Wednesday, June 20, 2012

තවත් එක ආදර කතාවක් නොවේ 3 (අවසානයක්ද නොවේ).....

1 කොටස


2 කොටස 


 කියෙව්වේ නැත්තම් කියවලාම එන්න





"නිසංසලා"

ජිවිතේ කවමදාකවත් දකින්න බලාපොරොත්තු නොවුන දසුනක් නිසා මොනවා වෙනවද මොනවා කරන්නද කියලා තේරුනේ නැහැ. බලාපොරොත්තු නැති තැනක වෙලාවක සමන්තව මේ විදියට මුණ ගැහේවි කියලා නිසන්සලත් කවමදාකවත් හිතුවේ නෑ.

"ඉතින් කොහොමද සමන්ත කාලෙකට පස්සේ දැක්කේ මේ කොහේ යන ගමන්ද?"

නිසංසලා කතාකලේ කාලෙකට පස්සේ මුණ ගැහුණු හොදම යාලුවෙකුට වගේ. සමන්තටත් යාලුවෙක් වගේ කතා කරනවා ඇර වෙනසක් පෙන්නන්න හිතුනේ නැහැ.

"මේ මගේ මහත්තයා ප්‍රදීප්"

නිසංසලා ප්‍රදීප්ට සමන්තව අදුන්වලා දුන්නේ ඉස්කෝලේ ඒක පන්තියේ හිටපු යහළුවෙක් හැටියට. වෑන් රථයේ සිටි අයත් බැහැලා ඇවිත් කදු වැටියකින් වට වෙලා තිබ්බ නිස්කලංක සුන්දර ස්ථානයක පිහිටලා තිවිච්ච කඩේ අවට සිරිය නරබමිනුයි හිටියේ.

නඩේ හිටපු පිරිසගෙන් නිසංසලා ගේත් සමන්තගේත් අතීත කථාව දැනගෙන හිටියේ අකිල විතරක්ම වෙච්ච නිසාවෙන් කාලෙකට පස්සේ මුණ ගැහුන පරණ යාලුවෙක් විදියට වෑන් එකේ හිටපු අයටත් නිසන්සලාව අදුන්වලා දෙන එක ප්‍රශ්නයක් උනේ නැහැ.

නිසංසලාගේ ස්වාමියා ප්‍රදීප් තමන් මෙතුවක් කාලයක් හිතාගෙන හිටියට වඩා ගොඩාක් මනුස්සකම් වලින් පිරිච්ච යහපත් මනුස්සයෙක් කියලා සමන්තට දැනුනා. ප්‍රදීප් වාහනේ ලගට ගිහින් හැමෝටම කතා කලේ එදා ඉදන්ම දන්න අදුනන කෙනෙක් විදියට. සති අන්තයේ දවසක් නිසා නල්ලතන්නියේ උයන්න නවතින්න තැනක හොයාගන්න අමාරු වෙන නිසා මෙහෙන්ම උයා පිහාගෙන නාලා කාලා ගියොත් හොදයි කියන ඒක තමා නිසන්සලාගේත් ප්‍රදිප්ගේත් අදහස උනේ.

ආගිය තොරතුරු කතා කරලා පහල තිබ්බ ඇල පාරට ගිහින් නාලා එතැනින්ම උයාගෙනත් කාලා එතනින් පිටවෙනකොට නිසන්සලාගේත් සමන්තගේත් අකිලගේත් දරු පැටවූ ටිකත් මේ වෙනකොට හොද මිතුරන් පිරිසක් බවට පත් වෙලා තිබ්බා.

නල්ලතන්නියට එනකොට හොදටම හවස් වෙලා. ප්‍රදීප් කිව්වා වගේම නල්ලතන්නියේ තිබුනේ කිට්ටුකරන්න බැරි තරම් වාහන තදබදයක්. මගදීම කාල නාගෙනම ආව නිසා වාහනෙන් බැහැලා එහෙම්මම කන්ද නගින්න පටන් ගත්තත් සිරිපා කරුණා කරලා ආයෙත් පහලට බහින කොට පහුවදා දවාලත් පහු වෙලා තිබුනා.

කොහොම හරි සදුදා උදේ පාන්දර වෙනකොට සාර්ථක වන්දනා ගමනක් අවසන් කරලා සමන්තලා ගමට ආවා. ගමන් වෙහෙසයි කන්ද නැගලා තියෙන මහන්සියි නිසාම දරු පැටවූ දෙන්නයි සචිනියි මේ සතියේ ගමේම නවත්තලා සමන්ත කොළඹ ආවේ වැඩ කටයුතු රාශියක්ම ගොඩ ගැහිලා තිබ්බ නිසා.

කසාද බැන්දට පස්සේ බොහෝ දුරට අඩු කරලා තිබ්බ අරක්කු සිගරට් දෙක මේ සතියේ සමන්තගේ තනිය මකන්න ආවේ සමන්තටත් නොදැනිමයි. රෑ පුරාවටම අරක්කු එක්ක හිටපු සමන්තට උදේ පාන්දර නැගිටින්න හදද්දී ඔලුවට දැනුනේ මහා බර ගතියක්. එහෙමම ඇදට වැටිලා නිදාගෙන හිටපු සමන්තට ඇහැරුනේ දුරකථනය නාද වෙන හඩට. සමන්ත එහෙමම ගිහින් දුරකථනය එසෙව්වා.

