පස් අදින සෙට් එක

Friday, August 31, 2012

කුලියාපිටියෙන් දඹුල්ලට

 බලංගොඩ සිට කුලියාපිටියට ආව හැටි



පහුවෙනිදා උදේ ඇහැරෙනකොට උදේ අටට විතර ඇති. හදිසියේ දුවගෙන ආවට අපි දෙන්නම කරන්න ඕන මොකක්ද කියලා වත් තාම හරියට දන්නේ නෑ. නුවන් ලොක්කට කෝල් කරලා කරන්න ඕන දේ අහගෙන නවයට විතර එලියට බැස්සා. සතියේ දවස් වලත් ලංකාවේ රුම්ස්‌ වලට තියෙන ඉල්ලුම කොයි තරම්ද කියනවා නම් ඒ වෙනකොටත් ත්‍රිවිල් මෝටර් සයිකල් දෙක තුනක්ම මිදුලේ නවත්තලා තිබුනා. ඒ අතරේ රෙස්ට් ඒකෙ අන්කල් අපේ බෑග් ටික තියලා යන්න කියලා කාමරයක් පෙන්නුවා. ඒකෙ බෑග් තියලා අපි එලියට එනකොට හෙල්මට් එකකින් මුහුණ වහගෙන පොත් මිටියක් තුරුල් කරගත්ත ක්ලාස් යන්න ආව පොඩි කෙල්ලෙක් කොල්ලෙකුත් එක්ක අපි නැවතිලා හිටපු කාමරෙටම ඇතුල් වෙලා දොර වහ ගත්තා. 


ඒ සති දෙකම ගෙවිලා ගියේ පන්නල, ගිරිඋල්ල, දඹදෙණිය. නාරම්මල, හෙට්ටිපොල, පඬුවස් නුවර, හලාවත ,වෙන්නප්පුව, කුලියාපිටිය වටේම තියෙන ගම් නගර  හැම එකකම සංචාරය කරමින්. විශේෂයෙන් බලන්න යන්න කියලාවත් දෙයක් ඔය පළාත් වල තිබ්බද කියන්නවත් දන්නේ නැත්තේ වැඩේට කැප වෙලාම බැහැලා හිටපු හින්දා. පොඩ්ඩක් හරි බලන්න කියලා ගියේ පඬුවස් නුවර පාරේ යන ගමන් අතුරු පාරකට දාලා බලපු නටබුන් ටික විතරයි. අන්තිම දවසේ පුත්තලම පැත්තේ හිටපු කැලුම් අයියලත් අපි නැවතිලා හිටපු රෙස්ට් හවුස් එකටම ආවා. 

ඊලග  ඒරියා එකට යන්න බලාගෙන ඉන්න අතරේ කම්පනියේ නුවන් ලොක්කාගෙන් කෝල් එකක්. 

"ඔයාල එක්කෙනෙක් ගෙන්වත් දවසට ෆෝම් 20 ක ඇවරේජ් එකක් නෑ. ඒ නිසා අපි දෙන්න පොරොන්දු වෙච්ච බේස් එලවන්ස් එක බලාපොරොත්තු වෙන්න එපා. "

කාල  වරෙන් කිව්වලු රෙප් කෙනෙක්ගේ බේසික් සැලරි එක විතරක් අරගෙන පොල් ගාන්නද? නුවන් ගේ කෝල් එකෙන් අප්සට් වෙච්ච මම එහා රුම් ඒකෙ නැවතිලා හිටපු කැලුම් අයියාව හොයා ගෙන ගියා.

"නුවන් නේද කතා කලේ" කැලුම් අයියා ඇහුවේ හිනා වේවි

අපි  රිසර්ච් එකට බැහැලා වැඩ කලාට මෙතන සිද්ද වෙන්නේ මොකක්ද කියලා තේරුම ගියේ කැලුම් අයියත් එක්ක ටිකක් කතා කලාට පස්සේ.

 " මල්ලි මම මේකට ඇවිත් දැන් මාස තුනක් වෙනවා, ඔය කියපු බේස් එලවන්ස් එකක්වත් මටත් තාම හම්බ වෙලා නෑ"

"ඉතින්  මෙතනට වෙලා ඉන්නේ බම්බු ගහන්නද?"

