Thursday, November 3, 2016

ව්‍යවස්ථාවක් අවශ්‍යමද ?



රටට අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බව පසු ගිය දිනක ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් ප්‍රකාශ කොට තිබිණි. එ සදහා ඔවුන් පවසන්නේ ජනමතයක් එ සදහා ලැබුණු බවයි.

මෙහිදි පළමුව කිව යුත්තේ මේ ආණ්ඩු බලය ගෙන එමට මේ රජය ජනතාවට කියන ලද බොරු ප්‍රමාණයයි. ආණ්ඩු බලය ලබාගැනිමට මේ සා බොරු කියන ලද ආණ්ඩුවක් ඉතිහාසයේ කොතනකවත් අපිට හමු වී නැත. එ සා බොරු කියා ගත් ආණ්ඩුව දැනට අවුරුදු දෙකකට ආසන්න කාලයක් මේ රටට කල දෙයක් නොමැත.

කතා කරන්නේ නම් සංහිඳියාව ගැනය, රට තුල නැත්තේද එයය. උතුරේ වෙනම නීතියක්ය. දකුණේ වෙනම නීතියක්ය. නැගෙනහිර වෙනම නීතියක්ය. මේවා දෙස ජනතාව බලා සිටින්නේ තුෂ්නිම්භුත වී ගෙනය.

අඩුම වශයෙන් මේ රටේ විධායකයට මේ රටේ පාලනය කර ගන්නට හැකියාවක් නොමැත. රට ඉබාගාතේ යද්දී රටේ ජනාධිපතිවරයා කරන කතා ජනතාවට සිංහල පංතියක දේශනයක් වගේය.

රටේ නීතිය කනපිට පෙරලමින් ආණ්ඩුව හිතු මනාපයෙන් පවත්වාගෙන යන මේ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවංක ආකාරයෙන් ඉදිරිපත් කිරිමට සමත් වේ යැයි සිතිය නොහැකිය.

ජනාධිපතිවරනයක් තියා අගමැති වෙනස් වු ලෝකයේ එකම රට ලංකාව විය හැක. එයින් නොනැවති ආසන්න සංශෝධනය ගෙන ආවේ 19 වගන්තියයි. එහි ප්‍රධාන අරමුණ උයේ රාජපක්ෂවරැ මර්ධනය කිරිම පමණක් ම බව දන්නේ මේ රටේ අතලොස්සක් පමණි.

එයින් නොනැවතුණු ඔවුන් මහමැතිවරණයකට ගොස් බහුතරයක් ලබා ගැනිමට පවා නොහැකි විය. එ අඩුම වශයෙන් දින සියයේ වැඩසටහන සාර්ථක නොවුන පසුබිමක් තුළය. ජනාධිපතිවරයා එදා යම් යම් ප්‍රකාශ නොකෙරුවා නම් අද ඇත්තටම මේ ආණ්ඩුව නොමැත. ඉන් පසුව මහින්දගේ නම විකුණා චන්දය ලබා ගත් පිරිසක් මේ ආණ්ඩුවට එක් වුහ. එයින් ඇතිකරගත් මවාගත් බහුතර ආණ්ඩුවක් දැන් පවතින්නේය.

මහින්දගේ නම විකුණා චන්දය ලබා ගත් මන්ත්‍රීවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එමට සහයෝගය දෙන්නේ නම් එහි ඇති නෛතික හැකියාව සොයා බැලිය යුතුය.

අවසාන වශයෙන් මේ ගැන ජනතාව අතිශයින්ම අවධානයෙන් සිටිය යුතුය. හොදම උදාහරණය අතුරුදන් වීමේ පනත අගමැතිවරයා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් ආකාරයයි.
එවැනි අකාරයකින් මේ ව්‍යවස්ථාව සම්මත කරගන්නට මේ ආණ්ඩුව ක්‍රියා කලහොත් ලංකා ඉතිහාසය අනිත් පැත්තට හරවන දවස මෙන්ම එය මැකිය නොහැකි කලුපැල්ලමක් වන බව නම් අනිවාර්යය.

