(බ්ලොග් අවකාශේ හැමෝම ලියන ආදර කතා එක්ක අහපු දැකපු පොඩි පොඩි සත්‍ය සිද්දීන් කිහිපයක එකතුවක් විදියට ලියන්න පටන් ගත්ත පුංචි කතාවක්. හැමදේම සිද්ද වෙන්නේ ආදරේ නිසා උනාට මේ කතාව තවත් එක ආදර කතාවක් නම් නොවේවි. කොච්චර එපා කිව්වත් 18 + කිව්වත් පොඩි බබාලා එහෙං මෙහෙන් ඔලුව දාලා බලන නිසාම මේ කතාවේ ඒ වගේ දර්ශන බොහෝ දුරට සිමා කිරීමට උත්සාහ ගෙන ඇති බව කරුණාවෙන් සලකන්න. ඔන්න මම කලින් කිව්වේ නෑ කියලා නම් කියන්න එපා.)
වෙලාව රෑ අටට අටහමාරට විතර ඇති. පාලුවට යන නගරයේ වගේම පොලිස් ස්ථානය ඇතුලෙත් රාජකාරි කරන නිලධාරින් කිහිප දෙනා ඇරුනාම වැඩිය කවුරුවත් පේන්න හිටියේ නැහැ. හෙමින් හෙමින් පොලිස් ස්ථානයට ආව සමන්ත ස්ථානාධිපති තුමාගේ කාමරයේ භාග දොරපලු දෙක තල්ලු කරගෙන කාමරේට ඇතුල් උනා. මේසය ලග වාඩි වෙලා රාජකාරියේ නිරතවෙලා හිටපු නිලධාරියා ඔලුව උස්සලා බැලුවා.
"ඇයි තමුන් මොකද?"
"මම මගේ ගෑනිව මැරුවා සර්"
සමන්ත කතා කරන්න පටන් ගත්තේ මෙච්චර වෙලා බෑග් එකේ හංගගෙන හිටපු ලේ තැවරුණ කිනිස්ස එලියට අදින ගමන් .
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ඇගිලි දෙක අතරේ දැල්වෙන සිගරට්ටුව දෙතොලේ හිර කර ගන්න අතරේ සමන්තගේ මතකය දුවලා ගියේ නිසන්සලාව මුණ ගැහිච්ච අන්තිම දවසට. එදා ගල්කිස්සේ මුහුදු වෙරළේදී මුණ ගැහෙනකොට අද නිසංසලාගේ මුහුණ දකින අන්තිම දවස වෙයි කියලා සමන්ත හීනෙකින් වත් හිතුවේ නෑ. අම්මල තාත්තලා ගේ ඉල්ලීමට රත්නපුර පැත්තේ මැණික් මුදලාලි කෙනෙක්ගේ පුතෙක් කසාද බදින්න ඕන කියලා එදා නිසංසලාගේ මුවින් පිටවුන වචන ටික හැමදාමත් සමන්තගේ මතක අතරේ හොල්මන් කළා.
"ඔයාට කියලා හරි හමන් රස්සාවක් නෑ. අම්මලා කියන දේකට කැමති වෙනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ. මට සමා වෙන්න සමන්ත."
ඒ මොහොත මතක වෙනකොට හැම වෙලාවේම වගේ හිත ඇතුලෙන් පුංචියට ඇවිලෙන්න පටන් ගන්න ගිනි දැල්ලක් මුළු ඇගම පුච්චගෙන යනවා වගේ දැනෙන්න පටන් ගත්තා.
මේ වෙනකොටත් භාගයක් විතර හිස් වෙලා තිබ්බ අරක්කු බෝතලේට කට තියාගෙනම උගුරු දෙක තුනක් බිලා දැම්මේ ශරිරේම පුච්චගෙන යන මහා ගිනිදැල්ල නිවා දාන්න හිතාගෙන.
අතේ තිබ්බ බෝතලේ පැත්තකින් තියලා කල්පනා කරන්න ගත්තේ නිසංසලා යන්න ගිය දවසේ ඉදන් ගෑනු කි දෙනෙක් තමන්ව සනසන්න ඇත්ද කියලා. හැම දෙයක්ම සල්ලි වලට විකිනෙන ලෝකේ සල්ලි වලින් මනින්න බෑ කියන ආදරේ ගැනත් ජිවිතේ ගැනත් මේ මොහොතේදී හිතේ තිබුනේ කලකිරීම මුසු වෙච්ච මහාම මහා හිස් බවක්....
