පස් අදින සෙට් එක

Saturday, March 31, 2012

උසාවි කතා

මේ පොස්ට් එක ටයිප් කරලා තිබ්බත් පබ්ලිෂ් කරනවද නැද්ද කියලා සෑහෙන කල්පනා කර කර ඉදලා අන්තිමට ඕන කෙහෙල්මලක් කියලා පබ්ලිෂ් කරලා දාන්න හිතුනා. අන්තිමට අධිකරණයට අපහාස කළා කියලා නඩුවක් වැටෙයිද දන්නෙත් නෑ. මේ දවස් වල  මගේ ග්‍රහ චාරෙත් අන්තිමයි කියලා අපේ අම්ම කියනව. මේ වෙන දේවල් වල හැටියට නම්  ඒ කතාව සහතික ඇත්ත කියලත් වෙලාවකට හිතෙනවා. 







පහු ගිය දවස් දෙක තුනකම ට්‍රැෆික් නඩුවක් හින්ද  උසාවී පොලිසි ගානේ රස්තියාදු වෙන්න සිද්ද උනා. මේකේ තියෙන්නේ  එතැනදී අහන්න දකින්න විදින්න සිද්ද උන සමහර කරුණු. ආශ්චර්යයට යන රටක අධිකරණ පද්දතියක් මේ වගේ මිනිස්සුන්ගේ කාලේ කන තැනක් බවට පත් වෙලා තියෙන එක ගැන නම් හිතට දැනුනේ ලොකු කනගාටුවක්.

එදා වැඩියම තිබුනේ ට්‍රැෆික් නඩු. ඒවායේ චෝදනාවත් පොලිසියට ඕන හැටියට. සම්ප්‍රදායට වරද කරුද නිවරදිකරුද කියල ඇහුවත් ඔක්කොම උන් වරද පිලි ගන්නේ නිවැරදිකරු කියපු ගමන් නඩුව කල් යන හින්දත් තව දවසක් කාලේ කාල දාන්න තියෙන අකමැත්තත් නිසාමයි. ලෝයර් කෙනෙක් අල්ලලා නඩුව දිගටම ගෙනිහින් නිවැරදිකරු වෙනවට වඩා වැරදිකාරයා වෙලා ගහන දඩයක් ගෙවලා ටික වෙලාවක් කුඩුවේ ඉදලා නඩුව එදාම ඉවර කර ගන්න එක ගොඩාක් ලාබයි. පාරේදී අල්ලපු ගමන්ම ට්‍රැෆික් රාලහාමිගේ අතට කියක් හරි මිට මොලවලා ගියා නම් ඔය නඩු මොනවත්ම නෑ.


මෙතැනදී මං දැක්ක තවත් දෙයක් තමයි ස්ත්‍රී දුෂණ නඩුවක් වගේ දෙයකදී පොලිසියෙන් නඩුව දැම්මත් අගතියට පත්  වෙන පාර්ශවේ ඉන්න ගෑනු ළමයා ඉදිරිපත් නොවෙන එක. උසාවියේ දෙනෝදාහක් දෙනා ඉස්සරහ ලෝයර් මහත්තුරුන්ගේ ප්‍රශ්න ඉස්සරහ ආයෙමත් සැරයක් දුෂණය වෙනවට වඩා වෙච්ච අසාදාරණේ ඉවසගන ගෙදරට වෙලා ඉන්න එක හොදයි කියලා ඒ අයට හිතෙන එක ගැන කිසිම සැකයක් නෑ.


පොලිසියේම මහත්තුරුම කියන විදියට නඩු කියන්න යනවා කියලා කියන්නේ ආණ්ඩුවට කියක් හරි ගෙවන්න යන ගමනක් මිසක් සාදාරණයක් බලාපොරොත්තුවෙන් යන ගමනක් නෙවෙයි. නීතියේ රාජකාරිය වෙන්නේ සාක්ෂි විමසලා සාදාරනය ඉෂ්ට කරන එක. ඒත් ඒ සාක්ෂි නිවැරදි ඒවාද නැද්ද කියන එක මෙතනට අදාළ නෑ. 


