Friday, November 2, 2012
ජිවිතේ ......
පියෙකුට දාව මවකට පුතෙක්
ඉපදුනා.....
පොඩි කාලේ
ඔහුට ඕන උනා
නිදහසේ දුව පැන ඇවිදලා සෙල්ලම් කරන්න
ඒත්
ඔහුට සිද්ද උනා
ඉස්කෝලේ ඇරිලා ඇවිත් ටියුෂන් ක්ලාස්
ගිහින් ඉගනගන්න
ඔහුට ඕන උනා
යාළුවො එක්ක ගමේ ඉස්කෝලෙට යන්න
ශිෂ්‍යත්ව විභාගේ ඉහලින්ම පාස් වෙච්ච නිසා
ඔහුට සිද්ද උනා
ටවුමේ ලොකු ඉස්කෝලෙක ඉගන ගන්න
ඔහුට ඕන උනා
හොද කලාකාරයෙක් වෙන්න
ඒත් දෙමාපියන්ගේ සිහිනය උනේ
ඔහු දොස්තර කෙනෙක් වෙනවා දකින එක නිසා
ඔහුට සිද්ද උනා
විද්‍යා විෂයන් හදාරන්න
දෙමාපියන්ගේ ඕනෑකම නිසාම
ඔහුට ඕන උනා
දොස්තර කෙනෙක් වෙන්න
හිත තිබුනේ කලාකාරයෙක් වෙන්න නිසා
හරියට පාඩම් නොකරපු නිසා
ඔහුට සිද්ද උනා
ඒ ලෙවල් විභාගේ 3 පාරම ඇන ගන්න
ඔහුට ඕන උනා
හොද රස්සාවක් කරන්න
රිසාල්ට් ෂිට් එක අප්සට් නිසා
ඔහුට සිද්ද උනා
ව්‍යාපාරයක් පටන් ගන්න
ඔහුට ඕන උනා
ගැහැණු ළමයෙකුට ආදරේ කරන්න
ඒත් ඒ ගෑනු ළමයා වෙන කෙනෙකුට ආදරේ කරපු නිසා
ඔහුට සිද්ද උනා
හිත හදාගෙන වෙන අතක් බලාගන්න
ඔහුට ඕන උනා
තනිකඩව ඉන්න මුළු ජිවිත කාලෙම
දෙමාපියන්ට ඕන උනා මුනුපුරෙක්ගේ මුණ දකින්න
ඉක්මනටම ඒ නිසා
ඔහුට සිද්ද උනා
කසාද බදින්න ඉක්මනටම
ඔහුට ඕන උනා
බිරිදත් දරුවොත් එක්ක සන්තෝෂෙන් ජිවත් වෙන්න
හදිසියේම සිද්ද උණු රිය අනතුරක් නිසා
ඔහුට සිද්ද උනා
අකාලයේ මිය යන්න ...................:((((((((
හෙට විභාගේ. පොත් බදාගෙන මෙසේ ලග වාඩි වෙලා ඉන්නකොට කොලයක නිකමට කුරුටු ගෑවුණු වචන ටිකක්. එහෙමම ටයිප් කරලා පබ්ලිෂ් කළා. මෙච්චර කාලයක් තිබ්බ කචල් බචල් ඔක්කොම ලබන සතියෙන් ඉවරයි වගේ දැනෙනවා. රෙපා ඉක්මනටම ආයේ එනවා. එහෙනම් කට්ටියටම ජය වේවා :)))
Subscribe to:
Post Comments (Atom)
හම්මේ.... ආයේ එන එක නම් සතුටුයි ඔන්න මුලින්ම... මේක නම් වර්ථමානයට ඇත්තක්... නිකන් ලිව්වට ගන්න වැදගත් යමක් තියනවා..
ReplyDeleteජය!!!
ඒඒ.... මම එකනේ.... :D :D
Deleteකොච්චර දාල යන්න හැදුවත් මේක දාල ගිහින් ඉන්න බෑ. ඒ තරමට මේකට ඇබ්බැහි වෙලා වගේ :)
Deleteහේ හේ එක උනාට තෑගී නම් නෑ ඈ ...
