පස් අදින සෙට් එක

Friday, August 31, 2012

කුලියාපිටියෙන් දඹුල්ලට

 බලංගොඩ සිට කුලියාපිටියට ආව හැටි



පහුවෙනිදා උදේ ඇහැරෙනකොට උදේ අටට විතර ඇති. හදිසියේ දුවගෙන ආවට අපි දෙන්නම කරන්න ඕන මොකක්ද කියලා වත් තාම හරියට දන්නේ නෑ. නුවන් ලොක්කට කෝල් කරලා කරන්න ඕන දේ අහගෙන නවයට විතර එලියට බැස්සා. සතියේ දවස් වලත් ලංකාවේ රුම්ස්‌ වලට තියෙන ඉල්ලුම කොයි තරම්ද කියනවා නම් ඒ වෙනකොටත් ත්‍රිවිල් මෝටර් සයිකල් දෙක තුනක්ම මිදුලේ නවත්තලා තිබුනා. ඒ අතරේ රෙස්ට් ඒකෙ අන්කල් අපේ බෑග් ටික තියලා යන්න කියලා කාමරයක් පෙන්නුවා. ඒකෙ බෑග් තියලා අපි එලියට එනකොට හෙල්මට් එකකින් මුහුණ වහගෙන පොත් මිටියක් තුරුල් කරගත්ත ක්ලාස් යන්න ආව පොඩි කෙල්ලෙක් කොල්ලෙකුත් එක්ක අපි නැවතිලා හිටපු කාමරෙටම ඇතුල් වෙලා දොර වහ ගත්තා. 


ඒ සති දෙකම ගෙවිලා ගියේ පන්නල, ගිරිඋල්ල, දඹදෙණිය. නාරම්මල, හෙට්ටිපොල, පඬුවස් නුවර, හලාවත ,වෙන්නප්පුව, කුලියාපිටිය වටේම තියෙන ගම් නගර  හැම එකකම සංචාරය කරමින්. විශේෂයෙන් බලන්න යන්න කියලාවත් දෙයක් ඔය පළාත් වල තිබ්බද කියන්නවත් දන්නේ නැත්තේ වැඩේට කැප වෙලාම බැහැලා හිටපු හින්දා. පොඩ්ඩක් හරි බලන්න කියලා ගියේ පඬුවස් නුවර පාරේ යන ගමන් අතුරු පාරකට දාලා බලපු නටබුන් ටික විතරයි. අන්තිම දවසේ පුත්තලම පැත්තේ හිටපු කැලුම් අයියලත් අපි නැවතිලා හිටපු රෙස්ට් හවුස් එකටම ආවා. 

ඊලග  ඒරියා එකට යන්න බලාගෙන ඉන්න අතරේ කම්පනියේ නුවන් ලොක්කාගෙන් කෝල් එකක්. 

"ඔයාල එක්කෙනෙක් ගෙන්වත් දවසට ෆෝම් 20 ක ඇවරේජ් එකක් නෑ. ඒ නිසා අපි දෙන්න පොරොන්දු වෙච්ච බේස් එලවන්ස් එක බලාපොරොත්තු වෙන්න එපා. "

කාල  වරෙන් කිව්වලු රෙප් කෙනෙක්ගේ බේසික් සැලරි එක විතරක් අරගෙන පොල් ගාන්නද? නුවන් ගේ කෝල් එකෙන් අප්සට් වෙච්ච මම එහා රුම් ඒකෙ නැවතිලා හිටපු කැලුම් අයියාව හොයා ගෙන ගියා.

"නුවන් නේද කතා කලේ" කැලුම් අයියා ඇහුවේ හිනා වේවි

අපි  රිසර්ච් එකට බැහැලා වැඩ කලාට මෙතන සිද්ද වෙන්නේ මොකක්ද කියලා තේරුම ගියේ කැලුම් අයියත් එක්ක ටිකක් කතා කලාට පස්සේ.

 " මල්ලි මම මේකට ඇවිත් දැන් මාස තුනක් වෙනවා, ඔය කියපු බේස් එලවන්ස් එකක්වත් මටත් තාම හම්බ වෙලා නෑ"

"ඉතින්  මෙතනට වෙලා ඉන්නේ බම්බු ගහන්නද?"

"ඇයි බං වෙන මොන කම්පනියේද මෙහෙම වියදම් කරලා අපිට ලංකාව වටේ ඇවිදලා ෆන් එකක් ගන්න චාන්ස් එකක් දෙන්නේ. "

"එතකොට  රිසර්ච් එක" 

කැලුමා හිනා උනා

 "ඔය කියන විදියට රිසර්ච් එක කරන්න ගියොත් දවසට ෆෝරම් 40 ක් ෆිල් කරන්න හම්බ වෙන්නේ නෑ කවදාවත්. උන් වියදම් කරන ඒවාට හරියන්න ඔය කඩ ටිකකට ගිහින් සිල් එක ගහගෙන වරෙන්. උන් ඉල්ලන්නේ නම්බර්ස් මිසක් කොලිටි රිසර්ච් රිපෝට් එකක් නෙවෙයිනේ. ඉතින් උන් ඉල්ලන නම්බර්ස් උන්ට දීලා අපේ ෆන් එක අපි ගමු බං"

"මේ හම්බ වෙන සොච්චමෙන් මොනවද කැලුම් අයියේ කරන්න පුළුවන්"

එහෙම  ඇහුවේ මා එක්ක හිටපු ප්‍රසන්නයා,

ඇයි බං ඒකට තමයි පෙට්‍රල් බිල්, බයික් රෙපයාර් බිල් වගේ ඒවා තියෙන්නේ. මෙහෙම රෙස්ට් හවුස් වල නවතින්නේ නැතුව බිලක්‌ ගන්න ට්‍රයි එකක් දීපං. උන්ට වැඩක් නෑ නෙ අපි කොහේ හිටියත්, උන්ට ඕන නම්බර්ස් විතරයි..

