පස් අදින සෙට් එක

Wednesday, June 6, 2012

අවසානයක් නැති අපේ කතාව





මිට වසර කිහිපයකට පෙර ඉන්දීය මධ්‍යම රජය තම ඇගලුම් කර්මාන්තයේ වර්ධනය සදහා මහා පරිමාන ව්‍යාපෘතියක් ආරම්භ කළේය. එහි එක පියවරක් වුයේ දීර්ඝ ටෙලි නාට්‍ය මාලාවක් ආරම්භ කිරීමයි. ඉන්දීය නිෂ්පාදන ජනප්‍රිය කරලීම සදහාම ඒවායේ රගපෑ නළු නිලියන් සෑම දර්ශනයක් සදහාම අලුත්ම ඉන්දියන් විලාසිතා වලින් සැරසි රංගනයන් ඉදිරිපත් කළහ. ඇදුම් පැළදුම් වලට අමතරව එම නාට්‍යයන් වල භාවිතා කල සියලුම දේ ඉන්දියානු නිෂ්පාදන පමණක්ම විය.


මුලින්ම ඒවා නැරඹු ඉන්දියානු ගම්බද ජනතාව ඒවායේ පෙන්වූ නව විලාසිතා සොයා කඩවල් පිරූහ. දේශීය ඇගලුම් සදහා හොද වෙළදපලක් බිහි විය. රජයේ වැඩපිළිවල සාර්ථක විය. වැඩි කල් යන්නට පෙරාතුවම මෙම නාට්‍ය සෙට් එකම නැරබීමට අපටද අවස්තාව ලැබිණි. අපේ රුපවාහිනි නාලිකාවක් ඉන්දියාවේ එම වෙළද දැන්වීම් මුදල් ගෙවා මිලදී ගෙන සිංහලට හඩ කවා පුරා පැය දෙකක් තිස්සේ අපට පෙන්වනු ලැබිය. ඉන්දියානු ටෙලි නාට්‍ය උන්මාදය බෝ වූ අපේ ඇත්තෝ පැය දෙකක් පුරා රුපවාහිනිය ඉදිරි පිට වාඩිවී මහ ගෙදර මහා අවුල් නරඹා අපේ ගෙදරද මහා අවුල් ඇති කර ගත්තෝය. 


ඉතා ආදර්ශමත් කතා තේමාවන් තිබු එම නාට්‍ය වලින් අපට ලැබුන දේවල්ද බොහෝය. කිසිම ප්‍රශ්නයක් නොමැතිව සාමයෙන් ගෙදර සිටි නැන්දලා ලේලිලා විරසක විය. සහෝදරයන් අතර දේපල බෙදා නොගෙන බදාගෙන කෑම සදහා වූ අරගල දරුණු විය. සැමියාගේ හොදම යාලුවා සමග අනියම් සබදතාවයක් පවත්වාගෙන යාමේ සහ සැමියා ගොනාට ඇන්දීමේ පහසු මාවත් අපේ කාන්තාවන්ටත් දක්නට ලැබිණි.
එදා ඉන්දියාවේ ආදර්ශය ගෙන යුග ජීවිතය අති සාරථක අයුරින් පවත්වාගෙන යන බොහොමයක් දෙනා අදටත් සතුටින් ජිවත් වෙති.
මිට අමතරව ඉන්දියානු ඇගලුම් අපේ වෙලදපොලද දැඩි ලෙස ආක්‍රමණය කලෝය. අපේ කාන්තාවෝද ඉන්දියානු නවීන විලාසිතාවල සාරි සල්වාර් සොයා වෙළදපොළවල් පිරූහ. 


තවත් කාලයක් ගත විය. අපේ අය ඉන්දියන් මෙගා අත හැර අපේ මෙගා වලට පුරුදු විය. අපේ නළු නිළියන්ට දේශීය නිෂ්පාදනයෙන් වැඩක් නැත. ඔවුන්ට රගපෑම සදහා ඩුබායි බැංකොක් වලින් ගෙන ආ අලුත් විලාසිතා වල ඇදුම් ආයිත්තම් ලැබිණ. අපේ අය ඒ විලාසිතා වලට පිස්සු වැටින. ඒ පිස්සුව කොතෙක්ද කියතොත් සාමාන්‍ය ජනයා නොව නාට්‍ය වල රගපෑ නිලියෝත් රෙදි සාප්පු වලින් ඇදුම් හොරකම් කරන තත්වයටම පිස්සුව දරුණු විය. අපේ කතාද අති සාර්ථකය. පලවෙනි කොටස් නරඹා මාස ගානකින් පසු සිය වෙනි කොටස නැරඹු විට කතාව කුමක්ද යන්න හොද හැටි වටහා ගැනීමට හැක. 


