Wednesday, October 4, 2017

මොහොතක් හිතන්න



ගමයි පන්සලයි අතර තියෙන බැදීම අදක ඊයෙක ඇති වෙච්ච දෙයක් නෙවෙයි.
මිනිස්සු පන්සල එක්ක තියෙන බැදීම පවතින තාක්කල් තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න අමාරුයි කියල මේ ආණ්ඩුව හොදාකාරවම දන්නවා.
බෞද්ද භික්ෂුව කියන චරිතය ගැන මිනිස්සුන්ගේ හිත් වල කළු පැල්ලමක් ඇති කරන්න ආණ්ඩුවට ඕන කරන්නේ අන්න ඒ හේතුව හින්දා.
නිරාගමික කියන බෝඩ් ලෑල්ල ගහගත්ත බයිලා කාරයෝ සෙට් එකක් එක පැත්තකින් මිනිස්සුන්ගේ ඔලු හෝදන්න බයිලා කෙලිද්දී බෞද්ද භික්ෂුව බෞද්ද සමාජය අතර ගැටුම් ඇති කරන්න ආණ්ඩුවෙන් අවස්ථා හදල දෙනවා අපුරුවට.
ජාති වාදී ආගම්වාදී බෝඩ් ගහගත්ත එක එක සේනාවල් කරන්නෙත් ඒ දේම තමයි.

පහුගිය දවස් වල පිණ්ඩපාතේ වඩිනකොට හාමුදුරුවන්ගේ හොද කියපු අය අද හාමුදුරුවන්ට බනිද්දි පිණ්ඩපාතේ එදා හාමුදුරුවන්ට බැනපු අය අද හාමුදුරුවන්ගේ හොද කියනවා. කොහොමින් කොහොම හරි තාම තමන්ගේ පාට කන්නාඩි වලට පේන විදියට බැන්නට හොද කිව්වට අන්තිමට හැමෝම කරන්නේ බෞද්ද භික්ෂුව එක්ක සමාජය අතර තියෙන බැදීම පලුදු කරන්න දායක වෙන එක විතරයි.
හොදට කල්පනා කරන්න මොන ප්‍රශ්න තිබුනත් වෙන ආගම් වල පුජකවරුන්ට මෙහෙම දේවල් වෙනවද කියලා. ඇයි බෞද්දයන්ට විතරක්ම මෙහෙම.

මේ වෙලාව හදවතින් නෙවෙයි මොලෙන් වැඩ කරන්න ඕන වෙලාවක්. අන්න ඒක හිතේ තියාගෙන වැඩ කරමු.
හදවතට වහල් වෙලා ආණ්ඩුවේ ඕනෑකම ඒ විදියටම අපි ඉෂ්ට කරලා දෙනවද නැත්තම් ආණ්ඩුවේ ඩබල් ගේම් පරාද කරලා අපි මෙච්චර කාලයක් ගිය ගමන ඉස්සරහටම යනවද. තීරණය ඔයාලගේ

අරුණ හෙට්ටිආරච්චි

2 comments:

  1. ඇයි අප්ප මේකට නෝ කොමෙන්ට්ස්

    ReplyDelete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete