සයිබර් පොත් මැදුර
මොකක්ද ඇත්තටම මේ සයිබර් පොත් මැදුර කියලා කියන්නේ.
බ්ලොග් ලෝකෙට, සයිබර් අවකාශයට පොත් කියන එක නැතුවම බැරි දෙයක්. පහුගිය දවස් වල පැවැත්වුණු ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භුමිය තුළත් සයිබර් අවකාශයේ මිතුරු මිතුරියන් ගොඩ දෙනෙක්ම දකින්න ලැබුනේ සයිබර් අවකාශයේ මිතුරු මිතුරියන් පොත පතට දක්වන ලැදියාව නිසාමයි. ඒත් කාර්ය බහුල ජිවිතයක් ගත කරන සයිබර් මිතුරු මිතුරියන්ට පොත් අලවිසැල් වලට ගිහින් තමන්ගේ හිතේ හැටියට පොතක් පතක් තෝරා ගන්නවා කියන එකත් අපහසු කටයුත්තක්.
අපි මේ කියන සයිබර් පොත් මැදුර ආරම්භ වෙන්න හදන්නේ අන්න ඒ කාර්ය බහුල සයිබර් මිතුරු මිතුරියන්ට යම් කිසි සහයක් ලබා දෙන බලාපොරොත්තුවෙන්. ඒ කියන්නේ බ්ලොග් අවකාශයේ පොත් වලට ආදරය කරන අයට අවශ්‍ය කරන පොත් පත් තමන්ගේ නිවසටම ලබාදෙන වැඩ පිළිවලක්. දැනටත් ශ්‍රී ලංකාවේ මහා පරිමාන ග්‍රන්ථ ප්‍රකාශන ආයතන කිහිපයක් තමන්ගේ වෙබ් අඩවි මගින් මේ සේවාව ලබා දුන්නත් ඔවුන්ගෙන් පොත් මිලදී ගැනීමේදී පොතේ සදහන් මිලට අමතරව සේවා ගාස්තු සමග තැපැල් ගාස්තුවක්ද අය කරනු ලබනවා. නමුත් අප මෙහිදී උත්සාහ කරන්නේ එම සේවා ගාස්තු ආදියෙන් තොරව අඩු මිලට ඔබගේ ඔබගේ නිවසටම ලියාපදිංචි තැපෑලෙන් ඔබ ඇනවුම් කරනු ලබන පොත් ලබා දීමයි.
මිට අමතරව තොග මිලදී ගැනීම් වලදී පොත් සදහා විශේෂ වට්ටම් ලබා දීමටත් අප සුදානම්.
මේ සදහා දැනට විදර්ශන, පදනම, මාස්ටර් ගයිඩ්, ගොඩගේ, වැනි ප්‍රකාශන ආයතන කිහිපයක්ම අප සමග එක්වී සිටිනවා. අදාළ ප්‍රකාශන ආයතනයන්හි ප්‍රකාශනය වන පොත් වල මිල දර්ශනයන් , ඒ ඒ පොත් පිළිබද විස්තර සහ මේ ව්‍යාපෘතිය පිළිබද වැඩි විස්තර ඉදිරියේදී සයිබර් පොත් මැදුර බ්ලොග් අඩවියේ පල වෙනවා ඇති.
එහෙනං ලගදීම සයිබර් පොත් මැදුරේදී මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් දැනට සමු ගන්නවා. ඔබ සැමට ජයෙන් ජය !!!
(sinhala mokakdda wela) watina wagema prayojanawath wadak, obata sthuthi,e wagema jaya parthana karanwa !!!
ReplyDeleteබොහොම ස්තිතියි ශම්මියෝ.:)
Deleteවටිනා වැඩක් යාළුවා. සුබ පැතුම්. ජය...!
