Wednesday, September 13, 2017

රට වනසන ගොබෙල්ස් කාලකන්නින්ගේ අලුත්ම නාටකය.


අද රටේ පාලකයන් තමන්ගේ මතය සමාජගත කිරීම සදහා ගරිල්ලා මාකටින් විශාල ලෙසම යොදා ගනී. ඒ සඳහා දීප ව්‍යාප්තව කැපවුණු කණ්ඩායමක් ඔවුන් සතුය.
හරි හෝ වැරදි හෝ වේවා තමන්ට සමාජගත කිරීමට අවශ්‍ය යම්කිසි මතයක් යම් කිසි කන්ඩායමක් විසින් කාලාන්තරයක් තිස්සේ අඛණ්ඩව එක් එක් ආකාරයෙන් සමාජයට ඉදිරිපත් කිරීම මොවුන් විසින් සිදු කරයි.

කටකතා , ෆේස්බුක් , බ්ලොග් , වෙබ් අඩවි වැනි සමාජ ජාලා වලට අමතරව තවත් බොහෝ මානසික අල්ලස් මොවුන් මේ සදහා යොදා ගනී.
තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව රට රවටන බොරුකාරයන්ගේ අතකොළුවක් වූ පිරිස බොහෝය. 

උදාහරණයක් ලෙස පසුගිය යුගයේ යුද්දය නිමා වීමෙන් අනතුරුව රටේ සිදුවූ යෝද සංවර්ධනය දරාගැනීමට නොහැකි වූ පිරිස් තම තමන්ගේ පටු දේශපාලන අභිමතාර්ථ මුදුන් පමුනුවා ගැනීම වෙනුවෙන් රට රැවටීමට භාවිතා කල කටකතා ප්‍රචාර පෙන්වා දිය හැක.

රටේ සිදුවූ මහා පරිමාණ සංවර්ධන ක්‍රියාවලියක් අතරතුර කම්කරුවකු සිමෙන්ති කොට්ටයක් හොරකම් කරන අයුරු ඔහුටම පෙන්වා 

"උඹල මේකෙන් මෙහෙම සිමෙන්ති උස්සන්නව නම් මහ උන් කොහොමට ගහනවා ඇද්ද"

යනුවෙන් සිමෙන්ති හොරාගෙන්ම අසමින් ආරම්භ කරන කටකතාව අවසන් වන්නේ රාජපක්ෂ සමස්ථ ව්‍යාපෘති වටිනාකමින් 90% කොමිස් ගත් බවට බොරු බේගලයක් මිනිසුන්ට ඇද බාමිනි. ලෝකයේ වැඩිම වේගයක් සහිත අඩුම මිල ප්‍රචාරන මාද්‍ය කට කතාවයි. මොවුන් තමන්ගේ බොරුව සමාජ ගත කිරීමට එය අපුරුවට භාවිතා කරයි

