හිත කියවිල්ල ගැන කියවන්න බැරි උන අය ඉන්නවා නම් එකත් කියවලාම එන්න
මේ දවස් ටිකේ අනුන්ගේ
හිත් කියව කියව හිටපු එකේ අද හිතුනා කතාවක් කියන්න. මේක ලියල ටික දවසක් උනත් ඔබා මාමගේ මරනෙත් එක්ක පබ්ලිෂ් කිරිල්ල ටික ටික කල් ගියා. මේකත් ඔය පර චිත්ත විජානනය එහෙමත් නැත්තම් හිත කියවිල්ල ගැනම
තමයි. සමහර කස්ටිය මේ කතාව අහලත් ඇති. දැන් මං කියන්නේ කතාව අහල නැති අයට. මේක මගේ කතාවක් නෙවෙයි. එකෝමත් එක රටක වෙච්ච දෙයක්.
ඔන්න දැනට කාලෙකට ඉස්සර
හිටපු විද්යාඥයෙකුට හිතුනා තව කෙනෙකුගේ හිතේ තියෙන දේවල් දැනගන්න පුළුවන් වෙන
ජාතියේ මැසිමක් හදන්න. කොහොමටත් මිනිහගේ ජොබ් එකත් ඔය පර්යේෂණ කටයුතු කරන එක හින්දා
මිනිහා පටන් ගත්ත මේ මැසිම හදන වැඩේ.
දැන් මිනිහා මේ වැඩේට
බැහැලාම කරගන යනවා. වෙන කිසිම වැඩක් භාර ගන්නෙත් නෑ. මිනිහගේ එකම අරමුණ තමයි මේ
පරචිත්ත විජානන මැෂින් එක හදාගන්න එක. ඔය විදියට අවුරුද්දක් දෙකක් ගතවෙලා ගියා. මිනිහත් අරමුණ අත ඇරලා දාන්නේ නැතුව දිගටම
වැඩේ කරගන ගිය නිසා අන්තිමට උත්සාහය සාර්ථක වෙලා මේ කියන අනුන්ගේ හිත
කියවන මැසිම හදන්න පුළුවන්කම ලැබුනා. ඒක හරියට අතේ බදින ඔරලෝසුවක් වගේ එකක්.
කෙනෙක් එක්ක කතා කර කර ඉන්නකොට මැසිමේ තියෙන ඩිජිටල් ස්ක්‍රීන් එකක එයාගේ හිතේ
තියෙන දේ ඩිස්ප්ලේ වෙන විදියට තමයි මේක හදල තිබුනේ.
ඔන්න ඉතින් තමන් අවුරුදු
ගානක් රැයක් දවාලක් නැතුව මහන්සි වෙලා හදා ගත්ත මේ මැෂිමත් අතේ ගැට ගහගන මිනිහා ලැබ්
එකෙන් එලියට බැස්සා. එලියට බහින කොට එතන ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා මේ මහා විද්‍යාඥයාගේ ආදරණිය
බිරින්දෑ.
ඔන්න ඉතින් මෙයත්
බිරින්දෑ ලගට ගිහින් කිස් එකක් එහෙම දීලා තමන් කරපු මේ මහා සොයා ගැනීම ගැන කිව්ව
ඉස් ඉස්සෙල්ලම ආදරණිය භාර්යාවට. එයත් ඉතින් මේ සොයාගැනීම ගැන ගොඩාක් සන්තෝස
වෙලා සිප වැළදගෙන සුබ පතුව. බිරිද සිප වලද ගන්න ගමන් මෙයා බැලුවා මොනවද මේ ආදරණිය භාර්යාව හිතන්නේ කියලා තමන්ගේ
මේ මහා සොයා ගැනීම ගැන.
“අනේ මේ මෝඩ බුරුවගේ
පිස්සුව කවදා හොද වෙයිද මංදා. අද පාන්දරම පිස්සු තදවෙලා ඒ ගමන තවත් මොකක්ද එකක්
හොයා ගත්තලු. මේ මිනිහා මෙච්චර වැඩ කාරයෙක් නම් මොනවා කරන්න බැරිද? .....”
