සිගරට් දුමින් පිරුන කාමරේ ඇද උඩ හාන්සි වෙලා සිවිලිමේ කැරකෙන විදුලි පංකාව දිහා සමන්ත අරමුණක් නැතුව බලාගෙන හිටියා. තමන්ගේ හිතත් විදුලි පන්කාවට වඩා වේගෙන් එක තැන කැරකෙනවා කියලා සමන්තට හිතුනා. අකිල කිව්ව විදියට නන්නත්තාර වෙලා විනාස වෙලා යන ජිවිතේ වෙනසක් කරගන්න ඕනේ කියන සිතුවිල්ල සමන්තගේ හිතට වද දෙන්න පටන් ගත්තේ කවදාකවත් හිතුවෙම නැති විදියට. මොනවා උනත් අකිල තමන්ගේ හිත පුදුමාකාර විදියට වෙනස් කරලා කියන එක සමන්තට හොදටම දැනුනා. එක පාරටම කාමරේ දොර විවර උනා. විවර උන දොරෙන් ඇතුලට ආවේ කවුද කියලා ඇහැ ඇරලා බලන්නවත් උවමනාවක් සමන්තට තිබ්බේ නෑ.
දෑතේ තවරා ගත්ත තෙල් සව්ල්පයක් ශරීරය පුරා තවරමින් සිරුර පුරා දුවන සියුමැලි දෑත දෑතින්ම අල්ලා ගනිමින්ම සමන්ත නෙත් විවර කළා. සමන්තගේ මුහුණ දෙස බැලු ඇය සිනාවෙන් මුව සරසා ගත්තා. සමන්ත ඇය කෙරෙන දැක්කේ මෙතුවක් කාලයක් ඇසුරු කල අනෙක් සියලුම ගෑනුන්ට වඩා අමුතුම සුන්දරත්වයක්. සමන්ත ඒ මුහුණ දිහා ආසාවෙන් බලාගෙන හිටියා.
"ඔයා මාව කසාද බදින්න කැමතිද?"
සමන්ත ඇහුවේ ඒ මුණ දිහා බලාගෙන.
"සර් ඔයා විහිලු කරනවද?" ඇය හිනාවෙවිම ඇහුවා.
"විහිලු නෙවෙයි ඔයා කැමති නම් මම හෙට ඔයාව බදිනවා. ඔයා මොකද කියන්නේ"
සමන්ත ඇහුවේ ඉනවටේ අත යවලා ඇයව තුරුළු කර ගන්න ගමන්.
"අනේ සර් විහිලු කරන්න එපා අඩු ගානේ ඔයා මගේ නම ගම විස්තරයක්වත් දන්නවද?"
"ඕව් දන්නවා. මම දන්නවා මං වගේම ඔයත් ජීවිතෙන් නන්නත්තාර උන මනුස්සයෙක් කියලා. ඔයාව කසාද බදින්න ඒ දන්න ටික මට හොදටම ඇති."
එදා එහෙම ඇරබුනු කතාබහ දුරදිග ගිහින් විහිලුව ආදරයක් බවට පත් වෙන්න වැඩි දවසක් ගියේ නෑ. සචිනි කියන්නේ එක පාරක් කසාද බැදලා දික්කසාද වෙලා හිටපු ගැහැනියක්. මේ වෙනකොට සමන්තට උවමනා උනේ තමන්ට මග වැරදිච්ච ජීවිතේට අලුතින් පාරක් පෙන්නන්න පුළුවන් ගෑනියෙක් මිසක් ජීවිතෙන් තැලිලා පොඩි වෙච්ච නැති අහිංසක කෙල්ලෙක් නෙවෙයි.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
"කසාද බැදපු එකා එක්ක මාසයක් ඉන්න බැරුව දමල ගහල ආව ගෑනියෙක් ඇරෙන්න උඹට වෙන එකියෙක් හොයාගන්න බැරි උනාද මගේ පුතේ. "
ගෙදර ඉදලා කොළඹට එනකම්ම සමන්තගේ හිතේ හොල්මන් කලේ අම්මගේ වචන ටික. ඒත් සමන්තට ඒ කියපු කතා එකක් වත් වැදගත් උනේ නැහැ. උවමනා කරපු එකම දේ උනේ දැන් ගෙවන නන්නත්තාර ජීවිතෙන් මිදිලා දැන් පන වගේ ආදරේ කරන සචිනි එක්ක අලුත්ම ලෝකයක් ගොඩ නගා ගන්න එක විතරමයි.
