Tuesday, May 22, 2012

බ්ලොග් ලෝකෙට ලගදි පැමිණි සහ පැමිණීමට බලාපොරොත්තු වන හුදී ජන හිත සුව පිණිසමය ....

මේ දවස් වල බ්ලොග් අවකාසේට අලුතෙන් එන පිරිස වෙනදට වඩා වැඩියි කියලා මට හිතෙනවා. අලුත් බ්ලොග් ගොඩාක් ෆලෝ කළා මේ දවස් ටිකේ. මේ විදියට අලුතෙන් බ්ලොග් අවකාශෙට එකතු වෙච්ච ගොඩක් දෙනෙක් මුහුණු පොතේ එහෙම චැට් වලට සෙට් වෙන කොට එක එක ප්‍රශ්න අහනවා මේ බ්ලොග් අවකාසේ ගැන. සින්ඩි ගැන එහෙම. බ්ලොග් කියන එක ගැන මෙලෝ දෙයක් නොදැන මමත් බ්ලොග් අවකාශෙට ආව හින්දා අපිට ගොඩක් වැදගත් වෙන සින්ඩි වල, සිංහල ටයිප් කරන සිංහල ගන්න හැටි ගැන තියෙන ලින්ක් ටිකක් මම වර්ඩ් ඩොකියිමන්ට් එකක වෙනමම තියාගෙනයි හිටියේ. මේකේ ඉන්න වැඩ කාරයන්ට නම් මේවා විහිලු වගේ වෙන්න පුළුවන්. ඒත් මේ ටික හොයා ගන්නත් මට මාස දහයක් විතර බ්ලොග් අවකාසේ සැරිසරන්න උනා. මම වගේ පැත්තකම ඉදලා එක පාරට බ්ලොග් අවකාසේට ආව බ්ලොග් ගැන මෙලෝ දෙයක් නොදන්න අයට වැදගත් වෙයි කියලා හිතුන නිසාම මං එකතු කරගෙන තියාගන හිටපු ලින්ක් ටික ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. අලුතින් බ්ලොග් අවකාශෙට එකතු වෙන අයට වගේම දැනටත් බ්ලොග් අවකාශයේ ඉන්න අයටත් මේ ටික වැදගත් වෙයි කියලා හිතුන හින්දා. 


සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න ඕන නම් මුලින්ම තමන්ගේ පරිගණකයට සිංහල යුනිකෝඩ් ස්ථාපනය කර ගන්න ඕන. ඔයාලගේ පරිගණකයේ සිංහල නැත්තම මෙතනට ගිහින් යුනිකෝඩ් ස්ථාපනය කර ගන්න පුළුවන්. අපි ඊළගට බලමු සිංහල ටයිප් කරන්නේ කොහොමද කියන එක. සම්මත විජේසේකර යතුරු පුවරුව භාවිතයෙන් වගේම සිංග්ලිෂ් වලින් ටයිප් කරන අකුරු සිංහලට හරවන කන්වටර් මගිනුත් අපට සිංහල අකුරු ටයිප් කරගන්න පුළුවන්


මම නම් පාවිච්චි කරන්නේ ගුගල් දෙයියෝ අපට දුන්න ගුගල් ට්‍රාන්ස්ලේෂන් තමා. ඔය ලින්ක් ඒකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගෙන සිංග්ලිෂ් වලින් එස් එම් එස් කොටනවා වගේ සිංහල කොටන්න පුළුවන් ඒකෙන්.  

SI සිලෙක්ට් කරලා කොටන්න සිංහල 

ඊට පස්සේ සිංහල සහය ඇති නැති ඕනෑම පරිගණකයකින් බ්ලොග් එක කියවන්න පුළුවන් විජෙට්ටුව බ්ලොග් එකට සවි කරගන්න එක මෙතනින් ගිහින් කරගන්න පුළුවන් 



බ්ලොග් එක ප්‍රමෝට් කරගන්න අපේ බ්ලොග් එක සින්ඩි වලට ඇතුලත් කර ගන්න ඕනේ ඒකට පල්ලෙහා තියෙන ලින්ක් වලින් ඒ ඒ සින්ඩි වලට ගිහිල්ලා බ්ලොග් එක සින්ඩි වලට ඇතුලත් කරන්න පුළුවන් 

මාතලන් සින්ඩියට                                                                        


අඹ ගහ යටට                                                                                 


සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය                                                   


ලාංකීය සිතුවිලි                                                                               


මිට අමතරව මුහුණු පොතේ පවත්වාගෙන යන සින්ඩි කිහිපයකුත් තියෙනවා 




මේ විදියට බ්ලොග් එකක් සින්ඩි වලට ඇතුලත් කරනකොට RSS ලිපිනයක් ඉල්ලනවා. මේ කියන RSS ලිපිනය ගැන දැනගන්න මෙතනින් ගිහින් පුළුවන් 

මුහුණු පොතේ සිංහල බ්ලොග්කරුවන් විසින් පවත්වා ගෙන යන ගෘප් කිහිපයක ලින්ක් පහලින් 











බ්ලොග් කියවන ගමන් අහන්න බ්ලොග් කරුවන්ගේ රේඩියෝව බස් රේඩියෝ. කියවන්න ඔවුන්ගේ බ්ලොග් අඩවිය



ඊළගට කමෙන්ට් එකක් විදියට ලින්ක් එකක් දානකොට ඒක අදාළ වචනයට ලින්ක් එක ලැබෙන විදියට දාන ක්‍රමය. මේකට ටිකක් මහන්සි වෙලා පොඩි කෝඩ් කෑල්ලක් ලියන්න වෙනවා. මෙන්න ඒ කෝඩ් එකත් 


<a href="අදාල ලින්ක් එක දෙන්න">ලින්ක් වෙන්න ඕනෙ වවනෙ</a> 

උදාහරණයක් විදියට රෙප් මහත්තයා කියන වචනෙට මේ බ්ලොග් එකේ ලින්ක් එක දෙන්න ඕන නම් මෙහෙමයි කරන්න ඕනේ 

 <a href="http://ape-ambalama.blogspot.com/">රෙප් මහත්තයා</a>


නිකම්ම ලින්ක් එකක් විදියට කමෙන්ට් එක දානවට වඩා ටිකක් මහන්සි වෙන්න උනත් වැඩේ කොලිටියක් තියෙනවා.