"ඊළගට අපිට යන්න තියෙන්නේ කුරුණෑගල, කෑගල්ල, මාතලේ, ඒරියා තුනට. උඹලා කොහේද යන්නේ."

මට එක පාරටම මතකෙට ආවේ දඹුල්ල පන්සල කිට්ටුව හේනක් වගා කරන අපේ මාම කෙනෙක්ව. 

"අපි යනවා මාතලේ." මම කිව්වා 

 එහෙනං උඹ හෙට ඉදන් මේ ප්‍රදීප්‍ එක්ක වැඩ කරපන්. මම ප්‍රසන්න එක්ක යන්නම්.

කැලුම් අයියලාගේ ඒරියා එකෙන් තව කොටසක් ඉතුරු වෙලා තිබුන නිසා එයාලා පාන්දරම පිටවෙලා ගියේ ඒක ඉවර කරලා හවසට කෑගල්ලේ යනවා කියලා. මමයි ප්‍රදීපුයි දඹුල්ලේ යන්න පිටත් උනා.

නාරම්මල හරහා කුරුණෑගලට ආවාම තමයි මතක් උනේ අදටත් ෆෝම් හතළිහක් කොහෙන් හරි ෆිල් කරගන්න ඕන කියලා. කුරුණෑගල ඉදන් දිගටම පාර අයිනේ තිබුන ෂොප් වලින් සීල් ගහගෙන ඉබ්බාගමුව ටවුම පහු කරනකොට ෆෝම් හතළිහක් පුරවලා. ගලේවෙලට එනකොට බයික් එකේ පැට්‍රල් ඉවරයි. ගිය සති දෙකේ බිල් වල ක්ලෙම් එක වැටිලද කියලා බලන්න බැංකුවට ගියාම තමයි දෙයියෝ සිහි උනේ. සති දෙකේ සල්ලි තවම එකවුන්ට් එකට වැටිලා නෑ.

කම්පනියේ ඉන්න හැම එකාටම පින් දීගෙන එතනම ඉදලා ගත්තා ෆයිනෑන්ස් එකේ ප්‍රසන්නයාට කෝල් එකක්.

" උඹේ සල්ලි හෝල්ඩ් කරලා"

"මොකක්"

" එරන්දට කෝල් එකක් දීලා බලන්න"

ප්‍රසන්න ෆෝන් එක තිබ්බා. එහෙමම එරන්දට කෝල් කළා

" එරන්ද මහත්තයෝ මොකක්ද මගේ එක්ස්පෙන්සස් හෝල්ඩ් කරන්න මම කරපු වරද?"

"ගිය සදුදා කොහොමද කිලෝ මීටර් හාරසිය ගානක් ගියේ. කිලෝමීටර් හාරසිය ගානක් එක දවසට බයික් එකේ. වෙන්න බෑ"

"එහෙනං එරන්ද මහත්තයෝ ඔබ තුමාම බයික් එකක් අරන් මතුගම ඉදන් බලංගොඩට ගිහින් ආයේ ඔෆිස් ඇවිත් කුලියාපිටියට ඇවිල්ලා බලන්නකෝ කිලෝ මීටර් කියක් තියෙනවද කියලා"

කියපු  මම එහෙමම ෆෝන් එක තිබ්බා. වෙච්ච කේස් එක දන්න නිසා ඔය අතරේ ප්‍රදීප් කිර්ති ලොක්කටත් කතා කරලා. ටිකකින් කිර්ති ලොක්කාගෙන් මට කෝල් එකක්

"එහෙම එක්ස්පෙන්සස් හෝල්ඩ් කරන්න මම දෙන්නේ නෑ. බය වෙන්න එපා. අද හවසට නැත්තම් හෙට උදේට සල්ලි ටික වැටෙයි"

"පැට්‍රල් ගහන්නවත් සල්ලි නෑ. ඒකයි සර් කතා කලේ "

"අදට මොකක් හරි කරගන්න. හෙට උදේට සල්ලි වැටෙයි බය වෙන්න එපා"

ප්‍රදීප් අතේ තිබ්බ සල්ලි වලින් පැට්‍රල් ගහගෙන මාමට කෝල් කළා. 

"දඹුල්ලට ඇවිල්ලා නුවර පාරේ පන්සල පහු කරලා ටික දුරක් ඇවිත් කෝල් එකක් දෙන්න"

කොහොම  හරි අපි දෙන්න මාමගේ හේන හොයාගෙන ගියා. එයා හිටියේ ලොකු ළුණු ගොඩක් තෝරණ ගමන්. 

කාලෙකට  ඉස්සර කැලේ ඇවිදිනකොට බැදපු තුවක්කුවක වෙඩිල්ලකට අහු වෙලා කකුලක් අයින් කරලා තිබුනත් බොරු කකුලක් දාගෙන එයා කරන වැඩ කකුල් දෙකම හොදට තියෙන කෙනෙක්වත් කරන්නේ නෑ. හේන් වගාවේ ඉදන් පොල්ගස් නැගීම දක්වා හැම වැඩක්ම තනි කකුලෙන් ඉන්න එයා කරනවා.