මෙයාට දැන් හොදටම
අප්සට්. ඒත් බිරින්දෑට ඒ බවක් පෙන්නනේ නැතුව මෙයා බැස්ස පාරට ටවුම පැත්තට වත් ගිහින් එන්න හිතාගන. ඉස්සරහට
මුණ ගැහුනේ අල්ලපු ගෙදර පෙරේරා මහත්තයා
“ගුඩ් මෝනින් මිස්ටර්
පෙරේරා”
දැන් මෙයා මිස්ටර් පෙරේරා
එක්ක බරටම කතාව. කතා කර කරම හෙමිහිට බැලුවා මැසිම දිහා
“අද උදේ පාන්දරම ඉස්සරහට
මුලිච්චි උනේ මේ කාලකන්නියා. දැන් ඉතින් දවසම ඉවරයි”
දැන් නම් හොදටම අප්සට්.
මොනවා කරන්නද ? මිස්ටර් පෙරේරා ගෙන් සමු
අරගන ගොඩ උනා ලග තිබ්බ කඩේට මුදලාලි ආවා ලොකු හිනාවක් මුනේ පුරවගන
"ආනේ.. මේ අපේ මහත්තයනේ
කාලෙකට පස්සේ දැක්කේ."
"ඔව් මුදලාලි මම මේ
කාලෙකට පස්සේ තමයි මේ පැත්තට ආවේ."
කතාකරන ගමන් බැලුවා
මැසිම දිහා
“ ලෝකෙට පෙන්නගන ඉන්නේ
නම් මහා ලොකු විද්‍යාඥයෝ කියල. ඒත් අතේ සත පහ නෑ. මෙච්චර දවස් මුගේ ගෑනි ඇවිත් ණයට
අරන් ගියා. අද මුත් ඇවිල්ල ඉන්නේ ණයටම කෙලල යන්නද දන්නේ නෑ”
මේ සැරේ නම් මිනිහට හොදටම තද උනා. දුකයි කේන්තියි ඔක්කොම එකට කවලම් වෙලා. කඩෙන් එලියට
බැහැලා කෙලින්ම ගෙදර ගියා. අතේ ගැට ගහගන හිටපු යන්තරේ ගලවලා අරන් ගලක් උඩ තියලා දුන්නා මිටි පාරවල් දෙක තුනක් යන්තරේ කුඩු වෙලාම
යන්න. පරචිත්ත විජානන යන්තරෙත් ඉවරයි කතාවත් ඉවරයි හිත කියවිල්ල ගැන ලියපු ලිපි
ටිකත් ඉවරයි. දැන් එහෙනම් ඔන්‍න මගේ කතාව...... :P
...........................................................................................................................................................................................................................
දැනට අවුරුද්දකට විතර
කලින් මුහුණු පොතේ ගෑනු ළමයෙකුගේ නමින් ෆේක් එකවුන්ට් එකක් හදාගන පිස්සු කෙල කෙල
හිටපු කොලුවෙක් හිටියා. කෙල්ලෙක් විදියට ඉන්න කොට කොල්ලන්ගෙන් එන හායි හුයි කතන්දර
වලට උත්තර දීලම මිනිහට මේ සෙල්ලම හොදටම එපා වෙලයි තිබුනේ. අහිංසක කොල්ලන්ට බොරු
කියන එකෙත් සීමාවක් තියෙන්න ඕනනේ. :P
ඔය අතරේදී ඒ ගෑනු ළමයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් මොකක්දෝ ගැජට් එකක් ගැන තිවිච්ච බ්ලොග් ලින්ක් එකක් එවනවා ඒ කියන ෆේක් එකවුන්ට් එකට. ඒ ලින්ක් එක දේව්ගේ අඩවියේ ලින්ක් එකක්. අන්න ඒ පොස්ට් එක කියවලා මේ කොලුවටත් හිතෙනවා බ්ලොග් එකක් ලියන්න. ඒත් මෙයා බ්ලොග් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ.