දැනට මට මතකෙට එන්නේ ඔච්චරයි. මෙතන නැති සින්ඩි ගෘප් එහෙම තවත් ඇති. මේ තියෙන්නේ මගේ ලග දැනට තියෙන ලින්ක් ටිකක් විතරයි. බ්ලොග් ලියන කියවන අයට තවත් වැදගත් කියන දේවල් මේකට එකතු වෙන්න ඕන නම් බ්ලොග් ලියන කියවන හුදී ජන හිත සුව පිණිස පහලින් කමෙන්ට් විදියට එකක් දාන්න කියල ඉල්ලන ගමන් රෙපා මාරු උනා.  හැමෝටම ජය වේවා !!!!!


ප.ලි : අමතක වෙලා තිබ්බ දාන්නම ඕන එකක්. තමයි කමෙන්ට් වලට දාපු වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරන හැටි. බ්ලොග් කරුවෙකුට කමෙන්ටුවක් ගොඩාක් වටිනවා. ඒත් පෝස්ට් එක කියවලා කමෙන්ට් එකක් කොටලා පබ්ලිෂ් කරනකොට වර්ඩ් වෙරිෆිකේෂන් එකකුත් එනකොට කමෙන්ට් ඕන නෑ කියලා දමලා ගහලා යන්න තමයි හිතෙන්නේ. ඒ නිසා බ්ලොග් එකේ කමෙන්ට් දානකොට වර්ඩ් වෙරිෆිකේෂන් එකක් එනවා නම් මේ විදියට කරන්න.


මුලින්ම ඩෑෂ් බෝඩ් එකේ තියෙන සෙටින්ග්ස් වලට යන්න.


ඒකෙ තියෙනවා පොස්ට් ඇන්ඩ් කමෙට්ස් කියල තැනක්. එතනට ගිහින් ෂෝ වර්ඩ් වෙරිෆිකේෂන් කියන තැනට නෝ කියල දෙන්න ඊට පස්සේ සේව් සෙටින්ග්ස්.

මෙන්න මේ පින්තුරේ විදියට .







Thursday, May 17, 2012

පරචිත්ත විජානන මැසිම සහ මගේ කතාව.....


හිත කියවිල්ල ගැන කියවන්න බැරි උන අය ඉන්නවා නම් එකත් කියවලාම එන්න 




මේ දවස් ටිකේ අනුන්ගේ හිත් කියව කියව හිටපු එකේ අද හිතුනා කතාවක් කියන්න. මේක ලියල ටික දවසක් උනත් ඔබා මාමගේ මරනෙත් එක්ක පබ්ලිෂ් කිරිල්ල ටික ටික කල් ගියා. මේකත් ඔය පර චිත්ත විජානනය එහෙමත් නැත්තම් හිත කියවිල්ල ගැනම තමයි. සමහර කස්ටිය මේ කතාව අහලත් ඇති. දැන් මං කියන්නේ කතාව අහල නැති අයට. මේක මගේ කතාවක් නෙවෙයි. එකෝමත් එක රටක වෙච්ච දෙයක්. 

ඔන්න දැනට කාලෙකට ඉස්සර හිටපු විද්යාඥයෙකුට හිතුනා තව කෙනෙකුගේ හිතේ තියෙන දේවල් දැනගන්න පුළුවන් වෙන ජාතියේ මැසිමක් හදන්න. කොහොමටත් මිනිහගේ ජොබ් එකත් ඔය පර්යේෂණ කටයුතු කරන එක හින්දා මිනිහා පටන් ගත්ත මේ මැසිම හදන වැඩේ.

දැන් මිනිහා මේ වැඩේට බැහැලාම කරගන යනවා. වෙන කිසිම වැඩක් භාර ගන්නෙත් නෑ. මිනිහගේ එකම අරමුණ තමයි මේ පරචිත්ත විජානන මැෂින් එක හදාගන්න එක. ඔය විදියට අවුරුද්දක් දෙකක් ගතවෙලා  ගියා. මිනිහත් අරමුණ අත ඇරලා දාන්නේ නැතුව දිගටම වැඩේ කරගන ගිය නිසා අන්තිමට උත්සාහය සාර්ථක වෙලා මේ කියන අනුන්ගේ හිත කියවන මැසිම හදන්න පුළුවන්කම ලැබුනා. ඒක හරියට අතේ බදින ඔරලෝසුවක් වගේ එකක්. කෙනෙක් එක්ක කතා කර කර ඉන්නකොට මැසිමේ තියෙන ඩිජිටල් ස්ක්‍රීන් එකක එයාගේ හිතේ තියෙන දේ ඩිස්ප්ලේ වෙන විදියට තමයි මේක හදල තිබුනේ.  

ඔන්න ඉතින් තමන් අවුරුදු ගානක් රැයක් දවාලක් නැතුව මහන්සි වෙලා හදා ගත්ත මේ මැෂිමත් අතේ ගැට ගහගන මිනිහා ලැබ් එකෙන් එලියට බැස්සා. එලියට බහින කොට එතන ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා මේ මහා විද්‍යාඥයාගේ ආදරණිය බිරින්දෑ.