සචිනි එක්ක පටන් ගන්න හදන අලුත් ජීවිතේට ගෙදරින් නම් කිසිම කැමැත්තක් නෑ කියලා සමන්තට තේරුනේ තාත්තා කියපු දෙයින්.
"උඹ ඔය මගුල කර ගන්නම ඕන නම් කර ගනින්. ඒත් එදාට පස්සේ උඹට මේ අම්මවත් තාත්තවත් නෑ කියලා මතක තියා ගනින්"
පොඩ්ඩක් හරි හිතට හයියකට තිබ්බේ ගෙදර ඉදලා බස් නැවතුම් පොලට එනකම්ම ආව අකිලයා කියපු කතාව විතරයි.
"උඹ මෙහෙමවත් අලුතෙන් ජිවිතේ පටන් ගන්න හදපු එක හොදයි බං. ඒත් රටේ ලෝකේ මිනිස්සු සචිනි ගැන කියන කතා නම් එච්චර හොද ඒවා නෙවෙයි. උඹත් ඉතින් ආයේ හොද මිනිහෙක් නෙවෙයි කියලා මම දන්නවනේ. උඹට හොදයි කියලා හිතෙනවා නම් උඹට එයා එක්ක අලුත් ජිවිතයක් පටන් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා නම් මම උඹට සුභ පතන්නේ බොක්කෙන්. ඕන වෙලාවක උඹට මම ඉන්නවා. ඉස්සර හිටිය වගේ කාලකන්නි වෙලා නැති වෙලා යනවට වඩා ඒක හොදයි ."
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
කාලය ගලාගෙන යන්නේ හිතනවටත් වඩා වේගයෙන්. සචිනිගේ කල්ක්‍රියාව ගැන එක එක තැන වලින් එක එක කතා ඇහුනත් වැඩිපුර ඒ පස්සේ එලවන්න සමන්තට ඕන කමක් තිබුනේ නැත්තේ එයාව තමන්ටත් මුණ ගැහුනෙත් කොයි වගේ තැනකදීද කියලා සමන්ත හොදාකාරවම දැනගෙන හිටපු හින්දා. මේ වෙනකොට අහිංසක දරු දෙදෙනෙකුගේ ආදරණිය තාත්තා කෙනෙක් හැටියට සමන්තට උවමනා කරලා තිබ්බේ දරුවන්ට ආදරණිය තාත්තා කෙනෙක් වෙන්න වගේම බිරිදට ආදරනිය ස්වාමි පුරුෂයෙක් වෙන්න විතරයි.
ආයෙමත් දවසක අකිල සමන්තව හොයාගෙන කොළඹ ආවා. සචිනිව කසාද බැද ගත්තට පස්සේ ගම රට පැත්ත පළාතේ නොගියපු සමන්තට එදා ඉදන් තමන්ගේ දුකේදී සැපේදී එකට හිටපු අතිජාත මිත්‍රයා වෙච්ච අකිලගේ පැමිණීම මහා මෙරක් වගේ. සමන්ත අකිලව සාදරයෙන් පිළිගත්තා.
ඒත් අකිල ඇවිත් තිබුනේ කනගාටුදායක ආරංචියක් අරගෙන.
"උඹලගේ අම්මට සනීප නෑ මචං. කරාපිටියේ හොස්පිට්ල් එකේ නවත්තලා ඉන්නේ. තාත්ත නම් කිව්වා උඹට කියන්නත් එපා කියලා ඒ උනාට ගිහින් බලලා වරෙන්"
"මගේ රත්තරන් අම්මට මොකද උනේ මචං".
සමන්ත එතනම ඉදගත්තේ ලොකු වේදනාවක් හිතේ දරාගෙන.
"උඹ කලබල වෙන්න එපා. මට ආරංචි වෙච්ච හැටියට අම්මගේ පෙෂර් එක ටිකක් වැඩි වෙලා තමයි හොස්පිට්ල් එකට ඇඩ්මිට් කරලා තියෙන්නේ. "
සමන්ත අකිල එක්ක ගාලු එන්න පිටත් උනේ ඒ වෙලාවෙමයි. අම්ම තාත්තා සචිනිව දැක්කාම මොන වගේ තත්වයක් ඇති වෙයිද කියලා දන්නේ නැති නිසාම සචිනිත් දරු දෙන්නත් තියලා තනියම ගමේ යන්න සමන්ත තීරණය කළා. කරාපිටියට යනකොට අම්මගේ ටිකට් කපලා ගෙදර එක්කගෙන ගිහින් තිබුන එක සමන්තගේ හිතට ලොකු සැනසිල්ලක් උනා.
