පස් අදින සෙට් එක

Monday, June 25, 2012

ආදරය, කෑදරය සහ ජීවිතය



මේකත් මාතෘකාව දැක්ක ගමන් හැමෝම හිතන ආකාරයේ ලිපියක් නොවෙන්න පුළුවන්. මොකද මේ මාතෘකාව සම්බන්දයෙන් ලියන්න නම් කොයිතරම්ම දේවල් තිබුනත් කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරනවද කියලා මට හිතා ගන්න බැරුව ඉන්නේ. ඇත්තටම ආදරය කියලා කියන්නේ මොකක්ද? මේක හරියටම තේරුම් ගත්ත කවුරුම හරි කෙනෙක් ඉන්නවද කියලා මම නම් දන්නේ නෑ. ඒත් මේ ලෝකේ හැම දෙයක්ම රැදිලා තියෙන්නේ, පවතින්නේ ආදරය නිසා. කෙනෙක් ඉපදුන දවසේ ඉදලා මැරෙන දවස වෙනකම්ම ජීවිතය ජිවත් කරවන්නේ මේ කියන ආදරය නේද? ඒක මනුස්සයට විතරක් නෙවෙයි ලෝකේ ඉන්න හැම සතා සිපාවටම පොදුයි.

පුංචිම කාලේ පුංචි දරුවෙකුට වැඩිපුරම ලැබෙන්නේ අම්ම තාත්ත දෙන්නගේ ආදරය. ඊට පස්සේ පවුලේ අයගෙන් සමාජයෙන් නෑදෑ හිත මිතුරන්ගෙන් වගේ සමාජේ ගොඩාක් අයගේ ආදරේ ලැබෙනවා. ඒත් අද පවතින සමාජ වාතාවරණය ඇතුලේ අම්ම තාත්තගේ ආදරයවත් හරියට ලැබෙන්නේ ඉපදෙන දරු පැටවුන්ගෙන් කියෙන් කි දෙනෙකුට විතරද? දරුවාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක හරි ආයා කෙනෙක් ලග නවත්තලා තියලා අම්මලා තාත්තලාට සල්ලි හොයන රේස් එකේ දුවන්න වෙලා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි.

ඊළගට දරුවා ටිකක් ලොකු මහත් වෙලා ඉස්කෝලෙට ඇතුලත් කරපු දවසේ ඉදලා හැම දෙමාපියෙක්ගේම බලාපොරොත්තුව තමන්ගේ දරුවා පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් කරවලා ලොකුයි කියලා සම්මත වෙච්ච ඉස්කෝලෙකට යවන එක. ඒ දෙමාපියන් දරුවන්ට තියෙන ආදරය නිසා, ළමයට යහපත් අනාගතයක් හදල දෙන්න ඕන කියන සිතිවිල්ල නිසා වගේම තමන්ගේ දරුවා යන්නේ අහවල් ඉස්කෝලෙට කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන්කම වගේ හේතු ගොඩාක් නිසා. මේ කාරනාව නිසාම දරුවට සිද්ද වෙන්නේ එක වසරට ගිය දවසේ ඉදලම පිම්මේ රේස් එක දුවන්න පටන් ගන්න. ඒත් ඔය වයසේදී පුංචි දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ උදේ ඉදන් හවස් වෙනකම්ම පොත්වල ඇලිලා ඉන්න එක නෙවෙයි. එයා බලාපොරොත්තුවෙන්නේ යාළුවො එක්ක සෙල්ලම් කරන්න. අම්ම තාත්තගේ තුරුලට වෙලා හුරතල් වෙන්න. සියා ගෙන් ආච්චිගෙන් කතන්දරයක් අහ ගන්න වගේ දේවල්. ඒත් රේස් එක අත අරින්න බෑ. අත ඇරියොත් පැරදෙනවා. ඒ නිසා පුංචි දරුවට සිද්ද වෙනවා තමන්ගේ ළමා කාලය කැප කරලා රේස් එක දුවන්න.

මට ඇත්තටම මේ ලිපිය ලියන්න මුලින්ම හිතුනේ මුහුණු පොතේ ඉන්න මොන්ටිසෝරි බබාලා සෙට් එකයි හුරතල් සත්තු ටිකයි දකින කොට. දෝනිලා, පැන්චිලා, සිගිතිලා, මදිවට වලස් මාමලා, අලි පැටවූ, වගේ කීදෙනෙක් මුණු පොතේ ඉන්නවද? ඒ වගේ ෆේක් ප්‍රොෆයිල් හදාගෙන ආයෙත් තමන්ගේ ළමා කාලෙට යන්න උත්සාහ කරන අය කොයි තරම්ද? ඇත්ත ලෝකේ අවුරුදු පහලවේ දාසයේ විතර ඉදලා තිස් ගණන් වෙනකම් පිරිසක් ෆේක් ලෝකේ බබාලා වෙලා පුංචි කාලේ එයාලට නැති උන ලෝකය හොයා ගෙන යනවා. ඇත්තටම ඒ අයට වරදක් කියන්න බෑ. සමාජය ඉස්සරහ බොළදයි වගේ පෙනුනට ඒ අය හොයන්නේ එයාලට නැති වෙච්ච ඒ අයගේ ළමා කාලය. ලොකුයි කියලා සම්මත ඉස්කෝල වල ඉගනගෙන. ලොකුයි කියලා සම්මත රස්සාවල් කරන ගොඩ දෙනෙක් මුහුණු පොතේදී පුංචි උන් ආස කරන කාටුන් චරිත බවට පත් වෙලා ඒ ලෝකේ ජිවත් වෙන්න හදනවා. ඇත්ත ලෝකේ ඉදන් බලනකොට විකාරයක් වගේ පෙනුනට ඒ ලෝකේ ඇතුලට ගිහින් ජිවත් වෙනකොට ගොඩාක් සුන්දරයි.