උසාවි කුඩුවට වෙලා පැය දෙකතුනක් ඉන්න කොට සුවිශේෂී පුද්ගලයෙක් මට මුණ ගැහුනා. ඒ කතාව ඇහුවම නම් මේ නීති මක්කටද කියලා හිතෙනවා. එයාගේ කතාවත් එක්ක ඊලග පොස්ට් එකෙන් ලගදීම හමුවෙමු 

Thursday, March 29, 2012

මාතෘකා වලින් වැඩක් නෑ

මගේ යාළුවො ඔක්කොම හැමදාමත් සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරපු මට ඒ සතුට විදින්න උරුමයක් නෑ කියලා දැන් මට තේරෙනවා.  නන්නත්තාර වෙච්ච අතීතයක් ගත කරපු මට ඒ අතිතේ වෙච්ච හැම දෙයක්ම අමතක කරලා අලුත් ජිවිතයක් පටන් ගන්න උදව් කෙරුවේ ඔයා.  මට ඈතින් ඉන්න පහන තරුවක් වගේ ඔයා මට අලුත් ජිවිතයක් පටන් ගන්න අරමුණක් උනා. එදා මං අලුත් ජිවිතයක් පටන් ගන්න හදන කොට ඔයා කිව්වේ ගොඩාක් අය කකුලෙන් අදිවී ඒත් වැටෙන්න එපා කියලා. ඒත් එහෙම කියපු ඔයාම මාව මේ විදියට නන්නත්තාර කරලා දාල යන්න යාවි කියල මං හීනෙකින් වත් හිතුවේ නෑ.


මං ඔයාට කොච්චර ආදරේ කලාද කියලා මට තේරුනේ ඊයේ රෑ. ඒත් මං එතකොට ගොඩාක් පරක්කුයි. ඔයාගෙම වෙලා ඔයා ලගින්ම ඉන්න බැරි උනත් ඔයාගේ සහෝදරයෙක් වගේවත් ඔයාව ඇසුරු කරන්න මට වාසනාවක් නෑ කියල දැන ගත්තම මට දැනුනේ මගේ මුළු ලෝකෙම ඒක පාරටම කකුල් දෙක ලග කඩාගන වැටුනා වගේ.


මං ඔයාට ගොඩාක් ආදරෙයි කියන එක මුළු ලෝකෙටම ඇහෙන්න උනත් කෑ ගහලා කියන්න මට පුළුවන්. ඔව් මං ඔයාට ගොඩාක් ආදරෙයි. ඒක එහෙම නෙවෙයි කියන්න ඔයාටවත් ඔයාගේ සතියයි දවස් දෙකේ ආදරවන්ත දෙයියන්ටවත් අඩුම ගානේ මට වත් බෑ. මොකද ආදරේ කියන්නේ හිතේ ඇතිවෙන බැදීමක්. ඒක ඒක ඒක නීති දාල ඇත් කරලා දාන්න කාටවත්ම බෑ.


ආදරේ හින්ද දැනෙන වේදනාව මගේ හිතට අමුතු දෙයක් නෙවෙයි. බිදුන ආදරේ හින්ද හිතේ ඇතිවෙලා තිබ්බ තුවාලේ සනීප කෙරුවේ ඔයා. දැන් ආයෙමත් ඒක පාරලා විනාශ කරලා දාල ඔයා යන්න ගිහිල්ල. මේ වේදනාව තවත් කාලයක් යනකම් මගේ හිතට තදින්ම දැනෙයි. රෑට නින්දක් නැතිවෙයි. ජිවිතේ අපායක් වගේ දැනෙයි.


දැන් මට ඇහෙන දකින කිසිම දෙයක් ගැන කිසිම විශ්වාසයක් නෑ. ඔයා ඊයේ රෑ කිව්වා හැම දෙයක්ම තවමත් හීනයක් වගේ. මං එවන කිසිම මැසේජ් එකකට රිප්ලයි නැති උනත් ෆෝන් එකේ නම්බර් මාරු කලත්. එෆ් බි එකේ ගුගල් ප්ලස්‌ එකේ එකවුන්ට් වලින් මාව බ්ලොක් කරලා දැම්මත් මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරේ ඔයාට නැති කරලා දාන්න බෑ. මේ පුංචි ලංකාවේ කවද හරි  කොහේ හරි කොතනකදී හරි කොහොම හරි අපි මුණ ගැහෙයි කියලා මගේ හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා.
ඔයාට මගෙන් ඈත් වෙලා ඉන්න ඕන නම් එකම ඒක පාරක් මාව මුණ ගැහෙන්න. ඔයාට කියන්න තියෙන දේවල් මගේ මුනටම කියන්න. දැන් මට ඔයා කියන ඕනෑම දෙයක් විද දරා ගන්න පුළුවන්. එ වෙනුවෙන් මේ ලංකාවේ ඔයා කියන ඕනෑම තැනකට එන්න මම ලෑස්තියි. එතකන් ඔයා ඊයේ කියපු කිසිම දෙයක් මට විශ්වාස නෑ. මං හිතන්නේ ඒක ඊයේ රෑ දැකපු ගොඩාක් දුක හිතෙන හීනයක් කියල විතරමයි.