ජනතාවනි අවදියෙන් සිටින්න. මේ ඔබේ මගේ රටය. මේ රට ඔබේ මගේ දරුවන්ට නිරවුල්ව අප ඉතිරිකර තැබිය යුතුය. ඔබ අද අවධානයෙන් සිටියෙත් හෙට මේ රාටේ ස්වයිරිත්වය රැකෙනු ඇත.

නැතිනම් මේ රටට හෙට දිනයේ ලිබියාව සිරියාව වගේ වනු ඇත "


Like කරන්න share කරන්න
https://www.facebook.com/wadinathanata/

Sunday, October 30, 2016

මංකොල්ලකෑම් සහ අවභාවිතාව.



ජනවාරි 8 විප්ලවයක් යැයි කියා ගනිමින් එදා පැවති රජය වෙනස් කරමින් යහපාලනය රජය බලයට පත් වුයේ හොරු අල්ලනට සපත කරමින්ය.
පත් වී වැඩි කල් යන්නට පෙර හොරු ඇල්ලම සදහා FCID නමින් ආයතනයක් ද පිහිටුවීය.


මේ අතර ශ්‍රි ලංකාවේ වැදගත්ම මුල්‍ය ආයතනය වන මහා බංකුවට අර්ජුන් මහෙන්දාාන් නැමති සිංගප්පුරු ජාතිකයා පත්වන්නේද ඊට ටික කලකට පසු මහා බැංකුවේ මහා බැඳුම්කර වංචාවක් සිදුවන්නේ යහපාලන සියලු මූලධර්මනට පිටුපාමිනි.


රටේ විපක්ෂය නිහඩ මොහොතක රටේ මිනිසුන්ට රටට ආදරය කරන එකාබද්ධ විපක්ෂය මෙම සිද්ධිය සමාජගත කිරිමේ ප්‍රතිඵලයක් ලෙස දැඩි විරෝධතා හමුවේ මහා බැංකුවේ අධිපතිවරයාගේ සේවා කාලය තව දුරටත් දීර්ඝ නොකරන ලදි.


දිගින් දිගටම කරන ලද වවේචන හමුවෙි උවද මහ බැංකු අධිපතිවරයා තව දුරටත් රටේ වැදගත් තනතුරු දරමින් රට තුල සේවය කරන්නේ රටේ අගමැතිවරයා ගේ ආරක්ෂාව යටතේ බව ඔනම අයෙකුට තේරෙන කරැණකි.


ප්‍රාදේශීය සභාවට කොඩි කණු ලබා දීම වැනි සිද්දීන්වලට බැසිල් රාජපක්ෂ ඇමතිවරයා හීරේ යද්දි මහ බැංකුව මංකොල්ල කෑ අධිපතිවරයා අධිකරණය, FCID, තියා පොලිසිය ට වත් නොයන්නේ මේ රටේ නීතිය ඔහුට වලංගු නොමැති නිසාද එසේත් නැත්තම් රටේ ඉහලම පුටුවෙි සිටින අගමැතිවරයාගේ ගජයෙක් නිසාද දන්නේ නැත.


රටේ අහිංසක ජනතාවගේ මුදල් මංකොල්ල කමින් තමන්ගේ බෑනාගේ මුල්‍ය අයතනය රටේ විශාලතම ව්‍යාපාර පරදා ලාබ ලබද්දී රටේ මුදල් ඇමතිවරයා කියන්නේ 'රාජපක්ෂ ණය' ගෙවනවා යනුවෙනි. වැඩබිමක්ව තිබු රට මුඩු බිමක් කරමින් රාජපක්ෂ පවුලේ නම් කියවමින් සිටිනවා හැරෙන්නට මේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් මේ යහපාලන ආණ්ඩුව කල දෙයක් නැත.