"ඕන දවසක් නවතින්න අපේ පන්සල තියෙනවා. මෙහෙන් නාගෙන පන්සලට යමු. මම කොහොමත් රෑට උයන්න පන්සලට යන්න ඕනේ"

කකුල  කපන්න ඉස්සර ඉදන්ම දඹුල්ල මහ පන්සලේම හිටපු මාමට ඒ අනතුර වෙච්ච වෙලාවේ හැම උදව්වක්ම කරලා තිබුනේ ලොකු හාමුදුරුවෝ. දැන් නම් ඉන්නේ මහ පන්සලට අයිති වෙන පන්සලක කියලයි දැනගන්න ලැබුනේ.

මාම  එක්ක එයා ඉන්න ගෙදරට ආව අපිට ඇදුම් මාරු කරගන්න කියලා වගා ළිදක ඉදලා මෝටර් එකකින් ඇදලා පැල වලට වතුර දාන ලොකු වතුර බටයක් කෙහෙල් ගහක පිත්තක් අස්සේ ගැහුවා. 

"ඔන්‍න‍ ඕන තරම් නාගන්න"  කියලා මෝටරේ ස්ටාර්ට් කළා

කාෂ්ටක දේශගුණයක අව්වට පිච්චි පිච්චි දුවිල්ල නාගෙන මෙච්චර දුර ආව අපට ඒ ලොකු වතුර බටෙන් ඇගට වැටෙන වතුර ගෙනාවේ අමුතුම සිසිලසක්.

එතනින්  නාගෙන මාම එක්ක පන්සලට ගියා. රෝද තුනක් තියෙන අතින් කරකවන වාහනයක් තමයි එයාගේ ගමන් බිමන් යන වාහනේ. ඒ පන්සලේ ලොකු හාමුදුරුවොත් වැඩි වයසක හාමුරුරු කෙනෙක් නෙවෙයි. වැඩිම උනොත් අවුරුදු 30 ක් ඇති. ධර්ම ශාලාව ඇතුලේ තියෙන කාමරයක් අපි දෙන්නට හම්බ උනා. රෑට කෑවට පස්සේ ආයේ හේනට යනවා කියලා මාම යන්න ගියා. අපි එදා රෑ නිදා ගත්තේ හෙට ඉදන් නම් හොද පිස්සුවක් කෙලිනවා කියන ලොකු බලාපොරොත්තුවකින්.....

.............................................................................................................


බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාරය 2012
මේ විජට් එක ඔබගේ බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කිරීමෙන් සහයෝගය ලබා දෙන්න.
ස්තුතියි..!
 

<embed src="http://bdnmv.com/blogger.swf" quality="high" allowscriptaccess="always" type="application/x-shockwave-flash" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" align="middle" height="300" width="230"></embed>




   

Monday, August 27, 2012

කිලෝමිටර් නැති චාරිකා 01




කලින් ලියපු එව්වා 

මෙන්න යකෝ පාන්දරම අල්ලපු ගෙදර මිදුලේ වෙසක් කුඩුවක්


කියෙව්වේ නැතිනම් කියෝලම එන්න 











කොම්පැනියට යනකොට හොදටම පරක්කුයි. බොසා බලාගෙන ඉන්නවා පරක්කුවට. 

" මොන මගුලක් කලාද බං මෙච්චර වෙලා "

" හදිසි ඕඩර් වගයක් තිබුනා සර්, ඒක දෙන්න යන්න උනා. ඒකයි ටිකක් පරක්කු උනේ"

"හරි හරි බං ඉක්මනට ගිහින් කිර්ති සර්ව හම්බ වෙයං"

මමත් ඉක්මනට ගිහින් (අප)කිර්ති බොසාගේ කාමරේට ඇතුල් උනා 

"ගුඩ් මෝනින් සර්"

"ගුඩ් මෝනින් , දන්නවාද අද එන්න කිව්වේ මොකටද කියලා"

"නෑ සර් "

"අපි ලංකාව වටේම පොඩි රිසර්ච් එකක් කරනවා අපේ නිෂ්පාදන ගැන. හෙට ඉදන් ඒ සමීක්ෂණයට යන්න වෙනවා. සේල් එක ගැන මනෝජ් බලාගනියි. අපි කම්පනියෙන් බයික් එකක් එක්ක අන්ලිමිටඩ් පෙට්‍රල් හොටෙල් බිල් එක්ක එක්ස්පෙන්සස් ක්ලේම් කරනවා. අනිත් විස්තර නුවන් මහත්තයා ගෙන් අහගන්න. දැන් V.M.D එකට ගිහින් බයික් එකක් අරන් ඇවිත් නුවන් මහත්තයා හම්බ වෙන්න"

බොසා කියාගෙන කියාගෙන ගියා. එකම ඒරියා එකකට කොටු වෙලා ජිවිතේ ගෙවනවාට වඩා කොම්පනිය ගානේ කාල බිලා රට වටේ ඇවිදලා එන්න චාන්ස් එකක් හම්බ වෙච්ච එකට පට්ට හැපියෙන් V.M.D එකට ගිහින් බොසා දුන්න ලියුම දුන්නා. හම්බ උන බයික් එකේ රට වටේ යනවනං ඊට කලින් අන්තිම කැමති පත්තරේ ලියලා  ඉන්න ඕනේ.