"ඇයි බං වෙන මොන කම්පනියේද මෙහෙම වියදම් කරලා අපිට ලංකාව වටේ ඇවිදලා ෆන් එකක් ගන්න චාන්ස් එකක් දෙන්නේ. "

"එතකොට  රිසර්ච් එක" 

කැලුමා හිනා උනා

 "ඔය කියන විදියට රිසර්ච් එක කරන්න ගියොත් දවසට ෆෝරම් 40 ක් ෆිල් කරන්න හම්බ වෙන්නේ නෑ කවදාවත්. උන් වියදම් කරන ඒවාට හරියන්න ඔය කඩ ටිකකට ගිහින් සිල් එක ගහගෙන වරෙන්. උන් ඉල්ලන්නේ නම්බර්ස් මිසක් කොලිටි රිසර්ච් රිපෝට් එකක් නෙවෙයිනේ. ඉතින් උන් ඉල්ලන නම්බර්ස් උන්ට දීලා අපේ ෆන් එක අපි ගමු බං"

"මේ හම්බ වෙන සොච්චමෙන් මොනවද කැලුම් අයියේ කරන්න පුළුවන්"

එහෙම  ඇහුවේ මා එක්ක හිටපු ප්‍රසන්නයා,

ඇයි බං ඒකට තමයි පෙට්‍රල් බිල්, බයික් රෙපයාර් බිල් වගේ ඒවා තියෙන්නේ. මෙහෙම රෙස්ට් හවුස් වල නවතින්නේ නැතුව බිලක්‌ ගන්න ට්‍රයි එකක් දීපං. උන්ට වැඩක් නෑ නෙ අපි කොහේ හිටියත්, උන්ට ඕන නම්බර්ස් විතරයි..

"ඊළගට අපිට යන්න තියෙන්නේ කුරුණෑගල, කෑගල්ල, මාතලේ, ඒරියා තුනට. උඹලා කොහේද යන්නේ."

මට එක පාරටම මතකෙට ආවේ දඹුල්ල පන්සල කිට්ටුව හේනක් වගා කරන අපේ මාම කෙනෙක්ව. 

"අපි යනවා මාතලේ." මම කිව්වා 

 එහෙනං උඹ හෙට ඉදන් මේ ප්‍රදීප්‍ එක්ක වැඩ කරපන්. මම ප්‍රසන්න එක්ක යන්නම්.

කැලුම් අයියලාගේ ඒරියා එකෙන් තව කොටසක් ඉතුරු වෙලා තිබුන නිසා එයාලා පාන්දරම පිටවෙලා ගියේ ඒක ඉවර කරලා හවසට කෑගල්ලේ යනවා කියලා. මමයි ප්‍රදීපුයි දඹුල්ලේ යන්න පිටත් උනා.

නාරම්මල හරහා කුරුණෑගලට ආවාම තමයි මතක් උනේ අදටත් ෆෝම් හතළිහක් කොහෙන් හරි ෆිල් කරගන්න ඕන කියලා. කුරුණෑගල ඉදන් දිගටම පාර අයිනේ තිබුන ෂොප් වලින් සීල් ගහගෙන ඉබ්බාගමුව ටවුම පහු කරනකොට ෆෝම් හතළිහක් පුරවලා. ගලේවෙලට එනකොට බයික් එකේ පැට්‍රල් ඉවරයි. ගිය සති දෙකේ බිල් වල ක්ලෙම් එක වැටිලද කියලා බලන්න බැංකුවට ගියාම තමයි දෙයියෝ සිහි උනේ. සති දෙකේ සල්ලි තවම එකවුන්ට් එකට වැටිලා නෑ.

කම්පනියේ ඉන්න හැම එකාටම පින් දීගෙන එතනම ඉදලා ගත්තා ෆයිනෑන්ස් එකේ ප්‍රසන්නයාට කෝල් එකක්.

" උඹේ සල්ලි හෝල්ඩ් කරලා"

"මොකක්"

" එරන්දට කෝල් එකක් දීලා බලන්න"

ප්‍රසන්න ෆෝන් එක තිබ්බා. එහෙමම එරන්දට කෝල් කළා

" එරන්ද මහත්තයෝ මොකක්ද මගේ එක්ස්පෙන්සස් හෝල්ඩ් කරන්න මම කරපු වරද?"