"ගුඩ් මෝර්නින් මගේ සුදු මැණිකේ"

එහා පැත්තේ කට හඩට සමන්තගේ වෙරිමත නැති උනා වගේ දැනුනා.

"සුදු මැණිකේ, කවුද ඔය කතා කරන්නේ? එහෙම කෙනෙක් මෙහෙ නෑ"

එහා පැත්තේ දුරකථනය කට් වෙනවා සමන්තට ඇහුනා.

කෝල් එක ආව නම්බරේට කිහිප වතාවක්ම ගන්න උත්සාහ කලත් ඒ වෙනකොටත් දුරකථනය විසන්දි කරලයි තිබුනේ.

මේ වෙලාවේ සුදු මැණිකේට ආව කෝල් එක මොකක්ද කවුද සුදු මැණිකේ කියන්නේ , මං කතා කරනකොට ෆෝන් එක කට් කරලා ඕෆ් කරපු එකා කවුද? දහසකුත් එකක් ප්‍රශ්න සමන්තගේ මනසේ හොල්මන් කරන්න පටන් ගත්තා. හැම ප්‍රශ්නෙකටම එකම විසදුම විදියට සමන්තට තිබ්බේ අරක්කු සිගරට් කියන දිවය අවුසද දෙක විතරමයි.

පහු වෙනිදා පාන්දරම තිබ්බ බස් එකේ නැගලා සමන්ත ගමට ආවේ දරන්න බැරි වේදනාවක් හිතේ හිර කරගෙන. කොයි තරම් කේන්තියෙන් ගෙදරට ආවත් අහින්සක දරු දෙන්නගේ මුණ දකින කොට හිතේ තිබ්බ කේන්තිය කොහේ ගියාද කියලා සමන්තට දැනුනේ නැහැ. කාමරේට ඇතුල් වෙලා ඇදුම් මාරු කරගෙන එලියට බහින කොටම සචිනි සමන්තට තේ කොප්පෙකුත් අරගෙන ආවා. අහල පහලක කවුරුවත් පේන්න හිටියේ නැහැ.

"මම ගෙදර නැති වෙලාවට උඹ කා එක්කද නාඩගම් නටන්නේ."

"මොකක්ද මේ අද වෙලා තියෙන්නේ ඔයාට පිස්සුද?"

සචිනි තේ එක අතට දීලා කුස්සිය පැත්තට හැරුනේ සමන්තට මුහුණ නොදීමයි.

"ඇත්ත කියපන්. මම හොදටම දන්නවා උඹ මොකෙක්ම හරි එක්ක මගුල් නටනවා කියලා. සචිනිගේ කෙස් වැටියෙන් අල්ලගත්ත සමන්ත මහා හයියෙන් කෑ ගැහුවා.

"මේ මිනිහට අද මොන යකෙක් වැහිලද මංදා. අතාරිනවා මාව"

සමන්තව තල්ලු කරලා දාල බේරිලා එහාට ආව සචිනි කාමරේට වැදිලා දොර වහ ගත්තා. සිද්ද වෙන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව අම්ම තාත්තා දරු දෙන්නා බලාගෙන ඉන්න අතරේ සමන්ත එලියට බැහැලා ආවේ ඉබාගාතේ යන්නවත් හිතාගෙන.

මුහුදු වෙරළේ ගලක් උඩට වෙලා බියර් කෑන් එකක් තොල ගාමින් සමන්ත මුහුද දිහා ඔහේ බලාගෙන හිටියා. අමාරුවෙන් ගොඩනගාගත්ත ලෝකය ආයේ සැරයක් කකුල් දෙක ලගම කඩාගෙන වැටෙන දවස වැඩි ඈතක නෙවෙයි කියලා මේ වෙනකොට සමන්තට හොදටම තේරිලා තිබුනේ. ඒ එක්කම මැවිලා පෙනුනේ තමන් එනතුරු බලාගෙන ඉන්න පුංචි උන් දෙන්නගේ ඇස් දෙක. මොන දේ සිද්ද උනත් දරු දෙන්න වෙනුවෙන් ජිවත් වෙන්න ඕන කියලා සමන්ත හිතාගත්තා. වෙරළෙන් පිටවෙලා පයින්ම ගෙදරට යනකොට ගොඩාක් රෑ වෙලා. තාත්තා කතාවක් නැතුවම ඇවිල්ලා දොර ඇරියා. කාමරේ සචිනිවත් දරු දෙන්නවත් ඒ අයගේ ඇදුම් මොනවත් තිබුනේ නෑ.

"තාත්තේ කෝ සචිනි, දරු දෙන්නා "

තාත්තා කතා කලේ නෑ. උත්තර දුන්නේ අම්මා.

