පස් අදින සෙට් එක

Saturday, July 14, 2012

බිම්මල් වගා කරමු



මේ බිම්මල් වගාව ගැන පෝස්ට් එක දාන්න හිතුනේ බුකියේ රස සරණිය ගෘප් එකට දැනට ටික දවසකට කලින් වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්න. බිම් මල් වගාව කියලා කියන්නේ කෙනෙකුට විශාල ආදායමකට යන්න පුළුවන් ස්වයං රැකියාවක් වගේම තමන්ගේ පරිභෝජනය සදහා උනත් පහසුවෙන් පිලියල කර ගන්න පුළුවන් පෝෂ්‍යදායි ආහාරයක්‌................................................... අද වෙනකොට මේක සුපිරි ආහාරයක්‌ තත්වයට පත් වෙලා තියෙන්නේ වෙලදපොලේ පවතින අධික මිල නිසා. අද බිම් මල් කිලෝවක වෙළදපොල මිල රුපියල් දෙසිය පනහකට තුන්සියයකට වඩා වැඩියි. ඒ තරම් මිලක් බිම් මල් වලට ලැබිලා තියෙන්නේ ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් වෙළදපොලට සපයන්න නිෂ්පාදකයන්ට නොහැකි වීම නිසා මිස නිෂ්පාදනය සදහා ලොකු පිරිවැයක් දරන්න සිද්ද වෙන හේතුව නිසා නෙවෙයි.
මොනතරම් පෝෂ්‍යදායි ආහාරයක්‌ උනත් බොහෝ දෙනෙක් බිම් මල් ආහාරයට ගන්න මැලි කමක් දක්වන්නේ විෂ සහිත බිම් මල් එහෙමත් නැත්තම් නයි හතු කියන වර්ගය හදුනා ගන්න තියෙන අපහසුතාවය නිසා. විෂ සහිත බිම් මල් අදුනාගන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා.
ඒ වගේ බිම් මලකට කෘමි ආකර්ෂණයක් නැහැ. ඒ වගේම තද වර්ණයකින් යුක්ත වෙනවා, දුගදක් හමනවා.
මිට අමතරව ළුණු කැබලි සමග තැම්බිමේදී ළුණු දම් පාටට හැරෙනවා.

රිදී හැන්දක් ස්පර්ශ කලොත් හැන්ද කළු පාටට හැරෙනවා. මේ වගේ ලක්ෂණ පෙන්නනවා නම් ඒ බිම් මල් විෂ සහිත බිම් මල් විදියට අදුන ගන්න පුළුවන්
මම මේ පෝස්ට් ඒකෙන් කතා කරන්න හිතුවේ ස්වයං රැකියාවක් ලෙස මේ ව්‍යාපාරයට සම්බන්ද වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙකුට හෝ නිවසේ පාවිච්චියට බිම් මල් වගා කරගෙන පරිභෝජනය කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙකුට ඒක කරගන්නේ කොහොමද කියන එක කියලා දෙන්න. ස්වයං රැකියාවක් වශයෙන් බිම් මල් වගා කරන අය මේ තාක්ෂනය අනෙක් අය දැන ගන්නවාට කැමති නෑ. ඒකට හේතු ගොඩාක් තියෙනවා.
තව දෙයක් කියන්න ඕනේ. මේක කියවන කාට හරි කෙනෙකුට මේක ව්‍යාපාරයක් වශයෙන් ආරම්භ කරන්න අදහසක් තියෙනවා නම් අලවිය ගැටළුවක් කියලා හිතෙනවා නම් සම්පුර්ණ අලවි සහය ලබා දෙන්න අපි සුදානම්. ඒ වගේම ඔබට අවශ්‍ය තාක්ෂණික දැනුම, බිජ වර්ග, ආදී නිෂ්පාදනයට අවශ්‍ය සියලු සහය ලබා දෙන්නත් අපි සුදානම්,




නමුත් දැනට මේක කරන්න පුළුවන් නම් ගාල්ල කළුතර දිස්ත්‍රික්ක වල විතරයි ඉදිරියට අනෙක් ප්‍රදේශ වලටත් ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා.
දැන් බලමු මේ කියන බිම් මල් නිෂ්පාදනය සිද්ද වෙන්නේ කොහොමද කියලා.

