Monday, June 25, 2012

ආදරය, කෑදරය සහ ජීවිතය



මේකත් මාතෘකාව දැක්ක ගමන් හැමෝම හිතන ආකාරයේ ලිපියක් නොවෙන්න පුළුවන්. මොකද මේ මාතෘකාව සම්බන්දයෙන් ලියන්න නම් කොයිතරම්ම දේවල් තිබුනත් කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරනවද කියලා මට හිතා ගන්න බැරුව ඉන්නේ. ඇත්තටම ආදරය කියලා කියන්නේ මොකක්ද? මේක හරියටම තේරුම් ගත්ත කවුරුම හරි කෙනෙක් ඉන්නවද කියලා මම නම් දන්නේ නෑ. ඒත් මේ ලෝකේ හැම දෙයක්ම රැදිලා තියෙන්නේ, පවතින්නේ ආදරය නිසා. කෙනෙක් ඉපදුන දවසේ ඉදලා මැරෙන දවස වෙනකම්ම ජීවිතය ජිවත් කරවන්නේ මේ කියන ආදරය නේද? ඒක මනුස්සයට විතරක් නෙවෙයි ලෝකේ ඉන්න හැම සතා සිපාවටම පොදුයි.

පුංචිම කාලේ පුංචි දරුවෙකුට වැඩිපුරම ලැබෙන්නේ අම්ම තාත්ත දෙන්නගේ ආදරය. ඊට පස්සේ පවුලේ අයගෙන් සමාජයෙන් නෑදෑ හිත මිතුරන්ගෙන් වගේ සමාජේ ගොඩාක් අයගේ ආදරේ ලැබෙනවා. ඒත් අද පවතින සමාජ වාතාවරණය ඇතුලේ අම්ම තාත්තගේ ආදරයවත් හරියට ලැබෙන්නේ ඉපදෙන දරු පැටවුන්ගෙන් කියෙන් කි දෙනෙකුට විතරද? දරුවාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක හරි ආයා කෙනෙක් ලග නවත්තලා තියලා අම්මලා තාත්තලාට සල්ලි හොයන රේස් එකේ දුවන්න වෙලා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි.

ඊළගට දරුවා ටිකක් ලොකු මහත් වෙලා ඉස්කෝලෙට ඇතුලත් කරපු දවසේ ඉදලා හැම දෙමාපියෙක්ගේම බලාපොරොත්තුව තමන්ගේ දරුවා පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් කරවලා ලොකුයි කියලා සම්මත වෙච්ච ඉස්කෝලෙකට යවන එක. ඒ දෙමාපියන් දරුවන්ට තියෙන ආදරය නිසා, ළමයට යහපත් අනාගතයක් හදල දෙන්න ඕන කියන සිතිවිල්ල නිසා වගේම තමන්ගේ දරුවා යන්නේ අහවල් ඉස්කෝලෙට කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන්කම වගේ හේතු ගොඩාක් නිසා. මේ කාරනාව නිසාම දරුවට සිද්ද වෙන්නේ එක වසරට ගිය දවසේ ඉදලම පිම්මේ රේස් එක දුවන්න පටන් ගන්න. ඒත් ඔය වයසේදී පුංචි දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ උදේ ඉදන් හවස් වෙනකම්ම පොත්වල ඇලිලා ඉන්න එක නෙවෙයි. එයා බලාපොරොත්තුවෙන්නේ යාළුවො එක්ක සෙල්ලම් කරන්න. අම්ම තාත්තගේ තුරුලට වෙලා හුරතල් වෙන්න. සියා ගෙන් ආච්චිගෙන් කතන්දරයක් අහ ගන්න වගේ දේවල්. ඒත් රේස් එක අත අරින්න බෑ. අත ඇරියොත් පැරදෙනවා. ඒ නිසා පුංචි දරුවට සිද්ද වෙනවා තමන්ගේ ළමා කාලය කැප කරලා රේස් එක දුවන්න.

මට ඇත්තටම මේ ලිපිය ලියන්න මුලින්ම හිතුනේ මුහුණු පොතේ ඉන්න මොන්ටිසෝරි බබාලා සෙට් එකයි හුරතල් සත්තු ටිකයි දකින කොට. දෝනිලා, පැන්චිලා, සිගිතිලා, මදිවට වලස් මාමලා, අලි පැටවූ, වගේ කීදෙනෙක් මුණු පොතේ ඉන්නවද? ඒ වගේ ෆේක් ප්‍රොෆයිල් හදාගෙන ආයෙත් තමන්ගේ ළමා කාලෙට යන්න උත්සාහ කරන අය කොයි තරම්ද? ඇත්ත ලෝකේ අවුරුදු පහලවේ දාසයේ විතර ඉදලා තිස් ගණන් වෙනකම් පිරිසක් ෆේක් ලෝකේ බබාලා වෙලා පුංචි කාලේ එයාලට නැති උන ලෝකය හොයා ගෙන යනවා. ඇත්තටම ඒ අයට වරදක් කියන්න බෑ. සමාජය ඉස්සරහ බොළදයි වගේ පෙනුනට ඒ අය හොයන්නේ එයාලට නැති වෙච්ච ඒ අයගේ ළමා කාලය. ලොකුයි කියලා සම්මත ඉස්කෝල වල ඉගනගෙන. ලොකුයි කියලා සම්මත රස්සාවල් කරන ගොඩ දෙනෙක් මුහුණු පොතේදී පුංචි උන් ආස කරන කාටුන් චරිත බවට පත් වෙලා ඒ ලෝකේ ජිවත් වෙන්න හදනවා. ඇත්ත ලෝකේ ඉදන් බලනකොට විකාරයක් වගේ පෙනුනට ඒ ලෝකේ ඇතුලට ගිහින් ජිවත් වෙනකොට ගොඩාක් සුන්දරයි.

පුංචි දරුවා කොහොම හරි කරලා ශිෂත්ව විභාගෙත් පාස් කරලා ඊළගට යන්නේ ලොකුයි කියලා සම්මත ඉස්කෝලෙකට. මෙච්චරකල් අම්ම තාත්ත එක්ක ජිවත් වෙච්ච ඒ දරුවට ඊළගට සිද්ද වෙන්නේ තනියම බෝඩිමක හරි ඉස්කෝලේ හොස්ටල් ඒකෙ හරි ජීවිතය පටන් ගන්න.
මෙච්චර කාලයක් ගෙදරින් එලියට බහින්නේ නැතුව අම්ම තාත්තගේ රැකවරණය ඇතුලේ හිටපු පුංචි එකාට එදා ඉදන් සිද්ද වෙන්නේ තනියම සමාජයට මුහුණ දෙන්න. මේ කියන පිරිස අතරේ තමන්ගේ වැඩේ කර ගන්න මොනවා හරි කරලා ටාගට් එකට යන පිරිසකුත් ඉන්නවා. ඒක ඒ අයගේ හැකියාව. තවත් පිරිසකට මේ අමුතුම පරිසරයට වැටිච්ච ගමන් සිද්ද වෙන්නේ නන්නත්තාර වෙලා යන එක. මෙච්චරකල් බැදිලා හිටපු නීති රීති ලිහිල් වෙලා අලුත් පරිසරයක් අලුත් ලෝකයක් එක්කම ලැබෙන අමුතු නිදහසින් ප්‍රයෝජන අරගෙන විනාස වෙලා යනවා. ගමේ ඉස්කෝලෙන් ශිෂත්ව විභාගේ ඉහලින්ම සමත් වෙලා කොළඹ ආව දරුවා ඕලෙවල් වෙනකොට විෂයන් ඔක්කොම ෆේල් වෙන්නේ අන්න ඒ හේතුව නිසා.

ඊළගට ඉස්කෝලේ හය හත පන්ති වලට එනකොටම බලාපොරොත්තු වෙන්නේ විරුද්ද ලිංගිකයන්ගේ ආදරය. දැන් නම් යාන්තම් අකුරක් ලියාගන්න පුළුවන් වෙච්ච ගමන් තුන වසරේ ඉන්න පොඩි උනුත් ලියුම් ලියලා අහුවෙනවා කියලයි ආරංචි. ඒකට නම් ඉතින් පොඩි උන්ට දොස් කියලා වැඩක් නෑ. පොඩි දරුවෙක් උදේ ඉදන් හවස් වෙනකම්ම රූපවාහිනියෙන් වගේම සමාජයෙනුත් නිතරම දකින්නේ ප්‍රේම අදෝනා. දරුවෙක් නිතරම අත්හදා බලන්න උත්සාහ කරන්නේ නිතර දෙවේලේ ඇහෙන දැනෙන දේ කනට ඇහෙන දේ.