ඔය අතරේදී ඒ ගෑනු ළමයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් මොකක්දෝ ගැජට් එකක් ගැන තිවිච්ච බ්ලොග් ලින්ක් එකක් එවනවා ඒ කියන ෆේක් එකවුන්ට් එකට. ඒ ලින්ක් එක දේව්ගේ අඩවියේ ලින්ක් එකක්. අන්න ඒ පොස්ට් එක කියවලා මේ කොලුවටත් හිතෙනවා බ්ලොග් එකක් ලියන්න. ඒත් මෙයා බ්ලොග් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ.
කොහොම කොහොම හරි දක්ෂිණ
ලංකා එකේ ඊ මනි සී.ඩි එකක් බලලා ඒ කොලුවා හදාගන්නවා බ්ලොග් එකකුත්. කොහොමින් කොහොම හරි සිංහල
ටයිප් කරන ක්‍රමයකුත් හොයාගන හරියටම 2011 ජුලි මාසෙ 27 වෙනිදා සිංහල බ්ලොග් අවකාශයේ
පැත්තකින් අටවා ගන්නවා බ්ලොග් මාවතේ සොදුරු නවාතැන් පොළ කියලා බ්ලොග් එකක්. ඒ දවස්
වල මේ කොලුවා ලියන්නේ අම්බලම කියලා නමකින්. මේ කියන දවස් වල මගේ බ්ලොග් පිළිබද දැනුම කොයි තරම්ද කියනවා නම් දාපු පලවෙනි පොස්ට් එකට මාතෘකාවක් වත් නෑ.
එදා අටවා ගත්ත මේ කියන නවාතැන් පොලත ආව මුල්ම අමුත්තන් දෙන්න තමයි දේවා. සහ සබිත් එදා ඉදලා ගොඩාක් අය මේ සොදුරු නවාතැන් පොලට ඇවිත් ගියා. කාලයත් එක්කම අම්බලම කියන නමින් ලියපු කෙනා රෙප් මහත්තයා විදියට වෙනස් උනා.
අර මුලින් කියපු
බුකියේ හිටපු ගෑනු ළමයාගේ නමුත් ඒ විදියටම වෙනස් උනා. කොහොමින් කොහොමින් හරි දැන් වෙනකොට බ්ලොග්
එක පටන් අරගන මාස දහයකුත් කිට්ටු කරලා.
මේක තමයි මේ බ්ලොගේ පලවෙන පනස් වෙනි පොස්ට් එක. මේක හෙමින් හෙමින් ආපු ගමනක්. එදා
මුලින්ම බ්ලොග් එක පටන් ගන්න කොට මෙච්චර දුර ගමනක් එන්න මං හීනෙකින්වත් හිතුවේ නෑ.
කොහොම උනත් බ්ලොග්
අවකාශේ නිසා මගේ නම් සම්පුර්ණ ජීවිතේම වෙනස් උනාදෝ කියලත් හිතෙනවා වෙලාවකට. නොදන්නා
ගොඩාක් දේවල් දැන ගන්න වගේම ලංකාව වටේ විතරක් නෙවෙයි ලෝකේ පුරා විසිරිලා ඉන්න
යාලුවෝ ගොඩකුත් ආශ්‍රය කරන්න ලැබුනා මේ නිසාම. ෆලෝකරන අයත් ඉන්නවා මේ වෙනකොට 105 ක්. ඒ හැමෝටමත්
බොහොමත්ම ස්තුතියි. ඊට අමතරව මෙතුවක් කාලයකට මා එක්ක රැදී හිටපු හැමෝටම පුද්ගලිකව
ස්තුති කරන්න බැරි උනත් එක පාරක් හරි මේකට ගොඩ වෙලා පුංචිම හරි සහයෝගයක් දුන්න හැම
කෙනාටම බොහොමත්ම ස්තුතියි ආයෙමත් සැරයක්.