මුලින්ම මේකට අවශ්‍ය දේවල් ගැන බලමු. මෙතන තියෙන අනුපාතයන්ට තමන්ට ඕන තරමේ මිශ්‍රණයක් හදාගන්න පුළුවන්


මිශ්‍රණය සදහා

සැහැල්ලු ලි කුඩු 25 Kg

හාල් නිවුඩු 2.5 Kg

සෝයා පිටි / මුන් පිටි / සමපෝෂ 250g

මැග්නීසියම් සල්ෆේට් 50g

අළු හුණු / ඩොලමයිට් 500g

අවශ්‍ය පමණට ජලය



මලු සදහා

පොලි ප්‍රොපිලින් කවර අගල් 7 x 14 ගේජ් 200 මි මි 0.01 (මේ සදහා කිසිම විටක පොලිතින් කවර යොදාගන්න එපා)

විෂ්කම්බය අගල් 1 සහ උස 3 / 4 පි වී සි බට කැබලි

රබර් පටි

කපු පුළුන් / කොට්න් වේස්ට්

කඩදාසි කැබලි අගල් 2 x 2 ප්‍රමාණයට 


ඊළගට සරලව කරුණු විදියට කරන ක්‍රමේ පෙන්නන්න උත්සාහ කරන්නම්. වැඩි විස්තර අවශ්‍ය නම් බුකිය හරහා හෝ පහත සදහන් ඊ මේල් ලිපිනයට ඊයක් එවීමෙන් විස්තර දැනගන්න පුළුවන්.


වැස්සට නොතෙමුනු ලී කුඩු හලා පිරිසිදු ස්ථානයක ඇතිරීම

එයට සහල් නිවුඩු මුන් / සෝයා පිටි / සමපෝෂ සහ අළුහුණු දමා හොදින් මිශ්‍ර කිරීම

ජලය කෝප්පයක දිය කර ගත් මැග්නීසියම් සල්ෆේට් ඉසීම 

අවශ්‍ය ප්‍රමාණයට ජලය යොදා හොදින් මිශ්‍ර කිරීම 

සකස් කර ගත් මිශ්‍රණය පොලි ප්රෝෆිලින් මලු වලට ඇතුළු කර මල්ලෙන් 3/4 ක් පමණ හොදින් පුරවා ගැනීම. (පිරවූ පසු වගා මල්ලක් කිලෝ 1 ක් පමණ වෙන්න ඕනේ )

බට කැබලි තුලට පුළුන් ඇබ යොදා රබර් පටි දැමීම


 
ඊට පස්සේ මේ සකසා ගත් වගා මලු ජීවානුහරණය කරගැනීම කරන්න වෙනවා. ඒ සදහා ග්‍රීස් බැරලයක් යොදාගන්න පුළුවන්. බැරලයේ පියනේ මැද යකඩ ඇනයක් මගින් සිදුරු කරන්න ඕන. ඊට පස්සේ ලි කුඩු මිශ්‍රණය සහිත පැකට් බැරලයේ ඇසිරිම සදහා බැරලය පතුලේ සිට අගල් 7 ක් පමණ ඉහළින් කම්බි දැලක් තැන්පත් කර ගන්න ඕනේ. බැරලයේ අගල් 5 ක් පමණ ජලය පුරවලා වගා මලු කම්බි දැල මත තැන්පත් කරලා බැරලයේ පියන තදින් වහලා පැය කිහිපයක් තම්බා ගැනිම මගින් මේ වගා මලු ජීවානුහරණය කර ගන්න පුළුවන්.