පුංචි දරුවා කොහොම හරි කරලා ශිෂත්ව විභාගෙත් පාස් කරලා ඊළගට යන්නේ ලොකුයි කියලා සම්මත ඉස්කෝලෙකට. මෙච්චරකල් අම්ම තාත්ත එක්ක ජිවත් වෙච්ච ඒ දරුවට ඊළගට සිද්ද වෙන්නේ තනියම බෝඩිමක හරි ඉස්කෝලේ හොස්ටල් ඒකෙ හරි ජීවිතය පටන් ගන්න.
මෙච්චර කාලයක් ගෙදරින් එලියට බහින්නේ නැතුව අම්ම තාත්තගේ රැකවරණය ඇතුලේ හිටපු පුංචි එකාට එදා ඉදන් සිද්ද වෙන්නේ තනියම සමාජයට මුහුණ දෙන්න. මේ කියන පිරිස අතරේ තමන්ගේ වැඩේ කර ගන්න මොනවා හරි කරලා ටාගට් එකට යන පිරිසකුත් ඉන්නවා. ඒක ඒ අයගේ හැකියාව. තවත් පිරිසකට මේ අමුතුම පරිසරයට වැටිච්ච ගමන් සිද්ද වෙන්නේ නන්නත්තාර වෙලා යන එක. මෙච්චරකල් බැදිලා හිටපු නීති රීති ලිහිල් වෙලා අලුත් පරිසරයක් අලුත් ලෝකයක් එක්කම ලැබෙන අමුතු නිදහසින් ප්‍රයෝජන අරගෙන විනාස වෙලා යනවා. ගමේ ඉස්කෝලෙන් ශිෂත්ව විභාගේ ඉහලින්ම සමත් වෙලා කොළඹ ආව දරුවා ඕලෙවල් වෙනකොට විෂයන් ඔක්කොම ෆේල් වෙන්නේ අන්න ඒ හේතුව නිසා.

ඊළගට ඉස්කෝලේ හය හත පන්ති වලට එනකොටම බලාපොරොත්තු වෙන්නේ විරුද්ද ලිංගිකයන්ගේ ආදරය. දැන් නම් යාන්තම් අකුරක් ලියාගන්න පුළුවන් වෙච්ච ගමන් තුන වසරේ ඉන්න පොඩි උනුත් ලියුම් ලියලා අහුවෙනවා කියලයි ආරංචි. ඒකට නම් ඉතින් පොඩි උන්ට දොස් කියලා වැඩක් නෑ. පොඩි දරුවෙක් උදේ ඉදන් හවස් වෙනකම්ම රූපවාහිනියෙන් වගේම සමාජයෙනුත් නිතරම දකින්නේ ප්‍රේම අදෝනා. දරුවෙක් නිතරම අත්හදා බලන්න උත්සාහ කරන්නේ නිතර දෙවේලේ ඇහෙන දැනෙන දේ කනට ඇහෙන දේ.

පාසල් ප්‍රේමය කියන එකත් දැන් සාමාන්‍ය දෙයක්. විනය නීති වගේ දේවල් වලින් පාසල් ප්‍රේමය නතර කරන්න පාසලේ විදුහල්පති තුමාගේ තුමියගේ ඉදන් ගොඩාක් අය එදා ඉදන් උත්සාහ කලා. ඒත් ඒක කාටවත් නතර කරන්න බැරි උනා. මොකද කියනවා නම් හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා හිතක ඇතිවන හැගීමක් නීති වලින් නවත්තන්න බෑ. ඒත් ඔය කාරනාව අදටත් ඒ තැන්වල ඉන්න අයට තේරුම් ගන්න බැරි පාසල් කාලයේ ඒ අයගේ ජිවිත වලත් ඔය වගේ කාලයක් තිබුනා නේද කියන එයාලත් අමතක කරලා ඉන්න නිසා වෙන්න ඇති. ඔය වගේ සාමාන්‍ය දේවල් නවත්තන්න මහන්සි වෙනවට වඩා ළමයින්ට ලිංගික අධ්‍යාපනය පිළිබද විධිමත් වැටහීමක් ලබා දෙනවා නම් ඒක ගොඩාක් වටිනවා කියලයි මට නම් හිතෙන්නේ. පාසල් විෂය නිර්දේශය තුල ඔය කාරනා ඇතුලත් උනත් ඒවා ළමයින්ට උගන්නලා තියෙන්නේ මොන පාසලේද කියන ගැටලුවත් තියෙනවා.
මේ සම්බන්දව ලැජ්ජාව තියෙන්නේ ළමයින්ටද ගුරුවරුන්ටද? උගන්වන්නේ නැත්තේ එහෙම ලැජ්ජාවක් නිසා නෙවෙයි නම් අපේ සංස්කෘතිය කියලා කියන එකේ තියෙන වෙන ප්‍රශ්නයක් නිසාද කියන්න දන්නේ නෑ.

