Tuesday, January 31, 2012

අපායේ රවුමක් යමු




අද මම ඔයාලත් එක්ක යන්න කල්පනා කලේ ලංකාවේ බ්ලොග් කරුවෝ / කාරියෝ ඇතුළු ගොඩාක් දෙනෙක් තමන්ගේ මරණයෙන් පස්සේ යන්න ආසාවෙන් බලාගන ඉන්න තැනකට. මොකක්ද ඒ තැන . එතනට කියන්නේ අපාය කියලා. මේ අපායට නරකය නරකාදිය වගේ තව නම් ගොඩාක් තියෙනවා. එහෙනම් යමු මා එක්ක අපායේ රවුමක්.



නරකාදීයට උනත් යන්න කලින් වටපිටාව ගැන දැනගන යන්න ඕනනේ. එහෙනම් මුලින්ම මේ විස්තරෙත් කියවන්නකෝ


අවිච්චි මහා නරකාදිය

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකට. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එක. මෙ නරකයත් කොටස් වලින් යුක්තයිලු, මෙ ආකාරයට මහා නරකයන් 08 ක් ඇත. මෙ මහා නරක පොළොව ඇතුලෙහි එකිනෙකට යටින් පිහිටා තියෙනවා . එවා හැඩයෙන් හතරැස් ‍ය. ඒවායේ බිම සහ බිත්ති සැදී ඇත්තේ ලොහයෙන්ය. උඩින්ද ලෝහයෙන්ම වැසි තිබෙ. එක් එක් නරකයක දිශා 04 හි දොරටු 04 බැගින් ඇත. මෙ නරකයක ඇතුලත ප්‍රමාණය දක්වා ඇත්තේ එක් එක් දිශාවකට යොදුන් 100 බැගින් යනුවෙනි. මෙ නරකයන් ඇතුලත ගිනිදැල් වලින් පිරි ඇති බවත් දක්වා ඇත. මෙ එක් මහා නරකයක පිටිපැත්තේ එක් එක් දිශාවට වන්නට කුඩා නරක 04 බැගින් පිහිටා ඇති බව දක්වා ඇත. මෙ කුඩා නරක හදුන්වනුයේ "ඔසුපත් නරක" යනුවෙනි. ඒ අනුව එක් මහා නරකයක් වටා "ඔසුපත් නරක" 16 ක් ඇත. ඒ අනුව මහා නරක අටෙහිම ඔසුපත් නරක 128 ක් ඇත.


විස්තරේ කියෙව්වනේ එහෙනම් දැන් යමු නරකාදී


ඔන්‍න‍ එහෙනම් පලවෙනි තැන. මෙතනට එන්නේ මනු ලෝකෙදි පක්ෂීන්ගේ බෙල්ල කපලා මරල දාන අය







සත්ත්වයින්ගේ ගෙලට ගිනියමි වු ලෝහ මදු යොදා පහලට ඇද තද කර ඔවුන්ගේ හිස් කපා, දණ්ඩක අමුණා ගෙන ගොස් ලෝදිය සැලියකට දමා එය බලමින් යමපල්ලෝ සන්තෝෂ වෙති. කර්ම බලය නිසා හිස කපන ලද ශරිර වල නැවතත් හිස් හට ගනියි. එවිට යමපල්පල්ලෝ නැවත නැවතත් ඔවුන්ගේ හිස් සිදිම සිදු කරණු ලබයි. එවා නැවත නැවතත් ලොහොදිය සැලියට දැමිමද සිදු කරයි.


ඊළගට අපි යමු මිනිස් ලෝකේදී වරදී විදියට වෙලා හෙළදාම් කරලා ධනය උපයපු පුද්ගලයන්ට වෙන්නේ මොනවද කියල බලන්න. මේ අය කරලා තියෙන්නේ හොද වී වලට බෝල වී කවලම් කරලා විකුනපු එක




