනේ. ඉන්න එකේ පොඩ්ඩක් රටේ තොටේ ඇවිදලා කරලා වරෙන්. :))
Deleteඅර පන්සලේ පින්තුරේ පට්ටම ගති. පිදුරංගල විහාරේ මම දැකල තියනවා ටීවී එකේ, කතාවක ගියා. රෙපා කරන්නේ ලෝකේ තියන පට්ටම ජොබ් වලින් එකක් කියල හිතෙනකොට ඉරිසියාත් හිතෙනවා
ReplyDeleteඑක තැන ඉදලා එපා වෙලා නම් උඹටත් මේ වගේ එකක් සෙට් කරලා දෙන්නම්. පාරට බැහැලා අව්වට වේලිලා වැස්සට තෙමිලා චාටර් කන කොට පට්ට ජොබ් එකේ හැටි තේරෙයි.
Deleteමම තවම ඒ පැත්තේ ගිහින් නැහැනේ , යන්නම ඕනේ කියන හැටියට
ReplyDelete