ආදරය කියන කාරනාව එක්ක ලිංගිකත්වය කියන දෙය අනිවාර්යයෙන්ම සම්බන්ද වෙනවා. පුංචි කාලේදී ගෑනු ළමයෙක් වැඩිපුරම ආදරේ කරන්නේ තමන්ගේ තාත්තට වගේම පිරිමි ළමයෙක් වැඩිපුරම ආදරේ කරන්නේ අම්මට. කෙල්ලෙක් කොල්ලෙක් අතර ඇති වෙන ආදර සම්බන්දයක උනත් යටින් ඉන්නේ ඔය ලිංගිකත්වය කියන කාරනාව. ඔයා තමයි මගේ පන වස්තුව රන්කද කියලා කවුරු කොච්චර කයිය ගැහුවත් කෙනෙක් වැඩිපුරම ආදරේ කරන්නේ තමන්ටමයි. ප්‍රේමය නැති වෙලා ගියාම දිවි නසා ගන්න උත්සාහ කරන්නේ එයා දාල ගිය හේතුව නිසා නෙවෙයි. තමන්ට ඕන ආදරේ තමන්ගේ හිත ඉල්ලන ආදරේ තමන්ට නොලැබුන දුකට. කෙනෙක් තවත් කෙනෙකුගේ ආදරයක් බලාපොරොත්තු වෙන්නේ තමන්ට තියෙන විවිධ අරමුණු ඉටු කරගන්න තියෙන උවමනාවට. තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙනියන්න, තමන්ගේ පාළුව තනිකම මකාගන්න. ලිංගික අවශ්‍යතා ඉෂ්ට කරගන්න වගේ තමන්ට තියෙන උවමනා සපුරා ගැනීම, වගේ විවිධාකාර අරමුණු මේ කියන ආදරය ඇතුලේ තියෙනවා. 

විවාහය කියලා එකක් සමාජය විසින් නිර්මාණය කරගෙන තියෙන්නේත් යම් කිසි සදාචාරවත් පිළිවලක් අනුව ගැහැනියකුට සහ මිනිහෙකුට ලිංගික සතුට විදින්න අවස්තාවක් සලසා දෙන්න. මිනිසා අනෙකුත් තිරිසන් සතුන්ගෙන් වෙන් වෙන්නේ අන්න ඒ වගේ කාරණාවන් මත. තිරිසන් සතුන් අතරේ සහකරුවෙක් සහකාරියක් බෙදා ගන්න ඇතිවන ගැටුම් මිනිසුන් අතරේ ඇති නොවෙන්න තමයි විවාහය කියන නීතිමය ආකෘතියක් තුල එක පිරිමියෙකුට එක ගැහැනියක් පවරාදීම සිදු වෙන්නේ. එතැනදී බලාපොරොත්තු වෙන්නේ එක් පුරුෂයෙක් සහ කාන්තාවක් එකතු වෙලා වෙනම පවුලක් හැටියට ඔවුන් දෙදෙනාගේ එක්වීම නිසා ඇතිවන දරුවන් සමග සමාජ ඒකකයක් ලෙස ජිවත් වීම වගේ කාරණාවන්.

ඒත් මම අවුරුදු ගානක් තිස්සේ රට වටේ ඇවිදිනකොට නවාතැන් ගත්ත ස්ථානවලදී දකින්න ලැබුණු කාරනා නිසාම කෑදරේ ගැනත් පොඩ්ඩක් කතා කරලා ලිපිය නවත්වන්න හිතුවා.