දැන් ටෙලි නාට්‍ය කතා ඇතිය. අපේ කට්ටිය පඩි වැඩි කරනු කියා ලිප්ටන් වට රවුම අසලට වී කෑ මොර දෙයි. ඒත් අපේ නිෂ්පාදන ක්‍රියාවලිය එක තැනමය. තේ පොල් රබර් ටික වත් අපට නැති උනා නම් අපට අබ සරණය. දැන් පැපොල් ගෙඩියේ සිට ඇපල් ගෙඩිය දක්වා හැම මගුලක්ම ගෙන්නන්නේ පිට රටිනි. නිෂ්පාදනය එක තැනම තිබියදී පඩි වැඩි කල යුත්තේ මුදල් අච්චු ගැසිමෙන්ය. ඉන් පසුව උද්දමනය වැඩිවී සිම්බාබ්වේ මෙන් පාන් ගෙඩියක් ගෙන ඒමට සල්ලි විල්බැරෝවක් අවශ්‍ය වේය. අපේ රටේ නිෂ්පාදන වලටද ඇත්තේ කුඩම්මාගේ සැලකිලිය. කවරකු හෝ දේශීයව කසිප්පු පෙරුවොත් ඌ පොලිස් කුඩුවේය. පිට රට අරක්කු විකුණන එකා මහා නායක හිමියන්ට බෙන්ස් කාර් පුජා කොට ලබන ආත්මෙත් සුර ලොව යන්නට පෙරුම් පුරනවාය. 


එහෙත් කසිප්පු වලට ඇති ඉල්ලුම නැති කල නොහැක. රජයක් විසින් කල යුත්තේ කසිප්පු වෙනුවට රට අරක්කු විකිණීම නොවේ. දේශීය මත්පැන් සදහාද ප්‍රමිතියක් හදුන්වා දීමය. මෙය ලීවා කියා උපාසක මහත්වරුන් මට බනින්නට උවමනාවක් නැත. මට පැවසීමට උවමනා උනේ ජාතික ප්‍රතිපත්තියක් තුලින් දේශීය නිෂ්පාදන වැඩි නොකර පඩි වැඩි කිරීමට කෑ ගැසීම තුලින් මේ රට නැගිටුවීමට ඉන්නා ආණ්ඩුවට තබා ජනතාවගේ කුසගින්න ගැන කෑ ගසන බලයට කවරකු ආවත් හැකියාවක් නොමැති බවය. ආණ්ඩුවෙන් මෑතකදී ආරම්භ කල දිවි නැගුම වැඩ පිලිවල හොදය. නමුත් එයටද හරි හමන් සැලසුමක් නැත. ගොවීන්ගේ වගාවන්ගේ අස්වැන්න සරු සාරය. නමුත් ඒවා අලවිය සදහා නිසි සැලසුමක් නැත. ගොවීන්ගේ එළවලු කුණු ගොඩවල් වලය. දියර කිරි කුණු කානු දිගේ ගලා යනවාය.  


බලයට ඒමට පෙර සියල්ලෝම පවසන්නේ තමන් දුෂණය නැති කර ජනතාවට සහන සලසන බවයි. වේදිකාවේදී කොතරම් කෑගැසුවත් ප්‍රායෝගික තත්වයේදී එය කල හැකිද නැද්ද යන්න කෑගසන සියල්ලෝ නොදන්නවා නොවේ. බලය ලැබුන පසු ඔවුන්ටද සිදු වන්නේ පැරණි නරාවලටම බැසිමටය. ගොඩ ඒමට මාර්ගයක් නැත. සියලුම කෑ ගැසීම් බලය ලබා ගන්නා තුරු පමණි. මන්ද සියල්ලන්ටම ජනතාවගේ කුස ගින්න දැනෙනුයේ විපක්ෂයේ ඉන්නා තාක් කල් පමනක්ම නිසාවෙනි.........