ඔයා පිළිගත්තත් නැතත් මං ඔයාට ගොඩාක් ආදරෙයි. එදා කිව්වා වගේ මං හැමදාමත් පැතුවේ ඔයාගේ සතුට. මට මේ කතාව කියන්න කවුරුවත්ම නෑ. මේ වේදනාව තවත් හිතේ හිර කරගන හිටියොත් මට පිස්සු හැදෙයි. මේක කෙටුවේ හිතේ තියෙන වේදනාව පොඩ්ඩක් හරි අඩු කර ගන්න මිසක් කාගේවත් හිත රිදවන්න වත් ඔයාගේ ආදරේ බලෙන් ලබා ගන්නවත් හිට්ස් කමෙන්ට්ස් ගන්න හිතලවත් නෙවෙයි...........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

Friday, March 16, 2012

රෙපාගේ අතුරුදන් වීමට හේතුව දේශපාලන ගේමක්ද? බහු ජාතික Com පැණි කුමන්ත්‍රණයක්ද?

පලවෙනි කොටසට මෙතනින්  ගිහින් කියවන්න පුළුවන්


උදේ පාන්දර දැකපු සුභ දර්ශනෙන් පිබිදුන ප්‍රබෝදමත් සිතින්  මනොජුයි මමයි ඒජන්සියට ආවා. ගොඩ වෙනකොටම කෝල් එකක්.


"ගුඩ් මෝනින් සුදු මැණිකේ"


"ගුඩ් මෝනින් අදවත් එනවද මේ පැත්තට?"


"මම ආවත් නැතත් බඩු එවනවා මොනවද ඔයාට ඕනේ රත්තරං"


"අසුවෙන් තනි පහයි කොටු දෙකයි, තව හාරසිය කොටු පෙට්ටියයි"


"කැඩුන පෙට්ටියක්ද හොද එකක්ද"


"පල යන්න වලත්තයා" ඒකී ෆෝන් එක තිබ්බා.


"බලපං බං මුන්ගේ වල් හිත අර ලොරියේ තිබ්බ කැඩිච්ච හාරසියේ කොටු පොත් පෙට්ටිය එවන්නද ඇහුවම වලත්තයා කියල බනිනවා. උඹ ඒ පැත්තේ යනවනම් මේ බඩු ටිකත් අරන් පලයන්. මට අද එහෙ යන්න බෑ. දන්නවනේ උදේ පාන්දර ඕකිගේ කට අවුස්ස ගත්තොත් සිද්දවෙන දේ."


මං මනෝජ්ට එහෙම කිව්වේ ඕඩරේ බඩු ටික බිල් කරලා බිල උගේ අතට දෙන ගමන්
උගේ උත්තරේ ලැබෙන්න කලින්ම තවත් කෝල් එකක් බෝසාගෙන්


"තවම ඒජන්සියේද ඉන්නේ."


"ඔව් සර්"


 "එහෙනම් අද ෆීල්ඩ් එකට යන්නේ නැතුව කම්පනියට එන්න".


වැඩි විස්තර අහන්න කලින් බොසා ෆෝන් එක තිබ්බා.




කොහේ යන්නත් කලින් ඩොකියුමන්ට් ටිකේ වැඩ ඉවර කරලා දාන්න ඕන හින්දා මම එතන තිබ්බ පුටුවට බර උනා

කොම්පැනියට ගොඩ වෙනකොටම ඉස්සරහට මුණ ගැහුනේ අපේ රත්නතිලක බොසාව. 

“මොනවද බං උඹ මේ කර ගන්න වැඩ” 

“ඇයි මොකද සර් වෙලා තින්නේ” 

මම ඇහුවේ මොකුත්ම හිතා ගන්න බැරුව.