පාසල් ප්‍රේමය කියන එකත් දැන් සාමාන්‍ය දෙයක්. විනය නීති වගේ දේවල් වලින් පාසල් ප්‍රේමය නතර කරන්න පාසලේ විදුහල්පති තුමාගේ තුමියගේ ඉදන් ගොඩාක් අය එදා ඉදන් උත්සාහ කලා. ඒත් ඒක කාටවත් නතර කරන්න බැරි උනා. මොකද කියනවා නම් හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා හිතක ඇතිවන හැගීමක් නීති වලින් නවත්තන්න බෑ. ඒත් ඔය කාරනාව අදටත් ඒ තැන්වල ඉන්න අයට තේරුම් ගන්න බැරි පාසල් කාලයේ ඒ අයගේ ජිවිත වලත් ඔය වගේ කාලයක් තිබුනා නේද කියන එයාලත් අමතක කරලා ඉන්න නිසා වෙන්න ඇති. ඔය වගේ සාමාන්‍ය දේවල් නවත්තන්න මහන්සි වෙනවට වඩා ළමයින්ට ලිංගික අධ්‍යාපනය පිළිබද විධිමත් වැටහීමක් ලබා දෙනවා නම් ඒක ගොඩාක් වටිනවා කියලයි මට නම් හිතෙන්නේ. පාසල් විෂය නිර්දේශය තුල ඔය කාරනා ඇතුලත් උනත් ඒවා ළමයින්ට උගන්නලා තියෙන්නේ මොන පාසලේද කියන ගැටලුවත් තියෙනවා.
මේ සම්බන්දව ලැජ්ජාව තියෙන්නේ ළමයින්ටද ගුරුවරුන්ටද? උගන්වන්නේ නැත්තේ එහෙම ලැජ්ජාවක් නිසා නෙවෙයි නම් අපේ සංස්කෘතිය කියලා කියන එකේ තියෙන වෙන ප්‍රශ්නයක් නිසාද කියන්න දන්නේ නෑ.

ආදරය කියන කාරනාව එක්ක ලිංගිකත්වය කියන දෙය අනිවාර්යයෙන්ම සම්බන්ද වෙනවා. පුංචි කාලේදී ගෑනු ළමයෙක් වැඩිපුරම ආදරේ කරන්නේ තමන්ගේ තාත්තට වගේම පිරිමි ළමයෙක් වැඩිපුරම ආදරේ කරන්නේ අම්මට. කෙල්ලෙක් කොල්ලෙක් අතර ඇති වෙන ආදර සම්බන්දයක උනත් යටින් ඉන්නේ ඔය ලිංගිකත්වය කියන කාරනාව. ඔයා තමයි මගේ පන වස්තුව රන්කද කියලා කවුරු කොච්චර කයිය ගැහුවත් කෙනෙක් වැඩිපුරම ආදරේ කරන්නේ තමන්ටමයි. ප්‍රේමය නැති වෙලා ගියාම දිවි නසා ගන්න උත්සාහ කරන්නේ එයා දාල ගිය හේතුව නිසා නෙවෙයි. තමන්ට ඕන ආදරේ තමන්ගේ හිත ඉල්ලන ආදරේ තමන්ට නොලැබුන දුකට. කෙනෙක් තවත් කෙනෙකුගේ ආදරයක් බලාපොරොත්තු වෙන්නේ තමන්ට තියෙන විවිධ අරමුණු ඉටු කරගන්න තියෙන උවමනාවට. තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙනියන්න, තමන්ගේ පාළුව තනිකම මකාගන්න. ලිංගික අවශ්‍යතා ඉෂ්ට කරගන්න වගේ තමන්ට තියෙන උවමනා සපුරා ගැනීම, වගේ විවිධාකාර අරමුණු මේ කියන ආදරය ඇතුලේ තියෙනවා. 

විවාහය කියලා එකක් සමාජය විසින් නිර්මාණය කරගෙන තියෙන්නේත් යම් කිසි සදාචාරවත් පිළිවලක් අනුව ගැහැනියකුට සහ මිනිහෙකුට ලිංගික සතුට විදින්න අවස්තාවක් සලසා දෙන්න. මිනිසා අනෙකුත් තිරිසන් සතුන්ගෙන් වෙන් වෙන්නේ අන්න ඒ වගේ කාරණාවන් මත. තිරිසන් සතුන් අතරේ සහකරුවෙක් සහකාරියක් බෙදා ගන්න ඇතිවන ගැටුම් මිනිසුන් අතරේ ඇති නොවෙන්න තමයි විවාහය කියන නීතිමය ආකෘතියක් තුල එක පිරිමියෙකුට එක ගැහැනියක් පවරාදීම සිදු වෙන්නේ. එතැනදී බලාපොරොත්තු වෙන්නේ එක් පුරුෂයෙක් සහ කාන්තාවක් එකතු වෙලා වෙනම පවුලක් හැටියට ඔවුන් දෙදෙනාගේ එක්වීම නිසා ඇතිවන දරුවන් සමග සමාජ ඒකකයක් ලෙස ජිවත් වීම වගේ කාරණාවන්.

ඒත් මම අවුරුදු ගානක් තිස්සේ රට වටේ ඇවිදිනකොට නවාතැන් ගත්ත ස්ථානවලදී දකින්න ලැබුණු කාරනා නිසාම කෑදරේ ගැනත් පොඩ්ඩක් කතා කරලා ලිපිය නවත්වන්න හිතුවා.

උදේ පාන්දර අපි නවාතැනින් පිටවෙනකොට හැමදාම අපිට දකින්න ලැබුනේ එකම දර්ශනයක්. ඒකට පොළොන්නරුවේද හම්බන්තොටද පුත්තලමේද රත්නපුරේද කියන ප්‍රදේශය අදාළ උනේ නෑ. ඒ තමයි උදේ පාන්දර ටියුෂන් යන්න ආව ගෑනු ළමයෙක් එක්ක කාමර හොයාගෙන එන අයියලාගේ දර්ශනය. බොහෝ විට දකින්න ලැබෙන්නේ ගෑනු ළමයා පොත් මිටිය එක අතකින් තුරුළු කරන් හෙල්මට් එකෙන් මුණ වහගෙන ඉන්න කොට පිරිමි ළමයා තනියම ගිහින් කාමරය වෙන් කරගෙන ඇවිත් ගෑනු ලමයවත් ඇදගෙන කාමරයට රිංග ගන්න එක. මෝටර් බයිසිකලය සමහර වෙලාවට ත්‍රිරෝද රථයක් වෙන්නත් ඉඩ තියෙනවා. එතන තියෙන්නේ ආදරයද කෑදරයද කියලා ඔයාලම කල්පනා කරලා බලන්න. අසරණ දෙමවුපියෝ තමන්ගේ දරුවාව ටියුෂන් ක්ලාස් යවන්නේ මෙයා හොදට ඉගනගනිවී කියලා බලාපොරොත්තු ගොඩාක් එක්ක. ඒත් සිද්ද වෙන්නේ වෙන දෙයක්. මෙතැනදී තනිකරම බලාපොරොත්තු වෙන්නේ ලිංගික උවමනා එපාකම් සම්පුර්ණ කර ගැනීම විතරයි. ඉස්සරහට සිද්දවෙන අතුරු ප්‍රතිපල ගැන හැගීමක් ඒ මොහොතේ නෑ. නමුත් රුම් එකට යන්න කලින් පන දෙන්නම් සසර වසන තුරු ඔයා මගෙමයි රත්තරන් කියාගෙන ඉන්න කොල්ලා එලියට ආවට පස්සේ හොයා ගන්නවත් බැරි වෙන එකයි ඔය ගොඩාක් කතාවල අවසානය. මොනවා උනත් කොයි තරම් වෙනස් වෙලා කිව්වත් අදත් ලංකාවේ කොල්ල නාල ගෙට ආව ගමන් ඌ සුද්දයි. ඒත් ගෑනු ළමයා කොච්චර නාල ආවත් පැල්ලම මකන්න බෑ. අවුරුදු ගානක් හැමදාම ලංකාවේ හැම අහුමුල්ලකදීම උදේ පාන්දර ඉදන් ඔය දර්ශනයම දැකපු මට දැන් ඕක සාමාන්‍ය දෙයක් උනාට අපේ සදාචාරය සංස්කෘතිය ගැන කයිය ගහගෙන ඉන්න සදාචාරවාදී කෙනෙකුට මේක මහලොකු කතාවක් වෙන්න ඉඩ තියෙනවා. කෙල්ලෙක් කොල්ලෙක් කොහේ හරි මුහුදු වෙරළක පාක් එකක වගේ තැනක කතා කර කර හිටියොත් ඒක මහා ලොකු වරදක් කියලා උන්ව පොලිසි පටවාගෙන යන රටක ලංකාවේ සදාචාරේ ගැන හැමදාම දකින කොට හිනාවෙන්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බෑ. මේකේ ඉන්න උන්ට සදාචාරේ රැකගෙන යහතින් ජිවත් වෙයල්ලා කියලා පණිවිඩ දෙන්න මට කිසිම උවමනාවක් නැහැ. එහෙම කිව්වත් කරන උන් මේකේ ඇත්තෙත් නෑ. ඒත් මට කියන්න ඕන උනේ මේ වගේ ලස්සන තරුණ ජිවිත නිරපරාදේ නන්නත්තාර වෙලා නාස්ති වෙනවට වඩා මොකක්ම හරි දෙයක් සිද්ද වෙන්න ඕන කියන කාරනාව.

අන්තිමට ඔය බ්ලොග් වල මුහුණු පොතේ එහෙම නැති උන ආදරය ගැන කවි කතාන්තර ලියන ගෑනු ළමයි ටිකටත් කියන්න තියෙන්නේ මේ ටික. ඔයා ආදරය කරන කවුරු හරි කෙනෙක් ඔයාලව දාල ගියාට ඒකෙන් අවුල් වෙන්න එපා කියලා. ඒ ඔයාගේ ආදරේ ලබන්න තරම් එයා පිං කරලා නැතුව ඇති. මොකද එයා ඔයාව දාල ගියේ ඔයා ගැන එයාගේ හිතේ ආදරයක් නැති නිසානේ. ඔයාට ආදරේ නොකරන කෙනෙකුට ඔයා මොකටද ආදරේ කරන්නේ. ඔයාට ආදරය කරන කෙනෙකුට ආදරේ කරන්න. එයා ඔයාගේ ජීවිතය හැමදාමත් සතුටින් තියයි. මොකද එයා ඔයාට ආදරෙයි....... 