40 comments:

  1. නිෂ්පාදන ක්‍රියාවලිය තුල අනිවාර්ය තත්ව පාලනයක් අවැසියි. ඒ වගේම රජයක් වශයෙන් යම් යම් සීමා පැනවීමක් කල යුතුයි යම් ක්ෂේත්‍ර වල..සමහරක් ධාන්‍ය වර්ග අපේ කුඹුරු ඉඩම්වල වගා කරත හැකිව තිබියදීත් වෙනත් රටවලින් අධික මිල ගනන් වලට එම ධාන්‍ය ගෙනඒම මෝඩ වැඩක්..
    ඉඳිආප්ප ආප්ප වාගේ කෑම ටෙලිනාට්ටි වලට දාන එකත් හොද වෙයි..දැං ලංකාවෙ හාල් මිල යන්නෙ නැති එක වීගොවීන්ට මාර ප්‍රශ්ණයක්..මොන දේ වැඩිවුනත් දැං යන විදියට හාල් වැඩිවෙන්නෙ නෑ..මොකෝ හාල් නිෂ්පාදනය වැඩියි...

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවට එහෙම තමන්ගේ නිෂ්පාදන අලවි කරන්න ඒ වගේ ව්‍යාපෘතියක් කරන්න අදහසක් ආවා වගේ හැම දේම කොපි කරන්නම පුරුදු වෙලා ඉන්න අපේ අයටත් අපේ නිෂ්පාදන වෙනුවෙනුත් ඔය වගේ අදහසක් ඇති උනොත් ලොකු දෙයක්. ඒත් අපේ අය කොපි කලත් කොපි කරන්නේ යම් දෙයක තියෙන වැඩකට නැතිම දෙයක් තමා.
      හාල් දේශීය පරිභෝජනයට වඩා නිෂ්පාදනය වෙනවා නම් ස්ථාවර මිලක් පවත්වාගෙන යන්න කරන්න ඕන අතිරික්තය අපනයනය කිරීම, හාල් වලින් කරන වෙනත් නිෂ්පාදනයන් දිරිගැන්වීම වගේ දේවල්. එතකොට අතිරික්තයටත් ඉල්ලුමක් ඇතිවෙන නිසා මිල පාලනය වෙලා ගොවියටත් සහනයක් ලැබෙනවා. ඒත් අපේ ආණ්ඩුත් බලං ඉන්නේ රටින් මොකක්ම හරි දෙයක් අරගෙන එනකම් බලාගෙන ඉදලා ඒකට බද්දක් පනවන්න මිසක් අපේ අතිරික්ත නිෂ්පාදනයන්ට වෙළදපලක් හදන එක නෙවෙයි.

      Delete
  2. වැදෙන තැනකට වැදෙනු ඇත ,., එලම එල ඈ

    ReplyDelete
    Replies
    1. කොහාට වදින්නද සුදු මහත්තයෝ:((

      Delete
  3. ඇත්තනේ ටෝක්ස් එක...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ටෝක්ස් එක ඇත්ත උනාට ඇත්ත තිත්ත නිසා මේකත් නිකං බොරු කෑගැහිල්ලක් විතරක්ම වෙයි.

      Delete
  4. පස්ට ඈ......සිරා පෝස්ට් එක...

    ReplyDelete
  5. සී.ඒ. චන්ද්‍රපේමගේ "කොළපාට සමාජය" පොතෙත් මෙවැනි අදහස් දැක්වීමක් කරලා තිබුනා.

    අපිට සංකල්ප වලින්නම් හිගයක් නෑ. නැත්තෙ නිශ්චිත වැඩ පිළිවෙලකුයි. කෘෂිකර්ම පර්යේෂණ හා නිශ්පාදන සහකාර කියලා "පිං පඩි" කාරයෙක් සෑම ගමකම ඉන්නවා. මේ නිලධාරියාට පවරපු නිශ්චිත කාර්යයක් නෑ.
    සමෘධි නිළධාරිටත් එහෙමයි. පවුල් සෞඛ්‍ය නිලධාරි,ග්‍රාම නිලධාරි,පී එච් අයි...මේ හැමෝම අඩු වැඩි වශයෙන් පිංපඩි කාරයෝ. රටේ නිශ්පාදන කාර්යයත් එක්ක ඔවුන්ගේ පැහැදිලි සම්බන්ධතාවයක් නෑ. ඒ හින්ද මිනිස්සු හිතුමතේ පවත්වාගෙන යන අවිධිමත් ආර්ථිකයක් තමයි රටේ තියෙන්නෙ. ඒක පැහැදිලි අනාගතයකට දිශානත වෙලා නෑ. මිනිස්සු පිස්සුවෙන් වගේ සල්ලි හොයන්න දගලන්නෙ මේ අවිනිශ්චිතභාවය නිසයි. ඒ හේතුවෙන් ඔවුන්ට ඔවුන්ගේ "ජීවිතය" මගහැරෙනවා.සමසථයේ "පරිහානිය" හැටියට මතුපිටට පේන්න තියෙන්නෙ මේ තත්ත්වයයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා සුමිත් අයියා. තමන්ට වැඩ කරපු මිනිස්සුන්ට ආණ්ඩුවේ රස්සාවක් දෙන්න ඕන කම හින්දා එක එක රස්සාවල් හදලා මිනිස්සුන්ට දුන්නට නියම ධුරාවලියකට වැඩ බෙදිලා යන්න ආණ්ඩුවේ රස්සාවල් නෑ. වැඩක් කරන්න පුළුවන් මිනිස්සුත් ඒ නිසාම පිං පඩි කාරයෝ වෙලා. ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙන්නේ නැති හරි හමන් ප්‍රතිපත්තියක් කියලා එකක් තිබුන නම් ඔය ප්‍රශ්න ගොඩාක් අඩුවෙයි කියලයි මට නම් හිතෙන්නේ. එහෙම එකක් තිබුනත් වැඩක් වෙන්නේ නෑ ඉතින් ඒකට අනුව වැඩ කරන්නේ නැත්තම් ......