" මොකක්ද බං ලොක්කා මහ ලොකුවට කිව්වේ අලුත් බයික් එකක් දෙනවා වගේනේ. මේකේ යන්න පුලුවන්ද? ටිකක් හොද එකක් දියන්කෝ"

" අලුත් ඒවා ඕන නම් උඹලගේ බෝසාගෙන්ම ඉල්ලා ගනින්. උඹ තව පැයකින් වරෙන් මේක යන්න පුළුවන් ගානට හදලා තියන්නම්"

බයික් එක හදන්න දාලා නුවන් ලොක්කව හම්බවෙන්න ගියේ හෙට ඉදන් කොයි ලෝකේ යන්න වෙයිද කියලා දැනගන්න ඕන නිසා.

" බයික් එක ගත්තද"

"බයික් එක නම් හම්බ උනා නුවන් මහත්තයෝ. කොච්චර දුර යන්න පුළුවන් වෙයිද කියලා තමයි සැක."

"ගණන් ගන්න එපා ඕක හදලා දෙයි. ලබන සතියේ ආවාම මාරු කරලා දෙන්නම් දැනට වෙන බයික් නෑ "

" දැන් හෙට මම කොහෙද යන්න තියෙන්නේ, මොකක්ද අප්පා මේ කේස් එක "

"අපේ තව සෙට් එකක් දැනට බලංගොඩ ඉන්නවා. උඹ හෙට උදේ 8 වෙනකොට එහෙට පලයන්. එයාල  කරන වැඩේ කියලා දෙයි. තියෙන ෂොප් වලට ගිහින් මේ ෆෝර්ම් එක ෆිල් කරගෙන එන ඒකයි තියෙන්නේ. දවසකට එක්කෙනෙක් ෂොප් 20 ක් විසිට් කරන්න ඕනේ. බයික් එකේ තව එක්කෙනෙක් යනවා දෙන්න ෂොප් 40 යි. "

"දැන් මම තනියමද යන්නේ."

අනිත් කෙනා එහෙට එයි. දැන් බයික් ඒක අරන් ගිහින් හෙට උදේ යන්න ලැස්ති වෙන්න.

නුවන් ලොක්කා කිව්වේ ඒරියා මැප්‍ ඒකයි ෆෝම් තොගේකුයි මෙසේ උඩට ඇදලා දාන ගමන් 

මේකේ බලංගොඩ කදු අදින්න නම් අද ඉදලම යන්න වෙයි. කියාගෙනම මම V.M.D එකෙන් බයික් එකත් අරන් එහෙමම ගෙදර ආවා. දැන් ඉතින් හෙට අට වෙනකොට හිටපන්කෝ බලංගොඩ..

ගෙදරින් පිටත් උනේ පහුවදා උදේ පාන්දර හතරට විතර. බදුරලිය කලවාන, නිවිතිගල ටවුන් එකෙන් වටාපත පරණ රේල් පාරට දාලා කහවත්ත ස්ටෑන්ඩ් එක හරහා ඕපනායක හරහා බලංගොඩට එනකොට උදේ හතයි පනහයි. එහේ ඉන්න උන්ගේ නම්බර් එකට කෝල් කරලා බැලුවා.

"බස් ස්ටෑන්ඩ් එක ලග හිටපන්කෝ අපි එන්නම් "

කැලුම් අයියා වැඩි කතා නැතුව ෆෝන් එක තිබ්බා. දෙයියනේ කියලා පැය බාගයක් විතර ස්ටෑන්ඩ් එක ලගට වෙලා ඉන්නකොට මෙන්න එනවා බයික් සෙට් එකක්ම. 

"ගුඩ් මෝනින් මල්ලි, මේ කම්පනියේ ඉන්න @@# පුතාලට පිස්සුද බං"

"ඒ මොකද අයියා"

"අපි මේ ඒරියා එක ඉවර කරලා යන්න බලාගෙන ඉන්නවා. මුන් තව තව උන් එවනවා. හිටපන් මං නුවන් ලොක්කට කෝල් එකක් දෙනකං"

කැලුම් අයියා කම්පනියට කෝල් කරලා මොන මොනවද කියවනවා අපි පැත්තකට වෙලා බලාගෙන හිටියා.. 

" කට්ටියටම ආයෙත් ඔෆිස් එන්න කියන්නේ. පිස්සු මුන්ටද නැත්තම් මේකේ වැඩ කරන අපටද?"

ඔෆිස් එකට දීපු කෝල් එක ඉවර කරලා කැලුමා අපේ පැත්තට ආවේ කොම්පැනියේ ඉන්න උන්ගේ අම්ම අප්පට පින් දෙන ගමන්.

"මොකද බං කේස් එක?"

"ඒ ගමන කියනවා මෙහේ වැඩ ඉවරනම් කට්ටියට ඔෆිස් එකට එන්න කියලා. ඇයි බං මුන් හොදටම දන්නවනේ මෙහේ වැඩ ඉවරයි කියලා. බලපන් මෙයා අද පාන්දර ඉදන් ඇවිල්ලා දැන් ආයෙත් කොළඹ එන්න කියනවා."

කතාවෙන් කතාවෙන් කට්ටියම ආයෙමත් බයික් වල නැගලා කොළඹ එන්න පිටත් උනා.  

 රත්මලානේ ඔෆිස් එකට එනකොට දවල් එකට විතර ඇති.

එනකොටම මගදීම නුවන් බොසා ඒරියා මැප් 3 ක් අරගෙන එනවා. මේක ඉක්මනට ඉවර කරන්න ඕනේ. ඔය හය දෙනා එක ඒරියා එකක ඉන්නේ නැතුව ඒරියා 3 කට යන්න. මිගමුව, කුලියාපිටිය, පුත්තලම මේවයින් ඔයාල කැමති තැනකට යන්න පුළුවන්. දැන්ම පිටත් උනොත් රෑ වෙනකොට යන්න පුළුවන්. ගිහින් කෝල් කරන්න.

