මේ දවස් වල හැම තැනම බ්ලොග් උපන්දින පාටි. ගිය අවුරුද්දේ ජුලි මාසේ 27 තමයි ඔන්න රෙප් මහත්තයාත් මේ බ්ලොග් ලෝකෙට අඩිය තිබ්බේ අම්බලම කියන නමින්. ඉතින් මේ බ්ලොග් එක පටන් අරගන අදට අවුරුද්දක් වෙනවා. බ්ලොග් ලෝකෙට ආවේ කොහොමද කියන කතාව මන 50 වෙනි පෝස්ට් එකේදී කියලා ඇතිනේ. අවුරුද්දටම දාල තියෙන්නේ පෝස්ට් 60 යි. මේක තමයි මගේ 60 වෙනි පෝස්ට් එක.
කොහොමින් හරි මේ බ්ලොග් ලෝකෙට ඇවිල්ලා ලබාගත්ත දේවල් නම් ගොඩයි. ලෝකේ වටේම ඉන්න යාළුවො ගොඩාක් වගේම ලොකු දැනුමකුත්. ඒ විතරක් නෙවෙයි මුහුණු පොතෙන් බ්ලොග් අවකාශේන් මිතුරු වුන යහළුවන්ගේ ගාල්ලේ සුහද හමුව වගේම සයිබර් සැණකෙළියට සහභාගී වෙන්න ලැබීමත් බ්ලොග් ලෝකෙට ආව නිසාම ජිවිතයට ලැබුණු අමතක නොවෙන අත්දැකීම්.
එහෙනම් මුලින්ම කේක් කපල කාලම පාටිය පටන් ගනිමු. දැන් ඔය කට්ටිය අතින් කටින් බරටම අරගෙන ආව තෑගී බෝග ටික එහෙම පැත්තකින් තියලා කේක් කපන්න එන්නෝ. :P
බ්ලොග් අවකාශයෙන් මට ලැබුණු වටිනාම තෑග්ග වෙච්ච මගේ චොකෝ නංගියාගේ ඉල්ලිමටම ගෙනාවා රසම රස චොකලට් කේක් ගෙඩියක් ස්ට්‍රොබෙරිත් එක්කම :D :P
(දැන් කට්ටිය මේ චොකෝ නංගි කියන්නේ කවුද කියලා හොයන්න මහන්සි වෙන්න එපා ඉතින්. මේ ස්ට්‍රෝබෙරිත් අදාළ කෙනාට :P)
කේක් කපලා කාල ඉවර නම් කිරිබත් කෑල්ලකුත් කමු නේද?
කාල ඉවරවෙලා බොන්න
පාටියට ඉතින් කොයි වෙලාවේ ආවත් හොදට කාල බිලා යන්න තියෙන්න ඕනනේ . දවල්ට රෑට එන අයට ඉතින් කිරිබත් දෙන්න පුලුවන්ද? ඔන්න ගමේ ක්‍රමේටයි චයිනිස් වලට කැමැති අයටයි දෙගොල්ලන්ටම බඩ පිරෙන්න කන්න කෑම. :D
කෑම කාල ඉවරවෙලා කන්න අතුරුපසත් තියෙනවා. කැමති දෙයක් අරන් කන එකයි තියෙන්නේ :))
බ්ලොග් අවකාශේ ඉන්න ගොඩාක් දෙනෙක් පාටියකට ආවාම ඉතින් හොයන්නේ මොනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. රෙපා ඉතින් ඕවා පාවිච්චියක් නැති නිසා ඕන කට්ටියට බඩු හොයාගෙන යන්න පාරක් විතරක් පෙන්නන්නම්
ඕන කට්ටිය පහලට එන්නෝ
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
තව ටිකක් දුර යමු
1
1
1
1
1
1
1
1
1
1
1
1
මෙතන ඉන්නවා මරණේ අයියා. එයා ලග ඕන තරම් අදාළ දෑ තියේ. ඉල්ලගෙන පාවිච්චි කරන එකයි ඇත්තේ. මම ගියා. එහෙනම් කට්ටියම වෙරි වේවා....