      Delete
  6. සහතික ඇත්ත කතාව අයියේ.... මේ ටික දේශපාලුවන්ට නොතේරෙනවද නැත්තම් තේරුනත් තේරෙන්නැ වගේ ඉන්නවද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ...

    ඉන්දීය ටෙලිනාට්‍ය නිසා ලොකු ප්‍රශ්න ඇතිවුනා කියන එකට මම පට්ට ලයික්.උන්ගේ ගොං සිනමාව කොපි කරලා දැන් ලංකාවේ සිනමාවත් ගන්න දෙයක් නෑ.... මේවට වගකියන්න ඕනේ කිසිම ප්‍රමිතියක් නැති චිත්‍රපටියි නාට්ටියි ප්‍රදර්ශනය කරන්න ඉඩ දෙන එවුන්ට...

    හොඳ පෝස්ට් එකක් අයියේ එල

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ ටෙලි නාට්‍ය නිසා ඉන්දියාවට නම් පාඩුවක් උනේ නෑ. අපිට තමා වෙන්න තියෙන දේ උනේ. සිනමාව එදා ඉදලම කලේ කොපි කරපු එක. කොහොමටත් ලංකාවේ සිනමාව නම් ඉතින් දුවන්නේ බොක්ස් වලට පිං සිද්ද වෙන්නනේ. සාමානයයෙන් කට්ටිය හෝල් ඒකට යන්නේ ෆිල්ම් බලන්න නෙවෙයි නිසා ඒකට නම් වැඩි අවුලක් නෑ. :P

      Delete
  7. නියමයි මෙන්න ලිපි ,අපේ මෝඩ ටෙලිවිෂන් රසික අම්බරුවන් සිටිනතාක් කල් මෙවැනි අදබාල ගොන් කතා තවදුරටත් ප්‍රදර්ශනය කරාවි ....

    ReplyDelete
    Replies
    1. ඉල්ලුමට අනුව නොවැ සැපයුම. ඉල්ලන්නේ තණකොළ නම් මොකට දෙනවද බත්.

      Delete
  8. අනේ මන්දා බොල මාත් කැමතියි දේශීය නිෂ්පාදන ඉහල යනවට.මම නම් දැන් මිලදී ගන්න පෙලබෙන්නෙත් ගොඩක් දේවල් දේශීය නිෂ්පාදන.(අරක්කු වගේ දේවල් නම් බැහැ අපිට කසිප්පු බොන්න බැහැනේ :)

    ReplyDelete
    Replies
    1. අරක්කු කසිප්පු ගැන කිව්වේ උදාහරනෙකට. මේ මම දන්න ඇත්ත කතාවක් අපේ කෙනෙක් හෙලිකොප්ටර් එකක් හැදුවොත් මොකද වෙන්නේ. මිනිහව අරන් ගිහින් දානවා හිරේ. එහෙම කරලා අපි ගේනවා බර ගානක් පිටරටට දීලා එහෙං ඊට වඩා කොලිටියෙනුත් බාල අවුරුදු ගානක් පාවිච්චි කරපු හෙලිකොප්ටර්. ඉතින් මොලයක් තියෙන එකෙක් ආයේ හදයිද හිරේ යන්න අලුත් දෙයක්. හැදුවත් ඉතින් ඒකෙ පෙන්ටට් එක සද්ද නැතුවම පිට රට කොම්පැනියකට විකුනලා ගානක් ගන්න එක තමා හොදම දේ. එතකොට අපට පුළුවන් අපේ එකෙක් හදපු එක කොමිස් කුට්ටියකුත් එක්ක ඒ කොම්පැනියෙන් බර ගානක් දීලා ගන්න.