50 වෙනි පොස්ට් එක දානකොට කාලයක් තිස්සේ මේකේ අන්තිම පොස්ට් එක වෙනකම් කමෙන්ට් කරපු, රෙපාට මඩ ගැහුවා වගේම රෙපාගෙනුත් මඩ පාරවල් කාපු ඔබා මාම අපි අතරේ නැති වීම ගැන හිතට දැනෙන්නේ ලොකු දුකක්. ඔබා මාමේ ඔයාට සංසාරේ වාසය කරන තුරාවට අපිත් එක්කම ඉදලා කෙලවර අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. එහෙනම් ඉතින් කට්ටියටම ජය වේවා කියා ගෙනම විභාගේ අස්සේ හරි තව පොස්ට් එකකින් මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් රෙපා මාරු උනා .....
50 වෙනි පොස්ට් එක දානකොට කාලයක් තිස්සේ මේකේ අන්තිම පොස්ට් එක වෙනකම් කමෙන්ට් කරපු, රෙපාට මඩ ගැහුවා වගේම රෙපාගෙනුත් මඩ පාරවල් කාපු ඔබා මාම අපි අතරේ නැති වීම ගැන හිතට දැනෙන්නේ ලොකු දුකක්. ඔබා මාමේ ඔයාට සංසාරේ වාසය කරන තුරාවට අපිත් එක්කම ඉදලා කෙලවර අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. එහෙනම් ඉතින් කට්ටියටම ජය වේවා කියා ගෙනම විභාගේ අස්සේ හරි තව පොස්ට් එකකින් මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් රෙපා මාරු උනා .....
මම 1 වෙන්නට ඕන, ඉස්සෙල්ලම අර්ධ ශතකෙට සුබපැතුම් !!
ReplyDeleteඇත්ත ඇත්ත හිත කියවන මැෂිමක් තිබ්බනම් අපිට ලෝකේ ජීවත් වෙන්න බැරි වෙනවා නෙව :ප
ජය පතමි !!!
ටැංකු ටැංකු සුභ පැතුමට. එක ගිහිල්ලා ස්පෑම් ගොඩේ තිබුනේ. ජය වේවා...!!!
Deleteමාර ක්‍රමේකට නේ ඇවිල්ලා තියෙන්නෙ බ්ලොග් ලෝකෙට..
ReplyDeleteදිගටම ලියමු ඈ...
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!! (මගෙ අළුත් වචනේ ඈ..)
මාරයි නේන්නම් රජෝ. ඒ එනකොට නම් 50 ක් ලියනවා තියා එකක් වත් ලියා ගන්නේ කොහොමද කියලා හිතා ගන්න බැරුව හිටියේ. දන්නෙම නැතුව 50 ක් ලියලා. රජාටත් රාජ සම්පතම ලැබේවා. (එල වචනේ ඇ)
Deleteඋඩින් කතාවේ හැටියට මැෂිමක් හැදුවොත් අපිට ලෝකේ ජීවත් වෙන්න බැරි වෙනවා නෙව :ප්
ReplyDeleteඑල එල අර්ධ ශතකෙට සුබපැතුම්!!
අපි එනවා නෙව කියවන්න :)
එල එල ඔන්න කලින් දාපු එකත් තියෙනවා :)))
Deleteමුලින් දාපු එක අස්ථානගත වූ නිසා තවෙකක් දැම්මෙමි කාට කියන්නද
Deleteමේ දුක :ප්
නැට්ට පිටිං අලි මැරෙන ලෝකේ කමෙන්ට් එකක් අතුරුදන් උනා කියල අඩන්න එපා බං :))
Deleteහිත් කියවන්න හිතෙන වැඩේ අතෑරලා දාන්න හිතෙනවා...
ReplyDelete:D
කොහොමවුනත් බ්ලොග් ලියන්න ආපු හැටිනම් නියම කතාව.
සුභ පැතුම් මගෙන් තවත් ඉදිරියටම යන්න.
වැඩේ අතාරින්න එපා. හිත කියවලා හිතේ තියෙන දේ දැනගත්තත් දන්නේ නෑ වගේ ඉන්න. එතකොට මිනිහා නොමිනිහා අදුනගෙන ආශ්‍රය කරන්න පුළුවන් නේ එතකොට. සුභ පැතුමට ටැංකු :D
Deleteඅඩේ සුපිරිනේ ඈ ජයවේවා මචං.මං මෙච්චර දවසක් හිතන් හිට්යේ රෙපා කියන්නේ හද්ද නාකියෙක් කියලා.ලොල් ඇනිවේ 100ත් ඉක්මනට ලියන්න ලැබේවා කියල පතනවා මචං.