උදේ පාන්දර අපි නවාතැනින් පිටවෙනකොට හැමදාම අපිට දකින්න ලැබුනේ එකම දර්ශනයක්. ඒකට පොළොන්නරුවේද හම්බන්තොටද පුත්තලමේද රත්නපුරේද කියන ප්‍රදේශය අදාළ උනේ නෑ. ඒ තමයි උදේ පාන්දර ටියුෂන් යන්න ආව ගෑනු ළමයෙක් එක්ක කාමර හොයාගෙන එන අයියලාගේ දර්ශනය. බොහෝ විට දකින්න ලැබෙන්නේ ගෑනු ළමයා පොත් මිටිය එක අතකින් තුරුළු කරන් හෙල්මට් එකෙන් මුණ වහගෙන ඉන්න කොට පිරිමි ළමයා තනියම ගිහින් කාමරය වෙන් කරගෙන ඇවිත් ගෑනු ලමයවත් ඇදගෙන කාමරයට රිංග ගන්න එක. මෝටර් බයිසිකලය සමහර වෙලාවට ත්‍රිරෝද රථයක් වෙන්නත් ඉඩ තියෙනවා. එතන තියෙන්නේ ආදරයද කෑදරයද කියලා ඔයාලම කල්පනා කරලා බලන්න. අසරණ දෙමවුපියෝ තමන්ගේ දරුවාව ටියුෂන් ක්ලාස් යවන්නේ මෙයා හොදට ඉගනගනිවී කියලා බලාපොරොත්තු ගොඩාක් එක්ක. ඒත් සිද්ද වෙන්නේ වෙන දෙයක්. මෙතැනදී තනිකරම බලාපොරොත්තු වෙන්නේ ලිංගික උවමනා එපාකම් සම්පුර්ණ කර ගැනීම විතරයි. ඉස්සරහට සිද්දවෙන අතුරු ප්‍රතිපල ගැන හැගීමක් ඒ මොහොතේ නෑ. නමුත් රුම් එකට යන්න කලින් පන දෙන්නම් සසර වසන තුරු ඔයා මගෙමයි රත්තරන් කියාගෙන ඉන්න කොල්ලා එලියට ආවට පස්සේ හොයා ගන්නවත් බැරි වෙන එකයි ඔය ගොඩාක් කතාවල අවසානය. මොනවා උනත් කොයි තරම් වෙනස් වෙලා කිව්වත් අදත් ලංකාවේ කොල්ල නාල ගෙට ආව ගමන් ඌ සුද්දයි. ඒත් ගෑනු ළමයා කොච්චර නාල ආවත් පැල්ලම මකන්න බෑ. අවුරුදු ගානක් හැමදාම ලංකාවේ හැම අහුමුල්ලකදීම උදේ පාන්දර ඉදන් ඔය දර්ශනයම දැකපු මට දැන් ඕක සාමාන්‍ය දෙයක් උනාට අපේ සදාචාරය සංස්කෘතිය ගැන කයිය ගහගෙන ඉන්න සදාචාරවාදී කෙනෙකුට මේක මහලොකු කතාවක් වෙන්න ඉඩ තියෙනවා. කෙල්ලෙක් කොල්ලෙක් කොහේ හරි මුහුදු වෙරළක පාක් එකක වගේ තැනක කතා කර කර හිටියොත් ඒක මහා ලොකු වරදක් කියලා උන්ව පොලිසි පටවාගෙන යන රටක ලංකාවේ සදාචාරේ ගැන හැමදාම දකින කොට හිනාවෙන්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බෑ. මේකේ ඉන්න උන්ට සදාචාරේ රැකගෙන යහතින් ජිවත් වෙයල්ලා කියලා පණිවිඩ දෙන්න මට කිසිම උවමනාවක් නැහැ. එහෙම කිව්වත් කරන උන් මේකේ ඇත්තෙත් නෑ. ඒත් මට කියන්න ඕන උනේ මේ වගේ ලස්සන තරුණ ජිවිත නිරපරාදේ නන්නත්තාර වෙලා නාස්ති වෙනවට වඩා මොකක්ම හරි දෙයක් සිද්ද වෙන්න ඕන කියන කාරනාව.

අන්තිමට ඔය බ්ලොග් වල මුහුණු පොතේ එහෙම නැති උන ආදරය ගැන කවි කතාන්තර ලියන ගෑනු ළමයි ටිකටත් කියන්න තියෙන්නේ මේ ටික. ඔයා ආදරය කරන කවුරු හරි කෙනෙක් ඔයාලව දාල ගියාට ඒකෙන් අවුල් වෙන්න එපා කියලා. ඒ ඔයාගේ ආදරේ ලබන්න තරම් එයා පිං කරලා නැතුව ඇති. මොකද එයා ඔයාව දාල ගියේ ඔයා ගැන එයාගේ හිතේ ආදරයක් නැති නිසානේ. ඔයාට ආදරේ නොකරන කෙනෙකුට ඔයා මොකටද ආදරේ කරන්නේ. ඔයාට ආදරය කරන කෙනෙකුට ආදරේ කරන්න. එයා ඔයාගේ ජීවිතය හැමදාමත් සතුටින් තියයි. මොකද එයා ඔයාට ආදරෙයි....... 

49 comments:

  1. ඇත්ත කතාව රෙපා....

    ReplyDelete
    Replies
    1. උඹටත් දැන් යමක් කමක් තේරෙන්න පටන් අරන් නේ බං. ප්‍රීතියි ප්‍රීතියි මචං :D

      Delete
  2. හ්ම්..ඔයාගේ කතාව ඇත්ත අයියේ..හරි හැටි ජිවිතේ තේරුම් නොගෙන විදින්න තියන ජීවිතේ විදවන එක නම් ඇත්තටම අපරාදේ තමයි....

    ReplyDelete
    Replies
    1. නංගිට නම් තර්ක කරන්න බෑ කියලම කිව්වා නේ. ඒ නිසා වැඩි දෙයක් ඕනෙම නෑ :D

      Delete
  3. හ්ම්... කථාවටනම් මසුරන් දුන්නත් මදි..ඇත්ත ඇති සැටියෙන්...කියලයි මටනම් හිතුණේ...

    දැන් අනිති කාරණය මමත් ආදරේ ගැණ කවි ලියන කෙනෙක් ඒ නිසා මේ ටික කියන්නම ඕනි...

