දකුණේ අගනුවර දිස්ත්‍රික්කයේ කොනක
යුවලක් පෙමින් සිටියයි පෙර කාලයක
ගැසුවා අකුණු ගසටත් ඒ පැණි වරක
සොදුරිය ගියා හැරදා ඔහු පිට ගමක
කාලය ගත උනා කාටත් හොර රහසින්
සිටියා ඔහුත් හොද රැකියාවක් කරමින්
සැමදා සිටි නිසා හොද කල් කිරියාවෙන්
ලැබුනා මාරුවක් ඔහුටත් රැකියාවෙන්
අවුරුදු කිහිපයට පෙර බිද වැටුණු පෙම
ඇය සිටිනා සුන්දර ගම් පියසේ මෙමෙ
දැනගත් දා පටන් ඇයගේ නිවසේ ඉම
සිතුවා ඇයව හමු වන්නට ඔහුගේ ලැම
පෑයූ පුන් සදකි ඇය සිටි ඒ කාලේ
සිටියත් ලබා මවු පදවිය මේ කාලේ
වෙනසක් නැහැ වෙලා රුපය ඇගේ බාලේ
තවමත් මැකී නැහැ ඉස්සර බැදී ආලේ
දෙමහල් නිවස ඇය සිටිනා මනහරය
පොඩි කඩ පිලක් නිවසේ පැත්තට බරය
කැෂියර් එකේ ඉන්නා ඇය මනහරය
දින කිහිපයක් ඔහු එ පෙදෙසේ මහ මගය
ස්වාමියා ගෙදර නැත කිසිදා දහවලට
ඇය පමණයි නිවසේ එ වෙලාවට
කෙලෙසක හෝ ඇගේ නිවසට රිංගන්ට
සිහිනම දකියි ගිය දා සිට ඒ ගමට
පසු ගිය දිනෙක මහ වැස්සකි ඇද හැලුනේ
සුපුරුදු පරිදි ඔහු ගේ අසලින් ඇදුනේ
නවතා වාහනය ඇයගේ ගේ අයිනේ
හෙමි හෙමිහිට ඔහු ඒ නිවසට ඇදුනේ
ඇගේ දරුවා වඩා සිටී නැන්දම්මා
මස්සින ඇවිත් ඇහුවා ඔබ කවුද කියා
ෆෝන් රි ලෝඩ් කිසිවක් නැතිද කියා
ඇසුවා අහිංසක ලෙස ඔහු සිනහ සලා
කාඩ් රී ලෝඩ් නැත අප දැන් විකුනන්නේ
ෂොප් එක වසා ඇත ඒ බව නොපෙනෙන්නේ
ටියුෂන් පන්තියකි දැන් මෙහි පවතින්නේ
මස්සින ඔහුට ඒ විදියට පවසන්නේ
කාඩ් එකක් නැත්තම් මට හදිසියට
බෝඩ් ගහන් ඉන්නේ මොන මගුලටද
කතා නොකර බිම බැලුවට ඵල වේද
පෙර කාලේ බැදී ආලය අමතකද?
අයියේ උඹේ සම්පුර්ණ කැරැට්ටුව
මගේ නෑනා මින් පෙර මට කියා ඇත
කාඩ් රී ලෝඩ් දෙන්නට නැත නුඹට
පිං සිදු වෙයි පලයන් නුඹ ආ අතක
මොකක්ද බල උඹ කියනා කැරැට්ටුව
කියපං බලන්නට මාගේ කැරැට්ටුව
සිතුනත් දිග අරින්නට ඇගේ කැරැට්ටුව
ආවලු කිසිත් නොකියම ගැන කැරැට්ටුව
කේන්තියි ලැජ්ජාවයි සිතේ දරා
ඔහු පිට උනා ඇගේ නිවසින් දුරස් වෙලා
රටේ සිටින උන් කිවත් කවර කථා
යනවා තව දිනක් ඇගේ ආදරය පතා
කොටු පනිනා උන් කවදත් කොටු පනිති
දන්නෝ දනිති නොම දන්නෝ නොම දනිති
කමෙන්ටු වලට රිප්ලයි නම් නොම වැටෙති
එහෙනං රෙපා තව කලකට සමු ගනිති
දැන් ඉතිං කට්ටියම මේක රෙපාට සිද්ද වෙච්ච එකක් කියලා මඩ ගහන්න පටන් ගනිල්ලා. ආයේ කාලෙකට රෙපා එන්නේ නෑ ඔව්වට උත්තර බදින්න. ඕන එකක් කියපල්ලා මට පාන්ද ඈ. කට්ටියටම ජය වේවා........