" පුතා ගිහිල්ල වැඩි වෙලාවක් යන්න කලින් තමා එයා බඩු ටිකත් අරගෙන යන්න ගියේ. මම බැරිම තැන කිව්වා යන තැනක දරු දෙන්නව තියලා යන්න කියලත් කෝ ඉතින් කියපු දෙයක් අහපු එකක්යැ"

සමන්තට දැනුනේ පුදුමාකාර අසරණ කමක්.

"යන්නේ කොහෙද කියලවත් කිව්වේ නැද්ද අම්මේ"

"ගෙදර යන්න ඇති වෙන කොහේ යන්නද? දැන් රෑ වෙලා ටිකක් නිදා ගන්න වෙන මොනවා කරන්නද? හෙට උදේම ගිහිල්ල බලන්න බැරියැ."

සමන්ත දෑතින්ම ඔලුව බදාගෙන එතනම ඉද ගත්තා. මොනවා වෙනවද මොනවා කරන්නද කියන එක ගැන කිසිම හැගීමක් සමන්තට තිබ්බේ නෑ.

"මගේ දරු පැටවූ දෙන්නයි ගෑනියි කොහේ ගියාද කියලා දන්නේ නැතුව මම කොහොමද නිදාගන්නේ අම්මේ."

රෑ එලි වෙනකම්ම තනියෙන් කියව කියව හිටපු සමන්ත ගෙදරින් එලියට බැස්සේ කොයි ලෝකෙන් හරි දරු දෙන්නව හොයා ගන්නවා කියන බලාපොරොත්තුවෙන්. ගෙදරට එනකොට සචිනිත් දරු දෙන්නත් ගෙදර ඉන්නවා දැකපු සමන්තගේ හිතට දැනුනේ ලොකු සැනසිල්ලක්.

"ආවද තමුසේ. ආයේ පරණ ගෑනිව හම්බ උනානේ. ඒකි එක්ක මගුල් නටන්න යන්න ඕන වෙච්ච නිසා වෙන්න ඇති එක පාරට මගේ වැරදි පේන්න පටන් ගත්තේ."

ගෙට ගොඩ වෙනකොටම සචිනි කියපු කතාවෙන් සමන්තගේ හිතේ තිබ්බ කේන්තිය ආයෙමත් පන ගහලා ආවා.

"මොකද්ද #@#@#@# ඒ කියපු කතාව මම කවදද යකෝ අයාලේ ගියේ"

"අනේ මොකට කියනවද උපාසක මහත්තයාගේ කෙරුවාව. එදා සිරිපාදේ යනවා කියලා ගියේ තමුසෙගෙ පරණ ගෑනි හොයාගෙන නෙවෙයි කියලද දැන් තමුසේ මට කියන්න හදන්නේ"

"පට්ට @!@! ආයේ කියපන් බලන්න ඒ කතාව. තෝව මරලා වලලනව දැනගනින් %$%quot;

සචිනිගේ කම්මුල හරහා පාරවල් දෙක තුනක්ම ගහගෙන ගහගෙන ගිය සමන්ත කාමරෙන් එලියට ආවා. සිද්ද වෙන්නේ මොකක්ද කියලා තේරුමක් නැති පොඩි උන් දෙන්නා දොර රෙද්දේ එල්ලිලා අඩනවා.

"අඩන්න එපා මගේ වස්තුවේ."

සමන්ත දරු දෙන්නව සිප වැළදගෙන සාක්කුවේ තිබ්බ චොකලට් පෙති දෙකක් දෙන්නගේ අතට දීලා ගෙයින් එලියට බැස්සා. කේන්තිය ටිකක් අඩු වෙලා යනකම්ම පාරවල් දිගේ එහාට මෙහාට ඇවිද ඇවිද හිටපු සමන්ත එක පාරටම දැක්කේ ඈතින් ටවුන් එක පැත්තට ඇවිදගෙන යන සචිනිව.

"මේ ගෑනි දරු දෙන්නවත් තනියෙම දාල ඒ ගමන මොන මගුලක යනවද?"
තමන්ටම කියා ගත්ත සමන්ත සචිනිට නොදැනෙන්න පස්සෙන් යන්න පටන් ගත්තා. ඒ සමගම ආව ත්‍රිරෝද රථයකට නැගුනු සචිනි පිටත් වෙලා යන හැටි බලා හිටපු සමන්ත තවත් ත්‍රි රෝද රථයක නැගලා පිටිපස්සෙන් යන්න පටන් ගත්තා. රථය නැවතුනේ අඹ ගහ යට රෙස්ට් හවුස් එකේ. රථයෙන් බැහැපු අනෙකා දැක්ක සමන්තට සිද්ද වෙන්න යන කිසිම දෙයක් හිතාගන්නවත් බැරි උනා.