එදා කටකතා කරුවන් එලෙස කටකතා පතුරද්දී අනාගත ජනාධිපති සිහින දකිමින් සිටි රාජිත, චම්පික රණවක, මෛතිරිපාල සිරිසේන වැනි ආලපාලු ගේම් කාරයන් ආන්ඩුව ඇතුලත සිටම එම කටකතා සියල්ල ඇත්ත බව ජනතාවට පෙන්නුම් කිරීමට කටයුතු කරද්දී විපක්ෂයේ ජනතා පිළිගැනීමක් සහිතව සිටි ජවිපෙ අනුර කුමාර කණ්ඩායම හොර රහසේ එවකට තිබු ආණ්ඩුවට විරුද්ද කුමන්ත්‍රණ කරුවන් සමග එක් වී ඔවුන් සමාජ ගත කිරීමට උත්සාහ කල මතය ජයග්‍රහණය කිරීමට කටයුතු කරන ලදී.
එදා පොර්ට් සිටිය සෑදීමට යන කළුගල් ප්‍රමාණය රටේ මුළු කළුගල් ප්‍රමාණයටත් වඩා වැඩි යයි කියමින් වේදිකා මත කෑගැසූ මොවුන් අද නව රජය පොර්ට් සිටි ව්‍යාපෘතියම නම පමණක් වෙනස් කර කරගෙන යන විට සද්ද වසා සිටීමෙන් එය මොනවට පැහැදිලිවේ. 
මේ රජය පත් වී වසර තුනකට ආසන්න්න වන විටත් ඔවුන් එදා පැවසූ රාජපක්ෂගෙ මහා පරිමාණ හොරකම් වංචා සොයා ගත නොහැකිව ඇයි රාජපක්ෂ හොරකම් කරලම නැද්ද යනුවෙන් ඔවුන් අපෙන් අසන තත්වයට වැටී තිබීම ශෝක ජනකය.
එපමණක් නොව එදා රාජපක්ෂ හොරු යන මතය සමාජගත කිරීමට දුක් මහන්සි වුවන් අද ආසියාවේ ලොකුම මුල්‍ය වංචාවක් ශ්‍රී ලංකාවේ මුල්‍ය ක්ෂේස්ත්‍රයේ හදවත බදුවූ මහ බැංකුවේ සිදුවන විට නොදැක්කා සේ බලා සිටීමද ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ තරම මැනවින් කියා පායි. 

එම ගොබෙල්ස්කරනයේ තවත් අවස්තාවක් මේ වන විට අප ඇස් ඉදිරිපිටම සිදු වෙමින් පවතී. මේ වන විට යහපාලුවන් හට ඔව්න් බොරුවෙන් වංචාවෙන් ලබාගත් ජයග්‍රහණය සැමරීමට විශාලතම බාධාවක් වී ඇත්තේ බෞද්ධ භික්ශූන් වහන්සේලාය. 

එබැවින් යපාලනය වෙනුවෙන් පෙනී සිටින ජාතියක් ජම්මයක් නොමැති කාලකන්නින් පිරිසක් බෞද්ධ භික්ශුව පිලිබදව සමාජයට පිලිකුලක් වෛරයක් ඇති කිරීම සදහා නැවතත් තම සුපුරුදු ක්‍රියාවලිය ආරම්භ කර ඇත. යහපාලනය යන නමද ගණිකා වෘත්තියේ යොදවමින් රට වනසන කාලකන්නින් මේ සිනවල සමාජ මාද්‍ය ජාල තුල බහුලව දක්නට ලැබේ. හොරකමට දුෂණයට වංචාවට එරෙහිව හඩ නගන අති පිරිසුදු චරිත ලෙස තමන්ව හදුන්වා ගන්නා ඔවුන් සත්‍ය වශයෙන්ම සිදු කරන්නේ හොරකමට වංචාවට එරෙහි වීම නොව සමාජ සාධාරණය වෙනුවෙන් හඩ නගන යහපාලනය නාමයෙන් රට විකුණන් කන වත්මන් ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන බෞද්ධ භික්ෂුව ජනතාවගෙන් ඈත් කිරීමට ජන මනස තුල මතයක් ඇති කිරීමයි.

එබැවින් අප මේ මොහොතේ ජාතියක් ලෙස අවදිවිය යුතුය. සැබෑ සතුරා හදුනා ගෙන යහපාලන හොර වංචාකරුවන්ට එරෙහිව නැගී සිටින බෞද්ධ භික්ශුව සමාජයෙන් ඈත් කිරීමට දත කන කාලකන්නින්ගේ නිරුවත රටට හෙලි කිරීමට කැප විය යුතුය.

අරුණ හෙට්ටිආරච්චි HJM




5 comments:

  1. සිරාවටම...හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩින කොට අපිත් ඒ පස්සෙන් වඩින්න ඕනේ පාත්තරයක් අරගන. මේ කාලේ ජීවත් වෙන්නේ හරි අමාරුවෙන් බ්‍රෝ.