“අද එන්න කිව්වේ මොකටද කියලා දන්නවද?”

“නෑ”

“අද උඹට විරුද්දව විනය පරීක්ෂණයක් තියනවලු”

“මොකක් ඒ මං මොන වරදක් කරාටද සර් “

 මේ මොන ගිනි ගෙඩියක්ද මගේ ඔලුවට කඩා පාත් වෙන්න යන්නේ. මේ දවස වල මගේ කේන්දරෙත් මොක්ද ග්‍රහයෙක් නීච වෙලා කියලා දවසක් අපේ අම්ම කියනවා මං අහගන.

"තාම අපි දන්නෙත් නෑ බං මේ සිං එක මොකක්ද කියලා. උඹ වරදක් කරලා නැත්තම් බය වෙන්න එපා. මොකද වෙන්නේ කියලා අපි බලමුකෝ."

එහෙම කියපු රත්නතිලක බොසත් හෙමිහිට මාරු වෙලා ගියා. ටික වෙලාවකින් මට කොන්ෆරන්ස් රූම් එකට එන්න කියලා පණිවිඩයක් ආවා. ඒක පිරෙන්නම සෙනග. කොම්පැනියේ මැනේජර් විජිතමුණි ලොක්කයි එකවුන්ටන් (අප) කිර්ති ලොක්කයි ඉස්සරහ මේසයක් උඩ තිබ්බ ලැපක් දිහා කන්න වගේ බලාගන හිටියා. 

“වාඩිවෙන්න”

 විජිතමුණි බොසා පුටුවක් පෙන්නලා කිව්වා. මං වාඩි උනා.  (අප) කිර්ති ලොක්කා කට ඇරියා.

"මම හිතන්නේ තමුන් තවම දන්නේ නැතුව ඇති අද තමුන්ට මෙතෙන්ට එන්න කිව්වේ මොකටද කියලා. තමුන්ට විරුද්දව බරපතල චෝදනා ගණනාවක් තියෙනවා. ඒත් තමුන් වරදක් කරලා නැත්තම් බයවෙන්න එපා. දැන් අපි තමුන්ට විරුද්දව තියන චෝදනා එකින් එක ඉදිරිපත් කරනවා. ඒ සම්බන්දව නිදහසට කාරනා තියනවා නම් තමුන්ටත් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්."

“මම නම් දැනුවත්ව කිසිම වරදක් කරලා නෑ සර්”

(අප) කිර්ති ලොක්කා මං දිහා බලලා කින්ඩියට හිනා උනා. 

"මේ ඇවිල්ල ඉන්න හැම එක්කෙනාම අද ඇවිත් ඉන්නේ තමුන්ට විරුද්දව සාක්ෂි දෙන්න කියන එකත් මතක තියාගන උත්තර දෙනවා."

හැහ් මෙච්චර සෙනගක් මට විරුද්දව. මං මොන වරදක් කලාටද?  මේක නම් අර නීච වෙලා තියෙනවා කියන ග්‍රහයගේ ගේම් එකක්ම තමයි. ලගදීම කේන්දරේ මාරයා අයියට හරි ජෝතිෂ්‍ය අයියට හරි මේල් කරන්න වෙනවා මේ කරුමෙන් බේරෙන්නේ කොහොමද කියලා අහගන්න.

“වැඩිය කාලේ නාස්ති කරන්න ඕන නෑ එහෙනම් මෙන්න පලවෙනි චෝදනාව.”

“අන්තර්ජාලයේ පවත්වාගන යන බ්ලොග් අඩවි තුලින් ආයතනයේ කිර්ති නාමයට සහ පුද්ගලයන්ට අපහාස වන පරිදි පොස්ට් පල කිරීම.”

මොකක්ද යකෝ මේ චෝදනාව. බ්ලොග් ලියන එකත් වැරද්දක්ද? මොන උප්පරවැට්ටියක් දාල හරි මේකෙන් බේරෙන්න මං හිතුවා.