Wednesday, June 20, 2012

තවත් එක ආදර කතාවක් නොවේ 3 (අවසානයක්ද නොවේ).....

1 කොටස


2 කොටස 


 කියෙව්වේ නැත්තම් කියවලාම එන්න





"නිසංසලා"

ජිවිතේ කවමදාකවත් දකින්න බලාපොරොත්තු නොවුන දසුනක් නිසා මොනවා වෙනවද මොනවා කරන්නද කියලා තේරුනේ නැහැ. බලාපොරොත්තු නැති තැනක වෙලාවක සමන්තව මේ විදියට මුණ ගැහේවි කියලා නිසන්සලත් කවමදාකවත් හිතුවේ නෑ.

"ඉතින් කොහොමද සමන්ත කාලෙකට පස්සේ දැක්කේ මේ කොහේ යන ගමන්ද?"

නිසංසලා කතාකලේ කාලෙකට පස්සේ මුණ ගැහුණු හොදම යාලුවෙකුට වගේ. සමන්තටත් යාලුවෙක් වගේ කතා කරනවා ඇර වෙනසක් පෙන්නන්න හිතුනේ නැහැ.

"මේ මගේ මහත්තයා ප්‍රදීප්"

නිසංසලා ප්‍රදීප්ට සමන්තව අදුන්වලා දුන්නේ ඉස්කෝලේ ඒක පන්තියේ හිටපු යහළුවෙක් හැටියට. වෑන් රථයේ සිටි අයත් බැහැලා ඇවිත් කදු වැටියකින් වට වෙලා තිබ්බ නිස්කලංක සුන්දර ස්ථානයක පිහිටලා තිවිච්ච කඩේ අවට සිරිය නරබමිනුයි හිටියේ.

නඩේ හිටපු පිරිසගෙන් නිසංසලා ගේත් සමන්තගේත් අතීත කථාව දැනගෙන හිටියේ අකිල විතරක්ම වෙච්ච නිසාවෙන් කාලෙකට පස්සේ මුණ ගැහුන පරණ යාලුවෙක් විදියට වෑන් එකේ හිටපු අයටත් නිසන්සලාව අදුන්වලා දෙන එක ප්‍රශ්නයක් උනේ නැහැ.

නිසංසලාගේ ස්වාමියා ප්‍රදීප් තමන් මෙතුවක් කාලයක් හිතාගෙන හිටියට වඩා ගොඩාක් මනුස්සකම් වලින් පිරිච්ච යහපත් මනුස්සයෙක් කියලා සමන්තට දැනුනා. ප්‍රදීප් වාහනේ ලගට ගිහින් හැමෝටම කතා කලේ එදා ඉදන්ම දන්න අදුනන කෙනෙක් විදියට. සති අන්තයේ දවසක් නිසා නල්ලතන්නියේ උයන්න නවතින්න තැනක හොයාගන්න අමාරු වෙන නිසා මෙහෙන්ම උයා පිහාගෙන නාලා කාලා ගියොත් හොදයි කියන ඒක තමා නිසන්සලාගේත් ප්‍රදිප්ගේත් අදහස උනේ.

ආගිය තොරතුරු කතා කරලා පහල තිබ්බ ඇල පාරට ගිහින් නාලා එතැනින්ම උයාගෙනත් කාලා එතනින් පිටවෙනකොට නිසන්සලාගේත් සමන්තගේත් අකිලගේත් දරු පැටවූ ටිකත් මේ වෙනකොට හොද මිතුරන් පිරිසක් බවට පත් වෙලා තිබ්බා.

නල්ලතන්නියට එනකොට හොදටම හවස් වෙලා. ප්‍රදීප් කිව්වා වගේම නල්ලතන්නියේ තිබුනේ කිට්ටුකරන්න බැරි තරම් වාහන තදබදයක්. මගදීම කාල නාගෙනම ආව නිසා වාහනෙන් බැහැලා එහෙම්මම කන්ද නගින්න පටන් ගත්තත් සිරිපා කරුණා කරලා ආයෙත් පහලට බහින කොට පහුවදා දවාලත් පහු වෙලා තිබුනා.

කොහොම හරි සදුදා උදේ පාන්දර වෙනකොට සාර්ථක වන්දනා ගමනක් අවසන් කරලා සමන්තලා ගමට ආවා. ගමන් වෙහෙසයි කන්ද නැගලා තියෙන මහන්සියි නිසාම දරු පැටවූ දෙන්නයි සචිනියි මේ සතියේ ගමේම නවත්තලා සමන්ත කොළඹ ආවේ වැඩ කටයුතු රාශියක්ම ගොඩ ගැහිලා තිබ්බ නිසා.

කසාද බැන්දට පස්සේ බොහෝ දුරට අඩු කරලා තිබ්බ අරක්කු සිගරට් දෙක මේ සතියේ සමන්තගේ තනිය මකන්න ආවේ සමන්තටත් නොදැනිමයි. රෑ පුරාවටම අරක්කු එක්ක හිටපු සමන්තට උදේ පාන්දර නැගිටින්න හදද්දී ඔලුවට දැනුනේ මහා බර ගතියක්. එහෙමම ඇදට වැටිලා නිදාගෙන හිටපු සමන්තට ඇහැරුනේ දුරකථනය නාද වෙන හඩට. සමන්ත එහෙමම ගිහින් දුරකථනය එසෙව්වා.

"ගුඩ් මෝර්නින් මගේ සුදු මැණිකේ"

එහා පැත්තේ කට හඩට සමන්තගේ වෙරිමත නැති උනා වගේ දැනුනා.

"සුදු මැණිකේ, කවුද ඔය කතා කරන්නේ? එහෙම කෙනෙක් මෙහෙ නෑ"

එහා පැත්තේ දුරකථනය කට් වෙනවා සමන්තට ඇහුනා.

කෝල් එක ආව නම්බරේට කිහිප වතාවක්ම ගන්න උත්සාහ කලත් ඒ වෙනකොටත් දුරකථනය විසන්දි කරලයි තිබුනේ.

මේ වෙලාවේ සුදු මැණිකේට ආව කෝල් එක මොකක්ද කවුද සුදු මැණිකේ කියන්නේ , මං කතා කරනකොට ෆෝන් එක කට් කරලා ඕෆ් කරපු එකා කවුද? දහසකුත් එකක් ප්‍රශ්න සමන්තගේ මනසේ හොල්මන් කරන්න පටන් ගත්තා. හැම ප්‍රශ්නෙකටම එකම විසදුම විදියට සමන්තට තිබ්බේ අරක්කු සිගරට් කියන දිවය අවුසද දෙක විතරමයි.

පහු වෙනිදා පාන්දරම තිබ්බ බස් එකේ නැගලා සමන්ත ගමට ආවේ දරන්න බැරි වේදනාවක් හිතේ හිර කරගෙන. කොයි තරම් කේන්තියෙන් ගෙදරට ආවත් අහින්සක දරු දෙන්නගේ මුණ දකින කොට හිතේ තිබ්බ කේන්තිය කොහේ ගියාද කියලා සමන්තට දැනුනේ නැහැ. කාමරේට ඇතුල් වෙලා ඇදුම් මාරු කරගෙන එලියට බහින කොටම සචිනි සමන්තට තේ කොප්පෙකුත් අරගෙන ආවා. අහල පහලක කවුරුවත් පේන්න හිටියේ නැහැ.

"මම ගෙදර නැති වෙලාවට උඹ කා එක්කද නාඩගම් නටන්නේ."

"මොකක්ද මේ අද වෙලා තියෙන්නේ ඔයාට පිස්සුද?"

සචිනි තේ එක අතට දීලා කුස්සිය පැත්තට හැරුනේ සමන්තට මුහුණ නොදීමයි.

"ඇත්ත කියපන්. මම හොදටම දන්නවා උඹ මොකෙක්ම හරි එක්ක මගුල් නටනවා කියලා. සචිනිගේ කෙස් වැටියෙන් අල්ලගත්ත සමන්ත මහා හයියෙන් කෑ ගැහුවා.

"මේ මිනිහට අද මොන යකෙක් වැහිලද මංදා. අතාරිනවා මාව"

සමන්තව තල්ලු කරලා දාල බේරිලා එහාට ආව සචිනි කාමරේට වැදිලා දොර වහ ගත්තා. සිද්ද වෙන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව අම්ම තාත්තා දරු දෙන්නා බලාගෙන ඉන්න අතරේ සමන්ත එලියට බැහැලා ආවේ ඉබාගාතේ යන්නවත් හිතාගෙන.

මුහුදු වෙරළේ ගලක් උඩට වෙලා බියර් කෑන් එකක් තොල ගාමින් සමන්ත මුහුද දිහා ඔහේ බලාගෙන හිටියා. අමාරුවෙන් ගොඩනගාගත්ත ලෝකය ආයේ සැරයක් කකුල් දෙක ලගම කඩාගෙන වැටෙන දවස වැඩි ඈතක නෙවෙයි කියලා මේ වෙනකොට සමන්තට හොදටම තේරිලා තිබුනේ. ඒ එක්කම මැවිලා පෙනුනේ තමන් එනතුරු බලාගෙන ඉන්න පුංචි උන් දෙන්නගේ ඇස් දෙක. මොන දේ සිද්ද උනත් දරු දෙන්න වෙනුවෙන් ජිවත් වෙන්න ඕන කියලා සමන්ත හිතාගත්තා. වෙරළෙන් පිටවෙලා පයින්ම ගෙදරට යනකොට ගොඩාක් රෑ වෙලා. තාත්තා කතාවක් නැතුවම ඇවිල්ලා දොර ඇරියා. කාමරේ සචිනිවත් දරු දෙන්නවත් ඒ අයගේ ඇදුම් මොනවත් තිබුනේ නෑ.