"ගිය සදුදා කොහොමද කිලෝ මීටර් හාරසිය ගානක් ගියේ. කිලෝමීටර් හාරසිය ගානක් එක දවසට බයික් එකේ. වෙන්න බෑ"

"එහෙනං එරන්ද මහත්තයෝ ඔබ තුමාම බයික් එකක් අරන් මතුගම ඉදන් බලංගොඩට ගිහින් ආයේ ඔෆිස් ඇවිත් කුලියාපිටියට ඇවිල්ලා බලන්නකෝ කිලෝ මීටර් කියක් තියෙනවද කියලා"

කියපු  මම එහෙමම ෆෝන් එක තිබ්බා. වෙච්ච කේස් එක දන්න නිසා ඔය අතරේ ප්‍රදීප් කිර්ති ලොක්කටත් කතා කරලා. ටිකකින් කිර්ති ලොක්කාගෙන් මට කෝල් එකක්

"එහෙම එක්ස්පෙන්සස් හෝල්ඩ් කරන්න මම දෙන්නේ නෑ. බය වෙන්න එපා. අද හවසට නැත්තම් හෙට උදේට සල්ලි ටික වැටෙයි"

"පැට්‍රල් ගහන්නවත් සල්ලි නෑ. ඒකයි සර් කතා කලේ "

"අදට මොකක් හරි කරගන්න. හෙට උදේට සල්ලි වැටෙයි බය වෙන්න එපා"

ප්‍රදීප් අතේ තිබ්බ සල්ලි වලින් පැට්‍රල් ගහගෙන මාමට කෝල් කළා. 

"දඹුල්ලට ඇවිල්ලා නුවර පාරේ පන්සල පහු කරලා ටික දුරක් ඇවිත් කෝල් එකක් දෙන්න"

කොහොම  හරි අපි දෙන්න මාමගේ හේන හොයාගෙන ගියා. එයා හිටියේ ලොකු ළුණු ගොඩක් තෝරණ ගමන්. 

කාලෙකට  ඉස්සර කැලේ ඇවිදිනකොට බැදපු තුවක්කුවක වෙඩිල්ලකට අහු වෙලා කකුලක් අයින් කරලා තිබුනත් බොරු කකුලක් දාගෙන එයා කරන වැඩ කකුල් දෙකම හොදට තියෙන කෙනෙක්වත් කරන්නේ නෑ. හේන් වගාවේ ඉදන් පොල්ගස් නැගීම දක්වා හැම වැඩක්ම තනි කකුලෙන් ඉන්න එයා කරනවා.

"ඕන දවසක් නවතින්න අපේ පන්සල තියෙනවා. මෙහෙන් නාගෙන පන්සලට යමු. මම කොහොමත් රෑට උයන්න පන්සලට යන්න ඕනේ"

කකුල  කපන්න ඉස්සර ඉදන්ම දඹුල්ල මහ පන්සලේම හිටපු මාමට ඒ අනතුර වෙච්ච වෙලාවේ හැම උදව්වක්ම කරලා තිබුනේ ලොකු හාමුදුරුවෝ. දැන් නම් ඉන්නේ මහ පන්සලට අයිති වෙන පන්සලක කියලයි දැනගන්න ලැබුනේ.

මාම  එක්ක එයා ඉන්න ගෙදරට ආව අපිට ඇදුම් මාරු කරගන්න කියලා වගා ළිදක ඉදලා මෝටර් එකකින් ඇදලා පැල වලට වතුර දාන ලොකු වතුර බටයක් කෙහෙල් ගහක පිත්තක් අස්සේ ගැහුවා. 

"ඔන්‍න‍ ඕන තරම් නාගන්න"  කියලා මෝටරේ ස්ටාර්ට් කළා

කාෂ්ටක දේශගුණයක අව්වට පිච්චි පිච්චි දුවිල්ල නාගෙන මෙච්චර දුර ආව අපට ඒ ලොකු වතුර බටෙන් ඇගට වැටෙන වතුර ගෙනාවේ අමුතුම සිසිලසක්.