මෙහි නොගැඹුරැ තොටක් ඇති දර්ශනිය ගංගාවක් ඇත. එම නරකයේ බලවත් වු ගිනි රස්නය නිසා හටගත් අධික වු පිපාසාව නිසා, එය ඉවසාගත නොහැකි වු සත්ත්වයින් ගිනියමි වි දැවෙන ලෝහමය පොලව පාගමින් විත් ජලය බිමෙ අදහසින් ඒ ගංගාවට බසිනු ලබයි. ඒ සැනින් ගංගාවෙ ඉවුර ගිනි ගන්නට පටන් ගනියි. ගංගාවෙ ජලය ගිනියමි වු බොල් වි බවට පත්වෙයි. ඉවසාගත නොහැකි වු පිපාසාව නිසා කන්නට අන් කිසිත් නොමැති වු මෙම සත්ත්වයෝ ඒ ගිනියමි වු බොල් වි දෝතින් ගෙන අනුභව කරයි. ඒ බොල් වි ඔවුන්ගේ ශරිරයේ ඇතුළුපස දවාගෙන අධෝ මාර්ගයෙන් නික්මෙයි.


මිනිස් ලෝකෙදි අනිත් අය සතු වස්තුව හොරකම් කරපු සෙට් එක ඉන්නේ මෙතනලු






යමපල්ලන් දුනු හි ආදිය ගෙන එම නිරයේ උපන් සත්ත්වයින් වටකොට, වනයේ වැද්දන් මුවන්ට විදින්නා වු ආකාරයෙන් ඔවුන්ට දුනු හිතල වලින්
විද දමයි. මෙයින් ඔවුන්ගේ ශරිර සැම තැනම සිදුරැ වි තැන් තැන් වලින් පණුවන් කෑ කොල මෙන් වෙයි. සිදුරැ වි යයි


මනුස්ස ලෝකෙදි තමන්ගේ ස්වාමි පුරුෂයාට හොරෙන් වෙන පුරුෂයන් ආශ්‍රය කරන කාන්තාවන්ට සිද්ද වෙනවා කියන්නේ මෙන්නේ මේක තමා





මෙහි, ස්ත්‍රින් ශරිරයෙන් අඩක් ගිනියමි වු ලෝහ පොලවෙ ගිලී, සිටුවා ඇති කණු මෙන් නිසලව සිටි,එක් දිශාවකින් ඇඹරැමි ගලක් බදු විශාල පර්වතයක් නැගි මහා හඩක් නගමින් ගිනි දැල් විහිදුවමින් පැමිණ ඔවුන්ගේ ශරිර සුනුවිසුණු කර අඹරමින් පෙරළි යයි. ඒ වහාම කර්ම බලය නිසා ඔවුන් ගේ ශරිර නැවතත් ප්‍රකෘතිමත් වෙයි. ඒ සමගම වෙනත් දිශාවකින් නැවතත් එබදුම අඹරැමිගලක් නැගි ඔවුන්ගේ ශරිර අඹරා දමනු ලබයි. සමහර විට දෙදිශාවෙන්ම මෙම පර්වත නැගෙයි. තවත්විටක මෙ පර්වත සිවි දිශාවෙන්ම නැග එයි

මිනිසුන් තමන් ඉතා ඇලුමි කරන භාර්‍යාවන් සමග හොරින් කමිරතියේ යෙදුන පාපී පුරැෂයෝ මෙම නරකයේ පයින් අල්ලා හිස පහලට සිටින සේ ගිනි අගුරැ වලට හෙලනු ලබයි









අපාය ගැන තවත් විස්තර පින්තුර සමග බුකියේ සදහම් ප්‍රදීපය කියන ගෘපියෙන් බලන්න පුළුවන්. මේවා ඉස්සුවෙත් එතනින් තමා. දැන් මේකේ  අයිතිකාරයා මට පනපිටින්ම අපායේ යන්න ටිකට් එකක් ඒවයිද දන්නෙත් නැ. 

සදහම් ප්‍රදිපයේ අපායට යනවනම් මෙන්න පාර 

Tuesday, January 17, 2012

සල්ලි කාරයාට සහ ඩිග්රි කාරයාට පසු වදනක්

කලින් පෝස්ට් දෙක කියවලම එන්න
ඩිග්රි කාරයා මෙතනින් යන්න

සල්ලි කාරයා මෙතනින් යන්න 

මම හිතෙන විදියට අපි ඉස්කෝලෙදි , කැම්පස් එකේදී මොනවා හරි ඉගන ගන සහතික මිටියක් ගොඩ ගහ ගත්ත කියලා අපට රස්සා දෙන්න කවුරුවත් බලා ගන ඉන්නේ නැහැ. ගිරව් වගේ කට පාඩම් කරගන විභාග පාස් කලාට ඉගන ගත්ත දේ ප්‍රායෝගිකව කරන්න ගියාම තමයි අපි හිර වෙන්නේ. රස්සාවක් කරනවා කියන්නේ ප්‍රායෝගික දෙයක් මිසක් ඉස්කෝලෙදි හරි කැම්පස් එකේදී හරි කරන ගිරවා දැමීමක් නෙවෙයි.