"කොයි හු@## එකයි බැලුවම ##@@...."
තමන්ටම හිනාවෙන ගමන් මෙසේ උඩ තිබ්බ වීදුරුවේ ඉතුරු වෙලා තිබ්බ අන්තිම උගුරත් කටට හලාගෙන මෙච්චර වෙලා අතේ තිබ්බ සිගරට්ටුවත් අළු බදුනටම ඔබලා දාපු සමන්ත ඇදේ හාන්සි වෙලා ඇස් දෙක පියාගත්තේ හැම දෙයක්ම අමතක කරන්න හිතාගෙන.
"ටක්, ටක්, ටක්"
ඇස් ඇරලා බැලුවේ කවුරුන්ම හරි දොරට තට්ටු කරන හඩට
"කමින් "
විවර උන දොරෙන් කාමරය ඇතුලට ආවේ ඉග සුග කැපිලා පේන්න ඇගටම හිර උන ඇදුමක් ඇදගත්ත නාඹර යුවතියක්.
"ඕඕ මයි ස්වීට් ඒන්ජල්"
සමන්ත ඇදෙන් නැගිටලා ඇවිත් කරවටේ අතක් දාලා ඇය තමන්ට තුරුළු කර ගෙනම බමන මතින් රාගී නෙතින් මොහොතක් ඇය දෙස ආසාවෙන් බලාගෙන ඉදලා කාමරේ දොර වහලා අගුලු දැම්මා......
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
නොලැබුන ආදරයක් වෙනුවෙන් සුරාවටයි ගෑනුන්ටයි මැදිවෙලා නන්නත්තාර වෙලා යන ජීවිතය පිලිබදව කිසිම හැගීමක් සමන්තට තිබුනේ නෑ. හම්බකරන හැම සතයක්ම පුච්චලා අළු කරලා විනාස කරලා දාලා විනාස වෙලා යන ජිවිතේ දිහා බලාගෙන උමතුවෙන් හිනා උනා. සමන්ත එක්ක ඉස්කෝලේ ඉදන්ම එකටම හිටපු හොදම යාලුවා උනේ අකිල. තමන්ගේ මිත්‍රයා ගේ විනාශය දිහා බලං ඉන්න බැරි කමටම අකිල සමන්තව හොයාගෙන ආවා...
"මොකක්ද බං උඹ මේ කරගන්න හදන්නේ. කාගෙන්ද උඹ මේ පලි ගන්න හදන්නේ. එක ගෑනියෙක් ගියා කියලා මේ ලෝකේ ගෑනු නැතුවද බං. පිස්සු නටන්නේ නැතුව ගෙදර වරෙන් අම්මලා උඹ එනකම් බලාගෙන ඉන්නවා"
අකිල කියාගෙන කියාගෙන යනකොට සමන්ත හිනා උනා විතරයි
"උඹේ අම්ම තාත්තා උඹ ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙනද ඉන්නේ. තේරුම ගනින් බං. උඹට එක කෙල්ලෙක් නැති උනාට ජිවිතේ නැති උනේ නෑ නේ. මේ කොහෙවත් යන ගෑනියෙක් නිසා විනාස වෙන්න එපා බං"
අකිල දන්න හැම විදියටම කරුණු පැහැදිලි කරන්න උත්සාහ කළා. ඒත් සමන්තට වෙනස් වෙන්න කිසිම උවමනාවක් තිබුනේ නෑ. ඒත් අකිල කියපු හැම දෙයක්ම සාවදානව අහගෙන හිටියා.
"එදා නිසන්සලාට මාව එපා උනේ සල්ලි නැති නිසා. අද ඔය ගෑනු කිදෙනක් සල්ලි නිසා මාව හොයා ගෙන එනවද? මේ ලෝකේ සල්ලි වලට ගන්න බැරි දෙයක් නෑ බං. හැම මගුලම සල්ලි වලට යටයි. ඒ නිසා උඹ ගිහින් අම්මලාට කියපන් මම ලගදීම ගෙදර එනවා කියලා. උඹ මා ගැන කරදර උනාට බොහොම ස්තුතියි මචං. ඒත් උඹ වත් මා ගැන කරදර වෙනවට මම කැමති නෑ. "
කියපු සමන්ත පිටවෙලා යන හැටි අකිල ඔහේ බලාගෙන හිටියේ තව මොනවා කිව්වත් තේරුම් ගන්න උවමනාවක් නැති තමන්ගේ මිත්‍රයා දිහා අනුකම්පාවෙන්.