උදේ පාන්දර ඉදන් කිලෝමීටර් දෙසිය ගානක් බයිසිකල් පැදලා හුස්මක් ගන්නත් කලින් ආයේ පලයන්කෝ. මා එක්ක යන්න හිටියේ ප්‍රසන්නයා. කුලියාපිටියේ එයාගේ යාලුවෙක් ඉන්න නිසා එයාට කෝල් එකක් දුන්නේ දැන් ගිහින් කොයි වෙලාවේ යන්න වෙයිද දන්නේ නැති නිසා රෑට නවතින්න තැනක් හොයාගන්න. දෙක වෙනකොට අපි කට්ටියම ආයෙත් ඔෆිස් එකෙන් පිට උනේ කුලියාපිටියේ යන්න. ජා ඇලට වෙනකම් කට්ටියම ආවේ එකට. 

අපි දෙන්නා එතනින් කැලුම් අයියලාගෙන් සමුගෙන කුරුණෑගල පාරට දාගත්තා. බස් එකේ ගිහින් තිබුනට දෙන්නගෙන් එක්කෙනෙක්වත් කුලියාපිටි යන්න පාරක් හරියට දන්නෙත් නෑ. හතර වටේටම කෝල් කර කර පාරවල් අහගෙන දෙයියන්ගේ පිහිටෙන් කුලියාපිටිය ටවුමට එනකොට රෑ නවයහමාරත් පහු වෙලා. ප්‍රසන්නගේ යාළුවා බුක් කරලා තිබුණු රුම් එක හොයා ගෙන යනකොට අපි දෙන්නටම සංසාරේ එපා වෙලා තිබුනේ එදා දවසට ලොකු ඇදුම් බෑග් දෙකකුත් උස්සගෙන කිලෝමීටර් පන්සියකට කිට්ටු වෙන්න බයික්  පැදලා තිබ්බ හින්දා. රුම් එකට රිංගපු ගමන් වොෂ් එකක් දාගෙන නොකා නොබීම ඇදට වැටුනා 
කිලෝමීටර් නැති පළමු දවසේ නිමාව....


Monday, August 6, 2012

අහසයි හදයි මහ පොලවයි..






හදටයි අහසටයි කවියෝ කවි ලියලා ඇති ඕන තරම්. හැම කවියකම තියෙන්නේ සද අයිති අහසට කියලා. ඒත් ඇත්තටම බැලුවොත් සද අයිති අහසටද. සද රැදිලා තියෙන්නේ පොලවේ ගුරුත්වය නිසා. සද කැරකෙන්නේ පොලව වටේ. සද අහසට අයිති වගේ පෙනුනත් සද අයිති අහසටද එහෙමත් නැත්තම් මහ පොලවටද?.

සද අහසේ ලස්සනට පායනවා පාලොස්වක පෝයට. අහසේ සද පායලා තියෙනකොට අහසට අයිති තරු ගොන්න පේන්නේ නෑ කාටවත්ම. ඒත් මාස පෝය දවසට සද අහසේ දකින්න නෑ. අහසට සද නැති උනා කියලා අහස තනි වෙන්නේ නෑ කවමදාවත්. ඉර, තරු, වලාකුළු, ධුම කේතු, උල්කාපාත, ග්‍රහලෝක, හැම දේම තියෙනවා අහසේ තනියට. ඒත් මහ පොලවේ තනියට හැමදාකම ඉන්නේ සද විතරමයි. ලෝකයා මොනවා කිව්වත් කවියෝ සදේ අයිතිය අහසටම දුන්නත් මහ පොලව තමන්ට අයිති සද අතාරින්නෙ නෑ. මහ පොලව හදට ආදරෙයි ගොඩාක්ම. මහ පොලව සදට ආදරේ කරන්නේ අහස සදට ආදරේ කරනවා වගේ සදේ දීප්තියට ලස්සනට නෙවෙයි. පුර හද පායලා තියෙන පාලොස්වක දාට වගේම සද පායන්නේ නැති මාස පෝය දවසටත් මහ පොලව සදට දක්වන ආදරේ වෙනසක් වෙන්නේ නෑ.....

හදිසියේවත් මහ පොලව සද අත ඇරලා දැම්මොත් සද කොහේ ගිහින් නවතියිද කියලා සදවත් දන්නේ නෑ. කවදාම හරි පොලව සද අත ඇරලා සද ඉබාගාතේ ගියොත් ආදරේ කියලා කොයි තරම් පාරම බෑවත් අහසට බෑ කවදාවත්ම සද නවත්තගන්න. සද අහසේ පායන්නෙත් සදේ අයිතිය මහ පොලවට තියෙනකම් විතරයි. සද අහසේ පායලා තිබුනට සදේ එළියෙන් අහස ලස්සනට බැබලුනාට සදේ අයිතිය හැමදාම මහ පොලවට විතරමයි....... 