මේ ආකාරයට තම්බා ගත් වගා මලු තුලට දින දෙකකට පසු බිජ ඇතුල් කිරීම කරන්න පුළුවන්.
බිජ ඇතුල් කල වගා මලු දිලිරය වර්දනය වීම සදහා අදුරු ස්ථානයක තැන්පත් කර තැබිය යුතු වෙනවා. දින 25 ත් 30 ත් ඇතුලතදී ලි කුඩු මාධ්‍යය තුල ඇති දිලිරය සුදු පැහැයෙන් වර්ධනය වී තිබෙන ආකාරය දකින්න පුළුවන්.
ඉන් පසු අදුරු කාමරයෙන් ඉවත් කර ගන්නා වගා මලුවල ඉහලින් කවරය කපා ඉවත් කරන්න පුළුවන්. එය රාක්කයක තිරස්ව තැන්පත් කර තබා ගන්න ඕනේ.






අස්වනු නෙලන අවස්ථාවේදී වගා මලු පවතින කාමරය තුල වාතයේ තෙතමනය නිසි ආකාරව පවත්වාගෙන යා යුතු වෙනවා. ඒ සදහා දිනපතා උදේ හවස ස්ප්‍රේයරයක්‌ මගින් මිහිදුමක් ආකාරයට ජලය ඉසීම, පොලවේ අතුරා ඇති වැලි තෙත් කිරීම වැනි දෑ කරන්න පුළුවන්.

අස්වනු නෙලන අවස්ථාවට පැමිණි මේ එක වගා මල්ලකින් දින 7 - 10 කට වරක් 8 - 10 පමණ වතාවක් බිම මල් නෙලා ගන්න පුළුවන්.

බිම් මල් වගාවට ඇති ප්‍රධානතම බාදකය තමයි කෘමි උවදුර. ඒ සදහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. මේ ව්‍යාපෘතිය සදහා වෙනමම බ්ලොග් අඩවියක් මගින් තොරතුරු සපයන්න බලාපොරොත්තුවක් තිබෙන නිසා මේ පෝස්ට් එක මෙතනින් නතර කරනවා. බිම්මල් වර්ග හා නිෂ්පාදනය පිලිබදව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක්, පලිබෝධ පාලනය, කල්තබා ගැනීමේ උපදෙස්, සහ ආහාර වට්ටෝරු සවිස්තරාත්මකව එම බ්ලොග් අඩවිය තුලින් ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තුව.
මේ පොස්ට් එකට පින්තුර හොයනකොට තවත් බිම්මල් නිෂ්පාදනය ගැන සිංහලෙන් ලියවුන බ්ලොග් පෝස්ට් එකක් දැක්කා. මෙතනින් ඒ පෝස්ට් එකට යන්නත් පුළුවන්.

බිම්මල් වගාව පිළිබද දැන ගැනීමට, අලවි සහාය ලබා ගැනීමට, ජීවානුහරණය කොට උසස් තත්වයේ බිජ යෙදු වගා මලු සහනදායි මිලට ලබාගැනීමට, ආදී බිම්මල් නිෂ්පාදනය පිළිබද සියලු ගැටළු සදහා සහාය ලබාදීමට අප සුදානම්. ඒ සදහා hettiarachchiaruna@gmail.com වෙත ඊයක් එවන්න. නැත්තම් බුකියේදී රෙප් මහත්තයා අමතන්න

36 comments:

  1. වටින වැඩක් අරුණ...

    ඕකේ තව දෙයක් කරන්න පුළුවන්නං හොඳයි..මේක මේ ව්‍යාපාරික මට්ටමනේ.. ඕකේ බට්ටා සයිස් ක්‍රමයක් කියහං... අපේ ඔය ගෙවල් වල ඉන්න උන්දලට කරන්න පුළුවන් විදියට.. ඒ වගේම මතක ඇතිව ඕකට වෙන්න පුළුවන් කරදර ආදියත් කියහං... ඒ දවස්වල අපේ ගමෙත් ඕක නැගලා ගියා... අපේ මල්ලි කාරයත් මලු තම්බ තම්බ මොනවා හරි කලා ... ඒත් සමහර වෙලාවට බෑග් එක පිටින්ම නරක් වෙන සීනුත් තිබුනා..ආන්න ඒවට හේතු එහෙම දක්වලා තව ටිකක් ලියහං..වගාවේදී ඇති විය හැකි ගැටළු කියලා.. නැත්තං ඕකත් මං පොල් මල් මැද්දා වගේ තියෙයි...