උපාදිය කියන එක ගත්ත ගමන් සමහර අය හිතන් ඉන්නේ ඒ අයට රස්සා දෙන්න ආණ්ඩුව බැදිලා ඉන්නවා කියලා. මම මෙතැනදී දෙස්පාලනය ගැන කතා කරන්න හදනවා එහෙම නෙවෙයි. ඒ චින්තනය පක්ෂ විපක්ෂ දෙකේම අවස්ථාවාදී දේශපාලනය විසින්  ඇති කරපු එකක් විදියට තමයි මට නම් තේරෙන්නේ. ආණ්ඩුවක් බලයට එන්න කලින් විශව විද්‍යාල වල ඉන්න කොල්ලෝ කෙල්ලන්ගේ චන්ද ගන්න උපාදිධාරින්ට රස්සා දෙනවා කියල සුරංගනා ලෝක පෙන්නනවා. දිනන අය පොරොන්දු අමතක කරනකොට පැරදුන අය ඒ තරුණ තරුණියන්ගේ හිතේ තියන ආණ්ඩුවේ රස්සාවක් පිළිබද අහිංසක බලාපොරොත්තුව දඩ මීමා කරගන දිනපු ආණ්ඩු පක්ෂයට විරුද්දව පෙළපාලි යනවා උද්ගෝෂණ කරනවා. ඒ අයට රටේ දේශපාලනය කරන්න නම් උපාදිදාරි රැකියා අර්බුදය, පෞද්ගලික විශ්ව විද්‍යාල පනත වගේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙන්නම ඕනේ. පෙන්න ප්‍රශ්න නැත්තම් එහෙම එකක් හදාගන හරි එන්න ඕනේ . නැත්තම් පැවැත්මක් නැ,

දැන් මේක දේශපාලනය පැත්තට ගියා වැඩියි වගේ ආයෙත් මාතෘකාවට එනවනම් දැන් ඔය උපාදිධාරි තරුණ තරුණියෝ ටික කොහොම හරි ජොබ් ටිකක් හොයාගන ඒවා කරනවා කියලා දැන් හැරෙමු සල්ලිකාරයා පැත්තට.

මම කතාකරන මේ සල්ලි කාරයා ඕලෙවල් ෆේල්. ඉස්කෝලේ යන කාලේ කරලා තියෙන්නේ කට්ටි පැනපු එකයි පිස්සු කෙලපු එකයි. මේක කියවන ඔයාලටත් දැන් මතක් වෙනවා ඇති ඒ දවස වල පන්තියේ හිටපු  මෙහෙම යාළුවො ගැන. (අනිත් අය ගැන දන්නේ නැ මට නම් මේ ජාති දෙකේම යාළුවො ඉන්නවා ) මේ ළමයා ඉස්කෝලේ යන දවස් වල සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය යටතේ වැඩ බැරි කාලකන්නියෙක් විදියට හංවඩු ගැහුවට  හොද මොලයක් තියෙන එක්කෙනෙක් .

සාම්ප්‍රදායික අධ්‍යාපනයේදී හැකියාව මනින විභාග කියන  මිනුම් දඩු වලට අහු නොවෙන හැකියාවන් තියන අයගේ හැකියාවන් හදුනා ගන්නේ නැතුව ඔවුන්ව අධ්‍යාපන ක්‍රමයෙන් එලියට දාන එක අපේ රටේ සිද්ද වෙන ලොකු වැරද්දක් කියලයි මට හිතෙන්නේ. ඒ වගේ අය ඉස්කෝලෙන් එලියට බැහැලා මොකක් හරි රස්සාවක් පුරුදු උනොතීන් ප්‍රශ්නයක් නැ, ඒත් සමාජ විරෝදී වැඩකට යොමු වෙනවා නම් මොකද වෙන්නේ.