"තාත්තේ කෝ සචිනි, දරු දෙන්නා "

තාත්තා කතා කලේ නෑ. උත්තර දුන්නේ අම්මා.

" පුතා ගිහිල්ල වැඩි වෙලාවක් යන්න කලින් තමා එයා බඩු ටිකත් අරගෙන යන්න ගියේ. මම බැරිම තැන කිව්වා යන තැනක දරු දෙන්නව තියලා යන්න කියලත් කෝ ඉතින් කියපු දෙයක් අහපු එකක්යැ"

සමන්තට දැනුනේ පුදුමාකාර අසරණ කමක්.

"යන්නේ කොහෙද කියලවත් කිව්වේ නැද්ද අම්මේ"

"ගෙදර යන්න ඇති වෙන කොහේ යන්නද? දැන් රෑ වෙලා ටිකක් නිදා ගන්න වෙන මොනවා කරන්නද? හෙට උදේම ගිහිල්ල බලන්න බැරියැ."

සමන්ත දෑතින්ම ඔලුව බදාගෙන එතනම ඉද ගත්තා. මොනවා වෙනවද මොනවා කරන්නද කියන එක ගැන කිසිම හැගීමක් සමන්තට තිබ්බේ නෑ.

"මගේ දරු පැටවූ දෙන්නයි ගෑනියි කොහේ ගියාද කියලා දන්නේ නැතුව මම කොහොමද නිදාගන්නේ අම්මේ."

රෑ එලි වෙනකම්ම තනියෙන් කියව කියව හිටපු සමන්ත ගෙදරින් එලියට බැස්සේ කොයි ලෝකෙන් හරි දරු දෙන්නව හොයා ගන්නවා කියන බලාපොරොත්තුවෙන්. ගෙදරට එනකොට සචිනිත් දරු දෙන්නත් ගෙදර ඉන්නවා දැකපු සමන්තගේ හිතට දැනුනේ ලොකු සැනසිල්ලක්.

"ආවද තමුසේ. ආයේ පරණ ගෑනිව හම්බ උනානේ. ඒකි එක්ක මගුල් නටන්න යන්න ඕන වෙච්ච නිසා වෙන්න ඇති එක පාරට මගේ වැරදි පේන්න පටන් ගත්තේ."

ගෙට ගොඩ වෙනකොටම සචිනි කියපු කතාවෙන් සමන්තගේ හිතේ තිබ්බ කේන්තිය ආයෙමත් පන ගහලා ආවා.

"මොකද්ද #@#@#@# ඒ කියපු කතාව මම කවදද යකෝ අයාලේ ගියේ"

"අනේ මොකට කියනවද උපාසක මහත්තයාගේ කෙරුවාව. එදා සිරිපාදේ යනවා කියලා ගියේ තමුසෙගෙ පරණ ගෑනි හොයාගෙන නෙවෙයි කියලද දැන් තමුසේ මට කියන්න හදන්නේ"

"පට්ට @!@! ආයේ කියපන් බලන්න ඒ කතාව. තෝව මරලා වලලනව දැනගනින් %$%quot;

සචිනිගේ කම්මුල හරහා පාරවල් දෙක තුනක්ම ගහගෙන ගහගෙන ගිය සමන්ත කාමරෙන් එලියට ආවා. සිද්ද වෙන්නේ මොකක්ද කියලා තේරුමක් නැති පොඩි උන් දෙන්නා දොර රෙද්දේ එල්ලිලා අඩනවා.

"අඩන්න එපා මගේ වස්තුවේ."

සමන්ත දරු දෙන්නව සිප වැළදගෙන සාක්කුවේ තිබ්බ චොකලට් පෙති දෙකක් දෙන්නගේ අතට දීලා ගෙයින් එලියට බැස්සා. කේන්තිය ටිකක් අඩු වෙලා යනකම්ම පාරවල් දිගේ එහාට මෙහාට ඇවිද ඇවිද හිටපු සමන්ත එක පාරටම දැක්කේ ඈතින් ටවුන් එක පැත්තට ඇවිදගෙන යන සචිනිව.

"මේ ගෑනි දරු දෙන්නවත් තනියෙම දාල ඒ ගමන මොන මගුලක යනවද?"
තමන්ටම කියා ගත්ත සමන්ත සචිනිට නොදැනෙන්න පස්සෙන් යන්න පටන් ගත්තා. ඒ සමගම ආව ත්‍රිරෝද රථයකට නැගුනු සචිනි පිටත් වෙලා යන හැටි බලා හිටපු සමන්ත තවත් ත්‍රි රෝද රථයක නැගලා පිටිපස්සෙන් යන්න පටන් ගත්තා. රථය නැවතුනේ අඹ ගහ යට රෙස්ට් හවුස් එකේ. රථයෙන් බැහැපු අනෙකා දැක්ක සමන්තට සිද්ද වෙන්න යන කිසිම දෙයක් හිතාගන්නවත් බැරි උනා.

"අකිල"

තමන් එක්ක එදා ඉදලම එකට කාල බිලා ආශ්‍රය කරගෙන හිටපු තමන්ගේ හොදම යාළුවගේ අතේ එල්ලිලා තමන්ගේ ආදරණිය භාර්යාව රෙස්ට් හවුස් එක ඇතුලට යන හැටි බලාගෙන හිටපු සමන්තට සිද්ද වෙන හැම දෙයක්ම දැනුනේ හීනයක් වගේ. ඇත්තටම මේක වෙන්න පුළුවන් දෙයක්ද? නෑ ඒ හිටියේ වෙන කවුරු හරි සචිනි ළමයි දෙන්නත් එක්ක ගෙදර ඇති. මේක මේ හිතේ තිබ්බ සැකේ හින්දා පෙනුන විකාරයක් වත්ද? සමන්ත හිටියේ කිසිම දෙයක් හිතා ගන්න බැරුව. කොයි එකටත් ගෙදර ගිහිල්ලම උනේ මොකක්ද කියලා බලන්න සමන්ත තීරණය කළා.
ගෙදර මිදුලේ දරු දෙන්නා සෙල්ලම් කර කර හිටියේ අල්ලපු ගෙදර ලතා ඇන්ටි එක්ක.

" කෝ පුතේ අම්ම" පුතා වෙනුවට උත්තර දුන්නේ ලතා ඇන්ටි

"සචිනි ළමයි දෙන්නව පොඩ්ඩක් බලාගන්න මට කියලා එලියට ගියා"

"යන තැනක් ගැන කිව්වේ නැද්ද ඇන්ටි?"

"නෑ මොකුත් කිව්වේ නෑ ඉක්මනට එන්නම් කියල ගියේ"

ගෙට ඇතුල් උන සමන්ත එලියට ආවේ බෑගයකුත් අරගෙන.

"මම ගිහිල්ල අම්මව එක්කගෙන එන්නම්. දරු දෙන්නව පොඩ්ඩක් බලන්න ඇන්ටි" කියපු සමන්ත ආව ත්‍රිරෝද රථයටම ගොඩ උනා.

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

රෙස්ටුරන්ට් එක ඉස්සරහ පාලු පාර අයිනේ සමන්ත හොරගල් අහුලමින් බලාගෙන හිටියේ ඇතුලට ගිය දෙන්න කොයියම්ම වෙලාවක හරි එලියට ඒවි කියන සිතුවිල්ලෙන්. හොදම යාලුවත් බිරිදත් එක්කහු වෙලා තමන්ට කරපු මේ මහා වංචාවට කිසිම සමාවක් නොදෙන්න සමන්ත මේ වෙනකොට තීරණයක්‌ අරගෙනයි තිබ්බේ. ඒ දෙන්න ගැනම හිත ඇතුලේ තිබ්බේ තද බල කේන්තියක්. පාලු පරිසරයක පිහිටලා තිබ්බ මේ ස්ථානය ඕනම දේකට සුදුසු ප්‍රදේශයක් බව සමන්ත දැනගෙන හිටියා.
තහනම් ප්‍රේමයේ සුවය විදලා රෙස්ට් හවුසියෙන් එලියට බහින අකිලටත් සචිනිටත් මාරයා ගේට්ටුව ලග බලාගෙන ඉන්නවා කියන එක ගැන කිසිම හැගීමක් තිබ්බේ නෑ. රෙස්ට් හවුසියේ ඉදන් අකිලත් සචිනිත් අත්වැල් පටලාගෙන එන දිහා තාප්පෙට මුවා වෙලා සමන්ත හොදින්ම බලාගෙනයි හිටියේ. මෙච්චර වෙලා බෑගයේ හංගාගෙන හිටපු කිනිස්ස ඇදලා අරගත්ත සමන්ත දෙන්න ඉස්සරහින් මතු උනේ දෙන්නටම මොකුත්ම හිතාගන්න වෙලාවක් තියන්නේ නැතුව.

"අම්මට $##$# $%$^$^"

සමන්තගෙන් එල්ල උන මාරාන්තික කිනිසි පහර කිහිපයකින් සචිනි කපාපු කෙහෙල් කදක් වගේ බිම පතිත වෙද්දී සිහිය එලව ගත්ත අකිල කකුල් දෙකේ විරිය අරන් දුවන්න පටන් ගත්තා.