    කවිය කියන්නෙ ඇත්තටම පුදුමාකාර ආත්මතෘප්තියක් ලබන විශයක් කවිය ලස්සන වුණත් නැතත් ලියන කෙනා විතරයි දන්නෙ ඒ තුල ඉපදුන හැගීම විටෙක විරහව ගැනලියන කිවිදිය විරහවෙන් නොපෙලෙන කෙනෙක් වෙන්න ඇති ඒ එයාගෙ කවි හිත..විරහව ගැන ලියන හැමෝම විරහවෙන් නොපෙලෙනවා ඇති..අත්දැකීම් වෙන්නත් ඇති නොවෙන්නත් ඇති

    ඒ ටික කිව්වෙ නම් තරහකට නෙමෙයි හුදෙක් ජනයාගේ හිත සුව පිණිස...

    ReplyDelete
    Replies
    1. මට නම් දැන් මසුරන් නම් එපා. හුදෙක් ජන හිත සුව පිණිස නංගි කියපු කතාව ඔන්න මමත් අනුමත කළා. කවියක් කතාවක් ලියවෙන්න අත්දැකීමක් තියෙන්නම ඕන නෑ තමයි. මොකද මනුස්සයෙක් උනාම ඇස් කන් වහගෙන නෙවෙයිනේ ඉන්නේ. සමාජේ සිද්දවෙන දේවල් පේනවා ඇහෙනවා ....:D

      Delete
  4. උඹ මාර විග්‍රහයක් කරල මචං..

    දැන් පෞද්ගලික ප්‍රශ්න ඔක්කොම බ්ලොග් වල නැත්තම් මුහුනු පොතේ.. අනේ මන්දා.. අප්පිරියයි.
    ඒවට විසදුම් දෙන්න තව එවුන් ඇවිත් චැට් කරනවා. ඊට පස්සෙ උන් එක්ක ආය ප්‍රශ්න.

    මට හිතෙන විදිහට කෙල්ලෝ හැම දේම වන කර ගන්නවා. තමන්ගෙ ප්‍රශ්න වෙන කෙනෙක්ට කියන්න ගිහින් තව එකෙක් කරේ එල්ල ගන්නවා/නැත්තම් එල්ලෙනවා..

    හොද පෝස්ටුවක් රෙපා..

    ජය !

    ReplyDelete
    Replies
    1. මුහුණු පොතේ බ්ලොග් වල වෙන ප්‍රශ්නේ ගැන නම් කතා කරන්නෙම නෑ කියලා මම හිතාගෙන ඉන්නේ. ඕවා කථා කරන්න ගිහින් ඉල්ලං කාපු පරිප්පු ඇති හොදටෝම. උඹටත් ජයවේවා සැමා !

      Delete
  5. කියන්න ඕනෙටික ලෙසටම කියල තියෙනව.....

    ReplyDelete
  6. ඔය තියෙන්නේ ගින්දර වගේ විචාරේ....

    කීප් ඉට් අප්.. (කිව්වා හරි නේ) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ගින්දර එක්ක වැඩි සෙල්ලම් හොද නෑ රජෝ. පිච්චෙන්න ඉඩ තියෙනවා. රජාටත් රාජ සම්පත් ඩබල් ත්‍රිබල් වේවා !! ජය වේවා !!

      Delete
  7. උබත් දැං රෙපෝ අමුතු අමුතු එව්ව දානවා ඈ.... ඒකත් සිරි සුභ මංගලම්ද?

    ReplyDelete
    Replies
    1. මොනවද බං අමුතු. මංගලම් කිව්වේ කාටද මචෝ?

      Delete
  8. සහතික ඇත්ත..... හැබැයි කොච්චර කිව්වත් දැන් ඉන්න තරුන පරම්පරාව ඕක තේරුම් ගන්නේ නම් නෑ. සමහර විට අධිවේගී ලෝකයක හා අධිවේගී ජීවන රටාවක ඉන්න නිසා ඒ ඉස්පාසුවේ ජීවිතයට ලංවෙන ආදරය ඒ ගොල්ලන්ට මහ මෙරක් වගේ වෙන්න පුලුවන් එහෙම වෙලාවක කවුරුත් ඒ ආදරය කාමය , රැවටීම, වංචාව මූලික කරගත් එකක්ද කියලා හොයලා බලන්න වෙලාව නාස්ති කරන්නෙ නෑ...........

    ReplyDelete
    Replies
    1. පැජරෝ අදමයි ද කොහෙද මේ පැත්තට ආවේ. සාදරයෙන් පිලිගන්නවා. ඔය විදියට මොකුත්ම හිතන්නේ නැතුව අධිවේගෙන් යන්න ගිහිල්ලා අන්තිමට වැඩ වැරදුනාම කෑවෝ කෑවෝ කියලා කෑ ගහනවා. :((

      Delete
  9. අමූලික ඇත්ත කියලා තියෙන්නේ..

    ReplyDelete
  10. ඇත්ත ඇති සැටියෙන්... නියමෙටම පැහැදිලි කරලා තියෙනවා... හුඟාක් දේවල සාරාංශයක් ලස්සනට ගලපලා.. නියම ලිපියක් අයියා..

