Thursday, May 1, 2014

චාටර් 16+







සිරස රුපවාහිනිය මගින් විකාශය වන 16+ වැඩසටහන සඳහා විරෝධය පල කිරීමේ සයිබර් මෙහෙයුම පිළිබඳව සයිබර් අවකාශය තුල කතිකාවතක් ඇති වෙමින් පවතී. ජනතාවගේ නාලිකාව යනුවෙන් පම්පෝරි නාලිකාවක විකාශනය වන වැඩසටහනක් පිළිබඳව මේ තරං විරෝධයක් ගොඩ නැගුනේ ඇයි.


සිරස යනු රටේ මාධ්‍ය කලාවේ බොහෝ වැඩසටහන් සඳහා මග පෙන්වූ නාලිකාවකි. එමෙන්ම ලංකාව තුල ආන්දෝලනාත්මක මාධ්‍ය භාවිතාවක් ඇති කිරීම සඳහා කලින් කලට විවිධාකාර වැඩසටහන් තුලින් මොවුන් විවිධාකාර අත්හදා බැලීම් සිදු කරයි. සිරසයි පාර කියන්නේ යනුවෙන් ඔවුන්ම පැවසු පරිදි එෆ් එම් රැල්ලේ ආරම්භයේ සිට සුපර් ස්ටාර් වැනි රියල්ටි වැඩසටහන් ආදී තවත් බොහෝ දෑ සඳහා ශ්‍රී ලංකාව තුල අනෙකුත් නාලිකා සඳහා පුර්වාදර්ශය සැපයුවේ සිරස නාලිකාව මගිනි. විරෝධතාවයේ මුලික අරමුණ වුයේ 16 + වැඩසටහන තවත් එවන් වැඩසටහන් නිර්මාණය කිරීම පිළිබඳව අනෙකුත් නාලිකාවන්ට පුර්වාදර්ශයක් වීම වැලැක්වීම සහ එම ගුවන් කාලයට කාටුන් ලබා දෙන මෙන් ඉල්ලීම් කිරීමයි.

16+ සඳහා විරෝදය පල කරන්නවුන් කාටුන් ඉල්ලා සිටින්නේ කාටුන් බැලීමේ ආශාවෙන් නොවන බව එදෙස බලන ඕනෑ පොඩි එකෙකුට වැටහෙනු ඇත. ඔවුන් එයින් අදහස් කරන්නේ 16+ නතර කර ඒ වෙනුවට වෙන ඕන එකක් දාපල්ලා යන්නයි

16+ වැඩසටහන සඳහා විරෝධය පල කිරීමට මෙවර එක් වුයේ ශ්‍රී ලාංකික සයිබරය නියෝජනය කරන තරුණ පිරිසයි. විශේෂයෙන්ම අන්වර්ථ නාමයන්ගෙන් ෆේස් බුක් අඩවියේ සැරිසරන පිරිස ඇතුළුව ලෝකය පුරා විසිරි පැතිරී සිටින තුන් දහසකට අධික පිරිසක් මෙයට එක් වී තිබීම විරෝධතා ව්‍යාපාරයේ විශේෂත්වයයි

විරෝධතා කරුවන් තම විරෝධය ආරම්භ කලේ වැඩසටහන විකාශය වන අතරවාරයේ 16+ වැඩසටහනේ නිල ෆේස්බුක් පේජය වෙත තම විරෝධය ප්‍රකාශ කරමින් එම පේජයේ වෝල් පෝස්ට් දැමීමයි. වැඩසටහනට විරෝධය පල කරන වෝල් පෝස්ට් අධික ප්‍රමාණයක් සටහන් වීම නිසා පසු දින සිටම එම් පේජයේ වෝලය ලොක් කර දැමීමට ඔවුන් ක්‍රියාකර තිබිණි. මේ හේතුවෙන්ම දුරකථන මගින් සහ සිරස ආයතනයේ අනෙකුත් ෆේස්බුක් පිටුද ආක්‍රමණය කිරීමට විරෝධතා කරුවන් කටයුතු කළහ.