    ReplyDelete
  2. People like you are rear in Sri Lanka. I mean people who can see the economic development in MR 10 years etc. Lot of people in SL web space says SF is good and MR is bad etc I can only feel sorry about most of them. You must read Inforlanka website to see real economic situation in SL, not dailynews. Good luck my fellow Lankans 'Non are so blind than those who refuse to see'

    ReplyDelete
  3. සිල් රෙද්දකට මුවා වී මැතිවරණ සමයේ මහජන මුදල් සොරකමකට සම්බන්ධ අපරාධ කරුවන් දෙදෙනෙකුට අධිකරණයෙන් දඬුවම් පැනවීය. අවශ්‍ය නම් ඇපෑලක් ඉදිරිපත් කළ හැකි බව ද විනිසුරු වරයා නියෝගය දෙමින් ප්‍රකාශ කළේය. එසේ කරන බව අදාල පුද්ගලයන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් පැවසුවේ උසාවිය තුලදීම ය. නීතියේ ස්වභාවය එයයි. සමහර විට අභියාචනාධිකරණය විසින් ඉහත පුද්ගලයන් දෙදෙනා නිදහස් කරන්නට ද ඉඩ ඇත. ඉදිරි තීන්දු ගැන අපට කිසිවක් පැවසිය නොහැකිය.

    මේ අතරවාරයේ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගෙන් ඒහි භික්ෂුභාවය ලත් පැවිද්දන් කිහිප දෙනෙකු අධිකරණයෙන් නියම කළ දඩ සහ වන්දි මුදල පිණ්ඩපාත කිරීමෙන් එකතු කර දීමට ඉදිරිපත්ව සිටිති. සියලුම භික්ෂූන් වහන්සේ පිණ්ඩපාත කර එකතු වෙන මුදල් මේ මස 18 වැනිදා තුන්මුල්ල හන්දියේ සම්බුද්ධ ජයන්ති විහාරයට ගෙනැවිත් භාර දෙන ලෙසට ජනමාධ්‍ය මඟින් ඉල්ලීමක් ද කර ඇත. නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව නීතිවේදීන් පවසද්දී, දඩමුදල් ගෙවීමට මුදල් පිණ්ඩපාතය කිරීම අධිකරණ නියෝගය පිළිගැනීමක් බව සිල් රෙදි බෙදීමේ මහා පින්කම ගැන කට මැත දොඩන තට්ට හිස් ඇති කසාවත් දරන්නන්ට නොවැටහේ. උන් සිතන්නේ තවත් ඉල්ලමක් පෑදී ඇති බවයි.

    මහජන මුදල් සොරකම් කළ දෙදෙනෙකු දඟ ගෙට නියම වීම සුනාමිය, නාය යාම, ගං වතුර වැනි ජාතික ව්‍යසනයක් නොවේ. රටට විපතක් වන්නේ සොරුන් රැකීමය. ජනතාව යහපාළන ආණ්ඩුව බලයට පත් කළේ ජාතික ධනය කොල්ල කෑ සියළු දූෂිතයන්ට දඬුවම් ලබාදීමට පමණක් නොව ඔවුන් කොල්ල කෑ සියළු සම්පත් ආපසු ලබා ගෙන ඒ මහා ධනසම්භාරය රටේ යහපතට යොදවනු ඇතැයි යන ඒකායන බලාපොරොත්තුව ඇතිවය. ඉහත පිණ්ඩ පාත යෝජනාව ජනතා අභිලාෂයන්ට පයින් ගැසීමක් නොවන්නේ ද? කොහොමටත් ලංකාවේ සිටින කසාම්භරයන්ගෙන් වැඩි පිරිසක් කට්ට කපටි පට්ට හොරුය. සොරුන් වෙනුවෙන් මුදල් පිණ්ඩපාතේ යෑම උන්ගේ අලුත්ම අලුත් ගසා කෑමකි . මෙය ඉදිරියේ මහත්ඵල මහානිශංස දෙන පිංකමක් කර ගැනීමට ද බැරි නැත. අපරාධ කරුවන් කෙරෙහි සැබෑ අනුකම්පාවක් ඔවුන් තුල ඇත් නම් රන්ගිරි දඹුල්ල එක් දිනකට උපයන පිං බද්දෙන් ඔය දඩ මුදල ගෙවීමට පුළුවන. එසේ කිරීමෙන් තම මඩිය තරකර ගැනීමට නොහැකි වන බව මේ මුඬු මහණ්නු හොඳින්ම දනිති.