"අකිල"

තමන් එක්ක එදා ඉදලම එකට කාල බිලා ආශ්‍රය කරගෙන හිටපු තමන්ගේ හොදම යාළුවගේ අතේ එල්ලිලා තමන්ගේ ආදරණිය භාර්යාව රෙස්ට් හවුස් එක ඇතුලට යන හැටි බලාගෙන හිටපු සමන්තට සිද්ද වෙන හැම දෙයක්ම දැනුනේ හීනයක් වගේ. ඇත්තටම මේක වෙන්න පුළුවන් දෙයක්ද? නෑ ඒ හිටියේ වෙන කවුරු හරි සචිනි ළමයි දෙන්නත් එක්ක ගෙදර ඇති. මේක මේ හිතේ තිබ්බ සැකේ හින්දා පෙනුන විකාරයක් වත්ද? සමන්ත හිටියේ කිසිම දෙයක් හිතා ගන්න බැරුව. කොයි එකටත් ගෙදර ගිහිල්ලම උනේ මොකක්ද කියලා බලන්න සමන්ත තීරණය කළා.
ගෙදර මිදුලේ දරු දෙන්නා සෙල්ලම් කර කර හිටියේ අල්ලපු ගෙදර ලතා ඇන්ටි එක්ක.

" කෝ පුතේ අම්ම" පුතා වෙනුවට උත්තර දුන්නේ ලතා ඇන්ටි

"සචිනි ළමයි දෙන්නව පොඩ්ඩක් බලාගන්න මට කියලා එලියට ගියා"

"යන තැනක් ගැන කිව්වේ නැද්ද ඇන්ටි?"

"නෑ මොකුත් කිව්වේ නෑ ඉක්මනට එන්නම් කියල ගියේ"

ගෙට ඇතුල් උන සමන්ත එලියට ආවේ බෑගයකුත් අරගෙන.

"මම ගිහිල්ල අම්මව එක්කගෙන එන්නම්. දරු දෙන්නව පොඩ්ඩක් බලන්න ඇන්ටි" කියපු සමන්ත ආව ත්‍රිරෝද රථයටම ගොඩ උනා.

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

රෙස්ටුරන්ට් එක ඉස්සරහ පාලු පාර අයිනේ සමන්ත හොරගල් අහුලමින් බලාගෙන හිටියේ ඇතුලට ගිය දෙන්න කොයියම්ම වෙලාවක හරි එලියට ඒවි කියන සිතුවිල්ලෙන්. හොදම යාලුවත් බිරිදත් එක්කහු වෙලා තමන්ට කරපු මේ මහා වංචාවට කිසිම සමාවක් නොදෙන්න සමන්ත මේ වෙනකොට තීරණයක්‌ අරගෙනයි තිබ්බේ. ඒ දෙන්න ගැනම හිත ඇතුලේ තිබ්බේ තද බල කේන්තියක්. පාලු පරිසරයක පිහිටලා තිබ්බ මේ ස්ථානය ඕනම දේකට සුදුසු ප්‍රදේශයක් බව සමන්ත දැනගෙන හිටියා.
තහනම් ප්‍රේමයේ සුවය විදලා රෙස්ට් හවුසියෙන් එලියට බහින අකිලටත් සචිනිටත් මාරයා ගේට්ටුව ලග බලාගෙන ඉන්නවා කියන එක ගැන කිසිම හැගීමක් තිබ්බේ නෑ. රෙස්ට් හවුසියේ ඉදන් අකිලත් සචිනිත් අත්වැල් පටලාගෙන එන දිහා තාප්පෙට මුවා වෙලා සමන්ත හොදින්ම බලාගෙනයි හිටියේ. මෙච්චර වෙලා බෑගයේ හංගාගෙන හිටපු කිනිස්ස ඇදලා අරගත්ත සමන්ත දෙන්න ඉස්සරහින් මතු උනේ දෙන්නටම මොකුත්ම හිතාගන්න වෙලාවක් තියන්නේ නැතුව.

"අම්මට $##$# $%$^$^"

සමන්තගෙන් එල්ල උන මාරාන්තික කිනිසි පහර කිහිපයකින් සචිනි කපාපු කෙහෙල් කදක් වගේ බිම පතිත වෙද්දී සිහිය එලව ගත්ත අකිල කකුල් දෙකේ විරිය අරන් දුවන්න පටන් ගත්තා.

"හිටපිය #$#@$%%^"

සමන්තට අකිලව අල්ලන්න උත්සාහ කලත් සාර්ථක උනේ නෑ. තවමත් පන අදින සචිනිගේ ලේ පිරුණු සිරුර දිහා මොහොතක් බලාගෙන හිටපු සමන්ත ලෙයින් පෙගිලා තිබුණු කිනිස්සත් බෑගයේ රුවාගෙනම එතනින් පිට උනා...............

ප.ලි.

තවත් එක ආදර කතාවක් නොවුණු ආදර කතාවක අවසානය. නමුත් මෙය එක්තරා කතාවක අවසානයක්ම නොවේ. තවත් කතා දහස් ගණනක ඇරඹුමක්ම පමණි.......

ප.ප.ලි.