අවුරුද්දක් ගියාද බන්... සුභ පැතුම් !...
ReplyDeleteකන්න දෙන එක නම් දීල තියෙනෝ ලෝබ නැතුව :)
අවුරුද්දකින් වයසට ගිහිං. තැන්කු මචං :))
Deleteජය වේවා සහෝදරයා.මගේ සුභ පැතුම්...
ReplyDeleteතැන්කු සහෝදරයා. කමෙන්ටුව දාලා මැසේජ් කලේ නැත්තම් හෙව්වා හමාරයි කවුද කියලා :))
Deleteජය වේවා :))
එළ දිගටම ලියමු...
ReplyDeleteඅනික තමයි අර පොඩි කේක් එක වෙනුවට ලොකුම ලොකු කේක් එකක් කපලා කන්න ලැෙබ්වා එහෙනම්...
තැන්කු මචං. කාලෙකින් දැක්කේ.
Deleteඅපටත් ලගදීම ලොකු කේක් කෑල්ලක් කන්න අනුරාධපුරේ පැත්තේ එන්න ලැබේවා.:))
2 වසරට සුබ පැතුම්...!!!
ReplyDeleteතෑන්ක්ස් සුමිත් අයියා :))
Deleteමගෙනුත් උණුසුම් සුබපැතුම් !!!
ReplyDeleteතැන්කු මචං :))
Deleteසුභ පැතුම් යාළු :)
ReplyDeleteතැන්කු යාළු :))
Deleteසුභ පැතුම් රෙප් අයියේ.. තව ලස්සන ලිපි ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
ReplyDelete" (දැන් කට්ටිය මේ චොකෝ නංගි කියන්නේ කවුද කියලා හොයන්න මහන්සි වෙන්න එපා ඉතින්. මේ ස්ට්‍රෝබෙරිත් අදාළ කෙනාට :P)"
මම නම් දන්නවලු ඔන්න.. එකටත් සුභ පැතුම් ආ..
තැන්කු තැන්කු දිනේෂ් මලයටත් :)) :P
Deleteහික් හික් අපිත් දන්නවා :)
Deleteසුභ පැතුම් රෙප් අයියේ.....
ReplyDeleteතැන්කු නිෂ් නංගි :))
Deleteසුභ පැතුම්. කාලා බීලා වැඩිවෙලා දැන් ඉස්මුරුත්තාව. ඒක නිසා අද මෙහේ ඉදලා හෙටත් කාලා තමා යන්න වෙන්නේ :D
ReplyDeleteතැන්කු මචං:)) මේ අම්බලමේ ඕන තරම් ඉඩ තියෙනවා. හොදට කාලා බිලා ඕන තරම් කල් ඉදලා යන්න පුළුවන් ..:D
Deleteසුබ උපන් දිනයක් වේවා මචං.... ජය...
ReplyDeleteතැන්කු මචං:)) ජය වේවා !!
Deleteඅවුරුද්දක් ගිහිල්ලා. ඒත් මම අදයි මේ බ්ලොග් එක පැත්තේ ආවේ. එහෙනම් ඔන්න මගෙනුත් සුභපැතුම්. ජය
ReplyDeleteඔන්න මමත් ඒ පැත්තට ගිහිං ආවා. තැන්කු තැන්කු :)) ජය වේවා !!!
Deleteසුභ පැතුම්
ReplyDeleteතැන්කු :))
Deleteකාල ඉස්මුරුත්තවත් හැදුනා ඔන්න!!!!
ReplyDeleteසුභම සුභ උපන්න දිනයක් වේවා ඈ!!!!
හි හි තැන්කු තැන්කු :))
Deleteතවත් අම්බලම්කින් උණුසුම් සුබ පැතුම් ....!!!