කෝප් කමිටුව හරහා මේ වංචාව කරලිය දෙවනත් කරද්දී සාධාරණ සාමාජ වෙනුවෙන් පෙනි සිටී NGO නඩද රටේ විධායකය ද මෙලො දෙයක් නොව ලෙස සිටින්නේ නියම හොරැන් ආරක්ෂා කරන්නේ අපි යැයි පනිවිඩය රටට ලබා දෙමින්ය.


පසුගිය කාලයේ රටේ හොරු ඇල්ලිමට අමිල මෙහෙවරක් කල රන්ජන් රාමනායක ප්‍රමුඛ රහස් පරික්ෂක ජාලයට කෝප් වාර්ථාවෙන් මෙම සිදුවිම එලියට එනතුරු සොයාගත නොහැකි විය.


රටේ ජනතාවගේ මුදල් කොල්ල කමින් තමන්ගේ පුද්ගලික බුදලය තර කරගනිමින් අහිංසක මිනිසුන්ට තව තවත් බර පටවමින් බදු සංශෝධන නොවැම්බර් පළමු වෙනිදා සිට ක්‍රියාත්මක වෙන විට යහපාලනයට චන්දය දුන් සමහරු තුෂ්නිම්භුත වි සිටිති.


මේ මහා බැංකුවේ ඉතිහාගත බැදුම්කර මගඩියට සෘජුවම වගකිව යුත්තේ රටේ මුල්‍ය පාලනය කරන අගමැතිවරයා සහ මුදල් ඇමතිවරයාය. ඔවුන් මෙම සිදුවිම ගැන රටට කිසිවක් නොකියන්නේ නම් ඔවුන් කරන්නේ රටේ ජනමතයට පයින්ගැසිමක් විනා වෙන කිසිවක් නොවෙි.
යහපාලනය කරන්නට රට බාරගත් මේ කම්බ හොරැන් කරනා වංචාව රටේ ජනතාව අවබෝධ කර ගැනිම මේ අවස්ථාවෙි ජාතියක් ලෙස වැදගත් කරුණකි.


මේ සා රටේ මුදල් කොල්ල කමින් රට අගාධයකට ගෙනියන මේ යහපාලනය ආණ්ඩුවට ජනතාව ලෙස අපට කියන්නට ඇතතේ ඉල්ලා අස්වි ගෙදර යන්නට කියා පමණි.

Like කරන්න share කරන්න
https://www.facebook.com/wadinathanata/
හදවතේ ජනාධිපති කන්ඩායමේ වැඩක් ..!

Friday, September 2, 2016

සමාවෙන්න


සමාවෙන්න මේ පව්කාරයට 

සිය දහස් වාරයක් 

කප්පරකට ආදරේ 

දුන්නත් උඹ මට

නැහැ දෙන්න ඉතුරු වෙලා 

මගේ ලග 

ආදරේ අබ මල් රේණුවක් තරම්වත් 

උඹට

කාලෙකට කලින් 

තොරොම්බල් කඩේකට උකස් තිබ්බ 

මගේ ආදරේ 

සින්න වෙලා 

 සදහටම 

    මටත් නොදැනීම.....

Sunday, January 10, 2016

මම නොවෙයි මම




ගිවිසුමින් සින්නක්කරව 

එකිනෙකා සතු වූ 

කාන්තා පුරුෂ දෙසිරුරක් 

සරසා නේක සළුවෙන් 

ගලවා සුවඳ විලවුන්

කරවා පෝරු මස්තක 

ගැලපේවි කදිම ජෝඩුව

රැකේ සැමදා අපේ නම්බුව 

උදම් වූ නෑ සියන්ගේ

ආසිරි ගීත සුභ පැතුම් මැද 

සිත ගිණි තබා අළු කර

දෑවැදි තෑගී පොදි බැද 

කුළ ගෙයට යයි නැකතට....
______