එතනින්  නාගෙන මාම එක්ක පන්සලට ගියා. රෝද තුනක් තියෙන අතින් කරකවන වාහනයක් තමයි එයාගේ ගමන් බිමන් යන වාහනේ. ඒ පන්සලේ ලොකු හාමුදුරුවොත් වැඩි වයසක හාමුරුරු කෙනෙක් නෙවෙයි. වැඩිම උනොත් අවුරුදු 30 ක් ඇති. ධර්ම ශාලාව ඇතුලේ තියෙන කාමරයක් අපි දෙන්නට හම්බ උනා. රෑට කෑවට පස්සේ ආයේ හේනට යනවා කියලා මාම යන්න ගියා. අපි එදා රෑ නිදා ගත්තේ හෙට ඉදන් නම් හොද පිස්සුවක් කෙලිනවා කියන ලොකු බලාපොරොත්තුවකින්.....

.............................................................................................................


බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාරය 2012
මේ විජට් එක ඔබගේ බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කිරීමෙන් සහයෝගය ලබා දෙන්න.
ස්තුතියි..!
 

<embed src="http://bdnmv.com/blogger.swf" quality="high" allowscriptaccess="always" type="application/x-shockwave-flash" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" align="middle" height="300" width="230"></embed>




   

32 comments:

  1. විශේෂයෙන් බලන්න යන්න කියලාවත් දෙයක් ඔය පළාත් වල තිබ්බද කියන්නවත් දන්නේ නැ

    ඔන්න මේවා කියලා නම් අහු වෙන්න එපා.. කියලා ආවා නම් බලන්න දේවල් ගොඩාක් පෙන්නන්න

    ReplyDelete
    Replies
    1. අපිත් අමාරුවෙන් හොයා ගත්තනේ ඉතිං පඬුවස්නුවර කියලා තැනක් බලන්න. ඒ මදැයි මචං:)

      Delete
  2. මේක කියවලා පිස්සුම වැහුනා රෙප් මහත්තයෝ. මම හිතා හිටියෙ බුල කෙලින්නෙ මේ අපි වැඩකරන රටේ ඉන්න එවුන් විතරයි කියලා.ඕකුන් එක්ක බැලුවම මෙහෙ උන් හොඳයිනෙ බං.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. බුල ගැහිල්ල සහ දිය රෙද්දෙන් බෙල්ල කැපිල්ල මෙහේ තරම් නෑ කොහෙවත් මං හිතන හැටියට සහ මගේ අත්දැකීම් වල හැටියට

      Delete
  3. පහුවදා ඉදන් නටපු පිස්සු කියවන්න ආයෙම එනවා...

    ඇත්තටම පිස්සු නැටුවයි.. :)

    ReplyDelete
  4. උඹට මචං ඇති වෙන්න ඇවිදින්න නම් ලැබිලා තියනව. :)

    ReplyDelete
  5. ඇවිද්ද පය දහස් වටී... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ රජාත් මේ දවස් වල හොදට ඇවිදිනවනේ. :)

      Delete
  6. බලාගෙන ගියාම අතින් කාලා හරක් බලනවා වගේ වැඩක් නොවැ....

    ReplyDelete
    Replies
    1. ඒ වගේ වැඩක් නම් තමා. එකටත් එක්ක හරි යන්න කම්පනියේ පැට්‍රල් වලින් අපි අපිට ඇවිදින්න ඕන හැම තැනම ඇවිද්දනේ :)

      Delete
  7. සිරා කිවුවත් වගේ අතිං කාලා අනුංගෙ හරක් බලනවා වගේ වැඩක්නේ..

    ReplyDelete
  8. ඊලග දවසේ පිස්සුවක් නැටුවද ඉතින්?? හී හී :)

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ ඉතිං දිගටම කලේ ඒක තමා :)

      Delete
  9. නියමයි.නියමයි.ඔන්න ඕවට තමයි ඇවිදිනවා කියන්නේ...

    ReplyDelete
    Replies
    1. මට ඉතිං කොහොමටත් කිලෝමීටර් නෑනේ බං

      Delete
  10. විශේෂයෙන් බලන්න යන්න කියලාවත් දෙයක් ඔය පළාත් වල තිබ්බද කියන්නවත් දන්නේ නැ
    ඔන්න මටත් තද වෙනවා ඈ දෙන්න තියෙන්නේ දේවාගේ උත්තරේම තමා .