      Delete
  9. නියම අදහසක්... මගෙන් තුති මල්.

    ReplyDelete
  10. කතා කරලා වැඩක් නැහැ. "සිය රට දේ සිරි සැප දේ" කියන එක ලස්සනට රයිම් වෙන වචනයක් විතරමයි :(

    ReplyDelete
  11. අපේ ලොක්කො හිතන්නේ රටින් ගේන ඒවාට බද්දක් දැම්මම සේරම හරියි කියලා! ඒ ඇරෙන්න දේශීය දේ ජනතාව අතරට ගෙනියන්න වැඩපිලිවෙලක් නෑ! මෑත කාලයේ එහෙම පොඩ්ඩක් හරි සාර්ථක උනා නම් උනේ මිල්කෝ කිරි අලෙවි කුටි විතරයි!

    ReplyDelete
    Replies
    1. සමහර විට අපේ මහ උන් පිට රටින් ගේන්නෙත් අපේම එකෙක් මෙහේ හදලා ඒකට මෙහේ පිළිගැනීමක් නැති වෙනකොට පිට රට කොම්පැනියකට විකුනලා දාපු අපේම එකෙකුගේ නිර්මාණයක් වෙන්නත් පුළුවන්.

      Delete
  12. කතාව ඇත්ත. කිසි කෙනෙකුට උවමනාවක් නැහැ තමන්ගේ රටේ දේවල් දියුනු කාරන්නත්. පාරිබෝගිකයත් ගන්න කැමති විදේශ භාණ්ඩ. විදේශවලින් භාණ්ඩ ආනයනය කරන්නෙත් ලොකු පාලකයෝන්ගේ ලඟම හිතවතුන්. ඉතිං මේ දේ කොහොමද නවත්වන්නේ.

    ReplyDelete
    Replies
    1. අපේ ඒවා අපි පාවිච්චි කලොත් කොහෙන්ද බං කොමිස්??

      Delete
  13. බලයට කවුරු ආවත් මහජනයාට කිසිම සෙතක් නැත..

    මේ ලිපිය කියවිය යුතු වන්නේ අප වැනි සාමාන්‍ය ජනතාව නොව මෙයට වගකිවයුත්තන්ය..

    ReplyDelete
    Replies
    1. උන් මේවා කියවන්නේ නෑ නංගි. කියෙව්වත් තේරුම් ගන්නෙත් නෑ.

      Delete
  14. සිංහලයිනි අවදිවෙව් කියල කියන්න ඕනි එවුනුත් අද ඉන්නේ නිදිමතේ..උන්ව කුද්දන්න වෙන කොහෙන් හරි එවුන් ගෙන්නන්න වෙනවා...සිංහල කම නියමෙට ඔප්පු කරනවා අපේ උන්...විනාශේ පටන් අරන්..ශිෂ්ටාචාරයක ,සංස්කෘතියක,ජාතියක,ආගමක විනාශය පටන් අරන්...

    ReplyDelete
    Replies
    1. මේක විනාස වෙන්න පටන් ගත්තේ දැනට ගොඩාක් කාලෙකට කලින් මල්ලි. ඒත් මේ වෙන විනාසේ දිහා ඇස් කන් නැතුව බලා ඉන්න සිද්ද වෙලා තියෙන ඒක ගැනයි දුක.

      Delete
  15. තිත්ත ඇත්ත රෙපෝ..

    ReplyDelete
  16. //පලවෙනි කොටස් නරඹා මාස ගානකින් පසු සිය වෙනි කොටස නැරඹු විට කතාව කුමක්ද යන්න හොද හැටි වටහා ගැනීමට හැක. //

    මේකනම් සහතික ඇත්ත බං. මෙලෝ රහක් නැහැ දැන් නාට්ටි.

    බඩගින්න දැනෙන්නේ විපක්ෂයේ සිටින තාක් පමනි. මහජනයා සදාතනික විපක්ෂයේ නිසා හැමදාම බඩගින්නේය.

    ජය.. !