(නිසන්සලාට සමන්තව ආයේ සෙට් කිරීමට උත්සාහ කරනවා යයි විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට අදහස් කරගෙන සිටි ගැහැණු ළමයි ටිකේ සහ කතාව ගලායාමේ ඉදිරිය පිළිබද එක් එක් උපකල්පන ඉදිරිපත් කල අයගේ බලාපොරොත්තු කඩවීම පිළිබද මගේ බලවත් මෙව්වා එක මෙයින් ප්‍රකාශ කර සිටිමි. :P කිලෝමීටර් නැති පිස්සෙකු වීම නිසාවෙන්ම නැවත හෙට හෝ අනිද්දා වන තුරු අන්තර්ජංජාලයේ සැරි සැරීමට කාලවේලාව අහිමි වී ඇති බැවින් කතාව පිලිබදව හිතට නැගුනු අදහස් සියල්ලම කොමෙන්ටුවක් ලෙස දමා යන මෙන් සැමගෙන් ඉල්ලා සිටිමි. සම්පුර්ණ කතාවම ඉක්මනින් ඉල්ලා කල උද්ගෝෂණයන් නිසාවෙන් කතාව තුල වූ බොහොමයක් දර්ශන ඉවත් කොට ඇති බව කරුණාවෙන් සලකන්න. නැවත ජන්ජාල ගතවූ දිනක සියලුම පුරශ්ණ සදහා පිළිතුරු ලැබෙනවා ඇත. ජය වේවා!!!!!)

62 comments:

  1. කොහොමද මේ විදියට මිනිස්සු විශ්වාස කරන්නේ....

    ReplyDelete
  2. මදැයි කොලා....ඔය උනේ.....කොහොම උනත් එළට කතාව ගලාගෙන ගියා...පට්ට පටස් පටස්....
    තව එකක් ලියමු.....

    ReplyDelete
    Replies
    1. මේක ටිකක් ස්පීඩ් වැඩි උනා වගේ බං. ඊලග එක වත් නිදහසේ ලියන්න බලමු :))

      Delete
  3. චිහ් මහ ජරා යාලුවෙක්නේ....
    තරහා යනවා තමයි...
    ඒති ඒකෙන් සිද්ධ වුනේ අර අහිංසක දරු දෙන්නාට අම්මා තාත්තා දෙන්නම නැතිවුන එකයි...

    ReplyDelete
    Replies
    1. සමාජයේ හැම ජාතියේ අයම ඉන්නවා. ඕවා ඔහොම තමයි දම්මියෝ. දරු දෙන්නා අසරණයි එච්චරයි:((

      Delete
  4. සිරාවට මම මෙගා එකක් බලන්න සැදී පැහැදී උන්නෙ රෙපෝ... කථාව සුපිරි බන්.. තව ලියපන්... මෙතනින් ඉවර කරන්න එපා

    ReplyDelete
    Replies
    1. මෙගා නෑ. ඒත් මේක හදිසියේ නොලියා හෙමිහිට ලියාගෙන ගියා නම් මිට වඩා සාර්ථක වෙයි කියලා හිතනවා :))

      Delete
  5. අන්න කථා...සුපර් අවසානෙ වෙනකම් වෙ දේ හිතුනෙ නෑ..ඇත්තමයි අපි උද්ඝෝෂණය සියල්ල ලෑස්ති කරන් හිටියේ හැමදාම දකින කථාවක් නෙමෙයි කියල අඩබෙර ගැහුවට එහෙම පාටක් තිබුණ නිසා වර්ජනයක් කලාට කථාව ඇත්තටම ලස්සනයි...ඒත් අකිල කොහොමද එකපාරටම ආවෙ බැන්දට පස්සෙ අකිල ගැන සදහනක්වත් තිබුණෙ නෑනේ...හරි ඔන්න මමනම් කොහොම හරි වෙන්න ඇති කියල හිතුවා..

    ReplyDelete
    Replies
    1. ඇයි මතක නැද්ද අනේ. අකිල එක්කනේ සමන්ත සිරිපාදේ වදින්නත් ගියේ. :)) අපරාදේ අර උද්ගෝෂනේ සංවිධානය කරන්න වෙච්ච මහන්සිය :P

      Delete
  6. දඩි බිඩිස් විදියට ඉවර කළාට කතාව හොදයි.

    සචිනිගෙයි සමන්තගෙයි හමුවීමට සමාන හමුවීමක් ගැන කියවෙන කෙටි කතාවක් කියවලා තියෙනවා (දයාසේන ගුණසිංහයන්ගේ "කේතුමතී හෝටලයේ රාත්‍රියක්" පොතේ ඒ නමින්ම තියෙන කතාව) හැබැයි අනෙක් සිදුවීම්වල කිසි සමාන කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙම පොතක් නම් මම කියවලා නෑ සුමිත් අයියා. අහපු දැකපු සිද්දි දෙක තුනක් එකතු කරලා ලියාගෙන ගියා විතරයි. බොහොම ස්තුතියි අදහසට.