අම්ම තාත්ත දෙන්න තමන් ගැන කොයි තරම් බලාපොරොත්තු තියාගෙන ඉන්නවද කියලා සමන්ත හොදාකාරවම දන්නවා. ලෝකේ හැම දෙයක්ම නැති වෙලා යනකොට හැමෝටම හොරෙන් ගෙදරින් එලියට බැහැලා ආවෙත් තමන් ඇබ්බැහි වෙලා ඉන්න ජිවිතේ හැටියට තව දුරටත් ඒ අහිංසක අම්ම තාත්තගේ මුණ බලන්න තරම් ආත්ම ශක්තියක් හිතේ තිබුනේ නැති හින්දා.
බොහොම අමාරුවෙන් හිතින් අමතක කරන්න හදන අම්ම තාත්තගේ බලාපොරොත්තු ගැන මතකයන් ආයෙත් මතක් කරපු එක ගැන අකිල ගැන ඇති උනේ කේන්තියක්. 138 බස් එකක නැගලා ඔලුව පුපුරන්න වගේ දැනෙන වේදනාවත් එක්ක අරමුණක් නැතුව ඉබාගාතේ ගිහින් අන්තිමට නතර උනේ කිරුලපන නුගේගොඩ අතරේ තිබ්බ සමන්තගේ සුපුරුදු නවාතැන්පලක...............
"ගුඩ් ඊව්නින්ග් සර් කාලෙකට පස්සේ "
රිසෙප්ෂන් කවුන්ටරේ හිටපු ලස්සන ගෑනු ළමයා සමන්තව ආදරයෙන් පිළිගත්තා.
"ඒක තමා. ලගදි එන්නත් බැරි උනා. අලුත් කවුරුවත් නැද්ද?"
"අලුත් ළමයෙක් නම් ඉන්නවා. දැන් නම් බිසී. අලුතෙන් ආවාම හැමෝම එයාවමනේ ඉල්ලන්නේ. මට ෆයිව් මිනිට්ස් දෙන්න එතකන් සර් රුම් එකට ගිහින් චේන්ජ් එකක් දාගන්න මම එයාව එවන්නම්."
"අන්න එහෙමනේ ඉන්න ඕනේ රත්තරන් එහෙනම් මම යනවා රුම් එකට එයාව ඉක්මනට එවන්න. "
සමන්ත එහෙම කියාගෙනම එතනින් පිට උනේ පිළිගැනීමේ කවුන්ටරේ හිටපු තරුණියගේ කොන්ඩෙන් ඇදලා එයාගේ කොන්ඩෙත් කඩලා දාලා.
කාමරයට ඇතුළු උන ගමන් සාක්කුවේ තිබුණු සිගරට්ටුවකුත් දල්වාගෙනම යහන මත ඉදගත්තා......
(එක දිගට ටයිප් කරන්න ගියාම එපා වෙනවා. කතාවත් මුලින් හිතුවට වඩා දිග වැඩි වේගෙන එනවා වගේ. තවත් කොටසක් හරි දෙකක් හරි ලියන්න වෙයි. එහෙනම් ඊලග කොටසින් ඉතුරු ටික. මේ කොටස කියවලා හිතෙන දේකුත් කියලම යන්නකෝ. )
යකෝ රෙපෝ ඉක්කනත ඉතිරිය දාෆන්කෝ...මාව ලය පැලිලා මැරෙයි...කෝ දැන්ම ලියන්න ගනින් මහත්තයෝ....එල...ඔන්න කතා...බොළඳ දේවල් ලියන මේ ලෝකේ ඇත්ත කතාවක්...එලම කිරි..ජයවේවා...
ReplyDeleteපොඩ්ඩක් ඉවසපන් කුරුල්ලෝ. මේ ලියනවා මේ ලියනවා :))
Deleteඅලුත් එක සමන්තගෙ පරණ *ව් එක වෙන්ටැති නේ?අසරන මිනිස්සුන්ට වෙන්නෙම ඔහොම කෙලි තමයි රෙපෝ :(
ReplyDeleteඔහොම හිටපන් බං ටිකක් ඉවසලා. ඉතුරු ටිකත් මේ ලියාගෙන යනගමන්. අසරණයා හැමදා දුකේ. :((
Deleteඅමූලික ඇත්ත රෙපෝ :(
Deleteඉවසන්න නං බැරියෝ!