ගෙදර ඇදක් උඩ වැතිරිලා ඉන්න අම්මගේ මුණ බලන්න තරම් ශක්තියක් සමන්තගේ හිතේ තිබ්බේ නෑ. කාමරේ හිටපු තාත්තත් එලියට ආවේ කවුරුහරි ගෙට ගොඩ උන හඩ ඇහිලා.
"උඹ ආවද මගේ පුතේ. කෝ දුවයි දරු පැටවූ දෙන්නයි"
තාත්තගේ කටහඩේ කිසිම කේන්තියක සලකුණක්වත් තිබුනේ නැහැ.
සමන්ත කකුල් දෙක අල්ලාගෙන බිම වැටිලා අඩන්න පටන් ගත්තා.
"මට සමාවෙන්න තාත්තේ."
තාත්තා සමන්තගේ උරහිස් වලින් අල්ලලා නැගිට්ටුවා.
"උඹ කොහේ හරි සන්තෝෂෙන් ජිවත් වෙනවා නම් එච්චරයි මගේ පුතේ. අම්ම ලෙඩ උනෙත් උඹ ගැන හිත හිත ඉදලම තමයි. අම්ම දුවයි දරු පැටවූ දෙන්නයි බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ."
තාත්තගේ වචන ටික සමන්තගේ පපුවේ එහාම කොනේ තැන්පත් උනා. දැනටමත් දරු දෙදෙනෙක්ගේ තාත්තා කෙනෙක් වෙච්ච සමන්තට දරු සෙනෙහස කියන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියාදෙන්න දෙයක් තිබුනේ නෑ. තමන්ගෙන් වෙන්න ඕනේ හැම යුතුකමක්ම අමතක කරලා දාල කොළඹට වෙලා ගත කරන මේ ආත්මාර්ථකාමී ජීවිතය ගැන ලොකු කලකිරීමක් හිත පුරා පැතිරිලා ගියා......
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
හැම සති අන්ත නිවාඩුවකම සචිනිත් දරු දෙන්නත් එක්ක සමන්ත ගමේ යන්න පටන් ගත්තේ අම්ම තාත්ත ගැන තමන්ගෙන් මග හැරුන යුතුකම් කොටස නොපිරිහෙලා ඉටු කරන්න ඕන කියන අවංකම හැගීමෙන්. පාලුවෙන් පිරුන අම්මගෙයි තාත්තගෙයි ජිවිත පොඩි උන් දෙන්න නිසා ආයෙමත් එලිය උනා. අම්මගේ තිබ්බ ලෙඩ රෝග ටිකත් කොහේ ගියාද දන්නේ නෑ. සමන්තගේ මුළු පවුලම ගත කලේ වාසනාවන්ත පවුල් ජිවිතයක්.
"කාලෙකින් අපේ පවුල්වල කට්ටිය සෙට් උනේ නැති නිසා අපි ඔක්කොම එකතුවෙලා මොනවා හරි කරමුද මචං." සමන්ත අකිලගෙන් ඇහුවේ ගෙවන ඒකාකාරී ජිවිතයෙන් පොඩ්ඩක් ඈත් වෙන්න හිතාගෙන.
"අපේ අක්කලා ලබන සතියේ සිරිපාදේ යන්න හිතාගෙන ඉන්නවා. තවම කවුරුවත් සෙට් වෙලා නම් නෑ. මමත් මාර කම්මැලිකමේ බං හිටියේ. එනවනම් වරෙන් අම්මලා තාත්තලා එක්කම"
සිරිපාදේ වන්දනාවේ යන්න සමන්ත පවුලේ අයත් එක්ක ලැස්ති උනේ ඒ වෙලාවේ ඉදලාමයි. ඒ සතියේ සෙනසුරාදා උදේ පාන්දරම පවුල් දෙකේම පිරිස රැගත් වෑන් රථය සිරිපාදේ වන්දනාවේ යන්න පිටත් උනා
කවදාවත් මේ වගේ ගමනක් නොගිය සමන්තගේත් අකිලගේත් දරු පැටවූ ටික චාරිකාවේ උපරිම විනෝදය විදිමින් සිටියා.
උදේ නවය විතර වෙනකොට රත්නපුර සමන් දේවාලේ වැදලා එතැනින්ම උදෑසන ආහාරයත් අරගත්තා. දරු පැටවූ වයසක අම්ම තාත්තත් එක්ක යන්න ලේසි පාරකින් යන්න තීරණය කරපු නිසාම රත්නපුර පාරේ නගින්නේ නැතිව හැටන් හරහා යන අදහසින් තමයි එතනින් පිටත් උනේ.