ReplyDeleteතැන්කු තැන්කු.:))
Deleteබ්ලොග් මාවතේ යන එන අයගේ විඩා නිවන අම්බලම් තව තව බිහි වේවා ජය වේවා !!
ලියන පෝස්ට් ගාන නෙමෙයි වැදගත්. කියවන්න වටින දෙයක් ලියනවද කියන එකයි රෙපා. මම කියවපු ටික නම් එහෙමයි. :)
ReplyDeleteසුභ උපන් දිනයක්!
මමත් අදමයි ඒ පැත්තට ගියෙත්. තැන්කු තැන්කු අදහසටත් සුභ පැතුමටත් :))
DeleteHappy Blogoversary Dude!
ReplyDeletehenryblogwalker the Dude
thanx :D
Deleteඅහම්බෙන් ගොඩවැදුණු බ්ලොග් ගමනේ මට හමුවූ සොදුරු නැවතුම රෙපාගේ අම්බලම....වචනෙන් කියන්න බැරි තරම් ගොඩක් දේවල් ඉගන ගත්තා මේ නවක බ්ලොග්කාරියත් අම්බලමේ පිනාගෙන්.....හික්ස්
ReplyDeleteඉතින් ආදරණීය සහෘදයාණනි ඔබේ බ්ලොග් නවාතැනේ උපන්දිනට මගේ උණුසුම් සුභ පැතුම්....
මමත් ස්ට්‍රෝබෙරි කන්න ආසයි.ඕන් ඉස්සෙල්ලාම ස්ට්‍රෝබෙරි 2/3කුත් කටේ දාගෙන වෙල්කම් ඩ්‍රින්ස් එකටත් වග කියලම යන්න හිතුවේ...අනිවා මම දන්නවා බත් චුට්ටක් නොකෑවොත් තරහ වෙන නිසා ඕන් චයිනීස් පාරකුත් දාලම යන්නම්...(ලෝභ නැති රෙපා)
යන්න කලින් කියන්න ඕනි...හරවත් සාරවත් බලන්න පුළුවන් බ්ලොග් ලිපි ඔබේ අතින් තවත් දැක ගැනීමට හැකි වේවායි පතමින් දෙවනි උපන්දිනයටත් නොවරදවාම එන බව කියමින් මගේ ස්තූති කථාව අවසන් කරනවා....
ජයම වේවා....
හිකිස්...........//....... ...........................................,,,,,,
Deleteමේ නවක බ්ලොග් කාරිය පිනාගේ බ්ලොග් එක පැත්තේ නම් ඉන්නවා දැක්කේ නෑ :P
ලබන සැරේ ආවේ නැතොත් ඒ වෙලාවට බලාගන්න බැරියැ.
ජයෙන් ජයම වේවා :))
මගෙනුත් සුබ පැතුම්...:D
ReplyDeleteතැන්කු පොඩ්ඩි :))
Deleteඅඩේ...සුභ පැතුම් ඈ...
ReplyDeleteතැන්කු ඇ :))
Deleteමේව කන්න පුලුවන් කොහේදිද??
ReplyDeleteඅපේ ගෙවල් පැත්තේ වරෙන්කො පුළුවන් වෙලාවක. දෙන්නම් ඇ .. :))
Deleteසුභම සුභ උපන් දිනක් අයියේ..!! තවත් ලස්සන වටින නිර්මාණ වලින් මේ බ්ලොග් ලෝකය සරසවන්න ලැබෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා....
ReplyDeleteආ ඔන්න මමත් කේක් කෑල්ලක් නම් කෑවා අයියේ....
:D :D
Deleteසුභපැතුම්! ජයවේවා!
ReplyDeleteතැන්කු මචං ජය වේවා :))
Deleteසුභ පැතුම් රෙපෝ ඈ.....