ඉක්මනට ලියපිය නැත්නං ගෙදරට එනව හොයාගෙන මේ ඔක්කොමත් එක්ක හරිය!!!!
:D
හපොයි මු නම් අහල පහල කොල්ලා. ගෙදරට එයි කියලා ෂුවර් නෑ.. හරි හරි බාගයක් ලියලා තියෙන්නේ ඉතුරු ටික ඉක්මනට දානවෝ ....:))
Deleteකවුන්ට් ඩවුන් බිගින්ස් ඈ.. ;)
Deleteඉක්මනට ලියල දාපන් නැත්නම් එනවා,මම ආවොත් උඹ ආයෙ ගෙදරින් බත් කෑව බොරු ඈ! :D
නහී බත් පිඟාන වේරානී!
බ්ලොග් ලියන කොයි @#$ත් එකයි.... හොඳම හරියට ඇවිත් මතු සම්බන්දයි කියනවා
ReplyDeleteබ්ලොග් ලියන සමහර @#$ නයි අරින්නෙත් මතු සම්බන්ද කරලා වෙච්ච එකේ ඕක ගණන ගන්න එපා බං :)))
Deleteගනන් ගත්තෙනෑ රෙපෝ.. කොයි #$&% කිව්වහම මේ #$&% අයිතියිනේ
Deleteහෙහ් හෙහ් :P
Deleteමේ #$&% ඉන්නවැයි? ;)
Deleteමොන @#$ක් කියනවද මන්දා :)
Deleteචූටි බටපොලයා Likes this. :D
Deleteනිසන්සලා වෙන්ඩ එපා .........................
ReplyDeleteමොකා වෙන්නද ඕනේ එහෙනං :))
Deleteකෝ ලියන්නකෝ යාළු අනිත් ටිකත්..
ReplyDeleteලියමින් පවතී යාලු :))
Deleteකථාව පත්තු වේගන එන විදිය නම් එල....ඊළග කොටස ඉක්මනින්ම දාලා අපේ ඉවසීමට සැනසීම දෙන්ඩෝ...
ReplyDeleteපත්තු වෙයිද නිවෙයිද මන්දා. බලමු බලමු :))
Deleteඅනේ මන්දා අප්පා මේ ලෝකේ....:((
ReplyDeleteදෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි. පහන ලගයි ආලෝකේ දුරයි. මොනා කරන්නද අප්පා :((
Deleteයකෝ සෙපෝ ඇයි බං උබ මේ වගේ කතා ලියන්නේ නැත්තේ? සිරා බං නියමටම ලියලා තියෙනවා
ReplyDeleteඅනේ මන්දා කනියෝ. මෙච්චර කාලෙකට මෙහෙම ඒවා ලියල නැද්ද මං.....
Deleteඔන්න මූ පොඩි උන්ට කියලා ලියපු එක... ඉක්මනට ලියපං අනික් ටික...
ReplyDeleteමේකට 18 + කියලා දැම්මේ නැත්තේ වෙලාවට. එන තරමක් එන්නේ බබාලනේ .....
Deleteමම කොමෙන්ටුවලටත් ඔයවගේ ටයිප් කරනව බං. ඉක්මනට දාපං. කතාව හොඳයි.
ReplyDeleteඒක නම් ඇත්ත රාජ් අයියා. ඉතුරු කොටස එකටම දාල ඉවරයක් කරනවා කොච්චර දිග උනත්. :))
Deleteමම හිතන්නේ මම කතාවේ ඉතිරිටික දන්නවා වගේ .....
ReplyDeleteකතාව පට්ට ...
එල එල මචං. බලපන්කො උඹ දන්නෙත් මේ කතාවමද කියලා ඉතුරු ටිකත් කියවලාම.. :))
Deleteඅඩේ හොදම තැනින් නවත්තලා.....