    (මඳින මඳින මල කුණු උනා කියහංකෝ..)

    ReplyDelete
    Replies
    1. ඒ හැමදෙයක්ම වෙනම බ්ලොග් එකකින්. චතුෂ අයියේ ...

      Delete
  2. කදිම පෝස්ටුවක් සහෝ..

    ReplyDelete
  3. නියමයි. කාලයක් තිස්සේ හිතා‍ගෙන හිටිය අත්හදා බලන්න ඕන කියල‍. බිම්මල් වලට තියන ආසාව නිසා. ප්‍රමාණය අනුපාතිකව අඩුකරල කරන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. අනුපාතය එකයි. ඒත් බිම් මල් බිජ පැකට් එකක තියෙන බිජ ප්‍රමාණය වගා මලු පනහකට හැටකට විතර ඇති. ලි කුඩු කිලෝ 25 මිශ්‍රණයට බිජ පැකට් එකක් ශේප්...:))

      Delete
  4. අප්පට සිලි එලමනේ ,.,., මමත් අදම බිස්නස් එකට බහිනවා :D

    ReplyDelete
    Replies
    1. අන්න හරි. බැහැපන්. එතකොට ඇඹිලිපිටියේත් බිම් මල් පිපෙයි :P :D

      Delete
  5. නියම පෝස්ට් එක..
    මට මතකයි ඉස්කෝලෙත් අපි පොඩි කාමර කෑල්ලක හතු වැව්වා..
    ආතල් වැඩේ..

    ReplyDelete
    Replies
    1. කාමර කෑල්ලට මැස්සෝ එන්න ගත්තම වැඩේ අතඅරියාද? :(( :D :D

      Delete
  6. වටිනා පොස්ටුවක්

    ReplyDelete
  7. ඒකනම් ලස්සනම වැඩක්..හුගක් වටින ලියමනක් අයියේ....

    ReplyDelete
    Replies
    1. ඔය වචන ටිකම මට ගොඩාක් වටිනවා නංගි :D

      Delete
  8. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාටත් රාජ සම්පත් දෙගුණ තෙගුණ වී ලැබේවා :)))

      Delete
  9. විදේශ රටවලට ලොකු ඉල්ලුමක් තියෙනවා.නිසි කලමාකරිත්වයක් නැති නිසා අලුත් පිට අපනයනය කරන්න බැරිවී තියෙන්නේ. විෂ හතු හඳුනාගන්න විදිය කියපු එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. විදේශ රටවලට යවන්න තියා ලංකාවේ ඉල්ලුමටවත් දෙන්න විදියක් නෑ. ඒකයි බ්ලොග් එකක හරහා හරි මේ තාක්ෂනය කියන්න හිතුනේ හදන්න කැමති කෙනෙක් ඉන්නවා නම් සම්බන්ද වෙන්න..

      Delete
  10. වටිනා පෝස්ටුවක්...

    මේක ව්‍යාපාරික මට්ටමින් නොකර තමන්ගේ පරිභොජනයට කරන අයට බීජ තැන්පත් කළ වගා මළු අලෙවිකරන අය ගැන තොරතුරු දෙන්න පුළුවන්නම් හොදයි. නැත්නම් අමිශ්‍ර අමුද්‍රව්‍ය හොයාගන්න අමාරුයි. විශේෂයෙන්ම ලී කුඩු, මේකට වඩාත් සුදුසු රබර් හෝ අඹ ලි කුඩු.

