Wednesday, August 31, 2011

මෝඩ බුරුවා


ඉස්සුවේ මට ආපු email එකකින් 

Sunday, August 28, 2011

නන්නත්තාර අතීතය 03

කලින් පිටුවට   
අයියා කියපු එක වචනයක්වත් ඇහුනේ නැ මට. අවුරුදු ගානක් තිස්සේ  ඔයා ගැන මගේ හිතේ ගොඩ නගපු අහස මාලිගා ඔක්කොම මගේ පය පාමුල කඩා වැටිලා. මගේ ඊලග මාසෙම ඉවරයි. මාසේ ටර්ගට් එකෙන් කරලා තිබුනේ  40%. මට ජොබ් එකත් එපා උනා. අස් වීමේ ලියුමත් ලියාගන මම කම්පැනි ගියා. මොකක්ද අස් වෙන්න හේතුව. මම බොරුවක් කිව්වා. එත් බොසා ඒක පිළිගත්තේ නැ, ඔයා මේ මාසේ ටාර්ගට් එක ප්‍රශ්නයක් කර ගන්න එපා.  දිගටම ජොබ් එක කරන් යන්න. පැය දෙක තුනක දේශනයකින් පස්සේ ඉහල කළමනාකරණයෙන් ආයෙත් මාව ඒ  ජොබ් එකටම එව්වා. 
ඕන මගුලක් වෙද්දෙන් මම මගේ ගමන යනවා.. ඊට පස්සේ  මම දවල් රැ දෙකේම ටාගට් පස්සේ දිව්වේ ඔයාව අමතක කරන්න. වෙනදා කොන්ෆරන්ස් එකෙන් පස්සේ හවස කොල්ලෝ ටික සෙට් වෙනකොට බියර් උගුරක් වත් නොබී බයිට් ඒක කාලා  කොකාකෝලා වලින් සැනසුන මම හොද බේබද්දෙක් උනේ දවස් කිහිපයකින්. 
සීසන් එකේ අපේ ටීම් මිටින් තිබුනේ පේරාදෙණිය, පොල්ගහවෙල වගේ තැන වල ඒවා ඉවර කරලා නැති වෙන්න ගහලා රැ 1 ට 2 ට විතර බෝඩිමට ඇවිල්ලා හොද ළමයා වගේ නිදාගන්නත් මම පුරුදු උනා. ඉදලා හිටලා නිවාඩුවක් ලැබුනත් ගෙදර ඇවිත් දවසක් දෙකක් ඉදලා යන්නවත් මට වෙලාවක් තිබුනේ නැ. ඉද හිට දවසක මහා රැ ගෙදර ඇවිත් පහුවදා පාන්දර ආයෙත් මම වැඩට ගියා.  
මගේ ඊලග ආදරයට මුලපුරන්නේ ඔය අතරේදී . එයා වැඩ කලේ මම පොත් විකුනන්න යන කඩයක. එයාගෙයි ඔයාගෙයි තිබුණු මොකක්දෝ සමාන කමක් හින්දා මගේ හිතේ එයා ගැනත් අමුතු අදහසක් ඇතිවෙලා තිබුනා. ඊට පස්සේ මගේ රූට් එක කොහේ තිබුනත් හැමදාම ඒක ඉවර උනේ එයා වැඩ කරපු කඩේ ලගින්. සමහර දවසට හවස කඩේ ලග බැහැලා වාහනේ යවලා මම එයා එක්ක බස් එකේ යන්න පටන් ගත්තා. මම එයාටත් එක්ක ටිකට් එහෙම ගන්න නිසා එයත් පැනලා එනවා එක පාරක් ආදරේ කරන්න ගිහින් හොට බිම ඇන ගත්ත මට ආයෙත් පාරක් ඒ වගේ ආදරේ කරන්න ඕන උනේ නැ. ඇත්තටම එයා ගැන මගේ හිතේ තිබුනේ මොනවාගේ හැගීමක්ද කියලා අදටත් මට තේරෙන්නේ නැ. මොන හැගීමක් උනත් ඒක වල් හැගීමක් නම් නෙවෙයි. (මට කෙල්ලොන්ගෙන් එහෙම දේවල් කරගන්න උවමනාවක් තිබුනානම් ඒකටත් ගොඩක් චාන්ස් තිබුනා ඒක සේල්ස් ෆීල්ඩ් එකේ හැටියක් ) එත් මට උවමනා වෙලා තිබුනේ කාගේන්ම හරි ආදරණිය ලෙන්ගතු කමක්. මට තවමත් ජිවිතේ ලැබුනේ නැත්තෙත් ඒක. අපි ගොඩක් දේවල් කතා කළා. හිනා උනා. එයාවත් මට ආදරේ කරයි කියලා බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුනත් ඒක එයාට කියන්න මගේ හිත ඉඩ දුන්නේ නැ. ඒක දවසක් මම එයාව හමුවෙන්න ගියා. එයාගේ අතේ ලියුම් කවර මිටියක්. මේ මාසේ 26 වෙනිදා මගේ වෙඩින් ඒක මෙන්න කාඩ් ඒක එයා මට කවරයක් දික් කළා. 2 වෙනි ලවෙත් අවසානය  ඉතින් ඊට පස්සේ..............................