“අන්තර්ජාලයේත් බ්ලොග් කියලා ජාතියක් තියෙනවද සර්. මම නම් මෙච්චර කාලෙකට දැනගන හිටියේ අර සිමෙන්ති වලින් හදන බ්ලොග් ගල් ගැන විතරයි. කව්ද සර් ඔය ආයතනයට අපහාස කරලා තියෙන්නේ ”

“ඒ ගමන තමුන් මෙතන බබා පාට් දාන්නත් පටන් ගත්තද? මතක තියා ගන්නවා. මෙතන තමුන් කියන හැම වචනයක්ම බොරු කියලා ඔප්පු කරන්න තමයි මේ හැම එක්කෙනාම මෙතනට ඇවිත් ඉන්නේ කියලා. දන්නවද බොරු කිව්වොත් ලැබෙන දඩුවම මොකක්ද කියලා”

“ඔව් සර් සේල්ස් රෙප් කෙනෙක් බොරු කිව්වම කමිෂන් එක වැඩි වෙනවා. හොදටම බොරු කියන්න පුළුවන් කෙනාට සුපවයිසර්, ඒරියා මැනේජර් වගේ ප්‍රමොෂනුත් හම්බවෙනවා,”

“තමුසේ මේක විහිළුවක් කියලා හිතුවද” (අප) කිර්ති ලොක්කා මට එරෙව්වා

“මට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් රෙප් මහත්තයා කියන නමින් බ්ලොග් පොස්ට් දාන්නේ මේ ඉන්න අරුණ හෙට්ටිආරච්චි කියන කෙනාමයි කියලා.” 

අහිංසක පාට වලස් මුණක් තියන පොරක් නැගිටලා ඇවිත් ලැපා ඉස්සරහ වාඩිවෙලා එෆ් බි එකට ලොග් උනා.  කෙලින්ම ගියේ මගේ ඔරිජිනල් ප්‍රොෆයිල් එකේ Website  කියන තැන දාල තිබ්බ www.pinaage-kuppiya.blogspot.com ලින්ක් එකට.  මිනිහා කතා කරන්න පටන් ගත්තා. මට කට උත්තර නැති උනා.

“මේ තියෙන්නේ තමුන්ගේ ඔරිජිනල් ප්‍රොෆයිල් ඒක කියලා පිලිගන්නවා නේද?”

“ඔව්”

“ඉතින් තමුන් බ්ලොග් කියලා ජාතියක් ගැන දන්නෙම නැත්තම් මොකක්ද මේ බ්ලොග් එකක ලින්ක් එකක් දාගන කරන්නේ. අනික මේ ප්‍රොෆයිල් පික්චර් එකේ තියෙන්නෙත් ලංකාවේ බ්ලොග් ලියන උන් පිස්සු කෙලින්න ගාලු ගිය වෙලාවේ අරගත්ත ෆොටෝ එකෙක්. මෙයා ඉස්සර ලිව්වේ අම්බලමක නමින් මෙන්න මේ පොස්ට් එකේ අන්තිමටම තියෙනවා අම්බලම රෙප් මහත්තයා වෙච්ච හැටි. මතක නැත්තම් ඇවිත් බලා ගන්න.”


මෙයා නම මගේ අතිතේ ගැනත් හොදටම විශ්ලේෂණය කරලා ආව පොරක් වගේ. දැන් නම් බොරු කියලා බේරෙන්න හම්බ වෙන්නේ නැති බව ෂුවර් 



“දැන් තමුන්ට තවත් ඔප්පු කරලා පෙන්නෙන්න ඕනද රෙප් මහත්තයා කියන නමින් පොස්ට් ලියන්නේ තමුන් කියලා”.

විජිතමුණි බොසා ඇහුවා.

“මම පිලිගන්නවා සර්, මේ බ්ලොග් ලිව්වේ මම කියලා ඒත් ඒක එච්චර වැරද්දක් කියලා මම හිතුවේ නෑ.”

“රෙපා කියන්නේ කව්ද කියලා එළිදරව් කරලා අපේ ආයතනය වෙනුවෙන් කල සේවයට සාතන් කොලුවට 
මෙන්න  අපේ කොම්පැනියෙන් පොඩි තෑග්ගක්. අපිට උදව් කරන අයට අපි හොදට සලකනවා.” අපේ ප්‍රතිපත්තිය තමයි සතුරන් වලලන් මිතුරන් ගොඩ ගන් කියන එක” 
(අප) කිර්ති ලොක්කා ලියුම් කවරෙක දාපු චෙක් කොලයක් සාතන් කොලුවාගේ අතේ තිබ්බා.