ReplyDeleteයකඩෝ දැන් බ්ලොග් අවකාශේ මගුල් සක්වලක් වීගෙන එනවානෙ හොදා හොදා.. ;))
තැන්කු නිසුපෝ :))
Deleteඇ එහෙමත් එකක් වීගෙන එනවලුද? හොදා හොදා :P :))
මුලින්ම සුභ උපන්දිනයක් වේවා! කියලා පතනවා..
ReplyDeleteඋඹ අර තේවතුර පාට බෝතලයක් මේසෙ උඩින් තියලා පුටු ටික ළං කොරලා තිබ්බෙ නැති නිසා.. අපි උපන් දින පාටියට ඇවිල්ලා පොඩ්ඩක් එළියට ගිහිල්ලා අපේ වියදමෙන් සප්පායම් උනා...
මල් හතයි කොල්ලො හොදටම කික්... එහෙනම් ජය!
එව්වා ගන්න යන්න මං පාර පෙන්නුවානේ.
Deleteඑතනට ගිහිං සප්පායම් වෙලා ආවනම් හරිනේ
කමක් නෑ ඉතින් තැන්කු තැන්කු :))
jaya wewa jaya wewa suba upan dinayak!
ReplyDeleteතැන්කු මචං :)) ජය වේවා !!
Deleteඅවුරුද්දට ජය වේවා!
ReplyDeleteචෝකෝ නංගි ගැන අපි දන්නවා :)
100 වෙනි එක ලියද්දි විවාහය ගැනත් ලියන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා!
තැන්කු තැන්කු :))
Delete:O හෑ චොකෝ නංගි ගැන දන්නවා
කවුද බොල මේක ගොසිප් සයිට් එකකට දැම්මේ ??
සුබම සුබ උපන් දිනයක් වේවා!! :D
ReplyDeleteශම්මිවත් මේ පැත්තේ දැක්කේ අදමයි ද කොහෙද.
Deleteසාදරයෙන් පිලි ගන්නවා රෙපාගේ අම්බලමට
තැන්කු තැන්කු :))
හම්මියෝ,.,.,., මරුනේ සුබ සුබ මවුලි මංගල්යයක් වේවා,., මේ ,., බොන්න දුන්න මදි ඈ :/
ReplyDeleteතැන්කු සුද්දෝ :))
Deleteපොඩි ළමයින්ට වැඩිය බොන්න හොද නෑ. වෙරි වෙලා ගියොත් අම්ම ගහයි
පරිස්සමින් පලයන් කොල්ලෝ.:P ජය වේවා !!
Happy birth day....ඔන්න උපන් දිනේ දවසෙම මමත් ආව මේ පැත්තේ.
ReplyDeleteමෙන්න උපන්දින පාටියට හිම කුමාරියෙකුත් ඇවිත්.:D සාදරයෙන් පිලි ගන්නවා මේ පැත්තට
Deleteතැන්කු සුභ පැතුමට :))
සුභම සුභ උපන් දිනයක් වේවා !! ජය !!! :-) අඩේ උඹ කන්නනම් දෙනවා ලොස් නැතිව නේද ?? කෑවා බඩ පැලෙන්න xD
ReplyDeleteඑහෙම තමයි චුටි පුතේ. දෙනවා ලොස් නැතුවම :D
Deleteතැන්කු සුභ පැතුමට :))
මුලින්ම දැක්ක නිසා කිරිබත් කෑවේ. පස්සේ දැක්කේ චයිනීස් තියෙනවා කියලා. ඉතිං අතෑරල බෑනේ. දැන් හොදමට නිදිමතයි.
ReplyDeleteසුභ උපන් දිනයක් වේවා..! රෙපා අයියේ..
අතාරින්න එපා ඔය මොනවත්.:)) තැන්කු මලයෝ ජය වේවා !!
Deleteෂා..මම මුලින්ම මේකට ගොඩ වැදුනේ නියම දවසකනේ..