"උඹ ආවද මගේ පුතේ. කෝ දුවයි දරු පැටවූ දෙන්නයි"
තාත්තගේ කටහඩේ කිසිම කේන්තියක සලකුණක්වත් තිබුනේ නැහැ.
සමන්ත කකුල් දෙක අල්ලාගෙන බිම වැටිලා අඩන්න පටන් ගත්තා.
"මට සමාවෙන්න තාත්තේ."
තාත්තා සමන්තගේ උරහිස් වලින් අල්ලලා නැගිට්ටුවා.
"උඹ කොහේ හරි සන්තෝෂෙන් ජිවත් වෙනවා නම් එච්චරයි මගේ පුතේ. අම්ම ලෙඩ උනෙත් උඹ ගැන හිත හිත ඉදලම තමයි. අම්ම දුවයි දරු පැටවූ දෙන්නයි බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ."
තාත්තගේ වචන ටික සමන්තගේ පපුවේ එහාම කොනේ තැන්පත් උනා. දැනටමත් දරු දෙදෙනෙක්ගේ තාත්තා කෙනෙක් වෙච්ච සමන්තට දරු සෙනෙහස කියන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියාදෙන්න දෙයක් තිබුනේ නෑ. තමන්ගෙන් වෙන්න ඕනේ හැම යුතුකමක්ම අමතක කරලා දාල කොළඹට වෙලා ගත කරන මේ ආත්මාර්ථකාමී ජීවිතය ගැන ලොකු කලකිරීමක් හිත පුරා පැතිරිලා ගියා......
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
හැම සති අන්ත නිවාඩුවකම සචිනිත් දරු දෙන්නත් එක්ක සමන්ත ගමේ යන්න පටන් ගත්තේ අම්ම තාත්ත ගැන තමන්ගෙන් මග හැරුන යුතුකම් කොටස නොපිරිහෙලා ඉටු කරන්න ඕන කියන අවංකම හැගීමෙන්. පාලුවෙන් පිරුන අම්මගෙයි තාත්තගෙයි ජිවිත පොඩි උන් දෙන්න නිසා ආයෙමත් එලිය උනා. අම්මගේ තිබ්බ ලෙඩ රෝග ටිකත් කොහේ ගියාද දන්නේ නෑ. සමන්තගේ මුළු පවුලම ගත කලේ වාසනාවන්ත පවුල් ජිවිතයක්.
"කාලෙකින් අපේ පවුල්වල කට්ටිය සෙට් උනේ නැති නිසා අපි ඔක්කොම එකතුවෙලා මොනවා හරි කරමුද මචං." සමන්ත අකිලගෙන් ඇහුවේ ගෙවන ඒකාකාරී ජිවිතයෙන් පොඩ්ඩක් ඈත් වෙන්න හිතාගෙන.
"අපේ අක්කලා ලබන සතියේ සිරිපාදේ යන්න හිතාගෙන ඉන්නවා. තවම කවුරුවත් සෙට් වෙලා නම් නෑ. මමත් මාර කම්මැලිකමේ බං හිටියේ. එනවනම් වරෙන් අම්මලා තාත්තලා එක්කම"
සිරිපාදේ වන්දනාවේ යන්න සමන්ත පවුලේ අයත් එක්ක ලැස්ති උනේ ඒ වෙලාවේ ඉදලාමයි. ඒ සතියේ සෙනසුරාදා උදේ පාන්දරම පවුල් දෙකේම පිරිස රැගත් වෑන් රථය සිරිපාදේ වන්දනාවේ යන්න පිටත් උනා
කවදාවත් මේ වගේ ගමනක් නොගිය සමන්තගේත් අකිලගේත් දරු පැටවූ ටික චාරිකාවේ උපරිම විනෝදය විදිමින් සිටියා.
උදේ නවය විතර වෙනකොට රත්නපුර සමන් දේවාලේ වැදලා එතැනින්ම උදෑසන ආහාරයත් අරගත්තා. දරු පැටවූ වයසක අම්ම තාත්තත් එක්ක යන්න ලේසි පාරකින් යන්න තීරණය කරපු නිසාම රත්නපුර පාරේ නගින්නේ නැතිව හැටන් හරහා යන අදහසින් තමයි එතනින් පිටත් උනේ.
හැටන් පැත්තට කිට්ටු වෙනකොට දැනෙන තද සිතල නැති කර ගන්න දුම් වැටියක අවශ්‍යතාවය සමන්තට මේ වෙනකොට හොදටම දැනිලයි තිබුනේ. පාර අයිනේ තිබ්බ කඩයක් ලග වාහනේ නතර කරවාගත්තු සමන්ත සිගරට් පැකට් එකක් මිලදී ගන්න කඩේට ඇතුල් උනා. කැෂියර් මෙසේ ලග වාඩිවෙලා හිටපු කාන්තාව හිස ඔසවලා සමන්ත දිහා බැලුවා. බලාපොරොත්තු නොවුන හමුවීමක් නිසා දෙන්නටම මොහොතක් කතා කරගන්න බැරිව මුනට මුහුණ බලා හිටියේ පුදුමයෙන්.
