හදටයි අහසටයි කවියෝ කවි ලියලා ඇති ඕන තරම්. හැම කවියකම තියෙන්නේ සද අයිති අහසට කියලා. ඒත් ඇත්තටම බැලුවොත් සද අයිති අහසටද. සද රැදිලා තියෙන්නේ පොලවේ ගුරුත්වය නිසා. සද කැරකෙන්නේ පොලව වටේ. සද අහසට අයිති වගේ පෙනුනත් සද අයිති අහසටද එහෙමත් නැත්තම් මහ පොලවටද?.
සද අහසේ ලස්සනට පායනවා පාලොස්වක පෝයට. අහසේ සද පායලා තියෙනකොට අහසට අයිති තරු ගොන්න පේන්නේ නෑ කාටවත්ම. ඒත් මාස පෝය දවසට සද අහසේ දකින්න නෑ. අහසට සද නැති උනා කියලා අහස තනි වෙන්නේ නෑ කවමදාවත්. ඉර, තරු, වලාකුළු, ධුම කේතු, උල්කාපාත, ග්‍රහලෝක, හැම දේම තියෙනවා අහසේ තනියට. ඒත් මහ පොලවේ තනියට හැමදාකම ඉන්නේ සද විතරමයි. ලෝකයා මොනවා කිව්වත් කවියෝ සදේ අයිතිය අහසටම දුන්නත් මහ පොලව තමන්ට අයිති සද අතාරින්නෙ නෑ. මහ පොලව හදට ආදරෙයි ගොඩාක්ම. මහ පොලව සදට ආදරේ කරන්නේ අහස සදට ආදරේ කරනවා වගේ සදේ දීප්තියට ලස්සනට නෙවෙයි. පුර හද පායලා තියෙන පාලොස්වක දාට වගේම සද පායන්නේ නැති මාස පෝය දවසටත් මහ පොලව සදට දක්වන ආදරේ වෙනසක් වෙන්නේ නෑ.....
හදිසියේවත් මහ පොලව සද අත ඇරලා දැම්මොත් සද කොහේ ගිහින් නවතියිද කියලා සදවත් දන්නේ නෑ. කවදාම හරි පොලව සද අත ඇරලා සද ඉබාගාතේ ගියොත් ආදරේ කියලා කොයි තරම් පාරම බෑවත් අහසට බෑ කවදාවත්ම සද නවත්තගන්න. සද අහසේ පායන්නෙත් සදේ අයිතිය මහ පොලවට තියෙනකම් විතරයි. සද අහසේ පායලා තිබුනට සදේ එළියෙන් අහස ලස්සනට බැබලුනාට සදේ අයිතිය හැමදාම මහ පොලවට විතරමයි.......
අහස කියන්නේ ඉමක් කොනක් නැති අනන්තයක්. වෙලාවකට ගුගුරුවාගෙන වහිනවා. තවත් වෙලාවකට ගොඩාක් ශාන්තයි. අහස මොන තරම් ගිගුරුවත් මහ වැසි සුළං වලින් කොපමණ පහර දුන්නත් පොලව ඉවසනවා ඒ හැම දේම. සද පොළවෙන් ඈත් කරන්න අහසට පුළුවන් ලොකුම දේ ලොකුම ලොකු ඝන වලාවකින් සද වහල දාන එක විතරයි. ඒත් ඒ ඝන වලාකුළු, අකුණු සැඩ සුළං හැමදෙයක්ම තාවකාලිකයි. ඒ කිසිම දේකින් මහපොලව සැලෙන්නේ නෑ. අහස පොළවෙන් සද ඈත් කරන්න මොන මොන දේ කලත් සදේ අයිතිය හැමදාම පොළවටම විතරමයි......
ඒ පුංචි බලාපොරොත්තුව වෙනුවෙන් මහ පොලව එයාට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඒ බලාපොරොත්තුව වෙනුවෙන් පොලවේ හැම දේම කැප කරනවා. සදෙන් තොර ජිවිතයක් මහ පොලවට නෑ. මහා ගින්දරක් පොලව ඇතුලේ හිර කරගෙන සද පොලොව හොයාගෙන එනකම් මහ පොලව බලාගෙන ඉන්නවා හැමදාමත්......