අහස කියන්නේ ඉමක්‌ කොනක් නැති අනන්තයක්. වෙලාවකට ගුගුරුවාගෙන වහිනවා. තවත් වෙලාවකට ගොඩාක් ශාන්තයි. අහස මොන තරම් ගිගුරුවත් මහ වැසි සුළං වලින් කොපමණ පහර දුන්නත් පොලව ඉවසනවා ඒ හැම දේම. සද පොළවෙන් ඈත් කරන්න අහසට පුළුවන් ලොකුම දේ ලොකුම ලොකු ඝන වලාවකින් සද වහල දාන එක විතරයි. ඒත් ඒ ඝන වලාකුළු, අකුණු සැඩ සුළං හැමදෙයක්ම තාවකාලිකයි. ඒ කිසිම දේකින් මහපොලව සැලෙන්නේ නෑ. අහස පොළවෙන් සද ඈත් කරන්න මොන මොන දේ කලත් සදේ අයිතිය හැමදාම පොළවටම විතරමයි......

මහ පොලව කොයි තරම් සදට ආදරෙයිද කියලා සද හොදටම දන්නවා. ඒත් අහසේ ලස්සන වලා රොදකින් සදේ ඇස් වැහිලා. සද ආදරෙයි වළාකුලේ තියෙන ලස්සනට. අහස සදට ලස්සන හීන ගොඩාක් පෙන්නලා වෙනමම ලෝකෙකට ගෙනිහින් පාට පාට වලාකුළු වලින් සදත් මහ පොලවත් අතර බැදීම නවත්තන්න ලොකු උත්සාහයක් ගන්නවා. පාට පාට හීන පෙන්නලා තමන්ට අයිති සද බලහත්කාරෙන් ලග තියා ගන්න උවමනාවක් මහ පොලවට නෑ. සදයි පොලවයි අතර බැදීම නැති කරන්න අහස කරන ඒ හැමදේම තාවකාලිකයි. මහ පොලවට ඉතුරු වෙලා තියෙන්නේ පොලවයි සදයි අතරේ කඩන්න බැරි බැදීමක් තියෙනවා කියන විශ්වාශයත් සද, අහස කියන්නේ මොකක්ද කියලා කවමදාක හරි තේරුම් අරගෙන ආයෙත් මහ පොලව හොයාගෙන ඒවි කියන පුංචිම පුංචි බලාපොරොත්තුවකුත් විතරමයි.


ඒ පුංචි බලාපොරොත්තුව වෙනුවෙන් මහ පොලව එයාට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඒ බලාපොරොත්තුව වෙනුවෙන් පොලවේ හැම දේම කැප කරනවා. සදෙන් තොර ජිවිතයක් මහ පොලවට නෑ. මහා ගින්දරක් පොලව ඇතුලේ හිර කරගෙන සද පොලොව හොයාගෙන එනකම් මහ පොලව බලාගෙන ඉන්නවා හැමදාමත්......

Saturday, August 4, 2012

බලාපොරොත්තුව



දිව ගියෙමි
නිරුදක කතරක
දිය බිදක් සොයාගෙන
හති වැටෙන තුරු
වේගයෙන්

දැනෙන විට
දිවගියේ
මිරිගුවක් දැක බව
සවියක් නැත ගතට
නැවතත් හැරෙන්නට

දිය බිදක් නැතත් පවසට
අහරක් නැතත් බුදිනට
තියේ එකම එක
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පුංචිම පුංචි බලාපොරොත්තුවක්
පමණක්ම
දිවියට



ප.ලි. මෙලෝ රහක් නැතුව බුකියට වෙලා රස්තියාදු ගහනකොට කුරුටු ගෑවුන පද ටිකක්.

Wednesday, August 1, 2012

පොඩි උන්ගේ පිහිටෙන් රෙපා පාර්ලිමේන්තුවෙන් රාවණ යුගයට

අවුරුද්දකට අධ්‍යාපන චාරිකා දෙක තුනක් සැට් වීම පොඩි කාලයේ  පටන්ම රෙපාට අරුමයක් වුයේ නැත. ඒ රෙපාගේ මවු තුමිය පාසලක ටීචර් කෙනෙක් වීම හේතුවෙනි. රෙපා පාසල් යන කාලේ අම්මා ඉගැන්වූ පාසලෙන් යන සියලුම අධ්‍යාපන චාරිකා රෙපාට සෙට් විය. ඒ කාලේ සිටම රෙපාට කිලෝ මීටර් අදාළ නැත. කෙසේ උවත් දැන් අවුරුදු ගණනාවකින් ඔය වගේ ගමනක් යාමට රෙපා සැට් වුයේ නැත. මොකදැයි කියනවා නම් හැමදාමත් අධ්‍යාපන චාරිකා විනෝද චාරිකා අනම් මනං නම් කියාගෙන යන හැම තැනක්ම රෙපාට මෙලෝ රහක් නැති ස්ථාන විමමය. පහු ගිය අවුරුදු කිහිපයකම රෙපාගේ ජීවිතය ගෙවී ගියේ ලංකාවේ හැම අහුමුල්ලකම අවිදිමින්ය. දැන් ලංකාවේ එහා කොනට ගිහින් ආවත් රෙපාට ඒ ගමන නිකම්ම නිකම් සාමාන්‍ය සිද්දියක් පමණක්මය.