ReplyDeleteබොහොම ස්තිතියි මචං..:)
Deleteනියම වැඩක් යාලු ,,,
ReplyDeleteඇවිත් යන්න එන්න "The අච්චාරු පිටුව"
බොහොම ස්තිතියි මචං. ඔන්න අපි ඒ පැත්තෙත් ආවා .:)
Deleteelaz
ReplyDeletetnx :)
Deleteවටිනා වැඩක් ජය....
ReplyDeleteබොහොම ස්තිතියි මචං.:)
Deleteඅන්න නියම වැඩේ.....
ReplyDeleteසුබ පැතුම්....!!!
බොහොම ස්තිතියි සුමිත් අයියා.:)
Deleteමෙන්න නියම රෙපාලා. මගේ අනුරාධපුරේ ඉන්න යාලුවෙක්ගෙ අම්ම කියන්නේ රෙපයියෝ කියල. :)
ReplyDeleteකුනුහරපයක් නේ බං !
Deleteඕන් අපි නම් එහෙම අය නෙවේයි ඈ. අපි රෙප් මහත්තුරු :P
Deleteබොහොම ස්තිතියි මචං:)
ඔය ඇවිත් ඉන්නේ අනිත් රෙපාත් :P
කුණු හබ්බ නේන්නම් බං:)
වැඩේ නම් එල මචන්..!
ReplyDeleteබොහොම ස්තිතියි මචං.:)
Deleteනියම, වටින වැඩක් ! ජයෙන් ජයම වේවා.. :)
ReplyDeleteබොහොම ස්තිතියි මචං.:)
Deleteහොඳ වැඩක් රෙප්, අපි ඉන්නේ ගම්පහ උනත් ගොඩක් පොත් ගම්පහත් ගන්න නැහැ. පොතක් ගන්න කොළඹ එන එක කාලයයි අමතරව මුදලුයි දෙකම වියදම් වෙන වැඩක් ඒක නිසා තැපෑලෙන් ගෙන්න ගන්න තියෙනවනම් හරිම පහසුයි. සරසවි විජිතයාපා දෙකෙන්ම පොත් ගෙන්නගෙන තියෙනවා විජිත යාපා එකේ ලොකු තැපැල් ගාස්තුවක් ගන්නවා සරසවියේ නොමිලේ එවනවා කිව්වට අපි ගෙවන්න ඕනේ ඩොලර් වලින් එතකොට පොතේ ගානට වඩා වැඩි ගානක් ගෙවන්න වෙනවා. ඒක නිසා පොත් වලට දෙන වට්ටම කෙසේවෙතත් අවම වශයෙන් තැපැල්ගාස්තුවෙන් තොරව ගෙන්න ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.
ReplyDeleteතැපැල් ගාස්තු වශයෙන් වෙනම මුදලක් අය කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතැනදී අපි බලාපොරොත්තු වෙන්නේ පොතේ වටිනාකමින් 10% ක් තැපැල් ගාස්තු වශයෙන් වෙන් කරන්න. ඒත් තැපැල් ගාස්තුව එම ප්‍රමාණයට වඩා වැඩි උනොත් පොත් මිලදී ගන්නා අයට ඒ වැඩිවන ගාස්තුව ගෙවන්න සිද්ද වෙයි.
Deleteඒ පිලිබදව වැඩි විස්තර සයිබර් පොත් මැදුර බ්ලොග් අඩවිය හරහා ලගදීම..
Deleteබොහොම ස්තුතියි මරණේ අයියටත් :)
හරිම හොද වැඩපිළිවෙලක්.. විශේෂයෙන්ම කොළඹින් ඈත ඉන්න අයට. අළුතෙන් එන හොද පොත් ගැන දැනුවත් කිරීමකුත් කරන්න පුළුවන්නම් හොදයි.
ReplyDeleteඅනිවාර්යයෙන්ම එහෙම දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
Deleteබොහොම ස්තුතියි ඔබටත් :)
අලුත් වැඩේට සුභ පතනවා... පහුගිය දවස්වල අපි කරපු දේවල් බලන්නත් එක්ක වෙලාවක කාමරේට එන්න...