මම කියන ළමයා ඉස්කෝලෙන් එලියට බැහැලා යන්නේ රස්සාවක් පුරුදු වෙන්න. එතැනදී දුක මහන්සියෙන් වැඩ කරලා තමන්ගේම ආයතනයක් පටන් ගන්න ඒ ළමයට පුළුවන් වෙනවා. මිනිහෙක් හරියට ව්‍යාපාරයක් කරනවානම්  අවුරුදු පහ හයක් ඇතුලත යම් ස්ථාවරයකට එන්න පුළුවන්. ඕලෙවල් ෆේල් වෙච්ච කාල කන්නි කොල්ල ඒ විදියට තමන්ගේ ජීවිතය ගොඩ නගා ගන්න කොට එදා විභාගේ පාස් කරලා ගොඩ ගිය වැඩ්ඩන් ගෙන් සමහර අය ඒ ලෙවල් ෆේල් වෙලා පිස්සු කෙලිනවා, තවත් අය ඒ ලෙවල් වලින් ජොබ් එකකට ගිහින්, . තව සමහරු කැම්පස් ගිහිල්ලා, නැත්තම් මොනවා හරි කෝර්ස් එකක් කරනවා.


ඉතින් එකට ඉගන ගත්ත යාළුවො අවුරුදු හතරක් පහක විශ්ව විද්‍යාලේ ගිහින් ඇවිත් රස්සා හොයන කොට එදා ඕලෙවල් ෆේල් වෙච්ව් කාලකන්න්නියා කොහොම හරි තමන්ගේ ජීවිතය ස්ථාවර කරගන ජිවිතේ ගොඩාක් දුර ගිහිල්ලා ඉවරයි. එයා ලොක්කන්ට ගොටු ඇල්ලුවද නැද්ද කියන එක මෙතැනදී අදාළ නැ.  කැම්පස් ගිහින් ඩිග්රි ගහපු උන් තාම ජිවිතේ පටන් ගන්න හදනවා. සමහර විට ඒ අයටත් ජොබක් හොයා ගන්න කවුරු හරි ලොක්කෙකුට ගොට්ටක් අල්ලන්න සිද්ද වෙන්න ඉඩ තියෙනවා. මොකද මේක ලංකාවනේ.

මට මෙතැනදී දේශපාලනයක් වැඩක් නැ. මට කියන්න ඕන උනේ සාම්ප්‍රදායිකව හිතන එක ඇත ඇරලා අලුතින් හිතන්න පුරුදු උනොත් අපේ ජිවිත මිට වඩා ගොඩාක් ලස්සන වෙයි කියන එක විතරයි. මට  මෙතනදී කියන්න බැරි වෙච්ච දේවල් ගොඩාක් ඇති. ඔයාලටත් මේ ගැන කියන්න ගොඩාක් දේවල් ඇති. ඔයාලට හිතෙන ඕනෑම දෙයක් කියල යන්න.  මම කවදාවත් කමෙන්ට් මොඩරේට් කරල නැ. කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැ. ඇනෝලට ඇනුම් බැනුම් අපහාස උපහාස ඕනෑම දෙකට මේ බ්ලොග් එක විවෘතයි.  එහෙනම් අපි ගියා. ඇවිල්ලා මේක  කියවලා මොකවත් නොකිය එහෙම යන්න එපා.....


ප. ලි.



අවසානයේ අප සාර්ථක වූයෙමු.  සයිබරයේ මිතුරු මිතුරියන් ගේ දායකත්වයෙන් සාර්ථකව අවසන්කළ ජෙරුශාගේ සැත්කම පිලිබදව පල කල ඔරිජිනල් ලිපිය මෙතනින් කියවන්න. මෙම පින් කමට සහභාගී වූ සැමට අපගේ ආචාරය  

Saturday, January 14, 2012

සල්ලි කාරයා

කලින් පොස්ට් එක ඩිග්රි කාරයා කියවලම එන්න 




අම්ම අප්පා කිව්ව නිසා
සිස්සත්වෙට වාඩි වෙලා
කර මුලින්ම ඇන ගත්තලු
පුංචි කාලේ මං.........

ඉස්කෝලෙන් කට්ටි පැනල
අම්බානක ගුටිත් කාල
කොල්ලෝ එක්ක ගැන්සි බැහැපු
සිරා බුවෙක් මං........

ඉගන ගන්න බැහැ උඹ හට
හැම එකාම මට කියද්දී
ඒ මොකවත් ගණන් නොගත්
මදාවියෙක් මං.........