ෂුවර් එකට මේ පාර ගුටි කෑවත් කමක් නෑ කියල කොට්ට පනින්න හදන්නෙ මේකා... :)
ReplyDeleteඒ මොකද එන්නැත්තෙ?
ReplyDeleteහරි හරිබන් අපි උබට මොකුත් කියන්නේ නෑ... මේ අර කෑල්ල උබ කලින් යාලුවෙලා හිටිය එක නේ
ReplyDeleteගානට කොටුව පනිනා හැටි රෙපා දනී.....
ReplyDeleteආලේ තරම පෙන්නා එනු මැන සොදිනි.....
හරි පව්.. අම්බානක කන්නත් ඇති. ඒවා මේකේ ලියන්න බෑනේ..
ReplyDeleteකොටුවක් පනින්න යන නිසාද එන්නේ නෑ කියන්නේ..?? ;) ;)
ReplyDeleteරෙපා මොකද බොලන් බොට වෙලා තියෙන්නෙ... දැන් ඉදලා හිටලා නොවැ දකින්න ලැබෙන්නෙ...
ReplyDeleteපනින්න පෙර සිතා බලනු
කියා කිව්වෙ මක්කැයි සිතනු
අන් සතු වී දැන් ඒ රුව තුනු
අත් ගහපන් විටෙක නැගුනු
එන්නේ නෑ!!!!! ඇයි කොටු පන්න යනවද ????
ReplyDeleteහුටා ඒක වෙන් කෙනෙක් අහල නේද ....... ඔනේ කොටුවක් පැනගනින්
Deleteඋඹත් නිකන් අර මොකාද එකා වගේ උනානේ බං. :) හිටපු ගමන් මතු වෙනවා, ආයේ කොයි ලෝකේ ගියාද නෑ. :D
ReplyDeleteකවි ටික එල!!!
ඔක්කොමත් හරි.මොකෝ සමුගන්නේ??
ReplyDeleteපනින්න පෙර සිතා බලනු
ReplyDeleteපනින කොටුවක් පරිස්සමෙන් රෙපා. කොටු පැනිල්ල හරි අවධානම්
ReplyDeleteඑක ඒක කොටු පනින්න ගිහින් වැඩ වරද්දගන්නේ නැතුව ආපහු වරෙන් ඈ.
ReplyDeleteපිස්සු හැදෙයි සඳ බොඳ වෙයි .. නොතේරේ නොවැටහේ
ReplyDeleteකොටු පැනලා රෙපා ගියා හෙහ් හෙහ්...
ReplyDeleteපනින එක කොහොමත් පනිනවා තමයි.
ReplyDeleteකොටු පැනලා ගුටි කාලා ඉස්පිරිතාලේ..!!
ReplyDeleteඑහෙනම් දැන් මේ පේනන නැත්තෙ ඕක තමයි රාජකාරිය.....යසට හිටපු රෙපා දෙයියනේ
ReplyDeleteඇයි එන්නෙ නැත්තෙ :ඔ
ReplyDeleteහෆ්ෆටතිලි!!! ;)
ReplyDeleteඋඹ එන්නේ නැති නිසා මම කමෙන්ට් කරන්නේ නැහැ..
ReplyDeleteඋබ එන්නැත්තේ කොටු පනින්න යන නිසාද ?
ReplyDeleteඔන්න රෙපෝ මමත් ආවා. යකෝ මම ආව දවස් වලමද කොටු පනින්නත් ගියේ.......?
ReplyDelete