    දඬුවම් දී ඇත්තේ වැරදි කළ උන්ට ය. ඒ සඳහා නියෝග දුන්නේ තමන් බව මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේ කීවේය. සොරකම සැළසුම් කිරීම, අනුබල දීම, මෙහෙයවීම යන මේ සියල්ල වැරදි ය. සැබවින්ම විය යුත්තේ සියල්ලන්ටම දඬුවම් දීමය. ඒ සඳහා ප්‍රබල ජනමතයක් ඇති කිරීමය. ඒ වෙනුවට සොරුන්ට නියම කළ දඩ මුදල ජනතාවගෙන් එකතු කර ගෙවීමට සූදානම් වීම මොන තරම් නිර්ලජ්ජිත වැඩක් ද? එය ගෙවන්නේනේ පිණ්ඩ පාතයෙන්ය. අපරාධ කරුවන් නිදහස් කර ගැනීමට පිණ්ඩපාතයෙන් මුදල් එකතු කිරීම කවරනම් බුදු වරයෙකුගේ නියමයක් ද?

    සසර භය දැක වානප්‍රස්ථ වූ ශ්‍රමණ බමුණන් ඇඳුම්, ආහාර, වාසස්ථාන, බේත් හේත්, ගිහියන්ගෙන් ඉල්ලා ගැනීම බුද්ධකාලයට පෙර සිටම ඉන්දියාවේ පැවති සිරිතකි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස නොහොත් සිව් පසය යනුවෙන් හැඳින් වෙන්නේ මේ මූලික අවශ්‍යතාවයන්ය. බුදුන් වහන්සේ බෞද්ධ භික්ෂුවට අනු දැන වදාලේ එම සම්ප්‍රදායම ය. සියළු දුක් නැති කර නිවන් අවබෝධ ය සඳහාම වෙහෙසෙන අල්ප කටයුතු සහිත සරළ දිවි පෙවෙතක් ගත කරන පැවිද්දා බහු භණ්ඩකයෙකු නොවේ. යමක් ඉල්ලා ගන්නේ යැපීම සඳහා පමණි. එහෙත් දැන් සිදුවෙමින් පවතින්නේ භික්ෂු වෙස් ගත් කොල්ල කරුවන් සිය සුඛ විහරණයට අමතරව තමන් පයුරු පාසනය කරන චෞරයන් බේරා ගැනීමටද ගිහියන් ගොනාට ඇන්දවීම ය.

    පිඬු සිඟා යාම නොහොත් පිණ්ඩ පාතය කිරීම යනු ගිහි ගෙය අතහැර මහණ දම් පුරන්නෙක් කෑම ටිකක් යොයා ගැනීම සඳහා යන ගමනක් පමණි. (බමුණන් ගියේ ලුණු ඇඹුල් සොයා ගැනීමට ය. ) එවැනි අයෙකුට ආහාර වේලක් දීමෙන් තමන්ට පිං සිදු වෙතැයි වෛදික, ජෛන, ආදී ආගමිකයන්ගේ ද විශ්වාසයි. පිණ්ඩ යනු ආහාර මිස මුදල් නොවේ. විනය නීති වලට අනුව මුදල් පරිහරණය බෞද්ධ භික්ෂුවට සපුරා තහනම් ය. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් හිස මුඬු කොට, කහ රෙදි පොරවා ගෙන සිටින මෙවැනි චෝරවාදී හොර මහණුන් අල්ලා අවස්ථා තුනකදීම සංගායනා පවත්වා සසුනෙන් නෙරපා හැර ඇත . උන්ගේ හිසේ බලු අඩිය හංවඩු ගැසූ අවස්ථා ද තිබේ. සංඝායනාවක් පැවත් වීමට නම් ධර්මධර, විනයධර, ව්‍යක්ත, ප්‍රතිබල සම්පන්න භික්ෂූන් වැඩ සිටිය යුතුය. උපාසක උපාසිකාවන් ද චන්ඩාලයන් නොවිය යුතුය. පාලකයන් ද සැබෑ ධර්ම කාමී භාවයෙන් පිරිපුන් විය යුතුය. ඒ නිසා මේ රටේ නම් ශාසණ ශෝධනයක් කිසි කලෙකත් බලාපොරොත්තු විය නොහැකි ය.