යකෝ එතකොට මට මේ ගේම දුන්නේ අර සාතන්ගේ අඩවිය ලියන එකාද? අම්මපා අහිංසක කොලුවා වගේ ඉදගන මු දීපු ගේම” මට දැන් මුව කන්න කේන්තියි, ඒත් මේ වෙලාවේ මොනවා කරන්නද මම.
චෙක් කොලේ අතට ගත්තු සාතන් කොලුවා මා ලගට ආවා.

“මාකට් එක බැහැලා තියෙන මේ වෙලාවේ ෂෙයාර්ස් ටිකක් අරන් දාන්න හිතුනා බං. අතේ සල්ලිත් නැති වෙලාවනේ. ගණන් ගන්න එපා. සාතන් කොලුවා චෙක් කොලේ ඉඹ ඉඹ පිට වෙලා ගියා. දැන් ඉතින් නාහෙට උඩින් වතුර ගිහින් තියෙන එකේ තව මොනවා උනත් මට මොකද කියලා මම හිත හදා ගත්තා. 
ඒ පොස්ට් එක සම්පුර්ණයෙන් කියවපු (අප) කිර්ති ලොක්කා දත්මිටි කාගන මගේ මුණ දිහා බලාගන ඉන්නවා.  

“බලනවා විජිතමුණි මේ යකා ලියල තියෙන ඒවා “රට හරකෙකුට අන් තට්ටුවක් උවමනා කර තිබේ” කියලා.  තමුසේ කා ගැනද මේ ලියලා තියෙන්නේ. මේක සම්පුර්ණ අපහාසයක්"
ලොක්කට හොදටම තද වෙලා.

 “අනේ සර් මම කාටවත් අපහාස කරන්න හිතලා මේක ලිව්වේ නෑ.  නිකන් ආතල් එකට ලියපු එකක්.”

“අනේ බොරු කියන්නේ නැතුව ඉන්නවා අයිසේ. තමුසේ හොදටම දන්නවා මේ කොම්පැනියේ ඔහොම එකෙකුට ඉන්නේ මම විතරයි කියලා “ 
(අප) කිර්ති බොසාට එහෙම කිව්වා නෙවෙයි කිය උනා.

"කට කට අහක යන තොප්පි දාගන්නේ නැතුව කට පියාගන ඉන්නවා. ඔය තියන විදියට ලේඛම් කෙනෙක් හෙව්වේ මමනේ."
විජිතමුණි බොසා හිමිහිට කියනවා ඇහුනා.  

“චෝදනා අංක දෙක, පවත්වාගන යන බ්ලොග් අඩවිය තුල වෙනත් ආයතන වල නිෂ්පාදන පිළිබද දැන්වීම් පල කිරීම. මෙන්න තියෙනවා පොස්ට් ඒක." 

මරු-සින් මාර්කටිං - වෙළද දැන්වීමක් ( නෙවෙයිද මන්දා )




"මේ ගැන තමුන් මොකද කියන්නේ”

“මේ ඔක්කොම මම නිකම් කම්මැලිකමට ලියපු ඒවා විතරයි සර් “

“අනික තමුන් මේ කොටස් කියලත් ජාතියක් ගන්න විකුණන හැටි ගැන ලියලා තියෙනවා. මේ තියෙන්නේ කොටස් වෙළද පොලේ ගනුදෙනු කරන එක ගැන .


එකක් මතක තියා ගන්නවා කම්මලිකමටවත් කොටස් වෙලදපොලේ වීතරක් නෙවෙයි අපේ කොම්පැනියේ ඒවා ඇර වෙන නිෂ්පාදන පිලිබදව කතා කිරීම ප්‍රචාරය කිරීම අලවි කිරීම තමුන්ට තහනම්. බොරු නම් බලනවා පත්වීමේ ලිපියේ තුන් වන ඡේදය.”

“මේ කොම්පැනියේ විතරක් නෙවෙයි මෙයා දාල තියෙන පොස්ට් හින්දා තව පොඩ්ඩෙන් මේ රටේ සමස්ත  බැංකු පද්දතියම විනාශ වෙනවා. වෙලාවට රටේ ජනතාව මේ මිනිහා ලියන පොස්ට් කියවන්නේ නැත්තේ. ඒවා කියවලා ඒ තියන විදියට කළා නම් අපේ ජොබ් වලට මොකද වෙන්නේ.” 