සයිබරයේ එකමුතුවෙන් අති සාර්ථක ලෙස පලමු දිනයේ විරෝධතාවය පෙන්නුම් කල ඉවෙන්ටුවට පසුව එකතු වූ පිරිසක් තමන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීම පිණිස විවිධ නොමනා ක්‍රියා සිදු කිරීමට උත්සාහ  ගැනීමට පසුව උත්සාහ කලද මේම ඉවෙන්ටුව ආරම්භ කලේ අනෙකුත් නාලිකාවල වැඩසටහන් වලට මග පෙන්වූ සිරස නාලිකාවේ අදාළ වැඩසටහන පිළිබඳව ජනතා අප්‍රසාදයක් ඇති බව සිරස පාලන අධිකාරියට දැන්වීම පිණිස මිස එහි නිවේදක යුගලය වන යුකි සහ කවි යන චරිත පිළිබඳව හටගත් කුහක මානසිකත්වයකින් නොවේ.

දැනටද සිරස ආයතනයේ ගෝල බාලයන් විසින් ඉවෙන්ටුවට සම්බන්ධ අයට විවිධාකාර තර්ජන සිදු කරමින් පවතී, රටේ ප්‍රධාන පුරවැසියා වූ ජනාධිපතිතුමාට ද අපහාස වන අන්දමේ පෝස්ට් බැනර් සයිබරයේ එහා මෙහා යද්දී කිසිවක් නොකරන සි අයි ඩි ය මෙවන් බොහෝ පිරිසක් විරෝධය පල කරනු ලබන රුපවාහිනි වැඩසටහනක් සම්බන්ධයෙන් මේ කියන ආකාරයෙන් කටයුතු කරනු ඇතිද? තමන් නරඹන වැඩසටහන කුමක්දැයි තීරණය කරන්නේ ප්‍රේක්ෂකයා විසිනි. තමන් අකමැති වැඩසටහනක් පිලිබඳ ජනතාව විරෝධය පල කරද්දී ජනතාවගේ නාලිකාව යයි ආමන්ත්‍රණය ලබන රුපවාහිනි චැනලයක සහය අධ්‍යක්ෂ වරයෙකු C.I.D නම විකුණමින් මේ ආකාරයට කටයුතු කිරීම යුක්ති සහගතදැයි අප නොදනිමු.


නමුත් සිරස යනු තමන්ට පහර ගැසීමත් තමන්ගේ ජනප්‍රියත්වය වෙනුවෙන් යොදන මාධ්‍ය කලාවක් සහිත ආයතනයකි. මෙබදු විරෝධතා ව්‍යාපාර මඩ ප්‍රචාර මගින් අපහසුතාවයට පත් වන්නේ වැඩසටහන ඉදිරිපත් කරන තරුණ ළමුන් දෙදෙනා පමණි, සියලු කුණු කන්දල් ඔවුන් දෙදෙනා පිටින් යවා සිරස පාලනාධිකාරිය නිහඬව බලා සිටිනු ඇත. කාලයත් සමග මේ විරෝධතාවයද ඔවුන් අපුරුවට මාකට් කරනු ඇත.

Thursday, March 27, 2014

පුංචි මල් කැකුළු වලට ආදරේ සුවඳ ගෙනියමු


මුහුණු පොත යනු ඉතා විශාල වපසරියක් තුල දිවෙන මිතුරු ජාලයකි. ඉංග්‍රීසි භාෂාව මෙහි ප්‍රධාන භාෂාව වුවද සිංහල යුනිකෝඩ් ක්‍රමය භාවිතයෙන් ඉතා විශාල තරුණ පිරිසක් මුහුණු පොත හා අත් වැල් බැඳගෙන සිටි.මේ ආකාරයෙන් වූ තරුණ ජවය මුහුණු පොතට පමණක් ම සීමා වී තිබෙන යුගයක අප මිතුරු මිතුරියන් මේ ප්‍රයත්නන දරන්නේ සැබෑවටම අහිංසක සිත් වලට ආලෝකයක් සපයන්නටය..එමෙන්ම විවිධ කරුණු කාරණා මත Facebook යන වචනයම කොන් වී තිබෙන මෙවන් යුගයක අප ප්‍රයත්න දරන්නේ සමාජයේ ඒ පිළිබඳව ඇති දුර්මතය යම් තාක් දුරකින් හෝ පහ කිරීමටය.