    ReplyDelete
    Replies
    1. ඔය පැත්තේ ගිය දවස් වල දේවගේත් නම දැනගෙන හිටියත් ඌව දන්නෙත් නෑ. උඹලව එහෙමවත් දන්නේ නෑනේ. ඉතිං කොහේ හොයන්නද බං. දැන් ආවොත් නම් ඉතිං බය වෙන්න එපා ඈ :))

      Delete
  11. පෙට්ට්‍රල් ගහන්න සල්ලි නැතුව, එක්සපෙන්සස් නැතුව, නයිට් අවුට් දාන එක තරම් කටුක බවක් ජොබක තියෙනවද බං?

    මට මතක් වුනා වසර කිපයකට කලින් බයික් එකේ මීගමු ගිය හැටි...
    දැන් කම්පැනියේ කාර් එකත් තියාගෙන, තෙල් නැතුව අසරණ වෙලා ඉන්න, අනුරාධපුර ඉදන් ආපු මිතුරෙක් ඉන්නව බං. මුල් මාසෙ මම ඌව මගෙ කාර් එකේ අරන්ගියා. දැන් නම් පොරට හොදයි.

    පරිස්සමෙන් වැඩ කරන් වරෙන් මචං !

    ReplyDelete
    Replies
    1. ඕක මගේ නම් සුපුරුදු කට්ටක් තමයි බං. අතේ සල්ලි නැති උනොත් ඉතිං ඉන්න වෙන්නේ බස් ස්ටෑන්ඩ් එකක තමා :(

      Delete
  12. මට මතක්වුනේ මගේ ජීවිතේ එක කාලයක්.. රෑ දවල් බලන්නේ නැතුව රාජකාරියට කැපවෙලා දේව කාරිය වගේ කරගන ගිය අපිට කොම්පැනියෙන් සලකපු විදිය නියමයි. අලවන්ස් මොකුත් නැතුව පඩියට විතරක් රටවටේ රවුම් ගහලා ඇවිත් අන්තිමේ මගේ ඇප්රෙසල් එක බොසාගේ මේසේ උඩදී එක එකාගේ කේලම් වලට වෙනස් වෙද්දී මට මම ගැනම දුකක් එක්ක ඇතිවුණු කේන්තිය එක්ක මම ඊළඟ ගමන කම්පැනි වාහන නැතුව යන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරපු හැටි..

    ඊට පස්සේ වෙන රස්සාවක් හොයාගනින් පුලුවන්නම් කියලා කරපු අභියෝගයට රෙසිග්නේෂන් එක මේසේ උඩට වීසි කරලා මම ආපු හැටි..

    අන්තිමේ අද... මම ඉන්න තැනටවත් එන්න උන් සේරම දඟලන විදිය.. අසරණ වෙලා ඉන්න විදිය දෑසින් මම දකිද්දී..

    මට හිතෙන්නේ මම කාටවත් වරදක් කරපු නැති එකම මට පිහිට වෙලා කියලා.. මගේ ඇස්දෙක ඉස්සරහා..

    ReplyDelete
    Replies
    1. මමත් ඔය කම්පනියෙන් අයින් වෙලා ගෙදර ආවේ ඔය වගේ වලියක් දාගෙන තමා. අපි එක්ක මේ රවුම ගහපු එකෙක්වත් අද මේ කම්පනියේ නෑ :)

      Delete
  13. අප්පේ බලන් යද්දී රෙපා කරක් නොගහපු තැනක් නෑ වගේ....

    ReplyDelete
    Replies
    1. අපෝ මං නොගියපු තැන් ගොඩාක් තියෙනවා :)

      Delete
  14. හප්පේ පෙට්රෝල් ගහන්නවත් සල්ලි නැතුව තව පොඩ්ඩෙන් මාර ගේමක්නේ දෙන්න වෙන්නේ

    ReplyDelete
  15. හයියෝ!පන්නල ආපු වෙලේ පොඩ්ඩක් නාඩියා බලන්න ආවනම් සපෝට් එකක් දෙනවා!මොකෝ මමත් ටවුන් එකෙමනේ!

    ReplyDelete
    Replies
    1. බලාගෙන යනකොට බ්ලොග් අවකාශෙන් බර ගානක් මේ පැත්තෙනේ ඉදලා තියෙන්නේ :)

      Delete