ReplyDeleteජයෙන් ජය
නාකියා නම් අර ඉන්නේ අනුරාජපුරේට වෙලා. සුභ පැතුමට ටැංකු හොදේ. ජය වේවා ..!!!
Deleteසුභම සුභ පැතුම් අයියෝ.....................^_^
ReplyDeleteටැංකු නංගෝ ..:))
Deleteයන්නම යන වෙලාවේ කමෙන්ට් එකක් දාලම යන්න හිතුවා.දිගටම ලියපන් සහෝදරයා..
ReplyDeleteඋඹට තුණුරුවන්ගේ සරණයි, ජයෙන් ජයම වේවා..!
ආව ගමන් ආයේ කොහේ යන්නද බං. පිස්සු කෙලින්නේ නැතුව හිටපන්. කිව්වට අහන්නේ නැතුව යනවනම් ඉතින් ගිය තැනක බාල්දි දාගන්නේ නැතුව හොදින් හිටපන්. තුනුරුවන්ගේ සරණයි ජය වේවා ..!!
Deleteමම කලින් මෙතනට ගොඩ වැදිලා ගියාට කමෙන්ට් එකක් දැම්මෙ නෑ හාෆ් සෙන්චරියට සුබ පැතුම් අරගෙනමයි අදනම් අම්බලමට ගොඩ වැදුනෙ...
ReplyDeleteඑහෙනම්, ජයවේවා කිව්වා..!!!
කලින් ගොඩ වෙලා ගිය බව නම් ෆලෝ කරපු ඒකෙන් දැන ගත්තා. බොහොම ස්තුතියි සුමිත් අයියා. ජය වේවා !!!
Deleteපරචිත්ත විජායනය නෙවෙයි පරචිත්ත විජානනය කියන වචනෙයි හරි කියලා මටනම් හිතෙන්නේ. ටිකක් හොයලා බලන්න. දිගටම මෙවැනි ලිපි පලකරන්න.
ReplyDeletehttp://jangun.wordpress.com/
ඔව් ඔව් විජානනය තමා හරි වචනේ. බොහොම ස්තුතියි වැරැද්ද පෙන්නලා දුන්නට. ඔන්න මං ඒ පැත්තටත් ගොඩ උනා. ජය වේවා !!
Deleteඑල එල රෙපා ලගදිම 100 ගහමු, මගේ සුභ පැතුම්
ReplyDeleteටැංකු ටැංකු මචං :))
Deleteඒ කියන්නේ උබ කලින් කෙල්ලෙක්.. විලි සංගේ... සංසාරේ...
ReplyDeleteමචං ඉස්සරහට යන්න අපෙන් හයිය..
උබට ජය..
50,000කට වඩා ලියවේවා ;)
විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. උඹටත් ටැංකු & ජය වේවා සැමෝ :))
Deleteකතාවේ හැටියට ඔය යන්තරේ හදන එකේ තේරුමක් නෑ.. නිකන් හිත නරක් වෙන එක විතරනේ වෙන්නේ..
ReplyDelete50ට සුභ පැතුම් අයියේ.. දිගටම ලියමු..
මැසිම හැදුවට කමක් නෑ. හැමතිස්සෙම ඕක බදාගන ඉන්න ගියොත් තමා අවුල. සුභ පැතුමට ටැංකු. ජය වේවා !!
Delete50ට සුබ පැතුම්! ජය~!
ReplyDeleteටැංකු කිව්වා ජය වේවා !!
Deleteපනස් වෙනි පෝස්ටුව වෙනුවෙන් මගේ උණුසුම් සුභ පැතුම් සහෝදරයා..
ReplyDeleteජයෙන් ජය වේවා.. !!!
ටැංකු ඔයාටත්. ජය වේවා !!!