ඊලග කොටසට

Saturday, August 27, 2011

නන්නත්තාර අතීතය 02


 කලින් පිටුවට 
මේක කියවන අය සමහර විට මු මහා පිස්සෙක් කියලා කියයි. එත් මේ මගේ ජිවිතේ. මට දැනුන දේ. සමහර විට මානසික රෝගයක් වෙන්නත් ඇති. එත් මට මේ කතාව කියන්න කවුරුවත් නැ. මගේ ජිවිතේ හැමදාම තනිකමින් පාලුවෙන් පිරිලයි තිබුනේ.
ඒ දවස් වල මම විගණන ආයතනයක හිටියේ පුහුනුවන්නෙක් විදියට. අන්තිමට මම ඔයාව හොයාගන ගාලු ගිය දවස මට හොදට මතකයි.  මොනරාගල සියබලාංඩුවේ ඔඩිට් එකක් ඉවර කරලා එහෙන් හවස බස් එකට නැග්ගේ හෙට උදේ නම් කොහොමහරි ඔයාව හමු වෙලා වචනයක් හරි කතා කරනවා කියලා හිතාගන. බස් එක ගාල්ලට එනකොට උදේ දෙකහමාරයි. බස් ස්ටෑන්ඩ් එකේ බැංකුවකට බර වෙලා උදේ වෙනකම් ඉදලා පාන්දර ඉදලා හොස්පිටල් එක ලග මුර කෙරුවේ කොයි වෙලාවක හරි ඔයා ඒවි කියලා හිතාගන. බලා ඉදලා බැරිම තැන එතන ඉන්න නර්ස් නෝනා කෙනෙක් ලගට ගිහින් ඔයා ගැන ඇහුවා. "එයා ගිය සතියේ මෙතනින් අයින් වෙලා ගියා"    
ඇයි දෙවියනේ මටම මෙහම වෙන්නේ. උත්සාහවන්තයා ජය ගනී , ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය . මට මේවා කියපු පඩිවරුන්ගේ දෙමාපියන් සිහි උනා. යකෝ මම මෙච්චර කට්ටක් කාලත් තාම මේකිගේ හුලගක් වත් වදින්න ලැබුනේ නැ නේ. ලව් නොකරත් කමක් නැ එක වචනයක් වත් කතා කරන්න ලැබුන නම්. ගෙදර එන්න බස් එකට ගොඩ උණු මට හිතුනේ මම මෙහම පරිප්පුවක් කන්නේ ඇයි කියලා. එත් මගේ හිත හොයන්නෙම ඔයාව. දකින දකින හැම කෙල්ලෙක් ගෙන්ම මට පෙනුනේ ඔයාව. එත් හැමදාම ඔයා මගෙන් ඇත් වෙලා. මට ඊලග ඔඩිට් එක තිබුනේ පුත්තලමේ එකට මාස 3 ක් 4 ක් එහෙ නැවතිලා ඉන්න පුළුවන් කෙනෙක්ව තමයි හෙව්වේ. මම පැනලා වැඩේ බාර ගත්තා. ලග පාතක හිටියොත් මේ කෙල්ලෙක් පස්සේ ගිහින් අත පය කඩා ගන්නවාට වඩා හොදයි පුත්තලමේ බුරුවොත් එක්ක ඉන්න එක. 
පුත්තලමේ ඔෆිස් එකේ කරන්න  වැඩි වැඩක් තිබුනේ නැ. ජිවිතේ මාර ආතල් ඉන්ටෙර්නෙට් කොම්පුටර් තනි කාමරයක්. එදා ඉදන් මගේ ජොබ් එක කොම්පුටර් එක ලග ඉදන් 18 + (පුත්තලමේ ජිවිතේ ගැන වෙනම පොස්ට් එකක් දාන්න වෙනවා) 
මොනවා කලත් අතේ සතේ නැ. ඔඩ්ට් ෆර්ම් ඉන්න කොල්ලන්ගේ ආර්ථිකේ ගැන කතා කරන්න දෙයක් නැ. අතේ සතේ නැතුව මොන කැලිද?  කොහොමින් කොහොම හරි ෆර්ම් ජිවිතේ ඉවර උනා . එකවුන්ට්ස් ෆීල්ඩ් එකේ ජොබ් ගානකටම ඉල්ලුවා . නැ. අන්තිමට මගේ රස්සාව උනේ පොත් කොම්පැනියක සේල්ස් රෙප් තනතුර. 
රෙප් ජොබ් එකත් නියමයි. රැයක් දවාලක් නැතුව ටාගට් පස්සේ දුවනවා. මාසේ අන්තිමට කොන්ෆරන්ස් ගිහින් ටාර්ගට් ගහපු උන් පොරවල් වෙනවා. අනිත් උන් නොන්ඩි වෙනවා.
මට තාමත් ඔයාගෙන් තොර ලෝකයක් හිතාගන්න බැ. පොත් කඩවල් වල ඉන්න කෙල්ලොත් මට පෙනුනේ ඔයා වගේ. මගේ ආර්ථිකෙත් දැන් නම් කිසිම අවුලක් නැ. අපේ ඉස්කෝලේ ගිය  ඔයාලගේ ගෙවල් කිට්ටුව හිටපු අයියා කෙනෙක් මට මුණ ගැහුනේ ඔය අතරේ. ඔයා ගැන මගේ හිතේ තිබුණු අදහස මම එයාට කිව්වා. මම උබේ වැඩේ ගොඩ දාල දෙන්නම්. අයියා වැඩේ බාර ගත්තා. මම ඒ සතියේ සේල්ස් කලේ මාර සතුටකින් ටාර්ගට් එක 125% . ඊලග සතියේ මම ඒ අයියාව හමු වෙන්න ගියා. 
මචන් කලබල වෙන්න එපා පොඩි අවුලක් කෙල්ල මේ ඊයේ පෙරේදා  කසාද බැදලා. මල්ලිගේ යාලුවෙක්ලු අයියා මොන මොනවද කියවගන ගියා. ඉතින් ඊට පස්සේ .......................................

ඊලග කොටසට