ශා මරු අදහස් ටික
ReplyDeleteඇත්තටම රෙපෝ උඹට මොකද්ද වෙලා තියෙන්නේ?? රෙපී කෙනෙක් වත හම්බුනයි ලගදි?? :ඩ්
කොහෙද බං මේකේ රෙපි කෙනෙක් ගැන තියෙන්නේ:P මේක ලෝකයාට නොපෙනෙන අහසෙයි සදෙයි මහ පොලවෙයි ඇත්ත කතාව......
Deleteම්ම්ම්... හරිම ආලවන්තයි.. ;) පුබුදු අහපු දේම තමා අහන්න වෙන්නේ..
ReplyDeleteනුඹ නොදන්නවාට
දුරින් හිඳ ඔබගේ
ලොව එළිය කරනා
සඳවතී මා ය
අහසට අයිති නැ
අසහේ පෑයුවාට
ඔබම මිසක් වෙන
ස්වාමියෙක් කොහිද..
ම්ම්ම්..මේක දෙවෙනි සැරේටත් කියෙව්වාමයි හරියටම මීටර් වුනේ.. හ්ම්ම්.. සඳට ඇත්තටම ආදරේ කරන්නේ පොළව නම් අනිව සඳ ආයේ එනවාමයි..
Deleteඅර කිව්වා වගේ..
"ඔබම මිසක් වෙන
ස්වාමියෙක් කොහිද.."
කවමදාක හරි සද ආයෙත් මහ පොලව හොයා ගෙන එනවාම තමයි. මහ පොලවට ඒක හොදටම විශ්වාසයි.......
Deleteමට හිතෙන්නෙ කෙලින් කියාගන්න ඔනි දෙයක් වටින් ගොඩින් කිවුවා වගේ කියලා රෙපෝ :)
ReplyDeleteකොහොම වුනත් අදහස ලස්සනයි... :)
හේ හේ .අදහසක් පමණක් නෙවෙයි. මේ තමයි ලෝකෙට නොපෙනෙන ඇත්ත.
Deleteහදේ ඉදන්ද ලිව්වේ..
ReplyDeleteමාර අදහස් !! :)
සද ජය ගන්න රොකට්ටුවක් හදන ගමන් ලිව්වේ.
Deleteරොකට් එකක් හදාගෙන ගිහිං හරි මහ පොලව හද ජය ගන්නවා ගන්නවාම තමයි...
සූරිය සුනෙර සත්වට කැරකී නිබඳ
ReplyDeleteවීරිය කරයි ලන් වෙන්නට පුර හඳට
කවි පද බඳින කිවිදුන් කර ඉර සුදන
රාහුට බනිනවා සඳ ගිලගත් බවට
රාහුගෙ සවි බෙලෙන් ලෝ වට කැරකෙන්නේ
ඒ සඳ කෙලෙස හිරු කුමරුට හිමි වන්නේ
අන්සතු පෙමක් පසු පස ඉර එලවන්නේ
එහෙව් ඉරට අයි උල් පන්දම් දෙන්නේ
http://kawilanda.blogspot.com/2012/03/blog-post_21.html
Deleteමේකත් බලන්නකො
//රාහුගෙ සවි බෙලෙන් ලෝ වට කැරකෙන්නේ
Deleteඒ සඳ කෙලෙස හිරු කුමරුට හිමි වන්නේ
අන්සතු පෙමක් පසු පස ඉර එලවන්නේ
එහෙව් ඉරට අයි උල් පන්දම් දෙන්නේ//
ඔය තියෙන්නේ. සදට ඕක තේරෙන්නේ නැති එකනේ අවුල.
එල එල ජය !!
නියමයි! අපූරුම අපූරුවට ලියල :)
ReplyDelete:)
Deleteඔබ දන්නවාද තරියාගේ ඇත්ත නමේ අර්ථය සඳ බව..
ReplyDeleteහික්ස්..
ඒ කියන්නේ රෙපා මේක ලියලා තියෙන්නේ තරියටද? :ඕ
Deleteහෆ්ෆෝයි..
@තරියා. අදමයි දන ගත්තේ:)
Delete@ප්‍රමුදි . හෆ්ෆෝයි නෑ. මේ වෙන සදක්
හරිම රොමැන්ටික්.. :)
ReplyDelete:)
Deleteමොකක් හරි ලොකු දෙයක් වගේ.. හිත් රිදවීම් නම් එනවා යනවා රෙප් අයියේ..