"හිටපිය #$#@$%%^"

සමන්තට අකිලව අල්ලන්න උත්සාහ කලත් සාර්ථක උනේ නෑ. තවමත් පන අදින සචිනිගේ ලේ පිරුණු සිරුර දිහා මොහොතක් බලාගෙන හිටපු සමන්ත ලෙයින් පෙගිලා තිබුණු කිනිස්සත් බෑගයේ රුවාගෙනම එතනින් පිට උනා...............

ප.ලි.

තවත් එක ආදර කතාවක් නොවුණු ආදර කතාවක අවසානය. නමුත් මෙය එක්තරා කතාවක අවසානයක්ම නොවේ. තවත් කතා දහස් ගණනක ඇරඹුමක්ම පමණි.......

ප.ප.ලි.

(නිසන්සලාට සමන්තව ආයේ සෙට් කිරීමට උත්සාහ කරනවා යයි විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට අදහස් කරගෙන සිටි ගැහැණු ළමයි ටිකේ සහ කතාව ගලායාමේ ඉදිරිය පිළිබද එක් එක් උපකල්පන ඉදිරිපත් කල අයගේ බලාපොරොත්තු කඩවීම පිළිබද මගේ බලවත් මෙව්වා එක මෙයින් ප්‍රකාශ කර සිටිමි. :P කිලෝමීටර් නැති පිස්සෙකු වීම නිසාවෙන්ම නැවත හෙට හෝ අනිද්දා වන තුරු අන්තර්ජංජාලයේ සැරි සැරීමට කාලවේලාව අහිමි වී ඇති බැවින් කතාව පිලිබදව හිතට නැගුනු අදහස් සියල්ලම කොමෙන්ටුවක් ලෙස දමා යන මෙන් සැමගෙන් ඉල්ලා සිටිමි. සම්පුර්ණ කතාවම ඉක්මනින් ඉල්ලා කල උද්ගෝෂණයන් නිසාවෙන් කතාව තුල වූ බොහොමයක් දර්ශන ඉවත් කොට ඇති බව කරුණාවෙන් සලකන්න. නැවත ජන්ජාල ගතවූ දිනක සියලුම පුරශ්ණ සදහා පිළිතුරු ලැබෙනවා ඇත. ජය වේවා!!!!!)

Tuesday, June 19, 2012

තවත් එක ආදර කතාවක් නොවේ 2 කොටස

1 කොටස කියෙව්වේ නැත්තම් කියවලාම එන්න






සිගරට් දුමින් පිරුන කාමරේ ඇද උඩ හාන්සි වෙලා සිවිලිමේ කැරකෙන විදුලි පංකාව දිහා සමන්ත අරමුණක් නැතුව බලාගෙන හිටියා. තමන්ගේ හිතත් විදුලි පන්කාවට වඩා වේගෙන් එක තැන කැරකෙනවා කියලා සමන්තට හිතුනා. අකිල කිව්ව විදියට නන්නත්තාර වෙලා විනාස වෙලා යන ජිවිතේ වෙනසක් කරගන්න ඕනේ කියන සිතුවිල්ල සමන්තගේ හිතට වද දෙන්න පටන් ගත්තේ කවදාකවත් හිතුවෙම නැති විදියට. මොනවා උනත් අකිල තමන්ගේ හිත පුදුමාකාර විදියට වෙනස් කරලා කියන එක සමන්තට හොදටම දැනුනා. එක පාරටම කාමරේ දොර විවර උනා. විවර උන දොරෙන් ඇතුලට ආවේ කවුද කියලා ඇහැ ඇරලා බලන්නවත් උවමනාවක් සමන්තට තිබ්බේ නෑ.

දෑතේ තවරා ගත්ත තෙල් සව්ල්පයක් ශරීරය පුරා තවරමින් සිරුර පුරා දුවන සියුමැලි දෑත දෑතින්ම අල්ලා ගනිමින්ම සමන්ත නෙත් විවර කළා. සමන්තගේ මුහුණ දෙස බැලු ඇය සිනාවෙන් මුව සරසා ගත්තා. සමන්ත ඇය කෙරෙන දැක්කේ මෙතුවක් කාලයක් ඇසුරු කල අනෙක් සියලුම ගෑනුන්ට වඩා අමුතුම සුන්දරත්වයක්. සමන්ත ඒ මුහුණ දිහා ආසාවෙන් බලාගෙන හිටියා.

"ඔයා මාව කසාද බදින්න කැමතිද?"

සමන්ත ඇහුවේ ඒ මුණ දිහා බලාගෙන.

"සර් ඔයා විහිලු කරනවද?" ඇය හිනාවෙවිම ඇහුවා.

"විහිලු නෙවෙයි ඔයා කැමති නම් මම හෙට ඔයාව බදිනවා. ඔයා මොකද කියන්නේ"

සමන්ත ඇහුවේ ඉනවටේ අත යවලා ඇයව තුරුළු කර ගන්න ගමන්.

"අනේ සර් විහිලු කරන්න එපා අඩු ගානේ ඔයා මගේ නම ගම විස්තරයක්වත් දන්නවද?"

"ඕව් දන්නවා. මම දන්නවා මං වගේම ඔයත් ජීවිතෙන් නන්නත්තාර උන මනුස්සයෙක් කියලා. ඔයාව කසාද බදින්න ඒ දන්න ටික මට හොදටම ඇති."

එදා එහෙම ඇරබුනු කතාබහ දුරදිග ගිහින් විහිලුව ආදරයක් බවට පත් වෙන්න වැඩි දවසක් ගියේ නෑ. සචිනි කියන්නේ එක පාරක් කසාද බැදලා දික්කසාද වෙලා හිටපු ගැහැනියක්. මේ වෙනකොට සමන්තට උවමනා උනේ තමන්ට මග වැරදිච්ච ජීවිතේට අලුතින් පාරක් පෙන්නන්න පුළුවන් ගෑනියෙක් මිසක් ජීවිතෙන් තැලිලා පොඩි වෙච්ච නැති අහිංසක කෙල්ලෙක් නෙවෙයි.


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

"කසාද බැදපු එකා එක්ක මාසයක් ඉන්න බැරුව දමල ගහල ආව ගෑනියෙක් ඇරෙන්න උඹට වෙන එකියෙක් හොයාගන්න බැරි උනාද මගේ පුතේ. "

ගෙදර ඉදලා කොළඹට එනකම්ම සමන්තගේ හිතේ හොල්මන් කලේ අම්මගේ වචන ටික. ඒත් සමන්තට ඒ කියපු කතා එකක් වත් වැදගත් උනේ නැහැ. උවමනා කරපු එකම දේ උනේ දැන් ගෙවන නන්නත්තාර ජීවිතෙන් මිදිලා දැන් පන වගේ ආදරේ කරන සචිනි එක්ක අලුත්ම ලෝකයක් ගොඩ නගා ගන්න එක විතරමයි.

සචිනි එක්ක පටන් ගන්න හදන අලුත් ජීවිතේට ගෙදරින් නම් කිසිම කැමැත්තක් නෑ කියලා සමන්තට තේරුනේ තාත්තා කියපු දෙයින්.

"උඹ ඔය මගුල කර ගන්නම ඕන නම් කර ගනින්. ඒත් එදාට පස්සේ උඹට මේ අම්මවත් තාත්තවත් නෑ කියලා මතක තියා ගනින්"

පොඩ්ඩක් හරි හිතට හයියකට තිබ්බේ ගෙදර ඉදලා බස් නැවතුම් පොලට එනකම්ම ආව අකිලයා කියපු කතාව විතරයි.

"උඹ මෙහෙමවත් අලුතෙන් ජිවිතේ පටන් ගන්න හදපු එක හොදයි බං. ඒත් රටේ ලෝකේ මිනිස්සු සචිනි ගැන කියන කතා නම් එච්චර හොද ඒවා නෙවෙයි. උඹත් ඉතින් ආයේ හොද මිනිහෙක් නෙවෙයි කියලා මම දන්නවනේ. උඹට හොදයි කියලා හිතෙනවා නම් උඹට එයා එක්ක අලුත් ජිවිතයක් පටන් ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා නම් මම උඹට සුභ පතන්නේ බොක්කෙන්. ඕන වෙලාවක උඹට මම ඉන්නවා. ඉස්සර හිටිය වගේ කාලකන්නි වෙලා නැති වෙලා යනවට වඩා ඒක හොදයි ."

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

කාලය ගලාගෙන යන්නේ හිතනවටත් වඩා වේගයෙන්. සචිනිගේ කල්ක්‍රියාව ගැන එක එක තැන වලින් එක එක කතා ඇහුනත් වැඩිපුර ඒ පස්සේ එලවන්න සමන්තට ඕන කමක් තිබුනේ නැත්තේ එයාව තමන්ටත් මුණ ගැහුනෙත් කොයි වගේ තැනකදීද කියලා සමන්ත හොදාකාරවම දැනගෙන හිටපු හින්දා. මේ වෙනකොට අහිංසක දරු දෙදෙනෙකුගේ ආදරණිය තාත්තා කෙනෙක් හැටියට සමන්තට උවමනා කරලා තිබ්බේ දරුවන්ට ආදරණිය තාත්තා කෙනෙක් වෙන්න වගේම බිරිදට ආදරනිය ස්වාමි පුරුෂයෙක් වෙන්න විතරයි.