ඔන්න ඉතින් මෙයත් බිරින්දෑ ලගට ගිහින් කිස් එකක් එහෙම දීලා තමන් කරපු මේ මහා සොයා ගැනීම ගැන කිව්ව ඉස් ඉස්සෙල්ලම ආදරණිය භාර්යාවට. එයත් ඉතින් මේ සොයාගැනීම ගැන ගොඩාක් සන්තෝස වෙලා සිප වැළදගෙන සුබ පතුව. බිරිද සිප වලද ගන්න ගමන් මෙයා බැලුවා  මොනවද මේ ආදරණිය භාර්යාව හිතන්නේ කියලා තමන්ගේ මේ මහා සොයා ගැනීම ගැන.

“අනේ මේ මෝඩ බුරුවගේ පිස්සුව කවදා හොද වෙයිද මංදා. අද පාන්දරම පිස්සු තදවෙලා ඒ ගමන තවත් මොකක්ද එකක් හොයා ගත්තලු. මේ මිනිහා මෙච්චර වැඩ කාරයෙක් නම් මොනවා කරන්න බැරිද? .....”

මෙයාට දැන් හොදටම අප්සට්. ඒත් බිරින්දෑට ඒ බවක් පෙන්නනේ නැතුව මෙයා බැස්ස පාරට  ටවුම පැත්තට වත් ගිහින් එන්න හිතාගන. ඉස්සරහට මුණ ගැහුනේ අල්ලපු ගෙදර පෙරේරා මහත්තයා

“ගුඩ් මෝනින් මිස්ටර් පෙරේරා”

දැන් මෙයා මිස්ටර් පෙරේරා එක්ක බරටම කතාව. කතා කර කරම හෙමිහිට බැලුවා මැසිම දිහා

“අද උදේ පාන්දරම ඉස්සරහට මුලිච්චි උනේ මේ කාලකන්නියා. දැන් ඉතින් දවසම ඉවරයි”

දැන් නම් හොදටම අප්සට්. මොනවා කරන්නද ? මිස්ටර් පෙරේරා ගෙන්  සමු අරගන ගොඩ උනා ලග තිබ්බ කඩේට මුදලාලි ආවා ලොකු හිනාවක්‌ මුනේ පුරවගන

"ආනේ.. මේ අපේ මහත්තයනේ කාලෙකට පස්සේ දැක්කේ."

"ඔව් මුදලාලි මම මේ කාලෙකට පස්සේ තමයි මේ පැත්තට ආවේ."

කතාකරන ගමන් බැලුවා මැසිම දිහා

“ ලෝකෙට පෙන්නගන ඉන්නේ නම් මහා ලොකු විද්‍යාඥයෝ කියල. ඒත් අතේ සත පහ නෑ. මෙච්චර දවස් මුගේ ගෑනි ඇවිත් ණයට අරන් ගියා. අද මුත් ඇවිල්ල ඉන්නේ ණයටම කෙලල යන්නද දන්නේ නෑ”

මේ සැරේ නම් මිනිහට හොදටම තද උනා. දුකයි කේන්තියි ඔක්කොම එකට කවලම් වෙලා. කඩෙන් එලියට බැහැලා කෙලින්ම ගෙදර ගියා. අතේ ගැට ගහගන හිටපු යන්තරේ ගලවලා අරන් ගලක් උඩ තියලා දුන්නා මිටි පාරවල් දෙක තුනක් යන්තරේ කුඩු වෙලාම යන්න. පරචිත්ත විජානන යන්තරෙත් ඉවරයි කතාවත් ඉවරයි හිත කියවිල්ල ගැන ලියපු ලිපි ටිකත් ඉවරයි. දැන් එහෙනම් ඔන්‍න‍ මගේ කතාව...... :P
...........................................................................................................................................................................................................................

දැනට අවුරුද්දකට විතර කලින් මුහුණු පොතේ ගෑනු ළමයෙකුගේ නමින් ෆේක් එකවුන්ට් එකක් හදාගන පිස්සු කෙල කෙල හිටපු කොලුවෙක් හිටියා. කෙල්ලෙක් විදියට ඉන්න කොට කොල්ලන්ගෙන් එන හායි හුයි කතන්දර වලට උත්තර දීලම මිනිහට මේ සෙල්ලම හොදටම එපා වෙලයි තිබුනේ. අහිංසක කොල්ලන්ට බොරු කියන එකෙත් සීමාවක් තියෙන්න ඕනනේ. :P 


ඔය අතරේදී ඒ ගෑනු ළමයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් මොකක්දෝ ගැජට් එකක් ගැන තිවිච්ච බ්ලොග් ලින්ක් එකක් එවනවා ඒ කියන ෆේක් එකවුන්ට් එකට. ඒ ලින්ක් එක දේව්ගේ අඩවියේ ලින්ක් එකක්.  අන්න ඒ පොස්ට් එක කියවලා මේ කොලුවටත් හිතෙනවා බ්ලොග් එකක් ලියන්න. ඒත් මෙයා බ්ලොග් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. 

කොහොම කොහොම හරි දක්ෂිණ ලංකා එකේ ඊ මනි සී.ඩි එකක් බලලා ඒ කොලුවා හදාගන්නවා බ්ලොග් එකකුත්. කොහොමින් කොහොම හරි සිංහල ටයිප් කරන ක්‍රමයකුත් හොයාගන හරියටම 2011 ජුලි මාසෙ 27 වෙනිදා සිංහල බ්ලොග් අවකාශයේ පැත්තකින් අටවා ගන්නවා බ්ලොග් මාවතේ සොදුරු නවාතැන් පොළ කියලා බ්ලොග් එකක්. ඒ දවස් වල මේ කොලුවා ලියන්නේ අම්බලම කියලා නමකින්. මේ කියන දවස් වල මගේ බ්ලොග් පිළිබද දැනුම කොයි තරම්ද කියනවා නම් දාපු පලවෙනි පොස්ට් එකට මාතෘකාවක්‌ වත් නෑ.