ReplyDeleteහ්ම්ම් හැම දෙයක්ම කාලයා හොදින් විසදයි. නේද මල්ලි ..
Deleteසඳට සැහැසිකම් කල අය සඳ වතුරෙන් සැනසුනාට සඳ සාවිට දුක හිතෙන්නේ නෑ......
ReplyDeleteසුවදක් තනියම විදින්න බඹරකු උසුලන ගින්දර මලකට කිසිදා පෙනෙන්නේ නෑ.
Deleteනුඹ ගෙන් උණුහුම විදිනා මගේ හිත ලග දග කෙරුවත් නුඹට උනුහුමක් දැනෙන්නේ නෑ......
ලස්සනයි !
ReplyDeletehmm..........lassanata liyala thiyenawa repa ayye......
ReplyDeleteමොකද හදිස්සියේ හද මතක් වුනේ... හදක් වගේ කෙනෙක්වත් ජීවිතේට ලං වුනාද ?
ReplyDeleteනැහැ, සඳ මුගේ ජීවිතයෙන් අයින්වෙලා :/
Deleteසෑහෙන දෙයක් සඳයි,අහසයි,පොලොවයි අරගෙන කියලා දාලා.
ReplyDeleteරෙපීට කියපු එකක්.නියමයි අදහස් ටික
ReplyDeleteසඳ අහසෙන් කඩා වැටෙයි එතකන් ඉන්න රෙප් මහත්තයා. "මල්" ගහේ පිපුනට "මල් සුවඳ" අයිති සුළඟට වගේම තමයි සඳ අහසේ පැයුවට සඳ අයිති පොලවට
ReplyDeleteකතාවට යටින් තියෙන්නේ තවත් කතාවක් නේද
ReplyDeleteපට්ට අදහස් ටික
ReplyDeleteඅහසයි ඔබ මට නිම හිම නොපෙනෙන
ReplyDeleteහිනිමන් බදිනු බැරි......
ලස්සන හිතට දැනෙන කතාවක්
"රොකට් එකක් හදාගෙන ගිහිං හරි මහ පොලව හද ජය ගන්නවා ගන්නවාම තමයි..."
ReplyDeleteඋත්සහය ගැන වරදක් කියන්නේ නෑ.ඒත් අයිති නැති දේ බලෙන් ලබාගෙන වැඩක් නෑ බං.ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කියල හිතල ඔන්න ඔය හඳ අහසටම දීල දාපං.අන්තිමේ මට කරන්න උනෙත් ඒකම තමයි..
ඔහොම තර්ක කලාට බන් හද පොලවේ නම් අහවල් මගුලටද ඔච්චර දුරින් තියන් ඉන්නේ.............
ReplyDeleteදඩබ්බරය ට මමත් එකඟයි,...
ReplyDeleteඅනේ මන්දා...මු එන්ඩ එන්ඩම අවුට් යනවද කොහෙද?
ReplyDeleteඅදහස් ටික මාර ලස්සනයි..සෑහෙන දවසක් හිතේ හිර කරන් හිටපු දෙයක් වෙන්න ඕන මේ විදිහට අකුරු කරලා තියෙන්නේ..ඒ නිසා තමයි මෙච්චර ලස්සන නිර්මාණයක් විදිහට ඒක එළියට ආවේ..දවසක සද ඇත්ත තේරුම් ගනිවී..ඒ වෙනතුරු පොලොව බලාගෙන ඉදිවි..ඒ බලාපොරොත්තු ජීවිතය ජීවත් කරාවි...ජය වේවා!!!
ReplyDeleteම්ම්ම්...ලින්ක් දාලා තිබ්බ කවි පන්ති දෙකයි, මේකයි ඔක්කොම කියෙව්වා... කියන්න වචන නෑ... පුදුම ලස්සනයි අයියේ...
ReplyDeleteහ්ම්ම්... හ්ම්ම්... හරි අපූරුවට ලියලා තියෙනවනේ සඳ, අහස හා පොළොව ගැන... ඒත් සහෝ... මට නම් හිතෙන්නේ... ඔය සඳ, කවදාවත් පොළොවට නම් අයිති වෙන එකක් නෑ... පොළොවට වෙන්නේ දුර ඉදන් සඳ දිහා බලාගෙන ඉන්න විතරමයි.
ReplyDelete