ආයෙමත් දවසක අකිල සමන්තව හොයාගෙන කොළඹ ආවා. සචිනිව කසාද බැද ගත්තට පස්සේ ගම රට පැත්ත පළාතේ නොගියපු සමන්තට එදා ඉදන් තමන්ගේ දුකේදී සැපේදී එකට හිටපු අතිජාත මිත්‍රයා වෙච්ච අකිලගේ පැමිණීම මහා මෙරක් වගේ. සමන්ත අකිලව සාදරයෙන් පිළිගත්තා.

ඒත් අකිල ඇවිත් තිබුනේ කනගාටුදායක ආරංචියක් අරගෙන.

"උඹලගේ අම්මට සනීප නෑ මචං. කරාපිටියේ හොස්පිට්ල් එකේ නවත්තලා ඉන්නේ. තාත්ත නම් කිව්වා උඹට කියන්නත් එපා කියලා ඒ උනාට ගිහින් බලලා වරෙන්"

"මගේ රත්තරන් අම්මට මොකද උනේ මචං".

සමන්ත එතනම ඉදගත්තේ ලොකු වේදනාවක් හිතේ දරාගෙන.

"උඹ කලබල වෙන්න එපා. මට ආරංචි වෙච්ච හැටියට අම්මගේ පෙෂර් එක ටිකක් වැඩි වෙලා තමයි හොස්පිට්ල් එකට ඇඩ්මිට් කරලා තියෙන්නේ. "

සමන්ත අකිල එක්ක ගාලු එන්න පිටත් උනේ ඒ වෙලාවෙමයි. අම්ම තාත්තා සචිනිව දැක්කාම මොන වගේ තත්වයක් ඇති වෙයිද කියලා දන්නේ නැති නිසාම සචිනිත් දරු දෙන්නත් තියලා තනියම ගමේ යන්න සමන්ත තීරණය කළා. කරාපිටියට යනකොට අම්මගේ ටිකට් කපලා ගෙදර එක්කගෙන ගිහින් තිබුන එක සමන්තගේ හිතට ලොකු සැනසිල්ලක් උනා.

ගෙදර ඇදක් උඩ වැතිරිලා ඉන්න අම්මගේ මුණ බලන්න තරම් ශක්තියක් සමන්තගේ හිතේ තිබ්බේ නෑ. කාමරේ හිටපු තාත්තත් එලියට ආවේ කවුරුහරි ගෙට ගොඩ උන හඩ ඇහිලා.

"උඹ ආවද මගේ පුතේ. කෝ දුවයි දරු පැටවූ දෙන්නයි"

තාත්තගේ කටහඩේ කිසිම කේන්තියක සලකුණක්වත් තිබුනේ නැහැ.

සමන්ත කකුල් දෙක අල්ලාගෙන බිම වැටිලා අඩන්න පටන් ගත්තා.

"මට සමාවෙන්න තාත්තේ."

තාත්තා සමන්තගේ උරහිස් වලින් අල්ලලා නැගිට්ටුවා.

"උඹ කොහේ හරි සන්තෝෂෙන් ජිවත් වෙනවා නම් එච්චරයි මගේ පුතේ. අම්ම ලෙඩ උනෙත් උඹ ගැන හිත හිත ඉදලම තමයි. අම්ම දුවයි දරු පැටවූ දෙන්නයි බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ."

තාත්තගේ වචන ටික සමන්තගේ පපුවේ එහාම කොනේ තැන්පත් උනා. දැනටමත් දරු දෙදෙනෙක්ගේ තාත්තා කෙනෙක් වෙච්ච සමන්තට දරු සෙනෙහස කියන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියාදෙන්න දෙයක් තිබුනේ නෑ. තමන්ගෙන් වෙන්න ඕනේ හැම යුතුකමක්ම අමතක කරලා දාල කොළඹට වෙලා ගත කරන මේ ආත්මාර්ථකාමී ජීවිතය ගැන ලොකු කලකිරීමක් හිත පුරා පැතිරිලා ගියා......

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

හැම සති අන්ත නිවාඩුවකම සචිනිත් දරු දෙන්නත් එක්ක සමන්ත ගමේ යන්න පටන් ගත්තේ අම්ම තාත්ත ගැන තමන්ගෙන් මග හැරුන යුතුකම් කොටස නොපිරිහෙලා ඉටු කරන්න ඕන කියන අවංකම හැගීමෙන්. පාලුවෙන් පිරුන අම්මගෙයි තාත්තගෙයි ජිවිත පොඩි උන් දෙන්න නිසා ආයෙමත් එලිය උනා. අම්මගේ තිබ්බ ලෙඩ රෝග ටිකත් කොහේ ගියාද දන්නේ නෑ. සමන්තගේ මුළු පවුලම ගත කලේ වාසනාවන්ත පවුල් ජිවිතයක්.

"කාලෙකින් අපේ පවුල්වල කට්ටිය සෙට් උනේ නැති නිසා අපි ඔක්කොම එකතුවෙලා මොනවා හරි කරමුද මචං." සමන්ත අකිලගෙන් ඇහුවේ ගෙවන ඒකාකාරී ජිවිතයෙන් පොඩ්ඩක් ඈත් වෙන්න හිතාගෙන.

"අපේ අක්කලා ලබන සතියේ සිරිපාදේ යන්න හිතාගෙන ඉන්නවා. තවම කවුරුවත් සෙට් වෙලා නම් නෑ. මමත් මාර කම්මැලිකමේ බං හිටියේ. එනවනම් වරෙන් අම්මලා තාත්තලා එක්කම"

සිරිපාදේ වන්දනාවේ යන්න සමන්ත පවුලේ අයත් එක්ක ලැස්ති උනේ ඒ වෙලාවේ ඉදලාමයි. ඒ සතියේ සෙනසුරාදා උදේ පාන්දරම පවුල් දෙකේම පිරිස රැගත් වෑන් රථය සිරිපාදේ වන්දනාවේ යන්න පිටත් උනා
කවදාවත් මේ වගේ ගමනක් නොගිය සමන්තගේත් අකිලගේත් දරු පැටවූ ටික චාරිකාවේ උපරිම විනෝදය විදිමින් සිටියා.
උදේ නවය විතර වෙනකොට රත්නපුර සමන් දේවාලේ වැදලා එතැනින්ම උදෑසන ආහාරයත් අරගත්තා. දරු පැටවූ වයසක අම්ම තාත්තත් එක්ක යන්න ලේසි පාරකින් යන්න තීරණය කරපු නිසාම රත්නපුර පාරේ නගින්නේ නැතිව හැටන් හරහා යන අදහසින් තමයි එතනින් පිටත් උනේ.

හැටන් පැත්තට කිට්ටු වෙනකොට දැනෙන තද සිතල නැති කර ගන්න දුම් වැටියක අවශ්‍යතාවය සමන්තට මේ වෙනකොට හොදටම දැනිලයි තිබුනේ. පාර අයිනේ තිබ්බ කඩයක් ලග වාහනේ නතර කරවාගත්තු සමන්ත සිගරට් පැකට් එකක් මිලදී ගන්න කඩේට ඇතුල් උනා. කැෂියර් මෙසේ ලග වාඩිවෙලා හිටපු කාන්තාව හිස ඔසවලා සමන්ත දිහා බැලුවා.   බලාපොරොත්තු නොවුන හමුවීමක් නිසා දෙන්නටම මොහොතක් කතා කරගන්න බැරිව මුනට මුහුණ බලා හිටියේ පුදුමයෙන්.

නිසංසලා....

සමන්ත ඔයා???.....

(පුළුවන් තරම් දර්ශන අඩු කරලා කොටස් දෙකකින් ලියලා ඉවර කරන්න ප්ලෑන් කරගෙන හිටියත් කතාව තවත් ටිකක් දික් වෙන පාටයි. තවත් කොටසක් දෙකක් තියෙයි සමහර විට. පලවෙනි කොටස කියවලා ඉවරකරලා කථාව දන්නවා කියපු කට්ටිය ගැන මාගේ බලවත් මෙව්වා එක. මෙතනින් ඉස්සරහට වෙන්නේ මොනවද කියලත් හිතාගෙන ඉන්න අය කමෙන්ට් දාන්නකෝ එහෙනං. ඊලග කොටසත් ඉක්මනින්ම එනවා) 

Monday, June 18, 2012

තවත් එක ආදර කතාවක් නොවේ.....

(බ්ලොග් අවකාශේ හැමෝම ලියන ආදර කතා එක්ක අහපු දැකපු පොඩි පොඩි සත්‍ය සිද්දීන් කිහිපයක එකතුවක් විදියට ලියන්න පටන් ගත්ත පුංචි කතාවක්. හැමදේම සිද්ද වෙන්නේ ආදරේ නිසා උනාට මේ කතාව තවත් එක ආදර කතාවක් නම් නොවේවි. කොච්චර එපා කිව්වත් 18 + කිව්වත් පොඩි බබාලා එහෙං මෙහෙන් ඔලුව දාලා බලන නිසාම මේ කතාවේ ඒ වගේ දර්ශන බොහෝ දුරට සිමා කිරීමට උත්සාහ ගෙන ඇති බව කරුණාවෙන් සලකන්න. ඔන්න මම කලින් කිව්වේ නෑ කියලා නම් කියන්න එපා.)


වෙලාව රෑ අටට අටහමාරට විතර ඇති. පාලුවට යන නගරයේ වගේම පොලිස් ස්ථානය ඇතුලෙත් රාජකාරි කරන නිලධාරින් කිහිප දෙනා ඇරුනාම වැඩිය කවුරුවත් පේන්න හිටියේ නැහැ. හෙමින් හෙමින් පොලිස් ස්ථානයට ආව සමන්ත ස්ථානාධිපති තුමාගේ කාමරයේ භාග දොරපලු දෙක තල්ලු කරගෙන කාමරේට ඇතුල් උනා. මේසය ලග වාඩි වෙලා රාජකාරියේ නිරතවෙලා හිටපු නිලධාරියා ඔලුව උස්සලා බැලුවා.