හ්ම්ම්..හ්ම්ම්..විභාගේ සුපිරියටම කරපන්.... :)
ReplyDeleteඇත්ත කතාව බං..මෙහෙම තමයි අපි ඔක්කොම...
විභාගේ නම් කළා :)
Deleteජිවිතේ කියන එක ඔහොම තමා ...
ජීවත් උනත් මැරිලා වගේ ඉන්න රටක මරණය සැපතක්...
ReplyDeleteරටේම උන්ගේ ඉරණම මේකද හැබෑට මාතලන් අයියා....
Deleteඋබට සිද්ද වෙනවා විභාගේ පාස්වෙන්න !
ReplyDeleteජය වේවා !
මට ඕනෑ වෙනවා විභාගේ පාස් වෙන්න
Deleteපේපර් ටික දැක්ක එග්සැමිනර්ලගේ හදවත උණු උනොත් ඉතිං......
අවසානයේ ඔහු ගොඩ ගිහිංනේ බං...
ReplyDeleteඔහු තනියෙන් ගොඩ ගිහින්. උගේ ගෑනි දරුවෝ ....
Deleteහොදට විභාගේ කරගන්න ජයෙන් ජය !!!
ReplyDeleteතැන්කු වේවා :)
Deleteමුල් ටික කියවද්දී මම හිතුවේ උඹට වුන එකක් කියල.
ReplyDeleteආයේ කාලෙකට එන්නේ නැහැ කියපු එකා මේ ඇවිත් ඉන්නේ
මට විතරක් නෙවෙයි බං. ගොඩ දෙනෙකුට සිද්ද වෙන්නේ මේක.
Deleteයනවා කියලා ගියාට මේක දාල ගිහින් හිත හදාගෙන ඉන්නේ කොහොමද බං...
ඔහුට ඔහු හමුවෙන්න ඉඩක් නොතියාම ඔහුට ඔහු අහිමි වුනා....:(
ReplyDeleteකවදා මුණ ගැහෙයිද අපට අපවම......
Deleteවිභාගෙට සුභ පැතුම් !!! නියමයි කාලෙකින් දැම්ම පොස්ට් එකත්.
ReplyDeleteතැන්කු වේවා මල්ලි සුභ පැතුමට :)
Deleteඑච්චරම කාලෙකුත් නෙවෙයිද මංදා ...
විභාගෙට සුභ පැතුම්. හොඳින් කරන්න. ගොඩක් දේවල් අපිට උවමනා විදියට වෙන්නේ නැහැ. ඒකයි මේ ජීවිතේ හැටි.
ReplyDeleteතැන්කු වේවා කෝරලේ මහත්තයාටත්. :)
Deleteහ්ම්ම් ...
ව්භගේ ගොඩදාගනිං බං ඔක්කොටම කලින්.....
ReplyDeleteඑල කවිය...
විභාගේ ඉවරයි මචං:)
Deleteතැන්කු ඈ
රෙපාට ජය වේවා ! වරෙන් බොලං ඉක්මනට...
ReplyDeleteරෙපා ආවෝ...
Deleteඋඹටත් ජය සිරෝ..
අපූරු සටහනක් නේ... :)
ReplyDeleteවිභාගයට ජයෙන් ජය!
හේ හේ :)
Deleteතැන්කු ඈ
ජයවේවා!
ReplyDelete(මීට වඩා මොනා කියන්නද කියලා හිතාගන්නවත් බෑ.)
ජයෙන් ජයම වේවා !!!
Deleteඒ කියන්නේ උඹ බඳිනවා..
ReplyDeleteහෑ බදින්න ??
Deleteමාව ගහක තමා බදින්න වෙන්නේ ....
හච්චෝ අවසානය...
ReplyDeleteහැමෝගෙම අවසානය ඉතිං ඔක තමා :((
Deleteජය පතනවා විභාගයට. ඒත් විභාගය පාස් නොවුනත් දැනුම් වටිනවා.
ReplyDeleteහ්ම්ම්
Deleteදැනුම වටිනවා මොනවා උනත්.
ඔබටත් ජයෙන් ජය !!
ජය වේවා විභාගයට.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/