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම ඔය නාට්‍ය බැලිල්ල නවත්තලා දාල තියෙන්නේ. බලනවා නම් බලන්න ඕන මුල් කොටසයි අග කොටසයි. මුළු කතාවම තේරෙනවා එතකොට.
      මහජනයා කිව්වා උනාට ඇස් කන් නෑ වගේ ඉන්නවානේ බං ඕන මගුලක් වෙයං කියලා. අනේ මංදා. සැමා ටත් ජය !!

      Delete
  17. නාට්‍ය වලින් පටන් අරන් කතාව කොයි තරම් දුර ගියාද.. නමුත් ඇත්ත, ඉන්දියාවේ නාට්‍ය බැලුවට ඔය කියන විදිහට ඔවුන් ඒකෙන් අරමුණ වූ දේ අපේ අයට තේරිලා නෑ.. රටින් එන හැමදේටම බද්දක් පැනවීම හැම ප්‍රශ්ණයකටම විසදුමක් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. මේක මොකක්ද වෙන්නේ කොහෙද යන්නේ කියලත් හැගීමක් නැතුව යන ගමනක් වගේ කියලා බං මට නම් තේරෙන්නේ. අනේ මංදා :((

      Delete
  18. ඔතනදි පාර්ශව දෙපැත්තටම ඇඟිල්ල දික්කල යුතුයි, ලංකාවේ විශය මුලීක අද්‍යාපන රටාව බොහොම උසස් ඒ කියන්නේ පොත පත දැනුම අතින් ලංකා සමාජය බොහොදුරට පොහොසත්. නමුත් නිර්මාණාත්මක සිතුවිලි වලින් අපි ඉන්නේ තරමක් පිටුපස්සෙන්. ඒ කියන්නේ තමන් වටා ඉන්න මිනිස්සුන්ට විකුනන්ඩ පුලුවන් මොකද්ද කොහොමද වැඩේ පටන්ගන්ඩ ඔන කියන සිතුවිල්ලට හරි විදිහට එලබෙන්න විදිහේ ජිවන රටාවකට සෙට්වෙන්ඩ තාම අපේ ජන සමාජයට බැරිවෙලා තියෙනව
    ඒ වගේම පාලක පක්ශය වේවා විරුද්ධ මතධාරින් වේවා පවතින සමාජයේ ලීඩර්ස්ලට අපේ කම කියන හැඟීම තවම ඇඟට අල්ලා නැ ඒ කියන්නේ දෙශීය නිශ්පාදන දියුනු කිරිමට හරි වැඩ පිලිවෙලක් ඔවුන්ට නෑ සරලව කිව්වොත් විදේශිය නිශ්පාදිත වලින් මෙරට මිනිසුන් යැපෙන හුරුකරවිම මිසක් දෙශිය නිශ්පාදිත වලින් මෙරට යැපෙන්ට ඔනය කියන හුරුව ඇතිකරවල දෙශිය නිශ්පාදන ඇගයිමේ ක්‍රියාවලියට ඔවුන් යන්ට සුදානම් නැ අඩුම ගානේ දේශීය නිශ්පාදිත විකුන ගන්ටවත් හරිහැටි වෙළඳ පොලක් ස්ථානයක් සකස් කරදී නැනේ " අර ලොක වෙළඳ පොළ කියල පිටකොටුවෙ තියෙන එකත් බොරුවක් නේව" අඩුම ගානේ ඒ මිනිසුන්ට හරි ප්‍රචාරනයක්වත් ලබාදෙනවද නෑ..
    ආකල්පවල වෙනසක් සිදුවෙලා..මිනිසුන්ට හරි යටිතල පහසුකම් සහ හොඳ වෙලඳ පොලක් ලබාදෙනවනම් අනාගතේ සුභදායක වෙයි

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මචං. විකුනන්න තියෙන දේට වෙළදපොලක් නෑ. දේශීය නිෂ්පාදන වලට තැනක් නෑ. ආණ්ඩුවෙන් මිට වඩා මැදිහත් වීමක් වෙලා අපට විකුනන්න පුලුවන්දේ සහ අපට නැතිදේ අදුනගෙන තියෙන දේ විකුනලා නැතිදේ විතරක් ගෙන්නන්න වත් යාන්ත්‍රණයක් හැදුවොත් ප්‍රශ්නේ මිට වඩා හොදින් විසදෙයි...

      Delete
  19. අප්පට බොල රෙපා හිතන දේවල්.... මොනා උණත් ඇත්ත ටික තිතටම කියල තියෙනවා.....

    ReplyDelete
    Replies
    1. හිතන දේවල් නම් මිට වඩා කොච්චර තියෙනවද? තිත්ත ඇත්ත......

      Delete