    ReplyDelete
    Replies
    1. ඒකට තමා ඔය පල්ලෙහා මගේ ඊ මේල් එක දාලා තියෙන්නේ. සහනදායි මිලකට බිජ තැන්පත් කරපු වගා මලු කැමති කෙනෙකුට මගෙන් ගන්න පුළුවන්. බ්ලොග් ලෝකේ අයට විශේෂ මිල අඩු කිරීම් :))

      Delete
  11. නියමයි අයියා

    ReplyDelete
  12. ලංකාවට ගිහින් හතු වවන්න පටන් ගත්තා නම් හරි...

    ReplyDelete
  13. වටිනා මගපෙන්වීමක්... උත්සාහය අගය කරනවා රෙප්..

    ReplyDelete
  14. සමහර අයට හතු සැරයි... හැමෝටම කන්නත් බෑ... මම නම් ආසයි හැබැයි... ඒත් කන්න හම්බෙන්නේ දානේ ගෙදරකදී වගේ විතරයි :(

    ReplyDelete
  15. ස්තුති රෙපා මාව අතීතෙට ගෙනිච්චා..

    මම පොඩි කාලෙ අපේ මහප්පගෙ පුතා බිම්මල් මහා පරිමානෙන් කලා. ඒවට අපිත් සපෝට් කලා.

    උන්ගෙ ගේ මැද්දෙ ලීකුඩු දාලා ඒවට මොන මොනවද කලවං කරලා ලී කුඩු ගොඩ උඩ අපි නටපු හැටි. පැකැට් පුරවලා රබර් පටි, පීවීසී බට කැබලි දාලා හිර කරලා බෝතල් වලින් තලපු හැටි. අන්තිටම අපිට අත නොගසන්න දෙන යකට බැරල් වල දාල තම්බපු හැටි තාම මතකයි මචං.


    වැඩේ නැවතුනේ මොකක්ද ලෙඩක් ඇවිත් තමා මගෙ හිතේ...

    ජය මචං !

    ReplyDelete
  16. ඇමරිකන් ඔයිස්ටර් ඇරෙන්න වෙන බීජ ගන්න තියෙනවනම් 0774253647 ට කෝල් කරන්න.

    ReplyDelete
  17. මේක හොඳ පෝස්ට් එකක්.මම දැනට බිම්මල් හදනව අවුරුදු 5-6 තිස්සේ ඒත්...දුකම සීන් එක තමයි..කොහෙන්වත් කිසිම සපෝර්ට් එකක් දෙන්නෙ නැති එක.අඩුම තරමෙ දැල් ටිකක්වත්....ඒ හින්ද අඩුම තරමෙ මේ ගැන ලියන්න හිතුන එකට ගොඩක් පින්..

    ReplyDelete
  18. niyamai mcho
    _________________________________________________________________________________________

    එකතු වෙන්න. ඔබ දන්නා දේවල් කියාදෙන්න. නොදන්න දේවල් ඉගෙන ගන්න. පිළිතුරු දන්න සිංහලෙන්ම ලබාගන්න

    http://pariganakalokaya.com/

    ReplyDelete
  19. very very thank you.anek aya thaman danna shilpaya hanganakota oya eka lokayatama bedala denawa,godak loku pinak...supuntharaka@gmail.com

    ReplyDelete
  20. මේක ටටික් ලොකුවට කරන්න පුලුවන් නේද ලියාපදිංචි කරගන්නේ කොහොමද රෙප්

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. අනේ මටත් හතු පොට් ගන්න පුලුවන්ද???

    ReplyDelete
  23. මට බීජ තැන්පත්ක් කරපු වගා මළු ගන්න ඕන.. කොහොමද ගන්න පුළුවන්.
    විස්තර මට ඊමේල් කරනවද. nphchandima@gmail.com

    ReplyDelete
  24. mamath kaluthara, mamath bimmal waga karanna unanduwen ennawa, matath sahayogaya denawada

    ReplyDelete
  25. Mamath kemathi wagawak danna mama tikak dura. Mata dana ganna one oya bija bagayak koi tharam kalayak nelimata puluwanda?

    ReplyDelete