මෙන්න එහෙනම් අපේ පලවෙනි පාඩම




මෙච්චර වෙලා කට පියාගන හිටපු කුරුණෑගල පැත්තේ බැංකුවක වැඩ කරන කොල්ලෙක් පොස්ට් එකක් පෙන්නලා කෑගහන්න පටන් ගත්තා. ඒ මදිවට එකේ මෙයා මේ පොස්ට් එක කියවලා මං වගේ බැංකුවේ මහත්තුරු තරහ වෙයිද දන්නෙත් නෑ කියලා ලියලා තියලා. හදිසියේ හරි මේක කියවලා බැංකුව වැහුණ නම් අසරණ අපේ දරු පවුල් බලා කියා ගන්නේ කවුද?”
බැංකුවේ කොලුවා අඩන ඇඩිල්ලට මට පව් කියලා හිතුනා. මොනවා උනත් අහිංසක කොලුවා.

"අම්මපා මේ යකා මේ හැසිරෙන විදිය අපේ කොම්පැනියට විතරක් නෙවෙයි රටේ මුල්‍ය පද්දතියටත් බොහොම හානිකරයි. වහාම මෙයාට දඩුවම් දෙන්න ඕනේ.“

(අප) කිර්ති ලොක්ක බොහොම ගරු ගාම්භීර විදියට කිව්වා.

"මේ චෝදනා ඔක්කොටම තමුන් වැරදිකරු බවට අපි තීරණය කරලා ඉවරයි. එකට මේ මාසේ සම්පුර්ණ පඩියම පැනල්ටි. ඊට අමතරව මේ කම්පනියේ වැඩ කරන තාක් කල් තමුන්ට බ්ලොග් ලිවිම කියවීම තහනම්. තේරුනාද?"

"ඒක නම් මට කොහොමටවත් කරන්න බෑ සර් මේ කෙහෙල්මල් රස්සාවට වඩා බ්ලොග් ලියනවා කියවනවා. කියන එක මට වටිනවා. බ්ලොග් ලිවිල්ල නවත්තුවත් බ්ලොග් කියවිල්ල නම් නතර කරන්න මට බෑ. මගේ නමින් කමෙන්ට් කරන්න බැරි නම් ඇනෝවෙක් විදියට ගිහින් මම අර ශානි කෙල්ලගේ බ්ලොග් එකේ හරි පිස්සු කෙලිනවා. මෙන්න මගේ ඉල්ලා අස් වීමේ ලිපිය."

 මේ යන විදියට රස්සාවේ ආයුෂ  තව ටික කාලයක් බව දැනුන නිසාම මම ලොකු ටොක් එකක් දුන්නා.

"තමුන්ට ඕන ඕන විදියට එහෙම රස්සාවලින් අයින් වෙන්න බෑ. අස්වීමේ ලියුම බාර දීලා මාසයක් වැඩ කරන්න ඕනේ. ඒ හින්දා තව මාසයක් වැඩ කරලා ඕන නම් ගෙදර යනවා."

මට කට උත්තර නැති උනා.

මාසයක් යනකං වත් මේ යකාගේ බ්ලොග් ලිවිල්ල නවත්තන්න පුළුවන් වෙච්ච එක නම් ලොකු දෙයක්. ඔය බ්ලොග් එකකට මාසයක් කිසිම පොස්ට් එකක් දැම්මේ නැත්තම් ඒ බ්ලොග් ඔක්කොම සින්ඩි වලින් අයින් කරනවා. එතකොට මේ බ්ලොග් එක කියවන්න බලු බල්ලෙක් වත් එන එකක් නෑ. ලොක්ක අපිට නියමෙට සලකයි නේද බං. දාපන්කෝ පහක්" (අප)කිර්ති බොසා පහක් දාන්න හදනකොට විජිතමුණි බොසා දහයක්ම දැම්ම.