ඕ ලේවලුත් ෆේල් වෙලා
කන් පිරෙන්න බැනුම් අසා
ෆීල්ඩ් එකේ ජොබ් කට්ටක්
හොයා ගත්ත මං.............

ඒකෙන් පුහුණුවක් අරන්
මගේ වැඩක් පටන් අරන්
ලොකු පොරකට කඩේ ගිහින්
ලොකු  පුටුවක මං.........

ඉගන ගත්ත අපේ එවුන්
සහතික මිටි තුරුළු කරන්
ජොබක් හොයන් ඇවිදිල්ලා
මගේ ලගට දැන්.......

හනේ හෆොයි බං
ඉගන ගත්ත උන්.....
මේ බලපිය බං
කට්ටි පැනපු මං........

ඇඩෙනවා නේ ....................


මහා සයිබර් ශ්‍රමදානයට යනව නම් මෙතනිනුත් යන්න පුළුවන් 

Friday, January 13, 2012

ඩිග්රි කාරයා

මේක මම ආශ්‍රය කරන එකෙක්ගේ ජිවිත කතාව මේ තොප්පිය හරියන තවත් අය ඉන්නවා නම් දාගන්නවල හොදයි.............






එල කියුෂන් මොන්ටිසෝරි
එක දෙක තුන පාස් කරන්,
සිස්සත්වෙත් පාස් කොරලා 
කොළඹ ආව මං......

O / L  A /L මදිවට
aat චාටර් වෙලා
ඔය ඔක්කොම දුක් විදලා
පාස් කොලා මං..........

උපාදි ගැන සිහි කරමින්
ජෙප්පෝ එක්ක පිකට් ගිහින්
පොලිසියෙන් ගුටිත් කාල
ගෙදර ආව මං.........


හැම සේසත උකස් කරලා
මගේ අනාගතේ හිතල 
නොකා නොබී  දුක් විදිනවා
අම්ම අප්පා නම්..........


මැරි නොමැරී දුක් විදිමින්
අවුරුදු ගානක් දගලලා
අන්තිමේදී කොහොමින් හරි 
ඩිග්රි ගත්ත මං.........


නෝ ජොබ් කොම්පැනියේ ඉදල
රස්සා දියව් පිකට් කොරලා 
ආණ්ඩුවේ රස්සාවක්
හොයා ගත්තා බං........


මගේ හොද වයසත් ගිහිල්ල
අම්ම අප්පා ලෙඩ්ඩු විලා
ජොබ් එක කර ගන තනියෙන්
ඔහේ ඉන්නවා මං........... 

අනේ හෆොයි බං
නාකි වෙලාලු මං............ 

Sunday, January 8, 2012

ගාල්ලේ ගේට්ටුව මෙව්වා ඔක්කොම මඩ ලු


2012 ජනවාරි හත්  වෙනිදා කියන්නේ සිංහල බ්ලොග් කරුවන් බොහොමයක් දෙනා බලා හිටපු දවසක් ලු . ඒ ගාල්ලේ බ්ලොග් කරුවන් සංවිදානය කරලා තිබුන ගෙට් එක නිසා ලු . ඔන්න ඊයේ  උදේ අට වෙනකොට රෙපාත් ගාල්ලේ බස් නැවතුම්පොළ ලග ලු . ඒ වෙනකොටත් පාලම උඩ සු ගාල තුන් හතර දෙනෙක් විතර හිටියා ලු . ඒ බණ්ඩාරවෙල ඉදන් ආව යසයයි, (මෙයාගේ බැග් එකේ තිබුන අලිගැට පේර මගදී මියෝ කාලලු)  ප්‍රාර්තනයි, හිම හන්සියි, පොඩි මෑන් ට කියලා වන්දවා ගන්නම ආව මන්තර කාරියි  කියල තමයි මතක. ටික ටික එක එක්කෙනා ඇවිත් පාලම උඩ එකතු වෙනකොට පොලිස් මාම කෙනෙක් ඇවිල්ලා කට්ටියම පල්ලෙහාට යැව්වා කියමුකෝ. ඒ පොලිස් මාම බනියව දැකල උගේ බරට පාලම කඩන වැටෙයි කියල බය වෙලා කියල තමයි කියන්නේ. ඔය අතරේ පැමිණි අයගේ නම් ලකුණු කිරීමත් සල්ලි එකතු කිරීමත් ප්‍රාර්ථනා අතින් උනාලු. 