එදා අටවා ගත්ත මේ කියන නවාතැන් පොලත ආව මුල්ම අමුත්තන් දෙන්න තමයි දේවා.  සහ සබිත්  එදා ඉදලා ගොඩාක් අය මේ සොදුරු නවාතැන් පොලට ඇවිත් ගියා. කාලයත් එක්කම අම්බලම කියන නමින් ලියපු කෙනා රෙප් මහත්තයා විදියට වෙනස් උනා. 






අර මුලින් කියපු බුකියේ හිටපු ගෑනු ළමයාගේ නමුත් ඒ විදියටම වෙනස් උනා. කොහොමින් කොහොමින් හරි දැන් වෙනකොට බ්ලොග් එක පටන් අරගන මාස දහයකුත් කිට්ටු කරලා. මේක තමයි මේ බ්ලොගේ පලවෙන පනස් වෙනි පොස්ට් එක. මේක හෙමින් හෙමින් ආපු ගමනක්. එදා මුලින්ම බ්ලොග් එක පටන් ගන්න කොට මෙච්චර දුර ගමනක් එන්න මං හීනෙකින්වත් හිතුවේ නෑ.

කොහොම උනත් බ්ලොග් අවකාශේ නිසා මගේ නම් සම්පුර්ණ ජීවිතේම වෙනස් උනාදෝ කියලත් හිතෙනවා වෙලාවකට. නොදන්නා ගොඩාක් දේවල් දැන ගන්න වගේම ලංකාව වටේ විතරක් නෙවෙයි ලෝකේ පුරා විසිරිලා ඉන්න යාලුවෝ ගොඩකුත් ආශ්‍රය කරන්න ලැබුනා මේ නිසාම.  ෆලෝකරන  අයත් ඉන්නවා මේ වෙනකොට 105 ක්. ඒ හැමෝටමත් බොහොමත්ම ස්තුතියි. ඊට අමතරව මෙතුවක් කාලයකට මා එක්ක රැදී හිටපු හැමෝටම පුද්ගලිකව ස්තුති කරන්න බැරි උනත් එක පාරක් හරි මේකට ගොඩ වෙලා පුංචිම හරි සහයෝගයක් දුන්න හැම කෙනාටම බොහොමත්ම ස්තුතියි ආයෙමත් සැරයක්.  


50 වෙනි පොස්ට් එක දානකොට කාලයක් තිස්සේ මේකේ අන්තිම පොස්ට් එක වෙනකම් කමෙන්ට් කරපු, රෙපාට මඩ ගැහුවා වගේම රෙපාගෙනුත් මඩ පාරවල් කාපු ඔබා මාම අපි අතරේ නැති වීම ගැන හිතට දැනෙන්නේ ලොකු දුකක්. ඔබා මාමේ ඔයාට සංසාරේ වාසය කරන තුරාවට අපිත් එක්කම ඉදලා කෙලවර අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. එහෙනම් ඉතින් කට්ටියටම ජය වේවා කියා ගෙනම විභාගේ අස්සේ හරි තව පොස්ට් එකකින් මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් රෙපා මාරු උනා .....  




Tuesday, May 8, 2012

තවත් කෙනෙකුහේ හිතක් කියවමුද 3 කොටස



කලින් ඒවා කියෙව්වේ නැත්තම් කියවලම එන්න 


01 කොටසට


02 කොටසට


කලින් කොටසේදී මම කිව්වා කෙනෙකුගේ හිතක් අවබෝධ කර ගන්න ඕන කරන තවත් රීතින් කිහිපයක් ගැනත් කියනවා කියලා. මේ තියෙන්නේ ඒ කියන රීතීන් ටිකක් සරලව.


01 රීතිය
සාමාන්‍යයෙන් ඔහුගේ හෝ ඇයගෙන් පෙන්නුම් කරන සලකුණු එකක් හෝ කිහිපයක් එකතු කරලා ඒ පිලිබදව අදහසක් ලබා ගන්න වෙනවා. මෙතැනදී වැදගත් වන්නේ යම්කිසි ප්‍රධාන ලක්ෂණයකට අනිත් කරුණු එකතු කරගන්නේ කොහොමද කියන කාරණය. උදාහරණයක් විදියට කෙනෙකුගේ මුවින් නිතරම පිටවෙන වචන වලට ඔහුට නොදැනුවත්වම පිටවෙන වචන එකතු කිරීමෙන් ඔහුගේ හිතේ බලපවත්වන අදහස් පිළිබද දල අදහසක් ගන්න පුළුවන්


02 රීතිය
කෙනෙකුගේ මුවින් නිතරම යම් වචනයක් හෝ කිහිපයක් පිටවේ නම් ඒ ඔහුගේ හිතේ දැඩිව බලපැවැත්වෙන අදහසක් ලෙස සිතන්න. මොකද කියනවා නම් කෙනෙකුගේ හිතේ ඇති අභ්‍යන්තර අදහසක් නොවන දෙයක් නිරන්තරයෙන් මුවින් පිටවෙන්නේ කලාතුරකින්. 