ReplyDeleteබොන්න දුන්නට තෑන්ක්ස් ;)
සුබ පැතුම් කිවා ඔන්න!
සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට
Deleteඋඹ බිව්වා විතරද කෑවේ නැද්ද?
තැන්කු තැන්කු :)) ජය වේවා !!
සුබ උපන්දිනයක් වේවා.......ඒත් ඔනම දෙයක් නෑ... කො යකෝ......බොන්ඩ
ReplyDeleteඇයි යකෝ ඔය පල්ලෙහාට තියෙන පාරෙන් ගිහිං බලපන් :P
Deleteතැන්කු මචං සුභ පැතුමට :))
සුබ උපන්දිනයක් වේවා.......ඒත් ඔනම දෙයක් නෑ... කො යකෝ......බොන්ඩ
ReplyDeleteonna magenuth suba pathum ayya.......ewa kanna bonna onane ayya a tika dakkama bada pirenawa....... :)
ReplyDeleteතැන්කු අරලියා ඔයාටත් :)))
Deleteමැක්සා ලයින් ගැලපිල්ල. උපන්දිනෙකට මෙතුවක් කෑවයින් කෑවේ නෑ බීවයින් බීවේ නෑ මේ වගේ.
ReplyDeleteසුභ උපන් දිනයක් රේප් මහත්තයාගේ අම්බලමට !!!
ලයින් ගැලපිල්ල?? මේ උඹේ පත්තරේ නම් නෙවෙයි මචං.:P
Deleteතැන්කු සිතුම් පැතුමෝ උඹටත් :))
සුභ පැතුම් මචං අවුරුද්දක් ගෙවිලා ගියා නේ.ඊළඟ අවුරුද්දේ මිට වඩා තැනක ඉදිවී.
ReplyDeleteඔවු බං අවුරුද්දකින්ම වයසට ගිහිං. තැන්කු අසරණ මචෝ :))
Deleteසුභ පැතුම් රෙපා අයියේ.... !!!!!!!
ReplyDeleteතැන්කු සිමා නංගි :))
Deleteසුබ පැතුම් සහෝ..
ReplyDeleteඅම්මේ බං මෙච්චර කෑම..?
තැන්කු සහෝ :))
Deleteඑහෙම තමා අපි දෙනකොට දෙනවානේ පැලෙන්න :P
ඒ හැප් බර්ත් ඩේ රෙපා ඈ.. සොරි ෆෝ ලේට් විශස් ආ.... අඩෝ උබ හොද වයින් දීලා නෑ බං හරිම අසාධාරණයි
ReplyDeleteතැන්කු කනියෝ. එව්වා ඉතින් මං පෙන්නපු පාර දිගේ ගිහිං මරණේ අයියාගෙන් ඉල්ලා ගනිං :))
Deleteසුභ පැතුම් රෙප් අයියෙ!!!! ජයෙන් ජයම වේවා!!
ReplyDeleteතැන්කු හිතු නංගි ඔයාටත් :)) ජය වේවා !!
Deleteසුබ පැතුම්.. මාර වැඩේ කියන්නේ මම ආවෙ පාටිය ට දවස් දෙකකට පස්සේ, එතකොටත් කෑම බීම අඩුවක් නෑ හික්ස්. නිදහසේ භුක්ති වින්දා.
ReplyDeleteඅදමද කොහෙද ආවේ. ජය... !
තැන්කු තැන්කු. අපි පාටි දෙනකොට එහෙම තමා එක දිගට දවස් ගානක් දෙනවා ඇ :))
Deleteජය වේවා !!
හෙහ්..හෙහ්...සෑහෙන්ඩ වියදම්වෙලා හැඩැයි...
ReplyDeleteඕං අපිත් ආවැයි කියල හිතන්නකො..:))))
බ්ලොග් ලොව දිගු ගමනකට සුභ පැතුම්..
ReplyDelete