පස් අදින සෙට් එක

Friday, September 2, 2011

නනත්තාර අතීතය 04 අවසාන කොටස.


කලින් පිටුවට 
මොනවා කරන්නද? වෙඩින් කාර්ඩ් එක අතට ගත්තේ වැඩා වගේ එයාට සුබ පතලා. හනිමුන් එක ගැන දෙපැත්ත කැපෙන කතාවකුත් කියලා. අපි දෙන්නා මෙච්චර කල් වැඩිපුර කියාගන තිබුනේ එහෙම කතා තමයි.  අන්තිමට වෙඩින් එකටත් ගියා. හොදට බිව්වා, උන් හනිමුන් ගියා අපි බෝඩිමට ආවා. වෙරි මත හිදුනේ පහුවදා උදේ. ඔලුව කැරකෙනවා හොදටම. මම අද උඩම වාඩිවෙලා කල්පනා කරන්න පටන් ගත්තා. ඇත්තටම මම මේ නටන්නේ මොන පිස්සුවක්ද? කවදාවත් මට ආදරේ කරපු නැති උන් වෙනුවෙන් මම මගේ ජිවිතේ නාස්ති කරගන්නවා. මට ඒ වෙලාවේ මැවිලා පෙනුනේ අප්පච්චි නැති උන දවසේ ඉදලා මල්ලිවයි මාවයි හදා ගන්න ජිවිතේ ගොඩාක් කැප කිරීම් කරපු අපි ගැන අහස උසට බලාපොරොත්තු තියාගන ඒ බලාපොරොත්තු එක්ක ජිවිතේ ගෙවන අම්මගේ ආදරණිය ඇස් දෙක. මට කවදාවත් ආදරය නොකරපු උන් ගැන බලාපොරොත්තුවෙන් ජිවිතේ කාලකන්නි කරගන්නවාට වඩා හැමදාම ආදරේ කරපු අම්මගේ ආදරේ වෙනුවෙන් මගේ  යුතුකම් ඉටු කරන්න මම ඒ මොහොතේම හිතා ගත්තා. 
මම රෙප් ජොබට ගියේ අනිත් අය වගේ රස්සා හොයාගන්න බැරිකමට වත් වෙන සල්ලි අමාරුවක් හින්දාවත් නෙවෙයි. පොඩි කාලේ ඉදලම මම වැඩි කතා බහක් නැති තමන්ගේ පාඩුවේ ඉන්න කැමති කොල්ලෙක්. සමාජයත් එක්ක මගේ කිසිම සම්බන්ද කමක් තිබුනේ නෑ. මගේ ආදරේ මම නැති කර ගත්තෙත් ඒ දුර්වල කම නිසා කියලා මම තේරුම් අරනුයි හිටියේ. සමාජයත් එක්ක ගැවසෙන්න, මිනිසුන්ව අදුන ගන්න හොදම ජොබ් එක විදියට සේල්ස් රෙප් කෙනෙක් වෙන එක කියලා මට දැනුනු නිසා.    
මේ වෙනකොට මේ කොම්පැනියේ රෙප් ජොබ් එක එපා වෙලයි තිබුනේ.අපේ ඩීලර්ට කම්පනියත් එක්ක තිබුණු පරණ තරහ මරහ වල් වගයකුත් කම්පැනි රෙප් කෙනෙක් උන මගේ පිටින් යවන්න ප්ලනක් යනවා කියලත් ඔය අතරේ මට ආරංචි උනා. කට්ටියගෙම හොද හිත ආරක්ෂා කරගන්න නම් කරන්න ඕනේ මෙතනින් අයින් වෙන එක. දෙවැනි පාරත් අස්වීමේ ලිපියක් ලියලා ලියාපදිංචි තැපෑලෙන්ම යැව්වා. ඒ පාර නම් ඒක පිළිගත්තා. තව මාසයකින් ඒ රෙප් ජොබ් එකෙන් අයින් වෙලා ගෙදර ආවා. 
කාලය ගත වෙලා ගියා මම දැන් ඉන්නේ කොතන උනත් තනිකම පිරුණු මේ වර්තමානයට මම ආදරෙයි  නන්නත්තාර අතීතය කියලා මට මේක ලියන්න හිතුනේ ඔයා මුහුණු පොතේ තිබුණු ඔයාගේ පොටෝ එකක් දැකලා, ඔයා ඔයාගේ මහත්තයාගේ අතේ එල්ලිලා සතුටින් හිනා වේවි මුහුණු පොතේ ඉදන් මා දිහා බලා හිටියා. මම හැමදාමත් ආදරේ කරපු ඒ හිනාව. මම හැමදාමත් පැතුවේ ඔයා හැමදාමත් හිනාවෙලා ඉන්නවා දකින එක. දැන් ඔයා අනුන්ගේ උනත් හැමදාම සතුටින් සුවෙන් ඉන්න කියලා. ඔයාගේ පොටෝ එක දැක්කාම එක පාරටම ඒ අතීතය මගේ හිතේ හොල්මන් කරන්න පටන් ගත්තා. කොච්චර වල දාලා තියන්න හැදුවත් අමතක කරන්න හැදුවත් ඒ අතීතය හැමදාමත් මා එක්කම ඉදිවී.
සතුටට වඩා කදුල මාර්කට් කරන්න පුළුවන් බව මම දන්නේ අත්දැකීමෙන්. ඒත් ආයෙමත් කවදාවත් මේ අම්බලමේ මගේ දුක කියන පොස්ට් එකක් දාන්න මගේ අදහසක් නෑ. මම ජිවත් උන මේ අවුරුදු  26 තුලදී   මම දැකපු අත්දැකපු මේ සමාජයෙන් ඉගනගත්ත ගොඩාක් දේවල් තියෙනවා. ඉදිරියේදී අම්බලමේදී මෙච්චර කාලයක්  මට කියාගන්න බැරිඋන ඒ හැමදෙයක්ම ඔයාලට කියන්නයි මගේ  බලාපොරොත්තුව . එහෙනම් ඊලග පොස්ට් එකෙන් අලුත් කතාවක් එක්කම හමුවෙමු.

6 comments:

  1. ලියන්න හිත සැහැල්ලු වෙනකම්

    ReplyDelete
  2. @ ඉන්දික, නදී , රොෂාන්,-

    අම්බලමට ගොඩ වෙලා වචනයක් හරි ලියලා ගියාට ඔයාලට ගොඩාක් ස්තුතියි . මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ මට මෙච්චර කාලයක් කියාගන්න බැරුව හිතේ හිර කරන හිටපු දේවල් ලෝකෙට කියන්න. බ්ලොග් එක පටන් ගන්නකොට ඔය ෆලෝ , කමෙන්ට් වගේ කිසි දෙයක් ගැන මම දැනන් හිටියෙත් නෑ.මේ ටික දවසට ආ ගිය අය හයසිය ගණනක්. ෆලෝ 15 ක්.මට හරිම සතුටුයි. මම දිගටම ලියනවා ඔයාලත් හැමදාම අම්බලමත් එක්ක ඉන්න කියලා ආරාදනා කරනවා.

    ReplyDelete
  3. ඔන්න ෆලෝ පාරක් දැම්මා අදම නොවැ මෙහේ ආවෙ...
    ගුනේ අය්යා

    ReplyDelete
  4. දන්නෙම නැතුව ගුනේ අයියත් ඇවිත් ගිහින්, තැන්කු ගුනේ අයියා මේ පැත්තේ ආවට

    ReplyDelete