      Delete
  7. බොහොම තාත්වික කථාවක්..... මේ ඉර හද යට වෙන්න පුලුවන් කථාවක්.... මම දන්න එකෙකුත් ඔය විදියට ගණිකාවකට ලව් කලා...ඒත් දුර දිග යන්න කලින් උගෙ යාලුවො ගලව ගත්තා...... සමන්ත බන්ධනාගාරයෙන් එළියට පැමිණෙයි !!..... එතැන් සිට කථාව ආයෙත් පටන් ගත්තොත් නරකද ?

    ReplyDelete
    Replies
    1. සමන්ත අවුරුදු 30කට පසු බන්ධනාගාරයෙන් එලියට එයි..

      සමන්ත වැලිකඩ බන්ධනාගාරෙන් එලියට ඇවිත් වටපිට බැලුව.ඒ ඇස් වල නම් තිබුනෙ හරිම හිස් බැල්මක්..
      වම් අතේ තිබ්බ කඩදාසි උරේ දකුණු අතට දාගත්තු සමන්ත ගමට යන බස් එකක් හෙව්ව.
      වෙන කොහෙ කියල යන්නද?
      සමන්තට ඕන වුනෙ තමන්ගෙ චූටි දරු පැටව් දෙන්නව දකින්න.
      අවුරුදු තිහක්!තමන්ගෙ පැටව් දෙන්නත් දැන් මහ මිනිස්සු වෙලා ඇති!
      අම්ම තාත්ත?

      දරුවො දැන් මොනව කරනව ඇත්ද සමන්තගෙ හිතට ඉවසිල්ලක් නෑ.
      හන්දියෙ කඩේ ලඟින් බැස්ස සමන්ත වටපිට බැලුව.ගම එහෙම්පිටිම්ම වෙනස්..
      සමන්ත පරණ මතකෙන් ගෙදර දිහාට පා නැඟුව

      to be continued....

      and free for anyone to change whats next!

      (රෙපා තරම් මා පරිකල්පන මෙව්වා එක දියුනු එකෙකු නොවන බැවින් මෙය රෙපාගේ ඉස්ටෝරිය මෙන් එල එකක් නොවන බව සලකන්න ඈ..රෙපා මේ දිනවල කිලෝමීටර් මනින්නට ගිය නිසා පොර එනතුරු නිකං ඉන්න බැරි උන් වෙත ලිව්වෙමි ඈ!)

      (සිරෝ කොහොමෙයි මේක?)

      Delete
    2. අඩේ ඌ ගියේ කකුල් දෙකෙන්ද ඈ..?

      Delete
    3. to be continued....

      and free for anyone to change whats next! ;)

      හිටහංකො පොඩ්ඩක් මං අහල කියන්නං ඈ!

      Delete
    4. මගේ පරිකල්පනෙන් ලියපු එකක් නෙවෙයි බං මේ. ඇහැට දැක්ක කනට ඇහුන සිද්දි ටිකක්. දඩ බඩ ගාල ලියාගෙන ගියේ උඹලගේ මරණ තර්ජන වලට බයේ නේ. :P

      Delete
    5. මං ගෙදරට එනව කිව්වම උඹ ඔච්චරටම බය වුනාද බන් ඈ? :D

      Delete
    6. මං ලිව්ව මෙව්වා එක කොහොමෙයි?
      අජූවයි නේ?

      Delete
    7. සමාවෙයන් බටපොලයා පරක්කු උනාට... වැඩ ගොඩක් සති අන්තේ.....

      අවුරැදු 30 ක් කියන්නෙ මොන තරම් දිගු කාලයක්ද කියලා සමන්තට වැටහුනේ ගම්කරේ වෙනස් වෙලා තියෙන තරම දැක්කම... ලෑලි ගෙවල් මණ්ඩියක් තිබ්බ තැන දැන් තට්ටු 2 - 3ක් දරාගෙන මහා මන්දිර වැජඹෙනවා... කොල්ලො කුරැට්ටො කාලේ ගඩා ගෙඩි කඩපු ඉසව්ව අදුනගන්නත් බෑ හැම තැනම ගෙවල් දොරවල්... අහස උසට තාප්ප... මිනිහෙක් තියා බල්ලෙක්වත් පෙන්න නෑ...

      සමන්ත ඉද්ද ගැසුවා වගේ නැවතුනේ වහලා තිබුන ගේට්ටුවක් අස්සෙන් පාරට පෙරලුනු බෝලයක් දැකලා... ගේට්ටුව හරියටම වහලා තිබ්බෙ නැති නිසා මිදුලෙ ඉන්න අය හොදට පේනවා... අදුනන කටහඩක් සිහෙනන් වගේ සමන්තට ඇහුනා... ඒ රැව දැක ගන්න ඔහු ඉක්මනින් අඩක් විවර වුනු ගේට්ටු පලුවෙන් මිදුලට විපරම් කලා....

      දෙයියනේ... සමන්ත තමන්ටම කියා ගත්තා....

      එයා තාමත් කෙල්ල කාලේ වගේමයි... නිසංසලා ආච්චි මගේ බෝලෙ ගේට්ටුවෙන් එලියට විසි උනා... පොඩි කොලුවෙක් මොර දුන්නා...... කෝ ඉන්න පුතේ මම අරන් එන්නම් ... කවුරැන් හෝ තමා දෙසට එන පියවර හඩ සමන්තට ඇසුනා......