"ඇයි තමුන් මොකද?"


"මම මගේ ගෑනිව මැරුවා සර්" 


සමන්ත කතා කරන්න පටන් ගත්තේ මෙච්චර වෙලා බෑග් එකේ හංගගෙන හිටපු ලේ තැවරුණ කිනිස්ස එලියට අදින ගමන් .


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


ඇගිලි දෙක අතරේ දැල්වෙන සිගරට්ටුව දෙතොලේ හිර කර ගන්න අතරේ සමන්තගේ මතකය දුවලා ගියේ නිසන්සලාව මුණ ගැහිච්ච අන්තිම දවසට. එදා ගල්කිස්සේ මුහුදු වෙරළේදී මුණ ගැහෙනකොට අද නිසංසලාගේ මුහුණ දකින අන්තිම දවස වෙයි කියලා සමන්ත හීනෙකින් වත් හිතුවේ නෑ. අම්මල තාත්තලා ගේ ඉල්ලීමට රත්නපුර පැත්තේ මැණික් මුදලාලි කෙනෙක්ගේ පුතෙක් කසාද බදින්න ඕන කියලා එදා නිසංසලාගේ මුවින් පිටවුන වචන ටික හැමදාමත් සමන්තගේ මතක අතරේ හොල්මන් කළා.


"ඔයාට කියලා හරි හමන් රස්සාවක් නෑ. අම්මලා කියන දේකට කැමති වෙනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ. මට සමා වෙන්න සමන්ත."


ඒ මොහොත මතක වෙනකොට හැම වෙලාවේම වගේ හිත ඇතුලෙන් පුංචියට ඇවිලෙන්න පටන් ගන්න ගිනි දැල්ලක් මුළු ඇගම පුච්චගෙන යනවා වගේ දැනෙන්න පටන් ගත්තා.
මේ වෙනකොටත් භාගයක් විතර හිස් වෙලා තිබ්බ අරක්කු බෝතලේට කට තියාගෙනම උගුරු දෙක තුනක් බිලා දැම්මේ ශරිරේම පුච්චගෙන යන මහා ගිනිදැල්ල නිවා දාන්න හිතාගෙන.


අතේ තිබ්බ බෝතලේ පැත්තකින් තියලා කල්පනා කරන්න ගත්තේ නිසංසලා යන්න ගිය දවසේ ඉදන් ගෑනු කි දෙනෙක් තමන්ව සනසන්න ඇත්ද කියලා. හැම දෙයක්ම සල්ලි වලට විකිනෙන ලෝකේ සල්ලි වලින් මනින්න බෑ කියන ආදරේ ගැනත් ජිවිතේ ගැනත් මේ මොහොතේදී හිතේ තිබුනේ කලකිරීම මුසු වෙච්ච මහාම මහා හිස් බවක්....


"කොයි හු@## එකයි බැලුවම ##@@...."


තමන්ටම හිනාවෙන ගමන් මෙසේ උඩ තිබ්බ වීදුරුවේ ඉතුරු වෙලා තිබ්බ අන්තිම උගුරත් කටට හලාගෙන මෙච්චර වෙලා අතේ තිබ්බ සිගරට්ටුවත් අළු බදුනටම ඔබලා දාපු සමන්ත ඇදේ හාන්සි වෙලා ඇස් දෙක පියාගත්තේ හැම දෙයක්ම අමතක කරන්න හිතාගෙන.  


"ටක්, ටක්, ටක්"


ඇස් ඇරලා බැලුවේ  කවුරුන්ම හරි දොරට තට්ටු කරන හඩට 


"කමින් "


විවර උන දොරෙන් කාමරය ඇතුලට ආවේ ඉග සුග කැපිලා පේන්න ඇගටම හිර උන ඇදුමක් ඇදගත්ත නාඹර යුවතියක්. 


"ඕඕ මයි ස්වීට් ඒන්ජල්"


සමන්ත ඇදෙන් නැගිටලා ඇවිත් කරවටේ අතක් දාලා ඇය තමන්ට තුරුළු කර ගෙනම  බමන මතින් රාගී නෙතින් මොහොතක් ඇය දෙස ආසාවෙන් බලාගෙන ඉදලා කාමරේ දොර වහලා අගුලු දැම්මා......


+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


නොලැබුන ආදරයක් වෙනුවෙන් සුරාවටයි ගෑනුන්ටයි මැදිවෙලා නන්නත්තාර වෙලා යන ජීවිතය පිලිබදව කිසිම හැගීමක් සමන්තට තිබුනේ නෑ. හම්බකරන හැම සතයක්ම පුච්චලා අළු කරලා විනාස කරලා දාලා විනාස වෙලා යන ජිවිතේ දිහා බලාගෙන උමතුවෙන් හිනා උනා. සමන්ත එක්ක ඉස්කෝලේ ඉදන්ම එකටම හිටපු හොදම යාලුවා උනේ අකිල. තමන්ගේ මිත්‍රයා ගේ විනාශය දිහා බලං ඉන්න බැරි කමටම අකිල  සමන්තව හොයාගෙන ආවා...


"මොකක්ද බං උඹ මේ කරගන්න හදන්නේ. කාගෙන්ද උඹ මේ පලි ගන්න හදන්නේ. එක ගෑනියෙක් ගියා කියලා මේ ලෝකේ ගෑනු නැතුවද බං. පිස්සු නටන්නේ නැතුව ගෙදර වරෙන් අම්මලා උඹ එනකම් බලාගෙන ඉන්නවා"


අකිල කියාගෙන කියාගෙන යනකොට සමන්ත හිනා උනා විතරයි


"උඹේ අම්ම තාත්තා උඹ ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙනද ඉන්නේ. තේරුම ගනින් බං. උඹට එක කෙල්ලෙක් නැති උනාට ජිවිතේ නැති උනේ නෑ නේ. මේ කොහෙවත් යන ගෑනියෙක් නිසා විනාස වෙන්න එපා බං"


අකිල දන්න හැම විදියටම කරුණු පැහැදිලි කරන්න උත්සාහ කළා. ඒත් සමන්තට වෙනස් වෙන්න කිසිම උවමනාවක් තිබුනේ නෑ. ඒත් අකිල කියපු හැම දෙයක්ම සාවදානව අහගෙන හිටියා.


"එදා නිසන්සලාට මාව එපා උනේ සල්ලි නැති නිසා. අද ඔය ගෑනු කිදෙනක් සල්ලි නිසා මාව හොයා ගෙන එනවද? මේ ලෝකේ සල්ලි වලට ගන්න බැරි දෙයක් නෑ බං. හැම මගුලම සල්ලි වලට යටයි. ඒ නිසා උඹ ගිහින් අම්මලාට කියපන් මම ලගදීම ගෙදර එනවා කියලා.   උඹ මා ගැන කරදර උනාට බොහොම ස්තුතියි මචං. ඒත් උඹ වත් මා ගැන කරදර වෙනවට මම කැමති නෑ. "


කියපු සමන්ත පිටවෙලා යන හැටි අකිල ඔහේ බලාගෙන හිටියේ තව මොනවා කිව්වත් තේරුම් ගන්න උවමනාවක් නැති තමන්ගේ මිත්‍රයා දිහා අනුකම්පාවෙන්. 


අම්ම තාත්ත දෙන්න තමන් ගැන කොයි තරම් බලාපොරොත්තු තියාගෙන ඉන්නවද කියලා සමන්ත හොදාකාරවම දන්නවා. ලෝකේ හැම දෙයක්ම නැති වෙලා යනකොට හැමෝටම හොරෙන් ගෙදරින් එලියට බැහැලා ආවෙත් තමන් ඇබ්බැහි වෙලා ඉන්න ජිවිතේ හැටියට තව දුරටත් ඒ අහිංසක අම්ම තාත්තගේ මුණ බලන්න තරම් ආත්ම ශක්තියක් හිතේ තිබුනේ නැති හින්දා. 


බොහොම අමාරුවෙන් හිතින් අමතක කරන්න හදන අම්ම තාත්තගේ බලාපොරොත්තු ගැන මතකයන් ආයෙත් මතක් කරපු එක ගැන අකිල ගැන ඇති උනේ කේන්තියක්. 138 බස් එකක නැගලා ඔලුව පුපුරන්න වගේ දැනෙන වේදනාවත් එක්ක අරමුණක් නැතුව ඉබාගාතේ ගිහින් අන්තිමට නතර උනේ කිරුලපන නුගේගොඩ අතරේ තිබ්බ සමන්තගේ සුපුරුදු නවාතැන්පලක...............


"ගුඩ් ඊව්නින්ග් සර් කාලෙකට පස්සේ " 


රිසෙප්ෂන් කවුන්ටරේ හිටපු ලස්සන ගෑනු ළමයා සමන්තව ආදරයෙන් පිළිගත්තා. 


"ඒක තමා. ලගදි එන්නත් බැරි උනා. අලුත් කවුරුවත් නැද්ද?"


"අලුත් ළමයෙක් නම් ඉන්නවා. දැන් නම් බිසී. අලුතෙන් ආවාම හැමෝම එයාවමනේ ඉල්ලන්නේ. මට ෆයිව් මිනිට්ස් දෙන්න එතකන් සර් රුම් එකට ගිහින්  චේන්ජ් එකක් දාගන්න මම එයාව එවන්නම්."