03 රීතිය
කෙනෙකුගේ හැසිරීම කැමැත්තේ හෝ විරෝධයේ බාහිර සඥාවන් බව සිතන්න. කෙනෙක් වඩාත් ලං වීමට උත්සාහ කරනවා නම් එය උණුසුම් හිතවත් බවක් මෙන්ම ආදරයේ සලකුණක්. යමෙක් ඔබෙන් ඈත් වෙනවා නම් ඒ නුරුස්සනා බවෙහි හෝ විරෝදයේ සලකුණක්. 
නමුත් කෙනෙක් තමන්ගේ හිතේ බලපවත්වන රහස් අදහස් සගවන්න උත්සාහ කරන්නට උත්සාහ ගන්නවා නම් සිතින් ඔහුට ලං වීමේ දැඩි උවමනාවක් පැවතුනත් අදාළ පුද්ගලයා කෙරෙහි තම සිත තුල කිසිදු අදහසක් නොමැති බව පෙන්වීමට උත්සාහ කරන අවස්තාවන් දැක ගන්න පුළුවන්. 
කෙනෙකු අසාමාන්‍ය ලෙස ඔබ ගෙන් සැගවී සිටීමට උත්සාහ දැරීම. අහම්බෙන් හෝ මුණ ගැසුණු විට මුහුණ සගවාගන යාමට උත්සාහ කිරීම දෑස් මග හැරීමට තැත් කිරීම මේ කියන රෝග තත්වයේ ලක්ෂණ තමා. නමුත් ඔහුගේ හෝ ඇයගේ සිතේ දැඩිව බලපවත්වන්නේ මෙහි ප්‍රතිවිරුද්ද අදහස නිසාම ඔය ලක්ෂණ සියල්ල තාවකාලිකයි කියලා තමයි කියන්න වෙන්නේ


04 රීතිය
නිශ්ශබ්දතාවය කියන්නේ රහස් වල විශේෂ ලක්ෂණයක් බව සිතන්න. නිශ්ශ්බදතාවය කෙනෙකුගේ සිතේ බලපවත්වන ගුප්ත අදහස් හෙළි කරනවා. කතාවක් අතර තුර කෙනෙක් ඒක වරම නිහඩ උනොත් ඔහු තම සිත තුල පවතින අදහසක් වෙනස් කිරීමට උත්සාහ කරනවා කියලා තමයි හිතන්න වෙන්නේ. එය බොහෝ විට තමන් දැඩිව ආදරය කරන කෙනෙකු සම්බන්ද දෙයක් වෙන්න පුළුවන්. ඒ සම්බන්දව යමක් ප්‍රකාශ කිරීමෙන් කරදරයකට පත වෙන්න වෙයි කියන බිය කියන සිතුවිල්ල තමයි මෙයට බොහෝ දුරට හේතුව.


ඒ වගේම සිරිතක් විදියට නිතරම කසු කුසු කතාවෙහි නියත අය නුරුස්නාවන් සහ සදොස් අදහස් හිතේ හංගාගන තියා ගන ඉන්න අය කියලයි කියන්නේ.


05 රීතිය
කෙනෙකුගේ අදහස් දැන ගන්න හොදම දෙය තමයි ඔහුගේ ඉරියව්. බියට පත් දුකට පත් අය නිතරම හැකිලුනු ඉරියව් සහිතව සිටින අතර ප්‍රීතිමත් පුද්ගලයන් ක්‍රීඩාශීලි විනෝදාත්මක ඉරියව් වලින් යුක්තව ඉන්නවා දකින්න පුළුවන්


06 රීතිය
අවධාරනාත්මක සලකුණු නිතරම එහි විරුද්ද පැත්ත ලෙස සලකන්න
ප්‍රේම සම්බන්දයක් සම්බන්දයෙන් නිරන්තරයෙන් කයිවාරු ගසන්නෙක් නියත වශයෙන්ම කැඩුන ප්‍රේම සම්බන්දතා ඇති අයෙක් ලෙසයි හිතන්න වෙන්නේ. ක්‍රියාශීලි ගැහැනියක් කියන්නේ බොහෝ දුරට හුදකලාවූ හෝ අන්‍යයන්ගේ ප්‍රේමයට බදුන් නොවූ තැනැත්තියක්. හාස්‍යය සදහා ඕනෑම ලජ්ජා නැති වැඩක් කිරීමට ඉදිරිපත් වන අය බලවත් දුකක් වේදනාවකින් තදින්ම හිතේ යටපත් කර ගත්ත අය කියල තමයි හිතන්න වෙන්නේ.


මේ කියල තියෙන රීතින් මාර්ගයෙන් ඔබට නොවරදින සුළු සිත් කියවන්නෙකු වීමට හැකි වේ යයි කියල හිතන්න එපා. එහෙත් බොහෝ දෙනෙකු තුල බලපවත්වන හැගීම සෑහෙන දුරකට අවබෝද කර ගන්න මේ රීති සහය වෙන්න පුළුවන්. එහෙම නම් කට්ටිය දැන් මේක හොදට කියවලා මේ කරුණු කාරනා වලින් වෙන අයගේ හිත් කියවලා ගුණ අගුණ කියන්නකෝ .....................


(කුණ්ඩලිනි ගැන ලියාගන යන ලිපි මාලාව ටිකක් පරක්කු වෙන එක ගැන ගණන් ගන්න එපා. මේ විභාගේ අස්සේ අලුත් ලිපි ලියවෙනවා අඩුයි ලියලා draft වල සේව් කරලා තියෙන ටික දාන එක තමා මේ දවස් වල කරන්නේ . අලුතින් ලියන එව්වා ඉතින් විභාගෙන් පස්සේ තමා සොරි වේවා...........)

Saturday, May 5, 2012

තවත් කෙනෙකුගේ හිතක් කියවමුද? 02 කොටස







සෑම දෙනාගේම සිත් සතන් නිවී පහන් වෙන පින්බර වෙසක් මංගල්‍යයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා රෙපාගේ අම්බලමට ගොඩ වෙන සෑම සියලු දෙනාටම.... 