      Delete
  8. කතාව වෙනස් වුන විදිහට මේ වගේ අවසාවයක් ‍වෙයි කියල නම් හිතුවෙම නෑ අයියේ....ජිවිත වලට වෙන සමහර දේවල් නම් හරි පුදුමයි....

    ReplyDelete
    Replies
    1. සිතුදේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි. ඕවා ගැන වැඩිය හිතන්න යන්න එපා නංගි :D

      Delete
  9. අවසානෙ අප්සට් බං... :(

    අන්තිමට අර අසරණ පොඩි උන් දෙන්නට අම්මවයි තාත්තවයි දෙන්නවම නැති වුණා.
    නිසංසලා හොඳ ජීවිතයක් ගෙවනව.සමන්ත?
    කිසිම රහසක් යාලුවෙක්ට වත් කියන්න බයයිනෙ බන් මෙහෙම එව්වො ඉන්න ලෝකෙක!

    සමන්තට නිසංසලා ආයෙමත් සෙට් වුනානම් හොඳයි කියලත් වෙලාවකට හිතෙනො බං............

    ReplyDelete
    Replies
    1. අප්සට් උනත් ඇත්ත ඒකයි. ඇත්ත කොහොමත් තිත්තළු නේ බං. ගණන් ගන්න එපා :))

      Delete
    2. ඒකනං එහම තමයි,ඒත්.............................. :(

      Delete
  10. මැක්සා කතාව. සුපිරි. මම නම් හිතුවේ නෑ අකිල මේ වගේ කුජීත වැඩක් කරයි කියල. බැලින්නම් කන කන්නේ අඟේ ඉන්න යාලුවොමනේ. මේ හැම ජීවිතයකම පොඩි හරි පිළිවෙලක් හරි තිබුනානම් මේ කතාව මීට වඩා පොඩ්ඩක් හරි වෙනස් විදිහකට ඉවර වෙන්න තිබුන ටිකක් හරි හිත හැදෙන විදිහට., මොනවා කරන්නද.. ඉතින්..

    කිලෝ මීටර් නැති පිස්සට සුබම සුභ ගමන් කියල ප්‍රර්ථනා කරනවා. එහෙනම් සතුටෙන් සමාදානයෙන් ගමන ගිහින් එන්න. ටටා !!!!!!

    ReplyDelete
    Replies
    1. අගේ ඉන්න උන් තමයි කන කන්නේ. ඇත්ත තිත්තයි. මුහුණ දෙන්නම වෙනවා. :((

      ටැංකු. දැන් අපිට අධිවේගී පාරවල් තියෙනවනේ. කිලෝ මීටර් නැතත් ආශ්චර්යට යන්නේ අධි වේගෙන් :))

      Delete
  11. සුපිරි කතාව......

    කෝඩ අප්පේ නොකිය ගියේ..????

    ReplyDelete
    Replies
    1. ටැංකු :)

      මම නම් වැඩිපුර යන්නේ ඉබාගාතේ තමා අග්නියෝ :((

      Delete
  12. හ්ම්ම්ම්...මගේ ජිවිත කතාවත් තව ටිකෙන් ඕක වගේම වෙනවා රෙපෝ..වෙලාවට මම බේරුනා...මට ඇත්ත ලෝකේ යාලුවොත් නෑ...ගෑනුත් නෑ...ඒක හන්ද මට බයකුත් නෑ...

    ReplyDelete
    Replies
    1. හුටා ... ඒ මොකක්ද කුරුල්ලෝ ඒ කතාව. ඔන්න ඔහේ ඒකත් ලියලම දාපං :))

      Delete
  13. හප්පට සිරි මෙහෙම දෙයක් නම් බලාපොරොත්තු වුනේ නැහැ.ගෑනිට පරණ පුරුද්ද අත ඇරගන්න බැරුව ගියා.අකිල වගේ නරුමයෙක් යාලුවටත් ද්‍රෝහී වුනා අසරණ සමන්ත හිරේ යයි අර පොඩි උන් දෙන්නා?.....

    කතාව නම් එළකිරි ඈ...

    ReplyDelete
    Replies
    1. ඒක පුරුද්දද වෙන මොකක් හරිද කියන්න නම් තේරෙන්නේ නෑ බං. උඹලගේ ගං පළාත් අහල පහල තමා ඔය කිනිසි ෂොට් එක නම් දුන්නේ :((

      Delete
  14. හැම මනුස්සයටම තමන්ගෙ හිත පාලනය කරගන්න පුළුවන් නම්..අඩුම ගානෙ තමන්ගෙ වගකීම් ගැනවත් හිතලා..

    කතාව කියවලා මට හිතුනෙ ඕකයි..

    ReplyDelete
    Replies
    1. එහෙම පුළුවන් නම් මේක දෙව් ලොවක්. එහෙම බැරි නිසා තමා මේකට මනුස්ස ලෝකේ කියලා කියන්නේ :))

      Delete
  15. Niyamai Kathaawa Hmmm...........