"අන්න එහෙමනේ ඉන්න ඕනේ රත්තරන් එහෙනම් මම යනවා රුම් එකට එයාව ඉක්මනට එවන්න. " 


සමන්ත එහෙම කියාගෙනම එතනින් පිට උනේ පිළිගැනීමේ කවුන්ටරේ හිටපු තරුණියගේ කොන්ඩෙන් ඇදලා එයාගේ කොන්ඩෙත් කඩලා දාලා.
කාමරයට ඇතුළු උන ගමන් සාක්කුවේ තිබුණු සිගරට්ටුවකුත් දල්වාගෙනම යහන මත ඉදගත්තා......





(එක දිගට ටයිප් කරන්න ගියාම එපා වෙනවා. කතාවත් මුලින් හිතුවට වඩා දිග වැඩි වේගෙන එනවා වගේ. තවත් කොටසක් හරි දෙකක් හරි ලියන්න වෙයි. එහෙනම් ඊලග කොටසින් ඉතුරු ටික. මේ කොටස කියවලා හිතෙන දේකුත් කියලම  යන්නකෝ. )





Wednesday, June 6, 2012

අවසානයක් නැති අපේ කතාව





මිට වසර කිහිපයකට පෙර ඉන්දීය මධ්‍යම රජය තම ඇගලුම් කර්මාන්තයේ වර්ධනය සදහා මහා පරිමාන ව්‍යාපෘතියක් ආරම්භ කළේය. එහි එක පියවරක් වුයේ දීර්ඝ ටෙලි නාට්‍ය මාලාවක් ආරම්භ කිරීමයි. ඉන්දීය නිෂ්පාදන ජනප්‍රිය කරලීම සදහාම ඒවායේ රගපෑ නළු නිලියන් සෑම දර්ශනයක් සදහාම අලුත්ම ඉන්දියන් විලාසිතා වලින් සැරසි රංගනයන් ඉදිරිපත් කළහ. ඇදුම් පැළදුම් වලට අමතරව එම නාට්‍යයන් වල භාවිතා කල සියලුම දේ ඉන්දියානු නිෂ්පාදන පමණක්ම විය.


මුලින්ම ඒවා නැරඹු ඉන්දියානු ගම්බද ජනතාව ඒවායේ පෙන්වූ නව විලාසිතා සොයා කඩවල් පිරූහ. දේශීය ඇගලුම් සදහා හොද වෙළදපලක් බිහි විය. රජයේ වැඩපිළිවල සාර්ථක විය. වැඩි කල් යන්නට පෙරාතුවම මෙම නාට්‍ය සෙට් එකම නැරබීමට අපටද අවස්තාව ලැබිණි. අපේ රුපවාහිනි නාලිකාවක් ඉන්දියාවේ එම වෙළද දැන්වීම් මුදල් ගෙවා මිලදී ගෙන සිංහලට හඩ කවා පුරා පැය දෙකක් තිස්සේ අපට පෙන්වනු ලැබිය. ඉන්දියානු ටෙලි නාට්‍ය උන්මාදය බෝ වූ අපේ ඇත්තෝ පැය දෙකක් පුරා රුපවාහිනිය ඉදිරි පිට වාඩිවී මහ ගෙදර මහා අවුල් නරඹා අපේ ගෙදරද මහා අවුල් ඇති කර ගත්තෝය. 


ඉතා ආදර්ශමත් කතා තේමාවන් තිබු එම නාට්‍ය වලින් අපට ලැබුන දේවල්ද බොහෝය. කිසිම ප්‍රශ්නයක් නොමැතිව සාමයෙන් ගෙදර සිටි නැන්දලා ලේලිලා විරසක විය. සහෝදරයන් අතර දේපල බෙදා නොගෙන බදාගෙන කෑම සදහා වූ අරගල දරුණු විය. සැමියාගේ හොදම යාලුවා සමග අනියම් සබදතාවයක් පවත්වාගෙන යාමේ සහ සැමියා ගොනාට ඇන්දීමේ පහසු මාවත් අපේ කාන්තාවන්ටත් දක්නට ලැබිණි.
එදා ඉන්දියාවේ ආදර්ශය ගෙන යුග ජීවිතය අති සාරථක අයුරින් පවත්වාගෙන යන බොහොමයක් දෙනා අදටත් සතුටින් ජිවත් වෙති.
මිට අමතරව ඉන්දියානු ඇගලුම් අපේ වෙලදපොලද දැඩි ලෙස ආක්‍රමණය කලෝය. අපේ කාන්තාවෝද ඉන්දියානු නවීන විලාසිතාවල සාරි සල්වාර් සොයා වෙළදපොළවල් පිරූහ. 


තවත් කාලයක් ගත විය. අපේ අය ඉන්දියන් මෙගා අත හැර අපේ මෙගා වලට පුරුදු විය. අපේ නළු නිළියන්ට දේශීය නිෂ්පාදනයෙන් වැඩක් නැත. ඔවුන්ට රගපෑම සදහා ඩුබායි බැංකොක් වලින් ගෙන ආ අලුත් විලාසිතා වල ඇදුම් ආයිත්තම් ලැබිණ. අපේ අය ඒ විලාසිතා වලට පිස්සු වැටින. ඒ පිස්සුව කොතෙක්ද කියතොත් සාමාන්‍ය ජනයා නොව නාට්‍ය වල රගපෑ නිලියෝත් රෙදි සාප්පු වලින් ඇදුම් හොරකම් කරන තත්වයටම පිස්සුව දරුණු විය. අපේ කතාද අති සාර්ථකය. පලවෙනි කොටස් නරඹා මාස ගානකින් පසු සිය වෙනි කොටස නැරඹු විට කතාව කුමක්ද යන්න හොද හැටි වටහා ගැනීමට හැක. 


දැන් ටෙලි නාට්‍ය කතා ඇතිය. අපේ කට්ටිය පඩි වැඩි කරනු කියා ලිප්ටන් වට රවුම අසලට වී කෑ මොර දෙයි. ඒත් අපේ නිෂ්පාදන ක්‍රියාවලිය එක තැනමය. තේ පොල් රබර් ටික වත් අපට නැති උනා නම් අපට අබ සරණය. දැන් පැපොල් ගෙඩියේ සිට ඇපල් ගෙඩිය දක්වා හැම මගුලක්ම ගෙන්නන්නේ පිට රටිනි. නිෂ්පාදනය එක තැනම තිබියදී පඩි වැඩි කල යුත්තේ මුදල් අච්චු ගැසිමෙන්ය. ඉන් පසුව උද්දමනය වැඩිවී සිම්බාබ්වේ මෙන් පාන් ගෙඩියක් ගෙන ඒමට සල්ලි විල්බැරෝවක් අවශ්‍ය වේය. අපේ රටේ නිෂ්පාදන වලටද ඇත්තේ කුඩම්මාගේ සැලකිලිය. කවරකු හෝ දේශීයව කසිප්පු පෙරුවොත් ඌ පොලිස් කුඩුවේය. පිට රට අරක්කු විකුණන එකා මහා නායක හිමියන්ට බෙන්ස් කාර් පුජා කොට ලබන ආත්මෙත් සුර ලොව යන්නට පෙරුම් පුරනවාය. 


එහෙත් කසිප්පු වලට ඇති ඉල්ලුම නැති කල නොහැක. රජයක් විසින් කල යුත්තේ කසිප්පු වෙනුවට රට අරක්කු විකිණීම නොවේ. දේශීය මත්පැන් සදහාද ප්‍රමිතියක් හදුන්වා දීමය. මෙය ලීවා කියා උපාසක මහත්වරුන් මට බනින්නට උවමනාවක් නැත. මට පැවසීමට උවමනා උනේ ජාතික ප්‍රතිපත්තියක් තුලින් දේශීය නිෂ්පාදන වැඩි නොකර පඩි වැඩි කිරීමට කෑ ගැසීම තුලින් මේ රට නැගිටුවීමට ඉන්නා ආණ්ඩුවට තබා ජනතාවගේ කුසගින්න ගැන කෑ ගසන බලයට කවරකු ආවත් හැකියාවක් නොමැති බවය. ආණ්ඩුවෙන් මෑතකදී ආරම්භ කල දිවි නැගුම වැඩ පිලිවල හොදය. නමුත් එයටද හරි හමන් සැලසුමක් නැත. ගොවීන්ගේ වගාවන්ගේ අස්වැන්න සරු සාරය. නමුත් ඒවා අලවිය සදහා නිසි සැලසුමක් නැත. ගොවීන්ගේ එළවලු කුණු ගොඩවල් වලය. දියර කිරි කුණු කානු දිගේ ගලා යනවාය.  


බලයට ඒමට පෙර සියල්ලෝම පවසන්නේ තමන් දුෂණය නැති කර ජනතාවට සහන සලසන බවයි. වේදිකාවේදී කොතරම් කෑගැසුවත් ප්‍රායෝගික තත්වයේදී එය කල හැකිද නැද්ද යන්න කෑගසන සියල්ලෝ නොදන්නවා නොවේ. බලය ලැබුන පසු ඔවුන්ටද සිදු වන්නේ පැරණි නරාවලටම බැසිමටය. ගොඩ ඒමට මාර්ගයක් නැත. සියලුම කෑ ගැසීම් බලය ලබා ගන්නා තුරු පමණි. මන්ද සියල්ලන්ටම ජනතාවගේ කුස ගින්න දැනෙනුයේ විපක්ෂයේ ඉන්නා තාක් කල් පමනක්ම නිසාවෙනි.........