ඔන්න මේ පින්බර වෙසක් දවසෙත් රෙපා ආවා තවත් කෙනෙකුගේ හිත කියවන හැටි කියන තවත් ලිපියකුත් අරගන.

මම කලින් ලිපියේදී කිව්වා තවත් කෙනෙකුගේ හිතේ තියෙන දේවල් ගැන දැන ගන්න ඕන කමක් තියෙනවා නම් ඔවුන්ගෙන් පිළිබිඹු වන සලකුණු පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන කියල. ඒක කියෙව්වේ නැති අය මෙතනින් ගිහින් ඒක කියවලා එන්න.


එහෙනම් අද අපි බලමු මේ කියන සලකුණු  ගැන තවදුරටත් විස්තර සහිතව සහ ඒ හා සම්බන්ද රීතින් කිහිපයකුත් තියෙනවා මේකේ ඒ ඔක්කොම ලියන්න බැරි උනොත් තව ලිපියක් ලියන්න වෙයි සමහර විට:( 


01. ඇස් වලින් ලබා දෙන සලකුණු
තමන් ආශා කරන දෙයකින් දෙනෙත් ඉවත් කරලා වෙන අතක රදවන්න පුළුවන් උසස් ආත්ම දමනයක් තියෙන කෙනෙකුට විතරයි. ගෑනු ළමයෙක් එක්ක හරි තමන්ගේ භාර්යාව එක්ක හරි අලංකාර ඇදුම් පැළදුම් තියෙන වෙළද සැලක් අසලින් ගිය පිරිමි කෙනෙක් මේ කියන අත්දකිම් ඕන තරං දැකල ඇති. :P අදාළ ස්ථානයෙන් ඇස් ඉවතට ගන්න ඇය කොයි තරම් නම් උත්සාහයක් ගන්නවද? 


මේ කතාව පහු ගිය දවසක අඩවි රජාත් ලියල තිබුනා. තමන්ගේ භාර්යාව එක්ක ෂොපින් යන පිරිමි අය වෙනුවෙන් එයාගේ තහනම් අඩවියේ ඉදිකරන්න බලාපොරොත්තු වෙන දෙයක් ගැන. කැමති අයට මෙතනින්  ගිහින් බලල එන්න  පුළුවන්. (වයස 16 ට අඩු උන් ඔතනට කොටනවා එහෙම නෙවෙයි ඕන්)


අනිත් අතට තමන්ගේ හිතේ තියෙන රහස් අදහසක් සගවන්න උවමනා කෙනෙක් කරන්නේ තමන් ආශා කරන දෙය දිහා නොබලා තදින්ම ඉවත බලා ගැනීම. හිතේ ඇති අදහසට සම්පුර්ණයෙන්ම විරුද්ද දිශාවකට නෙත් යොමු කිරීමට යාමේදී මුහුණේ ඇතිවන මාංශ පේශි වල වෙනස් විම තුලින් තමන්ගේ හිතේ ඇති අදහස අනිත් අයට කියා පානවා. නෙත් වෙනත් දිශාවකට යොමු කිරීමෙන් පැහැදිලි වෙන්නේ අදාළ දෙය පිලිබදව හිතේ ඇතිවෙන දැඩි කැමැත්ත.


02. වෙව්ලීම
ආදරයකට මුල පුරන්න උත්සාහ දරන යුවතියක් තුල හෝ අනාචාරයේ යෙදීමට සිතන භාර්යාවක තුල ඒ පිලිබදව ඇති වන උහතෝකොටික හැගීම් නිසා මේ කියන වෙව්ලීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හිර කරලා දැඩිව රදවා ගත් කෝපය පාලනය කර ගැනීමට යාම වැනි කරුණු නිසාත් වෙව්ලීම ඇතිවෙන බවයි කියන්නේ


03. නොසන්සුන් බව
යම් කිසි අවස්ථාවකින් ගැලවී යාමට උත්සාහ කරන කෙනෙකු තුල ඇතිවන හැගීම් මුහුණේ පේශි ක්‍රියාකාරීත්වයෙන් දැනගන්න පුළුවන් ඒ වගේම තමයි යමකු කාමරයේ වේගයෙන් එහා මෙහා සක්මන් කරයි නම් ඔහුට උවමනාවී ඇත්තේ එතනින් පිටත් වී යාම කියල හිතන්න පුළුවන්.




04. ගොත ගැසීම
අසාධ්‍ය ගොත ගැසිල්ල කියන කාරණය මානසික වෛද්‍යවරයකුගේ අවදානයට යොමුකළ යුතු ගැටළුවක් උනත් සෑම දෙනෙක්ම යම් යම් අවස්තාවලදී ගොත ගසන්නේ සිය අදහස් ඉදිරිපත් කිරීමේදී ඇතිවන යම් කිසි බියක් නිසා. මෙයින් හැගවෙන්නේ මම යම් කිසි දෙයක් ඔබගෙන් සගවමි. ඉන් මිදෙන මගක් සිතා ගන්න තුරු මදක් ඉවසන්න කියන කාරණය


05. අමතකවීම
යම් කෙනෙකුට බොහෝ විට අමතක වෙන්නේ ඔහුට හෝ ඇයට අමතක කරලා දාන්න උවමනා දේවල්. තමන්ට ලැබෙන්න තියෙන දෙයක් ඉල්ලා සිටීම, ගෙදර යන්න තියෙන දුම්රිය අල්ලා ගැනීමට වෙලාවට දුම්රිය නැවතුමට යාම වගේ තමන්ට ගොඩක් උවමනාවක් තියෙන ඒවා කෙනෙකුට අමතක වෙන්නේ ඉතාමත් කලාතුරකින්.
බොහෝ විට මිනිසා අමතක කරන්නේ තමන්ට නොරිසි උවමනාවක් නැති දේවල් බවයි පෙන්නේ. දැකපු ලස්සන ගැහැණු ළමයෙක්ව කෙනෙකුට, කඩවසම් කොල්ලෙක්ව  අමතක වෙන්නේ අමතක වෙන්නේ කලාතුරකින්