    ReplyDelete
    Replies
    1. ඔය කොහෙද ගිහින් හිටියෙ යාලු?

      Delete
    2. අහන්න හිටපු එක බටපොලයා අහලා. මොකෝ මේ සිංගිරිසි :))

      Delete
  16. කිවුවත් වගේ මේ අවසානය නෙමෙයි.. ලස්සන කතාව..

    ReplyDelete
    Replies
    1. මිට පස්සේ තව කතා නම් කියක් තියෙයිද? පොඩි උන් දෙන්නෙක් කියන්නේ එතනම කතන්දර දෙකක් ලියනවා නම් :((

      Delete
  17. අඩෝ අකිල කියන එකා මහ කැ* වේ** පුතෙක්නේ බං

    ReplyDelete
  18. මේක ඇත්තටම උන කතා කිහිපයක් එකතු කරලා හදපු කතාවක් කියලා මම මුලින්ම කිව්වා නේ. ඇත්තටම සිද්ද උන කතාවේ ඔය විදියට මිනිහා තමන්ගේ ගෑනිට රෙස්ට් එක ඉස්සරහදි කිනිසි පහර එල්ල කලේ ආයේ වල් කමේ යන්න බැරි වෙයන් කියලා ගෑනිගේ අහවල් තැනටමයි කියලයි ආරංචිය ආවේ. ඒ කතාව සිද්ද උන ප්‍රදේශයෙන් මම එන කොට නම් මිනිහා රිමාන්ඩ් එකේ ගෑනි අයි සී යු එකේ. පස්සේ මොනවා උනාද දන්නේ නෑ... අනිත් ප්‍රශ්න වලට වග උත්තර බැදිල්ල අද රෑට........:))

    ReplyDelete
  19. නියම කතාව. හැබැයි මුන්ගේ ගොන් නිසා අර පොඩ් උන් දෙන්නට, අම්ම, තාත්ත දෙන්නම නැති උන එක ව්තරයි අන්තිමට උනේ.........

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත බං. කොහොමත් මහ උන්ගේ වැරදි වලට දුක් විදින්නේ දරුවෝ තමා හැමදාම :((

      Delete
  20. කෙනෙක් හරි පාරේ යන්න හදනවානම් එයාට උදව් කරන්න අනික් අය වග බලාගන්න ඕනේ... හරි පාරේ යන්න කාට වුනත් අමාරුයි! වැරදි පාරේ හැමෝම යයි ලේසියෙන්! අනික් අය බලන් ඉඳල හිනා වෙයි!

    ReplyDelete
  21. මේක උඹට තව හොඳට ලියන්න තිබුන රෙපෝ... ටිකක් වෙලා අරන් චරිත විග්‍රහ කරල....

    ReplyDelete
    Replies
    1. ලියන්න තිබ්බා මචං. කොහෙද පටන් ගත්ත වෙලේ ඉදන් මුන්ගේ මරණ තර්ජනයි. උද්ගෝෂනයි නේ වටේම. හිත හදාගෙන කොහොම ලියන්නද ඉතින් ?? :((

      Delete
  22. පට්ටම කතාව රෙපෝ මම උඹව අගය කරනවා,කතාව තා ගතියට ලියන්න තිබ්බා
    කොහෙද ඉතින් උඹ කට්ටි පැන පැන නේ ලියල තියෙන්නේ :p

    ReplyDelete
    Replies
    1. ටැංකු :D කට්ටි පනින එක අපේ ජාතික පුරුද්ද නේ බං ගණන් ගන්න එපා :P

      Delete
  23. රෙපාගේ කතාවද මන්දා,., ගෑනු චපලයි ,.,.,

    ReplyDelete
    Replies
    1. අපොයි මට නම් තවම ඔහොම දෙයක් වෙන්න හිතලවත් නෑ. ගෑනු විතරක් නෙවෙයි හැම එකාගෙම හිත එක තැනක නෑ හැම තැනම දුවනවා. අර සිංදුවකුත් තියෙන්නේ හිත හිලා නෑ හරිම මුරන්ඩුයි තැන තැන ඇවිදිනවා. හිතෙන හිතෙන තැන නවතිනවා කියලා මචං :D

      Delete
  24. අද කතාව කියවද්දී තේරුනා අර කෝල් එක ආවේ කාගෙන්ද කියලා. ඒත් සැකයක් විතරයි නිර්මානයක් අතින් ගත කලා සාර්ථකයි.

    ReplyDelete
  25. Totally disappointed !!! :@

    කතාව ලියපු ව්ඉදියනම් සුපිරියි!! මෙහෙම දේවල් නොවෙනවා නෙවෙයිනෙ මේ රටේ...

    ReplyDelete
    Replies
    1. ඔය කතාවේ තියෙන සිද්දි තුන හතරම මම ඇහැට දැකපුවා. ඒත් ඒ එකම කතාවක් විදියට නෙවෙයි එච්චරයි වෙනස :)

      Delete