    ReplyDelete
  11. ඇත්ත රෙපා අයියේ...මේක නම් ඔයා මාරම විදියට ලියලා තියෙනවා...කතාව නම් ඇත්තම ඇත්ත....

    ReplyDelete
  12. හරියටම හරි රෙපා .,.,කියල වැඩක් නැහැ ,..,., සන්ස්කෘතිය සබ්යත්වය තිබිය යුතුමයි අනික ආද්රේදි ලිගිකත්වය අවශයයි ඒත් විවාහය දක්වා ඒක එකේ සීමාවක් තියනවා ,.,ඒක ඉක්මවන්න හොද නැහැ

    ReplyDelete
    Replies
    1. බටහිර වෙන්න ගියාට ලංකාවේ තවම උඹ ඔය කියන දෙකම කොහෙහරි කොනක ඉතුරු වෙලා තියෙනවා. අපි මොනවා කිව්වත් කොල්ලෝ කි දෙනෙක් එක්ක ගිහිල්ල තිබුනත් කෙල්ල මංගල දවසට පාරිශුද්ද කන්‍යාවක් කරන්න පුළුවන් සිස්ටම් ඕන තරම් මේකේ තියෙන නිසා ඕවා ගැන වැඩිය කල්පනා කරන්න එපා බං.

      Delete
  13. ///ප්‍රේමය නැති වෙලා ගියාම දිවි නසා ගන්න උත්සාහ කරන්නේ එයා දාල ගිය හේතුව නිසා නෙවෙයි. තමන්ට ඕන ආදරේ තමන්ගේ හිත ඉල්ලන ආදරේ තමන්ට නොලැබුන දුකට.///
    සහතික ඇත්ත රෙපෝ
    උඹත් එක්ක 100% එකඟයි, කාලෝචිත ලිපියක්...

    ReplyDelete
    Replies
    1. නැත්තම් මොන මගුලකටද බං මේ කොහෙවත් ඉන්න එකෙක් ගියා කියලා තමන් දිවි නසා ගන්නේ :D

      Delete
  14. නියමයි රෙපා...

    ආදරේ කියන්නෙ ගනුදෙනුවක්. (මුලින්ම ප්‍රශ්නයක් අහල තිබු‍නනෙ...) කෑදරේ ගැන කියන්න ඕන නෑනෙ... ;)

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ උත්තර. හැබැයි මේ ප්‍රශ්න වලට උත්තර දුන්නට තෑගී නම් නෑ මචෝ. තෑගී ඕන නම් අර රන් ගොජා අහන පුරස්නේකට උත්තර දීපන් ඈ..:D :D ජය වේවා !!!

      Delete
  15. ආදරය = අවශයතාවය
    හිතට දැනෙන්නම ලියලා තියෙනවා....වටිනා අදහස්....

    ReplyDelete
    Replies
    1. අක්කියා ෆනා (FANAA) බලල වගෙ නේද? ;)

      Delete
    2. @දම්මි - තැන්කු දම්මියෝ

      @ බටපොලයා - උඹ ඔය කියන්නේ අන්ධ කාජල් අක්කට අමීර් අයියා ලවු කරන ෆිල්ම් ඒක නේද බං. මමත් ඕක එහෙං මෙහෙන් බැලුවා වගේ මතකයි :D

      Delete
    3. නෑ....තාම බලලා නෑ... ඇයි ඒ

      Delete
    4. යා යා ඒක තමයි. :D

      නෑ දම්මි අක්කියො,ඒකෙදිත් ඔයා කිව්ව දේම තමා ප්‍රධාන මෙව්වා එක වෙන්නෙ.ෆිල්ම් එකෙ කොල්ලා(පොර) ඌට ලව් කෙල්ලට කියන්නව,
      "මම ආදරේ විශ්වාස කරන්නෙ නෑ,මට තියෙන්නෙ අවශ්‍යතාවයක්.මට ඕන ඒක සපුරගන්න විතරයි" කියල.
      කෙල්ල අර පොදුවේ හැම කෙල්ලම වගෙ තමයි,ආදරේ=ජීවිතේ කියල හිතාගෙන ඉන්න කෙනෙක්..
      ඒකයි මම එහෙම ඇහුවෙ...........

      Delete
  16. පෝස්ටුව දිග වැඩියි බං...දවස් දෙකකදි දාන්න තිබුණෙ.

    මේක සරල විදියට කියවන්න බෑ, ක්යැවීම් ගොඩාක් මේකෙ තියෙනවා. ඉඩක් ලැබුනොත් කමෙන්ට් එකක් දාන්නම්.

    ReplyDelete
    Replies
    1. //දවස් දෙකකදි දාන්න තිබුණෙ.//

      දවස් දෙකකට දාන්න කැඩුවනම් අද වෙනකොට රෙපා ගස් සුමිත් අයියා..දැක්කෙ නැද්ද කෙලින් පෝස්ට් වලදි වෙච්චි දේවල් :D

      Delete
    2. මතු සම්බන්ධයි පෝස්ට් වලට විරෝධතා ව්‍යාපාර නේ. ඒ නිසා එකටම ෂොට් & ස්වීට් වෙන්න දාලා දැම්මා. පුළුවන් උනොත් කමෙන්ටුවක් දාන්නකෝ. අයියලා වගේ අයගේ අදහස් ගොඩාක් වටිනවා. බොහොම ස්තුතියි අයියා. :D

      Delete
  17. ආදරේ...හරියට සූරන ලොතරැයියක් වගේ කියල කොහේදො ලියල තිබ්බා..