    ReplyDelete
  4. තම කුසට අහරක් සොයා පිණ්ඩපාතය කරනු වෙනුවට සොරුන් වෙනුවෙන් දඩ ගෙවීමට දණ්ඩපාතය යාමට යෝජනා කරන මෙවැනි වල් බූරුවන්ටත් බුද්ධ පුත්‍රයන් යැයි කිව හැකිද? රුපියල් මිලියන හයසීයක සිල් රෙදි අහේනියක් මේ රටේ බෞද්ධයන්ට තිබුණු බව කීම ද මහා විහිළුවකි. සොරකම කිරීමට නියෝග දුන් කෙනා තමා බව මහින්ද රාජපක්ෂ පවසන්නේ කිසිදු හිරිකිතයක් නැතුවය. මේ සියල්ලටම වඩා ජුගුප්සා ජනක කරුණ වන්නේ දණ්ඩයනට ලක්වූවන්ගේ දඩ මුදල් ගෙවීමට දණ්ඩපාතය කිරීමට යෝජනා කිරීම ය. බොරුවට හෝ සිවුරක් පොරවාගෙන සිටින කිසිදු මහණෙකුට කටක් ඇර මෙවැනි කථාවක් කිව හැකිද?

    නොදුන් දේ ගැනීමෙන් වැළකීමේ ශික්ෂා පදය පංච ශීලයෙන් එක් සිල් පදයකි. එය කඩ කිරීම නීතියට අනුව ද වරදකි. එවැනි අපරාධයක් කළ අයවළුන් වෙත සමාජ ගෞරවයක් ලබා දීමට දත කන්නේ ගිහියන් පන්සිල් ගන්වන මහණුන් පිරිසකි. දරුවන්ගේ කුසගිනි නිවීමට වෙළඳ සැළකින් පාන් ගෙඩියක් සොරකම් කළ පියෙකුට සිර බත් කෑමට සිදුවීමේ පුවතක් කලකට පෙර අසා ඇත්තෙමු. එවන් දුගියෙකුගේ දුක නොදුටු චෝරවාදියෝ සිල් රෙද්දෙන් රුපියල් හැට කෝටියක් ගසා කෑම සිදුකළ, කුමන්ත්‍රණය කළ දෙදෙනා වෙනුවෙන් හඬා වැටෙති.

    කහ කඩයන් දණ්ඩපාතයේ එන විට මුදල් දෙන ගිහියන් ද සිටිය හැකිය. වහලුන් බලා සිටින්නේ ද මෙ වැනි අවස්ථා එළැඹෙන තුරු ය. මෙය චෝරවාදීන් සහ චණ්ඩාල උපාසක උපාසිකාවන් හඳුනා ගැනීමට කදිම අවස්ථාවකි. හත් පොළේ ගා ගන්නා තුරු බලා සිටිමු.

    ReplyDelete
    Replies
    1. මේ දිග කමෙන්ට් එක ඉයන්ගෙද, නිදහස් සිතුවිළි ලියන රවීගෙද කියලයි මම මේ කල්පනා කලේ

      Delete