ReplyDeleteඑහෙම තමා අනේ මතු සම්බන්දයි කියන්නේ :D :D
Deleteඅයියෝ...ලස්සන කතාවක් දෙකට කැඩුවානෙ
ReplyDeleteඉවසපන් මචෝ ඉතුරු ටික තව ලියලා ඉවර නැතෝ.......:)))
Deleteමචං අඩියේ පොඩි අකුරු ටික පේන්නෙ නැහැ. මගේ අවුලක්ද මන්දා
ReplyDeleteසිරා සිරා.. ඉතිරිය නැතුව අපි කමෙන්ට් වර්ජන :පී
අඩියේ අකුරු කියවන්න කන්නාඩියක් පාවිච්චි කරන්න වෙනවෝ. ඉතුරු ටිකත් භාගෙට ලියලා තියෙන්නේ. කැමති නම් ඒ ටික දාලා ආයෙත් කතාව මතු සම්බන්ධ කරන්න පුළුවන් මචං :)))
Deleteකුතුහලයක් දෙනව කියල ඔහොමත් කරනවද?...කථාවෙ හොදම හරිය යටම අකුරු ටික පොඩි කලේ අපි දකියි කියල බයටද?
ReplyDeleteකුතුහලේ දෙන්න නෙමෙයි අලේ මග නැවැත්තුවේ. ඔන්න එහෙනං ඉතුරු ටික ඔක්කොම ඊලග පෝස්ට් එකේ..:)))
Deleteහෆ්ෆා.. ඉතුරු ටිකත් ඉක්මනින්ම... ඕනේ................
ReplyDeleteපටන්ගන්න විදිය, ලියාගෙන යන විදිය වෙනස්ම තමා.. මරු!!
ලියමින් පවතී :))
Deleteදැන් ඉතින් අනං මනං බෑ ඉතුරු ටිකත් ඉක්මනට ඕනි හරිය...
ReplyDeleteමරු කතාව...එළ ඈ...
ඉවසන්නෝ ලග එනෝ :))))
Deleteපෙර මග බලමි කියවන්නට ඉතිරිය ......
ReplyDeleteඑල එල ජය වේවා !!
Deleteමෙන්නෝ රෙපා අය්යා ඉලව් ස්ටොරියක් ලියනවෝ :ඩ්
ReplyDeleteකතාව වෙනස් වගේ, ඊලග එකත් ක්ෂණිකව දාන්න හොඳේ
ලවු සමග ඉලවු දෙකම එකට. :D ක්ෂණික නුඩ්ල්ස් වගේ දෙයක්ද මේ ඉල්ලන්නේ :P
Deleteමමත් ආවා....ආයිත් එනවා.......
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවෝ. ඔන්න අපිත් එහේ ගියෝ. ජය වේවා !!!
Deleteඅඩේ රෙපෝ අර යටින් ගියලා තියන එක කියවන්න අත් කාචයක් වත් දිය
ReplyDeleteඇත්ත කථාවක් ලෙසටම ලියනවා වගේ
ඔය ඔබා මාමාගේ පින්තුරේට පල්ලෙහායින් පොඩි ගැජට් කෑල්ලක් හයි කරලා ඇති. කියවන්න අමාරුම නම් ඒකවත් පාවිච්චි කරලා බලපන් මචෝ :))))
Deleteඉතුරු ටික දාපියෝ,.,., මට ඉන්න බැරියෝ,.,., එල ඈ එලම එල
ReplyDeleteඅනේ පොඩ්ඩක් ඉවසං හිටපියෝ සුදු මහත්තයෝ :))
Deleteඔක්කොම කතාව දන්නා කියල තිබ්බට වෙන්නේ මොකක්ද කියල අදහසක් නැහැනේ කා ගාවවත්. මම හිතන්නේ ඒ අලුත් ළමයා අරු බඳින්න හිටපු කෙල්ල වෙන්න ඕනේ. මොකක් හරි ප්‍රශ්නයක් නිසා මැණික මුදලාලි ගේ පුතා අත් ඇරලා
ReplyDeleteහැම එකාම මේක ටි වී එකේ පෙන්නන මෙගා නාට්ටියක් කියලා හිතාගෙන ඉන්න පාටයි. ඉවසං ඉන්නකෝ මොකක් වෙයිද කියලා බලන්න. :))
Deleteඕකනේ ඉතින් කියන්නේ.. හොදම හරියෙන් නැවැත්වීම ගැන මගේ විරෝධය.. ඉතුරු එක ඉක්මනට දාන්නෝ..
ReplyDeleteඔන්න තව කෑල්ලක් දැම්මෝ :))
Deleteඅයියෝ..ඒ පාර ඉතුරු ටික නවත්තලනේ....
ReplyDelete:D :D
Delete