නිසංසලා....
සමන්ත ඔයා???.....
(පුළුවන් තරම් දර්ශන අඩු කරලා කොටස් දෙකකින් ලියලා ඉවර කරන්න ප්ලෑන් කරගෙන හිටියත් කතාව තවත් ටිකක් දික් වෙන පාටයි. තවත් කොටසක් දෙකක් තියෙයි සමහර විට. පලවෙනි කොටස කියවලා ඉවරකරලා කථාව දන්නවා කියපු කට්ටිය ගැන මාගේ බලවත් මෙව්වා එක. මෙතනින් ඉස්සරහට වෙන්නේ මොනවද කියලත් හිතාගෙන ඉන්න අය කමෙන්ට් දාන්නකෝ එහෙනං. ඊලග කොටසත් ඉක්මනින්ම එනවා)
හිතුවෙවත් නැති විදියක් හ්ම් හිතුවට වැඩිය වෙනස් පාටයි...හැබැයි ආයෙත් හොදම හරියෙන් නවත්තලා...ඒකටනම් උපර්ම විරෝධය...
ReplyDeleteහැබැයි ආයෙත් නිසංසලා එක්ක යාළු වුණොත් ඒකට උපරිම විරෝධය ඕන් නොකිව්වයි කියන්න එපා...
හි හි හී ....
හිතුවෙ නැති විදියට සිද්ධ වුණ නිසා බලන්නම් ඉතුරු ටික ඉක්මණින්...
මමද 1ක අනේ සතුටේ බෑ...මම කවදාවත් එකවෙලා නෑ...
Delete:O අම්මෝ කට්ටිය සෙට් වෙලා බැනර් පෝස්ටර් අරන් ලිප්ටන් වටරවුමට වත් සෙට් වෙයිද දන්නේ නෑ විරොදේ පල කරන්න. :P බලමුකෝ මොන මොනවා වෙයිද කියලා ඉස්සරහට.:))
Deleteමලා... දැන් මේකෙත් එක දෙක සෙල්ලම පටන් අරගන්නද හදන්නේ. විනාසයි...:((
Deleteඅපොයි එහෙම නොවේවා....ආසාවට කිව්වෙ...ආයෙනම් කට කැඩුවත් කොහේ එක වුණත් කියන්නෙ නම් නෑ...ගැත්තාට සමාව දෙන සේක්වා...
Deleteඔයා කියන්න අයියෝ..
Deleteපෝස්ට් එකකට කොමෙන්ට් කරල එක වෙන එකෙ සන්තෝසෙ දන්නෙ කොමෙන්ට් එක දාපු කෙනානෙ!
ඔයා කියන්න :)
මමත් කිව්ව බං විහිලුවට කිව්වේ කියලා. මෙයා දැඩි මතධාරියෙක් වෙලානේ. පෝස්ට් එකකට කොමෙන්ට් කරල එක වෙන එකෙ සන්තෝසෙ දන්නෙ කොමෙන්ට් එක දාපු කෙනානෙ!
Deleteඔයා කියන්න :)
අඩෝ බටපොලයා ලයිසන් චන්ඩියෙක් හරිය.මගේ මෙව්වා කොපි කරන්න කලින් කියපන්කො.උඹ නිසා ඉවසනෝ ඈ!
Deleteඑක්කො කමක් නෑ බන්.ඔන්නොහෙ කොපි කරපන්.ෆ්‍රී ලයිසන් උඹට ඈ
මෙගා එකක්දෝ........
ReplyDeleteකථාවනම් මරු... වචනෙන් වචනෙට කුතුහලය.....
මේක මෙගා කරන්න නම් කිසිම අදහසක් නෑ මචං. මේකෙන් ඉවරයක් කරලා දාන්න හැදුවේ. ඒත් බෑ වගේ තේරුනා. නැවැත්තුවා.
Deleteහ්ම්ම් .. මී ගොඩයෝ ..
Deleteරෙපෝ ඒ බන් උඹත් එක්ක බෑ බං.එදා කිව්ව ඊලඟ පෝස්ට් එකෙන් කතාව ඉවරයි කියල.. :(
ReplyDeleteඋඹ මේක මෙගා ටෙලියක් කොරන්නයි ඔය හදන්නෙ.
