පස් අදින සෙට් එක

Tuesday, July 29, 2014

රැඩිකල් පෙම්වතෙක්



මචං 

ඒක පට්ට කෑල්ල 

දුන්න බං ෆුල් සැපක් 

එලි වෙනකම්ම ඊයේ

අහවල් ටෙලියේ හිටපු

අහවල් නිළියටත් 

කලේ මම ගිය සුමානේ 

ඔතපන් ඔය මල් පැට්ටා

ගහගෙන ජෙට් එකට තෙල් 

යනවා මං

දැන් හඳේ 

ගහන තරමට පම්පෝරි 

වෙන්න පුළුවන් ඉක්මනින් 

උඹටත් 







රැඩිකල් පෙම්වතෙක්
____

Saturday, July 26, 2014

බුකිය මොටද.......ලංවී මුණ ගැසෙනු බැරී.............





බුකිය වටේ සෑම කොනේ නුබම පෙනේ

ලයික් එකක් වත් දානවා කොහොම හරි

චැටුත් නැතුව හිටියත් බුකියේම අපි

දාහක් දේ තිබේ කීමට බැරුව වැසි.......


බුකියේ උන්ට දාහක් ඇස් ඇති හින්දා

ලයික් කමෙන්ට් චැට් මොකවත් නැති හින්දා

බ්ලොග් ගෙට් වලට යන්නත් දැන් බැරි හින්දා 

බුකියම හොඳයි බ්ලොග් ජි ප්ලස් නැති හින්දා  


ලයික් මොටද පෝස්ට් එකක් දමනු බැරී....

කමෙන්ට්ස් මොටද රිප්ලයි එක දෙන්න බැරී.......

දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී......

බුකිය මොටද.......ලංවී මුණ ගැසෙනු බැරී.............

Monday, July 21, 2014

රැඩිකල් ආදරේ


දුටිමි 

රට වට 

බුදියමින්
ගැහැනු සමගින් 

ඇති වෙන තුරු 

ප්‍රේමයට පිවිතුරු 

කන්‍යාවියන් 

සොයනා 

රැඩිකල්
     
   උපාසකවරු......
____

Sunday, July 20, 2014

ගබ්සා නොවූ ප්‍රේමය




දුවපං 

උඹල ඔක්කොම 

හොඳට 

හති වැටෙනකං

මං බලං 

ඉන්නං

උඹ 

කවද හරි 

දුවල 

එනකං......

Friday, July 18, 2014

සමනල් හීනය


සිතින් කවිකාරකම් කර 
හිතුවක්කාර සමනලයට
දහසක් මල් පිපිලා පාර 
දෙපසම
 
මලින් මලේ රොන් උරණ 
නිතරම ගුවන් ගත වෙන 
උමතු සමනල් ඇස් යට
හින හෙව්වට 
ආදරේ .....

ඉගිලිලා ගොහිල්ලා 
සමනලයා තටු සලා 
දැන්වත් ඇහැරියන් 
රෝස හීනෙන් උඹේ 
එතකොටවත් පෙනෙයි 
මායාව ආදරේ
_____

Thursday, July 17, 2014

පෙම් බැදිමි වෙසඟනකට




ලෝකයා අසයි 
හිටියෙම නැද්ද උඹට 
වෙන කෙල්ලෙක් 
ආදරේ කරන්න .....


යහළු සෙට් එක කියයි 
ආතල් එක අරං ගෙදර එනවා මිස 
ගොන් බඩුවකට කරගහන්න 
තොට පිස්සුද?.....

නෑසියන් බනියි 
නොදකින් තෝ 
අපේ පරම්පරාවේම 
මූනේ දැලි ගාපු එකා.....

මගේ සිත සොයයි 
ලේ මසින් හැදුනු ඇගේ 
මිය ඇදුනු හදවතේ 
ශේෂ වී ඇති ආදරෙන් බිංදුවක් .....

_________

Wednesday, July 16, 2014

මාරයා එනතුරු





තුවාලයි හදවතම 
ඔබේ නිය පහුරු වැද
තත්පරෙන් තත්පරේ 
මැරෙනවා මම තවම


ඇනපන් පිහිය ගෙන 
හදවතේ පතුලටම 
හැමදාම ටිකින් ටික 
විදවන්න බැහැ මෙහෙම

සුසානය මග බලයි 
පිළිගන්න අද හෙටම 
මිනීමල් කලඹ ගෙන 
එන්න ඔබ මා වෙතට
______

Sunday, July 13, 2014

මොර සූරන වැස්සට



හංගන් ඉන්න දරදඬු 
පිරිමි හිත යට
ඉඩෝරයට හසුව වියලුනු 
හදවත 
තෙමාපන් මොර සූරන 
වැසිදියෙන් 
ප්‍රේමයේ සැඩ රළින්
කැඩී සුනු විසුනු වී 
යන්නට 
ගල් සිත් වාන් දොරටු
 සියල්ලම
___ 

Saturday, July 12, 2014

ආදරේ





රුවැති ජනපද කලණියට
පෙම් බැඳී නන්ද කුමරුට 
පෙනුනා නම් ඇය පසුව 
නවදැලි හේනක 
දැවුණු වැදිරිය ලෙසට 

රුවට පෙම් කල සඳ
දෙසිත වේ නම් දෙපසක
වැහැරුණු පසුව රුව 
කෙලෙස වෙලෙමිද සෙනෙහසින් මම 

ගතින් උන්නත් දෙපසක
දෙසිත වෙයි නම් එක තැන
රුවෙන් තව මොන අරුමද?

පාරෝට පෙම් කොට 
බේබද්දෙක්ව මියගිය
දේව්දාස් ඇත්තට 
         උඹ නම් මහ පිස්සෙක් .........

Thursday, July 10, 2014

බුකි බිත්ති ආදරේ


ගෙතෙන කවි පද වැල් සමග
පින්තුර ආදරේ බේරෙන 
ටැග් වෙයි බිත්තියට 
ආදරේ හොයාගෙන 


නුඹේ අතිනුත් ගෙතෙන
ලියවිලි ප්‍රේමයෙන් නැහැවෙන 
ෂෙයාර් වෙයි බිත්තියේ
බඹර කැල වෙහෙසන්න 


බුකියෙන් එහා ගිය
නුඹේ හිත දන්න මම 
නරඹා බඹර සැණකෙළි 
සිනාසෙනවා මිසක් 
      වෙන කුමක් කරන්නද?.........