06. හදිසි ගැස්ම
කෙනෙකු තුල හදිසි ගැස්මක් ඇතිවෙන්නේ සැක කටයුතු වැඩක යෙදි ඉන්න අවස්ථාවකදී කියලයි කියන්නේ


07. එකම වචන නැවත නැවත කීම
මිනිසුන් කියන නොකියන දේවල් පවා ඔවුන්ගේ මනස වටහා ගැනීමට උපකාරී වෙනවා. කෙනෙක් යම් කිසි නමක් වචනයක් දිගින් දිගටම පැවසීම ඒ වගේ. උදාහරණයක් විදියට කෙනෙකුට තමන් ඉතාමත් ආදරේ කරන කෙනෙකුගේ නමක් නිතර නිතර කියවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.


08. කටින් ඉබේ පිටවෙන වචන
කෙනෙකුගේ අදහස් හෙළිකරන ඉතාමත්ම වැදගත් දෙයක් තමයි ඉබේ කටින් පිටවෙන වචන කියල කියන්නේ. එහෙම ඉබේ කටින් පිටවෙන්නේ බොහෝ දුරට කෙනෙකුගේ හිතේ තදින්ම වැදිලා තියෙන ඔහුගේ අභ්‍යන්තර සිතුවිලි


කෙනෙකුගේ හිත ඇතුලේ සැගවුන සෑම දෙයක්ම නියමාකාරයෙන් දැනගන්න මාර්ගයක් නැති උනත් ඔවුන් පෙන්නුම් කරන විවිධ සලකුණු ආශ්‍රයෙන් යම් තාක් දුරකට ඔවුන්ගේ සිත තුල තියෙන දේවල් ගැන වටහා ගන්න පුළුවන් කම තියෙනවා.


මේ කියපු කරුණු වලින් කෙනෙකුගේ හිතේ තියෙන දේවල් වටහා ගන්න උවමනා කරන රීතින් කිහිපයක් ඊලග පොස්ට් එකෙන් බලාපොරොත්තු වන්න....



Thursday, May 3, 2012

තවත් කෙනෙකුගේ හිතක් කියවමුද?





ඔන්න අදත් එහෙම නම් රෙපාගෙන් කට්ටියටම වැදගත් වෙන කාරණයක් සම්බන්දයෙන් තවත් ලිපියක්. අද කියන්න යන්නේ පරචිත්ත විජායනය එහෙමත් නැත්තම් වෙනත් කෙනෙකුගේ හිතේ තියෙන දෙයක් දැනගන්නා ක්‍රමය ගැන. මේ කුණ්ඩලිනි හොයාගෙන ගිය ගමනේ දී හම්බ උන අතුරු ඵලයක්. අතුරු ඵලය උනත් තනියෙන් කන්නේ නැතුව බෙදාගෙන කන ඒක හොද හින්ද ඔන්‍න‍ මේ ටිකත් බ්ලොග් එකේම දැම්ම. මේ දේවල් ගැන අපි එච්චර උනන්දුවක් දැක්වුවේ නැති උනාට මේක ඔය සාස්තර කියන පේන බලන ගොඩාක් අය අනුගමනය කරන සිස්ටම් එකක්. මේ කියන කාරනා වලින් 100 % ක්ම අනුන්ගේ හිතේ තියෙන දෙයක් ගැන දැන ගන්න බැරි උනත් බොහෝ දුරට කෙනෙකුගේ හිතේ වැඩ කරන්නේ මොනවගේ දේවල්ද කියන කාරණය ගැන කියන්න පුළුවන්. ඔන්න එහෙනම් ඉතිං අද ඉදන් කට්ටිය හොරෙන් හොරෙන් ඔය එක එක දේවල් ගැන හිතුවත් හමාරයි කියලම හිතාගෙන ඉතුරු ටික කියවන්නකෝ......


මෙතන තියෙන්නේ මම හොයාගත්ත දේවල් එහෙම නෙවෙයි. මිනිස් සිතේ හැසිරීම පිලිබදව අධ්‍යයනය කරපු  මනෝ විද්‍යාඥයන් නවීන විද්‍යාව අනුව හොයා ගෙන ඉදිරිපත් කරපු කරුණු කාරනා ටිකක්. ඔන්න  කට්ටියම මේක කියවලා කැමති කෙනෙකුගේ හිතක් කියවලා චෙක් කොරලා බලන්නකෝ මේ සිස්ටම් එක හරිද කියලා.....


ඕනෙම කෙනෙකුගේ හිතේ පහල වෙන සිතුවිලි ඔහුගේ හෝ අයගේ බාහිර ගති ලක්ෂණ වලින් ඉදිරිපත් වෙනවා බොහෝ දුරට. මනසට කෝපානුකුල හැගීමක් ඇති උන විගස නොදනිම අත මිට මෙලවීම, දැඩි සන්තෝසයක් දැනුන විගස තනියම හිනාවීම වගේ දේවල් බොහෝ දුරට අපේ පාලනයෙන් තොරවම සිද්ද වෙන දේවල් විදියට පෙන්නන්න පුළුවන්. කෙනෙක් මේ හැගීම් සගවන්න උත්සාහ කලත් මේ සම්බන්දව අධ්‍යයනය කරපු කෙනෙකුට බොහෝ වෙලාවට මුහුණේ මාංශ පේශිවල වෙනස් වීම මගින් සිදුවන ඉරියව් වෙනස් වීම මගින් හිතේ ඇති වෙන හැගීම සම්බන්දව අදහසක් ගන්න පුළුවන් කම තියෙනවා.