ලෑස්ට් චෑන්ස් හරිය!
ඊලඟ පෝස්ට් එකෙන් කතාව ඉවර වෙන්න ඕනේ.කොච්චර දිග වුනත් කමක් නෑ
එහෙම නොවුනොත් රෙපාට මගේ සාතිශය අලි සයිස් මෙගා ඉන්ක්‍රෙඩිබල් හුට පටස් විරෝධය ඈ!
ඒක ඇත්ත..අඩෝ මෙගා නාට්ටි කොරනවනම් දැන්මම කියපන්..මමත් මේ මල ඉලව් ඔෆිස් එකෙන් අයින් වෙලා මේකේ බින්න බහින්ඩ...යකෝ අපිවත් ගනිල්ලා ගහකට හරි මලකට හරි වත් ඔය නාට්ටි වල..අපි හොඳ නළු බට්ටෝ තමා..නැත්ද බටයෝ...
Delete@ බටපොලයා: අනේ බටේපොලයෝ කියන හැම මගුලම කරන්නේ නැති එක ලංකාවේ අපේ පුරුද්දනේ බං. සමා අවසර :))
Delete@ කුරුල්ලා : මෙගා නාට්ටි කොරන්නේ නෑ බං. පොඩ්ඩක් ඉවසා වදාරපන්කෝ.. ගහකට මලකට නෙවෙයි උඹව ගන්න ඕනේ අහිංසක සමනලයෙකුට වගේ තමා පෙන්නේ. උඹ ඔය ඔෆිස් එකෙන් අයින් වෙලා මේකේ පැල් බැද ගත්තම උඹේ අර දරු පවුලට යන කලදසාව මොකක්ද? පොඩ්ඩක් ඉවසපන්කෝ දෙන්නං චෑන්ස් එක.
රෙපා ලන්කාවේ දේශපාලුවෙකුගේ ලක්ශන බදාගැනීමටද මාගේ සාතිශය අලි සයිස් මෙගා ඉන්ක්‍රෙඩිබල් හුට පටස් විරෝධය ඈ!
Deleteලංකාවෙ ඈයින්ට ඔය පුරුද්ද තියෙනව කියල හැදුවෙ පරංගියෙක් කියල උඹ දන්නවැයි?මම නං ආයෙ කිව්වොත් කිව්ව ;)
අනෙ බං ඉවර කොරහන්කො මේක මේ ගෑල්ලමයිත් ඉන්නො කට ඇරගෙන බලන් :D
ඒක නම් ඇස්ත බන් කුරුල්ලො.අපි රඟපාන්න ආවොත් දැං ඉන්න උන්ට ස්වයං වියාපාර තමය් කරන්න වෙන්නෙ!මුද්දර අලවනො වාගෙ එව්ව,නිලියො ගැන මං කතා කරන්නෙ නෑ ඈ ;)
මුකෑ කුරුල්ලගෙ දරු පවුල?????????????
හෑ!
කතාව වෙනස්වුනේ එක පාරට හිතුවෙවත් නැති විදිහට...අපෝ ඒත් කතාව මගදි ආයෙමත් නැවැත්තුවනේ....
ReplyDeleteඑහෙම තමා නංගි. එක දිගටම ලියන්න ගියාමත් එපා වෙනවනේ කියවන්නත් :))
Deleteකතාව නියමයි.සමන්ත හුගක් හොද වැඩක් කරලා තියෙන්නෙ.ඒ ගත්ත තීරනේ නිසා සමන්තට වැරදිලත් නෑ වගේ පේන විදිහට.සිහින සිත්තම් කියන කතාවනම් ඇත්ත. ආයෙ නිසංසලාව ඕනෙ නෑ සමන්තට හරිද...
ReplyDeleteඅන්න හරි අක්කියෝ...අපි දැම්ම ඉදලා විරෝධය පාමු...අපිට ජය වේවා....
Deleteඅනේ අපොයි. මේ යන විදියට අනාගතේ මේ පැත්තේ එන්න හෙල්මට් එකක් පාවිච්චි කරන්න වෙයිද දන්නේ නෑ. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා :))
Deleteහොඳයි කියල පෙන්නන් ඉන්න කෙල්ලෙක්ට වඩා අනාත වෙච්ච ගෑනියක් හොඳයි බන් අද කාලේ හැටියට..මමත් හොයන්නේ වරදට සමාව ඉල්ලන කෙල්ලෙක්...කොහෙද දැන් අද කාලේ බලන් ගියාම කෙල්ලෝ වැරදි කරලම නැනි..හරි පත්තිනි අම්මල ඉන්නේ...කොල්ලෝ දිහා එක ඇහැකින් වත් බලල නෑලු...අනේ මන්ද...අපි නොදන්නා කුකුල් කටු..අපිත් කන්නේ ඔව්ව තමා...එළකිරි වගේ යන ෆිල්ම් එකක්..අඩේ මාව ප්‍රේමවන්තය කරලා උඹ දුෂ්ටය වෙයන් රෙපෝ...හුටා....කෝ මේකේ දුෂ්ටය?හෑ?