ගෙට්ටුවේ ප්‍රදාන සංවිදායක කිඩෝ මල්ලිට ගෙට්ටුව තහනම් වෙච්ච එක තමයි කනගාටු. මේකට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕන සිහිනයා කියල තමයි තතු දත් ආරංචි මාර්ග වලින් කියන්නේ.
ආව වෙලාවේ ඉදලා යන කම්ම බඩගින්නේ හිටපු ප්‍රාර්ථනා හිමහන්සි ඇතුළු දෙතුන් දෙනා බඩ ගින්න නිවාගන එනකම් ඉස්ටේසම ලග කට්ටක් කාපු අපි ඔන්න ඉතින් නවයහමාර දහය විතර වෙනකොට බස් එකක නැගලා රුමස්සලට හැරෙන තැන බස් නැවතුම් පොලට වෙලා කොළඹ සෙට් එක එනකම් තවත් කට්ටක් කෑවලු. 



ඔන්න ඉතින් අධි වේගෙන් කොළඹ ඉදලා ආව අභීත අයියලාගේ බස්  බස් එකේ ගාල්ලෙ සෙට් එකත් නැගලා රූමස්සල නැග්ගලු .
වර්නාගේ කිරි ටොපි කපන්න කටුවකුයි මිටියකුයි හොයන්න ගිය නිසා රාජ් අයියලාගේ බස් එක මේ වෙනකොටත් කොට්ටාවේ ලු 

අභීත, රංග ,මගේ මරණය ඇතුළු ජෙෂ්ට බ්ලොග් කරුවෝ ඔක්කොම සිල් අරගන සිටි නිසා පැත්තකට වෙලා භාවනා  කරන්න පටන් ගත්තලු. හවස් වෙනකොට රංගට මගේ මරණයට වගේ දෙතුන් දෙනෙකුට මාර්ග පල අවබෝද වෙලා මොන මොනවද උනාලු.  සිහිනයා ගේ  ගිටාරයේ තත් සර අතරින් සොදුරු ගීත රාශියක්ම ගුවනට මුසු වෙද්දී රුපියල් අටසියකින් තමන්ගේ ආදරණිය වයිපරේ අධි වේගෙන් ගාලු ගෙන්වා ගැනීමේ මෙහෙයුමේ යෙදුනු පොඩි මෑන් අධිවේගේ ආ බස් රථය මග හිටීමේ දුකට අමුවෙන්ම මද පමණින් දෂ්ට කරමින් අඩනවලු. උදේ ඉදන් බඩගින්නේ හිටපු උන්ගේ ඇඩිල්ල නිසාම  හවස දෙකහමාර විතර වෙනකොට බත් පාර්සල් වගයක් ගෙනාවලු.  බනියගේ බ්ලොග් එකට අවුරුදු තුනක් පිරිම හේතු කොටගෙන දෙන දානයක් වගේ බනියා බත් බෙදන්න පටන් ගත්තලු. උගේ දානෙට ආව හැම එකාම රු 200 කින් ම  සම්මාදන් උනාලු. ඔන්න තවත් ටික වෙලාවකින්  රාජ් අයියා ,දේවා ඇතුළු කට්ටියත් ආවලු. මේ අතරේ තව කට්ටියක් ගලක් උඩට නැගලා ගෙම්බෝ පනින්න පුරුදු වෙනවලු. 


සිල් ගත්ත අභීත අයියා 




 ජනරග කියල එකෙක් ගෙම්බෝ පනින්න ගිහිල්ලා හක්ක පන්න ගෙනලු. පැන්න පාරට දිව හැපිලා දැන් මිනිහට දිව දෙකයිලු. 

චතුමිනු ගාල්ලේ ගෙට් එකට එන්නම අලුතින් කලිසමකුත්  අරගෙන ලු . තවමත් එකේ ටැග එකත් ගලවලා නැතිලු

(පොටෝ ඇත)
 
මන්තරකාරිට වදින එකෙන් බේරෙන්න පොඩි මෑන් ලොකු කතාවක් කිව්වලු. අභීත අයියා තව පොඩ්ඩෙන් මන්තරකාරි කෙල්ලෙක් බව ඔප්පු කරන්න  දිවුරුම් ප්‍රකාශයක් අරන් එන්න සාම විනිසුරු කෙනෙකුත් හම්බ වෙන්න යනවලු. එත් පොඩි මෑන් ට එව්වා ෂුවර් නැතිලු. කෙල්ලෙක්ද කියලා බලන්නම ඕනලු. 