ReplyDeleteබොහොම ස්තිතියි මචං.:)
Deleteසිරාගේ කාමරේ කියන්නේ අපි ඉතින් නිතර යන එන තැනනේ :)
අළුත් වැඩේට සුභ පැතුම්..
ReplyDeleteබොහොම ස්තිතියි ඔබටත්.:)
Deleteවැඩේ පටන් ගන්නකෝ. ඊට පස්සේ දෙන්නම් අඩු පාඩු..
ReplyDeleteඅඩුපාඩු තමයි වැඩිපුරම වටින්නේ. වැඩේ ලගදීම පටන් ගන්නවා.
Deleteබොහොම ස්තිතියි මාතලන් අයියා.:)
හොඳ වැඩක්. තැපැල් ගාස්තු නැති කරදර නැති ක්‍රමයක් තියනව නං සෑහෙන සාර්ථක වේවි කියල මට නං හිතෙනව.
ReplyDeleteටෝටල් විසිටර්ස් කියන ගැජට්ටුව හින්දා පෝස්ටුව හරියට පේන්නේ නැහැ බොල
ReplyDeleteනියමයි රේප් අයියේ. සුභ පැතුම්....නියම වැඩක්. සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteමොකක්ද ගැජට් එකක් ලිවිල්ල අහුරනවා තමයි මඩියා කියනවා වගේ.
මූ රේප් අයියා කිව්වෙ... බයේ බෑ බං. :O
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
රෙපා, රටෙන් පිට ඉන්න අපිට නම් ඕකෙන් එච්චර වැඩක් වෙයිද කියලා හිතන්න අමාරුයි. නමුත් වැඩේ සාර්ථක වේවා කියලා පතනවා.
ReplyDeleteමට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මම නම් ඔය අනිත් හුඟ දෙනෙක් වගේ අනිත් අය හොඳයි කියන පොත් නෙවෙයි කියවන්නෙ. මට පොතක් පෙරලලා බලලා අතරෛන් පතර කියවලා පිටි පස්සෙ blurb එක කියවලා තමයි ගන්න ඕනෙ.
මම හිතන්නෙ ඔය අඩවියෙම පොත් වල විස්තරයක්, ඉස්සරහ සහ පස්ස කවරත්, ඒ වගෙම blurb එකත් එක්ක, තවත් හොඳට පලවෙනි පරිඡේදයේ කොටසකුත් එක්ක, පබ්ලිෂ් කලොත් වඩා හොඳ ප්‍රතිඵල තියෙයි කියලා.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
wede sarthakawewaa...jaya
ReplyDeleteහොඳ වැඩක්.....
ReplyDeleteමේ වැඩේ සාර්ථක වේවා...ඔබට ජය... !!
සෑහෙන්න වටින වැඩක්...
ReplyDeleteලිස්ට් එකක් දාපං මචං..
ReplyDeleteජය !
එල එල! මගෙනුත් සුභ පැතුම්!
ReplyDeleteපොත් කියවන අයට නම් බොහොම වටින කියන වැඩක්... ජය වේවා!!!
ReplyDeleteහරි සුන්දර වැඩක්. කාර්යබහුල නිසා අපට පොත් ලගය යන්න බැරි හංදා පොත් වලින් අපි දුරස් වෙන එක නවත්තන්න පොත් අපේ ළඟට එන්න හදන්නේ. හොයදයි, ඉක්මනට පටන් ගන්න. පටන් ගත්තම කොහොමද දැනගන්නේ? මේ සයිට් ෆලෝ කරොත් හරි නේද?
ReplyDeleteමම කලින් මේ පැත්තේ ආවද මන්දා.. :O :O බොහොම හොද වැඩක්..ජයෙන් ජය එහෙනම්..:) :)
ReplyDeleteහොඳා හොඳා අපිත් ඕං පස්සෙන්
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
බොහොම වටින වැඩක්.......
ReplyDeleteනියම වැඩක් රෙපා එල ආ
ReplyDeleteවටිනා වැඩක්
ReplyDelete