ReplyDeleteබුදු අම්මෝ කුරුල්ලෝ උඹේ චින්තනේ හැටියට වැඩේ කරන්න ගියොත් නම් අම්ම ගහයි බැට් එකෙන්. අම්මලට ඕනේ කොටු හත පැන්නත් ලෝකෙට පේන්න පත්තිනි අම්මා වගේ ඉන්න කෙල්ලෙක් මිසක් වරදට සමාව ඉල්ලන එකියක් නෙවෙයි බං.
Deleteආ දුෂ්ටයා තාම මග එනවා. ඌ ඇතුලේ මේකප් දානවද කොහෙද?
අම්ම නෙවි බඳින්නෙ අපිනෙ බන්.ඕක කරගහන් යන්න වෙන්නෙ අපිටනෙ..
Deleteලෝකෙට පෙන්න ගන්න ගෑනු හරියට වෙඩින් සාරි වගෙ.එකපාරයි අඳින්න පුලුවන්.ගෙදරට අඳින නයිට් ඩ්‍රෙස්ස් එකක් වගෙ කෙල්ලෙක් හොයාගනින්,උඹ ගොඩ ජීවිතෙන්™
(C) 2012 චූටි බටපොලයා®
(ඇඩ් එකකි) :D
කතාව සුපිරියටම ගලාගෙන යනවා එල එල
ReplyDeleteඊගාව කොටහත් ඉක්මනට දාන්නෝ...
හරි හරි මේ ලියනෝ... :))
Deleteමං ඩැනගට්ට ඔය නිසන්සලා කොයිවෙලේහලි එනෝමලි කීල.....අනේ අහිංසක ඩලුපවුල විනාස කලන්න එපා ඩෙයියනේ.....
ReplyDeleteඅයියෝ මේ ගෑනු ළමයි ටික ඔක්කොම සෙට් වෙලා කථාව කියවන්නත් කලින් වෙනදේ ගැන හිතලා කෑගහනවනේ. කථාව ඔක්කොම කියවලා ඉන්නකෝ බනින්න කලින් :))
Deleteබොහොම වෙලාවට ජීවිතය අපිව මහා රවුමක ගෙනිහින් ආයෙත් පටන් ගත්ත තැනට ම අරගෙන එනවා.. බලමු මොකද වෙන්නේ කියල!!
ReplyDeleteජය වේවා!!
ඇත්තටම මේ කතාවෙත් එහෙමම වෙයිද? බලමුකෝ ඉස්සරහට. ජය වේවා !!!
Deleteසෙපෝ කතාව ටිකක් වේගෙන් යනවා වැඩියි වගේ නැද්ද? නිකම් එක පාරටම 1990 ගනන් ව්අල ඉදලා 2050ට ආවා වගේ නේ බං
ReplyDeleteගිය පෝස්ට් එක වෙද්දී දෙන්නා හම්බෙලාවත් නෑ ඒත් මේ පෝස්ට් එකේදී දෙන්නා හම්බෙලා බැදලා ලමයි දෙන්නෙකුත් ඉන්නවා ඒ කියන්නේ අවුරුදුම කීයක්ද බං............
මොනවා කරන්නද බං. ඉක්මනට ඉවර කරන්න කියලා අම්බානක තර්ජන නේ ෂොට් & ස්වීට් ගේමක් යන්නේ. ගණන් ගන්න එපා බං.:))
Deleteහොඳා හොඳා. ඊලඟ කොටසත් දැම්මනං.
ReplyDeleteමේ ලියනෝ :))
Deleteඉක්මනින් ඊලඟ කොටසත් දාන්නෝ.....
ReplyDeleteඉවසපියෝ :))
Deleteඔය යන්නෙ කථාව ගලාගෙන ලෙසටම..... ඉතිරිය ඉක්මනට ඕනා.....