පෙරේදා දිනයේ ඔය වාගේ චාරිකාවකට රෙපාට නැවතත් ආරධානාවක් ලැබිණි. ඒ ගමනට සහභාගී වීමට සිටි  ගුරුවරයෙකුට හදිසි කාරනාවක් මත එම ගමන යාමට නොහැකි වීම හේතුවෙන් ඔහුගේ අඩුව පිරවිමටය. මේ වන විට රෙපා සිටියේ නැවත ජිවිතයේ කිලෝමීටර් නැති කර ගන්නේ නැතිව පාඩුවේ වැඩක් කරගෙන ඉන්නවා යන අවංක චේතනාවෙනි. නමුත් සිදු වුයේ වෙනකකි. අහෝ ඛේදයකි ඉරකි තිතකි. රාත්‍රි කාලය ගෙවී ගියේ නින්ද නොමැතිව සද කදුළු මිදුමකින් වැසිලාය. රෑ 12 පසුවනතුරු බුකියේ රස්තියාදු ගැසිනි. නිදා ගැනීමට කියා ඇදට වැටුනද  පාන්දර වනතුරු දෑසට ලගා නොවුණු නින්ද නැවතත් රෙපාගේ කිලෝමීටර් නැති කර දැමිය. පෙර දිනයේ චාරිකාව යාමට බැහැ කියූ රෙපා පාන්දර 3 වනවිට සිටියේ අවදිවී චාරිකාව යාමට සුදානමිනි...


පාන්දර නැගිට ගත්තත් චාරිකාව යාමට සිතුවත් කොහේ යනවාද මොනවා කරන්නද කිසිම අරමුණක් නැත. පහමාරට පමණ නිවස ඉදිරිපිටට පැමිණි බසයේ රෙපාද එල්ලිනි. දක්ෂිණ අධිවේගය හරහා බසය කොලොම්පුර බලා ගමන් ඇරඹිය. 
පිස්සු හැදෙනවාය දිනකට හෝ රෙපාද පාසල් ගුරුවරයෙකු වී ඇත. ඉස්කෝලේ යන කාලේ ගුරුවරුන්ට අප කොතරම් කරදර කර ඇතිදැයි රෙපාට වැටහීමට පටන් ගත්තේ ගෝල් පේසිය අසල නැවැත්වූ බසයෙන් පොඩි උන් එකා දෙන්නා බිමට බසින විටය. මුන් නම් කොල්ලන් නොව කොලු තාත්තලාය. සමහර උන් ජීවිතේට මුහුද දැක තිබුනේ ඊයේය. උන් මෙලෝ සිහියක් නැතුව ජිවිතේ පළමු වරට දුටු හෝ ගාන පොකුණ නරබන්නට දුවනවාය. කොහොමින් කොහොමට හරි ගෝල් පේසිය මුලින්ම ගියේ අසලම ඇති ලංකා බැංකු මුලස්ථානයටය. එතැනදී 28 වන මහලට ගෙන ගොස් පොඩි උන්ට මුහුද පෙන්නනු ලැබිය. කිරි පැකට්ටුවක්ද ලැබිණි. අනතුරුව ලේක් හවුස් ආයතනය නරඹා ගියේ පාර්ලිමේන්තුවටය.


කොපමණ කොලොම්පුරේ ඇවිද්දත් දියවන්නාව ඉදිරියෙන් කොතෙකුත් වාරයක් ගමන් කලත් කිසිම දිනක රෙපාට පාර්ලිමේන්තුව ඇතුලට යාමට චෑන්ස් එකක් වැදුනේ නැත. අද මේ පොඩි උන්ගේ පිහිටෙන් රෙපාටද පාර්ලිමේන්තු යාමේ චෑන්ස් එක සැට් වී තිබේ. පොලිස් මාමලාගේ පරික්ෂා කිරීම් වලින් අනතුරුව පාර්ලිමේන්තු බස් රථයක පටවා පාර්ලිමේන්තුවට යාමට ලැබිණි. පොඩි උන්ගේ පිහිටෙන් හෝ රෙපාද දැන් පාර්ලිමේන්තු පැමිණ තිබේ.

බසයෙන් බසින විටම දැක පුරුදු මුහුණකි. කිලෝ මීටර් නැති එකා කොහේ ගියත් දන්නා මොකෙක් හෝ එකෙක් සෙට් වේ. මේ සිටින්නේ එවැනි බුවෙකි.

 "හලෝ මචං උඹ " 


ඔහු මා හදුනා ගත්තේය. පරණ මිතුදම් අලුත් විය. බලාගෙන යනවිට යාලුවා රස්සාව කරන්නේ පාර්ලිමේන්තුවේය.
පොඩි උන් පඩි පෙළ දිගේ නගිද්දී විදුලි සෝපානයෙන් ඉහල මහලට යාමේ චෑන්ස් එක ඔහු නිසා මටත් මා සමග අහල පහලින් සිටි කිහිප දෙනෙකුටත් සෙට් විය.
නරඹා පහලට පැමිණෙන විට යාලුවා අතකින් පාර්සලයක්ද රැගෙන පැමිණියේය. 


"මචං මෙතන පාර්ලිමේන්තුව ගැන පොත් සෙට් එකක් තියෙනවා. ඉගන ගන්න උන්ට ගොඩාක් වටිනවා ගනින් "
 ඔහු මට පාර්සලය දිගු කළේය.


පාර්ලිමේන්තුව ගැන ඉගනීමට මට කිසිම අවශ්‍යතාවයක් නැත. නිකන් දෙනවා නම් දෙමල පත්තරේ හෝ ගත යුතුය.
 මට වැඩක් නැති උනත් කවුරුන්හෝ ඉගන ගන්නා කෙනෙකුට මෙය ලබා දීමටවත් හැකි නිසා මම පාර්සලය තැන්කුවක් සමගින් භාර ගතිමි.


කොහොමින් හරි ඊළගට කට්ටිය ආවේ නෙලුම් පොකුණ බලන්නටය. නාට්‍යයක් නැරඹීමට නොහැකි උනත් රගහල තුලට ගොස් වටයක් ගසා ඉහලම මාලයට නැග බිමට බසින්නට පමණක් ලැබිණි. 