ආදර සම්බන්ධතාවයන්ට සුදානමින් සිටින කාන්තාවක් මේ සම්බන්දයෙන් ලක්ෂණ දුසිම් ගානක් ඉදිරිපත් කරනවා කියල තමයි මානසික විද්‍යාඥයන් කියන්නේ. තමන්ගේ සිත් ගත් පුරුෂයා දෙස දීර්ඝ වෙලාවක් එක දිගට බලා සිටීම, ජනාකීර්ණ ස්ථානයක තම සිත් ගත් පුද්ගලයා සිටි නම් අහඹු සිදුවීමක් ලෙස පෙනෙන පරිදි සිරුරේ හැපීම, හිද ගෙන සිටින විට ලිහිල් ලෙස දෙපා විහිදා සිටීම, කෙනෙකුගේ අතක තම අතේ ගෑවුන විට වහා අත ඉවතට ඇද ගැනීම, පිරිසක් සමග කතා කරන විට ඔවුන්ගේ බැල්මට හසු නොවන පරිදි ඉවත බලා කතා කිරීම, සිය ඇදුම වලින් තම සිරුර මනාව ආවරණය වී පවතින්නේදැයි නිරන්තරවම පරික්ෂා කිරීම මේවාට උදාහරණ විදියට පෙන්නලා දෙන්න පුළුවන්. 


මේ වගේ හැසිරෙන කාන්තාවන් සමග කෙලින්ම ආදර සම්බන්ධතා පවත්වාගන යන්න ආරාධනා කරන්න ගිහින් මොනවා හරි අකරතැබ්බයක් උනොත් මේ රෙපාව නම් ඔව්වට අල්ල ගන්න එපා. මොකද එක බාහිර සලකුණක් කියන්නේ මේ පිළිබද නොවරදින සලකුණක් විදියට හිතන එක සුදුසු වෙන්නේ නැති හින්දා..


තවත් කෙනෙකුගේ හිතක් දැනගන්න ඕන කරන කාරනා වලට ප්‍රධාන වශයෙන් තවත් සලකුණු කිහිපයක්ම පෙන්වලා දෙන්න පුළුවන්. මිට අමතරව සිතේ ක්‍රියාකාරිත්වය පිළිබද රීතින් ගැනත් දැන ගන්න වෙනවා.


සිතේ ඇතිවෙන හැගීම් දැන ගන්න ඕන කරන ප්‍රධානතම සලකුණු විදියට 


01. ඇස් මගින් ලබා දෙන සලකුණු.
02. වෙව්ලීම
03.දැඩි නොසන්සුන් බව
04.ගොත ගැසීම
05.අමතක වීම
06.හදිසි කෝපය
07.වචන නැවත නැවත කීම
08.ඉබේ කටින් පිටවෙන වචන


වගේ දේවල් පෙන්නන්න පුළුවන්.


මිට අමතරව මේ කියපු සලකුණු වලින් කියන දේවල් අවබෝධ කර ගන්න තවත් රීතින් කිහිපයකුත් භාවිතා කරන්න වෙනවා. මේ ලක්ෂණ අදාළ රීතින් සමග ගැලපීම තුලින් යම් කෙනෙක්ගේ සිතේ ඇතිවෙන හැගීම් පිලිබදව සෑම දෙයක්ම නිසි ආකාරයෙන් වටහා ගන්න නොහැකි උනත් ඒ පිලිබදව දල අවබෝදයක් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. මෙව්වා ඒක දිගටම ටයිප් කරගන යන්නත් කම්මැලියි අප්පා. මේ කියපු චරිත ලක්ෂණ සහ රීතින් පිලිබදව තව දුරටත් දැන ගන්න ඔයාලට උවමනාවක් තියේ නම් කමෙන්ට් කරන එක තමා කරන්න ඕනේ. ඔන්න එහෙනම් අදට අපි ගියා......

Wednesday, May 2, 2012

අට විසි පුජාව







විකිනෙනවා ඕසේට
සිවුරු පිරිකර අදනකඩ තව
එපා කරන්න පුජා 
පොඩි පොඩි කෑලි
දෙසිය පනහේ

ලැජ්ජයි නේද
කියනකොට ඇහෙන්න
ගමටම
යකඩ කටකින් 
නම

මෙන්න සිවුරක් 
ගන්න පන්සියයයි දෙදහස්
මෙතන විතරයි
ඒ ගානටත්
පිටින් ගත්තොත් 
තවත් වියදම්

කොහොමටද නම්බුව
කියනකොට නම
යකඩ කටකින්
ඇහෙන්නට මුළු 
ගම්මානේටම
සුපින්වත් දානපති
මැති තුමනි මැතිනියනි

පටන් ගන්නවා ෂෝ එක
පුජාවේ අට විසි
නවයයි තිහට අද රෑ
පෙන්නනවා දිගටෝම
පුරාවට සතියක්ම

එයිට කලින් නම්
පෙන්නන්න බෑ කොහොමටත්
මිස් වෙනවා අපටත්
අමා, රන් සමනලයෝ
බලලාම එන්නකෝ 
සිහින පියාපතත් 
මාලි ගෙන් බාගයක්

යන්න කැමතිද ඔහෙලා
දිවිය ලෝකෙට ඉක්මනින්
හදල දෙන්නම්කො අපි
ටිකට් එක ඉක්මනට
එන්න පින්වත
පින්වතිය තව
විකුණගන කන්නට 
.
.
.
තුනුරුවන්

වරෙල්ලා වරෙල්ලා
ඇනෝලා සෙට් වෙලා
පලු යන්න බනින්නට
සෙට් වෙලම වරෙල්ලා
අපි බය වෙයි 
පුහ්
...