ReplyDeleteමග එනවෝ :))
Deleteමරු කතාව මස්සිනා..වෙනස් දෙයක් ගැන ලියපු කතාවක්..අද තමයි කියෙව්වේ..බොහොම සතුටුයි මේක ගැන
ReplyDeleteමස්සිනා කිව්වට ඉතින් මට අක්කලා නංගිලා නැති නිසා බය වෙන්න දෙයක් නෑ. ජය වේවා මස්සිනා. D
Delete:O ජනාට වේකන්සි තියෙන අක්කලා නංගිලා එහෙම ඉන්නවද මංදා :P
දැනටමත් ලස්සන කතාවක් ලියවෙලා ඉවරයි බං ඉදිරියේදී මොනවා වෙයිද දන්නේ නැහැ.කොටස් කොටස් කතා වලට මම ආස නැති වුනත් ඉතිරි ටික දැන්නම් නොබලාම බැහැ ඉක්මනට ලියපන්.
ReplyDeleteඉක්මනට ලියනෝ ඉවසපියෝ :D
Deleteඉතුරු ටික මරන්න කලියෙන් ලියන්න,.,මගේ සම්පූන කොමෙන්ට් එක කතාව ඉවර වුනාම ඈ ම්,,
ReplyDeleteකවුද බොලේ මේ සිරිදාස. දැන්ම නම් මැරෙන්න බෑ බං ඒ හින්දා ඔන්න ඔහේ ලියලා දාන්නම්. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට :))
Deleteබුකියෙ හුටං මද මේ ඈ?
Deleteරෙපා එලම එල,.,ඊලග කොටසත් ඉක්මනටම ලියන්න ඈ
ReplyDeleteහරි මචෝ ලියනෝ..:))
Deleteඊයෙ කිවුවේ තව එක කොටසයි කියලනේ.. හා හා ඒකත් දාමු... :)
ReplyDeleteකියන දේ ඒ විදියට නොකරන එක අපේ ජාතික ගතියක් නේ බං. ගණන් ගන්න එපා. :))
Deleteඑළ ඈ...නියමෙට ගලාගෙන යනවා...අදත් ආසාවෙන් කියෙව්වා....
ReplyDeleteටැංකු ඇ :))
Deleteඑල ඈ ඉතුරු ටිකත් ඉක්මනට දැම්මනම් ජය වේවා!!
ReplyDeleteඑල එල ඉක්මනට දානවා මචෝ. ජය වේවා !!
Deleteනියම කතාව මචං. එදා හිතුවට වැඩ වෙනස් සිද්දියක්. මොනවා වුනාත් හොඳ යාලුවෙක් ඌට ඉන්නවා.
ReplyDeleteසිතුදේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි මචං. ඒවා ඊළගට. ජය වේවා !!
Deleteඑල කිරි නියමයි. කතාව මැක්සා විදිහට ලයින් වෙනවා. මම කොටස් දෙකම කියවලා අවේ. මම නම් කතාව අහලා නෑ. ඊගාව කොටස් ටිකත් කියවන්න බලාගෙන ඉන්නවා රේප් මහත්තයෝ.
ReplyDeleteහරි හරි ඒවා වෙලාවට එයි. පොඩ්ඩක් ඉවසලා හිටු. රේප් මහත්තයා අහුවෙයන්කෝ උඹව :))
Deleteහිතාගෙන හිටිය කෙනා නෙවෙයි මුලින් ආවේ....ඒත් ඒ කෙනා පස්සේ ආවා....
ReplyDeleteකතාවේ ඉතිරි කොටස් බලන්න කුතුහලයක් ඇති කළා....ලස්සනට ලියලා තියේ....
එහෙම තමා. සිතුදේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි. අවසාන කොටසින් ඉතිරිය :))
Deleteඑල එල, මම කිව්ව විදිහ හරි නේද?
ReplyDeleteහරි හරි උඹ කිව්වා හරි. උඹටත් ජය වේවා :))
Deleteනිසංසලා....
ReplyDeleteඅහිංසා ඔයා???.....
මතක් වුනා..
නිසංසලා අහිංසා වෙලා චංචලා වෙන පාටක් බං තියෙන්නේ. ඔන්න උඹටත් ජය වේවා කිව්වා එහෙනම් :))
Deleteමිනිස්සුන්ට ජීවිතේ දැනුවත්ව හරි, නොදැනුවත්ව හරි වරදින වගේම වැරදෙන අවස්ථා තියෙන්වා. ඒත් එහෙමයි කියලා මිනිස්සු සදාකාලිකවම වැරදි මාර්ගෙම යන්නෙ නෑනෙ.. වෙනස් වෙන්න , හැදෙන්න කැමති අය ඉන්නවා.. මේ කතාව වෙනස් වගේම ආදර්ශවත්..
ReplyDeleteහිත හිලෑ නෑ හරි හිතුවක්කාරයි... :))
Delete