Delete50 ට සුභ පැතුම් අයියෙ.....තවත් දිගු ගමනකට ආයෙමත් සුභ පැතුම්.....!!!
ReplyDeleteටැංකු ඇ. ජය වේවා !!!
Deleteඔය කතාවෙ මැසිම විනාශ කරන්න කලින් අන්තිමට විද්‍යාඥයා තමන්ගෙ පුතාව හම්බවෙනවා.
ReplyDelete“ආ තාත්තා කලින් ඇවිල්ලා හරි ශෝක් මට අද සෙල්ලම් කරන්න පුළුවන්,“ පුතා කියනවා.ඒ එක්කම විද්‍යාඥයා තමන්ගෙ මැසිම දිහා බලපුවාම පුතාගෙ කතාව ඒ විදිහටම ලියැවිලා තියෙනවා. එතනින් තේරුම් ගන්නවා විද්‍යාඥයා තමන්ට කොතරම් දේවල් මග හැරිලද කියලා..
දිගටම ලියන්න මගෙනුත් සුභ පැතුම්..
අන්න ඒ කෑල්ල මං අහපු කතාවේ හැලිලා. ටැංකු ඇ. ජය වේවා !!!
Deleteසුභ පැතුම් 50ට...මටත් අදම 50ක් ලියන්න පුලුවන් වෙයි වගේ...:)))
ReplyDeleteකෝ තවම දාල නැහැනේ :( ටැංකු ඔයාටත් ඇ... :))) ජය වේවා !!
Deleteහැකි ඉක්මනින් 100 ගහන්න ලැබේවා .....!!!!!!
ReplyDeleteඅපරාදේ ඒ ඔරලෝසුව මට දුන්නා නම් ඉවරයි....
අපරාදේ නේන්නම් මචං. ටැංකු සුභ පැතුමට ජය වේවා !!!!
Deleteරෙප් මහත්තයාට මගෙනුත් සුභපැතුම්...
ReplyDeleteටැංකු ටැංකු ඇ..
Deleteදැන් ඔය ෆේක් එක නැනේ.... බලන්න්කෝ අපි වගේ වැදගත් කොල්ලෝ.. කෙල්ලෙක් උනත් අපි ලින්ක් එකක්නේ එවලා තියෙන්නේ.. ඔය ෆේක් එක අර එදා මට ඩිලිට් කරන්න පාස් වර්ඩ් දුන්නු එකද?
ReplyDeleteසෝ කොච්චර අපි චැට් කලත් මේ කතාව දැන ගත්තේ නම් අදයි...
මොනවා උනත් කොහොමහරි බ්ලොග් ලොකේ ලොකු ගමනක් යන්න පුලුවන් හැකියාවක් තියන එල කොල්ලෙක්.... ජය වේවා.....
අපෝ නෑ ඒ වෙන එකක්. ඒ එකවුන්ට් එක තමා අදටත් රෙප් මහත්තයා කියලා තියෙන්නේ. ජය වේවා ... :))
Deleteඅප්පට සිරි උඹ කාලයක් කෙල්ලෙක් වෙලා හිටියද?.
ReplyDelete50 ක් ගහපු උඹට මගෙන් සුභ පැතුම් වැඩි වැඩියෙන් දැමෙවා පොස්ට්.
ජයෙන් ජය.
මම නෙවෙයි බං එෆ් බි එකවුන්ට් එක තමයි කෙල්ලෙක් වෙලා හිටියේ. ටැංකු මචං සුබ පැතුමට ජය වේවා !!!
Deleteපට්ට කතාව
ReplyDeleteදෙයියනේ කියලා 50ට ආපු උඹට තව තවත් ඉදිරියට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
ටැංකු මචං. ජය වේවා !!!
Deleteමගෙනුත් සුභ පැතුම් ඔන්....
ReplyDeleteයාලුවන්ට ටැංකු කියන එක හොද නෑ කියන හින්දා :P ඔයාගේ අලුත් බ්ලොගේත් සාර්තකව කරගෙන යන්න දිරිය ශක්තිය පතනවා. ජය වේවා !! :D
Delete