අන්තිමට කට්ටිය සමුහ චායා රුපෙකුත් ගත්තලු. ජීවිතේට මුදක් දැකපු නැති කොළඹින් ආව උන් ටිකක් තාමත් නානවලු. ඊට පස්සේ පොඩි මෑනුයි වයිපරෙයි කොහාටද අතුරුදහන් උනාලු. හතර වටේටම වැටකෙයියා ගාල් ලු.              

මගේ මරණය 

මේ පනින හැටියට කකුල් යහතින් තියේවියැ




මන්තරකාරියෝ ගිටාර් අල්ලන්නේ මෙහෙමයි 



ආපහු එන්න පටන් ගත්ත වෙලාවේ ඉදන් හිම හන්සිගේ කකුල් රිදෙනවලු. සයිබර් සැණකෙළිය අප්‍රේල් මාසේ 22 ඕනයා ලංකාවට ආවම තියනවාලු. තව පොඩ්ඩෙන් අමතක වෙනවා පවනි කියන්නේ කොල්ලෙක්ට කියන නමක් ලු. දැනට මට මතක ඔච්චර ලු. තව මඩ තියනවනම් කමෙන්ට් එකක් දාන්නලු. එහෙනම් ඉතින් අප්‍රේල් 22 ආයෙමත් සෙට් වෙනකම් රෙපාගේ මඩ ටික ඉවර  ලු 



Wednesday, January 4, 2012

වෙට්ට පාසියක් ( නොවේ )




පොරෝගන සුදු රෙද්ද 
ලෝකෙටම බන කියන 
අමධ්‍යප සංගමේ
සභාපතිතුමාටත් 
දවසකට ඔනමලු
බෝතලේකට වඩා  
කන්ද උඩ පන්සලේ 
පොඩි හාමුදුරුවොත් 
ඇවිත් කියනවාලු බන රෑට 
කාමයේ වරදවා හැසිරීම වැරදියිලු
සුරාවත් නරකයිලු
දෙනවාද කන්න උන් 
මටත් මගේ කොල්ලටත්
ඔය බයිලා කිව්වාට
නොඉස්සුවොතින් රෙද්ද 
හොර රහසේ උන්ගාව

Tuesday, January 3, 2012

යලි උපන්නෙමි

මේ අවුරුද්දේ ජනවාරි පළමු වෙනිදා අපේ මාමගේ අවමගුල් උත්සවය. එක ඉවර කරලා ගෙදර ඇවිත් ලැප අතට ගත්තේ පොස්ට් එකක් දාන්න කියලා හිතාගන. මොන පොස්ට් දැමිල්ලක්ද? මෙන්න තියෙනවා ඔබේ බ්ලොගර් එකවුන්ට් එක ඩිසේබල් කියලා කතාන්තරයක්. අමාරුවෙන් හදාගත්ත බ්ලොග් එක. මට හිතුනේ අලුත් අවුරුද්ද පටන් ගන්න කොටම මරණ දෙකයි කියලා. මාමත් ඉවරයි මගේ බ්ලොග් ටිකත් ඉවරයි. වැඩියෙන්ම මගේ කනගාටු මගේ ආයෝජන පාටමාලාව පිනාගේ කුප්පිය බ්ලොග් එක නැති උන එක.  එකේ මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය පාඩම පටන් ගත්තා විතරයි. ඒත් දවස පුරා බුකියෙයි එහෙ මෙහෙ ඇවිදලා දන්නා කියන අයගෙන් ඇහුවාම දීපු උපදෙස් අනුව අද හවස ගුගල් දෙවියා මට මගේ බ්ලොග් ටික ආයෙමත් දුන්නා. මැරිලා ඉපදුනා වගේ තමයි. හත් වෙනිදා ගාලු යන්නත් ඕනේ. ගාල්ලේ උන් කොලබ ඉන්න ගැණු ළමයි ගැන ගොඩාක් හිතන හින්දා වෙලාවත් වෙනස් කරලා. දැන් පලයන්කෝ උදේ අට වෙනකොට ගාලු. එහෙමනම් හත් වෙනිදට ගාල්ලේදීම හමු වෙමු.