ඊළග ගමනාන්තය එතනම එහා ඉඩමේ තිබු ජාතික කෞතුකාගාරයයි.  ඔතන නම් රෙපාට අමුතුවෙන් බලන්නට කියා දෙයක් ඇත්තෙම නැතිය. ගෙදර වගේ වෙච්ච පොට් එක. ඒත් මොනා කොරන්නද? නිකම් හම්බ වෙන ටිකට් එක අපරාදේ නිසාම ඇතුල් විය. අමුතුවෙන් බලන්න කියලා  දෙයක්ද නැත. නිකම් කැරකෙමින් සිටින විට රෙපාට මි ජයා මැති තුමා මතක් විය.


රෙපා පැමිණ ඇත්තේ අපේ ඉතිහාසය සම්බන්ද ස්ථානයකටය. මෙහි අනිවාර්යයෙන්ම රාවනා රජ තුමාගේ කිසියම්ම හෝ භාණ්ඩයක් තිබිය යුතුමය. අප රාවණා පරපුරේ හෙළුවන් වෙමු. රාවනාභිමානය රෙපාගේ ඉහින් කනින් වැගිරීම ආරම්භ විය. මෙතක් පටන් මේ පොස්ටුවද හෙලුවෙන්ම වැනෙනු ඇත.


කටුගෙයැ පුරාම සෙවුවත් මේ රෙපානන්ට රාවණාවන්ට අදාළ කිසිම පුරාවස්තුවක් සොයා ගැනීමට නොහැකි විය. රාවණාවන්ගේ ඉතිහාසයෙන් බිදක් කටුගෙයින් සොයා ගත නොහැකි වූ සොවින් පිඩිත වෙමින්ම රෙපා කටු ගෙයින් එලියට බටුහ.


සොවින් එලියට බට විටම රෙපාගේ නෙත ගැටුණු දසුන් රෙපාගේ සිත ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන ඒමට සමත් වීයැ. අනිවාර්යයෙන්ම මේවා නම් රාවණා යුගයේම භාණ්ඩ විය යුතුයි කියන සිතුවිල්ලම රෙපාගේ සිතුවිලි සියල්ලම කලම්බා ප්‍රීතියෙන් මනමත් කලෝය.





මේවා යම් කිසි සොයාගත් යුගයකට අයත් පුරාවස්තු නම් කටු ගෙය තුල අදාළ යුගයට අයත් කුටියක තැන්පත් කර ප්‍රදර්ශනය කල යුතුය. නමුත් මේවා එසේ නොවේ. නිකම්ම අව්වට වේලෙන වැස්සට තෙමෙන ආකාරයට ඔහේ දමා තිබේ. මෙය තනිකරම මේ පුරා වස්තුන් විනාශ කර හෙළ තාක්ෂනය වල දැමීමට සිදු කරන ලද ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බවත් ඉතාම පැහැදිලිය.

සුද්දා ගුවන් යානය නිර්මාණය කලේ රාවනාවන්ගේ දඩුමොනර තාක්ෂනය කොපි කර බව පසුගිය දිනක වගපුර්නිකාවේ මි ජයා මහතා පැහැදිලි කර තිබුනා රෙපාට හොදටම මතකය. එසේ නම් දැන් මේ විනාශ වී යාමට දමා තිබෙන්නේ රාවනා යුගයේ තිබු හෙලිකොප්ටර් දඩුමොනරයක සුළං පෙත්තක්ම විය යුතුය.

තව දුරටත් මේ මහා විනාශය බලා සිටිය නොහැක. වහාම මේ මහා විනාශය නතර කල යුතුය. රාවනාවන්ගේ හුලං පෙත්ත මෙසේ විනාශ වී යාමට කිසි සේත් ඉඩ දිය නොහැක. වහාම මේ විනාශය බොගයේ පෝස්ටුවක් ලෙස කෙටිය යුතුය. රාවන හිතෙයිෂි හෙලුවකු වශයෙන් බොග දමා  රාවනයන්ට හිතැති හෙළුවන් සියලු දෙනා එක් රැස් කර මේ මහා විනාශයට එරෙහිව පෙළ ගැස්විය යුතුය.


නමුත් මේ මොහොතේ බොග දැමීමට ලැපා ලග නැත. තවත් ප්‍රමාද විය නොහැක. වහාම බසයට නැගුනේ හැකි ඉක්මනින්ම නිවසට ඒමටය. මා හට උවමනා වේගයෙන් බසය ධාවනය නොවේ. කෙසේ හෝ නිවසට පැමිණෙන විට රාත්‍රී 11. 30 පමණ විය. වහාම ලැපා ලගට ගෙන බොග දැමීම අරඹන ලදී. පෙරදා රාත්‍රීයේ නොමැති වූ නින්ද ගමන් මහන්සිය සමගින් රෙපා සොයා ආවේය. අවදි වනවිට පට්ට දහවල්ය. එවක්‌ පටන් බොග දැමිණි. ආරම්බය එක් පසකය අවසානය තවත් පසකය. මේ දිනවල කිලෝ මීටර් නැති රෙපාගේ මීටරය නම් පොඩ්ඩක් අවුල්ය. සමාව දෙන සේක්වා.


හෙලුවනි අවදිවවූ....


රාවණ යුගයේ පුරාවස්තු විනාශය වලකා ගැනීමට පෙළ ගැසෙවූ...


සැමට ශ්‍රී රාවණ සිද්ධම්෴