    ඇදුනොත් ලක්ෂගනනින්....නැතිඋනොත් අතේ තිබ්බ රුපියල් දහයත් ඉවරයි

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් සොරි තමා. ඔය හුරන ටිකට් එකකින් 2500 ට වඩා ඇදිච්ච එකෙක් මම තාම නම් දැකලා නෑ. තාම හුරන ස්වීප් ටිකට් එක දහයිද බං. ලගදි හුරන්නත් බැරි උනා. :D :D

      Delete
  18. උඹට නැවතිච්චි බෝඩිමෙ ඇන්ටි මෝල් ගහකින් වත් ඔලුවට පතබෑවද බන් ඈ..අමු සීරියස් ටෝක් එකපාරටම මතුවෙන්නෙ :ඩී

    මුක වුනත් අමූලික ඇස්ත ලියල තියෙන්නෙ ඈ.
    අර කොල්ලා දාල ගිය කෙල්ලො කීප දෙනෙක්ගෙ(50-60 විතර) මං හිත හදල තියෙනව.පව් කියල හිතෙනව බන් වෙලාවකට වෙච්චි සිද්දි ඇහුවම...

    කෙල්ල හුඟක් වෙලාවට කොල්ල කියන ඕනම දේකට කැමති වෙන්නෙ,
    කොල්ලට තියෙන ආදරේ නිසා,
    කොල්ලව දෙවියන්ටත් වඩා විශ්වාස කරන නිසා......

    වල් කෙල්ලොත් නැතුවම නෙමෙයි!උනුත් අනන්තයි..මට අතවර කෝඅපු කෙල්ලො ගොඩ........ :D
    ඒ සිද්ධි වෙන වෙලාවක ලියන්නං ඈ ;)

    උඹෙ ගම කිට්ටුව,යක්කටුව පැත්තෙ හිටිය ප්‍රසිද්ද චරිත දෙක ගැන උඹ දන්නව ඇති මගෙ හිතේ..
    එහෙම අයත් ඉන්නව.
    ඒත්,
    එහෙම අය කවදාවත් දාල ගිය එකට විරහ ගීත කියවන්නෙවත්,ජීවිතේ වටිනම දේ නැති වුනාට සියදිවි හනි කරගන්නෙවත් නෑ බන්.
    ඔව්ව ඇත්තටම කරගන්නෙ අහිංසක කෙල්ලො අසරණ වුනාම!

    කොල්ලෙක් අසරණ වුනාම ඔක්කොටම වඩා අන්තයි බන්..අඬන්නවත් ඉඩක් නෑ ඌට.
    ඇයි හැම එකාම ඌට කියනව "ගෑනියෙක් වගෙ අඬන්න එපා බන්"

    ඇයි කොල්ලොන්ට තියෙන්නෙ අමුතු මෙව්වද?උන්ට දුක හිතෙන්නෙ නැද්ද???

    ReplyDelete
    Replies
    1. ඇල්පිටියේ ඉස්කෝලේ ගියාට මම ඇල්පිටියේ නෙවෙයි බං පැලවත්තේ. යක්කටුව ගැන නම් දන්නේ නෑ. ඌරගහ කරන්දෙණිය පැත්තේ වෙච්ච ඔය වගේ කතන්දර දෙක තුනක් නම් එහෙං මෙහෙන් ඇහිලා තියෙනවා.

      උඹ කියන විදියට කෙල්ලෝ කොල්ලව දෙවියෙකුට වඩා විශ්වාස කරන්නෙ ආදරේ නිසා. කොල්ලගේ හිතේ තිවිලා තියෙන්නේ ආදරයක් නෙවෙයි කෑදරයක්. ආදරේ කියන අයිසින් තවරපු ලස්සන වචනයක් ඉස්සරහට දාලා කොල්ල තමන්ගේ වැඩේ කර ගන්නවා. ලිංගික අවශ්‍යතා සපුරා ගන්න එක විතරක් නෙවෙයි එක එක නීති දාලා අනිත් කෙනාගේ නිදහස සිමා කරන එක, අනිත් කෙනාව තමන්ගේ පාලනයට සම්පුර්ණයෙන් නතු කරගන්න හදන එක වගේ. එතකොට එයා හිතන්නෙත් හැගීම් දැනීම් කියලා දෙයක් තියෙන්නේ තමන්ට විතරයි කියලා. ආදරේ කියන ලස්සන වචනෙට තියෙන ආසාව නිසාම දාන නීති ඔක්කොම ඉවසගෙන ඉන්නවා තමයි. ඒත් එයා හිත ඇතුලෙන් කොච්චර පිච්චෙනවා ඇත්ද? කෙනෙක් තව කෙනෙක්ට ආදරේ කරන්නේ සතුටින් ඉන්න ලොකු බලාපොරොත්තු හිතේ තියාගෙන මිසක් තව කෙනෙකුගේ නීති ගොඩකට යට වෙලා ඉන්න බලාපොරොත්තුවෙන්ද? මම මෙතැනදී කියන්න හැදුවේ කෙනෙක් තව කෙනෙකුට ආදරේ කරන්නේ එයාගෙන් තමන්ටත් ආදරෙයක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් කියන එක. ඒ වගේ නීති දාගෙන හිර කරගෙන ඉන්න ආදරේ ලෝකෙට පේන්න එක එක කතා කිව්වත් ඇත්තටම එයා ආදරය කියන ගනු දෙනුවෙන් එයා බලාපොරොත්තු වෙච්ච කොටස ලැබිලා නෑ. ඒ වගේ දිගින් දිගටම වෙනකොට ඉවසගෙන ඉන්නේ බැද ගත්ත බෙරේ කොහොම හරි ගහන්න ඕන නිසා මිසක් අනිත් කෙනා ගැන තියෙන ආදරේකට නෙවෙයි.
      ඒ වෙලාවට ජිවිතේ ගැන ඇති වෙන්නේ ලොකු කලකිරීමක් විතරයි.