අපගේ මේම උත්සාහය' සාර්ථක කරගනු වස් අප මිතුරු කැල කුරුණෑගල මලියදේව පිරිමි ළමා නිවාසයේ අහිංසක දරුවන් දෙසට නෙත් යොමු කළෙමු.දිවයිනේ සතර දිගින් අප හා අත් වැල් බැඳගත් අපේ කණ්ඩායම පසු ගිය දිනක මෙයට මුල් ගල තැබුවේ ඒ ආකාරයෙනි. අපි මේ වන විට ජයග්‍රාහි මංසන්ධියක නැවතී සිටිමු.
ඒ 2014.04.05වන දින මලියදේව පිරිමි ළමා නිවාසයේ දරුවන් සමඟ පැවැත්වෙන බක්මහ උළෙල සහ එහි දරුවන්ට ඇඳුම් බෙදා දීමේ උත්සවයයි. 


1966 වර්ෂයේදී ආරම්භ කල මලියදේව පිරිමි ළමා නිවාසය මේ වන විට දරුවන් 40 ගේ පමණ අහිංසක හදවත් වලට සිසිලසක් ගෙන දෙන ස්ථානයකි.අප මිතුරු කණ්ඩායම සමඟ දොඩමළු වූ ඒ අහිංසක සිත් වල තිබු සිහිනය යතාර්ථයක් කරගනු වස් මෙසේ බක්මහ උළෙල සහ එහි දරුවන්ට ඇඳුම් බෙදා දීමේ උත්සවය තීරණය විය. 

මේ පොඩිත්තන්ගේ එදිනෙදා අවශ්‍යතා වල අඩූ පාඩු විශාල ප්‍රමාණයක් නොතිබුණද ඒ ළමා සිත් වල අලංකාර අවුරුදු උත්සවයක් පිලිබඳ සිහිනයක් තිබිණි.එබැවින් අප මිතුරු සාමාජිකයන්ගේ ශක්තියෙන් ගොඩ නැගුණු අරමුදලෙන් දැනටමත් මේ පොඩිත්තන් සඳහා අප ටී ෂර්ට් පිළියෙළ කර අවසානය.අනෙකුත් අවශතා සඳහා මුදල් ලැබෙමින් පවතී.එමෙන්ම තවත් අවශ්‍යතාවක්ව පවතින ළමා නිවාසයේ සමිති ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම සහ එහි තීන්ත ගෑමේ කටයුතුද කිරීමට අප තීරණය කර ඇත. එමෙන්ම එක තැනකට කොටු වී සිටින මේ පොඩිත්තන්ගේ අවුරුදු හීනය මේ මගින් සැබෑ වීමත්, ඔවුන්ගේ ඒකාකාරී ජීවන රටාව එක් දිනකට හෝ වෙනස් වීමත් තුලින් ඔවුන්ගේ අහිංසක සිත් සතන් සතුටින් තැබීම ඇත්තෙන්ම මාහැඟී පුණ්‍යකර්මයකි.

අවුරුද්දේ සුන්දරත්වය, සමාජීය සබැඳියාව තුලින් ඔවුන් ගෙවන මේ අවුරුදු උළෙල සැබවින්ම ඔවුනට ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් වනවාට සැක නැත.මල් වන් පුංචි දරුවන්ගේ සැඟවී ගිය කුසලතා මෙන්ම,වයස් මට්ටම් වලට ගැලපෙන සේ සකස් කල විවිධ ක්‍රීඩා තරඟක්‍රියාකාරකම් හා දේශීය අනන්‍යතාවය පිළිබිඹු වන අන්දමින් සකස් කල ක්‍රියාකාරකම් තුලින්ද ඔවුන්ගේ ළමා මනසට හරවත් දෙයක් එකතු කිරීම අපගේ අරමුණයි. එමෙන්ම දිවයිනේ නන් දෙසින් පැමිණෙන අප මිතුරන්ගේ විවිධ ක්‍රියාකාරකම් සහ විනෝදාස්වාද අංගයන්ගෙන් ද මෙම උළෙල විචිත්‍රවත් වනු ඇත.