"ඔය රෙපාම තමයි පහු ගිය දවස වල මහ කරදර කාර ඇනෝවෙක් විදියට ඇවිත් මගේ බ්ලොග් එකේ පිස්සු කෙලියේ. හොද වැඩේ ඔය රෙපාට අහුවෙයන්කෝ හලාවත පැත්තේ එහෙම ඇවිත්. හොද වැඩක් කරනවා."  අවුරුදු විසි ගානක් වෙලත් තවමත් බබා වෙන්න හදන කෙල්ලෙක් ජපන් බෝනික්කියෙකුත් තුරුළු කරන ඇවිත් මහා හයියෙන් කෑ ගහන්න ගත්තා." තාමත් එයා පුංචි බබෙක් වගේ හින්ද එයාගේ කෑගැහිල්ල කවුරුවත්ම ගණන් ගත්තේ නැ. තනියම කෑ ගහලම එපා වෙලා ටික වෙලාවකින් අතේ තිබ්බ ජපන් බෝනික්කිවත් කිහිල්ලේ ගහගන ඒ කෙල්ල පාරේ ගිය පුත්තලම් බස් එකක එල්ලුණා.

(අප) කිර්ති ලොක්කයි විජිතමුණි ලොක්කයි යන්න ලැස්ති උනා.

“හොද වැඩේ ඔය රෙපාට. මෙන්න මමත් ලියලා තියෙනවා ඉස්සර කාලේ රෙපෙකුට වෙච්ච දෙයක්” 

The Grand Hotel - Kurunegala



අවුරුදු හැත්තෑවක් අසුවක් විතර උනාට ඔබා  තාමත් බබා වගේ ශෝටක් ගහ ගත්ත අන්කල් කෙනෙක් හැරමිටියක වාරුවෙන් පොස්ට් එකක් දික් කරගන ආවා. ඒ පොස්ට් එක කියවලා විජිතමුණි ලොක්කටයි (අප)කිර්ති ලොක්කටයි දෙන්නට හොදටම හිනා.

“මම නම් අහල තියෙන්නේ ඒ කාලේ මේක සිද්ද වෙලා තියෙන්නේ රෙපෙකුට නෙවෙයි. ඔය අලව්ව කුරුණෑගල පැත්තේ සි ටි බි ඩිපෝවක බස් වලට හුලන් ගහ ගහ හිටපු පොරකට කියලා. ඔය සිං එක ඩිපෝ එකේ ඉන්න කට්ටිය දැන ගත්ත හින්දා නොන්ඩියටම මිනිහා ගම රටත් ඇත ඇරලා දාල ගියා කියලා  තමයි ඒ කාලේ අපට නම් ආරංචි උනේ. ඔන්න දැන් මිනිහා ඔය ඔස්ට්‍රේලියාවේද කොහෙද ඉදගන එහේ කොච්චි වලට හුලන් ගහනවලු”

එහෙම කියපු බොසාල දෙන්න කොන්ෆරන්ස් රූම් ඒකෙන් පිටවෙලා ගියා. මමත් කොම්පැනියෙන් පිට වෙලා පාරට බැස්සා. තාමත් හිතා ගන්න බෑ මොකක්ද මේ උනේ කියලා. සුදුපාට වෑන් එකක් එක පාරටම ඇවිත් මා ඉස්සරහ බ්‍රේක් කළා. අහිංසක පෙනුම තියෙන දඩාර් සයිස් අයියලා සෙට් එකක් බොහොම සාන්ත දාන්ත විදියට වාහනෙන් එලියට බැස්සා.

“අඩෝ රෙපා උඹව තනියෙන් අහු වෙනකම් තමයි අපිත් බලාගන හිටියේ. දැන් උඹේ රස්සාවටත් බඩු හරිනේ. කැළණි ගගෙන් මෙහා පැත්තේ කොම්පැනියක ඉදගන අපේ ලොක්කට අනම් මනං ටෝක් දාලා බේරිලා යන්නද හැදුවේ."

අයියලා සෙට් එකම වට කරගන මට නෙලන්න පටන් ගත්තා

“බුදු අම්මෝ”........

"මොකද බං මේ කෑ ගහන්නේ හීනෙන් බය උනාද? අද උඹට ෆීල්ඩ් එකට යන්න අදහසක් නැද්ද? රෑ තිස්සේ නිදි මරලා මල් කඩ කඩ ඉදලා දැන් මෙතන ඇවිත් දොයි. බඩු ටික ලෝඩ් කරලා ඉවරයි දැන්වත් ඉතින් පලයන් පව් නොදී ."

 ඒජන්සියේ ධම්මික අයියා එහෙම කියාගන ඒ පැත්තට ආවා.....