      ඔය ආදරේ කියන වචනේටම මුවා වෙලා ලස්සනට තමන්ගේ වැඩේ කර ගන්න කෙල්ලොත් ඕන තරම් ඉන්නවනේ බං.

      //කොල්ලෙක් අසරණ වුනාම ඔක්කොටම වඩා අන්තයි බන්..අඬන්නවත් ඉඩක් නෑ ඌට.
      ඇයි හැම එකාම ඌට කියනව "ගෑනියෙක් වගෙ අඬන්න එපා බන්"

      ඇයි කොල්ලොන්ට තියෙන්නෙ අමුතු මෙව්වද?උන්ට දුක හිතෙන්නෙ නැද්ද //

      ඔය ටික නම් සහතික ඇත්ත තමා.

      මේකත් තවත් පෝස්ට් එකක් උනාද මංදා

      Delete
    2. උඹ කිව්ව දේ ඇත්ත..අනිවා කෙනෙක් ආදරේ කරන්නෙ එයාටත් ආදරේ ඕන නිසානෙ.නැත්තං වෙන මොන @#$#%^$#කටද බං නැහීගෙන හම දේම අතෑරල ලව් කරන්නෙ!

      අපි හැමෝටම ඕනි දේ තමයි සතුටින් ඉන්න එක....

      නොගැලපීම් එක්ක ජීවිතේ එකට ගෙනියන්න හරිම අමාරුයි..එතකොට උඹ කියන්නා වගෙ බැඳගත්තු බෙර කබලට තට්ටු කර කර ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු නෑ!

      මේක තව පෝස්ට් එකක් වීමේ මේව්වා එක ගැන මාගේ බලවත් මෙව්වා එක ඈ

      Delete
  19. ආයෙත් ළමා කාලයට යන්න තියෙනවානම් කොච්චර හොදද නේද ?

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ බුකියේ මොන්ටිසෝරියක්ම බබෙක්ගේ ප්‍රොෆයිල් එකක් හදාගෙන උඹත් වරෙන් මොත්තිසෝලි. .ආතල් :D :D

      Delete
  20. පික්ශු හැදිලා ආයිත් හැදුන වගේ.....ම්..ම්..ම්.. එක අතකට ආදරේ කියන්නෙ පස්ට ආත්තමාත්ත කාමී හැඟීමක් නේද ඌයි.....සයියෝ.... කොල්ලොත් පවු කෙල්ලොත් පවු.....බූට්කාලා සොට්ටෙකක් දාං ඉන්න අපිත් පවු අප්ප......

    X-Porter

    ReplyDelete
  21. ඇත්තම ඇත්ත යාළු...... ආදරේ කරත් හොයල බලල , හරි විදිහට කරන්න ඕන...ඔක්කොටම වඩා හොඳයි ඇත්තටම ආදරේ නොකර ඉන්න එක කියලමයි අනේ මට හිතෙන්නෙම......

    ReplyDelete
  22. අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන පස්සේ කෑවෝ කෑවෝ කියල කෑගැහුවට වැඩක් නෑ කියල කියන්නේ ඕකට තමයි. රෙප් මහත්තයාගේ කතාව සහතික ඇත්ත. උදේ පන්ති පටන් ගන්න වෙලාවේ මම එවලේ හිටපු නගරෙක ෆිල්ම් හෝල් එක ගාව පොඩි කෙල්ලෝ කොල්ලෝ විතරයි.

    ReplyDelete
  23. මෙතෙක් ආදරේ ගැන මම කියවපු හොඳම පෝස්ට් එක මේක....

    රෙපෝ.. කමෙන්ට් අකුරු ලොකු කරොත් නරකද? පාට නම් අවුලක් නෑ.... :)

    ReplyDelete
  24. මේක හෙන පරණ ලියපු එකක් නේද රෙපෝ..... මම කලින් දාපු කමෙන්ට් එක මටම හොයා ගන්න බෑනේ බොලන්.. බාගෙට වැටිලද කොහෙද

    ReplyDelete