සංගීතය,නැටුම්, නාට්‍ය ආදී වූ කලාත්මක අංගයන්ගෙන් සමන්විතව මෙය නවතම ආරක උළෙලක් කිරීම අපේ ප්‍රයත්නයයි. මෙහි ලා සම්පත් දායකත්වය දක්වන්නන් අතර ගරු පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත් මැතිතුමා, මුහුණු පොතේ මිතුරු මිතුරියන්ගෙන් හා රජරට ආයුර්වේද වෙද විදුහලෙහි ශිෂ්‍ය සංගමයෙන් සමන්විත Real Heartz කණ්ඩායම ප්‍රධාන වේ. එයට අමතරව එදිනට දිවයිනේ නන් දෙසින් පැමිණෙන මුහුණු පොතේ මිතුරු මිතුරියන්ද අප හා අත්වැල් බැඳ ගනී. 

මේ සඳහා සහභාගී වී හැකි අයුරින් සහයෝගය මෙන් Real Heartz කණ්ඩායම ඔබ සැමට සෙනෙහසින් ආරාධනා කර සිටියි 

සටහන - ඉගුරුපාන් මල්ලියා

ෆේස්බුක් ඉවෙන්ටුවට මෙතනින්  යන්න.

වැඩි විස්තර අවශ්‍ය නම් මේ දුරකථන අංක වලින් දැනගන්න පුළුවන්..

හීන දිගැසි: 0717515893

ඉගුරුපාන් මල්ලියා : 0711453399


මේ සඳහා මුල්‍යමය ආධාර ලබා දෙන්න කැමති නම් 


ACCOUNT NUMBERS----
.නම :- W.K.N.N.Gunarathna
බැංකුව :- කොමේෂල් බැංකුව - වරකාපොල ශාඛාව
ගිණුම් අංක :- 8128013263

නම :- W.K.N.N.Gunarathna
බැංකුව :- මහජන බැංකුව - අලව්ව ශාඛාව
ගිණුම් අංක :- 149-2-001-0-0020110 


කියන ගිණුම් අංක වලට ලබා දෙන්න පුළුවන්. ඔබ ලබා දුන් ආධාර මුදල් පිළිබඳව ඉහත දුරකථන අංක වලට හෝ ෆේස්බුක් මගින් දැනුවත් කරන්න.

රියල් ෆේක් බේදයක් නෑ.ඔක්කොම එන්න , සමගියෙන් අවුරුදු සතුට විදින්න...

දිනය: 2014 අප්‍රේල් 05
වේලාව: 9:00 a.m
ස්තානය: මලියදේව ළමා නිවාසය
සංවිධානය: රියල් හාට්ස්® - REAL HEARTZ®


මේක තමයි ළමා නිවාසෙට යන පාර.
කුරුනෑගල ඔරලෝසු කනුව ළඟ ඉඳන් එනවනම් නුවර පාරේ එන්න ඕනි.ඇවිත් විදුලි බල මණ්ඩලේ ගාවින් බහින්න...පයින් එන එක අමාරුයි.ඉතින් ඔරලෝසු කනුව ගාවින් ටිකක් ඉස්සරහට ආවාම ෆිල්ම් හෝල් එකක් තියනවා.එක ගාව බස් නවත්තනවා(රතු පාට කොටුව)..ඒ ඕනෙම බස් එකක් නැගලා කියන්න විදුලි බල මණ්ඩලේ ගාවින් බස්සවන්න කියලා...පොඩි දුරක් තියෙන්නේ.


Wednesday, March 5, 2014

බුකි ප්‍රේමය






රිලේෂන්ෂිප් වී අවසානයි
ඔහු සතු වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
බුකියෙන් මාගේ යන්න

පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි
බුකියේ ඔබගේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න

චැට් නොකරම මම ඉන්නම්
එය හදවත හඬවයි නම් //
ලොග් නොම වී ඔබ ඉන්න
ප්ලස් ගුගල් වත් යන්න
ප්ලස් ගුගල් ගොස් ඉන්න
දිවුරුම් නම් බෑ දෙන්න

ප්‍රේමය පුද දී අවසානයි...

ආදරයක් තියනව නම්
ස්කයිපෙන් පිළිතුරු දෙන්නම් //
අන්ෆ්රෙන්ඩ් වී පිට වෙන්න
නොහඳුන කෙනෙකුන් වෙන්න
රියලෙන් යන්නම් දුරට
ෆේක් එකෙන් බෑ යන්න

ප්‍රේමය පුද දී //